සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

නව ලිපි
Showing posts with label සිංහල වියරණ. Show all posts
Showing posts with label සිංහල වියරණ. Show all posts

විභක්ති


නාම මූලයකට එක් වන ප්‍රත්‍ය මගින් එම නාම මූල මූලයේ ඇති කෙරෙන විවිධ ස්වරූපයන් විභක්ති ලෙස හැඳින්විය හැකි ය.


එය මෙසේ පැහැදිලි කර ගත හැකි ය.

පුත් + ආ         = පුතා

පුත් + ආට        = පුතාට

පුත් + ආගේ      = පුතාගේ

පුත් + ආගෙන්   = පුතාගෙන්

පුත් + ඒ            = පුතේ

සිංහලයේ විභක්ති නවයකි.
  1. ප්‍රථමා විභක්තිය
  2. කර්ම විභක්තිය
  3. කර්තෘ විභක්තිය
  4. කරණ විභක්තිය
  5. සම්ප්‍රදාන විභක්තිය
  6. අවධි විභක්තිය
  7. සම්බන්ධ විභක්තිය
  8. ආධාර විභක්තිය
  9. ආලපන විභක්තිය

ප්‍රථමා විභක්තිය
  • වාක්‍යක ආඛ්‍යාතයෙන් කියැවෙන එනම් ඉස්මතු කොට දක්වන පදය උක්තය වේ.
  • එම උක්ත පදය ප්‍රථමා විභක්තියට අයත් වේ.
  • එම නිසා ප්‍රථමා විභක්තියට 'උක්ත විභක්තිය' යනුවෙන් ද කියයි.

උදා:- ශිෂ්‍යයා අලුයම නැගිටියි.
         දැරිය මල් නෙළයි.
         රියදුරු විසින් බසය පදවනු ලබයි


කර්ම විභක්තිය

  • කිසියම් වාක්‍යයක කර්තෘ යනුවෙන් අදහස් කරන්නේ ක්‍රියාව කරන්නා ය.
  • එම කර්තෘගේ ක්‍රියාවට යටත් වන පදය කර්ම විභක්තියට අයත් වේ.
උදා:- උපාසිකාව බුදු ගෙය අමදියි.

මෙහි කර්තෘ උපාසිකාවයි. ඇගේ ඇමදීමේ ක්‍රියාවට යටත් වන පදය බුදු ගෙය වේ. එබැවින් එය කර්ම විභක්තියට අයත් වේ.

තවත් ආකාරයට කිවහොත් අනුක්ත වන කර්ම පදය කර්ම විභක්ති වේ.

උදා:- අම්මා ඇඳුමක් මසයි.
         ගොවියා කුඹුර කොටයි.
         තොටියා ඔරුව පදියි.


කර්තෘ විභක්තිය
  • කර්මකාරක වාක්‍යවල එන අනුක්ත වූ කර්තෘ පදය කර්තෘ විභතියට අයත් වේ. අනුක්ත වන කර්තෘ පදය සමඟ 'විසින්' යන නිපාතය සාමාන්‍යයෙන් යෙදේ.
උදා:- 
නංගී විසින් කවි ගායනා කෙරේ.
ලේඛකයන් විසින් පොතේ ලියනු ලැබේ.
කුරුල්ලන් විසින් කූඩු තැනෙයි. 


ඉතිරි කොටස ඉක්මනින්ම පළ කරනු ලැබේ :)

උපසර්ග



අව්‍ය පද (වර නොනැගෙන පද)
                                       උපසර්ග                                                                 නිපාත

අව්‍ය පද,

  1. වචන භේදයක් නොගනී.
  2. ලිංග භේදයක් නොගනී.
  3. විභක්ති භේදයක් නොගනී.

උපසර්ග 

නාම පදයක් හෝ ක්‍රියා පදයක මුලට පමණක් යෙදී අර්ථය වෙනස් කරන්නේ හෝ වැඩිකරන්නේ හෝ විරුද්ධ කරන්නේ උපසර්ගය.



ප       - පබල , පවන , පසඟ
පර     - පරදේශ . පරගැති . පරලොව
අව     - අවගුණ . අවමාන . අවබෝධය
ස       - සසළ . සතුරු . සපිරි
අනු    - අනුනායක . අනුගමනය . අනුකරණය 
නි       - නිදුක් . නිමල , නිවැරදි
දු         - දුදන , දුබල , දුසිරිත්
වි       - විසන්ධි , වියෝග , විවාද
සු       - සුමඟ , සුපිරිසිදු , සුවිසාල
උ       - උපත , උමඟ , උදර
අ        - අවංක , අමිල , අගුණ , අසුභ
අදි     - අදිරද , අදිබල
අබි     - අබිදම් , අබියස , අබිරහස
පිළි     - පිළිතුරු , පිළිසර , පිළිවත
පස්     - පස්පවු , පස්කම් , පස්පියුම්
පිරි      - පිරිපුන් , පිරිනිවන , පිරිවෙන
උප      - උපනායක , උපගුරු , උපලේකම්
අති      - අතිමහත් , අතිරස , අතිබල
අප      - අපකීර්ති , අපගමනය , අපනයනය
පි        - පියස , පිදුනු , පියන
පරි      - පරිකල්පන , පරිභෝජන , පරිනිර්වාන
ඔ        - ඔසඳ , ඔකඳ , ඔවදන්
කු       -  කුසල් , කුමන්ත්‍රණ , කුකවි
ඉ        - ඉමිහිරි , ඉපැරණි , ඉමහත්




ප්‍රකෘති සෙවීම




ප්‍රකෘති සෙවීම


  • නාම පදයක හෝ ක්‍රියා පදයක එම පදය සැකසීමට මුල් වූ කොටසෛ ඇත. එය මූල්‍ය ප්‍රකෘතිය හෙවත් පියැවි නමින් හඳුන්වනු ලබයි. මෙය කොටස් දෙකකි.



  1. නාම ප්‍රකෘතිය 
  2. ක්‍රියා ප්‍රකෘතිය


නාම ප්‍රකෘති

  • නාම පදයක මුල් ස්වරූපය මුල් ස්වභාවය නාම , නාම ප්‍රකෘතිය හෙවත් ශබ්ද ප්‍රකෘතිය ලෙස හැඳින්වේ.


අප්‍රාණවාචී නාම පදයක ප්‍රකෘතිය සෙවීම
නාම පදය
සංඛ්‍යාවාචී පද යෙදීම
ප්‍රකෘතිය
කන්ද
පුටුව
ග්‍රන්ථය
වැස්ස
කොස්ස
කදු දෙක
පුටු තුන
ග්‍රන්ථ එක
වැසි දෙක
කොසු හතර
කදු
පුටු
ග්‍රන්ථ
වැසි
කොසු


  • අප්‍රාණවාචී පදය අගට සංඛ්‍යාවාචී  පදයක් යොදා එම සංඛ්‍යාවාචී පදය ඉවත් කළ විට ඉතිරි වන්නේ ප්‍රකෘතියයි. 

ප්‍රාණවාචී පදයක ප්‍රකෘතිය සෙවීම


නාම පදය
සමූහාර්ථවාචී පද යෙදීම
ප්‍රකෘතිය
බල්ලා
කුරුල්ලා
මුවෝ
වැද්දෝ
ළමයි
බලු රෑන
කුරුලු රංචුව
මුව රැළ
වැදි පිරිස
ළමා පිරිස
බලු
කුරුලු
මුව
වැදි
ළමා


  • අප්‍රාණවාචී පදය අගට සංඛ්‍යාවාචී  පදයක් යොදා එම සංඛ්‍යාවාචී පදය ඉවත් කළ විට ඉතිරි වන්නේ ප්‍රකෘතියයි.  
සම්බන්ධ විභක්ති සමාස මගින් ප්‍රකෘති සෙවීම

නාම පදය
සම්බන්ධ විභක්ති සමාස
ප්‍රකෘතිය
ඉබ්බෙක්
කොල්ලෙක්
කොටියෙක්
ගිරවෙක්
මැස්සෙක්
ඉබ්බාගේ කට්ට - ඉබි කට්ට
කොල්ලාගේ ගති - කොලු ගති
කොටියාගේ දත් - කොටි දත්
ගිරවාගේ හොට - ගිරා හොට
මැස්සාගේ තුඩ - මැසි තුඩ
ඉබි
කොලු
කොටි
ගිරා
මැසි

ක්‍රියා ප්‍රකෘතිය

  • ක්‍රියා පදයක මුල් ස්වරූපය මුල් ස්භාවය ක්‍රියා මූලය, ක්‍රියා ප්‍රකෘතිය හෙවත් ධාතු ප්‍රකෘතිය ලෙස හැඳින්වේ.

ක්‍රියා පදය
මිශ්‍ර ක්‍රියාවට පෙරළීම
ප්‍රකෘතිය
නටති
බැලුවෝය
බැලූහ
රඟති
සොයති
කීවේය
නටමින්
බලමින්
බල බලා
රඟ රඟා
සොයමින
කියමින
නට
බල
බල
රඟ
සොය
කිය

උක්ත අනුක්ත භේදය


උක්ත අනුක්ත භේදය

සිංහල භාෂාවේ භාවිතාවන නාම පද පිහිටන ආකාරය අනුව දෙයාකාරයකි.


  1. උක්ත පද
  2. අනුක්ත පද

  • ප්‍රාණවාචී බහු වචන නාම පද අනුක්ත කිරීමේ දී අගට "න්" යෙදේ.

උදාහරණ:-

 උක්ත
 අනුක්ත
මිනිස්සු
ළමයි
සේවකයෝ
ගායිකාවෝ
ගැහැණු
මිනිසුන්
ළමයින්
සේවකයන්
ගායිකාවන්
ගැහැණුන්

  • අප්‍රාණවාචී පද ප්‍රාණවාචී  ස්වරූපයට පත් කර ඇති විට එම පද අනුක්ත කිරීමේදී ද අගට "න්" යෙදේ.

 උක්ත
 අනුක්ත
නෞකාවෝ
ගංඟාවෝ
පුෂ්පහු 
රීතීහු
නෞකාවන්
ගංඟාවන්
පුෂ්පයන් 
රීතීන් 

  • ගෞරවාර්ථ පද අනුක්ත කිරීමේදී ද අගට "න්" යෙදේ.


 උක්ත
 අනුක්ත
සිටාණෝ
පුතණුවෝ
මෑණියෝ
වික්‍රමසිංහයෝ
අමරදේවසූරීහු 
සිටාණන්
පුතණුවන් 
මෑණියන්
වික්‍රමසිංහයන්
අමරදේවසූරීන්


  • අනියමාර්ථ ප්‍රත්‍යන්හි ඒක වචන වල උක්ත අනුක්ත භේදය.

ලිංගය
උක්ත
අනුක්ත
පුරුෂ
ගායකයෙක්
සේවකයෙක් 
ක්‍රීඩකයෙක
(එක්)
ගායකයකු
සේවකයකු
ක්‍රීඩකයෙකු
(අකු)
 ස්ත්‍රී
 ගායිකාවක් 
සේවිකාවක් 
ක්‍රීඩිකාවක් 
(අක්)
 ගායිකාවක 
සේවිකාවක
ක්‍රීඩිකාවක
(අක) 
 නපුංසක
ගසක්
විලක්
මලක්
(අක්)
ගසක්
විලක්
මලක්
(අක්)