සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

නව ලිපි

අම්මාවරුනේ




අම්මාවරුනේ… අම්මාවරුනේ…
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා
ඒ කඳුළැලි පිසිනා....

අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේ

අම්මාවරුනේ… අම්මාවරුනේ…

සෙනෙහස වැඩි දා
සිතද බොළද වේ
ලොවම ආදරේ කියා සිතී
මායාවක්වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මා පමණයි ළඟ ඉන්නේ

අම්මාවරුනේ…

-නන්දා මාලනී-

කහ මල් පොකුර

ඉපදී ලොවේ




සිනහ කඳුළු එනවා... යනවා...

ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රංගනේ...
බවයෙන් බවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ...
සිනහ කඳුළු එනවා.. යනවා...

මේ සීත කතරේ නැවතී ඉන්නා
අම්බලමයි මාවතේ....
මේ පාළු කතරේ ඔබ මා හමු වූ
යා යුතු මග මෙය වේ....
අහගන්න මිතුරේ ලෝකය කරළිය වෙනවා
මායාවේ නළුවො අපි...

භවයෙන් භවේ....

නොනිවන්න මිතුරේ පහනේ ඡායා
කිසිදා මේ අත්වැලේ...
සුදිලේ වී සැමදා නාමේ ඔබගේ
හිරු සේ ආකාසයේ...
ජය ගන්න මතුදා පැරදුම පැරදිය යුතුවේ
මේ ලෝක රඟ මඬලේ...

ගායනය :- ග්‍රේෂන් ආනන්ද
පද රචනය :- හේමසිරි හල්පිට
සංගීතය :- සරත් ද අල්විස්
චිත්‍රපටය :- මමයි රජා
අධ්‍යකෂනය :- සුනිල් සෝම පීරිස්
තිර ගතවු දිනය :- 1989.01.06
රගපෑම් :- විජය කුමාරතුංග & සබීතා පෙරේරා & ජීවන් කුමාරතුංග 

සුසුම් මැද...




මහද මැද තනිකමය
සබඳ නුඹ දුරකමය
සහස් දුක් සුසුම් මැද
මලක පෙති මිලිනමය

නුඹයි මගෙ සරා සඳ
කියු තරුව කොහිද අද
දමා නුඹ සුසුම් මැද
සඳ ගිහින් දුර කොහෙද

අපි වින්ද ආදරය
වගේ මුත් සාගරය
උණුසුම්ම සුසුම් මැද
මගෙ හිතට සීතලය

හිත වියල් වූ ලොවක
ගිහිල්ලා මහ දුරක
චපල වූ සුසුම් මැද
කෙලෙස යමු මගක එක

පාලු උන අහස් ගැබ
රැඳී මම ඇයද සිඹ
හිත පෙලන සුසුම් මැද
ආදරෙද තවම නුඹ

දනිමි මා වැරදි බව
නුඹෙ නොවේ මගෙයි පව
කිලිටි උන සුසුම් මැද
ලියමි මම අහිමි කව

ගිම්හානේ තැළුන සිත
කඳුළු තෙත් කෙරුව වත
සුව ගෙනෙන සුසුම් මැද
වසන්තයේ දිලෙනු ඇත…..

කුරුටු ගෑවේ මානවක
උපුටා ගැනීම ganakamadura.blogspot.com

අන්තයක් වී




අන්තයක් වී 
ඔබේ ආදරේ ... ඔබේ ආදරේ ...
මේ සුරම්‍ය පාරාදීසේ 
හදවතින් උමතුවූ 
සදානන්ද කර සරාග සුවඳ විජිතයේ 

නීල දිලෙන නිම්නයේ 
සුමුදු සයනයේ 
නෙතු පියන් වැසී වැසී වැසී
ස්වාප්නයක්ද මේ තරම් පුදුම වූ 

ඔබේ ආදරේ ... ඔබේ ආදරේ ...
මේ සුරම්‍ය පාරාදීසේ 
හදවතින් උමතුවූ 
සදානන්ද කර සරාග සුවඳ විජිතයේ 

කැකුළු හදින හිරිපොදේ 
පිපුණු සීතලේ 
දෙතොල් පෙති ලිහ ලිහී ලිහී 
මධුවිතක්ද මේ තරම් මධුර වූ 

ඔබේ ආදරේ ....

-රූකාන්ත & චන්ද්‍රලේඛා-

මාතොටින් ආ උතුරු සුළඟ...




'යුද්ධයේ දුක් රැගෙන මාතොටින් ආ උතුරු සුළඟ....'

පානම වැවේ සුවහසක් සුදු නෙළුම් පිපේ. කිලෝමීටර් දෙක තුනකට ඔබ්බෙන් ඇති සුන්දර මුහුදු තීරයෙන් උපදින සුළඟ පානම වැවේ හැපී දෙපස ඇති මහා වනපෙතට රිංගා ගන්නේ තුරු අතු පතරෙහි ආදරය ලියමිනි.

මේ ලස්සන නෙළුම් මල් බලන්නට යනවා නම්, පානම දක්වාම ඇත්තේ කාපට් ඇතිරූ අපූරු පාරකි.

එහෙත් 1983 දී ගුරුපත්වීමක් ලැබූ මහින්ද චන්ද්‍රසේකර, පානමට යනවිට එබඳු පාරක් තිබුණේ නැත. වළවල් පිරුණු දුෂ්කර මාර්ගයක් දිගේ පානමට ගිය ඔහුට හතර පැත්තෙන්ම ඇහුණේ වෙඩි හඬය. පානම වැවේ සුදු නෙළුම් පිපුනත් ඒ මල් පවා, අර වෙඩි හඬට බයෙන් පෙති අඩක් හකුලූවාගෙන උන්නාය.

ඒ නෙළුම් මල් සදිසි දරු පැටවුන් සිටියේ ද බයෙන් භීරාන්තවය. ඔවුනතර සිංහල සරෝජලා ද, දෙමළ සරෝජලා ද, මුස්ලිම් ෆාතිමාලා ද උන්හ. පානම වැවේ පිපුණු නෙළුම් මල් සේම එක පංතියේ එකට අකුරු කළ මේ සරෝජලාත් ෆාතිමාලාත් අතර විරසකයක් නොවුණ ද ජාතිවාදී කණ්ඩායම් යුද්ධයක් නිර්මාණය කර සිංහල දෙමළ යනුවෙන් මිනිස්කම දෙකඩ කර තිබිණි. ඊ.පී.ආර්.එල්.එෆ්. ඊරෝස් වැනි කණ්ඩායම් පැමිණ දෙමළ ළමයින් පැහැර ගෙන ඔවුන්ගේ මිනීමරු ත‍්‍රස්තවාදය වෙනුවෙන් යුද්ධයට යොමුකර සිංහල දරුවෝ මරා දැමූහ.

මේ නිසා ඇතැම් දුවාදරුවෝ පාසල් ගමන් නතර කර දමා ගමෙන් බැහැර පිහිටි මහා මන්දිරවල බැල මෙහෙවරකම් කරන්නට නික්ම ගියහ. ගුරුවරුනට සිදුවූයේ මේ සියල්ල දෙස බලමින්, අසාධාරණයට අයුක්තියට හිස නමමින් නිහඬව කම්පා වන්නටය.

තවදුරටත් පානම මහා විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කරන්නට බැරි නිසා මහින්ද චන්ද්‍රසේකර අම්පාරේ සිංහලයන් වැඩි පෙදෙසක පාසලකට මාරුවීමක් රැගෙන ගියේය. තවත් කළකට පසුව ගල්නෑව මැදි මහ විදුහලට ගියත්, පානම දී දුටු යුද්ධයට බියෙන් සිටි පුංචි සරෝජලා ඔහුගේ හිත නිරන්තරයෙන්ම කම්පාවට පත් කළේය.

'දීපිකාගේ ‘සරෝජා’ට ජාත්‍යන්තර සාම ත්‍යාගය'

මෙතෙක් කලක් හිතට වද දුන් මේ සිද්ධි සමූහය මහින්ද චන්ද්‍රසේකර ගේ හිතෙන් පිටට පැන්නේ වචන ගොඩක් ලෙසටය. ඒ 1992 දී පමණය. අත්දැකීම පානමට අයත් වුවත් පරිසරය ඔහුට හුරුපුරුදු මැදවච්චිය, මඩුපල්ලිය, මන්නාරම වැනි ප‍්‍රදේශවලට බද්දවෙමින් ලියැවුණි.

මාතොටින් එන උතුරු සුළෙඟ්
ගිනි පිඹින මඩු පල්ලියේ
දෑස් අග මුතු කඳුළු හංගන
සරෝජා මගෙ නංගියේ

මෙය ලියාගෙන ගිය කවියාගේ මතක 1989 ජනතා විමුක්ති පෙරමුණු සිද්ධිවලින් ද සසල විය. ඔහු අනුරාධපුරයේ විදුහලක සේවය කළ සමයේ දී විදුහල අසල බෝම්බයක් පුපුරා ගියේය. ඒ හඬට වයසක විදුහල්පතිවරයාගේ අතෙහි තිබූ පෑන ගිලිහී බිම වැටුණේ ඔහු ලියමින් සිටි අකුරක් ද ඇද කරමිනි.

මහින්ද චන්ද්‍රසේකර එම සිදුවීම ද මේ නිර්මාණයට එකතු කළේ, වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි මක් කරන්න ද පැංචියේ ලෙසිනි.

වචන පෝලිමේ ආවේ කවියාටත් හොරෙනි. අවසානයේ ඔහු අබියස වූ කඩදාසිය පිරී තිබුණේ මෙන්න මේ අකුරුවලිනි.


~~ මාතොටින් එන උතුරු සුළෙඟ් ~~

මාතොටින් එන උතුරු සුළෙඟ් 
ගිනි පිඹින මඩු පල්ලියේ
දෑස් අග මුතු කඳුළු හංගන
සරෝජා මගෙ නංගියේ
වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි
මක්කරන්නද පැංචියේ
ගුරුතුමී මා සිසුවියයි නුඹ
ඒත් අපි එක පංතියේ


කරවටා අත දමා හිනැහුණු
කෝ නුඹේ පොඩි යාළුවන්
දයාවක් නැති ලෝකයක් දැක
උන් ගිහින් පැන මායිමෙන්
තාත්තා හීනෙන් ඇවිත් අත
වනන තුරු කඳවුරු දොරෙන්
කාවවත් නැති දුවේ කවුරුන්
නුඹ රකීවිද සෙනෙහසින්


මන්දිරේ දොර නුඹව කැඳවයි
බේබිලා හඬනා හඬින්
මායිමේ වැට අඬගසයි හෙට
අවි දරා රකිනා ලෙසින්
දමා ගොදුරට කෙලෙස යන්නද
ඒත් යන්නට වෙයි ඉතින්
වරක් දැක හිත නිවාගන්නට
දුවේ ඩිංගක් හිනැහියන්...

මහින්ද චන්ද්‍රසේකර කවියකු බැවින් ඔහු සිතුවේ මේ නිර්මාණය කවියක් බවය.
ඉතින් ඔහු මේ කවිය පසෙක තබා මොහොතකට හිත නිදහස් කර ගත්තේය.
මහින්ද මේ වනවිට සේවය කළේ ගල්නෑව විදුහලේය. වත්මන් උතුරුමැද ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ එවකද මහින්දගේ කල්‍යාණ මිත‍්‍රයෙකි. ඔහු තම මිතුරාගේ දුක සැප බලන්නට ගල්නෑවට පැමිණි විටෙක මහින්ද තම අලූත් නිර්මාණය ඔහුට පෙන්නුවේය.

මේක හොඳ සිංදුවක්නේ.
නිර්මාණය කියවූ දිවුල්ගනේ කීවේය.

‘‘සිංදුවක් ද? එහෙම නම් දීපිකා වගේ කෙනෙක් කිව්වොත් හොඳවෙයි.’’
ඔව්. මම දීපිකාට දෙන්නම්. එයාගෙ හඬ තමා මේ ගීතයට හොඳ.

දීපිකා ළඟට මෙන්ම ආචාර්ය රෝහණ වීරසිංහ ළඟට ද මේ ගීපද වැල රැගෙන ගියේ දිවුල්ගනේමය.

ගීතය නිර්මාණය කිරීමේ කටයුත්ත රෝහණ බාරගත්තේය. ගීතයට වචන වැඩිය. හොඳ සංගීත නිර්මාණයක් බිහිකිරීමට නම් මෙහි වචන අඩු කළ යුතුය.

සිංදුවේ වචන අඩුකර දෙන ලෙස රෝහණත් තවත් වරෙක දීපිකාත් මහින්දට කීහ. බැරිම තැන මහින්ද, මෙහි වචන අඩුකර අලූතින් ගීතය ලීවේය.

එහෙත් එවිට අර කලින් ගීතයේ තිබූ අපූර්වත්වය ගිලිහී ගියේය. හොඳම ගීතය කලින් එකමය.

මං ඔයාට වෙන ගීතයක් දෙන්නම් මහින්ද දීපිකාට කීවේය.
බෑ... බෑ... මට ඕනෙ අර සිංදුවමයි. කොහොම හරි ඒකම හදල දෙන්න.
දීපිකා කීවාය.

ඒ සිංදුව නම් කොහොමටවත් ආයෙ හදන්න බෑ.මහින්ද කීවේය.

දැන් ඉතිං?

සියලූ අභියෝගය ඇත්තේ සංගීත නිර්මාණ ශිල්පියා සතුවය.

රෝහණ, අභියෝගයට මුහුණ දුන්නේය. එකක් දෙකක් නොව ”මෙලඩි” පහක්ම හැදු ඔහු අවසානයේ හොඳම මෙලඩියක් ඇති විශිෂ්ට ගීතයක් නිර්මාණය කළේය. විශාරද දීපිකා ප‍්‍රියදර්ශනී ගේ සරෝජා ගීත එකතුවට නම වැටුණේ ද මේ ගීතය ඔස්සේමය.

එදා මෙදා තුර හැමදාමත් රසික සවන්, සිත් සතන් කම්පාවට පත් කළ සරෝජා ගීතය ජාත්‍යන්තර සාම ත්‍යාගය සඳහා ද නිර්දේශවී තිබේ. ගුෂි ජාත්‍යන්තර සාම සම්මාන උළෙල නොවැම්බර් 28 දා පිලිපීනයේ මැනිලා නුවර දී පැවැත්වෙයි. එහිදී විශාරද දීපිකා ප‍්‍රියදර්ශනී සරෝජා ගීතය ගයා සම්මානය ද ලබාගනු ඇත.

එය අපටද සතුටකි!
රටට ආඩම්බරයකි!

සටහන - ශාන්ත කුමාර විතාන
(උපුටා ගැනීම ලංකාදීප පුවත්පතින්)

ශ්‍රී ලාංකේය සන්නිවේදන චන්ද්‍රිකාව



ප්‍රථම ශ්‍රී ලාංකේය සන්නිවේදන චන්ද්‍රිකාව ලබන මස 22 වැනි දින මෙරට වේලාවෙන් රාත්‍රී 9.30ට අභ්‍යාවකාශගත කෙරේ.

නව චන්ද්‍රිකාව චීනයේ ෂින්චෑන්ග් චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථානයේ සිට චීන රොකට්ටුවක් මාර්ගයෙන් උඩුගුවනට විද 87.5 භූ ස්ථායි කක්ෂයේ රඳවා මිනිත්තු හතකට පසුව ශ්‍රී ලාංකීය මුහුදු තීරයට ඉහල අහසේ කක්ෂගත කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය සහ චීනයේ ජාතික කොඩියේ සටහනින් සමන්විත වන නව චන්ද්‍රිකාවේ ජීව කාලය වසර පහළොවක් වන අතර ඒ හරහා දකුණු හා මධ්‍යම ආසියාව , නැගෙනහිර අප්‍රිකාව හා ඈත පෙරදිග රටවලට 2013 ජනවාරි මුල සතියේ සිට අදාල සන්නිවේදන සේවා සැපයෙනු ඇත.

චීන රජයට අයත් චීන චන්ද්‍රිකා සන්නිවේදන සමාගම සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක අවසන් ප්‍රතිඵලයක් ලෙස මෙය එළි දැක්වේ.

චයිනා ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රී කෝපරේෂන් (China Great Wall Industry Corporation) සහ චයිනා සැටලයිට් කොමිනිකේෂන් (China Satellite Communication Co.Ltd) සමග ඒකාබද්ධව සුප්‍රීම්සැට් සමාගම චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීමේ ගිවිසුමට ඉකුත් 16 වැනි දා අත්සන් තැබුවේය.

ප්‍රථම වරට මෙවැනි සන්නිවේදන චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීමට දායක වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සුප්‍රීම්සැට් සමාගම වන අතර ආයෝජනය කර ඇති මුදල ඇමරිකන් ඩොලර් මිලියන 360 ක් බව එම සමාගමේ සභාපති ආර්.එම්.මනිවන්නම් මහතා පැවැසීය.

මෙවැනි ඉහළ සන්නිවේදන කර්තව්‍යක් සඳහා දායක වූ දකුණු ආසියානු ප්‍රථම පෞද්ගලික සමාගම වන්නේ තමන් බවද ඇෆ්ගනිස්ථාන චන්ද්‍රිකා වැඩසටහන දියත් කිරීම සඳහා තෝරාගෙන ඇති සමාගම් හයට ශ්‍රී ලංකික සුප්‍රීම්සැට් සමාගම අයත් වන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම ලෝකයේ සාර්ක් රටවලින් ඉන්දියාව සහ පාකිස්ථානය හැරුණු විට මෙවැනි කර්තව්‍යක් සඳහා දායකත්වය දුන් තෙවැනි රට ලංකාව බව පවසන ඒ මහතා, නව සන්නිවේදන චද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීමත් සමඟ මුළු මහත් ජාතියට විශාල කීර්තියක් හා විශිෂ්ට ස්ථානයක් අත්වනු ඇතැයි ද මෙය ජාතියේ ජයග්‍රහණයක් බවද වැඩිදුරටත් පැවැසීය.

- චින්තා රණසිංහ

නොදැක ඔබේ රුව ශෝකය නැඟෙයි හද පුරා....



'නොදැක ඔබේ රුව ශෝකය නැඟෙයි හද පුරා....'

මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර
මිහිරාවිය වෙතටයි
ඔබ සිහි කර කර ඔබට ලියන එක
මට ඇති එක සතුටයි...
(පද – කරුණාරත්න අබේසේකර)

පෙම් සටන් පරාද වී විරහ වේදනාවෙන් ඔත්පල වූ ගීත ශ්‍රාවක ආත්ම සුවපත් කරමින් ඔහුගේ හෘදයාංගම කටහඬින් ගීතවත් වූ සොඳුරු ආදර ගීතාවලිය සිංහල සංගීත ක්ෂේත්‍රයේ මියුරුතම ගීතාවලියකි.

සිය වැලපුණු ආත්මයෙන් යොවුන් පෙම්වතියන්ගේ මෙන්ම පෙම්වතුන්ගේ ද සිත් අමන්දානන්දයට පත් කළ ඔහු අප අතරින් සදහටම සමුගෙන ගොස් මේ වන විට වසර දහ තුනකට කාලය ඉගිලෙමින් ඇති අතර මෙවර “ස්වර වර්ණ” වර්ණ ගන්වන්නේ ඔහු පිළිබඳ මතක සුවඳින් ය. එනම් ප්‍රේමයේ පැහැයෙන් ගීතය වර්ණවත් කළ ආදරණීය මිල්ටන් මල්ලවආරච්චි ගායන ශිල්පියාණන් පිළිබඳ සැමරුම් සමඟින් ය.

ආදරයේ සෑම ඉසව්වක්ම සිය මධුර හඩින් ස්පර්ශ කරමින් සරල, සුගම, සොඳුරු ගීතාවලියක් ශ්‍රාවක අපට තිළිණ කළ මිල්ටන් මෙලොවට ජනිත වූවේ 1944 අප්‍රේල් හත්වැනිදා කෝට්ටේ ග්‍රාමයේදී ය. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් ශිල්ප උගත් ඔහු 1973 දෙසැම්බර විසි නව වැනිදා ස්වර්ණමාලි මාලතී සමඟ විවාහ වූ අතර රනිල්, හර්ෂණී, නදීරා සහ රන්සිරි නම් දරුවන් සිව්දෙනාගේ පියා වූවේය.

මිල්ටන් ගේ පෞද්ගලික ජීවිතයේ වගතුග සඳහන් කරන බොහෝ අවස්ථාවන්හිදී ඔහු ඕනෑකමින් මඟ හරින නැත්නම් ඕනෑකමින් කපා හරින කරුණක් මෙහිලා මම අකුරු කරමි. ඒ ඔහුගේ පියා පිළිබඳ වගතුග ය. මිල්ටන් ගේ ආත්මය වසා පැතිර ගත් දුකඳුරේ ඇරඹුම ඔහුගේ පියා විය. අප හමු වූ දිනෙක මිල්ටන් ඒ වග හෙළිදරව් කළ අයුරු මගේ මතකයේ තවමත් නින්නාද වෙයි.

”එයා ගැන ලියන්න එපා. මම හීනෙකින් වත් දැකලා නැති, මම දන්නෙම නැති කෙනෙක් තමයි මගේ තාත්තා. එහෙම කෙනෙක් ගැන මොනවට ද නිකම් නමට විතරක් ලියන්නේ. මට උන්නේ මගේ අම්මා විතරයි. මාව ජීවත් කරවන්න අම්මා නොවින්ද දුකක් නැහැ. මමත් අම්මත් එක්ක දුක් වින්දා. පුංචි කාලේ ඉඳි ආප්ප හදන්න අම්මට පිටි කොටලා දෙනවා. ගෙවල් හදන තැන්වල කුලී වැඩ කරලා තියෙනවා. දුක මේ ජීවිතයේම කොටසක් වුණේ ඒ කාලේදීම යි.”

සිය ආත්ම ගතවූ දුක් වේදනාවෙහිම ගිලී ශෝකාකූල හඩින් ගී සංකල්පනාවන්ට ජීවය දුන් මිල්ටන් මුලින්ම කේවල ගී තැටියකට ගීත ගායනය කළේ 1969 දීය.

එවකට භද්‍ර යෞවනයට පිවිස සිටි, බහුතර ගීත ශ්‍රාවක පිරිසකගේ ප්‍රියතම ගායන ශිල්පියා වෙමින් කරුණාරත්න අබේසේකර පද රචනය කළ මොහොමඩ් සාලි සංගීතවේදියාණන් සංගීතවත් කළ “ඔරුවක පාවෙන රෑ ගණ අඳුරේ”, “රන් කූඩුව ඔබ සෑදූ”, “මංගලේ නෙත් මංගලේ” සහ “සංසාර සෙවනැල්ල ලෙස ආ පතාලා” ගීත හතර මුලින්ම ගායනා කළ මිල්ටන් එතැන් සිට 1998 මාර්තු දහවැනිදා මරණයේ තොටුපළෙන් නික්ම යනතුරුම ගැයූ සෑම ගීතයක්ම ඔහුගේ ගීතලෝලී සහෘදයන්ගේ සිත් පිනවූ ගී මුතුවැල් දාමයක්ම විය.

1971 වසරේ තිරගත වූ “පූජිතයෝ” චිත්‍රපටයේ එම්.එස්.ප්‍රනාන්දු සමඟ “සක්වළ රත්වන පළිඟු තලාවක” ගීතය ගයමින් චිත්‍රපට පසුබිම් ගායනයට එක්වූ මිල්ටන් සිංහල චිත්‍රපට සියයකට ආසන්න ගණනක මියුරු ගී රැසක් ගායනා කළ අතර 1984 වසරේදී හොඳම ගායනයට හිමි සරසවි සම්මානයෙන් පිදුම් ලැබුවේ ය. ඒ, 1983 දී ප්‍රදර්ශනය වූ “ඈතින් ඈතට” චිත්‍රපටයේ ගැයූ “කැන්දම් යන්නම් රන්මල් මාලා දාලා” ගීතය ගායනය සඳහා ය.

මිල්ටන් ගායන ශිල්පියකු ලෙස සංගීත ක්ෂේත්‍රයේ කඩඉම් සනිටුහන් කළ ශිල්පියෙක් ද වේ. ආධුනික ගායන ශිල්පියෙකුව සිටිය දී හින්දි ගීත ගායනා කළ නමුත් කිසිදාක අනුකරණ ගී තනු අනුව සිංහල ගීත ගායනා කළේ නැත.

ඔහු ගායනා කළ සෑම ගීතයක්ම ස්වතන්ත්‍ර තනුවලට ගායනා කළ අතර මෙරටේ ස්වතන්ත්‍ර හින්දි ගීතයක් (“සිරිල් මල්ලී” චිත්‍රපටයේ “ඒක ඛලී” ගීතය) ගැයූ මුල්ම ගායන ශිල්පියා වන්නේ ද මිල්ටන් ය. ග්‍රැමෆෝන් යුගයේ අවසන් ගී තැටිය (ගෞරි කෝපරේෂන්) මිල්ටන් ගේ හඬින් ගීතවත් වීම මෙන්ම මෙරට ප්‍රථම ගීත කැසට් පටය ද (විජය රාමනායක නිෂ්පාදනය කළ “සඳෙන් එහා” මිල්ටන්ගේ හඩින් ගීතවත් වීම එවැනි තවත් සුවිශේෂ කඩඉම්ය.

ගුවන්විදුලියේ “ඒ” ශ්‍රේණියේ ගායන ශිල්පියකු වූ මිල්ටන් ටෙලි නාට්‍ය සඳහා ගැයුවේ එකම ගීතයක් පමණි. ලක්ෂ්මන් මල්ලවආරච්චි පද රචනය කළ, ස්ටැන්ලි ලියනගේ සංගීතවත් කළ “සැඩ සුළඟේ පාවී මල් පෙත්තක් වගේ” නම් වූ එම ගීතය “හිම කැදැල්ල” රූපවාහිනී නාට්‍යයේ ඇතුළත් විය.

“මල් කැකුළු” සහ “යළි හමුවන්නයි” චිත්‍රපටවල ගීත දර්ශනවල පෙනී සිටි මිල්ටන් ප්‍රසංග වේදිකාවේදී මෙන්ම සංයමයෙන් එම දර්ශන නිරූපණය කළේ ය. ඔහුගේ අදහස වූවේ “ගායකයා කියන්නේ නළුවෙකුට නොවේ ය” යන වගය.

ඔබයි මමයි මැවූ සිහින
ලොවම මැකී යයි
දෙඅත රැගෙන එකම දිනෙක
අපි හමුවන්නයි...
(පද – බණ්ඩාර කේ.විජේතුංග)

සිය සහජ ගායන කුසලතාව ප්‍රතිභාවයෙන් භාවිතා කළ මිල්ටන් ගායන ශිල්පියෙකු වශයෙන් මෙන්ම මානව දයාවෙන් පිරි මිනිසෙකු වශයෙන් ද සංගීත ක්‍ෂේත්‍රයේ නියුතු සියල්ලන් අතරේ ජනප්‍රිය හිතවතෙක් වූවේ ය. ඔහු තරමට සිය සහෝදර ශිල්පීන්ට ආදරය කළ වෙනත් ගායන ශිල්පියෙකු පෞද්ගලිකව මා අත්දැක නොමැත. ඉන් එක් සිදුවීමක් හෝ මෙහිලා සටහන් කිරීම අගේ යයි සිතමි.

ම විසින් පද රචනය කළ “මේ දෙව් මැදුරෙ පුදසුන අබියස ඉඳ” ගීතය මුලින්ම ගායනයට මා දුන්නේ මිල්ටන්ට ය. එහෙත් වසර තුනක් පමණ ගතවී ගියත් ඔහු එය ගායනා කරන බවක් නොහැඟුණ හෙයින් පසුව එම ගීත පදමාලාව ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ හට ගායනයට දුන්නෙමි. ෂෙල්ටන් එම ගීතය පටිගත කළ සතියේම දිනෙක මිල්ටන්ගේ නිවෙසේදී ඔහු හමුවූ විටදී මම ඒ බැව් ඔහුට පැවසුවෙමි.

එවෙලේම ගෙතුළට ගොස් ගීත පදරචනා සහ ස්වර රචනා ලිපි අඩංගු ෆයිල් කවරයක් රැගෙන ආ මිල්ටන් එතුළින් මගේ “මේ දෙව්මැදුරෙ” ගීත පදරචනයත් ඊට සකස් කළ ස්වර රචනයත් සඳහන් කඩදාසි ගෙන මට දෙමින් “ලස්සන සින්දුවක්. මමත් හරි ආසාවෙන් මේ සැරේ කැසට් එකට කරන්න උන්නේ. ඒත් ෂෙල්ටන් කළා නම් මම මේක කරන එක හරි නැහැ.” යි පැවසුවේ හෘදයංගම කටහඬිනි. එදා ෂෙල්ටන් සංගීත ක්‍ෂේත්‍රයට පිවිසියා පමණකි.

එහෙත් මිල්ටන් ට තම සහෝදර ශිල්පියා ප්‍රවීණ ද නවක ද ලොකු ද පොඩි ද යන වග වැදගත් වූවේ නැත. ඔහු සැමට එක ලෙස සැලකුවේය. ඔහුගේ එම යහගුණය ඉස්මතු වූ තවත් සිදුවීමක් මගේ මතකයට නැඟේ. ඒ වරක් ගණේමුල්ලේ පැවැති සංගීත ප්‍රසංගයකදී ප්‍රවීණ ගායන ශිල්පී ජේ.ඒ.මිල්ටන් පෙරේරා සම්බන්ධ වූ සිද්ධියකි.

මිල්ටන් පෙරේරා ශිල්පියාණන් ඒ වන විට දැඩි අසනීප තත්ත්වයෙන් පසුවූ අතර එම ප්‍රසංගයේ ගී ගැයීමට අවස්ථාව පැමිණෙන තුරු ඔහු වේදිකාව පසෙකට වී බලා සිටියේ ය. වහාම ප්‍රසංගයේ සංවිධායකවරයා කැඳවූ මිල්ටන් සිය ප්‍රවීණ සහෝදර ශිල්පියා වෙනුවෙන් හඬ නැඟුවේය. “ඇයි මේ මනුස්සයාව මෙහෙම තියාගෙන ඉන්නේ?” ඊට සංවිධායකවරයාගේ පිළිතුර වූවේ කිසිදු ගායන ශිල්පියෙක් තමන්ගේ ‘වාරය’ මිල්ටන් පෙරේරාට පරිත්‍යාග කිරීමට එකඟ නොවන බවයි.

මිල්ටන් එවෙලේම තම වාරය සිය ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියා වෙනුවෙන් පරිත්‍යාග කර මිල්ටන් පෙරේරා වේදිකාව වෙත කැඳවාගෙන ගොස් ගී ගයන්නට අවස්ථාව උදාකර දුන්නේය. ඒ මිල්ටන් තුළ ජීවත් වූ මානව දයාවෙන් පිරි මිනිසා ය.

ක්‍රිකට් ක්‍රීඩාවට මහත් ඇල්මක් දැක්වූ මිල්ටන් මධු පානයට ද ලොල් වූ බැව් ඔහු ගැන දන්නා සැමට රහසක් නොවී ය.

විශේෂයෙන් ම බාලවියේ මව සමඟ වින්දා වූ දුක් වේදනාවන්ට නොදෙවැනි වන තරම් වේදනා මිල්ටන්ට උරුම කර දුන් සිටු කුමරියකට බැඳි පේ‍්‍රමයෙන් දායාද කර ගත් මධු පාන ලෝලීත්වයට ඔහුගේ ආධ්‍යාත්මයම කැප වුවේය.

මිල්ටන්ගේ ගීතයෙන් හෙළිවන වැලපෙන ආත්මයේ සත්‍යතාව එයම විය. ඒ සත්‍යතාව කලකට ඉහත සුනිල් මිහිඳුකුල සහෘදයාණන් විසින් අකුරු කළ අපූර්ව සටහනක් මා විසින් කියවන ලදී.

මිල්ටන් පිළිබඳව මා කියැවූ පරම සත්‍ය එහි සඳහන් වූ බැව් මගේ වැටහීමයි. මේ සමරු සටහන නිමා කරන්නට මෙතැන් සිට මම ඔබට එකී සත්‍ය සටහනින් කොටස් කිහිපයක් කියවමි.

”මා අසා ඇති පරිදි මිල්ටන් එක්තරා ආයතනයක සේවය කරද්දී එම ආයතනයේ හිමිකරුගේ දියණිය හා පෙමින් බැඳී ඇත. එහෙත් චේතනා පරිශුද්ධ වූවත් පෙම් සටන් පරදින අවස්ථා ද ජීවිතයේ දක්නට ලැබේ. ඔවුන්ගේ ආදරයේ දුෂ්ටයා වූයේ පන්ති භේදය යි. ඇයට මිල්ටන් හා අතිනත ගන්නට ඇගේ දෙමව්පියෝ ඉඩ නොතැබූ හ.

අවසර නැත මට ඔබෙ අත ගන්නට
බැමි බැඳ ඇත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම බවයකදිම
මතු ඔබ හිමි කර ගනිමි ළ‍ෙඳ්...!
(පද - කේ.ඩී.කේ.ධර්මවර්ධන)

කෙසේ වෙතත් මිල්ටන් 1973 දී ස්වර්ණා හා විවාහ වූවේ ය. එහෙත් අවසන් සුසුම් පොද හෙළන තුරුම ඔහුගේ සිතේ මනෝරම්‍ය බිතු සිතුවමක් සේ රැඳුණේ කුලුඳුල් පෙම්වතියගේ (පෙර අප කී සිටු කුමරියගේ) ඡායාව යයි මට සිතේ. මිල්ටන් අසීමිත ලෙස මත්පැනට ඇබ්බැහි වූයේ ය.

ඔහු අකාලයේ මියගියේ බීමත්කමෙන් බව මා අසා ඇත. ඔහුගේ ජීවිතය දවා අළු කළේ විසම සමාජ ක්‍රමයේ වරදක් වන දුෂ්ට පන්ති භේදය නොවන්නේ ද? මුදල් පමණක් ජීවිතය කොට තැකූ ගතානුගතික ධන හිමි පන්තිය නොවන්නේ ද?

ඔබ පැමිණී ඔබම ගියා
නැවතුණු තැන මා ඉන්නම්
මගෙ සහයෝගය පතන වෙලාවේ
කොහි සිට හෝ යළි එන්නම්...!
(පද – කරුණාරත්න අබේසේකර)

මිල්ටන් ඒ නැවතුණු තැන සිටන් මියයන තෙක්ම ගී ගැයුවේය. එය ඔහුගේ වැලපෙන ආත්මයේ ලසෝ ගීතය වූවේ ය.

මිල්ටන් මියගියේ කොළඹ පෞද්ගලික රෝහලකදීය. ඔහු තරුණ වියේදී රැකියාවක යෙදුණේ ද එම රෝහල අයත් සමූහ ව්‍යාපාරයේ ය. එම ව්‍යාපාර සමූහයටම අයත් රෝහලක ඔහු අවසන් හුස්ම හෙළීම දෛවෝපගත සිදුවීමකි.

මිල්ටන්ගේ මියුරු ගී හඬට වශීකෘත වූයේ හුදෙක් අපේ පරම්පරාව පමණක් නොවේ. ඇතැම් විට එදා පෙම්වතුන් වූ අපේ පරපුරේ අය පසුව විවාහ වී දරුමල්ලන් ද ලද කල්හි යොවුන් වියේ පෙම්වතුන් වූ ඒ දරුමල්ලන් ද මිල්ටන් ගේ ළයාන්විත ගී ඇසුවේ මහත් සේ ආශක්තවය. ඔවුන්ගේ ජීවිත ද රංජනය කිරීමට මිල්ටන් ගේ ගී හඬ සමත් වූයේ ය.”

-ජෝජ් රොබ්සන් ද සිල්වා

(උපුටා ගැනීම සිළුමිණ පුවත්පතින්)

ඉවසයිද මන්දා මා දුන් රිදුම්... තනියෙන්ම වින්දා දුන් දුක්‌ සුසුම්




'ඉවසයිද මන්දා මා දුන් රිදුම්...
තනියෙන්ම වින්දා දුන් දුක්‌ සුසුම්...'

ධනයට, බලයට, සැප සම්පත්වලට ඇති ආශාව නිසාම ආදරයට පයින් ගසා මිරිඟුව පසුපස යන තරුණියන් අද අප දැස්‌ ඉදිරියේ අනන්තවත් ඉන්නවා. මේ අය හරියට පහන් දැල්ලට පෙම් බඳින පළඟැටියෙක්‌ වගේ... තමන් යන්නේ විනාශය කරා බව ඔවුන්ට හැඟෙද්දී ප්‍රමාද වැඩියි.

ඉවසයි ද මන්දා මා දුන් රිදුම්
වෙන්වීලා ආ දා වෙනතක්‌ බලන්
උන්නාට මා රහසේ තුරුලක හෙමින්
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්...

ඒ වගේ මිරිඟුවක්‌ පිටුපස ගිය යුවතියක්‌... තම පෙම්වතාවත් අමතක කරලයි අද වෙනකකු හා ගියේ.

මම ඔයාට රිදවූවා... ඒවා ඔයාට ඉවසන්න පුළුවන්ද කියලා... මම දන්නෙ නෑ. මම ඔයාගෙන් වෙන්වෙලා ආ දවසේ ඔයා කොයිතරම් දුක්‌ විඳින්න ඇත්ද... මම අද වෙනකකුගේ තුරුලේ හිටියත්... මට බෑ අපේ ඒ ආදරණීය අතීතය අමතක කරන්න... ඇය ඔහු අමතමින් කියනවා.

තනියෙන්ම වින්දා දුන් දුක්‌ සුසුම්
තව කඳුළු නෑ මේ දෙනෙතේ ඉතින්
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැති වුණා සත්තයි හෙමින්

ඔයා මා තනිකර ගිය දවසේ ඉඳලා මගේ තනියට හිටියේ තනිකම විතරයි... තනිකම එක්‌ක මම ඔයා දුන් දුක්‌ සුසුම් වින්දා... රහසින්ම හැඬූ කඳුළු... ගංගාවක්‌ තරම්... තවත් නම් මගේ ඇස්‌වල කඳුළු නැහැ. ඔයා මා තනිකරලා ඔහු සමග ගිය දවසෙ... දැනුන හැඟුම්... අන්තිමේ මට මාවත් අයිති නෑ කියලයි හිතුනේ..." ඔහු කඳුළු පිරි දෙනෙතින් ඇයට කියනවා.

මේ ගීය ලියුවේ ඩිලාන් ගමගේ... තරුණ ගීපද රචකයා

මේක මගේ යහළුවකුට වූ අත්දැකීමක්‌. එයාගේ පෙම්වතියට ඕනෑ වුණා නිළියක්‌ වෙන්න. ඉතින් මගේ යහළුවා ඇය සමග චිත්‍රපට අධ්‍යක්‍ෂවරු පස්‌සේ ගිහින් කොහොමහරි ඇයව නිළියක්‌ කළා. නිළියක්‌ වුණාට පස්‌සේ ඇය ලොකු ලොකු සාදවලට ගියා. සල්ලිකාරයන්ව දැනහඳුනා ගත්තා. දැන් ඇයට පෙම්වතා මදි... ගැලපෙන්නෙ නෑ. ඒ නිසාම සල්ලි වියදම් කරන්න පුළුවන් වයසක ව්‍යාපාරිකයෙක්‌ එක්‌ක සම්බන්ධ වුණා. ඒ ව්‍යාපාරිකයත් බැඳලා. ළමයින් ඉන්න කෙනෙක්‌. ඒත් මේ තරුණ නිළියට ඇති ආශාව නිසාම වෙනම කොළඹින් ගෙයක්‌ අරන් දුන්නා. වාහනයක්‌ දුන්නා.

ගොලුවෙච්ච තරු දැසේ කඳුළැල් උනන්නේ
දරා ගන්න බෑනේ මතකේ විලාපේ
ආදරේ ඔබෙන් තරම් ලැබුණෙ නෑ කාගෙන්වත්
රැකගන්න බැරි වුණේ සංසාරේ ආදරේ
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැති වුණා සත්තයි හෙමින්

"දැස්‌ ගොලුවෙලා... නිවී ගිය තරු වගේ... ඒ දැස්‌වලින් කඳුළු උනනවා. අපේ ආදර අතීතය. විලාප දෙනවා. කොහොම ඉවසන්න ද... ඔහුගේ හදවත හඬනවා.

සත්තයි... ඔයාගෙන් තරම් ආදරයක්‌ මට කාගෙන්වත් ලැබිලා නෑ. ඒත් මට ඒ සංසාරගත ආදරය රැකගන්න බැරි වුණානේ... ඇය පසුතැවිලි වෙනවා.

"ඔයා තවකෙක්‌ එක්‌ක ගියා... මට මාවත් නැති කළා... හඬන හදවත ඇයට දොස්‌ නගනවා.

වියපත් බඹරා... මේ ලස්‌සන මලේ තිබුණ රොන් ටික ඔක්‌කොම උරා බිව්වා. ඉන් පස්‌සේ ඇයව මඟහැරියා. වාහනය විතරක්‌ නෙමෙයි... අරන් දුන්නු ගේත් ආයේ ගත්තා. නිළියට යන එන මං නැති වුණා. ඇයට පරණ පෙම්වතාව මතක්‌ වුණා. මං මුළා වුණා... නියම ආදරේ තියෙන්නේ ඔයා ළඟ කියලා මං දැන ගත්තා. ඇය ඔහු සොයාගෙන ඇවිත් කිව්වා... කරන්න දෙයක්‌ නෑ... ඔයා පරක්‌කු වැඩියි. මම දැන් විවාහකයෙක්‌... මට අවංක ආදරය ලැබුණා. ඔයා දැන් වෙනතක්‌ බලාගන්න... ඔහු ඇයට කිව්වා.

මේ පාළු දුක්‌ සිහිනේ අතරමං වෙලා බොහොසේ
ආයෙ ගන්න බෑ ඒ සෙනෙහස ඔබේ
ජීවිතය වැටුණු තරම් නැගිට ගන්න බෑ ආයේ
මැරි මැරී උපදී මේ සංසාර ආදරේ
උන්නාට මා රහසේ තුරුලක හෙමින්
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්..

මං දැන් අතරමං වෙලා... ඔයාගේ ආදරේ මට ආයෙත් ලබාගන්න බැහැ. දුක්‌ සිහිනයක්‌ වාගේ... ඒ අතීතය... ඇය හඬනවා.

ඔයා දුන් දුක්‌ නිසා මගේ මනස කඩාවැටුණු හැටි... මගේ ජීවිතය මම ගොඩගන්නේ කොහොමද... සංසාරෙන් සංසාරේට ඔයාගේ අහිමි ආදරේ නිසා මම මැරි මැරී උපදිනවා. ඔහුගේ හිතේ ඇය කෙරෙහි තිබෙන ආදරය... නැතිවෙලා නැහැ.

මේ සිංදුව ගයන්නේ සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරි දෙදෙනා... ඔවුන් දෙදෙනාට මේ ගීය කොතරම් දුරට ගැලපෙනවාද... ඒ තීරණය ඔබ අතේ.

උදාර සමරවීරගේ මෙලඩි එකට තමයි මම වචන ටික ලියුවේ... මගේ ඔලුවට එකපාරටම ආවේ අතුල සමිතා දෙදෙනාව. ඔවුන් දෙදෙනාම මේ ගීය ගයන්න කැමැත්තෙන්ම එකඟ වුණා. අතුලගේ කොටස ඔහු කලින් ඇවිත් රෙකෝඩ් කළා. ඉන් පස්‌සේ සමිතා හවස ඇවිත් එයාගේ කොටස රෙකෝඩ් කළා. එක දවසෙන් ගීයේ වැඩ නිමා වුණා... ඩිලාන් පැවසුවා.

~~ ඉවසයිද මන්දා මා දුන් රිදුම් ~~


ඉවසයිද මන්දා මා දුන් රිදුම්
වෙන්වීලා ආ දා වෙනතක්‌ බලන්
උන්නාට මා රහසේ තුරුලක හෙමින්
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්

තනියෙන්ම වින්දා දුන් දුක්‌ සුසුම්
තව කඳුළු නෑ මේ දෙනෙතේ ඉතින්
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැති වුණා සත්තයි හෙමින්

ගොළුවෙච්ච තරු දැසේ කඳුළැල් උනන්නේ
දරාගන්න බෑනේ මතකේ විලාපේ
ආදරේ ඔබෙන් තරම් ලැබුණෙ නෑ කාගෙන්වත්
රැකගන්න බැරි වුණේ සංසාර ආදරේ

ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මා ද නැති වුණා සත්තයි හෙමින්
මේ පාළු දුක්‌ සිහිනේ අතරමං වෙලා බොහො සේ
ආයේ ගන්න බෑ ඒ සෙනෙහස ඔබේ

ජීවිතය වැටුනු තරම් නැගිට ගන්න බෑ ආයේ
මැරි මැරී උපදි මේ සංසාර ආදරේ
උන්නාට මා රහසේ තුරුලක හෙමින්
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්

ගායනය :- අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව
පද රචනය :- ඩිලාන් ගමගේ
සංගීතය :- උදාර සමරවීර

-අජිත් අලහකෝන්
(උපුටා ගැනීම දිවයින පුවත්පතින්)


මුව මදහාසේ සීපද රාවේ....
නිල් කෙතේ... නිල් කෙතේ...//
මල් වැනි ලස්සන රන්වන් රූසිරි ආලෝකේ
මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලොකේ
(මවු බිමේ ජය ලබන්න එක්වෙයවු... එක්වෙයවු)

මුව මදහාසේ....

මු..හුනේ හසරැලි මුකුලු දෑතේ දහඩිය පබළු
ආදරයේ මල් කැකුලු අද රන් කෙත මැද පීදි ඇතිලු
මල් වැනි ලස්සණ රන්වන් රූසිරි ආලෝකේ
මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලොකේ..//

මුව මදහාසේ....

ආ..සිරි සුළගට වැදිලා ආ..දර සුවදක් දැනීලා
ජීවිතයම රසවත් වීලා සුභ මංගල දවසක සිරි මැවිලා
මල් වැනි ලස්සණ රන්වන් රූසිරි ආලෝකේ
මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලොකේ
(මවු බිමේ ජය ලබන්න එක්වෙයවු... එක්වෙයවු)..///

ගායනය :- මිල්ටන් මල්ලවආරච්චි 
පද රචනය :- ධර්මසිරි ගමගේ
සංගීතය :- සරත් දසනායක
චිත්‍රපටය :- ආශා දෑසින්
නිෂ්පාදනය :- පියසේන ද සිල්වා
අධ්‍යක්‍ෂණය :- සේන සමරසිංහ
තිරගත වූ දිනය :- 1978 අප්‍රියෙල් 28

අප වෙනුවෙන් අප නමින් හෙළන්නට හෙටටත් කඳුළක් ඉතිරි වෙලා...




'අප වෙනුවෙන් අප නමින් හෙළන්නට
හෙටටත් කඳුළක් ඉතිරි වෙලා....'

මේ ඉර සහ මේ හඳ හෙටත් පායනු ඇත. ඊයේ පෑව්වේත් මේ ඉර ම ය. මේ හඳම ය. අද ඔබට එළිය දෙන මේ ඉර හඳ ඔබ බිලිඳු වියේදීත් ඔබට එළිය ලබාදුන් ඉර හඳමය. ඔබේ කෙළිලොල් ළමා විය, සුන්දර යොවුන් විය ඒ සියල්ලම දෙස බලා සිටියේ මේ ඉර හඳම ය.

සිදුවන සියලු ම දේ වලට කවුරුන් නැතත් මේ ඉර හඳ සාක්ෂිය. දුර ඈතක මොන දේශයකට මොන රාජ්‍යයකට ගිහිල්ලා සැඟවිලා සිටියත් ඔබ දෙස බලා සිටින්නේත් මේ ඉර හඳම ය.

“කාලය’ නමැති මහා ජවසම්පන්නයා ගේ, මහා ජගතා ගේ අශ්ව රථයේ රිය සක දෙක මේ ඉර හඳ ය. ඉතින් එහෙව් ඉර යට දී හමුවී ආදරයෙන් කතා බහ කළ, සෙනේ වඩපු, ළඟ පාත හිටපු ඔබ අද දුර ඈත ය. ඒ සොබාදහමේ සැබෑ මහිමය ය.

~~ මේ ඉරහඳ යට හමු වී ~~

මේ ඉරහඳ යට හමු වී
ආදරයෙන්....
කතා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතකවත් නෑ..//

අද නුඹ කොතැන ද අද මා කොතැන ද
දන්නේ නෑ නුඹ මටත් හොරා
ජීවන මහ මඟ සටන් වැදී අත
නාඳුනනා පෙම්වතුන් වෙලා

දැන හඳුනාගත් කාලයෙ ඉඳලා
ළබැඳි දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙළන්නට
හෙටටත් කඳුළක් ඉතිරි වෙලා

ගායනය :- විශාරද එඩ්වඩ් ජයකොඩි
පද රචනය :- පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය :- එම්.ආර්. චූලසිංහ

අපට ඇතැම් විට ඇතැම් කෙනකු දුටු විට සමීපස්ථ බවක් දැනෙයි. ප්‍රිය බවක් ඇතිවෙයි. කවදාක කොහේදි හෝ දැක පුරුදු බවක් සිත කියයි. එයින් පසු ඇති වන සබඳතා සොඳුරු මිනිස් ස්වභාවයය. ඇලීම් බැඳීම් ඇති මේ සොඳුරු සබදතා විවිධ ප්‍රභේද වලට අයත් වෙයි. ආදරය - දයාව කරුණාව ඇතැම් විට ප්‍රේමය බවට හැරෙයි.

ඔබත් මමත් එසේ සොඳුරු බැම්මෙන් බැඳී සිටියේ අතීතයේ දී ය. එවකට අපි පිබිදුණු දෑසින් එකිනෙකා දෙස බැලුවෙමු. එකිනෙකා ගේ හදවත්වලට එබී බැලුවෙමු. ඒ වගට මේ ඉර ද මේ හඳ ද සාක්ෂි ය. නමුත් කාලය සමඟ අප වෙන් වෙලා ය. ජීවිතයේ විවිධ හැලහැප්පීම් ඔස්සේ අපි වෙන වෙන ම ජීවන ගැටුම් හා සටන් වදින්නට පටන් ගත්තෙමු. අද මෙසේ දුරස් වූයේ එදා එසේ ළඟින් සිටි අප ම ය. හිතට දුක එක ය. ළඟින් නොසිටියා නම් දුරස් වන විට දුකක් නැත. ‘දුරස් දුක’ දැනෙන්නේ ළඟින් සිට සතුටක් ලද නිසා ය. ඇලීම් හා බැඳීම් නිසා මේ මිනිස් ජීවිතයේ සතුට ඇති වෙයි. ඇලීම් බැඳීම් බිඳී ගිය කල්හි ශෝකය ඇතිවෙයි. ඇලීම් බැඳීම් නොතිබුණා නම් හොඳ යැයි සිතෙන්නේ මුහුණට මුහුණ හමුවුණාමත් නාඳුනන දෙදෙනකු සේ සිටින්නට සිදුවුණු නිසා ය. නාඳුනන පෙම්වතුන් වීම තරම් සිත කඩා ඉහිරවන දෙයක් තවත් ලොව ඇත්දැයි එවිට ඔබට සිතේවි.

නමුත් ජීවිත කාලයේදී ලබන මේ ඇලීම් බැඳීම්වලින් ලැබෙන සුවයක් නෑලීම් සහ නොබැඳීම්වලින් ලබන්ට තරම් අප දියුණු වී නැත. ඒ මිනිසාගේ පෘතග්ජන ස්වභාවයය. දැන හඳුනාගත් කාලයේ ඉඳලා තිබුණු ඒ ළබැඳි දයාව, ඇලීම නිසා අප නෑඬුවත් සොබා දහම තුළට කඳුළක් ඉබේටම කාන්දු වෙනවා ඇත.

මේ නම් අපූරු ගීතයකි. මේ අපූරු ගීතය ඇසුව දා පටන් එය හදපත්ලටම යමක් දනවන ගතියක් ඇති ගීතයක් බව ඔබටත් සිතෙන්නට ඇත. ගීතයේ සුලමුල සොයා යන කල්හි මුණ ගැසෙන්නේ අපේ යුගයේ හෙළ ගීතාවලියේ ප්‍රමුඛතම තැනෙහි සිටින යතිවරයාණ කෙනෙකි. ඒ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ ය.

“මේ ගීතය ලියැවුණේ මීට අවුරුදු විස්සකට විතර ඉස්සර. ප්‍රියයන් හා එක්වීම සතුටක්. වෙන්වීම දුකක්. අප්‍රියයන් හා එක්වීමත් දුකක්. ජීවිත කාලයේ දී මිනිසුන්ට මුහුණ පාන්ට සිදුවන බැඳීම් සහ වෙන්වීම් නිසා ඇති වන චිත්ත ස්වභාවය ගැනයි මේ ලියැවුණේ. අප අද බොහොම ළං වෙලා සුහදව ඇසුරු කරන අය හෙට දවස වෙනවිට වෙන් වෙනවා. දුරස් වෙනවා. මේ වෙනස්වීම දුරස්වීම් සිතට දුකක් ඇති කරවනවා. මේ ‘බැඳීම’ ප්‍රේමය යැයි හැඳින්වූවොත් හෙට දවසේ ඔවුන් දෙදෙනා නාඳුනන පෙම්වතුන්’ ලෙසිනුයි හමුවන්නේ. දැන හඳුනාගත් කාලයේ සිට තිබුණු ළබැඳියාව දයාව නිසා දුකක් උපදිනවා. ඒ සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයයි.”

පොදු මනුෂ්‍ය ස්වභාවය අවලෝකනය කරමින් උන්වහන්සේ ලියූ මේ ගීතය අපට ඉරහඳ පවතින තාක් කල් රස විඳිය හැකි ගීයක් බවට පත්වෙලා. එය සංගීතවත් කළේ ප්‍රවීණ සංගීතවේදී එම්.ආර්. චූලසිංහයන්. ගායනා කළේ ප්‍රවීණ ගායන ශිල්පී විශාරද එඩ්වඩ් ජයකොඩි.

ඉතින් ජීවිතය එකම සටනකි. ඊයේ කිරි දරුවකුසේ කිරි ඉල්ලා හැඬූ අපි, අද ජීවිතය ඉල්ලා හඬා ඒ වෙනුවෙන් සටන් වඳිමු. ඒ සටන මිහිරි සටනක් වන්නේ අතරමඟදී හමුවන ඔබ වැනි සුහද හදැතියන් නිසාම ය. ඔබේ සුහද බව සහ හෘදසක්ත බව වැඩි වූ තරමට හෙට දවසේ ඔබේ දුරස්ථවීම දුකක් බව මම දන්නෙමි. එනිසා ම හෘදසක්ත නොවී සිටින්නට ඔබට පුළුවන්ද?

බැඳීම් වලින් ලැබෙන සුවය තාවකාලික බවත් දුරස් වීමෙන් ලැබෙන ශෝකය පමණක් සදාකාලික බවත් මම කියමි. ඔබ ඊට එකඟ දැයි මා දන්නේ නැත. ඒ මේ ඉර හඳ යට අප ‘නාඳුනන පෙම්වතුන්’ වන බැවිනි.

-යමුනා මාලිනී පෙරේරා
(උපුටා ගැනීම සිළුමිණ පුවත්පතින්)

මේ ඉරහඳ යට හමු වී



මේ ඉරහඳ යට හමු වී
ආදරයෙන්....
කතා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතකවත් නෑ..//

අද නුඹ කොතැන ද අද මා කොතැන ද
දන්නේ නෑ නුඹ මටත් හොරා
ජීවන මහ මඟ සටන් වැදී අත
නාඳුනනා පෙම්වතුන් වෙලා

දැන හඳුනාගත් කාලයෙ ඉඳලා
ළබැඳි දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙළන්නට
හෙටටත් කඳුළක් ඉතිරි වෙලා

ගායනය :- විශාරද එඩ්වඩ් ජයකොඩි
පද රචනය :- පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය :- එම්.ආර්. චූලසිංහ

වරද


උපසර්ග



අව්‍ය පද (වර නොනැගෙන පද)
                                       උපසර්ග                                                                 නිපාත

අව්‍ය පද,

  1. වචන භේදයක් නොගනී.
  2. ලිංග භේදයක් නොගනී.
  3. විභක්ති භේදයක් නොගනී.

උපසර්ග 

නාම පදයක් හෝ ක්‍රියා පදයක මුලට පමණක් යෙදී අර්ථය වෙනස් කරන්නේ හෝ වැඩිකරන්නේ හෝ විරුද්ධ කරන්නේ උපසර්ගය.



ප       - පබල , පවන , පසඟ
පර     - පරදේශ . පරගැති . පරලොව
අව     - අවගුණ . අවමාන . අවබෝධය
ස       - සසළ . සතුරු . සපිරි
අනු    - අනුනායක . අනුගමනය . අනුකරණය 
නි       - නිදුක් . නිමල , නිවැරදි
දු         - දුදන , දුබල , දුසිරිත්
වි       - විසන්ධි , වියෝග , විවාද
සු       - සුමඟ , සුපිරිසිදු , සුවිසාල
උ       - උපත , උමඟ , උදර
අ        - අවංක , අමිල , අගුණ , අසුභ
අදි     - අදිරද , අදිබල
අබි     - අබිදම් , අබියස , අබිරහස
පිළි     - පිළිතුරු , පිළිසර , පිළිවත
පස්     - පස්පවු , පස්කම් , පස්පියුම්
පිරි      - පිරිපුන් , පිරිනිවන , පිරිවෙන
උප      - උපනායක , උපගුරු , උපලේකම්
අති      - අතිමහත් , අතිරස , අතිබල
අප      - අපකීර්ති , අපගමනය , අපනයනය
පි        - පියස , පිදුනු , පියන
පරි      - පරිකල්පන , පරිභෝජන , පරිනිර්වාන
ඔ        - ඔසඳ , ඔකඳ , ඔවදන්
කු       -  කුසල් , කුමන්ත්‍රණ , කුකවි
ඉ        - ඉමිහිරි , ඉපැරණි , ඉමහත්




නිශ්ශබ්දතාව


-->
දෑත බිම ඔබා
පස්සට වාරු වී
නිසල හුන්
ඇගෙ ලිහිල්
කෙස් රොදක්
නිහඬ හමන
සුළඟින්
එසවී
මා මුහුණෙහි
හැපෙත්
ඇගේ රන්වන්
මුහුණ දෙස
බැලූ මම
ඇසීමට දිගු කලක්
පුලා පුලා සිටි
කිසිවක් ඇසීමට
සිතීමි.

මසකු හඬ නගා දගලූයෙන්
ගං ඉවුර අස
පන් ගසින් යුත්
බොර දිය කැළඹිණ.

ඈත ඉවුරෙහි
උසට වැඩුණු
මහා උණ පඳුරින්
අහසට නැඟුණු
කොබෙයියෙක්
කෑ ගසාගෙන
පියඹා
ගියේය.

ඉක්බිති
මහා නිශ්ශබ්දතාවක් පැතිරිණ.

ඇගේ රන්වන් දිගටි මුහුණ දෙස
බැලූ මම
ඇසීමට දිගු කලක් පුලපුලා සිටි
කිසිවක් ඇසීමට
යළිත් සිතීමි.

නිශ්ශබ්දතාව දැඩි විය.
පෙදෙස වසාගෙන පැතිරුණු
නිහඬ බවින් මිරිකුණු මම
ඇයගේ
රන්වන්
දිගටි
නිසල
මුහුණ දෙස බලා
කර බා ගතිමි.
-ජී.බී.සේනානායක

කඳුල


රෑ එබෙන සඳ සොඳුරු
නැතිද හැම ලොව අඳුරු
හිමි නොමැති පෙම් රුසිරු
කඳුල ඇයි නෙතට හුරු

දිවි නොමැති කතර මරු
අසනී වැසි වසින තුරු
බිම තෙමුව  දිය කඳුරු
නැත තනිව ඇත ඉවුරු

රෑ යහනේ මම ඇතිරු
සුසුම් වල හිත නුහුරු
සිහිනයන් නැති නුදුරු
දුක පමණි මට ඉතුරු

හැම රෑම මම කෙඳිරු
ගී සැඟව වැලක තරු
මතක සැනෙකින් අසුරු
බව මලවි මට සතුරු

ගං දෑල මලින් සරු
නොමැත පසු ගඟ ඉතිරු
අසා ලොව කල නිගරු
වෙලා මගේ හිත නිසරු

සුසුම් වී මගේ වියරු
පෙළයි මා ලෙස රුදුරු
මා වටා ඇති පවුරු
බිඳින්නෙද ලොව කවුරු

-දැක්කෙ ganakamadura.blogspot.com එකේ!-
 -උපුටා ගත්තේ යලිඑන්න වසන්තය කියන කාව්‍ය සංග්‍රහයෙන්-


පහසුයි අපහසුයි!


මා නොසිතු දේ



මා නොසිතු දේ සිතුවා සේ දැනුනා දෝ 
මා නොකියුදේ කීවා සේ සිතුවා දෝ 
සිත බිඳුනේ කෙලෙසින්දෝ 
සිත බිඳුනේ කෙලෙසින්දෝ 

ඇල් පවනේ යාවෙලා 
මල් වියනේ පා නගා 
ලන්ද දිගේ හිනැහී එන්න ලඳේ ..//

මා නැති යාමේ කොතැනක හෝ ඇදුනා දෝ 
ඒ ඇසුරේ දී අන් දෑසේ වේළුනා දෝ 
සිත බිඳුනේ කවදා දෝ ..//

ඒ සැන්දෑවේ කඳුයායේ දොළ පාරේ 
මා සෙවනේ දී තෙපළු දේ ගොලුවී දෝ 
සිත බිඳුනේ කෙලෙසින් දෝ ..//


-මිල්ටන් මල්ලවාරච්චි-

අතීතය සිහිනයක් පමණයි



අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ...
එදා සෙනෙහෙන් නොබැඳුණා නම්
මෙදා වියොවක් නෑ...//

තැනූ මන්දිර බිඳී වැටුණත්
නෙතේ කඳුළක් නෑ...//
සිනහවෙන්නට වරම් නොලදත්
හිතේ කිළුටක් නෑ...

අතීතය සිහිනයක්.....

සොබා දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ...//
ලොවේ පැරදුම මතක කිසිදා
ලැබූ දිනුමක් නෑ...

අතීතය සිහිනයක්.....

ගායනය :- කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය :- පල්ලෙගම හේමරතන හිමි
තනුව :- උපාලි ජයලත්
සංගීතය :- නාලක අංජන කුමාර

සබැඳියක් එක් කරන්න!


පහතින් ඇති කේත සමූහය ඔබගේ වෙබ් අඩවියට එක් කර සහය වන්න! එක්කර ගැනීමෙන් පසුව ඔබේ වෙබ් අඩවියේ ද බැනරයක් අප අඩවියේ පල කරනු ලබයි! 

<a href="http://www.cysinhala.tk/"><img border="0" height="88" src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjFpYKNYippYkalVzXZnS8R04iiOtwyJxx7qOc30QqaKQrvzkorrf1V7OUsVQfTMMoxf5N-3g11tTdemZTizfEKVsQKjBlc0LIj_ptEN-XBdqqVZaiT3Uq070mjxezOrZOZR2SQ9EEYs13H/s320/widget.gif" width="320" /></a>




<a href="http://www.cysinhala.tk/" target="_blank"><img border="0" height="200" src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdliARqNx9qlelMfUd32iIh36hVOm9zzs9Xgs-cbwplUWmgExPKJB56GUIzi-0dNFgvk9J4_oqxAnnanrQ8HvjZZ_KoNQTwoiCJLMGViZq2ZYzytKeV4SAwGGsK8L82UDxdi1vhkW1Y7xA/s1600/cy.gif" width="300" /></a>

ලෝකය

ප්‍රකෘති සෙවීම




ප්‍රකෘති සෙවීම


  • නාම පදයක හෝ ක්‍රියා පදයක එම පදය සැකසීමට මුල් වූ කොටසෛ ඇත. එය මූල්‍ය ප්‍රකෘතිය හෙවත් පියැවි නමින් හඳුන්වනු ලබයි. මෙය කොටස් දෙකකි.



  1. නාම ප්‍රකෘතිය 
  2. ක්‍රියා ප්‍රකෘතිය


නාම ප්‍රකෘති

  • නාම පදයක මුල් ස්වරූපය මුල් ස්වභාවය නාම , නාම ප්‍රකෘතිය හෙවත් ශබ්ද ප්‍රකෘතිය ලෙස හැඳින්වේ.


අප්‍රාණවාචී නාම පදයක ප්‍රකෘතිය සෙවීම
නාම පදය
සංඛ්‍යාවාචී පද යෙදීම
ප්‍රකෘතිය
කන්ද
පුටුව
ග්‍රන්ථය
වැස්ස
කොස්ස
කදු දෙක
පුටු තුන
ග්‍රන්ථ එක
වැසි දෙක
කොසු හතර
කදු
පුටු
ග්‍රන්ථ
වැසි
කොසු


  • අප්‍රාණවාචී පදය අගට සංඛ්‍යාවාචී  පදයක් යොදා එම සංඛ්‍යාවාචී පදය ඉවත් කළ විට ඉතිරි වන්නේ ප්‍රකෘතියයි. 

ප්‍රාණවාචී පදයක ප්‍රකෘතිය සෙවීම


නාම පදය
සමූහාර්ථවාචී පද යෙදීම
ප්‍රකෘතිය
බල්ලා
කුරුල්ලා
මුවෝ
වැද්දෝ
ළමයි
බලු රෑන
කුරුලු රංචුව
මුව රැළ
වැදි පිරිස
ළමා පිරිස
බලු
කුරුලු
මුව
වැදි
ළමා


  • අප්‍රාණවාචී පදය අගට සංඛ්‍යාවාචී  පදයක් යොදා එම සංඛ්‍යාවාචී පදය ඉවත් කළ විට ඉතිරි වන්නේ ප්‍රකෘතියයි.  
සම්බන්ධ විභක්ති සමාස මගින් ප්‍රකෘති සෙවීම

නාම පදය
සම්බන්ධ විභක්ති සමාස
ප්‍රකෘතිය
ඉබ්බෙක්
කොල්ලෙක්
කොටියෙක්
ගිරවෙක්
මැස්සෙක්
ඉබ්බාගේ කට්ට - ඉබි කට්ට
කොල්ලාගේ ගති - කොලු ගති
කොටියාගේ දත් - කොටි දත්
ගිරවාගේ හොට - ගිරා හොට
මැස්සාගේ තුඩ - මැසි තුඩ
ඉබි
කොලු
කොටි
ගිරා
මැසි

ක්‍රියා ප්‍රකෘතිය

  • ක්‍රියා පදයක මුල් ස්වරූපය මුල් ස්භාවය ක්‍රියා මූලය, ක්‍රියා ප්‍රකෘතිය හෙවත් ධාතු ප්‍රකෘතිය ලෙස හැඳින්වේ.

ක්‍රියා පදය
මිශ්‍ර ක්‍රියාවට පෙරළීම
ප්‍රකෘතිය
නටති
බැලුවෝය
බැලූහ
රඟති
සොයති
කීවේය
නටමින්
බලමින්
බල බලා
රඟ රඟා
සොයමින
කියමින
නට
බල
බල
රඟ
සොය
කිය

සිතන්න....,

උත්සහය කැපවීම මත සියලු දේ රඳා පවතී!

කෝමා පැතු




කෝමා පැතු ඔබේ ආදරේ
කෝමා පැතු ඔබේ ආදරේ
කෝමා පැතු.... 

ආවේ එදා මා තිනි වී ලොවේහි
නැති වී ගියා ඒ හැඟුමන් මෙහි..//
යළි මා අනාතයි උතුරා ගලා යයි
සංවේදනා......

කෝමා පැතු.......

ඈ හා අතීතයේ ගැයු ගීත රාවේ
මුසු වී ඇසේවා සුළඟේ පවා..//
කෙවිලි කැදැල්ලේ කොවුලා ඉගිල්ලේ
දැන් ඈ දමා......

කෝමා පැතු.......

පායා පහන් වු රන් තාරකාවෝ
අඳුරේ දමා මා නොපෙනී ගියා..//
කවදාද ආයේ පායා දිලෙන්නේ
රන් තාරකා.......

කෝමා පැතු.......

ගායනය :- T.M.ජයරත්න
පද රචනය :- රංජිත් වීරසිංහ
සංගීතය :- ප්‍රේමසිරි කේමදාස
චිත්‍රපටය :- ජනක සහ මංජු
අධ්‍යක්ෂණය :- K.A.W.පෙරේරා
තිරගත වූ දිනය :- 1978 ජනවාරි 27
රඟපෑම :- ජයන්ත දාස් පෙරේරා (ජනක),ගෝතමී පතිරාජ (මංජු)

මං මුලාවී



මං මුලාවී පාර හොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලාවූ සමනළියකගෙනි
පාර අසා තිබුනේ...

ඇයත් නොදන්නිය ඇය යන මානය
උන්හිටි තැන් මතකයේ අඩමානය
පාර කියන්නේ කෙලෙසද මා හට
ඇයටද පාරක් ඇති නැති ගානය

අප හමුවූයේ මන්දැයි නොදනිමි
පාර ඇසූයේ ඇයිදැයි නොකියමි
අපේ ගමන අද නවතනු හැකිනම්
අප යන ගමනද අද මෙතැනින් නිමි

-ගුණදාස කපුගේ-

ආදර අම්මා


අහස් වියන




සිහිනයයි ඔබ 
තදින් පියැවුණු නෙතු පියන් අතරේ
සොඳුරු සැමරුම් පමණි හැම අත 
ඔබ නොමැත අද කඳුළු මල් අතරේ

කිඳුරු ළද ඔබ 
නිබඳ හිනැහෙන රළ බි‍ඳෙන වෙරළේ 
කඳුළු සමුදුරු දෙනෙත් මුල නිති 
හඬ හඬා වැලපේ

මිරිඟු දිය ඔබ
දිය බිඳක් නැති රුදුරු මරු කතරේ
සදාකාලික පිපාසයකින් 
සෙනෙහසේ විල සොයා යම් රහසේ

-ශකුවි-

දෙව්රම් වෙහෙරේ




දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ 
මා සිටියා නම්, 
සමිදුනි ඔබ පිළිසරණ පතා 
මම එමි භාවඳුරු කතර ගෙවා 

සහසක් දොම්නස් දුක් ගිනි අතරේ 
දැවෙන මහද සිතිවිලි ගිනි අඳුරේ 
සමිද ඔබේ පිළිරුව දුටු පමණින් 
නිවී නිවී යන අරුමය කිමදෝ 

ජීවමානවම හිමි දැක ගන්නට 
මා නෙත කල පින් මද බව වැටහේ 
එහෙයින් හිමි අනුරුව අභියස සිට 
බවුන් වඩමි නෙත් බුදුන් දකින්නට 


-වික්ටර් රත්නායක-