සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

නව ලිපි
Showing posts with label පරිගණක. Show all posts
Showing posts with label පරිගණක. Show all posts

HTML පාඩම අංක 3

හුග කාලෙකින් පොස්ට් එකක් ලියන්නේ මේ :) ඉතින් HTML පාඩම අංක 3 මෙන්න අරන් අවා.... කලින් පාඩම් බලන්න පහල ලින්ක් වලින් යන්න...
  1. HTML පළමු පාඩම
  2. HTML දෙවන පාඩම
කලින් පාඩමේ තියෙන tag වලින් මොනවද වෙන්නේ කියලා අපි දැන් බලමු.

<!DOCTYPE html>

<html>

    <head>

        <title></title>

    </head>
   
<body>

    <h1>Hello World....!!!</h1>

</body>

</html>


<!DOCTYPE html> 




<!DOCTYPE> කියන්නේ html tag එකක් නම් නෙමේ. මේකෙන් තමයි අපි html version එක අපේ වෙබ් browser එකට දන්වන්නේ.

උදාහරණ :

HTML 5 

<!DOCTYPE html>

HTML 4.01 Strict

<!DOCTYPE HTML PUBLIC "-//W3C//DTD HTML 4.01//EN" "http://www.w3.org/TR/html4/strict.dtd">

XHTML 1.1

<!DOCTYPE html PUBLIC "-//W3C//DTD XHTML 1.1//EN" "http://www.w3.org/TR/xhtml11/DTD/xhtml11.dtd">

<html>

මේ tag එක තමයි වෙබ් page එක විස්තර කරන්නේ. 

උදාහරණ :

<!DOCTYPE html>

<html>

    <head>

        <title></title>

    </head>
   
<body>

    <h1>Hello World....!!!</h1>

</body>

</html>


<head>

මේක කන්ටේනර් එකක් ඒ කිව්වේ මේ tag එක ඇතුලේ

  • <title> මේ tag එක අවශ්‍ය කරනවා  <head> tag එකට
  • <style>
  • <base>
  • <link>
  • <meta>
  • <script>
  • <noscript>
ඉහතින් තියෙන එලමන්ට්ස් දාන්න පුළුවන්.

උදාහරණ : 

<head> 

<meta name="viewport" content="width=device-width" />
<meta charset="UTF-8" />
<title>Sinhala Blog Reader සිහලුන්ගේ බ්ලොග් කියවනය Sinhala Blog Reader</title>
<link rel="shortcut icon" href="/favicon.ico" type="image/x-icon">
<link rel="icon" href="/favicon.ico" type="image/x-icon">
<meta name="description" content="සිහලුන්ගේ බ්ලොග් කියවනය" />

<meta name="keywords" content="sinhalablogreader.n8.biz" />

</head> 


<title>

මේ tag එකෙන් වෙන්නේ browser එකේ ටැබ් වල වෙබ් page එකේ title එක පෙන්නනවා.

උදාහරණ : 

<title>Sinhala Blog Reader සිහලුන්ගේ බ්ලොග් කියවනය Sinhala Blog Reader</title>



<body>

මේ tag එකේ තමයි වෙබ් page එකේ අන්තර්ගතය ඇතුලත් කරන්නේ. මෙම tag එකේ ලින්ක්ස්, පින්තුර, වගු සහ තවත් දේවල් ඇතුලත් කරන්න පුළුවන්..

උදාහරණ : 

<body>

    <h1>Hello World....!!!</h1>

</body>

<h1> headings

මේ tag එකෙන් headings වෙනම මතු කරලා පෙන්නුම් කරනවා අකුරු විශාල කරලා.. මේ tag H1 සිට H6 දක්වා තියෙනවා  headings වල වැදගත්කම් අනුව මෙමෙ tag එක යොදාගන්න පුළුවන්...

<h1>This is heading 1</h1>
<h2>This is heading 2</h2>
<h3>This is heading 3</h3>
<h4>This is heading 4</h4>
<h5>This is heading 5</h5>
<h6>This is heading 6</h6>

වේලාවක් හම්බුනාම තව පොස්ටුක් ලියලා දාන්නන්.... ගැටලු වැරදි එකතු කළ යුතු යමක් තියෙනන් කොමෙන්ටුවකින් කියන්න  

ඔබට ජයෙන් ජය!!! 
http://schlk.net/members/theekshana-kaushalya-k.22/

HTML දෙවන පාඩම



හරි ඉතින් sublime editor එක install කර ගත්තනේ. දැන් ඉතින් පටන් ගමු අපි පලවෙනි වෙබ් පිටුව ලියන්න , sublime editor එකම පාවිච්චි කරන්න කියල එකක් නැ හොදේ තමන්ට කැමති text editor එකක් පාවිච්චි කරන්න් පුලුවන්!

HTML සමන්විත වෙන්නේ tags වලින් ඒවා වරහන් සමග තමයි යොදාගන්නේ.

<tagname>අන්තර්ගතය</tagname>

මුලින්ම අපි අලුත් html file එකක් හදාගමු

මම දිගටම මෙම පාඩම් වලට පාවිච්චි කරන්නේ sublime editor එක ඔයාලට කැමති text editor එකක් පාවිච්චි කරන්න පුළුවන්.

මුලින්ම text editor එකේ අලුත් file එකක් අරන් එක කැමති නමකින් .html හරි .htm කියලා හරි save කරගන්න.



ඊට පස්සේ පල්ලෙහා තියෙන code එක copy paste කරලා save කරගන්න.


<!DOCTYPE html>
<html>
    <head>
        <title>My first html page</title>
    </head>     
<body>

    <h1>Hello World....!!!</h1>

</body>

</html>


දැන් save කරගත්ත file එක double click කරලා open කරලා බලන්න :)

ඊලග පාඩමෙන් අපි හදාගත්ත මේ වෙබ් පිටුවේ අන්තර්ගත වෙලා තියෙන code එකේ එක් එක් කොටස ගැන විස්තර සමග හමුවෙමු.

http://schlk.net/members/theekshana-kaushalya-k.22/

Cool vbscripts ටිකක් මෙන්න

අද මම පොඩි cool vbscripts ටිකක් අරන් ආවා.

මේ vbscript එකෙන් වෙන්නේ CD Tray එක ඇරිලා වැහෙන එක අපි vbscript එක නවත්තනකම් run වෙනවා.



මේ vbscript එකෙන් වෙන්නේ වෙන්නේ එක දිගට බීප් වෙවී යන එක



Keyboard එකේ Num Lock, Caps Lock හා Scroll Lock ලයිට්ස් 3නම පත්තු වෙනවා මේ vbscript එක run කරාම.
  



කැමති දෙයක් කොම්පුටරේට කියන්න දෙන්න පල්ලෙහා තියෙන කෝඩ් එක notepad එකේ හරි කැමති text-editor එකක paste කරලා .vbs කියල save කරන්න.

Do
StrText=("your computer will be exploding in")
strText2=("10 seconds")
set ObjVoice = CreateObject("SAPI.SpVoice")
ObjVoice.Speak StrText
ObjVoice.Speak StrText2
Loop

නැත්තම් මෙතන ක්ලික් කරලා vbscript එක බාගෙන එක edit කරගන්නත් පුළුවන්. BOLD කරලා තියෙන තැන් වලට කැමති text එකක් දැන් ටෙස්ට් කරලා බලන්න

run වෙන vbscripts නවත්තන්න Ctrl + Alt + Delete එක වර ඔබලා Task Manager එකට යන්න නැත්තම් පහල තියෙන විදිහට task bar එකේ right click කරලා Task Manager යන්න


ඊට පස්සේ wscript.exe එක end process කරන්න :D


HTML පළමු පාඩම

HTML පළමු පාඩම

මේ පාඩම් මාලාව මම කරගෙන යන්න හිතන් යන්නේ අඩු කතා වැඩි ප්‍රායෝගික දේවල් එක්ක පාඩම මම කරුණු වශයෙන් ඉදිරිපත් කරන්නේ එතකොට ඕනම කෙනෙක්ට ලේසියෙන් අඩු කාලෙකින් තේරුම් ගන්න පුලුවන් හින්දා:) විස්තර මදිනම් කොමෙන්ට් එකක් දාල ගුණ දොස් කියන්න හොදේ:) තව මොනවහරි ගැටලු එහෙමත් තියෙනම් ඒවත් මට මැසේජ් එකකින් දාන්න.

HTML කියන්නේ Hyper Text Markup Language


  • HTML ප්‍රෝගැ‍රැමින් Language එකක් නෙමේ Markup Language එකක්.
  • Markup Language හැදිලා තියෙන්නෙ markup tags වලින්.
  • HTML tags එකතු වෙලා හැදෙන document එකට අපි වෙබ් පිටු කියලා කියනවා.
  • ඉතාම සරල වෙබ් අඩවියේ ඉදන් ගොඩක් සංකීර්ණ වෙබ් අඩවි නිර්මාණය කරල තියෙන්නෙ HTML (Hyper Text Markup Language) එක භාවිතා කරලා.
මුලින්ම අපි text editor එකක් තෝරාගමු අපේ පලවෙනි වෙබ් පිටුව ලියන්න ඉස්සෙල්ලා :D

මෙන්න මේ ගුණාංග අපි තෝරාගන්න text editor එකේ තියේනම් ගොඩක් හොදයි.

1. code highlighting


2. තව කෝඩ් hinting තියෙනවනම් තවත් අපේ කාලේ ඉතුරු වෙනවා


3. ඒ වගේම opening tag එක ට closing tag එක auto insert වෙනවනම් ඒකෙනුත් අපේ කාලේ ඉතුරු වෙනවා!

ඉතින් මේ හැම දෙයක්ම තියෙන නොමිලේ දෙන මෘදුකාංගයක් තමයි Sublime Text මෘදුකාංගය.

මෙය ලබාගැනීමට පහත ලින්ක් වෙත පිවිසෙන්න
ඉතිරි කොටස ලබන සතියේ පල කරනු ලබයි!