සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

නව ලිපි

HTML දෙවන පාඩම



හරි ඉතින් sublime editor එක install කර ගත්තනේ. දැන් ඉතින් පටන් ගමු අපි පලවෙනි වෙබ් පිටුව ලියන්න , sublime editor එකම පාවිච්චි කරන්න කියල එකක් නැ හොදේ තමන්ට කැමති text editor එකක් පාවිච්චි කරන්න් පුලුවන්!

HTML සමන්විත වෙන්නේ tags වලින් ඒවා වරහන් සමග තමයි යොදාගන්නේ.

<tagname>අන්තර්ගතය</tagname>

මුලින්ම අපි අලුත් html file එකක් හදාගමු

මම දිගටම මෙම පාඩම් වලට පාවිච්චි කරන්නේ sublime editor එක ඔයාලට කැමති text editor එකක් පාවිච්චි කරන්න පුළුවන්.

මුලින්ම text editor එකේ අලුත් file එකක් අරන් එක කැමති නමකින් .html හරි .htm කියලා හරි save කරගන්න.



ඊට පස්සේ පල්ලෙහා තියෙන code එක copy paste කරලා save කරගන්න.


<!DOCTYPE html>
<html>
    <head>
        <title>My first html page</title>
    </head>     
<body>

    <h1>Hello World....!!!</h1>

</body>

</html>


දැන් save කරගත්ත file එක double click කරලා open කරලා බලන්න :)

ඊලග පාඩමෙන් අපි හදාගත්ත මේ වෙබ් පිටුවේ අන්තර්ගත වෙලා තියෙන code එකේ එක් එක් කොටස ගැන විස්තර සමග හමුවෙමු.

http://schlk.net/members/theekshana-kaushalya-k.22/

පාවෙන හිත…


හිස්කමින් පිරුණු කාන්සියට,
හිදගන්න විට ඇවිත් පිල උඩ,
උන්නේ මේ මා ලග…

නොහැකි බව යන්නට,
කෙලෙසකින්වත් මා අත් හැර,
සිටියෙමි මම පාඩුවේ ,
ඉන්නට දී උන්දැට උන්ගේ පාඩුවේ…

ටිකකින් මේන් පටන්ගත්තා
සක්මන මට පේන මානයේ…

මටත් දැනුනු අස්වැසිල්ලට,
තරවටු නොකර වචනයකින,
වෙන දෙයක් වෙන්නට හැර,
සිටියෙම කරබාගෙන…

විද උපරිමව දුන් නිදහස,
ගොස් මට උරුම නැති මානයට,
හැරි සිටි බලාන මා දෙස,
කදුළු එකතු කර මාගේ දැසට…

කෙලෙස නම් නවත්තන්න ද?
කියන දෙයක් කනට නොගන්නකොට…
හිතුවක්කාරයි දැන් නම් හොදටෝම…
මගේම මුරණ්ඩු සිත…

Opera Mini mobile browser එකේ සිංහල පෙන්නන්න හදාගමු

 

මේක නම් ගොඩක් කට්ටිය දන්නවත් ඈති. බොහොම සුළු දෙයක් කරන්න තියෙන්නෙ
මුලුන්ම Opera Mini mobile browser එක බාගෙන නැත්තම් බාගන්න මෙතන ක්ලික් කරන්න.

ඊට පස්සේ පල්ලෙහා විදිහට address bar එකේ opera:config කියලා ටයිප් කරන්න.



ඊළගට පල්ලෙහා තියෙන use bitmap fonts for complex scripts option එක yes select කරලා save කරන්න

.

දැන් සිංහල සයිට් එකකට ගිහින් බලන්න :)

Cool vbscripts ටිකක් මෙන්න

අද මම පොඩි cool vbscripts ටිකක් අරන් ආවා.

මේ vbscript එකෙන් වෙන්නේ CD Tray එක ඇරිලා වැහෙන එක අපි vbscript එක නවත්තනකම් run වෙනවා.



මේ vbscript එකෙන් වෙන්නේ වෙන්නේ එක දිගට බීප් වෙවී යන එක



Keyboard එකේ Num Lock, Caps Lock හා Scroll Lock ලයිට්ස් 3නම පත්තු වෙනවා මේ vbscript එක run කරාම.
  



කැමති දෙයක් කොම්පුටරේට කියන්න දෙන්න පල්ලෙහා තියෙන කෝඩ් එක notepad එකේ හරි කැමති text-editor එකක paste කරලා .vbs කියල save කරන්න.

Do
StrText=("your computer will be exploding in")
strText2=("10 seconds")
set ObjVoice = CreateObject("SAPI.SpVoice")
ObjVoice.Speak StrText
ObjVoice.Speak StrText2
Loop

නැත්තම් මෙතන ක්ලික් කරලා vbscript එක බාගෙන එක edit කරගන්නත් පුළුවන්. BOLD කරලා තියෙන තැන් වලට කැමති text එකක් දැන් ටෙස්ට් කරලා බලන්න

run වෙන vbscripts නවත්තන්න Ctrl + Alt + Delete එක වර ඔබලා Task Manager එකට යන්න නැත්තම් පහල තියෙන විදිහට task bar එකේ right click කරලා Task Manager යන්න


ඊට පස්සේ wscript.exe එක end process කරන්න :D


HTML පළමු පාඩම

HTML පළමු පාඩම

මේ පාඩම් මාලාව මම කරගෙන යන්න හිතන් යන්නේ අඩු කතා වැඩි ප්‍රායෝගික දේවල් එක්ක පාඩම මම කරුණු වශයෙන් ඉදිරිපත් කරන්නේ එතකොට ඕනම කෙනෙක්ට ලේසියෙන් අඩු කාලෙකින් තේරුම් ගන්න පුලුවන් හින්දා:) විස්තර මදිනම් කොමෙන්ට් එකක් දාල ගුණ දොස් කියන්න හොදේ:) තව මොනවහරි ගැටලු එහෙමත් තියෙනම් ඒවත් මට මැසේජ් එකකින් දාන්න.

HTML කියන්නේ Hyper Text Markup Language


  • HTML ප්‍රෝගැ‍රැමින් Language එකක් නෙමේ Markup Language එකක්.
  • Markup Language හැදිලා තියෙන්නෙ markup tags වලින්.
  • HTML tags එකතු වෙලා හැදෙන document එකට අපි වෙබ් පිටු කියලා කියනවා.
  • ඉතාම සරල වෙබ් අඩවියේ ඉදන් ගොඩක් සංකීර්ණ වෙබ් අඩවි නිර්මාණය කරල තියෙන්නෙ HTML (Hyper Text Markup Language) එක භාවිතා කරලා.
මුලින්ම අපි text editor එකක් තෝරාගමු අපේ පලවෙනි වෙබ් පිටුව ලියන්න ඉස්සෙල්ලා :D

මෙන්න මේ ගුණාංග අපි තෝරාගන්න text editor එකේ තියේනම් ගොඩක් හොදයි.

1. code highlighting


2. තව කෝඩ් hinting තියෙනවනම් තවත් අපේ කාලේ ඉතුරු වෙනවා


3. ඒ වගේම opening tag එක ට closing tag එක auto insert වෙනවනම් ඒකෙනුත් අපේ කාලේ ඉතුරු වෙනවා!

ඉතින් මේ හැම දෙයක්ම තියෙන නොමිලේ දෙන මෘදුකාංගයක් තමයි Sublime Text මෘදුකාංගය.

මෙය ලබාගැනීමට පහත ලින්ක් වෙත පිවිසෙන්න
ඉතිරි කොටස ලබන සතියේ පල කරනු ලබයි!