Showing posts with label කියමන්. Show all posts
Showing posts with label කියමන්. Show all posts
ධනය
බුදු දහම මගින් පුද්ගල ජීවිතය දැහැමි මගකට යොමුකරලීම පිණිස ලබා දී ඇති උපදේශ රාශියකි. විශේෂයෙන් ම පුද්ගල ජීවිතයට අවශ්‍ය ධන සම්පත් උපයා ගැනීමේ දී අනුගමනය කළයුතු පිළිවෙත් කෙරෙහි බුදු දහම මගින් අවධානය යොමුකර තිබේ. පුද්ගලයෙකුගේ ලෞකික ජීවිතය සාර්ථකකර ගැනීම පිණිස ධනය අතිශයින් ම වැදගත් වේ. මෙම ධනය උපයා ගැනීමේ දී, දැහැමි ධනෝපාය ක්‍රම අනුගමනය කිරීමට සෑම පුද්ගලයෙකු ම යොමුවිය යුතු බව බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ සඳහන් වේ. දැහැමිව හෙවත් තමාටත්, සමාජයටත් කරදරයක් නොවන ලෙසින්, උත්සහයෙන්, දෑතේ දෙපයේ වීර්යයෙන්, දහඩිය මහන්සියෙන් යුතු ව ධනය උපයා ගත යුතු බව බුදු දහමේ උපදෙස් ලබා දී ඇත.
- කෘෂිකර්මාන්තය
- ගව පාලනය
- දැහැමි වෙළඳාම
- රාජ්‍ය සේවය
- මුදල් පොළියට දීම.
ආදී ක්‍රම ඔස්සේ ධන සම්පත් උපයාගත යුතු බව බුදුරදුන් විසින් දේශනා කරනු ලැබීය. කෘෂිකර්මාන්තය දැහැමි ලෙස ක්‍රියායත්මක කොට, වී ගොවිතැන හා හේන ගොවිතැන ඔස්සේ ධනය ඉපයීමට බුද්ධකාලීන සමාජය ද හුරු පුරුදු වී සිටි බව දැක්වේ. මෙම ක්‍රම හරහා ඉතා සාධාරණව, සාහසික නොවී, ධන සම්පත් උපයා ගත යුතු බව බුදු දහම උපදෙස් සමයයි.
මෙහි දක්වා ඇති වෙළදාම දැහැමි ධන්නෝපායන ක්‍රමයක් වන අතර, නොකටයුතු වෙළදාම් ඕහක් ද වෙන්වා දී ඇත්තේ දැහැමි ලෙස වෙළඳාමේ නිරත වෙමින් ධනය උපයා ගත යුතු නිසාම ය.
- ආයුධ වෙළඳාම
- වසවිෂ වෙළඳාම
- මත්ද්‍රව්‍ය වෙළඳාම
- මස් මාංශ වෙළඳාම
- සත්ව වෙළඳාම
යනු එම නොකටයුතු වෙළඳාම් පහයි. තවද වෙළඳාමේ දී තලාකූට. මානකූට, කංසකූට ආදී වංචනික කිරුම්, මිනුම් වලින් ද ඉවත් ව ක්‍රියා කළ යුතු යැයි බුදු දහම විස්තර කර ඇත.
මෙලෙස දැහැමි ලෙස ධනය උපයා ගත් අයෙකුට එම ධනය ගැන සිතා සතුටු විය හැකිය. ඒ අත්ථි සූඛය ලෙස බුදු දහමේ හැඳින්වේ. පුද්ගලයා උපයාගත් දැහැමි ධනය පරිභෝජනය කිරීමේ පිළිවෙතක් ද පත්තකම්ම නම් සූත්‍රයෙහි සඳහන් වේ.
- තමාගේ සුඛ විහරණය සඳහා
- තම මවුපිය සුඛ විහරණය සඳහා
- තම දූ දරු සුඛ විහරණය සඳහා
- තම මිතුරන්ගේ සුඛ විහරණය සඳහා
- දැසි දස් කම්කරු සුඛ විහරණය සඳහා
- ග්‍රමන බ්‍රාහ්මණ සුඛ විහරණය සඳහා
යනාදී වශයෙන් උපයා ගත් ධන සම්පත් පරිභෝජනය කළයුතු බව පෙන්වා දී තිබේ.
එමෙන් ම උපයාගත් ධනය කොටස් හතරකට බෙදා ගත යුතු බව ද ව්‍යග්ගපජ්ජ සූත්‍රය තුළ අවධාරණය කර ඇත. ඒ අනුව උපයන ධනයෙන් එක් කොටසක් පරිභෝජනයට ද, කොටස් දෙකක් ඉදිරි කර්මාන්ත සඳහා ද තවත් එක් කොටසක් හදිසි ආපදාවක දී ගැනීමට තැන්පත් කර තැබීම ද කළ යුතු බව පෙන්වා දී තිබේ. මෙලෙස ධනය කළමනාකරණය කරගෙන ජීවත් වීම තුළින් ඉතා ප්‍රීතිමත් ජීවිතයක් ගොඩනගා ගත හැකි බව බුද්ධ දේශනාව තුළින් අවධාරණය කර ඇත.
Labels:
කියමන්,
බුදු දහමෙන් ජීවිතයට
මිනිසා උසස් පහත් වන්නේ ඔහු විසින් කරනු ලබන ක්‍රියාවන් අනුවයි
බුදුරජාණන් වහන්සේ දේශනාවට අනුව මිනිසා උසස් පහත් වන්නේ ඔහු විසින් කරනු ලබන ක්‍රියාවන් අනුවයි. එනම් ඔහුගේ හැසිරීම් රටාව අනුවයි, ඒ බව වසල සූත්‍රයෙහි සඳහන්වන,
"න ජ්ච්චා වසලෝ හෝති
න ජච්චා හෝතී බ්‍රාහ්මණෝ
කම්මානා වසලෝ හෝති
කම්මනා වසලෝ හෝති
කම්මනා හෝති බ්‍රහ්මණෝ"
යන ගාථා ධර්මයෙන් තහවුරු වේ. කිසිම කෙනෙකු උපතින් ම බමුණෙකු හෝ වසලයෙකු නොවන බවත්, ක්‍රියාවෙන් ඒ තත්ත්වය තීරණය වන බවත් මෙහි දී දේශනා කොට ඇත.
මේ අනුව මිනිසා තම මනස පෙරටු කොට ගෙන මනස තුළ ඇතිවන සිතිවිලි හෙවත් චේතනාවන් මුල්කරගෙන සිතින්, කයින්, වචනයෙන් සිතු කරන ක්‍රියාවන්, එසේත් නැත්නම් කර්මයන් මුල් කර ගෙන ඔහුගේ ජීවිතයේ හොඳ - නරක තත්ත්වය උදා වේ. සැබවින් ම මෙය මිනිසෙකු මනින වැදගත් ම නිනුම් දණ්ඩක් ලෙස දැක්විය හැකි ය.
මිනිස් සමාජය තුළ ජීවත්වන මිනිසා පස් පව්, දස අකුසලයන් සිදු කරන්නේ නම්, ඔහු තිදොරින් ම පිරිහීමට පත්වනු ඇත. එමෙන් ම ඔහු ඔහුට ද, සමාජයට ද විශාල පීඩාවක් ගෙන දෙන අයෙකු බවට පත් වේ.
එමෙන් ම තිදොර මුලකර ගෙන නිවැරදි, යහපත් ක්‍රියාවන්හි නිරත වන්නේ නම්, ඔහු උසස් අයෙකු ලෙස සමාජය පිළිගනී එවේනි පුද්ගලයන් ඇසුර ලැබීමට පවා සෙසු තැනත්තන් තුළ රුචි බවක් ඇති වේ.
බුදු දහමේ පෙන්වා දෙන පරිදි සියලු පව් නොකීරීමත්, කුසල් දහම් වැඩීමත්, තම සිත පාලනය කිරීම්ත් යන දේශනාවන් ඔස්සේ ක්‍රියාත්මක වේ නම් එබඳු තැනත්තා සමාජ ගෞරවයට පාත්‍රවනු නොඅනුමානය ය. එබැවින් මිනිසුන් ලෙස තම ක්‍රියාවන් නිවැරදිකර ගැනීමාට උත්සහ ගැනීම හා එලෙස ක්‍රියා කිරීම බෙහෙවින් ම කාලෝචිත ය. -->
Labels:
කියමන්,
බුදු දහමෙන් ජීවිතයට
උසස් කලා නිර්මාණ
සෑම උසස් කලා නිර්මාණයකින් ම
ආනන්දය මුසු වූ පහන් සංවේගයක් ඇති වේ.
යථාර්ථ සම්ප්‍රදායෙහි පිහිටා නිම වූ කලා කෘතියකින්
එසේ ආනන්දය මුසු වූ පහන් හැඟීමක් හට ගන්නේ
ලෝකය මීට වඩා යහපත් කොට වෙනස් කිරීමට
අවශ්‍ය වන්නාවූ ශක්තිය මිනිසා තුළ ම ඇතැයි යන
ප්‍රඥාවක් ද, එකී කෘතිය මගින් සම්පාදනයට
පත් බීම නිසාය.
-බර්ටෝල්ට් බ්‍රෙෂ්ටි-
Labels:
කියමන්
විද්‍යාව
-->
නිවසක් ගඩොල්වලින් සාදා
ඇතිවාක් මෙන් විද්‍යාව සෑදී
ඇත්තේ කරුණුවලිනි. එහෙත්
කිසි විටකත් ගඩොල් ගොඩක්
නිවසක් නො වන්නා සේ ම
කරුණු ගොඩක් පමණක් විද්‍යාව වන්නේ ද නැත.
ජූල්ස් හෙන්රි පොයින්කරේ
(ප්‍රංශ ජාතික භෞතික විද්‍යාඥ)
Labels:
කියමන්
ඉගැන්වීම!
ඔබ ඔබේ දරුවන්ට
ඉගැන්විය යුත්තේ වෙයි.
මේ පොළොව
අපගේ මාතාව බව
ඔබේ දරුවන්ට කියා දෙනු
මක් නිසා ද
පොළොවට සිදුවන දෙයම
ඔබේ දරුවන්ට ද
සිදු වන නිසාය.
Labels:
කියමන්
ඉගෙන ගන්න
පළමුව ඉගෙන ගන්න,
මෙතෙක් මිනිසා විසින් සොයා ගත් දැනුම ගන්න.
දෙවනුව කරන්න,
ඔබ ජීවන්වන සමාජයට යහපතක් කරන්න.
තෙවනුව ගන්න,
ලෝකයම ජය ගන්න.
-රුවන් සිරිවර්ධන-
Labels:
කියමන්
සිතන්නට යමක්...........
යන්න,
යා යුතු මඟ ඉදිරියට!
ලියන්න,
දැනුම, වින්දනය ලැබිය හැකි දෙයක්!
කථා කරන්න,
අවශ්‍ය දේ පමණක්!
වාඩිවෙන්න,
අනුන්ට අපහසුවක් නොවන ලෙසින්!
සිනාසෙන්න,
අනුන්ට සමච්චලයක් නොවන ලෙසින්!
අහන්න,
කියන්නා කෙසේ කීවත් සිහි බුද්ධියෙන්!
පිළිගන්න,
සෑම කෙනෙකුම ගෞරවයෙන්!
ඉගෙනගන්න,
සෑම දෙයකින්ම යමක්!
අඳින්න,
චාම් පිරිසිදු ඇඳුමක්!
බලන්න,
දෙනෙතට, මනසට ප්‍රිය දෙයක්!
ඉතිරි කරන්න,
ටිකෙන් ටික!
පිරිසිදු කරන්න,
සියලු දේ මෙන්ම මනසත්!
නැඟිටින්න,
කොන්ද පණ ඇති කෙනෙකු ලෙසින්!
හැදෙන්න.
සමාජයට මෙහෙවරක් කළ හැකි මිනිසෙකු ලෙසින්........!
-හර්ශ විජේසූරිය-
Labels:
කියමන්
නපුරු මිතුරා
නපුරු සිතකින් වු මිතුරා, වියරු වැටුණු තිරිසන්
සතෙකුටත් වඩා භයානකය.
මන්ද යත්, වියරු වැටුණු තිරිසන් සත්වයා
කෙනෙකුගේ ශරීරයට පහර දෙන මුත්, නපුරු
සිතකින් යුත් මිතුරා දිනෙක සිතට පහර දී පීඩා
ගෙන දෙන හෙයිනි.
-බුදු රජාණන් වහන්සේ-
Labels:
කියමන්
ශක්තිය....
සුළුවෙන් සිතන දේ ගැන විශ්වාසය තබා ගන්න. මක් නිසාද, එහි තුල ඔබ සොයන ශක්තිය තැම්පත් ව ඇති බැවින්ය.
-තෙරේසා මව්තුමිය-
පර්වර්තනය සුරේශ් චතුරංග
Labels:
කියමන්


















