සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

නව ලිපි

ඇලහැර බකමුණ නිසල බුදුරුව


වස්ගොමුව ජාතික වනෝද්යානනයට මුහුණලා පිහිටි සැතපෙන ශෛලමය පිළිමය කාලගුනික බැටකෑමෙන් අභාවයට යමින් පවතී. මෙය ක්රිය. පූර්ව. 100-200 කාලයට අයත් බවට විශ්වාස කැරේ. මෙය පසෙකින් අඹන් ගඟ හා හීරටි ඔය ගලා බසී. මෙහි තවත් බෙහෙත් ඔරු වැනි බොහෝ නටඹුන් ඇත. ගල් ලෙනක් හා බෝධියක් පසෙකින් ඇත. විහාරාරාම සංකීර්ණය නමින් බුදුරුවයායයි.

දඹුල්ලේ සිට ශීරනවි ලංකා මහවැලි අධිකාරිය විසින් මෑතකදී ඉදිකරන ලද දඹුල්ල – බකමූණ - කලගහවෙල නව අධිවේග මාර්ගයේ යන විට මේ ස්ථානය හමුවේ. බකමූණේ සිට කිලෝ මීටර් 6 ක් පොල් අතු වාඩිය පැත්තට යන විට වම් පසින් මේ සුවිශේෂී පුරාණ සිද්ධස්ථානය වෙයි. දඹුල්ලේ සිට විනාඩි 30 කින් මේ ස්ථානයට ළඟා විය හැකිය.මෙහි පරරාණධානම අංගය එහි පිහිටි 18 රියන් සැතපෙන ශෛලමය බුදු පිළිමයයි. නමුත් එය අව පැහැ ගැන්වී කළු පැහැවී තිබෙන අයුරු දුටු විට අපේ බෞද්ධකම කුමකටදැයි සිතේ.

බුදුරුවයාය විහාරාධිපති පොල්වත්ත කන්දේ සද්ධානන්ද හිමිපාණන් පවසන පරිදි මේ බුදු පිළිමය ඓතිහාසික පොළොන්නරුවේ ගල් විහාරයේ සැතපෙන බුදු පිළිමයට හා තන්තිරිමලේ සැතපෙන බුදු පිළිමයට සමානත්වයක් දක්වයි.

“පුරාණ බෞද්ධ ගර ැතන්ථවලත් මේ බුදු පිළිමය පිළිබඳව සඳහන් වෙලා තිබෙනවා. මේ පිළිමය අතරගල්ලෑව පිළිමය යන නමින් තමයි ඒ පොත්වල සඳහන් වන්නේ. මෙතන අක්කර 35 ක පරති දේශයක පුරා වස්තු තිබෙනවා. ශීරිමය පතුලක් තිබෙනවා. සෙල් ලිපියක් තිබෙනවා. ගල් කණු තිබෙනවා. කැලේ රජ මාලිගා 2 ක් තිබෙනවා. ගල්ලෙන් තුනක් තිබෙනවා. මෙහි කුමාර කන්දේ ස්ථාන 25 ක විතර පුරා විද්යාබත්මක නටබුන් තියෙනවා. ඒත් මේ ස්ථාන සියල්ල හරියට සංරක්ෂණය කරන්න මට තනියෙන් පුළුවන් කමක් නැහැ. කවුරු හරි උදව් කළ යුතුයි. දැන් දඹුල්ලේ ඉඳලා අලුත් බකමූණ පාරෙන් මෙතෙන්ට එන්න මිනිත්තු 30 කට වඩා යන්නේ නැහැ. මම මේ රටේ සැදැහැවත් බෞද්ධ ජනතාවට ආරාධනා කරනවා මේ ස්ථානයට ඇවිත් වටිනාකම තේරුම් ගන්නය කියලා.”" උන්වහන්සේ පවසති.

18 රියන් මේ බුදුරුව යාය බුදු පිළිමය දුටු විට අපේ නෙතඟට ඉබේම කඳුළු බිඳු එයි. ඒ එම බුදු පිළිමයට විශේෂයෙන් එහි මුහුණට, ශීර්ෂයට හා අතට යම් පුද්ගලයන් පිරිසක් කර ඇති හානිය දුටු විටය. ඒ සමඟම බුදු පිළිමයේ සිරිපතුල අසලද නිදන් හාරා තිබිණි. දුර්වර්ණ වුවත් විවිධ හානි කළත් මේ බුදු පිළිමය ඇතුළත සර්වඥ ධාතු නිදන් කර ඇති බව ජනපරසලදවාදයේ පවතීයැයි සද්ධානන්ද හිමියෝ අප සමඟ කීහ. බුදුරුවයාය ගම්වැසියෝ මේ සුවිශේෂ බුදු පිළිමයට නිතර පුද පූජා පවත්වති. සද්ධානන්ද හිමියෝ තමන්ට දායකයන් ගෙන් ලැබෙන ආධාර මගින් දිනපතාම පස්වරුවේ මේ බුදුපිළිමය අසල එක පොල්තෙල් පහනක් හෝ දල්වනු ලැබේ.

මෙම විහාර සංකීරණයේ වූ පුරාණ චෛත්යුය පස් ගොඩක් බවට පත්ව තිබුනු අතර 'ධර්ම සරණ පදනමේ' මැදිහත් වීම මත එය නැවත පිළිසකර කර තිබේ.

අඹන් ගඟ ආශ්රිවතව පිහිටා ඇති සුවිශේෂීම සිද්ධස්ථානයක් ලෙස බුදුරුවයාය හඳුන්වා දිය හැක. බුදුරුවයාය එක් අන්තයකින් වස්ගමුව ජාතික වනෝද්යාවනයට මායිම්ව ඇති අතර අඹන් ගං කොමලියගේ අතු ගංගාවක් වූ හීරටිය ඔය කඩිමුඩියේ ගලාබසින සුන්දර නාදය දෙසවන් පිනවයි. වස්ගමුව වනාන්තරය බුදුරුවයායෙන් වෙන් කරමින් තනා ඇති අලි වැට හේතුවෙන් හීරටිය ඔය නැරඹීමේ වාසනාව නම් අපට හිමි නොවේ. අඹන් ගඟේ හඬත්, අලි, කොටි, වලස්සු ගහන වස්ගමුවේ අසිරියත් බුදුරුවයායේ සුන්දරත්වය වඩ වඩාත් ඔප් නංවයි. දඹුල්ල, රිවස්ටන් ප්රතදේශ නැරඹීමට එන සංචාරකයන්ටත්, පොළොන්නරුවට විකල්ප මාර්ගයකින් ලඟා වීමට කැමැති සංචාරකයන්ටත් මෙය ආකර්ෂණීය මග නැවතුමක් වනු නිසැකය.



ලොව ගැරහුම් සැඩ පහරක්‌ වූවද අසම්මතේ පෙම මල් පුබුදයි..


'ලොව ගැරහුම් සැඩ පහරක්‌ වූවද
අසම්මතේ පෙම මල් පුබුදයි...'

ලෙන්ගතු පෙම මැසිවිලි නැඟුවා ඇති
අපමණ සිතුවිලි දයාබරයි
ඉටු නොවනා බව දැන සිටිනාමුත්
ඔබම පතා සිත පෙරුම් පුරයි

ඇස හැර බැලුවද නිදි ලොව සැරුවද
මා නෙත විමසන එකම රුවයි//
ළය මත පිබිදුණු උණුසුම රඳවන
සිහිලස පිරි ඔබ නවාතැනයි

ලොව ගැරහුම් සැඩ පහරක්‌ වූවද
අසම්මතේ පෙම මල් පුබුදයි...//
වෙන්වීමක්‌ ගැන සිත අහලක නැති
මගෙ සිත ඔබ හා ගමන් කරයි

ගායනය :- රොහාන් ශාන්ත බුලේගොඩ
පද රචනය: - විපුල් ධර්මප්‍රිය ජයසේකර
තනුව :- ලක්‍ෂ්මන් හිල්මි

ආදරයක්‌... කොටු කරලා.... හිර කරලා තියන්න පුළුවන්ද... බැහැ... ඒක නිශ්ඵල ක්‍රියාවක්‌... ආදරය එහෙම දොරගුළු ලා සිර කරන්න බෑ. ඒත්...කෙනෙකුට තවකෙකු කෙරෙහි ආදරයක්‌ ඇතිවෙද්දි.... ඔවුන් දෙදෙනා එකිනෙකාට ආදරය කරද්දි ඊට හරස්‌ වන ලොකුම බාධාව තමයි අසම්මතය... අසම්මත ආදරය වරදක්‌.... ඒත්....,

ලෙන්ගතු පෙම මැසිවිලි නැගුවා ඇති
අපමණ සිතුවිලි දයාබරයි
ඉටු නොවනා බව දැන සිටිනා මුත්
ඔබම පතා සිත පෙරුම් පුරයි
ආදරයක්‌ ඉපදිලා... සමීප ආදරයක්‌...

ඒත් හිත දොස්‌ කියනවා... එපා දොස්‌ කිව්වා ඇති... මගේ හිතේ අප්‍රමාණ වූ ආදර හැඟුම් මෝදු වෙනවා. ඒවා දයාබරයි.... මම දන්නවා මගේ මේ ආදර සිතුවිලි... ඉටු නොවන බව ඒත්... මගේ හිත ඉල්ලන්නේ ඔයාවමයි. මම පාරමී පුරවාගෙන සංසාරෙන් සංසාරෙට පැතුවේ ඔයාවමයි.

විපුල් ධර්මප්‍රිය ජයසේකර, රොහාන් ශාන්ත බුලේගොඩ ලියූ ගීයක්‌. සංගීතය සහ තනුව ලක්‍ෂ්මන් හිල්මිගේ. විපුල් සේවය කරන්නේ ගුවන් විදුලියේ. දැන් අපි විපුල් කියන දේ අහමු.

අපේ ගුවන් විදුලියේ සේවය කළා ජනප්‍රියම සංගීතඥයෙක්‌. ඔහු එහිම තරුණියකට ආදරය කරන්න පටන් ගත්තා. මේක අසම්මත ප්‍රේමයක්‌. දෙන්නම කසාද බැඳපු අය. දෙන්නට දෙන්නා ආදරය කරන්න පටන් ගත්තා. මේ මගේ හිතවතාට ඔහුගේ හිතේ තියෙන දේ කියාගන්න වුවමනා වුණා. ඉතින් ගීයක්‌ ලියාදෙන්න කියලා ඔහු කළ ඉල්ලීම අනුවයි මේ ගීය ලියෑවුණේ.

ඇස හැර බැලුවද නිදි ලොව සැරුවද
මා නෙත විමසන එකම රුවයි
ළය මත පිබිදුණු උණුසුම රඳවන
සිහිලස පිරි ඔබ නවාතැනයි

නින්දේ වගේම නොනින්දෙත් දෙනෙත් විවරය සිටිත්දී මෙන්ම දෙනෙත් පියාගත් කලත් මගේ නෙත සිත ඉල්ලන්නේ ඔයාගේ රූපයමයි. ඔය අහිංසක මුහුණ නිතරම මට මැවී පෙනෙනවා. මඟ තොට දකින සෑම රූපයකින්ම මට පෙනෙන්නේ ඔයාවමයි. මගේ ළය මතින් නැඟ එන ගින්දර... නිවාලන සිහිල් දිය බිඳු ඔයා මිස වෙන කවුද? ඔයාගේ ඔය සිසිලස පිරි හදවත... තමයි මගේ නවාතැන.

මම ගීය ලියුවා. ලක්‍ෂ්මන් හිල්මි තනුව නිර්මාණය කළා. රොහාන් ශාන්ත ගීය ගැයුවා. ගීය ජනප්‍රිය වුණා.. මගේ මිත්‍ර සංගීතඥයා සහ අසම්මත ප්‍රේමය තවමත් එහෙමමයි. දෙදෙනා දෙපසකට වෙලා තවමත් හිතෙන් ආදරය කරනවා.

ලොව ගැරහුම් සැඩ පහරක්‌ වූවද
අසම්මතේ පෙම මල් පුබුදයි
වෙන්වීමක්‌ ගැන සිත අහලක නැති
මගෙ සිත ඔබ හා ගමන් කරයි

සමාජය කොතරම් අකුල් හෙළුවත් බාධා කළත් අසම්මත පෙම වළක්‌වන්න බෑ.. ලෝකයාගෙන් ගැරහුම් අවලාද එන්න පුළුවන්. ඒවා සැඩ පහරක්‌ නම්... අසම්මත පෙම හරියට ඒ සැඩ පහර මැද පූදින මලක්‌ වගේ. වෙන් වෙන්න අප හිතලවත් නෑ. වෙන් වීමක්‌ ගැන නොවේ, නිතර හිතන්නෙ එක්‌වීම ගැන. කවුරු කොතරම් චෝදනා කළත් මගේ හිතේ ඔයා හැර වෙන කිසිවෙක්‌ නෑ.

-අජිත් අලහකෝන්

(උපුටා ගැනීම දිවයින පුවත්පතින්)

මහානුභාව සම්පන්න රත්නමාලි ගථා රත්නය



සං සං සාර සාරෝඝ විනීත ණී සං
සං සං ණීත සාතං සුචිසාර ධි සං
සං ධීරකං සෝණ්ණ තනු පලා සං
සං ලාප දෙසිං පණමෙහි සා සං

සං සාභිගං කේවළ මොහ නා සං
සං නාහකං මාර රණෙ විසෙ සං
සං සේවිතං දාසි මුදරා හා සං
සං හාර ධම්මං පණමෙ සදා සං

සං දාසගං නාසිත පාප නා සං
සං නාප දංසිං හත ඝොර පා සං
සං පාරගාමිං සුචිසාර වා සං
සං වාර සංඝං පණමෙ රසා සං

සිංහල තේරුම...

සසර සැඩ පහර නවතා නිවන් වැද
පැතිර නැණති දිරිමත් රන් පතක් ලෙද
නිතර දිළෙන තුම් සදහම් දෙසන ලද
වැතිර වඳිමි මගෙ සම්බුදු මහිමි සඳ

සැක තැන් දුරු කරන එලෙසින් මෝ නසන
යුදැදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින
ඇසුරින් සතුට දෙන කෙලෙසුන් අති නසන
නමදිමි බැතින් සිරි සදහම් මිණි පහන

සඟ සැප දෙන නැසිය යුතු පව් හැම නසන
බව බැමි සුණු විසුණු කර නිති ගුණ පුරන
ලත් සැප දමා පර තෙර වෙත නෙත යොමන
වඳිනෙමි නිති පතා පින්සරු මහ සඟන

ඔබට තෙරුවන් සරණයි....!!!!!!!

පුරාවස්තු කොල්ලයේ අතීතකතාව



වර්තමාන ලංකාව තුළ පුරාවස්‌තු විනාශ කොට නිධන් හෑරීමත්, පුරාවස්‌තු සොරකම් කිරීමත් සීග්රත ලෙස පැතිරයමින් පවතී. ජාතියක හදමස ඇස්‌ පනාපිට උදුරාලන්නා සේ සිදුකෙරෙනා මේ ව්යසසනය රටෙහි සංස්‌කෘතික වටිනාකම් හා නෛතික ආධිපත්යකයේ බිඳ වැටීමක්‌ සිදු වූ සෑම කලෙකම තීරණාත්මකව මතුව පැමිණියේය. ඒ පිළිබඳව වන ඓතිහාසික සාක්‌කි තිබේ.

පුරාවස්‌තු සංහාරයේ ඉතිහාසය


මුලින්ම අප රට ආක්ර මණය කළේ චෝල රජවරුන්ය. ශ්රීක ලංකා ඉතිහාසයට අනුව චෝල ආක්රයමණ කිහිපයක්‌ම සිදු වී ඇති නමුදු, අපගේ එවකට පැවැති රාජධානිත්, ශිෂ්ටාචාරයත් දැඩි ලෙස විනාශයට පත්කොට කොල්ල කෑ ප්රඉධාන චෝල ආක්රරමණ දෙකකි. ඉන් පළමුවැන්න රාජ රාජ චෝලගේ ආක්රාමණයයි. ක්රි .ව. 985 සිට ක්රි .ව. 1014 දක්‌වා තිබුණු රාජරාජ චෝලගේ පාලන සමය තුළදී ඔහු එවකට අනුරාධපුරය රාජධානිය කොටගත් පස්‌ වෙනි මිහිඳු රජ රුහුණට පලවා හැර, අනුරාධපුරය සහමුලින්ම විනාශ කොට වස්‌තුව කොල්ල කා එය තම පාලනයට නතු කර ගත්තේය. ඔහුගෙන් පසු රාෙ-න්ද්රහ චෝල මිහිඳු රජ සිරභාරයට ගෙන රජරට පාලන බලය තහවුරු කර ගත්තේය. රාෙ-න්ද්ර චෝලගේ පාලන සමය ක්රිහ.ව. 1014 සිට ක්රින.ව. 1044 දක්‌වා පැවැති අතර, එය දෙවැනි චෝල ආක්ර මණය වුණි. මෙලෙස චෝල පාලනය ක්රික.ව. 1070 වන තෙක්‌ පැවතුණු අතර, 1 වැනි විජයබාහු චෝලයන් පරාජය කොට පලවා හැර රට එක්‌සේසත් කළේය.

ඉන් පසුව කාලිංගයෙහි මාඝ යන ආක්ර්මණිකයා අති මහත් විනාශයක්‌ කොට වස්‌තුව ද කොල්ල කා රජරට අල්ලා ගත් අතර, ඔහුගේ පාලනය ක්රිර.ව. 1215 සිට ක්රිම.ව. 1236 දක්‌වා පැවතිණි.
ඉන් පසුව අප රටේ බෞද්ධ ශිෂ්ටාචාරය දැඩි ලෙස විනාශ කරමින් වස්‌තු කොල්ලය සිදු කළේ, ක්රික.ව. 1505 දී අහම්බෙන් මෙන් මෙරටට සේන්දු වූ පෘතුගීසීන් විසිනි. ක්රි .ව. 1575 දී පෘතුගීසි කපිතාන් දියෝ ගෝ ද මේලෝ කැලණි විහාරයට පහර දී එය දරුණු ලෙස විනාශ කළේය. කැලණි ස්‌තූපය විනාශ කොට එය පිහිටි ස්‌ථානයෙහි පසු කාලීනව ශාන්ත ආනා (Saint Anne) පල්ලිය ගොඩ නැංවූයේය. කැලණි ස්‌තූපයෙහි තිබුණු වටිනා පුරා වස්‌තු පෘතුගීසිහු කොල්ල කෑහ. කැලණි විහාරයෙහි තිබුණු පෞරාණික බුදු පිළිම, පුරා වස්‌තු සහමුලින්ම විනාශ කොට ගිනිබත් කළහ. පෘතුගීසින්ට විරුද්ධ වූ ගම්වැසියන්ව කැලණි විහාර පුද බිමේදීම වද හිංසනයට ලක්‌ කොට ඝාතනය කළහ.

ඒ වනවිට ශ්රීම ලංකාවෙහි අගනුවර කෝට්‌ටේ වූ අතර දන්ත ධාතුන් වහන්සේ වඩා හිඳුවා තිබුණේ කෝට්‌ටේ නගරයෙහි තෙමහල් පන්සලකයි. පෘතුගීසිහු මුළු කෝට්‌ටේ නගරයත්, එම තෙමහල් පන්සලත් ගිනි තබා විනාශ කරමින් වස්‌තුව කොල්ල කෑහ. පෘතුගීසින්ගේ විනාශකාරී පිළිවෙත ගැන අවබෝධයෙන් සිටි භික්ෂුරන් වහන්සේ ඊට පෙරාතුව දන්ත ධාතුන් වහන්සේ සියනෑ කෝරලයේ ආරක්ෂිවත ස්‌ථානයකට වැඩම කරවූහ. පැපිලියානෙහි පිරිවෙන, තොටගමුවෙහි පිරිවෙන, රයිගම් කෝරලයෙහි වීදාගම පිරිවෙන, කෝට්‌ටේ සුනේත්රාවදේවි පිරිවෙන ආදී පිරිවෙන් ගිනිතබා විනාශ කළහ. කළුතර, වැලිගම, මාතර, දෙවුන්දර සහ රත්නපුර ආදී නගර වල පිහිටි පන්සල්, දාගැබ්, බුදු පිළිම, පිරිවෙන් ආදී සියල්ල විනාශ කොට ගිනි තැබූ අතර ඒවා කොල්ල කෑහ. රත්නපුර සමන් දේවාලයට දැඩි ලෙස හානි කොට කොල්ල කෑහ. දෙවුන්දර විෂ්ණු දේවාලය විනාශ කොට එහි තිබුණු වටිනා වස්‌තූන් සියල්ල කොල්ල කෑහ. ගවයින් මරා දමමින් දේවාල පුදබිම හිතාමතාම අපවිත්රර කළහ. පෘතුගීසින් එසේ කළේ දෙවුන්දර විෂ්ණු දේවාලයෙහි හාස්‌කම් පිළිබඳව සිංහලයන් තුළ පැවැති දැඩි විශ්වාසය සමච්චලයට ලක්‌කිරීම සඳහාය. එහෙත් ඉහත කී ප්ර්දේශ වලින් කොල්ල කා ගත් අප රටට අයත් වස්‌තු සම්භාරය රැගත් පෘතුගීසි නැව් තුනක්‌, දෙවුන්දර වරායෙන් පිට වූ නමුදු ඒවායින් එකකටවත් පෘතුගාලය වෙත හෝ ස්‌පාඤ්ඤය වෙත ළඟා වීමට නොහැකිව විනාශ වූ බව පෘතුගීසි ලේඛන වල සඳහන් වෙයි.

අපට අයත් තොටගමුවේ ශ්රීත රාහුල හිමියන්ගේ දේහය ගෝවට ගෙන ගොස්‌, එය පෘතුගීසීන්ගේ කතෝලික පූජක වරයෙකුගේ දේහයක්‌ බවට හුවා දක්‌වමින් වර්තමානයේ පවා ප්රලදර්ශනය කරති. එදා පෘතුගීසි පාලන සමයේදී ඔවුනට නතු වූ ප්රජදේශ වල කිසිම බෞද්ධ සිද්ධස්‌ථානයක්‌ ඉදි කිරීම හෝ බෞද්ධ ආගමික වතාවත් පවත්වාගෙන යැම සපුරා තහනම් විණි.
ක්රිධ.ව. 275 දී මහසෙන් රජු විසින් අද ත්රිගකුණාමලය නමින් හැඳින්වෙන ප්රරදේශයෙහි ගෝකණ්‌ණ විහාරය කරවූ බවත්, අග්බෝ රජු ක්රිූ.ව. 718 දී එකී විහාරයට ධර්ම ශාලාවක්‌ ඉදිකොට පූජා කළ බවත් ඉතිහාසය සාක්ෂින දරයි. පෘතුගීසීහු මෙම විහාරය කොල්ල කා බිමට සමතලා කොට එය මත ෆෙඩ්රික්‌ බලකොටුව ඉදි කළහ. මෙය වර්තමානයේදී ද ත්රි්කුණාමලයේ දිස්‌ වෙයි.
පෘතුගීසින්ගෙන් පසු ඔවුනට අයත්ව තිබුණු ප්රදදේශ වල පාලන බලය ලන්දේසීන්ට නතු විණි. ලන්දේසීහු පෘතුගීසින් තරම් අපගේ වෙහෙර, විහාර, පුරාවස්‌තු ආදියට හානි නොකළහ. ඩෙල්ෆට්‌ දූපතෙහි ඇති බෞද්ධ ස්‌තූපයන්ට ලන්දේසින්ගේ යම් හානියක්‌ සිදු වී ඇති බව ඉතිහාසයෙහි සඳහන් වෙයි. මෙම ස්‌තූපයන්ට විශාල වශයෙන් හානි කොට කඩා බිඳ දැමුවේ එල්.ටී.ටී.ඊ. ත්ර ස්‌තවාදී සංවිධානය විසිනි. අදටත් ඩෙල්ෆට්‌ දූපතෙහි ඉතිරිව ඇති එම බෞද්ධ ස්‌තූප වල නටබුන් දැකිය හැක. තවද යාපනය ප්රලදේශයෙහි තිබුණු ඉතාමත් මූර්තිමත් විෂ්ණු දෙවියන්ගේ සැතපෙන පිළිමයක්‌ නෙදර්ලන්තයට ගෙන යැමේ උත්සාහයක්‌ද ඔවුන් තුළ තිබුණු බව සඳහන් වෙයි. එහෙත් එකල සිටි හින්දු පූජකවරු එකී පිළිමය සඟවා තබා ගෙන ඉමහත් කැපවීමෙන්, එය ලන්දේසින්ගෙන් රැක ගත්හ. මාදගල් සිට පොන්නාලේ මංසන්ධිය දක්‌වා දිවෙන මාර්ගයෙහි, පොන්නාලේ මංසන්ධියට ආසන්නව විශාල මනරම් කෝවිලක, මෙම සැතපෙන විෂ්ණු දේව රූපය වර්තමානයෙහි වඩා හිඳුවා ඇත. මුළු ලොවෙහිම මෙවැනි සැතපෙන විෂ්ණු දේව රූප ඇත්තේ දෙකක්‌ පමණක්‌ බව තතු දන්නා හින්දු පූජකවරු පවසති. එයින් පළමුවැන්න ඉහත කී කෝවිලෙහිත්, දෙවැන්න දකුණු ඉන්දියාවෙහි පිහිටි කෝවිලකත් වඩා හිඳුවා ඇති බව ඔවුහු පවසති. කෙසේ වුවද ක්රිත.ව. 1658 සිට 1796 දක්‌වා පැවැති ලන්දේසි පාලන සමය තුළදී අපගේ වෙහෙර විහාර, දේවාල, පුරා වස්‌තු ආදියට සිදු වූ හානිය සාපේක්ෂු වශයෙන් සුළු බව කිව යුතුමය.

ලන්දේසින්ගෙන් පසුව වර්ෂ 1796 දී බ්රිශතාන්යවයෝ ශ්රී. ලංකාවට පැමිණියහ. එම වර්ෂයේදීම කොළඹ අත්පත් කරගත් බ්රිීතාන්ය යෝ, වර්ෂ 1815 පෙබරවාරි 14 වැනි දින මහනුවර ගිවිසුමට අත්සන් තබා අපගේ අවසාන රාජධානිය වූ මහනුවර රාජධානිය යුද්ධයකින් තොරවම තම පාලනයට නතු කරගෙන මුළු ශ්රීස ලංකාවම යටත් කර ගත්හ. බ්රි තාන්ය ආණ්‌ඩුකාර රොබට්‌ බ්රතවුන්රිග් සහ උඩරට රදළවරු හත් දෙනකු අතර අත්සන් තැබුණු මෙම මහනුවර ගිවිසුමෙහි වගන්ති ප්රමකාරව බ්රිහතාන්ය යෝ ශ්රීන ලංකාවෙහි බුද්ධාගම ආරක්ෂාො කිරීමට පොරොන්දු වී සිටියහ. එහෙත් එම පොරොන්දුව නොබෝ දිනකින්ම අමතක කළ බ්රි්තාන්යකයෝ අපගේ බෞද්ධ සිද්ධස්‌ථාන සංරක්ෂාණය කරන මුවාවෙන් ඒවා තමන්ට නතු කර ගනිමින් මනා සැලසුම් සහගතව නීතිමය රාමුව තුළ සිටිමින් අපගේ පුරාවස්‌තු, සොරකම් කොට ඒවා බ්රි තාන්ය යට යෑවූහ. අපගේ සමහර වෙහෙර විහාරද ඒවාට අයත් භූමි ප්රපමාණය පිළිබඳව සිංහල රජුන් විසින් ප්ර දානය කරන ලද සෙල්මුවා සන්නස්‌ද සූක්ෂ ම ලෙස විනාශ කෙරිණි.

වර්ෂ 1820 දී බ්රිපතාන්යන යුද හමුදාවේ ලුතිනන් ෆෙගන් (Fagan) විසින් වල් බිහි වී තිබුණු පොළොන්නරු රාජධානිය සොයා ගන්නා ලදී. ඉන් පසුව බ්රි තාන්ය ආණ්‌ඩුකාරවරු පොළොන්නරු රාජධානියෙහි කැලෑව එළිකරන ලෙස පළාත භාර දිසාවේ වරුන්ට කිහිප විට අණ කළ නමුදු එය ඉටු නොවිණි. බ්රි තාන්ය යන්ගේ උත්සාහය පොළොන්නරුවෙහි ඇති පුරා වස්‌තු ලබා ගැනීම උදෙසා බව අවබෝධ කරගත් දිසාවේවරු අණ නොපිළිපැද්දාහ. අවසානයේදී වර්ෂ 1870 දී බ්රිාතාන්යු ආණ්‌ඩුකාර ආතර් ගෝඩ්න් උදහසට පත්ව දැඩි ලෙස අණ කිරීමෙන් පසු, තමන්කඩුව දිසාවේට නොකැමැත්තෙන් වුවද පොළොන්නරුව රාජධානිය අවට කැලෑව එළි පෙහෙළි කරවීමට සිදු විය. ඉන් පසුව පොළොන්නරුවෙහි පුරා විද්යාල කැණීම් කටයුතු එවකට පුරා විද්යාො කොමසාරිස්‌ වූ එස්‌. එම්. බරෝස්‌ (S. M. Burous) ගේ අධීක්ෂුණය යටතේ පටන් ගැනිණි. මොහු පුරා විද්යාිඥයෙක්‌ නොවුණු අතර බ්රිෝතාන්යඑ පරිපාලන නිලධාරියෙකි. මහනුවර ගිවිසුමට අනුව පොරොන්දු වූ පරිදි බෞද්ධ සිද්ධස්‌ථාන සුරැකීම සඳහා පොළොන්නරු කැනීම් කටයුතු කරන බව පෙන්වීමට බ්රිරතාන්යටයෝ උත්සාහ කළ අතර, ඒ හා සමගාමීව හමු වූ වටිනා පුරාවස්‌තු සහ නිධන් වස්‌තු බ්රිනතාන්යටය කරා යෑවීමද සිදු විණි.

වල් බිහි වී තිබුණු අනුරාධපුර රාජධානිය සොයා ගන්නා ලද්දේ වර්ෂ 1820 දී රැල්ෆ බැක්‌ස්‌ (Ralph Backhaus) නම් වූ බ්රිටතාන්යක පරිපාලන නිලධාරියෙකු විසිනි. එසේම ශ්රීා ලංකාවෙහි පුරා වස්‌තු සුරැකීම සඳහා අවංකවම උත්සාහ කළ බ්රිනතාන්යa පුරාවිද්යා‍ කොමසාරිස්‌වරයෙකි, එච්. සී. පී. බෙල් මහතා. අනුරාධපුරයෙහි පුරාවිද්යාී කැණීම් කටයුතු පටන් ගැනීම සඳහා, බෙල් මහතාට නිල වශයෙන් බ්රිlතාන්ය ආණ්‌ඩුවෙන් අවසරය ලැබුණේ වර්ෂ 1890 දීය. එහෙත් බ්රියතාන්යකයෝ වර්ෂ 1885 වන විට අනුරාධපුර ෙ-තවනාරාමයෙහි අවිධිමත් කැණීම් කටයුතු පටන් ගෙන තිබුණු අතර, එහි ප්ර0තිඵලයක්‌ වශයෙන් හතරැස්‌ කොටුව සහ මුළු මුදුනම කඩාගෙන වැටිණි. එයින් ද පසුබට නොවුණු බ්රිමතාන්යුයෝ වර්ෂ 1887 දී අඩි 162 ක්‌ දිග උමගක්‌ ජේතවනාරමයෙහි ධාතු ගර්භය තුළට කණින ලදහ. ධාතු ගර්භයෙහි වූ අති පූජනීය ධාතු වලට සිදු වූ දෙය කිසිවෙකු නොදන්නා නමුත් උමගෙහි කොටසක්‌ කඩා වැටී බ්රි තාන්යා සොල්දාදුවෝ පිරිසක්‌ එයට යටවූහ. ඉහත කී කරුණු සැලකීමේදී, පුරාවිද්යාෝ කොමසාරිස්‌වරයෙකු වූ බෙල් මහතා අතට අනුරාධපුර රාජධානියෙහි පුරා විද්යා කැණීම් කටයුතු සහ සංරක්ෂවණ කටයුතු භාරදෙන විටත්, සෑහෙන පමණ විනාශයක්‌ අනුරාධපුර රාජධානියෙහි පුරා වස්‌තු වලට බ්රිුතාන්යදයෝ කර තිබුණහ.
වර්ෂ 1898 දී ආගමික වතාවත් සඳහා භාවිත නොකරන වෙහෙර විහාර වල පූර්ණ අයිතිය බ්රිදතාන්යස අධිරාජ්යවය සතුය යන නීතිය ගෙන ආ බ්රිාතාන්යු පාලකයෝ බොහෝ බෞද්ධ වෙහෙර විහාර තමන්ට නතුකර ගත්හ. මුලින්ම අනුරාධපුරයෙහි ථූපාරාමයත්, පසුව ගෝනමැරියාව විහාරයත්, මහා පද්ම විහාරයත්, මැද පන්සලත්, ඔවුහු තමන් වෙත පවරා ගත්හ. අනුරාධපුරයේ බෞද්ධ සිද්ධස්‌ථාන ලෙස බ්රිවතාන්යය පාලකයන් විසින් පිළිගන්නා ලද්දේ, ශ්රීහ මහා බෝධි උඩ මළුවත්, රුවන්වැලිසෑයත් පමණි. වල් බිහිවී අභාවයට ගොස්‌ තිබුණු වාරිමාර්ග පද්ධතිය නිසා නිසි ජල සැපයුමක්‌ නොමැතිකමින් වී ගොවිතැන කිරීමට නොහැකිව, නිසි වෙළෙ¹මක්‌ කිරීමට නොහැකිව, අධික බදුබරින් පීඩිතව, දරිද්රිතාවයෙන් බැටකමින් සිටි සිංහල බෞද්ධයන්ට එම වෙහෙර විහාර නඩත්තු කිරීමේ හැකියාවක්‌ නොතිබිණි. එම තත්ත්වයෙන් ප්ර්යෝජන ගනිමින් කල්යල් බලා ඉහත කී නීතිය ගෙන ආ බ්රිනතාන්යියෝ බෞද්ධ වෙහෙර විහාර බොහොමයක්‌ තමන්ට නතු කර ගනිමින් ඒවායේ තිබුණු පුරා වස්‌තු සහ නිධන් වස්‌තු බ්රිඉතාන්ය යට යෑවූහ. මැදපන්සල සහ ගෝනමැරියාව විහාරය, ඔවුහු සහමුලින්ම වනසන ලදහ. බෞද්ධයන්ගේ දැඩි විරෝධය නිසා මහ පද්ම විහාරය සහ ථූපාරාමය වැනසීම මඳක්‌ සෙමින් සිදු විණි. මෙම වෙහෙර විහාර වල ගඩොල්, ගල් කණු ආදිය පාරවල් සෑදීම සඳහා බ්රිනතාන්ය යෝ භාවිත කළහ. එච්. සී. පී. බෙල් නම් පුරාවිද්යා කොමසාරිස්‌වරයා මෙම අවස්‌ථාවේදී නම් ඔහු බ්රි තාන්යර පාලකයන්ව නැවැත්වීමට කිසිදු උත්සාහයක්‌ නොකළ බව කිවයුතුමය.

වර්ෂ 1900 දී එවකට අටමස්‌ථානාධිපතිව වැඩ සිටි ස්‌වාමීන් වහන්සේ විසින් ඉපැරණි ආදාහන මළුව අසල විහාරයක්‌ ඉදි කිරීම සඳහා බ්රිිතාන්යි බලධාරින්ගෙන් අවසර ඉල්ලුවද ඒ සඳහා ඔවුහු අනුමැතිය නුදුන්හ. එහෙත් වර්ෂ 1901 දී ඉපැරණි ආදාහන මළුව විනාශ කොට එහි බ්රිමතාන්යඳ වෛද්යා නිලධාරීන් සඳහා බංගලාවක්‌ ඉදි කරවීමට ඔවුහු තීරණය කළහ. බෞද්ධ සිද්ධස්‌ථාන වලට සිදු කරන හානිය පිළිබඳ වසර කීපයක්‌ම බ්රි තාන්යායන් සමඟ වාද විවාද කරමින් සිටි සිංහල බෞද්ධයෝ, ඉවසා නුහුනු තැන වර්ෂ 1903 දී ජුනි මස 09 වන දින බ්රිබතාන්ය් බලධාරීන්ට එරෙහිව අනුරාධපුරයේදී කැරැලි ගැසූහ. කැරැල්ල මැඩ පැවැත් වුවද එකී බෞද්ධ සිද්ධස්‌ථාන යම් ප්රිමාණයකට හෝ බ්රිුතාන්යබයන්ගෙන් ආරක්ෂාා විණි.

බ්රිලතාන්යටයෝ අපගේ නැගෙනහිර බෞද්ධ උරුමයටද හානි කළහ. සොලී ආක්රනමණ සහ වසංගත රෝග නිසා ක්රරමයෙන් ජනශුන්යා වී ඝන වනාන්තරයට නතු වුණු දීඝවාපි චෛත්යැය නැවත ප්රිතිසංස්‌කරණය කරන ලද්දේ ක්රි්.ව. 1746 දී මෙරට රජකම ලැබූ මහනුවර කීර්ති ශ්රීට රාජසිංහ රජු විසිනි. රජු චෛත්යුය ප්රයතිසංස්‌කරණය කොට අතිවිශාල භූමි ප්රළමාණයක්‌ද සමඟ එහි අයිතිය ගල් සන්නසකින් බිබිලේ පොතුබන්ධන රජමහා විහාරාධිපතිව සිටි බන්ඩිගොඩේ නිග්රෝ්ධ නායක තෙරුන් වහන්සේට පැවරූ බව සඳහන් වේ. කරුණු මෙසේ වුවද බ්රි තාන්යබ පාලන සමයේදී ගෙන එන ලද මුඩු බිම් පතන යටතේ දීඝවාපි චෛත්යයද, දීඝවාපී විහාරස්‌ථානය සතු භූමි ප්රේමාණයද, ගොඩනැඟිලි සියල්ලද, බ්රිීතාන්යුයෝ ඔවුනට නතු කර ගත්හ. 1887 වර්ෂයේදී මඩකලපුව දිසාපතිවරයාව සිටි බ්රි තාන්ය ජාතික ඇලන්සන් බේලිගේ නියෝගයට අනුව, ඇලවේලි අමුණු ආදිය ප්ර තිසංස්‌කරණය කිරීම සඳහාත්, පාරවල් සෑදීම සඳහාත්, දීඝවාපි චෛත්යකයට අයත් ගල්කණු, ගඩොල්, සෙල්ලිපි ආදිය යොදා ගැනිණි. කීර්ති ශ්රීස රාජසිංහ රජු විසින් ප්රයදානය කරන ලද ඉහත කී ගල් සන්නස තිබුණහොත් දීඝවාපී චෛත්යයට අයත් අති විශාල භූමි ප්ර්මාණය නැවත ලබා දීමට සිදුවනු ඇති බව සැක කළ ඇලන්සන් බේලි එම ගල් සන්නස ඇනිකට්‌ එකක්‌ සෑදීම සඳහා යොදවා සඟවා තැබුවේය.

වර්ෂ 1916 දී වල් වැදී තිබුණු දීඝවාපි රජමහා විහාරය නැවත සොයා ගෙන එහි තනිව වැඩවාසය කරමින් බ්රිුතාන්යක ජාතිකයින් මෙම චෛත්යරයට කරගෙන ගිය මහා විනාශය නවතා ලීමට තනිව සටනක්‌ ගෙන ගිය ශ්රේ ෂ්ඨ බුද්ධ පුත්රයයාණන් වහන්සේ නමකි කොහුකුඹුරේ රේවත ස්‌වාමීන් වහන්සේ. බ්රිනතාන්යය මහ රැජිණටත්, බ්රිගතාන්යෙ ආණ්‌ඩුවටත් උන්වහන්සේ විසින් කරුණු දැක්‌වීමෙන් පසු අක්‌කර 585 ක්‌ දීඝවාපී රජ මහා විහාරස්‌ථානයට නැවත වෙන් කෙරිණි. අක්‌කර 585 ප්ර මාණවත් නොවන බවත්, සිංහල රජවරුන් පූජා කොට තිබූ භූමි ප්ර‌මාණය නැවත ලබා දෙන ලෙසත්, ඇනිකට්‌ එක සෑදීමට භාවිත කර තිබුණු කීර්ති ශ්රීැ රාජසිංහ රජතුමා විසින් ප්රරදානය කරන ලද ගල් සන්නස නැවත ලබා දෙන ලෙසත්, උන්වහන්සේ දිගින් දිගටම බ්රිමතාන්යු රජයට කරුණු දැක්‌වූ නමුදු එය ඵල රහිත විණි. වර්ෂ 1950 ඔක්‌තෝබර් 13 වැනි දින මුස්‌ලිම් ජාතිකයෙකු තබන ලද වෙඩි පහරකින් මෙම ශ්රේමෂ්ඨ වීර බුද්ධ පුත්රටයාණන් වහන්සේ අපවත් වූහ. කීර්ති ශ්රීද රාජසිංහ රජු විසින් ප්රටදානය කරන ලද ගල් සන්නස ඇණිකට්‌ එකක සදහටම සැඟවූ, දීඝවාපිය විහාරයට විශාල හානියක්‌ සිදු කළ ඇලන්සන් බේලි දිසාපතිවරයා උණකින් සහ දැඩි හිසේ රුදාවකින් නිතරම වේදනා විඳි බවද සඳහන් වේ.

වර්ෂ 1818 දී බ්රියතාන්යු පාලනයට විරුද්ධව ඇරඹුණු ඌව වෙල්ලස්‌ස කැරැල්ලෙහි නායකත්වය දැරුවේ මොණරවිල කැප්පෙටිපොළ නිළමෙතුමාය. කැරැල්ල මැඬ පැවැත්වීමෙන් පසු කැප්පෙටිපොළ නිළමෙව අල්ලා ගත් බ්රි්තාන්ය යෝ ඔහුගේ හිස ගසා දැමීමට අණ කළහ. ගහලයාගේ කඩු පහරින් හිස සම්පූර්ණයෙන්ම කඳින් වෙන් නොවුණු අතර, හිස වෙන්වීම සඳහා කඩු පහර ගැසිය යුතු නියම තැන කැප්පෙටිපොළ නිළමේ තුමාම විසින් ගහලයාට පෙන්වන ලදී. එම දෙවන කඩු පහරින් හිස සම්පූර්ණයෙන්ම කඳින් වෙන්වූ අතර චාරිත්රාුනුකූලව වෙන්වූ හිස දේහයෙහි පපුව මත තබන ලදී. මරණය සහතික කිරීම සඳහා පැමිණ සිටි වෛද්යඩවරයා වූ හෙන්රි මාර්ෂල්, කැප්පෙටිපොළ නිළමෙතුමාගේ නිර්භීත හැසිරීම් රටාව හො¹කාරව දුටුවේය. ස්‌කොට්‌ලන්ත ජාතිකයෙකු වූ ඔහු, ස්‌කොට්‌ලන්ත වීරයෙකු වූ සර් විලියම් වොලස්‌ (Sir William Wallace) ගේ හිස්‌ කබල සමඟ විද්යා්ත්මක පරීක්ෂකණ මගින් සැසඳීම සඳහා, කැප්පෙටිපොළ නිළමෙ තුමාගේ හිස්‌කබල බ්රිසතාන්යසයට රැගෙන ගියේය. විලියම් වොලස්‌, පළමුවෙනි එඩ්වඩ් නමැති ඉංග්රීකසි රජුගෙන් ස්‌කෝට්‌ලන්ත ජාතිකයන්ට වූ අසාධාරණකම් නිසා, ස්‌කොට්‌ලන්තය වෙනුවෙන් සටන් කළ වීරයෙකි. වර්ෂ 1948 පෙබරවාරි 04 වැනි දින බ්රිීතාන්ය පාලනයෙන් ශ්රීත ලංකාව නිදහස්‌ වූවාට පසු කැප්පෙටිපොළ නිළමෙතුමාගේ හිස්‌ කබල අප රටට නැවත ලබාදුන්නේය. එය දළදා මාලිගාව ඉදිරිපිට මහ මළුවේ තැන්පත් කෙරිණි.

මේ පෙළ ගැසුනේ මේ රටේ සිදු වූ මහා පුරාවස්‌තු සංහාරය පිළිබඳ ඉතිහාසයේ සංක්ෂි ප්ත කතාවකි. විශේෂත්වය වන්නේ මෙවැනි මහා සංහාර රැළි සේ මතුව නැගී ආවේ රටෙහි යහ පාලනය අඩාල වූ අවස්‌ථා වලය. ඒ ඉතිහාසය අපට සාධනය කර දෙන යථාර්ථය ය.


වෛද්යන ලුතිනන් කොමාන්ඩර් පී. කේ. ඉශාන්ත ගුණතිලක

ඓතිහාසික දෙමටමල් විහාරය , බුත්තල…



කොළඹ - මොනරාගල මාර්ගයේ ගමන් ගන්නා විට 232 වැනි කිලෝමීටරයේ දී බුත්තල නගරය හමු වෙයි…බුත්තල සිට ඔක්කම්පිටිය මාර්ගයේ කිලෝමීටර් 6ක් පමණ ගමන් කිරීමේ දී.. ක්රිනස්තු පූර්ව 3 වන සියවසේ පමණ ඉදිවූවා යැයි සැලකෙන..පුරාණයේ අනන්තවත් රහතන් වහන්සේලා බිහි කළ අරහත් මාර්ගඵලලාභී භික්ෂූන් වහන්සේලාගේ පාදස්පර්ශයෙන් සුපිරිසිදු වූ ඓතිහාසික දෙමටමල් විහාරය හමුවෙයි...

කලක් මෙම විහාරස්ථානයේ
මලියදේව මහ රහතන් වහ්නසේ වැඩ වාසය කළ අතර උන්වහන්සේ දේශනා කොට වදාළ ජචක්ක සූත්ර දේශනාව ඇසූ භික්ෂූන් වහන්සේලා 60 නමක් අර්හත් මාර්ගඵල ලාභී වූ බවද කියනු ලැබේ...දෙමටමල් විහාර භූමිය පුරාවටම පැරැණි නටබුන් පවතිනු දැක ගත හැකි ය... ඒ අතර ගල් කණු, ගොඩනැඟිලිවල නටඹුන් ආදිය බොහොමයක් ඇත... මහ රහතන් වහන්සේගේ කාලයේ දී විහාර භූමියේ භික්ෂූන් වහන්සේලා උදෙසා ඉදි කළ කුටි සුවිශාල සංඛ්යා යාවක් තිබූ බව සනාථ කරමින් කුටිවල අත්තිවාරම්, ගල් කණු ආදිය ඉතිරි වී ඇති ආකාරය දිස් වෙයි...
ජනප්රවවාද අනුව මෙම පුන්ය් භූමිය අපූරු ඉතිහාස කතාවකට සම්බන්ධ වේ...එම කතාව සැකවින් මෙසේය…

කාවන්තිස්ස පිය මහ රජතුමා ගේ අභාවයෙන් පසු එතුමා ගේ පුතුන් දෙදෙනා වන දුටුගැමුණු සහ සද්ධාතිස්ස යන කුමාරවරුන් අතර දෙවරක්ම බිහිසුණු සටන් පැවති බැව් අපගේ ඉතිහාසයේ සඳහන් වේ...මේ සටන් සඳහා නිමිත්ත වූයේ වැඩිමහල් පුතුන් වන දුටුගැමුණු කුමාරයා සිටියදී, බාල පුතා වන සද්ධාතිස්ස කුමාරයා රාජ්යය පැහැර ගැනීමට උත්සාහ කිරීමයි...ඒ අරභයා දුටුගැමුණු කුමාරයාට විරුද්ධව සද්ධාතිස්ස කුමාරයා ප්රයථම සටන බුත්තලට ආසන්න යුදඟනා පිටියේ දී ආරම්භ කළේ ය... එම බිහිසුණු සටනින් දුටුගැමුණු කුමාරයාට අත්වූයේ අන්ත පරාජයකි...
පරාජයෙන් පලා යන දුටුගැමුණු කුමාරයා හැට දහසක සේනාවක් සූදානම් කරගෙන සද්ධාතිස්ස කුමාරයා සමඟ යුද වැදීමට මාගමට පැමිණියේ ය...

යුද්ධය නොකොට සමාදාන වෙමුයි දුටුගැමුණු කුමාරයා සද්ධාතිස්ස කුමාරයාට පණිවුඩ යැව්වේ ය...එහෙත් සද්ධාතිස්ස කුමාරයා ඊට එකඟ නොවුණි...මේ හේතුවෙන් යුද්ධය අති බිහිසුනු තත්ත්වයකට පත් වූ අතර සද්ධාතිස්ස කුමාරයට අන්ත පරාජයක් අත් විය... සිය ජීවිතය බේරාගනු වස් පලාගිය සද්ධාතිස්ස කුමාරයා ආසන්නයේ වූ විහාරස්ථානයක් වෙත දුවගොස් එහි ස්වාමීන් වහන්සේ සැතපෙන ඇඳ යට සැඟවුණේ ය...දුටුගැමුණු කුමාරයා ද ඔහු පසුපස ලුහුබැඳ විත් එම විහාරස්ථානයට ම පැමිණියේ ය...

මෙවේලෙහි ස්වාමීන් වහන්සේ තිස්ස කුමාරයා කුරු ඇඳක සතප්පවා සිවුරකින් වසා කුඩා සාමණේරයන් වහන්සේලා සතර දෙනෙකු ලවා මියගිය සඟරුවනක් ගෙන යන පරිද්දෙන් ඇඳ විහාරස්ථානයෙන් පිටතට ඔසොවාගෙන යන්නට සැළැස්වූහ...ඒ දුටු දුටුගැමුණු කුමාරයා ඒ ගෙන යන්නේ සද්ධාතිස්ස කුමාරයාම බව නිසැකවම දැන ගත්තේ ය...

පසුව යෝධගත්ත තිස්ස නම් තෙරුන් වහන්සේ පන්සියයක් පමණ මහා සංඝයා වහන්සේලා ද පිරිවරාගෙන තිස්ස කුමාරයා ද කැටුව මාගමට ගොස් දෙසොහොයුරන් සමඟි සම්පන්න කරවූයේ ය... මේ විස්තරයේ සඳහන් පරිදි යුද්ධයෙන් පැරදී පලා ආ තිස්ස කුමාරයා සැඟ වී දිවි බේරාගත් විහාරස්ථානය දෙමටමල් විහාරය නමින් ප්රදකට විය... “දෙටු,මල්” යන අතරුතින් දෙමටමල් යන නම තැනෙන්නට ඇත... — at දෙමටමල් විහාරය.බුත්තල.

බුදුරුවගල..



දැනට ලංකාවේ ඇති පිහිටි ගලක නෙළන ලද උසම ප්‍රතිමාව ලෙස සැලකෙන්නේ බුදුරුවගල ශෛලමය බුද්ධ ප්‍රතිමාවය. හිටි ඉරියව්වෙන නිරූපිත මෙහි උස මීටර 13 ක් (අඩි 46 ක් පමණ) පමණ වෙයි. ප්‍රතිමාව සමඟ දෙපස තවත් ප්‍රතිමා හයක් මෙම ගල් බිත්තියේ පෙළට නෙළා තිබෙයි. ගල් බිත්තිය අඩි 70 ක් පමණ දිගය.

වැල්ලවාය තිස්සමහාරාම පාරේ 48 වන සැතැපුම් කණුව අසලින් වමට හැරී අතුරු පාරක තවත් කි.මි. 4 ක් පමණ ගිය තැනදී වන ගහණයක් තුළ මෙම ගල් තලාව දැක ගැනීමට ලැබේ. මෑත කාලයක් වනතුරුම මෙම ප්‍රදේශයේ අලි ඇතුන්ගෙන් ගහණ හුදකලා ප්‍රදේශයක් වශයෙන් පැවැතුණි.

බුද්ධ ප්‍රතිමාවක් ප්‍රධාන කොට තවත් බෝසත් ප්‍රතිමා නිසා ප්‍රචලිත වූ ස්ථාන ඓතිහාසික මෙන්ම කලාත්මක අතින් ද වැදගත් විශේෂිත පුරාවිද්‍යා බිමකි. ගල් බිතුවක් මත දැවැන්තව නෙළා ඇති බුදුරුව නිසා මෙතන නාමය බුදුරුවගල වශයෙන් ප්‍රසිද්ධියට පත් වූවා විය හැක. එහෙත් පුරාණ ස්ථාන නාමය, කවුරුන් විසින් කවර දා කරන ලද්දැක්දැයි යන බවත් අද වන තුරු නිශ්චිතව තහවුරු කර ගෙන නොමැත.

කලා නිර්මාණයන්ගේ ස්වභාවය අනුව මෙය ක්‍රි.ව. 8 – 9 සියවස් වලට අයත් මහායානිකයන් විසින් කළ නිමැවුමක් බව පුරාවිද්‍යාඥයන්ගේ අදහස වෙයි.

ගල් පව්වේ බිත්තිය මධ්‍යයේ දැවැන්ත ප්‍රතිමා නෙලා ඇත්තේ අර්ධ උන්නතව ය. බුදුරුව දෙපස පරිවාර ප්‍රතිමා තුන බැගින් දර්ශනය වෙයි.

බුද්ධ ප්‍රතිමාවේ විශාලත්වය සහ දෙපස සෙසු ප්‍රතිමාවන්ගේ ස්වරූපය නිසා මෙය දීපංකර බුදුරදුන්ගේ පිළිබිඹුවක් බව අනුමාන කෙරේ. පිළිමයේ විශාලත්වය අනුව බුදුන් වහන්සේගේ ලෝකෝත්තර ස්වරූපය ඉස්මතු වන බව මහායානිකයන් කල්පනා කළ බව පෙනෙයි.

මේ පිළිබඳව ‘ඓතිහාසික බුදුරුවගල’ නම් ග්‍රන්ථයේ ආචාර්ය මාලිංග අමරසිංහ මෙසේ සඳහන් කර තිබෙයි. ‘ක්‍රි.ව. 6 වන සියවසට අයත් මහායාන වාස්තු විද්‍යා ශාස්ත්‍ර ග්‍රන්ථයක් වන ‘මංජු ශශ්‍රී භාෂිත චිත්‍ර කර්ම ශාස්ත්‍ර’ නම් කෘතියේ මහායාන බෝධිසත්වවරු අට දෙනෙක් පිළිබඳව සඳහන් වෙති. මේ නිසා එකල සමාජයේ මේ බෝධිසත්වවරුන් පිළිබඳ දැන සිටින්නට ඇති අතර ඇතැම්විට ඔවුන්ගේ ප්‍රතිමා ද නෙළන්නට ඇතැයි සිතිය හැක. විශේෂයෙන් රුහුණේ මෙවැනි විශාල බෝධිසත්ව ප්‍රතිමා නිර්මාණය කර තිබීම තුළින් පැහැදිලි වන්නේ මේ කාලයේ මහායාන බුදු දහම රෝහණ දේශයේ වඩාත් ප්‍රචලිතව පැවැතුණු බව ය.’

ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවේ දකුණු පස ඇති ප්‍රතිමා ත්‍රිත්වයේ මැද නෙළා ඇත්තේ අවලෝකීතේශ්වර බෝධි සත්ව ප්‍රතිමාවකි. එහි උස මීටර් 7.16 කි. (අඩි 25 කට ආසන්නය) එම ප්‍රතිමාවේ වම් පසින් නෙළා ඇති ත්‍රිභංග ඉරියව්ව පිළිබිඹු කරන තාරා දේවී ප්‍රතිමාවේ උස මීටර් 5.98 ක් පමණ වෙයි. (අඩි 21 ක් පමණ) මහායානිකයන්ට අනුව තාරාදේවිය අවලෝකීතේශ්වර බෝධිසත්වයන්ගේ භාර්යාවය.

මෙම ප්‍රතිමාව හැර අනෙකුත් සෑම ප්‍රතිමාවක්ම සමභංග ඉරියව්වෙන් නෙළා ඇතත් මෙහි ඇති ස්ත්‍රී රූපය ත්‍රිභංග ස්වරූපයෙන් නෙළා ඇත්තේ ස්ත්‍රී ලාලිත්‍ය වඩා හොඳින් නිරූපණය කිරීමට අවශ්‍ය වූ නිසා යැයි සිතිය හැකි ය. අවලෝකිතේශ්වර බෝධි සත්ව රූපයයේ දකුණු අත පැත්තේ දකින්නට ලැබෙන ප්‍රතිමාව සුධන කුමාර ප්‍රතිමාවයි. මහායාන සම්ප්‍රදායට අනුව සුධන කුමාරා ද බෝධිසත්වවරයෙකි. එහි උස මීටර් 6.53 ක් පමණ වෙයි. (අඩි 23 ක් පමණ)

ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවේ වම් පසින් දිස්වෙන රූප ත්‍රිත්වයේ මැද නෙලා ඇති ප්‍රතිමාව මතු බුදු බව ලබන මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාවය. මෙහි උස මීටර් 7.3 කි. (අඩි 25 1/2 ක් පමණ) එම බෝධිසත්ව රූපයේ වම් අත පැත්තේ නෙලා ඇති ප්‍රතිමාව වජ්‍රපානී බෝසත් ප්‍රතිමාවය. මෙහි උස මීටර් 6.4 කි. (අඩි 22.4 ක් පමණ) වජ්‍රපානී බෝසතුන්ගෙන් ධර්මයේ හඬ සහ එහි ආරක්‍ෂාව සංකේතවත් කරනු ලබන බව කියැවෙයි.

මෛත්‍රී බෝසත් රුවෙහි දකුණු අත පැත්තේ නෙලා ඇති රුව මංජු ශ්‍රී බෝධිසත්ව ප්‍රතිමාවයි. මෙමඟින් මහායාන සම්ප්‍රදායට අනුව මහා ප්‍රඥාව සංකේතවත් කරවනු ලබයි. ඔහු මෛත්‍රී බෝධිසත්වයන්ගේ ධර්මාචාර්යවරයා මෙන්ම උපදේශකවරයා ද වන බව මහායානිකයන්ගේ මතය වේ.

මේ අනුව බුදුරුවගල ඇති ප්‍රතිමා හත වම් අත සිට දකුණට පිළිවෙලින් නම් කළහොත් මෙසේ හඳුනාගත හැකිය. සුධනකුමාර, යෝගී අවලෝකීතේශ්වර, තාරා, දීපංකර බුද්ධ, මංජු ශශ්‍රී, මෛත්‍රී හා වජ්‍රපානී වශයෙනි.

මෙම පිළිම නෙළු මහා ශෛලමය බිත්තිය ඉතා දැඩි බවක් ඇති නිසා සෑම පිළිමයක්ම නෙලීමට ශිල්පීන්ට දැඩි වෙහෙසක් ගැනීමට සිදු වී ඇති බවක් පෙනෙයි. ඒ නිසා එම පිළිම සියල්ල නෙලා ඇත්තේ අර්ධ උන්නත ආකාරයට ගලේ ස්වාභාවික හැරීම් ආදිය ප්‍රයෝජනයට ගනිමින් ය.

මෙහි දිස්වන ස්වරූපය අනුව ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව නෙලීමේ දී ද මෙම අපහසුතාවයට ශිල්පියා මුහුණ දී තිබෙන බව එහි ස්වරූපය අනුව සිතා ගත හැක. පිළිමයේ මුව හතරැස් ය. සිවුරේ සියුම් රැළි ආදිය ගලේ ස්වරූපය නිසා නිසි පරිදි මතු කර පෙන්වීමට නොහැකි වී තිබේ. එම අඩුපාඩුව මැකීමට පිළිම මතුපිටින් හුණු ආලේප කර පිළිමය නිසි ආකාරයට සකස් කර ඇති බවක් පෙනේ. අද එම බදාම ස්ථරයන් දකින්නට නැතත් එහි ශේෂ කොටස් තැන තැන දිස් වෙයි.

සුධන කුමාර සහ මෛත්‍රී බෝසත්වරුන්ගේ පිළිමයන්හි විස්තර තරමක් දුරට ඉතිරිව තිබේ. මෙහි වටකුරු මුහුණු ආදියේ විචිත්‍ර බවක් පෙන්නුම් කරයි.

ඒ අපහසුතා කෙසේ වුවද මහා රළු ගල් තලාවක මුහුණත එක දිගට මෙම ප්‍රතිමා පෙළ නෙලා ගලෙන් සියුම්ව මතු කර ගැනීමට නොහැකි අඩුපාඩු මකාගැනීමට හුණු බදාම ස්ථරයන්ගෙන් පුරවා ඒ ඒ පිළිම වලට අදාළ සුදු, රන්වන්, රතු ආදී පැහැයන්ගෙන් අලංකාර කරමින් එදා නිර්මාණ ශිල්පියා දැවැන්ත අභියෝගයක් ජයගෙන තිබේ. ඒ අනුව පිළිම නෙළු කාලයේ දී මෙම ගල් බිත්තිය ඉතා අලංකාරව විචිත්‍ර පැහැයන්ගෙන් දර්ශනය වී තිබෙන්නට ඇත.

ඇත්තෙන්ම ස්වභාව ධර්මයා විසින් අභියෝගාත්මකව සාදා දුන් ශෛලමය බිත්තිය, අපේ පැරැණි කලාකරු විසින් බිත්ති සැරසිල්ලක් බවට පත් කර තිබේ. එය ස්වභාව ධර්මය තව තවත් විචිත්‍රවත් කරයි. ඒ ධෛර්යවන්ත නිර්මාණකරුවන් ඉතිහාස ගමන් මඟ වර්ණවත් කළ තවත් අපූරු කලා කෘතියක් අපටත් මතු පරපුරටත් ඉතිරිකර තිබේ.

ඇත්තෙන්ම මහායාන සංකල්පය මත ප්‍රතිබිම්භනය කළ මෙම ප්‍රතිමා පෙළෙහි ඇත්තේ අප වඩාත් අත්විඳ නැති නුහුරු ස්වරූපයකි. රූස්ස ගහකොළ අතර මැද නිදහස් පරිසරයක මහා ගල් බිතක මතු පිට මෙම නිර්මාණ පෙරහර හා එකතුවී ඇති මේ නුහුරු බව සිතට එකතු කරන්නේ අපූර්වත්වයකි. පරිසරයේ ඇති දැවැන්ත වෘක්‍ෂයන්ගේ පත් සුළඟට නැලැවෙන සියුම් රිද්මය හා මුසුව අතු ඉති ගැටෙන මන්දස්වරය එකතු කරන්නේ තවත් අපූරු සංගීත රාවයකි. පසු බිමෙන් ඇසෙන ඒ සංගීත ස්වර රටා අතර හිදිමින් මහා කලාගාරයක සම්භාව්‍ය සිතුවත් රස විඳින ආශ්වාදනීය හැඟීමක් මෙතන හුදකලා ස්වභාවික පරිසරය තුළ අත් විඳීමට හැකිවීම අපූරු අද්දැකීමක් වනු ඇත.

ඉතිහාසගත, පුරාවිද්‍යාත්මක විවරණයන් මතවාදයන් පසක තැබූවද, අවසානයේ හිත වෙලන සද්ධාසම්ප්‍රයුක්ත හැඟීම හදවතට ගෙන දෙන්නේ අධ්‍යාත්මික සුවයකි.


ඇගට ගුණ කරවිල


බෙහෙවින් ගුණාත්මක ව්‍යංජනයක් ලෙස සැළකෙන කරවිල බීජ සහ ගුණදායක, රසවත් පළතුරක් වන දෙළුම් බීජ භාවිතය මගින් පිළිකා සෛල වර්ධනය වැළැක්විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ව්‍යාධිවේද විද්‍යාඥයෝ කියති.

ආචාර්ය අනුර ජයසූරිය

මිනිස් සිරුරෙන් ලබාගත් පිළිකා සෛල විද්‍යාගාර වල කෘත්‍රිමව වර්ධනය කර, කරවිල සහ දෙළුම් බීජ වියළා නිස්සාරණය කර යොදා ගැනීමෙන් පිළිකා සෛල වර්ධනය සාර්ථකව වැළැක්වීමේ හැකියාව ඇති බව මෙම පර්යේෂණයේදී තහවුරු වී තිබේ.
පර්යේෂණය සිදු කරන නාවල විවෘත විශ්ව විද්‍යාලයයේ, සත්ව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාරිනී ක්‍රිෂ්ණි චානිකා වීරකෝන් මහත්මිය මෙසේ කීවාය.

‘මෙය මගේ ආචාර්ය උපාධිය සඳහා මා විසින් තෝරා ගත් පර්යේෂණයක්. පිළිකා සඳහා විධිමත් නිශ්චිත ප්‍රතිකාරයක් තවමත් සොයා ගෙන නැති නිසා මා මෙම පර්යේෂණය කෙරෙහි නැඹුරුවුණා.

පිළිකා ලෙස හැඳින්වෙන්නේ පාලනය කළ නොහැකිව සිරුරේ අසාමාන්‍ය ලෙස සිදුවන සෛල වර්ධනයක් බව කිව හැකියි. පිළිකා වර්ග සියයකට වැඩි ප්‍රමාණයක් දකින්නට ලැඛෙනවා. ඒ සඳහා මේ වන විට, විකිරණ, ශල්‍යකර්ම, හෝමෝන සහ රසායනික යන ප්‍රතිකාරක්‍රම භාවිත කෙරෙනවා. ඉහත ක්‍රම වලින් යම් තරමක් දුරට එය පාලනය කළ හැකියි. නමුත් පිළිකා සඳහා සුදුසුම ක්‍රමවේදය එය මුල් අවධියේමදීම පාලනය කිරීමයි.

අප පර්යේෂණ කරන මේ ඖෂධයෙන් අප බලාපොරොත්තු වන්නේ ඕනෑම අවධියක සිටින පිළිකා රොගියකුට ප්‍රතිකාර කිරීමයි.
අපේ රටේ සුලභව සොයා ගත හැකි කරවිල කවුරුත් අගය කරනවා. ඒ එහි ගුණදායක බව නිසයි. එහි උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ මොමොඩිකා යි.

ආචාර්ය ටෙරන්ස් මධුජිත්
රසය වගේම ගුණයෙන් යුත් දෙළුම් පළතුර පියුනිකා ග්‍රැනේටම් යන උද්භිද නාමයෙන් හැඳින්වෙනවා.

කරවිල බීජ සහ දෙළුම් බීජ හොඳින් වියළා, නිස්සාරණය කර විද්‍යාගාරය තුළ වර්ධනය වෙන මට්ටමේ ඇති පිළිකා සෛවලට යොදා මෙම පර්යේෂණ සිදු කළා. එයින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලැබුණු බව කියන්නට කැමැතියි. පර්යේෂණ කටයුතු තව දුරටත් සිදු කෙරෙනවා.

පශු වෛද්‍ය පීඨයේ ජයන්ත රාජපක්ෂ මහාචාර්යවරයා, ජීව රසායන අංශයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය අනුර ජයසූරිය, කෘෂි විද්‍යා පීඨයේ ආචාර්ය ටෙරන්සේ මධුජිත් සහ සාම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාරිනී තුෂාරි හේරත් යන අධීක්ෂක මණ්ඩලය මගින් මේ පර්යේෂණ කටයුතු අධීක්ෂණය කරනවා. එම විද්වත් මණ්ඩලය මගින් මට ලැඛෙන සහාය හා ධෛර්යය මා ඛෙහෙවින් අගය කරනවා‘

මෙම පර්යේෂණයේදී සිදුවන්නේ කුමක්දැයි අපි පශු වෛද්‍ය පීඨයේ ජීව රසායනික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය, ආචාර්ය අනුර ජයසූරියගෙන් විමසුවෙමු.

‘කරවිල බීජ වල අඩංගු ඇල්ෆා ඉලයොස්ටියරික් අම්ලය සහ දෙළුම් බීජ වල අඩංගු පියුනික් අම්ලය යන අම්ල දෙකම මේද අම්ල බව කිව යුතුයි. මෙම මේද අම්ල දෙකටම පොදු ලක්ෂණය තමයි ද්විත්ව බන්ධන තුනක් තිබීම. මෙයින් පිළිකා ෙසෙලවලට විශාල බලපෑමක් සිදු කරනවා. එය ඉතා විශ්මිත බලපෑමක් බව කිව යුතුයි. කරවිල මෝරන්නට, මෝරන්නට මේ මේද අම්ල නිපදවීමේ හැකියාව වැඩිවෙනවා. අප සාමාන්‍ය ජීවිතයේදී පවා දන්නා කරුණක් තමයි කරවිල දියවැඩියාව සහ කොලෙස්ටරෝල් දහනය සඳහාත් ගුණදායක බව.

ජයන්ත රාජපක්ෂ
ජ්‍යෙෂ්ඨ කථීකාචාරිණී ක්‍රිෂ්ණි වීරකෝන් මේ පර්යේෂණය සඳහා ඉතාම වෙහෙස මහන්සි වෙනවා.‘
පශු වෛද්‍ය පීඨයේ, පශු ජෛව ව්‍යාධිවේද අංශයේ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා.
‘වීරකෝන් මහත්මියගේ මෙම පර්යේෂණය අධීක්ෂණය කිරීමේ වගකීම අපේ අධීක්ෂණ මණ්ඩලයට පැවරී තිඛෙනවා. මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන්නේ ජාතික පර්යේෂණ සභාවෙනුයි.
පිළිකාව වර්තමානයේ ඉතාම සුලබ ප්‍රශ්නයක්. මේ සඳහා ඛෙහෙත් නොමැතිකම නිසා ඊට ගොදුරු වන පිරිස ජීවිතයත්, මරණයත් අතර සටනක යෙදෙනවා. අපේ දේශීය ශාඛවලින් මේ ආකාරයේ පිළිකා මර්දනය කිරීමේ හැකියාව මේ පර්යේෂණ මගින් තහවුරු වෙමින් පවතිනවා.

විභක්ති


නාම මූලයකට එක් වන ප්‍රත්‍ය මගින් එම නාම මූල මූලයේ ඇති කෙරෙන විවිධ ස්වරූපයන් විභක්ති ලෙස හැඳින්විය හැකි ය.


එය මෙසේ පැහැදිලි කර ගත හැකි ය.

පුත් + ආ         = පුතා

පුත් + ආට        = පුතාට

පුත් + ආගේ      = පුතාගේ

පුත් + ආගෙන්   = පුතාගෙන්

පුත් + ඒ            = පුතේ

සිංහලයේ විභක්ති නවයකි.
  1. ප්‍රථමා විභක්තිය
  2. කර්ම විභක්තිය
  3. කර්තෘ විභක්තිය
  4. කරණ විභක්තිය
  5. සම්ප්‍රදාන විභක්තිය
  6. අවධි විභක්තිය
  7. සම්බන්ධ විභක්තිය
  8. ආධාර විභක්තිය
  9. ආලපන විභක්තිය

ප්‍රථමා විභක්තිය
  • වාක්‍යක ආඛ්‍යාතයෙන් කියැවෙන එනම් ඉස්මතු කොට දක්වන පදය උක්තය වේ.
  • එම උක්ත පදය ප්‍රථමා විභක්තියට අයත් වේ.
  • එම නිසා ප්‍රථමා විභක්තියට 'උක්ත විභක්තිය' යනුවෙන් ද කියයි.

උදා:- ශිෂ්‍යයා අලුයම නැගිටියි.
         දැරිය මල් නෙළයි.
         රියදුරු විසින් බසය පදවනු ලබයි


කර්ම විභක්තිය

  • කිසියම් වාක්‍යයක කර්තෘ යනුවෙන් අදහස් කරන්නේ ක්‍රියාව කරන්නා ය.
  • එම කර්තෘගේ ක්‍රියාවට යටත් වන පදය කර්ම විභක්තියට අයත් වේ.
උදා:- උපාසිකාව බුදු ගෙය අමදියි.

මෙහි කර්තෘ උපාසිකාවයි. ඇගේ ඇමදීමේ ක්‍රියාවට යටත් වන පදය බුදු ගෙය වේ. එබැවින් එය කර්ම විභක්තියට අයත් වේ.

තවත් ආකාරයට කිවහොත් අනුක්ත වන කර්ම පදය කර්ම විභක්ති වේ.

උදා:- අම්මා ඇඳුමක් මසයි.
         ගොවියා කුඹුර කොටයි.
         තොටියා ඔරුව පදියි.


කර්තෘ විභක්තිය
  • කර්මකාරක වාක්‍යවල එන අනුක්ත වූ කර්තෘ පදය කර්තෘ විභතියට අයත් වේ. අනුක්ත වන කර්තෘ පදය සමඟ 'විසින්' යන නිපාතය සාමාන්‍යයෙන් යෙදේ.
උදා:- 
නංගී විසින් කවි ගායනා කෙරේ.
ලේඛකයන් විසින් පොතේ ලියනු ලැබේ.
කුරුල්ලන් විසින් කූඩු තැනෙයි. 


ඉතිරි කොටස ඉක්මනින්ම පළ කරනු ලැබේ :)

දෙයියෝ සාක්කි

හැඩවෙන්න රූපලාවන්‍යාගාරයට ගියාම කතක් විදිහට ආපහු එන්න වෙලා!

කියවමින් සිටි පුවත්පත පසෙක තබා ඔහු පුටුවේ වාඩි විය. කළු පැහැයෙන් යුතු නිල ඇඳුමෙන් සැරසී සිටි සේවිකාවක් ඔහුගේ දෙවුර වටා ආවරණයක් එතුවාය. ෆුල් ක්ලීනප් එකක් දාන්න. බටහිර මෝස්තර නිරූපිකාවන්ගේ අලංකාර වූ රූපවලින් සැරසූ රූපලාවන්‍යාගාරයේ බිත්තිවල ඇති රූප දෙස බලමින් ඔහු එසේ කීවේය. ඒ අනුව කාන්තාවක් මෙන් ගෙල වැහෙනසේ වවා තිබූ ඔහුගේ කොණ්ඩයේ කනට ඉහළින් ඇති කෙස් රොද වෙනම තෝරා එයට කළු පැහැයක් ආලේප කළාය. දෙවනුව සුදු පැහැති ක‍්‍රීම් වර්ගයක් දෙකම්මුල මත ආලේප කළාය. එය මඳ වේලාවකින් පිසදමා තවත් දියරයක් මුහුණේ ආලේපකොට පුටුවේ ඇන්ද තමාගේ පපු ප‍්‍රදේශය දක්වා පහත්වනසේ සකසා ගත්තේය. ඊළඟට ඇත්තේ ඇහි බැමි සැකසීමයි. ඒ සඳහා අසල මේසයෙන් නූල් තුන් පොටක් ගෙන එකක් කටින් හපා ගත් ඇය අනෙක් දෙකෙළවර ඇහි බැමි මතින් ඇතිල්ලූවාය. මෙසේ පැය භාගයකින් පමණ පසු දෙවුර වටා එතූ ආවරණය ඉවත් කළාය. හරි. ”වැඬේ ෆිනිෂ්” එතෙක් වේලා පුටුවේ පහළට හැරවූ ඇන්ද මත හිස තබා සිටි ඔහු තමා ඉදිරියේ ඇති කණ්ණාඩිය දෙස බැලූවේය. ඈ මටවත් මා අඳුනගන්න බෑ නේ..... ඇයි මෙච්චර අයි බ්‍රෝ හීන් කළේ? අනේ මිස් ඕක තමයි දැන් ෆැෂන් එක රේන්බෝ හැඩය මිස්, කවුද මිස්? මම මිස්, කෙනෙක් නෙවේ. මිස්ට කෙනෙක් ඔහෙලගේ ඇස් පේන්නේ නැද්ද... එසේ කියූ ඔහු ඉහළට ඔසවා සකසා තිබූ කෙස් රොද වලින් නළල වසාගෙන රූපලාවන්‍යාගාරයෙන් පිටව ගියේය. ගෑනුන්ගේ මෝස්තර පිරිමිත් පිරිමින්ගේ මෝස්තර ගෑනුත් කරන්න ගියාම ඔහොම තමයි අයෙක් කීවේය.

විශ්ව ගැමුණු ප්‍රියංකර

ලාබෙට ගත් කලිසමේ සාක්කුවේ විදෙස් මුදල් නෝට්ටුව!

පිටරට පාවිච්චි කළ ඇඳුම් විකුණන තැනකින් ලාබෙට දිගු කලිසමක් මිලට ගත් අයකුට එය අඳින්න පෙර සෝදද්දී රහස් සාක්කුවක තිබී පිටරට මුදල් නෝට්ටුවක් හමුවීමේ සිද්ධියක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබිණි. උත්සව සමයේ ඇඳුම් විකුණන තැන් බහුල ප‍්‍රදේශයකි. මෙහි තැනක ලාබෙට ඇඳුම් විකිණීමට තිබෙන බව කියූ ආරංචියකට පුද්ගලයකු එතැනට ගොස් ඇත. පිටරට මද වශයෙන් භාවිතා කළ ඇඳුම් බොහොමයක් එහි තිබූ අතර ඒවා මිලට ගැනීමට උනන්දු වෙන අයද අඩුවක් තිබී නැත. අලවියට තිබූ ඇඳුම් අතරින් සිත්ගත් ඩෙනිම් කලිසමක් තෝරාගෙන රුපියල් පන්සීයකට එය මිලට ගත් ඔහු නිවසට පැමිණ තිබේ. මිලට ගත් කලිසම පාවිච්චි කළ එකක් නිසා අඳින්න පෙර සේදීම වඩා හොඳ යැයි කල්පනා කර එය වතුර බේසමකට දැමීමට සූදානම් වී නිකමට මෙන් කලිසමේ සාක්කුවට අත දමා පරීක්ෂා කර තිබේ. එහි පිටරටක නෝට්ටු කොළයක් තිබෙනු දැක පුදුමයට හා සතුටට පත් ඔහු එහි වටිනාකම බලද්දී මිලට ගත් කලිසමේ වටිනාකම මෙන් දෙතුන් ගුණයක්වීම නිසා ‘මේකට තමයි දෙන දෙයියෝ ගෙදරටම ගෙනවිත් දෙනවා යැයි කියන්නේ’ කියා මිතුරන්ට පවසා සතුටු වී ඇත.

වැල්ලම්පිටිය ශාන්ත සෙනෙවිරත්න

පරීක්ෂණයට ඉල්ලූ මුත‍්‍ර ජෑම් බෝතලයකට දීලා!

කොළඹ රෝහලකි. රෝගින්ගෙන් පිරුණු වාට්ටුවකි. රෝගින් රැුසකි. වෛද්‍යවරුන් ඇතුළු හෙද හෙදියෝ කඩිමෙන් දුවමින් කටයුතුවල නිරත වෙති. මේ අතර සේවාවට අතරින් සිටින්නෝද වෙති. ඔවුන් රෝගීන් අසල නැවතී රෝගීන්ට උපස්ථාන කරන්නෝය. ඇතැමෙක් රෝගීන්ගේ ඥාතීන්වන අතර ඇතැමෙක් කුලී පදනම මත රෝගීන් අසල සිටින්නෝය. දුව පනිමින් රෝගීන් පිළිබඳව සොයා බලන වෛද්‍යවරුන් හා හෙදියන් අතර මොවුන්ද විටක මහත් සේවයක් කරන බව බොහෝ අවස්ථාවල පිරිස කියනු ඇසෙති. ‘‘උදේ පාන්දර මුත‍්‍ර එකක් මේ කුප්පියට අරන් තියාගන්න’’ කුප්පියක් අතට දෙමින් රෝගියකු අසල සිටින හෙදියක පැවසුවාය. පසුදින උදෑසන විය. ‘‘මුත‍්‍රා ගත්තු අය දෙන්න’’ රාත‍්‍රී සේවා මුරය අවසන් කිරීමට මත්තෙන් උදෑසන වාට්ටුව කරා පැමිණි හෙදියක සිහින් හඬින් පවසමින් එක් එක් රෝගීන් අසලට ගියාය. රෝගීන් අසල සිටිය අය තම තමන්ගේ රෝගියා නියෝජනය කරමින් මුත‍්‍රා කුප්පි හෙදියට දුන්නේය. මේ අතරින් එක් පුද්ගලයෙක් ”අනේ මිසී ඒ කුප්පිය මදි වුණා. මගේ ලෙඩාගේ හැටියට මෙන්න මිසී මේකට ගත්තා කමක් නැද්ද” යැයි කියමින් මුත‍්‍රා පිරවූ විශාල ජෑම් බෝතලයක් හෙදිය දෙසට දිගු කළේය. ”චට්නි හදන්න නොවෙයි මුත‍්‍ර ඉල්ලූවේ ඔහේගේ ඔය ලෙඩාගේ ලෙඩක් හොයා ගන්නයි” ”කාගෙන් හරි අහන්න එපායැ” රෝගියෙක් අසල නැවතී සිටි තවත් පුද්ගලයෙක් හෙදිය දෙසද බලමින් කීය.

විශ්ව ගැමුණු ප්‍රියංකර

ලෙඩවී රෝහලේ නැවතුණු රෝගියාගේ උණුවතුර බෝතලයේ අරක්කු!


ඔහු බස්නාහිර පළාතේ ප‍්‍රකට උපකාරක පන්ති ගුරුවරයෙකි. කාටත් හොරෙන් මධුවිත තොලගෑ ඔහුට පසුකලෙක එය නැතිවම බැරිවිය. පදම ඉක්මවා යාම නිසා පසුගියදා අක්මාවේ ආබාධයක් ඇතිව රෝහල් ගතවිය. උදවුවට ළඟ සිටියේ හිතවත්ම යහළුවෙකි. රෝගියාගේ වුවමනා ඉටුකිරීමට බිරිය ආවේ පොඩි දුවද සමඟය. මොහොතකට පසුව රෝගියා යහළුවා සමඟ වැසිකිළියට ගියේය. පොඩිදුව පිපාසිතව බොන්නට යමක් ඉල්ලූවෙන් වට පිට බැලූ මව රෝගියාගේ ඇඳ අසල වූ උණු වතුර බෝතලය දැක එය රැගෙන විවෘත කොට කෝප්පයට වත් කළේ දුවට දීමටය. ඉන් අමුතු ගඳක් ආවේය. ඉව ඇල්ලූ ඇයට තරුපෙණින. එහි වූයේ මත් වතුරය. උණු වතුර බෝතලයත් රැගෙන වැසිකිළියට දිව ගිය ඇය යහළුවාට හා රෝගියාට සැර වචන දෙක තුනක් කියා මත් වතුර බෝතලයම කැසිකිළි බේසමට හැලූවාලූ.

තිහගොඩ උපසේන ලියනගම

බිරියත් නැන්දම්මාත් වැදු දරුවන්ගේ උප්පැන්නයට නම දෙන්න බෑණා ඇවිත්!

සිය බිරියටත්, නැන්දම්මාටත් එකම දිනයේ දරුවන් ලැබී උප්පැන්න ලියාපදිංචි කිරීමට උප්පැන්න ලියාපදිංචි කිරීමේ නිලධාරියා වෙත ගිය බෑණා කෙනකු කිසිදු වගවිභාගයකින් තොරව කළ ප‍්‍රකාශයක් නිසා නිලධාරියාත්, ඒ අවට සිටි පිරිසත් අන්දුන්කුන්දුන් වූ පුවතක් කන්දඋඩරටින් වාර්තාවේ. සිද්ධිය සැකෙවින් මෙසේය. ඔහු සිය බිරියත් සමග බිරියගේ මවුපියන්ගේ නිවසේ පදිංචිව සිටි අතර බිරියගේ මවද ඔවුන් සමග වාසය කළාය. නැන්දම්මා හැඩෙන් රුවෙන් අඩුවක් පෙනෙන්නට නොතිබිණි. අම්මත් දුවත් අතර වයසින් අවුරුදු 20ක පමණ වෙනසක් පැවතුණද පෙනුමෙන් දෙදෙනා අතරම පැවැතියේ තරුණ බවකි. කාලයාගේ ඇවෑමෙන් බිරිය දරුවකු බිහි කළාය. දෛවයේ සරදමක් නිසාදෝ කුමන හේතුවක් නිසා හෝ එදිනම නැන්දම්මාද දරුවකු බිහි කළාය. නැන්දම්මාට දරුවකු ලැබීම ගැන ප‍්‍රදේශවාසීන් අතර කුතුහලයක් ඇති වුවද බෑණා එය සතේකටවත් ගණන් ගත් බවක් නොපෙනිණි. දරුවන් දෙදෙනාගේම උප්පැන්න ලියාපදිංචි කළ යුතු විය. බෑණා උප්පැන්න ලියාපදිංචි කිරීමේ නිලධාරි වෙත ගියේය. නම් දෙකක් නිලධාරියාට දුන්නේය. ”මොකද නම් දෙකක් - නිවුන් දරුවන්ද?” ”නැහැ සර්, එක දරුවෙක් නැන්දම්මගෙ” ”එහෙනම් මාමා හරි නැන්දම්මා හරිනෙ එන්න ඕන” ”සර්... ”එහෙනම් ඒ දරුවා කාගෙද? පියා නැත්නම් පියාගේ නම ලියනකොටුව හිස්ව තියලා මවගෙ නමට තමයි උප්පැන්නය ලියාපදිංචි කරන්න වෙන්නේ.” ”කමක් නෑ සර්. පියාගෙ නම ලියන තැන මගේ නම දාන්න” ”එහෙම දාන්න පුළුවන්ද? ඔයාද ළමයගෙ තාත්තා” බෑණා නිරුත්තර විය. කවුරු කවුරුත් යමක් මුමුණන්නට විය.


පේරාදෙණිය ආර්.එස්. කීරියවත්ත




රජකම දෙන්නට අපට බැරි උණත්, මේ අකුරින් පිදෙන සම්මානය ගන්න.


නැගෙණියනි එන්න මේ සම්මානය ගන්න!


එදා අප ගමනාන්තය අනුරාධපුරය විය. අප එහි ළඟාවීමට යොදාගත්තෙ කුරුණෑගල අඹන්වල හරහා වැටී ඇති මාර්ගයයි. සුදු පටි පැළඳි රාළහාමිලා කිහිප තැනකදීම මේ ගමනට 'රාජකාරිමය බාධා' කළහ. කන්නට උවමනා විට කබරගොයාවත් තලගොයා කරනා ට්‍රැෆික්‌ රාලහාමිලාගෙන් දඩයක්‌ නොකා ඒ සා දුරක්‌ පැමිණීමට 'භාග්‍යවන්ත' වූ අපව ගැටවදීද සුදු පටි රාලහාමිලා දෙදෙනෙකු විසින් නතර කළේය. ධාවනයේදී කිසිදු වරදක්‌ නොවූ බව හොඳින්ම දැනගත් අපේ පිරිසේ කිහිපදෙනෙක්‌ 'සිංහයන්' මෙන් වාහනයෙන් එලියට බැසගත්තේ තවත් වරක්‌ නැති වරදක්‌ පැටවීමට උත්සහ කළොත් රාළහාමිලාගේ කාකිකෝට්‌ ගැලවී වැටෙන්නට කථා කරන තරමේ ආවේගයකිනි. ආවේගශීලීවූවන් රාළහාමිලා සමග සංවාදයේය. වාග් විලාසය උණුසුම්ය. හිරු 'කෙළින් සිටගත්' මධ්‍යාහ්නය වුවද මේ පරිසරය සිසිල්ය. පාර දෙපසම සම දුරින් මෙන් විහිද පවතින පාරට සමාන්තර තුරු යායකි. ඊට ඔබ්බෙහි කුඹුරු යායකි. ගොවියෝ තවත් කන්නයක්‌ උදෙසා ඒ කුඹුරු මඩකරමින් සිටිති. මඩකොටන කුඹුරු යාය සිප පැමිණෙන මද සුළඟ මඩ ගන්ධය තවරාගෙන සිටියි. සැබැවින්ම ඒ එන්නේ ගඳක්‌ නොව නැවුම් කන්නයක සුවඳවත් පණිවුඩයකි. මේ සුන්දර පරිසරය සිසාරා මා දෙනෙත් අරමුණකින් තොරව ඒ මේ අත යයි. එහෙත් දුටු එක්‌ දසුනකින් ඉබාගාතේ දිවගිය ඇස්‌ එකතැන නතරවිය.

ඉහළට එසවෙන උදලුතලයක්‌ මඩ අතරට කිඳාබසී. ඒ උදලුතලය පොළොව පෙරලමින් නැවත ඉහළට එසවෙයි. විශේෂය පොළොව පෙරළීම නොවේ. පොළොව පෙරලන ඒ උදැල්ල දරා සිටින දෑතයි. ඒ වතෙහි පෙනුමෙන්ම ඒ දෑතේ සියුමැලි බව කිවහැකි අයුරකි. ඒ සුන්දර වතකි. එහි අමුතු පිං පාටකි. ඇය හිරිමල් තරුණියකි. හිරු රැසින් ඒ මුහුණ රතුව ඇති සෙයකි. සුළඟ සමග පොරබදන කෙහෙ රැළි කිහිපයක්‌ ඒ මුහුණ මත වැටී ඒ මේ අත පැද්දෙනුයේ 'මගෙ දුවේ. අනේ ඔය විඩාබර මුහුණ ටිකක්‌ පිරිමදින්නම්' කියන්නාක්‌ මෙනි. ඇය සිටිනුයේ මහ ඈතක නොව, පාර අද්දරම ලියෑද්දේය. මට ඇයව ඉතා හොඳින් පෙනෙයි. එහෙත් ඇයට අප ගැන වගක්‌ නැත. මේ සුන්දර දියණිය ගොවි රජකු පරිද්දෙන් කුඹුර සමග ඔට්‌ටුවෙමින් සිටින්නීය. මේ සියුමැලි ස්‌ත්‍රී පෙනුම යට සැඟව ඇති මහා වීර්යයක සවිය කෙසේද යත් එය පොළොව පෙරලන්නට තරම් සමත්ය. සායකින් හැට්‌ටයකින් සැරසුණු මේ තරුණිය, තරුණයන් සියයකගේ ආත්ම ශක්‌තිය ඉක්‌මවන ජවයකින් අභිෂේකව මේ කුඹුරුයායේ රැජිණ බවට පත්ව සිටින්නී යෑයි මට සිතෙයි.

ඇය සමග කථා කිරීමට අවැසිය. අද කාලේ යෞවනය ෆේෂල්, ෆේස්‌බුක්‌, ෙµdaන් අතරේ සීනි බෝල රස සොයද්දී, මැය උදැල්ල අතින් ගෙන කුඹුරට බැස, හෙට පීදෙන ගොයම් කරලක බත් රස සොයන්නීය. අද කාලේ යෞවනය සීත කාමරයකට කොටුවූ රැකියා සොයද්දී මේ යෞවනිය ඒ ගොයම පීදෙන පොළොව සිය ගතින් වෑහෙන දහඩියෙන් සරු කරන්නීය. ඉතින් ඇය සමග වචනයක්‌ කථා නොකර යනු කෙලෙස...

පාරේ වාහනයක ගිය තරුණයෙකු ලෙසින් මා, තරුණ ඇයත් සමග අහේතුකව කථා කළහොත් ඇය කුමන ප්‍රතිචාරයක්‌ දක්‌වයිද? විනෝද චාරිකාවක්‌ යන නඩයක, චාරයක්‌ නැති කොල්ලෙකු තමන්ට විසුලු කිරීමට දරණ ප්‍රයත්නයක්‌ ලෙසින් ඇය මාව වරදවා තේරුම් ගතහොත් ප්‍රතිචාරය දරුණු වියහැකිය. ඇය එසේ නොවී සත්භාවය හඳුනාගනිමින් මා සමග කථා කළද මේ ගම්මණ්‌ඩියක දකින අනෙකුන් ඇයට පදයක්‌ හැදීමටද බැරි නැත. උත්සහය අතහැරදැමීමට සිත කියයි. එහෙත් එලෙස කළ හොත් මා මේ රටේ සිටින පාඨකයන්ට අසාධාරණයක්‌ කළා වන්නේයෙ. මන්ද, වත පුරා පුයර තවරාගෙන, 'මොඩ්ම මොඩ්' ඇඳුම් ආයිත්තම් වලින් සැරසුණු 'දේදුන්නෙන් සමනලියන්'ට වඩා පත්තර පිටු සැරසිය යුත්තේ පොළොවේ පය ගසාගෙන මේ පොළොව සමග ඔට්‌ටුවන මේ සැබෑ දියණියන්ගේ රුවෙනි. ඇය ඒ සඳහා ඉහළින්ම සුදුසුය.

මම ධෛර්යය උපද්දවා ගත්තෙමි.

මේ අතර ට්‍රැෆික්‌ රාලහාමිලා සමග ආවේගශීලී සංවාදය සුහද සාකච්ජාවක්‌ බවට පත්ව, එනම් සියල්ල ඉතා හොඳින් විසඳී මා ගමන් සගයන් පොලිසියත් සමග සිනහමුසු මුහුණින් මොනවාදෝ කියමින් මා සිටින දෙසට පැමිණේ.

ඒ දසුන මට කියන්නේ මේ මගේ ඉලක්‌කයට පොලිස්‌ ආරක්‍ෂාව, අනුග්‍රහය ලබාගත හැකි මොහොතක්‌ බවයි.

'මහත්තයා, අර ගෑණු ළමයාද ඒ කුඹුර තනියෙන්ම කරන්නේ?'

මම පොලිස්‌ නිලධාරීන්ගෙන් ඇසුවේ ඔවුන් මෙතැන නිතිපතා ගැවසෙන, තතුදත් පිරිසක්‌ විය හැකි බැවිනි.

'අපොයි ඔව්. පුදුම කෙල්ලෙක්‌. මේ ළමයා තමයි ඒ කුඹුර කරන්නේ. අම්මත් එක්‌ක තමයි කුඹුරට ඇවිත් හිටියේ. දැන්නම් අම්මා දවල් බත ගේන්න ගිහිල්ලද කොහෙද? අපිත් බලාගෙනයි සිටියේ. ඒ ළමයා එක සීරුවට වැඩ'

පොලිස්‌ රාළහාමිලා ඉතා සුහදශීලීවීම මගේ ඉලක්‌කය පහසුකරවන්නක්‌ය.

මම මාගේ අනන්‍යතාව පොලිස්‌ නිලධාරීන් දෙදෙනාට සහතික කර, මගේ මාධ්‍ය අවශ්‍යතාව ඔවුනට කියා සිටියෙමි.

'ඇත්තටම මේ වගේ අය ගැන තමයි පත්තර වල ලියන්න ඕනෑ. ගිහින් කථාකරන්න' පොලිස්‌ නිලධාරීන් මා ධෛර්යමත් කළේය. ඒ වචන වල මට අවශ්‍යවූ රැකවරණයද විය.

'මිස්‌, මම 'දිවයින' පත්තෙරෙන්. අහම්බෙන් වාහනේ මෙතැන නතරකළහම මිස්‌ව දැක්‌කා. පත්තරේට මිස්‌ ගැන ආටිකල් එකක්‌ කරන්න හිතුනා. අකමැත්තක්‌, වැඩට බාධාවක්‌ එහෙම නැතිනම් මට මිස්‌ගේ විස්‌තර ටිකක්‌ දෙනවද?'

පෙනෙන මානයේ සිට මාධ්‍ය හැඳුනුම්පත පෙන්වමින් සහ 'නංගි' යන වචනය වෙනුවට වඩාත් වෘත්තීය මට්‌ටමේ අමන්ත්‍රණයක්‌ ලෙසින් 'මිස්‌' යන්න යොදමින් ඇය තුළ යම් විශ්වාසනීයත්වයක්‌ ගොඩනැගීමට මට අවැසි විය.

ඇය ලැජ්ජාවෙන් සිනාසී බිම බලාගෙනම ඇගේ උදැල්ලට විරාමයක්‌ ලබාදුන්නාය.

වචනයෙන් ප්‍රතිචාරයක්‌ නොවූවද ඇය ඇගේ වැඩ නතර කිරීමෙන් මාගේ කාර්යයට යම් අවසරයක්‌ ඇති බවකි මට දැනුනේ.

මා අතවූ හඬ පටිගත කිරීමේ මෙවලම ක්‍රියාත්මක කරමින් එය ඈ දෙසට පාගෙනම මම ප්‍රශ්න ඇසීම ඇරඹීමි

'නම මොකක්‌ද?'

"අනුරුද්ධිකා පුෂ්පමාලා බණ්‌ඩාරනායක"

එහා ලියෑද්දේ බිම හානා ට්‍රැක්‌ටර් හඬින් වූ බාධාව මැදින් යන්තමින් මට ඇගේ නම ඇසිණි.

ඇය අපව තේරුම් ගෙන ඇත. එනිසා ඇය දැන් අප සමග කථාකරන්නීය.

'වෙන මොකුත් රස්‌සාවක්‌ කරනවද? නැතිනම් තවම ඉගෙනගන්නවද?'

මම ප්‍රශ්න ඇසීම වේගවත් කළෙමි.

'මම බාහිර උපාධිය කරනවා'

'මොන විශ්වවිද්‍යාලයෙද?'

'පේරාදෙණිය'

'වයස කීයද?'

'විසි තුනයි'

අද කාලේ කුඹුරක්‌ ඇස නොගැටුණ තරුණියන් බොහොමයක්‌ සිටින රටක, උදැල්ලක්‌ නොඇල්ලු යෞවනයක්‌ සිටින රටක, මඩ ටිකක්‌ ඇගේ ගෑවීම අවමානයක්‌ ලෙස සිතන තාරුණ්‍යයක්‌ බිහිව ඇති රටක මේ උගත් කෙල්ල ඒ කිසිවක්‌ තුට්‌ටුවකටවත් මායිම් නොකර පාර අද්දරම ලියෑද්දේ කුඹුරු කොටන්නීය.

'අද කාලේ තරුණ පිරිමි ළමයි පවා කුඹුරකට බහින්න ලැඡ්ජයි. ඒත් ඔයා කෙල්ලෙක්‌ වෙලත් මේ පාර අයිනේ කුඹුරු වැඩ කරනකොට ලැ-ජාවක්‌ වගේ දෙයක්‌ දැනෙන්නේ නැද්ද?'

මම නොඅසා සිටින්නට නොහැකි දෙයක්‌ ඇගෙන් අසුවෙමි.

'සමහර වෙලාවට පාරෙ යන අය ඔච්චම් කරගෙන යනවා. ඒත් ඉතින් ඒවා මට මොකටද? මම වැරදි දෙයක්‌ නෙමෙයිනේ කරන්නේ. අපිට ජීවත්වෙන්න මම සාධාරණ දෙයක්‌ කරනවා. මම හිතන්නේ එච්චරයි. ඔච්චම් කරන ඒවා මම ගාණකට ගන්නේ නැහැ. මොකද තමන්ගේ පවුලේ තත්ත්වය හැටියට ගැලපෙන දෙයක්‌ කරන්න වෙනවා'

ඇය කියන්නේ මන්දිරයක නූපන් බැවින් ඇයට උදැල්ල අතට ගන්නට සිදුවූ බවද? එහෙත් මන්දිරවල නූපන් මොනතරම් දෙනෙක්‌ උදැල්ල අතට ගැනීමට ලැඡ්ජද, කම්මැලිද....

ඒත් නැගෙණිය ඔබ...

ඇය දැන් හිස ඔසවා අපදෙස බලමින් කථා කරයි. ඒ කියන්නේ ඇය දැන් අපත් සමග සෘජු අදහස්‌ දැක්‌වීමක යෙදෙන බවය. එහෙත් මම ඇය සමග කථාකරන්නේ අපහසුවෙනි. මන්ද නියර මඩවී ඇති බැවින් නියරට ගොඩවනු නොහැකිව, පාර සහ කුඹුරු අතර ඇති බෑවුමේ සිට ඇඟ සමබර කරගනිමින් කථා කිරීමට මට වෙනම වෙහෙසක්‌ දැරිය යුතු බැවිනි. මේ අතර අපේ ගමන් සගයෙකු වූ ප්‍රවීණ ජායාරූප ශිල්පී කීර්ති අමරසේකර මහතාද මා මෙන්ම අපහසුවෙන් වුව කැමරාව දරමින් ස්‌ථානෝචිතව සිය දායකත්වය ලබාදෙයි.

අපි නැවතත්a විමසන්නට ගතිමු.

'මේ කුඹුරු වැඩ හුරුවුනේ කොහොමද?'

'අපිට පොඩිකාලෙ ඉඳලා මේවා කරලා හුරුයි. අපේ තාත්තා නැහැ. මමයි අම්මයි මල්ලියි නංගියි එකතුවෙලා කුඹුරු කරනවා'

පියා නොමැති පවුලට ඇය පියෙකු වී සිටින්නීය. එවෙලෙහි පවුලේ අන් කිසිවකු එහි නොසිටියද ඇය තනිපංගලමේම කුඹුරු කොටන්නීය.

'මෙතැන ඔයාලට කුඹුරු කොච්චර තියෙනවාද?'

'මේවා අපේ කුඹුරු නෙමෙයි. අපේ ලොකු අප්පච්චිලාගේ ඒවා. ඒa ගොල්ලො මේවා නොකරන නිසයි අපි කරන්නේ'

මේ මොන තරම් අපූරු කෙල්ලක්‌ද?

ඇය කුඹුරු කොටන්නේ තමන්ගේ දේපලක්‌ රැකගැනීමට නොවේ. මුඩුවන්නට ගිය බිමකි ඇය අස්‌වද්දනුයේ. ඇගේ කියා බිමක්‌ නොවුණත්, මේ බිමෙන් ඇය දැයට බත සපයන්නීය.

එපමණක්‌ද ඇය නීර්භයය. මගේ පහත පැනයට ඇය ලබාදුන් පිළිතුර එය සනාථ කරවන්නකි.

'මේ කාලේ ගොඩක්‌ දෙනා මී උණ වගේ ලෙඩ රෝග වලට බියෙනුත් කුඹුරු වලට බහින්නේ නැහැ. ඔයාට එහෙම බයක්‌ දැනෙන්නේ නැතිද?'

'එහෙම බයක්‌ දැනෙන්නේ නැහැ. හුරුපුරුදු දෙයනේ. අනික ජීවත්වෙන්න නම් මොකක්‌හරි කරන්නත් වෙනවනේ. එහෙම බයවුනොත් කොහොමද ජීවත්වෙන්නේ'

ඇය පවුලේ ජීවිකාව උදෙසා ජීවිත අවදානම වුව බැහැර කරන්නීය.

'ඔයාලට කන්න අඳින්නයි, ඔයාට ඉගෙනගන්නයි මේ කුඹුරෙන් ලැබෙන ආදායම ප්‍රමාණවත්ද?'

මම ඔවුන්ගේ 'ආර්ථික විද්‍යාව' දැනගනු පිණිස ඇසුවෙමි.

'නැහැ මහත්තයෝ. මේ කුඹුරු වලින් එහෙම ආදායමක්‌ බලාපොරොත්තු වෙන්න බෑ. වතුර නැතිව පහුqගිය කන්නය වැඩ කරගන්නම බැරිවුනා. මගේ මල්ලි පොඩි රස්‌සාවක්‌ කරනවා. එයා තමයි මට ඉගෙනගන්න සල්ලි දෙන්නේ'

ඔවුන්ගේ ජීවිත ගෙවෙන ආකාරය ගැන සිතාගත හැකිය. සියල්ලෝ හැකි පමණින් මේ ජීවන යුද්ධය ජයගැනීම පිණිස වෙහෙසෙති. එකිනෙකා වෙනුවෙන් යුතුකම් ඉටුකරති. අපූරු පවුලකි.

'ඔයා වගේ කුඹුරට බැහැලා මෙහෙම වැඩකරන තවත් ගෑණු ළමයි මේ ගමේ ඉන්නවද?' මම ඇසුවේ ඇගේ 'විශේෂත්වය' ගැන සහතික කර ගැනීමටය.

'මේ ගමේ නං... මම දැකලා නැහැ මහත්තයො. කුඹුරුවලට බහින මගෙ වෙන යාළුවෙක්‌ ගැනවත් මම නම් දන්නේ නැහැ'

පේනතෙක්‌ මානයට විහිදෙන කුඹුරු යාය පුරා ඇස යෑවූ මට ඈ කියන දේ තවත් සහතික විය.

'හොඳයි ඔයාට රැකියාවක්‌ ලැබුණා කියමු. එහෙම වුනොත් ඔයාට කුඹුරු අතහරින්න වෙයි නේද?'

'නැහැ මහත්තයෝ. ඒත් ඉඩ ලැබෙන වෙලාවට මම කුඹුරට බහිනවා'

මගේ පැනයට ඇය ඉතා සෘජුව පිළිතුරු දුන්නාය.

'මේ එන්නේ මගේ අම්මා' ඇය කුඹුර දෙසට එන මැදිවයස්‌ කාන්තාවක්‌ පෙන්වුවාය.

අම්මා, රන්මැණිකා, ඇගේ 'දූ මැණිකට' ඇඹුල රැගෙන එන්නීය.

'අම්මා බොහොම ධෛර්යවන්ත දුවෙක්‌ ලබන්න පිං කරලා තියෙනවා නේද?' අපෙන් එහෙම ඇසුනේ හදවතින්මය.

'මම මේ දවස්‌ වල ඔපරේශන් කරලා ඉන්නේ මහත්තයො. ඒ හින්දා මට මේ දරුවත් එක්‌ක කුඹුරට බහින්න විදිහක්‌ නෑ. ඒත් තනියෙම කියලා මගෙ කෙල්ල නිකං ඉන්නේ නැහැ. දැක්‌කමත් ලෝබයි මහත්තයො, එක සීරුවට වැඩ '

සෙනෙහසේ කඳුලක්‌ ඒ මවගේ ඇස්‌ කොනේ නලියද්දී ඒ ආදර්ශවත් ස්‌ත්‍රීත්වයට සිතින් ආචාර කරමින් අපි ඔවුන්ගෙන් සමුගත්තෙමු.

එහෙත් එයට ප්‍රථම ඔවුන්ගේ ලිපිනය දැනගත්තෙමු. ඒ ඇය වෙනුවෙන් යම් උපකාරයක්‌ කරන්නට අවස්‌ථාව සැලසුනහොත් ඒ වෙනුවෙනි.

අපි අපේ මුඛ්‍ය කාර්යය නිමවා කොළඹ පැමිණියෙමු. ඇගේ කථාව ලියන්නට දින කිහිපයක්‌ ගතවිය. ඒ අතර කාලයේදී කුරුණෑගලට අනෝරා වැහි වැටුණි. මට ඇයව මතක්‌ විය.

අනේ ඈ ඒ සා මහන්සියෙන් අස්‌වැද්දූ කුඹුර ඒ දෙගොඩතලා යන වතුරට හසුවීද?

නැගෙණිය නුඹේ උත්සාහය ජල රකුසා බිලිගත්තේද?

දිරිය නැගෙණිය. මඩ සෝදාගෙන එන්න. රජකම දෙන්නට අපට බැරිවුණත්, මේ අකුරින් පිදෙන සම්මානය ගන්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com
දිවයින ඉරිදා සංග්‍රහය

අපි අතිනත ගත්දා ඔයාට මතකද...


~~ ඔබ මා දෙපා දැතින් බදා සිපගත් එදා සිහිවෙනවා ~~

අපි අතිනත ගත්දා ඔයාට මතකද... අතේ ඇඟිලි රන් හුයකින් එක්‌කරද්දි අපේ හදවත් දෙකත් එකට බැඳුණා. දෙසිතම එකම සිතක්‌ වුණා.

ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවූ එදා
ඔබ මා දෙපා දෑතින් බදා
සිප ගත් එදා සිහිවෙනවා
සිප ගත් එදා සිහිවෙනවා

එදා අපි අතිනත් අරගෙන. අපේම ලෝකෙක තනිවුණා. කාත් කවුරුවත් බාධාවට හිටියේ නෑ. අපි දෙන්නගේ ඒ පළමු රාත්‍රිය ඔයාට මතකද? ඔයා මගේ දෙපා දෑතින්ම වැළඳගෙන සිපගත් හැටි මට නම් අමතක වෙන්නෙම නෑ.

ටී. එම්. ජයරත්න ගයන මේ ගීය ලියුවේ විමලා රංජනී පීරිස්‌. ඒත් එහෙම කෙනෙක්‌ හැබෑවටම නෑ. අන්වර්ථ නාමයක්‌ මෙතරම් ලස්‌සන ගීයක පදමාලාවට නියම අයිතිය කියන්න... ලියූ කෙනා අකැමැති වුණා. ඒ ඇයි.

එකල ගුවන් විදුලියේ සභාපතිවරයාව හිටියේ රිඡ්වේ තිලකරත්න. විමලා රංජනී පීරිස්‌ කියන්නේ රිඡ්වේටම තමයි. ගුවන් විදුලියේ නිලතල උසුලද්දි ගීත ලියන්න බෑ. ඒ නිසා තමයි මේ ගීය රිඡ්වේ ලියලා වෙන නමකින් ටී. එම්. ට දීලා තිsයෙන්නේ.

භවයෙන් භවේ මෙලෙසින් බැඳී
අප ආ ගමන් අමතක වුවත්
ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
නැග ආ ස්‌වරේ
එක්‌වූ දිනේ සිහිවෙනවා
එක්‌වූ දිනේ සිහිවෙනවා

පෙර භවය ගැන අපිට මතකද නෑ... ඒත් අපි දෙන්නා හැම භවයකදිම ඔයා මගේ මං ඔයාගේ වුණා. ඒ අපි ආ ගමන් මග. අපිට මතක නැහැ. ඒත් අපේ හදවත්වලින් නැඟී ආ හැඟුමන් ඒ. ස්‌වරය එකට එකතුවුණා. ඒ දිනය නම් මට අදත් සිහියට එනවා.

එදා රිඡ්වේ තිලකරත්න මේ ගීය ලියලා ගුවන් විදුලියේම සේවය කරන ජී. එස්‌. බී. රාණි පෙරේරා ශිල්පිනියට දුන්නේ "මේක කා හරි ලවා ඉක්‌මනට ගායනා කරවන්න" කියමින්. ඉන් මඳ වේලාවකට පසු ජී. එස්‌. බී. රාණිට, ටී. එම්. ජයරත්න හමුවෙලා ඇය ඔහුට ගීය දුන්නා. එච්. එම්. ජයවර්ධන ලවා තනුව සාදා ගත්තා. ටී, එම්. ගීය ගැයුවා. ඒ විමලා රංජනී පීරිස්‌ගේ පදමාලාවක්‌ ලෙස ගීය ජනප්‍රිය වුණා. රිඡ්වේ සංස්‌ථා සේවයෙන් සමුගත්තා. එවිට රාණි පෙරේරා ගායිකාව ටී. එම්. ට ඇත්ත සිද්ධිය පැවැසුවා. ගීය ලියුවේ රිඡ්වේ කියා ඇය ඔහුට පැවැසුවා.

ඔබ මා දෙනෙත්
මා ඔබේ දෙනෙත්
එක්‌වී වෙලී සෙනෙහස සෙවූ
ඒ සොඳුරු දා සිහිවෙනවා
ඒ සොඳුරු දා සිහිවෙනවා

ඔයාගේ නිල් නුවන් මගේ දෙනෙත් එක්‌ක යා වුණා. මගේ දෙනෙත් ඔයාගේ දෙනෙත් එක්‌ක යාවුණා. අපි දෙන්නම එකට එක්‌ව ආදරය, සෙනෙහස සොයා ගියා. ඔයාට ඒ අතීතය මතකද? ඒ නම් සොඳුරු අතීතයක්‌

මේ ගීයෙන් කියන්නේ පෙම්වතුන් දෙදෙනෙක්‌ ගැන. ඔවුන් විවාහ වෙලා. මංගල රාත්‍රිය ගැන සිහිකරමින් ගීය ආරම්භ කරනවා. මංගල රැයේදි දෙදෙනා අතර ඇතිවූ බැඳීම් ගීයෙන් විග්‍රහ කරනවා. එපමණක්‌ද? රිඡ්වේ තිලකරත්න ගීයෙ පදමාලාව තමන් කළ බව සැඟවීම, රාජ්‍ය සේවකයකුගේ අවංකභාවයට නිදසුනක්‌.


~~ ඔබ හා මෙමා අතිනත් අරන් ~~

ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවූ එදා
ඔබ මා දෙපා දැතින් බදා
සිප ගත් එදා සිහිවෙනවා
සිප ගත් එදා සිහිවෙනවා

භවයෙන් භවේ මෙලෙසින් බැඳී
අප ආ ගමන් අමතක වුවත්
ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
නැග ආ ස්‌වරේ
එක්‌වූ දිනේ සිහිවෙනවා
එක්‌වූ දිනේ සිහිවෙනවා

ඔබ මා දෙනෙත් මා ඔබේ දෙනෙත්
එක්‌වී වෙලී සෙනෙහස සෙවූ
ඒ සොඳුරු දා සිහිවෙනවා
ඒ සොඳුරු දා සිහිවෙනවා

ගායනය :- ටී.එම්.ජයරත්න
පද රචනය :- විමලා රංජනී පීරිස්‌
තනුව :- එච්.එම්.ජයවර්ධන

-අජිත් අලහකෝන්
(උපුටා ගැනීම දිවයින පුවත්පතින්)

මගේ සින්දු සුපිරි තරු ලවා කියවා ප්‍රචාරය කරන්න එපා..!




'මගේ සින්දු සුපිරි තරු ලවා කියවා ප්‍රචාරය කරන්න එපා..!'
- පි‍්‍රයා සූරියසේන

සිංහල ගීත ක්ෂේත්‍රයේ සිය අනන්‍යතාව සනිටුහන් කළ ගායන ශිල්පීන් අතර “පි‍්‍රයා” කී පමණින්ම ගීත ශ්‍රාවකයින් හඳුනන ඔහු පි‍්‍රයාදර ගායන ශිල්පි පි‍්‍රයා සූරියසේන ය. මෙවර “ස්වර වර්ණ” වර්ණ ගන්වන්නට අපි පි‍්‍රයාට ආරාධනා කළේ දිගු නිහැඬියාවකට පසුව ඔහු සිය ගීත ඇල්බමයක් (“මල්සර හිනාව“) එළිදැක්වීම නිමිත්තෙනි.

පැරැණි ගීතයක නමින් අලුත් ගීත ඇල්බමයක් එළිදැක්වූවේ ඇයි...?

”මේ ගීත එකතුවේ එදා මෙදා මා ගැයූ ගීත දාසයක් ඇතුළත් වෙනවා. මේ ගීත සියල්ලටම මං එක වගේම ආසයි. ‘මල්සර හිනාව‘ මේ ගීත එකතුව හඳුන්වන්න ලස්සන නමක් කියා හිතුණු හින්දා යොදා ගත්තා.”

”මල්සර හිනාව“ සඳහා නිර්මාණ දායකත්වය කාගෙන් ද..?

”ගී පද රචනා මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය අජන්තා රණසිංහ, ප්‍රේමකීර්ති ද අල්විස්, උපාලි ධනවලවිතාන, කුලරත්න ආරියවංශ, රෝහණ හෙට්ටිආරච්චි සහ නීතිඥ විමල් වීරරත්න ආදීන්ගේ දායකත්වයෙනුයි. සංගීතවත් කළේ මමයි. විශේෂයෙන් තැටි ගත නොකර මා ළඟ තිබුණු ප්‍රේමකීර්තිගේ ගීත වැඩි ගණනක් මේ ඇල්බමයට ඇතුළත් කළා.”

එම නිර්මාණ මොනවාද..?

”ගීත ශ්‍රාවකයින්ගේ ආදරය දිනා ගත් ‘තොළ ගෑ අමාවේ රහා’ – ‘කිරි සයුරේ රැල්’ – ‘මේ අත් බවේ පුරා’ – ‘සැන්ඳෑ යාමේ’ – ‘ආදරණීය නේරංජනා’ – ‘ඔබ කඳුළේ උපතයි’ වැනි ඒ ගීත ප්‍රේමකීර්ති ලියූ ගී අතර ප්‍රධානයි. ඒ වගේම ජීවතුන් අතර නැති උපාලි ධනවලවිතාන ගී පද රචකයාගේ ‘රතුමල් ඕවිල්ලේ ඔබ සතපා ළඳුනේ’ ගීතයත් මේ ඇල්බමයෙ ඇතුළත් වෙනවා.”

මෙම ගීත එකතුවේ ඇතුළත් “තොල ගෑ අමාවේ රහා” ගීතය සුරා පානයට සම්බන්ධ ගීතයක් නේද..?

”ඔව්. සුරා පානයට ලොල් වූ පුද්ගලයකුගේ සිතුවිලි හා ජීවන අත්දැකීම් විවරණය කෙරෙන පරිදි නිර්මාණය කෙරුණු සංකල්පනාවක් තමයි මේ ගීතයේ ඇතුළත් වී තියෙන්නේ. එහෙත් සුරා පානය අනුමත කිරීමක් මින් සිදු කෙරෙන්නේ නැහැ. ළඟදී මේ ගීතය ජාතික රූපවාහිනියේ ‘හඳ රැඳි ගී’ වැඩසටහන සඳහා රූපගත කළා.” (මෙම ලිපිය පළවන ජනවාරි හයවැනි ඉරිදා සවස මෙම ගීතය එම වැඩසටහනින් ප්‍රචාරය වීමට ද නියමිතව ඇත.)

මෙම ගීත ඇල්බමයේ අඩංගු “මොහොතක සුව දෙන චංචල ලෝකේ” ගීතයේ නිර්මාණකරුවන් වන්නේ රූකාන්ත ගුණතිලක (පද රචනය) සහ අර්නස්ට් සොයිසා (තනු නිර්මාණය) නොවේ ද..?

”නැහැ. කුලරත්න ආරියවංශගේ අත් අකුරින් ලියූ මේ ගීතයේ පදමාලාව මා ළඟ තිබිලා මට හමුවුණා. එය වරදින්න බැහැ.”

ඔබ මීට ඉහත ගී ගැයූ “සුන්දර කඳුළු බිංදුව“ ඇල්බමය අසාර්ථක වුණා නේද..?

”අසාර්ථක වුණා ද මං දන්නේ නැහැ. වෙළෙඳ කලාප වල සේවය කරන ගීත රසික රසිකාවියන් ඉලක්ක කරගෙන ඒ ගීත එකතුව කළේ ‘නිල්වලා’ ආයතනය මඟිනුයි. නිෂ්පාදකයින් මට උදව්වක් වශයෙන් කරන්න කිව්වේ. මම ඒ ගීත ගායනා කළේ ලලිත් වසන්තගේ ඉල්ලීමටයි.”

ඔබේ ගීත රිංගින්ටෝන්ස් සඳහා යෙදීමෙන් ඔබට හොඳ ආදායමක් ලැබෙන්න ඇති නේ..?

”මොන... මගේ ගීත රිංගින්ටෝන්ස් සඳහා දීලා තියෙන්නේ මමවත් දන්නේ නැතුවයි. සමහරු ඒ ගීත වලින් ලක්ෂ ගණන් උපයනවා. මගේ කිසිම අවසරයක් නැතුව කොහොම කළා ද කියලා තවම හොයා ගන්න බැහැ. නීති මාර්ගයෙන් පියවර ගන්න පෙර මගේ ගීත දුරකතන සමාගම්වලට විකුණා වංචාවෙන් මුදල් උපයන එක කරුණාකර නවත්වන්න කියා මම එවැනි වංචා සහගත ක්‍රියා කරන පුද්ගලයින්ගෙන් සහ ආයතනවලින් ඉල්ලනවා.”

විද්‍යුත් මාධ්‍ය වලින් පෙර මෙන් දැන් ඔබේ ගීත ප්‍රචාරය නොවන්නේ ඇයි..?

විද්‍යුත් මාධ්‍ය වලින් මගේ ගීත ප්‍රචාරය වුණත් නැතත් දැන් අවුරුදු හතළිහක් පුරාම මේ රටේ තියෙන සංගීත ප්‍රසංග වල මම ගීත ගයනවා. මගේ ජනපි‍්‍රයත්වය අඩුවෙලා නැහැ විද්‍යුත් මාධ්‍ය වලින් මගේ ගී ප්‍රචාරය කළත් නොකළත්. ඒ නිසා එය මට අදාල නැහැ. හැබැයි ඇතැම් නාළිකා වලින් අලුතින් එන සුපිරි තරු ලවා මගේ ගීත කියවා ප්‍රචාරය කරනවා. එය බරපතළ වැරැද්දක්. ඔය සුපිරි තරු ගායකයින්ට ඔවුන්ගේ ගීත තිබෙද්දී ඔවුන් ගැයූ අපේ ගී ගුවන් විදුලි නාළිකා වලින් ප්‍රචාරය කරන්නේ ඇයි..? සුපිරි තරු ලවා මගේ ගී කියවා නාළිකා වලින් ඒවා ප්‍රචාරය කරන්නේ පි‍්‍රයා සූරියසේනට ප්‍රචාරය ලබා දෙන්නද..? නොඑසේ නම් සුපිරි තරු ගායකයින්ට ප්‍රචාරය දෙන්න ද..? එසේත් නැත්නම් නාළිකා වලට ප්‍රචාරය ලබා ගන්නද..? නාළිකා වලට මං දොස් කියන්නේ නැහැ. ඒත් ඔය කරන වැඩේ වැරැදියි, ඒ නිසා වහාම ඔය කරන වැරැදි වැඩ නවත්වන්න කියලා මම කියනවා.”

ඔබේ පුතා (ලක්ෂිත) ත් ඉදිරියේදී ඔබේ ගී ගයන්න බලාපොරොත්තු වෙනවා ද?

”පුතා ඉගෙනීමේ කටයුතු අවසන් වී ලංකාවට ආවාම ගීත ගායනයේ නියැළෙන්න බලාපොරොත්තු වෙනවා. මගේ පුතාට ගයන්න මගේ ගීත තියෙන්න ඕනේ, ඒ නිසා මම නැවතත් කියනවා - ‘මගේ සින්දු වෙන කාවත් දාලා කියවා ඒ ගීත ප්‍රචාරය කරන්න එපා. එය වැරැදියි. වහාම ඔය වැරැදි වැඩේ නවත්වන්න’ කියලා.”

-ජෝජ් රොබ්සන් ද සිල්වා
[උපුටා ගැනීම සිළුමිණ පුවත්පතින්]

පුණ්‍ය භූමි පිරිසිදු කිරීමේ ආනිසන්ස



පින්වත් මිතුරනි,

අද ඔබට කියන්නේ තවත් ඉතාම වැදගත් වටිනා කරුණක්. සිංහලබෞද්ධකම ගැන නිතර නිතර බොහෝ සෙයින් කථාබස් කරන මේ කාලයේ සිංහලයාගේ බෞද්ධකම රැකගන්නා ආකාරය පෙන්වා දෙන්න ගිහින් මම හොඳටෝම ඊනියා නමට බෞද්ධයන්ගෙන් ගුටි කා ඇත්තෙමි. ඒක ඉතින් සිංහල කමනේ අනගාරික ධර්මපාල තුමත් අන්තිමේට මිනියවත් ලංකාවට ගෙනියන්න එපා කීවනේ. ඒ වුනාට කමක් නැහැ අහන කිහිප දෙනාට හෝ මේක කියන්නම හිතුනා.

මේක කියන්න ආසන්නම කාරණය තමයි, මම, භාග්‍යවතුන් වහන්සේ අපේ රටට මුලින්ම වැඩිය උන්වහන්සේගේ කේශ ධාතූන් වහන්සේලා වැඩ ඉන්න, ග්‍රීවා ධාතුන් වහන්සේ වැඩ ඉන්න මහියංගන රජමහා විහාරයේ උතුම් ස්තූප රාජයා වන්දනා කරන්නට ගියා මේ සති අන්තයේ. ඉතින් එහිදී තමයි මේ සිංහල බෞද්ධකම දැකගන්න ලැබුණේ. මේක කියවලා ඉවර වුනාම තේරේවි ඒක මහියංගන රජමහා විහාරයට පමණක් සීමා වූ දෙයක් නොවන බව.

අපේ සිංහල බෞද්ධ මුතුන්මිත්තෝ වන්දනා ගමන් සති මාස ගනන් ගිය හැටි ඔබ අසා ඇති, ගමේ පන්සලේ හෝ දුර ඈතක හෝ ඔවුන් ඒ වන්දනා ගමන් ගෙදරින් පිටත් වෙන මොහොතේ සිට ඉතාමත් ගෞරවයෙන් තමයි හැසිරෙන්නේ. මෙහිදී බොහෝ විට දක්නට ලැබුණු දෙයක් තමයි, පිටත් වීමට පෙර තෙරුවන් වන්දනා කොට එක්තරා වැඩිහිටියෙකු නඩේ ගුරා වශයෙන් තබා ගැනීම. නඩයේ කවුරුත් එතුමන්ගේ බසට පිටින්නම් ගියේ නැහැ.

ඉතින් අනවශ්‍ය දෙතිස් කථා වලින් තොරව තෙරුවන් ගුණ ගයමින් සිතමින් තමයි එදා ඒ ගමන් ගියේ. තෙරුවන් ගුණ සිතන වන්දනා කරන වාරයක් පාසා
ඉමහත් පුණ්‍ය සම්භාරයක් ඔවුනට රැස් වන්නට ඇත.

ඉතින් නියමිත සිද්ධස්ථානයට පැමිණීමට පෙර ආසන්න ස්ථානයක නැවතී ස්නානය කොට පිරිසිදු වස්ත්‍රයක් හැඳ සියළු පූජා භාණ්ඩ, තෙල් මල් පහන් ආදිය සූදානම් කරගන්නවා. ඉන්පසු ඉතාම ශ්‍රද්ධාවෙන් තමයි පුණ්‍ය භූමිය තුලට පිවිසෙන්නේ, බොහෝම ගරු සරු ඇතිව, සක්විති රජෙක් ළඟට යනවා වගේ බොහෝම යටහත් පහත්ව තමයි පිවිසෙන්නේ. මොකද තෙරුවන් කෙරෙහි ගරු සත්කාර දැක්වීමෙන් උපනූපන් ජීවිත වල උසස් යැයි සම්මත කුලයක රජවරු සිටුවරු බ්‍රහ්මණවෞ වෙලා උපදින්නට ගරු සරු දැක්වීමේ පින උපකාර වෙනවා.

ඉන්පසු මුලින්ම කරන්නේ එක පාරටම ගිහින් තෙල් මල් පහන් පූජා කිරීමවත් අහල පහල තියෙන දේවාලෙකටවත් රිංගන එක නොවෙයි. මුලින්ම කරන්නේ එම සිද්ධස්ථානය පිරිසිදු කිරීමයි. මල් ආසන, බෝධි මළුව, චෛත්‍ය මළුව, විහාර ගෙය අතුගා පිරිසිදු කිරීමයි.

ඒ ඇයි කියලා ඔබ දන්නවාද? වන්දනා ගමනේ වන්දනාමය පින්කම් අතර වටිනාම ආමිසමය පුණ්‍යකර්මයක් තමයි පුණ්‍ය භූමිය පිරිසිදු කිරීම. එය මල් පහන් සුවඳ දුම් ආදිය පූජා කිරීමට වඩා අග්‍ර වූ පිනක්.

ඉතින් මහියංගනය පින්බිමට පිවිසෙනවිටම දකින්නට ලැබුණේ හොරි කහ කහ මැක්කෝ කහ කහ වැලි මළුවේ බලු බෙටි ගොම බෙටි අතර සිටින හොරිකඩ බල්ලන් රැලකි. මා සිත ඉතාමත් සංවේගයට පත් විය. මේ බුදු කෙනෙකුන් වැඩිය බිමට සලකන හැටිද?

ඉන්පසු ගල් අතුරනලද සෑ මලුවට පිවිසියෙමි දොහොත් මුදුන් දී වන්දනා කළෙමි මල් ගෙන ගිනි අවුවේ වුවද මහා ථූපය පැදකුණු කළෙමි. එතැන සෑ මළුවේ

ඇති එකම සෙවන ඇති ස්ථානය තමයි මළුව ප්‍රදේශයක් ආවරණය් වන ලෙස අතුපතර විහිදී ගිය බෝධීන් වහන්සේ. ඉතින් අවුවෙන් මිදීමට පිළිසරණක් පතා එතැනට ගියේ වන්දනා කිරීමටය. නමුත් දුටු දෙයින් මට වන්දනා කිරීමට සිත් නොදිණි. සෑයේ මළුවේ කානුව පිරෙන්න වලාකුළු බැම්මේ සිදුරු පිරෙන්න කුණු කසලය. සිංහල බෞද්ධයාගේ බෞද්ධකම මේකද, උජාරුවෙන් කියන සිංහලකම මේකදයැයි එකවරම මගේ සිතට නැගුණි.

මුලින්ම සමන් දෙවාලයට යන මිනිසුන් පළතුරු වට්ටිය ගෙනැවිත් කන්නේ එතැනය, ඉතිරි සිලි මළු පලතුරු ලෙලි, හඳුන් කූරු පෙට්ටි, පොලිතීන් හිස් තෙල් බෝතල්, වතුර බෝතල් ආදියෙන් කානුව පිරී ඇත. මට ඉවසාගත නොහැකි විය, මා මල් මිළට ගත් කෙනාගෙන පොහොර මල්ලක් ඉල්ලගතිමි. මළුවෙන්ම ඉවත දමා ගිය කාඩ්බෝඩ් කැබල්ලක් සහ ඉදලක් සොයාගතිමි. කාණුව බොහෝ වෙහෙස වී පිරිසිදු කළෙමි. මා එය පිරිසිදු කරන අතරතුර සිය ගනනක් එතැන වන්දනා කරන්නට ඇත. නමුත් මා දෙස අමුතු පිස්සෙක් දෙස බලනවා මෙන් බලනු හැර කුණු ඉවත් කරනු දැක තවත් කුණු ගෙනැවිත් දමනු හැර කිසිවෙක් කිසිවක් කලේ නැත. පිරිසිදු කළ අවසානයේ මට නිම්හිම් නැති සතුටක් ඇතිවිය. එනම් මම මහා පිනක් රැස්කරගෙන ඇති බවක් මට සිතිණි. අප්‍රමාණ සතුටකින්, මේ පින මේවා අපිට කියලා දුන්න පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද අපගේ ගුරු දෙවිඳුන්ට අනුමෝදන් කළෙමි. ඉතින් පින් කැමති ඔබත් එම පින අනුමෝදන් වෙන්න.

පුණ්‍ය භූමි පිරිසිදු කිරීමේ ආනිසන්ස දැක්වෙන මේ ථේරාපදානය බලන්න.

බෝධි මළුවක් පිරිසිදු කිරීමෙන් සම්මජ්ජක නම් රහත් මුනිඳුන් ලද විපාක විස්ස මෙසේ උන්වහන්සේගේ ථේරාපදානයේ සඳහන්

1. දුගතියකට නොගොස් දෙවියන් මිනිසුන් අතර පමණක් ඉපදීම
2.සම්පත් ඇති උසස් කුල වල පමණක් ඉපදීම
3. අංගසම්පූර්ණ රූමත් සිරුරක් හිමි වීම
4. ශරීරය රන්වන් පැහැ ඇති වීම
5. ඉතා මෘදු සිනිදු සමක් ලැබීම
6.ශරීරයේ දූවිලි හා කුණු නොරැඳීම
7. දුගඳ හමන දහඩිය නොගැලීම
8. රෝග නොවැළඳීම
9.කුෂ්ඨ, දද, හොරි, ගඩු, පිළිකා ආදිය නොවැලඳීම
10.චිත්ත පීඩා ඇති නොවීම
11.සතුරන් ඇති නොවීම
12.භෝගයන්ගේ ආහාරපාන, යාන වාහන අඩුවක් නොවීම
13. සොර, ගිනි, ජල, සතුරු, රාජ බියක් හෝ අනතුරක් නොවීම
14. දැසි දස්සෝද අනුචරයෝද කීකරු වීම
15.පරමායුශ විඳීමට ලැබීම
16.ගමේ රටේ සියළු දෙනාම තමන්ට කීකරු වීම
17. භෝග සම්පත්, යසස්, ශ්‍රියා ඇතියෙකු වීම, ඥාතීන්ට ප්‍රිය වීම හා කිසි බියක් සැකක් නැතිව විසීමට හැකි වීම
18. දෙවියෝද, අසුරයෝද, ගාන්ධර්වයෝද, යක්ෂයෝද යන යන තැන ආරක්ෂා කිරීම
19. දෙවි මිනිසුන් අතර පමණක් හිඳ නිවනට පැමිණීමට ලැබීම
20. මාර්ගඵල, අධිගම, ධ්‍යාණ ආදිය අධිකව දියුණු කර ගැනීමට ලැබීම

ඉතින් පින්වත් මිතුරනි, බලන්න ශ්‍රද්ධාව උපදවාගෙන භාග්‍යවතුන් වහන්සේ උදෙසා කැපකළ භූමිය පිරිසිදු කිරීමේ අනුසස්. ඉතින් ඔබ යමකට කැමතිද ඒ කැමති හැම දෙයක්ම ලබාගැනීමේ හැකියාවක් එම පිනට තිබෙනවා නේද?

ඉතින් අපිත් නැකැත් පස්සේ දුව දුව ඉන්න හොරිකඩ සිංහල හින්දූන් වෙන්නට හදන්නේ නැතිව පින්වත් සිංහල බෞද්ධ වෙන්න උත්සාහ ගනිමු. මහත් වූ පිනක් රැස්වෙන පුණ්‍ය භූමි පිරිසිදුව තබාගන්නට උදවු කරමු. නොදන්නා අයට මෙය කියලා දෙමු. පිනෙහි වටිනාකම කියලා දෙමු. පිනේ විපාක මේ වගේනම් අපිරිසිදු කිරීමේ විපාක කොහොම වේවිද කියලා සිතන්න. බෞද්ධයාට පමණක් උරුම මහා පුණ්‍ය නිධානයත් රැස්කරගනිමු. සැප ලබමු. සිංහල බෞද්ධකම රැකගනිමු.

තෙරුවන් සරණයි..

අඟහරු ගිය නාසා යානයට මලක් හමුවෙලා

අඟහරු ග‍්‍රහයා මත එහෙමෙහෙ යමින් ගවේෂණ සිදු කරන ‘කියුරියෝසිටි’ රොබෝ රෝවර් යානය පෘථිවියට එවූ නවතම ඡායාරූප අතරින් මලක හැඩය ගත් කිසියම් වස්තුවක් තිබීම හේතුවෙන් නාසා විද්‍යාඥයෝ මවිතය පළ කරති. එම ‘වස්තුව’ අබිරහසක් බවත් එය කුමක්දැයි හරිහැටි හඳුනා ගැනීමට තමන්ට හැකියාව ලැබී නැති බවත් නාසා විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති. එම ‘මල’ ඇත්තේ අඟහරුගේ ‘යෙලෝක්නයිෆ් බේ’ නමින් විද්‍යාඥයන් විසින් නම් කරනු ලැබූ ප‍්‍රදේශයේය. කෙසේ නමුත් මලක හැඩැති එම වස්තුව කියුරියෝසිටි යානය අඟහරු මත පතිත කරද්දී ඒ සඳහා උපකාර කළ යානාවෙන් ගැලැවී විසිවුණු ප්ලාස්ටික් කැබැල්ලක් විය හැකි යැයි විද්‍යාඥයෝ අනුමාන කරති.


ඔබ යළි මගේම වූවොත් ලොව මට කුමක්‌ කියයිදෝ




'ඔබ යළි මගේම වූවොත් 
ලොව මට කුමක්‌ කියයිදෝ '

ආදරය කරන කාලෙ. අපි දෙන්නා ජීවිතේ ගත කළේ කොයිතරම් සුන්දර විදිහටද, ඔයාට මාත්, මට ඔයාවත් නැතුවම බැරි වුණා. අපි නිතරම හමු වුණා. එක විනාඩියක්‌ මට ඔයා නොදැක ඉන්න බැරි වුණා. ඔයාටත් එහෙමයි. ඒ තරමට අපි දෙන්නා අපි දෙන්නට ආදරේ කළා. අපේ මේ අවංක ආදරේ.. ලෝකයට රහසක්‌ වුණේ නෑ. අපි දෙන්නා ආදර්ශවත් පෙම් යුවළක්‌ බවයි ලෝකයා කිව්වේ.

අපි දෙන්නා එකට එකතු වුණා. කසාද බැන්දා. පෙම්වතුන් අඹු සැමියන් වුණා. ආදරේ තව තවත් වැඩි වුණා. අපි දෙන්නා ආදර්ශවත් පවුල් ජීවිතයක්‌ ගත කරනවා කියලා ඉන් පස්‌සේ ලෝකයා කියන්න ගත්තා. ඔයාට මාවත්, මට ඔයාවත් අපි දෙන්නටම අපි දෙන්නව ආඩම්බරයක්‌ වුණා. ඔයා ගැන ලෝකයේ අය මගෙන් අහද්දී. මම හරිම උත්තර දුන්නේ හරිම උද්දාමයෙන්. ඒත්,

මුළු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ...
මගෙ හිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ

ඒත්... අද...., මගෙන් හැම කෙනෙක්‌ම ඔයා ගැන අහනවා... මට දෙන්න උත්තරයක්‌ නැහැ... මම මොනවද කියන්නේ. ලෝකයා විතරක්‌ ද.... මගේ හිතත් මගෙන් අහනවා ඔයා ගැන... දෙවියනේ.... මමවත් දන්නේ නෑ... ඔයාට මොනවද වුණේ....

මේ ගීය ගයන්නේ සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි... තනුවත් සංගීතයත් ඔහුගේ. ගීයේ පද රචකයා... මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර... ශෝකී රසයක්‌ උපද්දන ගීයක්‌... සංයෝගයත් වියෝගයත් දෙකම එකට එකතුවුණු නිර්මාණයක්‌.... මේ ප්‍රණීත් ගීත රචනය ගැන දැක්‌වූ අදහස....

"මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්‌... මේ වගේ අදහස්‌ තියෙන ගීයක්‌ ලියා දෙන්න කියලා සනත් නන්දසිරි සහෘදයා ඉල්ලීමක්‌ කළා. මම ගීය ලියුවා... මේක අත්දැකීමක්‌ නම් නොවේ... සිතිවිල්ලක්‌... රෙකෝඩ් කරන්න සුළු මොහොතකට කලින් ලියෑවුණු ගීයක්‌....

මට වේදනා නොදුන්නැයි
කීවත් කුමක්‌ කියයිදෝ
ඔබ මට දුකක්‌ නොවී යෑයි
කීවත් කුමක්‌ කියයිදෝ
මා හද පෙමින් ලියූවත්
ලොව මට කුමක්‌ කියයිදෝ

ඔයා මාව දාලා ගිහින්... විශ්වාස කරන්න පුලුවන් ද.... අපි දෙන්නගේ ආදරේ ආදර්ශයක්‌ කරගත්තු ලෝකයා... විශ්වාස කරයිද... ඔයා මාව දාලා ගියා කියලා... නෑ... මගේ හදවත වේදනාවෙන් පුරවලා.... ඔයා ඉවත ගියා කියල මම කීව්වොත්.... කිසිම කෙනෙක්‌ විශ්වාස කරන එකක්‌ නෑ.... මා අතහැරලා ඔයා ගියා... මට දුකක්‌ නෑ කියලා මම කිව්වොත්.... නෑ... ඒත් කිසිවකු විශ්වාස කරන එකක්‌ නෑ... ඔවුන් කියාවි ඇත්තටම මම ඉන්නේ දුකෙන් කියලා.. ඒ තරමට මම ඔයාට ආදරේ කළ බව ඒ අය දන්නවා..... මගේ හදවතේ තවමත් ඔයා කෙරෙහි ආදරයක්‌ ඉතිරිවෙලා තියෙනවා.... කියලා මම කිව්වොත්.... ලෝකයා මට මොනව කියයිද....

මේ ගීය ගසල් ශෛලියට නෑකම් කියනවා... ප්‍රණීත් වචන ටික මට ලියලා දුන්නා.... කිසියම් කෙනෙක්‌ වෙන් වුණාට පස්‌සේ දෙදෙනාගේ සබඳකම හොඳින්ම දැනගෙන සිටි ලෝකයා.... වෙන්වීම ගැන දන්නේ නෑ... පෙම්වතාගෙන් අහනවා පෙම්වතිය ගැන..... ඔහු දෙන උත්තරේ මොකක්‌ද.... මේක තමයි ගීයෙන් කියෑවෙන්නේ... මහාචාර්ය සනත් නන්දසිරි ගීය ගැන එසේ පැවසුවා.

ඔබ ගැන කීවා නොකීවත්
මිනිසුන් සිනා නොවෙයිදෝ
ඔබ නිවැරදියි කියූවත්
මිනිසුන් කතා නොවෙයිදෝ
ඔබ යළි මගේම වූවොත්
ලොව මට කුමක්‌ කියයිදෝ

ඔයා ගැන මම ලෝකයාට කිව්වත් නොකිව්වත්.... ඒ අය කවදා හරි දැන ගනීවි ඔයා මාව දාලා ගියා කියලා... ආදර්ශවත් පෙම් යුවළ...... ආදර්ශවත් අඹු සැමියන් දැන්.... වෙන්වෙලා..... කියලා මිනිසුන් අපිට හිනා වෙයි.... ඔයා වැරදි නැහැ... මමයි වැරදි.... කියලා මම ඒ අයට කියන්නම්.... මම හිතන්නේ නෑ... ඔවුන් එය විශ්වාස කරයි කියලා... ඒ අය එක එක කතා හදයි... ඔයා ආයෙත් මා ළඟට එන්න... එහෙම ආවොත්... ලෝකයා.... දොස්‌ කියන්නත් පුළුවන්... දොස්‌ නොකියන්නත් පුළුවන්... කුමක්‌ කියයිද.... කියා හිතන්නවත් බෑ....

සරල පදමාලාවක්‌ වුවත්... එහි ගැබ්ව තිබෙන අදහස... සත්‍යයක්‌... සමාජය... අනෙකා දෙස බලා සිටින අයුරු.... තවකෙකුගේ ජීවිතයට.... සමාජය එබිකම් කර බලන අයුරු.... ඒ නිසාම.... තීන්දු තීරණ ගත නොහැකිව උභතෝකෝටිකව සිතන අයුරු... මේ ගීයෙන් කියනවා.....

~~ මුළු ලොව මගෙන් අසාවී ~~

මුළු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ
මගෙ හිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ

මට වේදනා නොදුන්නැයි 
කීවත් කුමක්‌ කියයිදෝ
ඔබ මට දුකක්‌ නොවී යෑයි 
කීවත් කුමක්‌ කියයිදෝ
මා හද පෙමින් ලියූවත්
ලොව මට කුමක්‌ කියයිදෝ

ඔබ ගැන කීවා නොකීවත්
මිනිසුන් සිනා නොවෙයිදෝ
ඔබ නිවැරැදියි කියූවත්
මිනිසුන් කතා නොවෙයිදෝ
ඔබ යළි මගේම වූවොත්
ලොව මට කුමක්‌ කියයිදෝ

ගායනය :- නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය :- මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර
තනුව :- නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි
සංගීත් :- නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි 

-අජිත් අලහකෝන්
(උපුටා ගැනීම දිවයින පුවත්පතින්)

මායාවී ප්‍රේමය හදවත රිදවූයේ


~~ මායාවී ප්‍රේමය හදවත රිදවූයේ ~~

සරසවි ප්‍රේම කතන්දර රසවත්ය. අරාබි නිසොල්ලාස කතන්දර ද රසවත්ය. ඒ ඔබ අසා ඇති විදියටය.සරසවි ප්‍රේමය බොහෝවිට ක්‍රියාකාරීවන්නේ සරසවි අවකාශයේදී පමණක් යැයි ඇතැමුන්ගේ මතයයි.කොහොම වුණත් මේ සරසවියේදි බැඳී හාද ගැන ලියැවුණු කවි එමටය. ගීතද එමටය.අප්‍රමාණිතය. පුදුමෙට වගේ ඒවා මතකයෙන් ගිලිහෙන්නේ ද නැත.එකී ප්‍රේමය බුද්ධියෙන් හදවත දිහා බලයිද හදවතින් බුද්ධිය කිරා බලයිද කියා කාටවත් තක්සේරු කරන්නට බැරිය.කෙසේ වෙතත් අතළොස්සක් වූ සරසවි ප්‍රේමයන් මල්පල ගැන්වෙන බවත් බහුතරයක්ම සැහැල්ලු කෙළිලොල් සබඳතා බවත් සමාජ සම්මතය තහවුරු කරගෙන ඇත්තේය.

~~ තනිවෙන්නට මගේ ලොවේ ~~

තනිවෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ
සුවඳ මා ළඟින්//

සිව් වසරක පෙම් ගීතය
ගොළුවෙලා ගියාදෝ
අලුත් ලොවක ඔබ සතුටින්
කිරුළු පැලඳුවාදෝ

මායාවකි ප්‍රේමය මා
හදවත රිදවූයේ
සෝ ගීයකි දුක්බර වූ
සැනසුම කොහිවේදෝ

ගායනය :- ආචාර්ය වික්ටර් රත්නායක
පද :- බුද්ධදාස ගලප්පත්ති
සංගීතය :- රෝහණ වීරසිංහ

කහළ ගොඩේ තිබුණත් මැණික මැණිකමය. ප්‍රේමය කොතැන තිබුණත් වටිනා දෙයකි. ඒත් තිබිය යුතු තැන නොතිබී නොතිබිය යුතු තැනක තිබීම දුකකි. පාසල් ප්‍රේමයන් මෙන්ම සරසවි ප්‍රේමයන් ද අනිවාරත අපතයක යන්නේ ඒ නිසාමය. එවැනි ප්‍රේමයන් බොහෝ විට නූල කඩාගත් සරුංගල් සේ ඈතටම ඈතටම පාවෙයි . අතීතයේදි එසේ සිදුවූයේය.

වර්තමානයේදී එසේ සිදුවෙමින් පවතී. අනාගතයේදී ද එසේ සිදුවෙනවා ඇත. නමුත් හැබෑ ප්‍රේමවන්තයා කිසි දිනෙක වෛරක්කාරයෙකු නොවේ. ඔහුට කවදාවත් වෛර කරන්නට බැරිය. සරසවි පියස්ස යටදීම සිය ප්‍රේමවන්තියට විසිපාරක් පිහියා ඇනුම් දී මරා දැමූ ප්‍රේමවන්තයකු ගැන ඔබත් අසා ඇත. ගසා මරා දමනවාට වඩා ඇයට යන අහක යන්නට හරින්නට ඔහුට බැරි වූයේ කරුමයටය. තම රිදුණු හදවත බුද්ධියෙන් පිරිමැද අස්වසාගන්නට ඒ

ප්‍රේමවන්තයාට නොහැකි වූයේ කරුමයටය.

මේ ගීතයට පාදක වූයේ ද ප්‍රේම පලහිලව්වකි. ඒ ද සරසවි ප්‍රේමයකි. ප්‍රේමය බිඳීයාම නිසා ඇතිවූ ශෝකය මත ආලෝකමය බුද්ධි කදම්භයක් ආරෝපණය කරන්නට බුද්ධිට ඕනෑ විය. ඔහු බුද්ධදාස ගලප්පත්ති නම් වූ කවියාය.

අසූව දශකයේදි බිහිවූ මේ ගීතය සංගීතවත් කළේ සංගීතවේදී රෝහණ වීරසිංහයන්ය. ගායනා කළේ ශ්‍රී ලාංකේය සංගීත ක්‍ෂෙත්‍රයේ ඒක පුද්ගල ප්‍රසංගාවලි ඉතිහාසයේ සදාතනික රත්නමය මුද්‍රාවක් තබන්නට සමත්වූ වික්ටර් රත්නායක නම් වූ සංගීත වේදියාණන්ය. ගණනින් 1400 ඉක්මවූ ඔහුගේ ප්‍රසංගාවලියේදි ද මේ ගීතය ගැයුනේ සුවහසක් පී‍්‍රති ඝෝෂා මධ්‍යයේ බව ඔබට මතකය. බුද්ධි ගීතය ගැන මෙසේ කියයි.

’මේ ගීයට පාදක වුණේ සරසවි ප්‍රේමය. එය ඍජුවම මගේ අත්දැකීමක් නොවුණත් සරසවි බිමේදී නිතර අත්දකින සිදුවීම් ඇසුරින් පරිකල්පනයෙන් තමා ඒ පදවැල නිම වුණේ. බොහෝ සරසවි ප්‍රේම කතා සරසවියෙන්ම කෙළවර වෙනවා යයි සම්මත මතයකුත් තිබෙනවානෙ. මට ඕනෑ කළේ ප්‍රේමයේ වියෝගය වෛරයකට හරවා නොගත් ප්‍රේමවන්තයෙකුගේ චිත්ත ස්වභාවය පෙන්නුම් කරන්නයි..’

ඉතින් පි‍්‍රය සොඳුර ඔබ රිසි තැනකට ඔබ යන්න. මම මගේ ප්‍රේම රැහැනින් ඔබව මුදා හරින්නම්. මා ඔබට වෛර කරන්නේ නැත. නමුත් අප බැඳී උන් ප්‍රේම දැහැනේ මතක අදටත් මා හැර යන්නේ නැත. ඒ මතකය මට වේදනාවකි. ඒ මතකය පොරෝණය කරගත් ඔබේ සුවඳ මා වෙතින් රැගෙන යනු මැනැවි. මට හුරුපුරුදු හුදෙකලාවේ මා නිමග්න කර ඔබ දුරක යනු මැනවි. සිව් වසරක සරසවි පේ‍්‍රම ගීතය නිමා කර ඔබ අලුත් ලොවකට පියනඟයි. ප්‍රේමය මායාවකි. එය ඔබම මට පසක් කළෙහිය.


-යමුනා මලිනී පෙරේරා
(උපුටා ගැනීම සිළුමිණ පුවත්පතින්)

මළ සිරුරු ”මමි”කරන මිසර අබිරහස

සාමාන්‍ය ජනතාවගේ කෙසේ වෙනත් සම්භාවනීය සුවිශේෂී පුද්ගලයන්ගේ මළසිරුරු වැඩි කාලයක් තබාගන්නට ඒ ඒ රටවල ජාතිකයින් ද අදහස් කරන්නේ මියගිය අය පිළිබඳව අනාගතයට ද කරුණු දැනගැනීම පිණිසය. එය ජාතියක් ආගමක් හෝ වෙනත් ආකල්පයක් මුල්කරගෙන නොව මියගිය අයගේ ශ්‍රේෂ්ඨත්වය මුල්කරගෙනය. යුදෙව්වන් ඇණ ගසා මරා දමන ලද යේසුස් වහන්සේගේ සිරුර ද එම්බාම් කොට සුවඳ විලවුන් ගල්වා තැබූ බව බයිබලයේ සඳහන් වෙයි. ලෝකයෙන් අඩක්ම තමාගේ අණසක යටතට ගත් ‘‘මහා ඇලෙක්සැන්ඩර්’’ අධිරාජයාගේ සිරුර ද මී පැණියේ බහා තැන්පත් කරන ලද අතර එංගලන්තයේ විසූ අති දක්‍ෂ හමුදාපාලකවරයකු වූ ‘‘නෙල්සන් සාමි”ගේ සිරුර බ‍්‍රැන්ඩි යොදා එම්බාම් කරන ලදී. අපේ රටේ විසූ අග‍්‍රගන්‍ය යතිවරයාණන් වහන්සේ කෙනකුන් වන සුප‍්‍රකට කවියකු වූ ‘ෂඞ්භාෂා පරමේෂ්වර තොටගමුවේ ශ්‍රී රාහුල” හිමියන්ගේ දේහය අදත් ‘ගෝවේ’ එක්තරා ස්ථානයක ජරා නොවන සේ සකසා ඇත්තා සේ ම රුසියාවේ ”ලෙනින්”, චීනයේ ‘‘මාවෝ සේතුං’ වැනි සුප‍්‍රකට රාජ්‍ය නායකයන්ගේ සිරුරු ද එම්බාම් මගින් කල්තබාගෙන ඇත.


මළ සිරුරු වැඩි කලක් හෝ තමන්ට ඇවැසි කලක් ඔසුගන්වා තැබීමේ මේ ක‍්‍රමය ලොවපුරා විහිදී ඇත්තේ මිසරයේ පිරමිඩ සංස්කෘතියෙන් බව ඉතිහාසඥයන්ගේ අදහසකි. ආදී මිසර වාසීන් මියගිය තම ඥාතීන්ගේ සිරුරු අති ප‍්‍රබල සුවඳ විලවුන් ගල්වා කාන්තාරයේ වැලි යට සඟවා තැබීමේ ක‍්‍රමයක් පවත්වාගෙන ගිය බව පුරාවිදු දරුවෝ සොයාගෙන තිබේ. මෑත යුගයක එහි කරන ලද පුරාවිදු කැණීම්වලදී වැලි යට තිබූ සුවඳවත් මළසිරුරු සොයාගත හැකි වූ අතර ඒවා වසර 4000ක් 5000ක් වැනි දීර්ඝ කාලයක් ජරා ජීර්ණ නොවී ඇත්තේ වැලිකතරේ අධික තාපය සහ සුවඳ විලවුන් වල ආශ්චර්යය නිසාය. ක‍්‍රි. පූ. 4500 දී පමණ නොගැඹුරු වූ වැලි වළවල්හි  මළ සිරුර තැන්පත් කිරීම ආරම්භ වූයෙන් ඒවා අධික ලෙස වැලි රත්වීම මත ‘දර ලී’ තරමට ‘කර වී’තිබිණ.

අද වත්මන් ලොව මෙන්ම එදා මිසරයේ විසූ ප‍්‍රභූ පැළැන්තියේ ශ්‍රේෂ්ඨ නරවිරුවන්ගේ සිරුරු ද චිරාත් කාලයක් තබා ගත යුතු යයි දැරූ සංකල්පනාව මත පෙර කී ක‍්‍රමයට වඩා නව මං සොයමින් දියුණු අඩියකට පත් ඔවුහු ‘‘පිරමීඩ‘’ නිර්මාණය කරන්නට පවා ඉදිරිපත් වූහ. පැරණි ලොව පුදුම හතට ඇතුළත් මිසරයේ රාජකීය සොහොන් ‘පිරමිඞ්’ නමින් ප‍්‍රචලිත වූයේ ඉන් අනතුරුවය.

මිසරයේ පිරමීඞ්වල තැන්පත් කොට ඇති ආදී කාලීන ශ්‍රේෂ්ඨ රාජකීයයන්ගේ සිරුරු ඉතා දිගු කලක් මුළුල්ලේ ස්ථාවරව තබාගැනීම සඳහා ඔවුන් විසින් අනුගමනය කරන ලද ක‍්‍රියාදාමය ලොව මවිත කරවනසුළුය. නවීන විද්‍යාවට පවා ඉමහත් අභියෝගයක් වූ මෙම මළසිරුරු හෙවත් ‘‘මමී’’ පුරා වසර දහස් ගණනාවක්ම නොනැසී පවත්වා ගෙන යන්නට ආදීයේ විසූ මිසර කාර්මිකයන් කරන ද එම්බාම් ක‍්‍රමය අදටත් ප‍්‍රසිද්ධ රහසක්ව පවතී.

මීට වසර දහස් ගණනකට පෙරතුව පිරමීඞ්වල තැන්පත් කළා වූ රාජකීය මළ සිරුරු හෙවත් ‘මමී’ තවමත් එදා මෙන්ය. ඇතැම් ඒවා අඩ නින්දේ මෙනි. තවත් ඒවා හි විශ්මයද ශෝකය ද සතුටද පළ කෙරෙයි. සමහර මමී උසුළු විසුළු රූපයකි. එහෙත් දුඟඳක් තබා  අමිහිරි බවක්වත් ඒවා හි නැත. ඇමෙරිකානු ජාතික ‘‘කාවර්ඞ්ද කාටර්’ විද්වතාණන් විසින් කරන ලද නයිල් නදීබඩ විශ්මිත කැනීමකද හමුවූ ‘තුතන් කාමන්’ පාරාවෝ රජුගේ මළ සිරුර මත එතුමාගේ දේවිය විසින් තබන්නට ඇතැයි විශ්වාස කරන රතු රෝස මල් පොකුර අද පිපුණාක් මෙන් ජීවමාන වුවද එය තබන ලද්දේ ක‍්‍රි.පූ, 3000 දී වීම මොන තරම් මවිතයට පත් කරවනසුළුද?  කැණීම් කරන වකවානුව වන විටත් පුරා වසර 4200ක් තරම් ගතවී තිබුණ නමුත් එදා ‘තුතන් කාමන්’ රජු අදත් එසේමය. කි‍්‍ර.පු. 5900කට පෙර මියගිය ‘රැම්සේ’ රජුගේ මළ සිරුර තැන්පත් කළ පිරමීඩය තුළින් පුරා වසර 6000කට පසු ඔහු යළිත් මිනිස් ලොවට දර්ශනය වූයේ එදා මෙන්මය.

මෙතරම් දීර්ඝ ඉතිහාසයකට මළ සිරුරු කල්තබා ගන්නේ කෙසේද යන්න දැනගැනීමට කිසිදු ලිඛිත හෝඩුවාවක් මේ වන තුරුත් මිසරයෙන් හමු වී නැත. පරම්පරාවෙන් පරම්පරාවට මේ රහස රහසක් වශයෙන් තබාගන්නට ඔවුන් ගිවිසගෙන ඇත්තා සේය.එහෙත් මේ මහත් අභිරහස පිළිබඳව දැනට ලොවට ඉතිරි වී ඇති එකම ලිඛිත සාක්ෂිය ක‍්‍රි.පූ. 5 වැනි සියවසෙහි ග‍්‍රීසියේ විසූ ශ්‍රේෂ්ඨ ඉතිහාසඥයකු වූ ‘හෙරොඩෝටස්’ගේ වාර්තාවක් පමණි. එවකට විසූ මිසර රාජකීයයන්ගේ මළ සිරුරු බෙහෙත් ගල්වා ‘එම්බාම්’ කරමින් ‘මමී’ බවට පත් කරවන අයුරු ඔහු සියැසින්ම දැක ඇති අතර එය විශ්මය ජනක ලෙස මතු පරපුර වෙනුවෙන් ලියා තිබේ.

‘‘මිසරයේ රාජකීය ප‍්‍රභූවරයකු මිය ගිය පසු පූජකවරයකුගේ ප‍්‍රධානත්වයෙන් යුත් පෙරහරකින් නයිල් ගඟ බඩට එය ගෙන යන ලදුව සුවිශේෂ ඔරුවක පටවා ගෙඟහි බටහිර වෙරළ දක්වා ගෙන යයි. එම වෙරළබඩ තනා ඇති විශේෂ කුටියකට ගෙන යන මළ සිරුර සුවඳ විලවුනෙන් නහවා මිනිය කපන්නා වූ ප‍්‍රධාන ශල්‍ය කාර්මිකයාට (එම්බාම් කරු) භාරදෙයි. ප‍්‍රධාන ශිල්පියා ඊටම සුදුසු වූ ඇඳුමින් සැරසී වෙස් මුහුණක් ද පැළඳ කාරියට සූදානම් වෙයි. පළමුව ඔහු මිසර වාසීන් මියගිය පසු එම පුද්ගලයා වුවමනා ස්ථානයට කැඳවාගෙන යන ‘‘අනුබීස්’ නමැති දෙවියා සිහිකොට ඉතියෝපියාවෙන් ගෙන්වන ලද අති විශේෂ ගල් පතුරක් මගින් සිරුරේ වම්පස උදරය අඟල් 5ක් පමණ දිගට කපා දමයි. ඒ සමගම ඔහු එතැනින් ඉවත්වන අතර පාරිශුද්වන්තයකුගේ සිරුර කෙලෙසූ අයකු ලෙස ඔහු ලූහුබඳිමින් පහර දෙන සම්ප‍්‍රදායික සංකේතාත්මක දඬුවමකට මුහුණ දෙන්නට ද සිදුවෙයි.

මෙම ක‍්‍රියාවලියෙන් පසුව දීර්ඝ වූ කි‍්‍රයාවලියකට මුල පුරයි. පලා ඇති උදර කුහරයෙන් එළියට ගන්නා අතුණු බහන්, පෙනහලූ, වකුගඩු සහ සෙසු අවයව පරෙස්්සමින් කපා බඳුන් හතරකට දමයි. සිරුර පුරා ඇති සියලූම නාළ පවා එළියට ඇද දැමුව ද කිසි විටෙකත් හදවතට හානියක් නොකරයි. (මීට හේතුව ජීවත්ව සිටියදී ඔහු මිනිසකු වශයෙන් කරන ලද පව්xපින් ආදිය එලොවදී මැන බැලීමට හදවත අත්‍යවශ්‍ය යයි ඔවුන් සිතන බැවිනි)
කෙසේ නමුත් මුළු සිරුරම හිස් බෙනයක් බවට පත් කරන අතර කිසියම් දියර ඔසුවක් මගින් ඇතුළත හොඳින් සෝදා හරියි. එය ඔවුන් කීවේවත් කියන්නේවත් නැති රහස් ඔසුවකි. අනතුරුව සිරුරේ පිටතට එල්ල වෙන මැසි මදුරු උවදුරු වැඩලීම සඳහා තවත් සුවඳ ඔසුවක් ආලේප කරනු ලබයි. අනතුරුව කෙරෙන්නේ සිරුරේ ඇති තෙතමනය ඉවත් කිරීමේ කාර්යයි.

සාමාන්‍යයෙන් මිනිස් සිරුරේ හතරෙන් තුන් පංගුවක්ම ඇත්තේ ජලයයි. ඒ නිසාමය මියගිය සිරුර ඉක්මනින්ම කුණුවී ජරා ජීර්ණ වී යන්නේ. එනිසා ඔවුන් එහි අන්තර්ගත ජලය (තෙතමනය) ඉවත් කිරීම සඳහා කිසියම් නොදන්නා වූ ගුප්ත ක‍්‍රමයක් කරන ලද බව හෙරොඩෝටස් දක්වයි. මෙය මහත් වූ අභිරහසක් බැවින් ඒ පිළිබඳව ඔහුගේ සටනෙහි කිසිදු තොරතුරක් නොදැක්වෙන අතර එය කරන්නට ඇත්තේ මෙලෙසින් යයි වත්මන් විදු දරුවන් දක්වා තිබේ.
සෝඩියම් බයිකාබනේට් සහ සෝඩියම් ක්ලෝරයිඞ් යන රසායනිකයන්ගේ එකතුවෙන් නිර්මාණය වන ‘නේට්රන්’ නමැති රසායන ද්‍රව්‍ය මළ සිරුර වටා ගොඩගැසීමෙන් සිරුරේ තෙතමනය ඉවත් කරන්නට ඇත. නේට්රන් නමැති රසායන ද්‍රව්‍යයට මිනිස් සිරුරක පවතින තෙතමනය ක‍්‍රමානුකූලව උරාගැනීමේ හැකියාව ඇති නිසා ඔවුන් විසින්ද පුරා දින 30-40 අතර කලක් මළ සිරුර වටා මෙම රසායනිකය ගොඩ ගසා තබන්ට ඇත.


මළ සිරුර එම්බාම් කොට පිරමිඩයක තැන්පත් කිරීමට සුදුසු වනතුරු දින 40 ක් පමණ ගත වෙන බව ‘හෙරොඩෝටස් දක්වා ඇති සටහනත් මළ සිරුරක්  එම්බාම් කරන්නට දින 40ක් පමණ ගතවෙන බවත් බයිබලයේ දක්වා ඇති සටහනත් අනුව ඉහත කී වත්මන් විදු මතය පිළිගැනීමට හේතු තිබේ.

මළ සිරුරේ තෙතමනය ඉවත් කිරීමෙන් අනතුරුව සිරුරේ ඇතුළත හිස් වූ කුහරය විශේෂ වූ ලී කුඩු හෝ රසායනික ඔසුවක් යෙදු රෙදි වලින් පුරවයි. ඉන් පසු උදරය පැළු සිදුර රන් පතුරකින් අවහිර කොට මසා දමයි. මළ සිරුරේ නියපොතු ආදිය සායම් ආලේප කිරීමෙන් පසු හිසකෙස් සැකසීම මියගිය අය පුරුෂයකු නම් ඔහු ජීවත්ව සිටිය දී හිස පීරන අයුරින්ද කාන්තාවක නම් සුදුසු පරිදි ගෙතීමකින් ද  කොණ්ඩය සකස් කරයි. මිය ගිය පුද්ගලයා ජීවත්ව සිටියදී පැවැති අයුරින්ම ඔහුගේ හෝ ඇයගේ මුහුණ පිළිබිඹු කිරීම සඳහා දෙනෙත් වලට මැණික් ගල් විශේෂයක් උපයෝගී කරගන්නා අතර මුළු සිරුරම මිසරයටම ආවේණික වූ සුවඳ විලවුන් බඳුනක බහාලයි. අවශ්‍ය පරිදි මී පැණි ගල්වා දමන සිරුර රෙදි යාර 150ක  ප‍්‍රමාණ ගෙන තදින් ඔතා දමමින් සියලූ කාර්යයන්ම නිමා කෙරෙයි.

වටිනා ලෝහමය පෙට්ටියක තැන්පත් කරන දේහය හිමිකරුවා පුරුෂයකු නම් දෙඅත් පපුව මත තබා බැඳගෙන සිටින අයුරින් ද කාන්තාවක නම් දෙඅත් දෙපසට තබමින් ද සකස් කරගනී. පසුව සියලූ ශල්‍ය කටයුතු නිමාව දුටු දේහය කලින් සකසන ලද පිරමීඩය වෙතට ගෙනයයි. මෙලොව වාසය කරද්දී ඔහු ගත කළ අයුරින්ම පරලොවදී ද ගත කිරීම සඳහා ඔහු පි‍්‍රය කළ ආහාරපාන, ඇඳුම් බැඳුම්, සටන්වලට අවශ්‍ය කඩු, දුණු, ඊතල, ගමන් කිරීම සඳහා ඔරු පාරු, රැවුල් බෑම සඳහා දැලිපිහි, මෙන්ම වියදම් වෙනුවෙන් රන් මිණි මුතු ද මළ සිරුර සමගම පිරමීඩයේ තැන්පත් කරයි. සියල්ල නිමා වෙන්නේ දැවැන්ත ගල්කුට්ටි වලින් සැකසුණු පිරමීඩයෙහි දේහය තනිකර දමා සදාකාලයටම වසා දැමීමෙනි.
පිරමීඩය තුළ හිරවූ දේහය වෙනුවෙන් සාදයක් පැවැත්වීම ඉන් අනතුරුව කෙරෙයි. ඒ වෙනකක් නිසා නොව ඔවුන්ගේ පරලොව රජු වශයෙන් සැළකෙන ‘‘ඔසිරිස් (ධීෂඍෂී) දෙවියා සැනසීම සඳහාය. මියගිය පුද්ගලයාගේ හදවත කිරා බලන්නේ මේ දෙවියන් විසින්ය. (එහෙයින්ය ඔවුන් මළ සිරුරේ සියලූම අංග ඉවත් කළ ද හදවත ඉවත් නොකරන්න) මියගිය පුද්ගලයාගේ හදවත ‘පව්’ වලින් බර නම් අති භයානක කිඹුල් හිසක් සහිත යක්ෂයකු විසින් ගිල දමනු ලබයි. පින් කාරයකු නම් ඔහුට හෝ ඇයට එළොවදී නිත්‍ය සැනසීම හිමිවෙයි. පිරමීඩයක් තුළ සදාකාලයටම තැන්පත් වන මිසර ‘මමී’මේ විදියටම නිමාව දකී.

උබේසේකර කුමාරසිංහ නිකවැරටිය

දෙයියෝ සාක්කි

ගුරුවරයා මුදලාලිගේ කනෙනුත් රිංගලා

රැකියාවක නියුතු ඔහු විවාහකයෙකි. ඔහුගේ එක් විනෝදාංශයක් වූයේ කාන්තාවන්ට දුරකථනයෙන් ඇමැතීමයි. දිනක් ඔහු දුම්රිය මැදිරියක ලියා තිබූ දුරකථන අංකයකට ඇමැතීය. ‘‘කොහෙන්ද ඔයාට මේ නොම්මරේ”. කාන්තාවක් එහා කොනෙන් ඇසුවාය. ‘‘මේකෙන් ‘මිස් කෝල්’ එකක් තිබුණා. ඔහු පැවසීය. කෙසේ හෝ දෙදෙනා අතර සම්බන්ධතාවක් ගොඩ නැගිණි. ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක් බවත් සැමියා අතහැර ගොස් ඇති බවත් රැකියාවක් කරන බවත් ඔහු හෙළි කර ගත්තේය. දින කිහිපයකින් ඔහු හෝටලයකට ගොස් කතා කිරීමට ඇයව එකඟ කර ගත්තේය. ‘‘මේ දවස්වල මගේ අතේ සල්ලිත් නැහැ. ඔයාට පුළුවන්ද කාමර කුලිය රුපියල් දාහක් අරන් එන්න. මම පඩි අරන් ඔයාට ඒක දෙන්නම්.” ඇය කැමැති වූවාය. තම සුපුරුදු හෝටලයට ගොස් පැය කිහිපයක් එහි ගත කර ඇයගෙන් රුපියල් දාහක් ලබාගෙන එළියට වී සිටින ලෙස ඇයට පැවසුවේ හෝටලයේ සේවකයන් ඇය දකීවි යැයි පවසමිනි. ඔහු කාමර කුලිය වශයෙන් රුපියල් පන්සීයක් ගෙවා ඉතිරි මුදල තම සාක්කුවට දමා ගත්තේය. ටික වේලාවකින් කාන්තාව ඇමතුමක් දෙමින් ‘‘ඔයා කොහෙද? පරෙස්සමෙන් යන්න’’ යැයි කීවාය.

කත රවටා ගත් රු. 1000 න් 500 ක් සාක්කුවේ

 රැකියාවක නියුතු ඔහු විවාහකයෙකි. ඔහුගේ එක් විනෝදාංශයක් වූයේ කාන්තාවන්ට දුරකථනයෙන් ඇමැතීමයි. දිනක් ඔහු දුම්රිය මැදිරියක ලියා තිබූ දුරකථන අංකයකට ඇමැතීය. ‘‘කොහෙන්ද ඔයාට මේ නොම්මරේ”. කාන්තාවක් එහා කොනෙන් ඇසුවාය. ‘‘මේකෙන් ‘මිස් කෝල්’ එකක් තිබුණා. ඔහු පැවසීය. කෙසේ හෝ දෙදෙනා අතර සම්බන්ධතාවක් ගොඩ නැගිණි. ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක් බවත් සැමියා අතහැර ගොස් ඇති බවත් රැකියාවක් කරන බවත් ඔහු හෙළි කර ගත්තේය. දින කිහිපයකින් ඔහු හෝටලයකට ගොස් කතා කිරීමට ඇයව එකඟ කර ගත්තේය. ‘‘මේ දවස්වල මගේ අතේ සල්ලිත් නැහැ. ඔයාට පුළුවන්ද කාමර කුලිය රුපියල් දාහක් අරන් එන්න. මම පඩි අරන් ඔයාට ඒක දෙන්නම්.” ඇය කැමැති වූවාය. තම සුපුරුදු හෝටලයට ගොස් පැය කිහිපයක් එහි ගත කර ඇයගෙන් රුපියල් දාහක් ලබාගෙන එළියට වී සිටින ලෙස ඇයට පැවසුවේ හෝටලයේ සේවකයන් ඇය දකීවි යැයි පවසමිනි. ඔහු කාමර කුලිය වශයෙන් රුපියල් පන්සීයක් ගෙවා ඉතිරි මුදල තම සාක්කුවට දමා ගත්තේය. ටික වේලාවකින් කාන්තාව ඇමතුමක් දෙමින් ‘‘ඔයා කොහෙද? පරෙස්සමෙන් යන්න’’ යැයි කීවාය.

‘මත්තල’ තියෙන්නේ දෙසැම්බර් 25 වැනිදා ගුරුවරියකගෙන් අපූරු උත්තරයක්

ටීචර් ”මත්තල” තියෙන්නේ කොහේදැයි සිසුවියක ගුරුවරියකගෙන් ඇසුවාය. දෙසැම්බර් 25 වැනිදා යැයි ඇය උත්තර දුන්නාය. මේ දෙබස් ඇසුණේ සියනෑවට යාබද ගම්මානයක උපකාරක පන්තියකදීය. ලබන වසරේ පහේ කඩඉමෙන් පන්නන්නට පැවැත්වෙන උපකාරක පන්තියකි. ප‍්‍රසිද්ධ පාසලක සේවයේ නිරත ගුරුවරියක මෙහි උගන්වන්නීය. ඇගේ සේවය ලබා ගන්නට එන්නේ ඇගේ පාසලේ දරුවන් පමණය. ඔවුන් එන්නේද කැමැත්තකින් නොවේ. ඇගෙන් මවුපියන්ට කෙරෙන බල කිරීමට තම දරුවන් එවන්නේ ගුරුවරිය අමනාප කරගන්නට බැරි නිසාය. රටතොට ගැන හොඳ දැනුම් තේරුම් ඇති දරුවෝද මේ පන්තියේ සිටිති. ගුරුවරිය පන්තියෙන් ඉවතට ගිය විටකදී දරුවෙක් තම දැනුම පෙන්වන්නට වූයේය. ලංකාවේ ගුවන් තොටුපළවල් මොනවාද ඔහු අනෙක් අයට කියා දුන්නේය. දිවයිනේ අලූත්ම ගුවන්තොටුපළ මත්තල ඉදිකෙරෙන බවද ඔහු සගයන්ට කීවේය. මත්තල ඇත්තේ කොහිදැයි ඔහු කියන්නට නොදැන සිටියේය. ඒ ගැන ටීචර්ගෙන් අහමු යැයි දැරියක් කීවාය. ඒ අනුව ඇයගේ ප‍්‍රශ්නයට ගුරුවරිය උත්තර දුන්නේ දෙසැම්බර් 25 වැනිදා කියාය. අනේ ටීචර් එදාට නත්තල්නේ. ගුවන් තොටුපළක් හදන මත්තල තියෙන තැන අපි දන්නේ නැහැ. දරුවන් ඇයට කියද්දී මන් දන්න මත්තලක් නැහැ. මේ ළමයින්ටත් ඕන නැති දෙයක් නැහැ පාඩම බලාගන්නවාලා කී ගුරුතුමිය වේවැල අතට ගත්තාය. දරුවන් එන තුරු එළියට වී සිටි මවුවරුන් දෙදෙනෙකුට මේ කතාව ඇසුණු නිසා දැන් කටින් කට යද්දී මේ ගුරුවරියට ”මත්තල ටීචර්” යැයි නමක් පටබැඳී අවසන්ය.

බසයට රිංගු ගැරඬියාගෙන් ප‍්‍රවේශපත් මුදල් ඉල්ලලා

මඩකළපුවේදී ”ලංගම” බසයකට රිංගාගත් ගැරඬියකු කලවංචිකුඩියේදී බසය තුළ මහත් කලබැගෑනියක් සිදුකොට එයින් බැස යන්නට දැරූ උත්සාහයක් නිසා එම බසය විනාඩි විස්සක් පමණ පාර මැද නතර කර තැබූ සිද්ධියක් මඩකළපුව-කල්මුණ ප‍්‍රධාන මාර්ගයෙන් වාර්තා වේ. පෙරේදා 19 මඩකළපුව-කල්මුණ නගරාන්තර ලංගම බසයක් සවස 2.45ට පමණ කල්මුණ බලා ගමන් අරඹා තිබිණි. එය කලවංචිකුඩි ප‍්‍රදේශයේදී එක්වරම පාර මැද නතර කළ රියදුරා කෑගසා රියැදුරු අසුනෙන් ඉවත්ව පැන ගියේය. මගීහු අන්දුන්කුන්න් වෙමින් වටපිට බැලූ අතර කීපදෙනෙක් දෙමළ භාෂාවෙන් ”පාම්බු... පාම්බු” යැයි කෑගැසූහ. එහෙත් ”පාම්බු” ඇසුරු සැණකින් ඇන්ජිම කොටසට රිංගා අතුරුදන් විය. බොහෝ වේලාවක් කෝටුවලින් ඇන අහුමුළුවල බැලූ පසු ඌ එළියට දැමීමට හැකිවිය. එහෙත් බැස ගියේ ”පාම්බු” කෙනෙකු නොව ගැරඬියෙකි. ගැරඬියා තණ නිල්ලට පැන කැලෑවට ඇදෙනු දුටු මගියකු ” ඕයි... සල්ලි දීලා යනවා” යැයි කියා කෑගසද්දී මගීහු උස් හඬින් සිනාසුණහ.

උපුටා ගැනීම ලංකාදීප