සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

නව ලිපි

අතීතයේ පොළොවට අහසින් ප‍්‍රහාර පහක්

ඔබත් මමත් අපි සැවොම කුඩා කාලයේ අහසේ තරු ගණන් කිරීමට වෙහෙසුනෙමු. රාතී‍්‍ර අහස චමත්කාරජනකය. විශ්මය උපදවයි. දහස් ගණනින් විසිරී ඇති තරු ගනිද්දී මේවා කෙසේ ඇතිවූයේ දැයි අපි සිතුවෙමු. සඳු, ඉරබට තරුව, උදා තරුව, වෙනත් තාරකා, ග‍්‍රහලෝක, වල්ගා තරු හා උල්කාපාත මේ සියල්ල අපේ ළමා ලෝකයේ අපූරු විශ්මයජනක වස්තූ වූවේය. ඒවා කවදා කෙසේ ආරම්භ වන්නට ඇත්දැයි සිතන සෑම මොහොතකම අපි අසරණ වූයෙමු. නිශ්චිත පිළිතුරක් නැති මේ පැනයට පැරැණියෝ කියා සිටියේ එය සර්වබලධාරී දෙවියන් වහන්සේගේ මැවීමක් බවයි. එහෙත් දැන් විද්‍යාව දියුණු වී තිබේ. මේවා මැවීමක් නොවන බවත් විශ්වය පිළිබඳ අධ්‍යයනය කළ යුතු බවත් තේරුම් ගත් විද්‍යාඥයෝ දැන් විශ්ව

2013 ඔබට සුබ ම සුබ නව වසරක් වේවා!

ලබන්නා වූ නව වසර සියලු පැතුම් ඉටු වන සාමයෙන් සතුටින් පිරි නව වසරක් වේවා.......!!!!

උදාවන නව වසර ඔබේ ලග්නයට කොහොම වෙයිද ?

නව වසරේ ග‍්‍රහ ගමන ඔබේ අධ්‍යාපන ආර්ථික රැකියා මෙන්ම විවාහ ආදී කාර්යයන්ට බලපාන අයුරු මෙසේය. මේෂ ලග්නයට අනුව ලග්නාධිපති කුජ හා යෝග කාරක රවි, ගුරු බලයෙන් යුක්තව සිටින මොහොතේ උදාවන නව වසර ශුභඵලදායී අයුරින් ගතවන්නේය. ඔබගේ ආර්ථික, රැකියා, විවාහ ආදී කාර්යයන්හි  වැඩි දියුණුවට කටයුතු පිළියෙල වේ. මිල මුදල්  හෝ වෙනත් බාහිර ප‍්‍රශ්න ඇතිව අතහැර දමා තිබූ වැඩ නැවත ඇරඹීමට අවශ්‍ය කටයුතු සකස් වෙයි. විශේෂයෙන් විවිධ තරාතිරමේ අයගේ උදව් උපකාර මත අනාගත දියුණුවට හේතු වන කාර්යයන් රැසක් සකස් වේ.  වසරේ මුල් මාස 06 පැහැදිලි සුබපල රැසක් ගෙන දෙනු ඇත. ගරු නම්බු ලැබේ. මිල මුදල් ලාභ ගෙනදෙයි. ත

"යෝධයන්" කැපූ ඇළ

අති පැරණි යෝද ඇළ සැබැවින්ම ඇළක් නොව සැතැපුම් 54ක් දිගට කලාවැවේ සිට තිසාවැව දක්වා පිහිට වූ දික් වැවක් යයි කිව හැකි තරමට එහි නිර්මාණය අපූර්වත්වයෙන් පිරී තිබේ. වසර දෙදහසක් තරම් අතීතයට දිව යන දේශීය වාපී හා වාරි ශිල්පයේ මහිමය මූර්තිමත් කෙරෙන අද්විතීය නිර්මාණයක් වූ යෝධ ඇළේ ඉතිහාසය යෝධ ඇළ තරම්ම දිගය. රජකමට කෑදර වී සිටි කාශ්‍යප පුතා ”හම්බ කළ ධනය පෙන්වන්නැයි” පිය රජු වූ ධාතුසේනගෙන් ඉල්ලා සිටි විට ”මා රට - ජාතිය වෙනුවෙන් ඉපැයූ ධනය පෙන්වන්නට මා සමග එන්න” යයි පුතාට විධාන කොට තමන්ද අසු පිටට නැගී කලාවැව දක්වා ගමන් කර ඇත්තේ යෝධ ඇළේ බැම්ම දිගේ යයි අදටත් ජනප‍්‍රවාදයේ පවතී. ඒ සංවේදනීය ඉතිහාසය ගුලි වී ඇත්තේ යෝ

ඕවාගිරියෙන් දුටුගැමුණු යුගයේ නටඹුන්

ඉඟිනියාගල ඓතිහාසික ඔවාගිරි විහාරයේ පුරාවිද්‍යා කැණීම්වලින් අටපට්ටම් හැඩයේ ස්ථුප මළුවක්, චෛත්‍යයේ යූපගල හා ඡත්‍ර තුනක්, දේවරූප වැනි මැටි රූප දෙකක් ද චෛත්‍යයේ ධාතු ගර්භයද සොයාගත් බව පුරාවිද්‍යා නිළධරයෝ කියති. ස්ථුප මළුවේ විශේෂත්වය වනුයේ බටහිර දෙසින් පිවිසුම් පඩි පෙළක් ඉදිකර තිබීමයි. දෙවැනි සියවසේ ඉදිකරන්නට ඇතැයි සැලකෙන මේ පුදබිමට දුටුගැමුණු රජුගේත ඔහුගේ සොහෝයුරු සද්ධාතිස්ස ගේ සම්බන්ධයක් ඇතැයි කියති. පුරා විද්‍යා පර්යේෂණ සහාකර ඕෂන් වෙදගේ මහතා කැණීම් බරව කටයුතු කරයි. ලංකාදීප

ලංකාවේ මුල්ම ලොතරැයියෙන් මුල්ම දිනුම දිනූ වාසනාවන්තයා

ගලිගමුවේ බිසෝවෙල පදිංචිව සිටි කිරිඅප්පු රස්සාවට කළේ අඹන්පිටියේ තේ ස්ටෝරුවේ කම්කරු වැඩය. ලද ඉසිඹුවකදී තේ කෝප්පයක් බොන්නට ඔහු අසල තිබූ කඩයකට ගොඩවෙද්දී එතැන ස්වීප් වෙළෙන්දෙක් සිටියේය. තේ කඩයේ සිටි බොහෝ දෙනෙක් මේ ස්වීප් වෙළෙන්දා වටකරගෙන ස්වීප් මිලට ගනිමින් සිටියහ. ”දිනුවොත් රුපියල් ලක්ෂයකට කිට්ටු මුදලක් හම්බ වෙන්නෙ.” ස්වීප් මිලට ගත් කෙනෙක් කීවේය.... කිරිඅප්පු ස්වීප් වෙළෙන්දාට කිට්ටු වී එක ලොතරැයියක මිල ඇසුවේය. ”ශත පනහයි” ඔහු කීවේය. රුපියල් ලක්ෂයේ මුදලකට ආශා කළ කිරිඅප්පු අතේ තිබූ ශත පනහක් දී එක ලොතරැයි පතක් මිලට ගත්තේය. ඒ ලොතරැයිය ගෙදර ගෙනගොස් සාලයේ එල්ලා තිබූ ගෝන අං තට්ටුව අස්සේ ගැසූ කිරිඅප්පු ත

වැලි මල්ලක් එල්ලා විදුලි බලය සපයන නව ක‍්‍රමයක්! ගුරුත්වාලෝකයෙක් දැල්වෙන පහනක්!

විදුලි බල ජාලවට සම්බන්ධව නැති, මෙතෙක් විදුලි බලය නොලැබුණු බිලියන 1.5ක ජනතාවට විදුලි බලය ලබා දිය හැකි ක‍්‍රමයක් දැන් සොයා ගෙන තියෙනවා. ඒ විදුලිය අපට ලැබෙන්නේ ජලයෙන්, ගල් අඟුරු වැනි වෙනත් ඉන්ධනයක් භාවිතයෙන් නොවෙයි. ඒ සැපයෙන්නේ මහ පොළොවේ ඇති ගුරුත්වබලයෙන්. එය ඔවුන් හඳුන්වන්නේ ගුරුත්වාලෝකය (GravityLight) කියලයි. මෙය ඉපැදවෙන්නේ ගුරුත්ව ශක්තියෙන්. ඒ අනුව ඔවුන් නිපදවා ඇති ගුරුත්ව පහන දැල්වෙන්නේ රැුහැනකින් එල්ලූ වැලි මල්ලකින්. මේ වැලි මල්ල ඩයිනමෝ යාන්ත‍්‍රණයෙන් ක‍්‍රම ක‍්‍රමයෙන් ඉහළට එස වීමේදී ඇති වන ගුරුත්වාකර්ෂණ ශක්තියෙන් එල්ඊඞී (LED) බල්බයක් දැල් වීමට ප‍්‍රමාණවත් විදුලිය ලබා ගත හැකි බව ඒ නිෂ්පාදන