සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

නව ලිපි
Showing posts with label ඓතිහාසික කතා. Show all posts
Showing posts with label ඓතිහාසික කතා. Show all posts

මහියංගණ මහා සැය




‘ මහියංගණං නාගදීපං කල්යායණං පද ලාංඤඡනං - දිවාගුහං දීඝවාපී චේතියංච මුතිංගණං - තිස්ස මහා විහාරංච බෝධිං මරිචවට්ටියං - සොණ්ණමාලී මහා චේතිං ථූපාරාම භයාගිරිං - ජේතවනං සේල චෙත්යංහ තථා කාචරගාම කං - ඒතේ සොළොසඨානානී අහං වන්දාමි සබ්බදා’

මෙම ගාථාවට අනුව සොළොස්මස්ථාන ලෙස හඳුන්වන්නේ 1. මහියංගණය 2. නාගදීපය 3. කැලණිය 4. ශ්රීගපාදස්ථානය 5. දිවාගුහාව 6. දීඝවාපිය 7. මුතියංගණය 8. තිස්ස මහා විහාරය 9. ශ්රීී මහා බෝධිය 10. මිරිසවැටිය 11. රුවන්වැලි මහා සෑය 12. ථූපාරාමය 13. අභයගිරි වෙහෙර 14. ජේතවනාරාමය 15. සේල චෛත්යව 16. කතරගම කිරිවෙහෙර ආදී වු පූජනීය ස්ථානයන් ය.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවැනි වසරේදී තෙවැනි ලංකාගමනය වශයෙන් අප මව් බිමට වැඩියේ කැලණි පුරවරයට ය. මෙම ගමනේදී සමන්තකූට පර්වතයටත්, දිවා විහරණය කළ දිවාගුහාවටත්, අනුරාධපුර ශුද්ධ භූමියේ මහමෙව්නාව පිහිටන භූමියටත්, ශ්රීට මහා බෝධීන් වහන්සේ රෝපණය වන ස්ථානයටත්, ලෝවාමහාපාය පිහිටුවන තැනටත්, පිරිත්ලාගෙය, දන්තාදර නම් පොකුණ, ථූපාරාමය, රුවන් වැලි සෑය, මිහින්තලයේ සේල චෛත්ය,ය දිගා නකා වෙහෙර පිහිටන තැන ආදී ස්ථාන වලටත් වැඩි බව වංශ කතාවල කියැවෙයි. මහා වංශයට හෝ දීප වංශයට අනුව අද අප කතා කරන සොළොස්මස්ථථානයන් සමහරකගේ නිශ්චිත ස්ථානයන් පිළිබඳව සටහන් වී නොමැත.

එහෙත් මහනුවර හෝ දඹදෙණි යුගවලදී ඉහත ගාථාව ලියැවී ඇති බව වියතුන් ඇතැමකුගේ මතය යි.
එහෙත් බුදුරජාණන් වහන්සේ අප මාතෘ භූමිය වෙත වැඩි ගමන් වලදී නිරෝධ සමාපත්ති සුවය විඳි ස්ථාන ලෙස මෙම සොළොස්මස්ථාන හඳුන්වනු ලබ යි.

කෙසේ වුවත් මේ සෑම ස්ථානයක්ම පූජනීය වූ පුදබිම් බවට පත්වී සද්ධා සම්පන්න බෞද්ධයාගේ ගෞරව බහුමානයට පාත්ර් වී ආත්මය හා බැඳී නිධන්ගත වී ඇත. ඒ සද්ධා බැතියට සිරස නමා ගරු කරමින් අද සිට මෙම සොළොස්මස්ථාන පිළිබඳව සුළු හෝ හැඟීමක් ඇති කර ගැනීමට බුදුසරණින් අපි එකතු වෙමු.

සොළොස්මස්ථානයන්ගේ මුල්ම පූජනීය ස්ථානය ලෙස හඳුන්වන්නේ මහියංගණය ය. බුදුන් වහන්සේගේ බුද්ධත්වයෙන් නව මසක් ඇවෑමෙන් දුරුතු පුර පසළොස්වක පොහොය දිනකදී ලාංකේය බිමේ වාලුකා නදී තෙර පිහිටි මහානාග නම් වනෝද්යාණනයට වැඩි බව ලංකා බෞද්ධ ඉතිහාසයේ සඳහන්ව තිබේ.
එසේ සපැමිණියේ එම භූමිය අරක්ගෙන සිටි යක්ෂන ගෝත්රි්කයන් දමනය කිරීමට ය. මේ ගමනේ දී බොහෝ දෙනා ධර්මය අවබෝධ කර ගනිමින් සෝවාන් මඟ ඵල ලබාගත් බවත් එතැනදී සමන්තකූට වාසී මහා සුමන දෙව් රජ තෙම ද සෝවාන් ඵලයට පත්වූ බවත් කියැවෙයි. සුමන සමන් දෙව් රජිදාණන්ගේ ඉල්ලීම පරිදි සම්බුදු රජාණන් වහන්සේ හිස පිරි මැද කේශ ධාතු අත්ලක් පමණ දෙවියන් වෙත පිරිනැමූ බවත් එම කේශ ධාතූන් ස්වර්ණමය කරඬුවකට රැගෙන එම ස්ථානයේ සත් රියනක් උස්වූ ඉන්ද්ර්නීලමය ස්තූපයක් මහා සුමන දෙවිඳුන් විසින් කරවූ බව මහා වංශයේ සඳහන් වෙයි. මෙම සිදුවීමත් සමඟ ලාංකේය බිමේ ඉදිවූ ප්රදථම ස්තූපය මහියංගණ ස්තූපය ලෙස ඉතිහාසගත විය. 

සම්බුද්ධ පරිනිර්වාණයේදී සුරභූ නම් මහ රහතන් වහන්සේ විසින් දැවෙන සෑයෙන් ගත් බුදුන් වහන්සේගේ ග්රීිවා ධාතුව නිධන් කර ඉහත සෑ රදුන් දොළොස් රියනක් උසට කිරි ගරුඬින් තැනූ බව ද සඳහන් වෙයි. පසු කලෙකදී දේවානම්පියතිස්ස නිරිඳාණන්ගේ සොහොයුරාණන් වූ උද්ධ චූලාභය කුමරු එම ස්තූපය තිස් රියනක් උසට කරවූ බවත් ඉන්පසු දුටුගැමුණු රජතුමා විසින් මෙම ස්තූපයම අසූ රියනක් උසට වර්ධනය කළ බව ද ඉතිහාස කතා පුවතේ සඳහන් වෙයි.

වෝහාරික තිස්ස රජු ( ක්රිස. ව. 210 – 232 ) මෙම මහා සෑයට ඡත්රනයක් සවි කළේය. පළමුවන පරාක්රිමබාහු නිශ්ශංකමල්ල ඇතුළු රජවරු බොහොමයක් මෙම ස්තූපයේ පිළිසකර ආදී කටයුතු සිදු කළහ.
ක්රිශ. ව. 1850 වනවිට ස්තූපය ගරා වැටී තිබුණි. 1890 වසරේදී මෙය ප්ර්තිසංස්කරණය කර කොත පළඳවන ලදී. 1907 දී නැවතත් දා ගැබෙහි උඩ කොටස කඩා වැටුණු අතර අඹගස්වැව රතනජෝති හිමියන්ගේ උත්සාහයෙන් එය අලුත්වැඩියා කළ ද 1922 වසරේදී නැවතත් මහ සෑය කඩා වැටුණි. 1949 දී නැවත ප්රසතිසංස්කරණය කිරීම අරඹා 1961 දී ස්තූපයේ කොත පළඳවන ලදී. අද අප දකින්නේ එය යි.

මහාචාර්ය සෙනරත් පරණවිතානයන් අධීක්ෂ්ණයෙන් 1951 වසරේදී මෙහි ධාතු ගර්භය විවර කිරීමේදී ඉතා ඓතිහාසික වටිනාකමකින් යුතු පළමුවන විජයබාහු රාජ්යෙ සමයට අයත් ( 1055 – 1110 ) සිතුවම් කීපයක් හමු විය. මෙම සිතුවම් අනුරාධපුර යුගයටත් පෙර විය හැකි බවත් මෙම චිත්ර0 ඉතා උසස් සෞන්දර්යාත්මක ලක්ෂකණ ඵල කෙරෙන බවත් රේඛා සටහන් පවා ඉතා අර්ථවත් බවත් මහාචාර්යවරයා පවසයි. ඉතා පැරැණි මෙම චිත්රව පැරැණි ලාංකේය කලා කරුවාගේ විශිෂ්ට ගුණ ප්රාකට කරනා කලාත්මක නිර්මාණයන් බව වියතුන්ගේ මතයයි.

බින්තැන්න මහියංගණය ලෙස පාලියට පෙරලී එය නැවත මියුගුණු යනුවෙන් හෙළ බසට පරිවර්ථනය වී ඇත. එමනිසා මෙම ස්තූ®පය මියුගුණු මහා සෑය වශයෙන් ද හඳුන්වනු ලබයි.
රහතන් වහන්සේ හා දෙව් රජාණන්ගේ මෙන්ම මහා නරපතියන්ගේ අතින් යුගයෙන් යුගය උස් වෙමින් අහස් කුසට නැංවුණු මේ සුවිසේසී මියුගුණු මහා සෑ රදුන් අප මාතෘ භූමියේ දෙවියන් විසින් සෑදුප්රපථම ස්තූ®පය ලෙස සම්මානයට බඳුන් වෙමින් සදා නොමැකෙන සම්බුදු සුසුවඳ විහිදුවාලන අති පූජනීය වස්තුවක් බවට පත්වී තිබේ.

එසේම එය 2600 වසරක මහා සම්බුද්ධත්ව උප්පත්ති කතාවේ ආරම්භය හා සබැඳි සුවිශේෂී ස්මාරකයකි. මහියංගණය නම් මිහි මඬලේ අංගණය නොහොත් මිදුලයි. අප ධර්මද්වීපය තවමත් නොසොල්වා දරාගෙන සිටින මේ මිහිමඬලේ මිදුල සරසන්නේ මහියංගණ නම් මහා සෑ රදුන් විසින් වීම මොනතරම් නම් අපිට අභිමානයක් ද? 

සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක්



සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක්. මේ කියන්න යන කතාව එහි අපි වැඩිය අහපු නැති පැත්තක් ගැන. සූරිය ගුණසේකර කියන්නේ සිගිරිය, රාවණ රජු ඇතුළුව ලංකාවේ සැඟවුණු ඉතිහාසය ගැන පරීක්ෂණ කරන කෙනෙක්. ඒ සම්බන්ධව පොත් ගණනාවකුත් රචනා කරල තියෙනවා. ඒ මහත්මය තරුණ කාලේ, ඒ කියන්නේ එකදාස් නවසිය හැට ගණන්වල සීගිරියට ගිහිල්ලා තියෙනවා තව තරුණ කණ්ඩායමක් එක්ක විශේෂ ගවේෂණයකට. එහිදී එයාලා දවල්ට කන්න ගිහිල්ලා තියෙනවා සිගිරිය පේන මානේ තියෙන පුංචි කටු මැටි ගෙදරකට. ඔය ගෙදර මිදුලේ හිටියලු වයසක සීයා කෙනෙක්.

කෑම කාලා කට්ටිය එලියට ආපු වෙලේ මෙයාලා ඔය සීයා එක්ක කතාවට වැටිලා. එයා දැනගත්තම මේ කට්ටිය ඇවිල්ලා තියෙන්නේ සිගිරිය ගැන හොයන්න කියලා. ඒ පාර තමයි මේ කතාව කියල තියෙන්නේ.

''මහත්තයල දන්නවද, මම ඉස්සර අන්ධ කෙනෙක් නෙවේ. මට මෙහෙම උනේ මට මහ විශාල පවකට සම්මාදන් වෙන්න උනු නිසා''

මෙහෙම කිව්වම කට්ටිය අන්දුන්කුන්දුන්...

"මොකද්ද සීයේ උනේ...?"

මහත්තයලට කියන්න, මම H.C.P. Bell මහත්තයගෙ කාලේ මෙතන සීගිරියේ එයා යටතේ කැණීම වලට අත් උදව් දීපු සේවකයෙක්. ඒ කාලේ හිටපු අයගෙන් දැන් මම විතරයි ඉතුරු.
(H.C.P. Bell කියන්නේ ලංකාවේ මුල්ම පුරාවිද්යාග කොමසාරිස්වරයා. ඔහු බ්රි.තාන්යන ජාතිකයෙක්. ලංකාවේ පුරාවස්තු බොහොමයක් හොර රහසේම බ්රි‍තාන්යඅ කෞතුකාගාරය වෙත ගෙනගිය බවට මොහුට චෝදනා එල්ල වෙනවා)


ඉතින් ඒ කතාව සීයා ඒ පාර කිව්වලු.

අපි සීගිරියේ කැණීම කර කර ගල මුදුනටම ගියා. ගල මුදුනේ නොයෙක් පුදුම හිතෙන නිර්මාණ අපිට හම්බුනා. එතන කට්ටිය කැණීම කරනකොට අපිට හොයාගන්න පුළුවන් වුණා පඩිපෙලක්. මේ පඩිපෙළ සිගිරිය ගල මුදුනේ ඉඳං ගල පාමුල වෙනකන්ම යනවා ගල ඇතුලෙන්. ඒ ගැන හාන්කවිසියක් පිටට පේන්නේ නෑ. පඩිපෙලේ තැනින් තැන ගිමන් නිවන්න කාමර තියනවා. ඒ කාමර වල තිබිල අපිට බොහොම වටිනා පුරාවස්තු හුගක් හම්බුනා. බෙල් මහත්තයා ඒ ඔක්කොම එකතු කරගෙන එලියට ගෙනාවා. පස්සෙ අපිට කිව්වා ඒ පඩිපෙලේ ගල මුදුනේ දොරකඩ කොන්ක්රී්ට් දාලා සම්පුර්ණයෙන් වහන්න කියල.. අපිට පුදුම හිතුනා, ඒත් අපි කිව් විදියට කරා.

එදායින් පස්සෙ ඒ වැඩේට ගිය අපි කාටවත් හොඳක් උනේ නෑ. සමහරු ලෙඩ උනා. සතා සීපාවා ගහල මැරුණා. ගහක් ගලක් වගේ හිටපු මම දවසක් උදේ නැගිට්ටේ මෙහෙම අන්ධ වෙලා.

මෙහෙම කියපු ඒ සීයා අඬන්න ගත්තලු.

මේ කතාවේ ඇත්ත නැත්ත ඔයාලම තීරණය කරන්න.

හැබැයි ඇත්තටම කියනවනම්. සිගිරිය ඉහලට රජ කෙනෙකු, අද අපි යන්න වගේ දාඩිය පෙරාගෙන ගිනිකුට අව්වේ අර වගේ පටු පඩිපෙලක් දිගේ ගියා කියලනම් හිතන්න බෑ. රජුට ඉක්මනින් පහසුවෙන් සහ රජ කෙනෙක් විදියට යන්න විශේෂිත ගමන් මාර්ගයක් තිබිය යුතුමයි.

මේ ගැන පරීක්ෂණ කරපු මොරටුව විශ්වවිද්යාතලයේ ඉංජිනේරු සුසිර උඩලමත්ත මහතානම් කියන්නෙ, ඒ කාලේ රජුට ඉහලට ගමන් කිරීමට විශේෂ සෝපානයක් තිබුන කියලා. මේක හඳුන්වන්නේ කර්කටක යන්ත්ර ය කියලා. මොකද මේක කකුළුවෙක් වගේ හැඩයක් සහ යාන්ත්ර.ණයක් තියෙන නිසා. සිගිරිය ගලේ එක අන්තයක කෙලින්ම සිරස්ව ඉහලට යන සහ තිරස්ව යන ඉනිමගක් වැනි කුඩා track පද්ධතියක් ගලේම කොටලා තියෙනවා දැකගන්න පුළුවන්. මේක තියෙන්නෙ කර්කටක යන්ත්ර යේ දැති රෝද වලට ගමන් කරන්න කියල තමයි කියන්නේ.

සිගිරිය ජල උද්යා.නය ගත්තත් ඒක සුවිශේෂයි. එහි ප්රcධාන දොරටු හදල තියෙන්නෙ කෙලින්ම ඉහළට ඔසවන විදියට. මේ සඳහා යොදාගත්තු විශාල ගල් උලුවහු අදත් දැකගන්න පිළිවන්. මේ විශාල ලී ද්වාර එසවීමට යොදාගෙන තියෙන්නෙ අලි ඇතුන්.

ඒ වගේම සිගිරිය ජල උද්යාුනය ගත්තත්, ඒක හදල තියෙන්නේ ඒකට ඇතුල් වෙන කෙනෙක්ව එක්වරම මුලා වෙන විදියට. හොඳින් නිරීක්ෂණය කරොත් පේනවා ප්රදධාන දොරටුවෙන් ඇතුල් වෙලා යනකොට එක හරියකදී එකපාරටම සිගිරිය ගල නොපෙනී යන බව. ඒ විදියටයි ඒ ගමන් මාර්ගය හදල තියෙන්නේ. ඒ වගේම සිගිරිය ජල උද්යාසනයේ තියෙන වතුරමල් අදටත් වැඩ කරනවා. ඒත් වතුර එන්නෙ බොහොම අඩුවෙන්. මේකට හේතුව තමයි සිගිරිය වැවේ ජල මට්ටම ඉතාමත් අඩු වීම.

අතීතයේදී සිගිරිය වතුරමල් සහ ජල උද්යාීනයට ඉහළින් තමයි සිගිරිය වැවේ ජල මට්ටම පිහිටලා තියෙන්නේ. ඒකෙන් ඒ කාලේ සීගිරියට සතුරන්ගෙන් ආරක්ෂාවත් ලැබුණා. මේ නිසා ඉතා විශාල ජල පීඩනයක් යටතේ මේ වතුර මල් බොහොම උජාරුවෙන් ඉහළට වතුර විදින්න ඇති. ඒත් පසුකාලීනව සිගිරිය අවට ප්රයදේශය සංචාරක කලාපයක් විදියට සංවර්ධනය කරන්න ගත්තම සිගිරිය වැව ගොඩ වුණා. Sigiriya Village වගේ සුපිරි හෝටල් අද තියෙන්නෙ සිගිරිය වැව තිබුන හරියේ. අද සිගිරිය වැව දිය හිඳුනු නිකං නමට වැවක්. සීගිරිය ගල මුදුනට වතුර ගෙනගිය ආකාරයද අභිරහසක්. මේ සඳහා ජල පොම්ප කිරීමේ තාක්ෂණයක් යොදාගෙන තියෙන බවයි සමහරු කියන්නේ. ඒත් වර්තමානයේ පරීක්ෂකයන්ගේ මතය වෙලා තියෙන්නේ මේ සඳහා ඊට වඩා බොහොම සරල ක්රයමයක් භාවිතා කර ඇති බවයි. එනම් සංසක්ති බල.

විද්යාසව කරපු අය දන්නවා සංසක්ති බල කියන්නේ මොනවද කියලා. ඒ කියන්නේ එකම වර්ගයේ අංශු අතර ඇති වන ආකර්ෂණ බල (මට මතක විදියට වැන්ඩවාල් බල)

ඒ අය කියන විදියට සිගිරිය ගල මුදුනේ නිර්මාණය කර තිබෙන ජල පොකුණු වලට නිරන්තරයෙන් වැහි වලාකුළු ආකර්ෂණය වෙනවා. හේතුව සිගිරිය මුදුනේ තියෙන පොකුණු වල ජලයේ ජල අංශු සහ වැහි වලාකුළු වල ජල අංශු එකිනෙක ආකර්ෂණය වීම. මේ සංසිද්ධිය වෙනත් උස් කඳු මුදුන් සහ උස ගල් පර්වත මුදුනේ ඇති ජලය රැස්වෙන ස්ථාන වල දැකගන්න පුළුවන්. එමගින් ලැබෙන වර්ෂාවෙන් නිරන්තරයෙන් සිගිරිය ගල මුදුන ජලයෙන් ස්වයංපෝෂිත වෙනවා.

මෙවැනි ක්රයමයක් මේ සඳහා යොදාගැනීමට තවත් හේතුවක් තියෙනවා. එනම් හදිසියෙවත් සතුරු හමුදාවක් සිගිරිය ආක්ර‍මණය කරා කියල හිතමු. සීගිරියට ජලය ගෙනියන්නේ විශාල පොම්පයකින් නම් හතුරන්ට මේ පොම්පය විනාශ කරල හරි පහල තියෙන ජල මුලාශ්රු වලට වස මිශ්රය කරල හරි ගල මුදුනේ ඉන්න පිරිසව අසරණ කරන්න පුළුවන්. ඒත් මම මුලින් විස්තර කරපු සංසක්ති බල ක්ර‍මය නිසා ගල මුදුනේ ඇති වගාවන් හෝ ඔවුන්ගේ පානිය ජල අවශ්යමතා එතැනින්ම සුරක්ෂිතයි. ස්වයන්පොෂිතයි.

පුරාවස්තු කොල්ලයේ අතීතකතාව



වර්තමාන ලංකාව තුළ පුරාවස්‌තු විනාශ කොට නිධන් හෑරීමත්, පුරාවස්‌තු සොරකම් කිරීමත් සීග්රත ලෙස පැතිරයමින් පවතී. ජාතියක හදමස ඇස්‌ පනාපිට උදුරාලන්නා සේ සිදුකෙරෙනා මේ ව්යසසනය රටෙහි සංස්‌කෘතික වටිනාකම් හා නෛතික ආධිපත්යකයේ බිඳ වැටීමක්‌ සිදු වූ සෑම කලෙකම තීරණාත්මකව මතුව පැමිණියේය. ඒ පිළිබඳව වන ඓතිහාසික සාක්‌කි තිබේ.

පුරාවස්‌තු සංහාරයේ ඉතිහාසය


මුලින්ම අප රට ආක්ර මණය කළේ චෝල රජවරුන්ය. ශ්රීක ලංකා ඉතිහාසයට අනුව චෝල ආක්රයමණ කිහිපයක්‌ම සිදු වී ඇති නමුදු, අපගේ එවකට පැවැති රාජධානිත්, ශිෂ්ටාචාරයත් දැඩි ලෙස විනාශයට පත්කොට කොල්ල කෑ ප්රඉධාන චෝල ආක්රරමණ දෙකකි. ඉන් පළමුවැන්න රාජ රාජ චෝලගේ ආක්රාමණයයි. ක්රි .ව. 985 සිට ක්රි .ව. 1014 දක්‌වා තිබුණු රාජරාජ චෝලගේ පාලන සමය තුළදී ඔහු එවකට අනුරාධපුරය රාජධානිය කොටගත් පස්‌ වෙනි මිහිඳු රජ රුහුණට පලවා හැර, අනුරාධපුරය සහමුලින්ම විනාශ කොට වස්‌තුව කොල්ල කා එය තම පාලනයට නතු කර ගත්තේය. ඔහුගෙන් පසු රාෙ-න්ද්රහ චෝල මිහිඳු රජ සිරභාරයට ගෙන රජරට පාලන බලය තහවුරු කර ගත්තේය. රාෙ-න්ද්ර චෝලගේ පාලන සමය ක්රිහ.ව. 1014 සිට ක්රින.ව. 1044 දක්‌වා පැවැති අතර, එය දෙවැනි චෝල ආක්ර මණය වුණි. මෙලෙස චෝල පාලනය ක්රික.ව. 1070 වන තෙක්‌ පැවතුණු අතර, 1 වැනි විජයබාහු චෝලයන් පරාජය කොට පලවා හැර රට එක්‌සේසත් කළේය.

ඉන් පසුව කාලිංගයෙහි මාඝ යන ආක්ර්මණිකයා අති මහත් විනාශයක්‌ කොට වස්‌තුව ද කොල්ල කා රජරට අල්ලා ගත් අතර, ඔහුගේ පාලනය ක්රිර.ව. 1215 සිට ක්රිම.ව. 1236 දක්‌වා පැවතිණි.
ඉන් පසුව අප රටේ බෞද්ධ ශිෂ්ටාචාරය දැඩි ලෙස විනාශ කරමින් වස්‌තු කොල්ලය සිදු කළේ, ක්රික.ව. 1505 දී අහම්බෙන් මෙන් මෙරටට සේන්දු වූ පෘතුගීසීන් විසිනි. ක්රි .ව. 1575 දී පෘතුගීසි කපිතාන් දියෝ ගෝ ද මේලෝ කැලණි විහාරයට පහර දී එය දරුණු ලෙස විනාශ කළේය. කැලණි ස්‌තූපය විනාශ කොට එය පිහිටි ස්‌ථානයෙහි පසු කාලීනව ශාන්ත ආනා (Saint Anne) පල්ලිය ගොඩ නැංවූයේය. කැලණි ස්‌තූපයෙහි තිබුණු වටිනා පුරා වස්‌තු පෘතුගීසිහු කොල්ල කෑහ. කැලණි විහාරයෙහි තිබුණු පෞරාණික බුදු පිළිම, පුරා වස්‌තු සහමුලින්ම විනාශ කොට ගිනිබත් කළහ. පෘතුගීසින්ට විරුද්ධ වූ ගම්වැසියන්ව කැලණි විහාර පුද බිමේදීම වද හිංසනයට ලක්‌ කොට ඝාතනය කළහ.

ඒ වනවිට ශ්රීම ලංකාවෙහි අගනුවර කෝට්‌ටේ වූ අතර දන්ත ධාතුන් වහන්සේ වඩා හිඳුවා තිබුණේ කෝට්‌ටේ නගරයෙහි තෙමහල් පන්සලකයි. පෘතුගීසිහු මුළු කෝට්‌ටේ නගරයත්, එම තෙමහල් පන්සලත් ගිනි තබා විනාශ කරමින් වස්‌තුව කොල්ල කෑහ. පෘතුගීසින්ගේ විනාශකාරී පිළිවෙත ගැන අවබෝධයෙන් සිටි භික්ෂුරන් වහන්සේ ඊට පෙරාතුව දන්ත ධාතුන් වහන්සේ සියනෑ කෝරලයේ ආරක්ෂිවත ස්‌ථානයකට වැඩම කරවූහ. පැපිලියානෙහි පිරිවෙන, තොටගමුවෙහි පිරිවෙන, රයිගම් කෝරලයෙහි වීදාගම පිරිවෙන, කෝට්‌ටේ සුනේත්රාවදේවි පිරිවෙන ආදී පිරිවෙන් ගිනිතබා විනාශ කළහ. කළුතර, වැලිගම, මාතර, දෙවුන්දර සහ රත්නපුර ආදී නගර වල පිහිටි පන්සල්, දාගැබ්, බුදු පිළිම, පිරිවෙන් ආදී සියල්ල විනාශ කොට ගිනි තැබූ අතර ඒවා කොල්ල කෑහ. රත්නපුර සමන් දේවාලයට දැඩි ලෙස හානි කොට කොල්ල කෑහ. දෙවුන්දර විෂ්ණු දේවාලය විනාශ කොට එහි තිබුණු වටිනා වස්‌තූන් සියල්ල කොල්ල කෑහ. ගවයින් මරා දමමින් දේවාල පුදබිම හිතාමතාම අපවිත්රර කළහ. පෘතුගීසින් එසේ කළේ දෙවුන්දර විෂ්ණු දේවාලයෙහි හාස්‌කම් පිළිබඳව සිංහලයන් තුළ පැවැති දැඩි විශ්වාසය සමච්චලයට ලක්‌කිරීම සඳහාය. එහෙත් ඉහත කී ප්ර්දේශ වලින් කොල්ල කා ගත් අප රටට අයත් වස්‌තු සම්භාරය රැගත් පෘතුගීසි නැව් තුනක්‌, දෙවුන්දර වරායෙන් පිට වූ නමුදු ඒවායින් එකකටවත් පෘතුගාලය වෙත හෝ ස්‌පාඤ්ඤය වෙත ළඟා වීමට නොහැකිව විනාශ වූ බව පෘතුගීසි ලේඛන වල සඳහන් වෙයි.

අපට අයත් තොටගමුවේ ශ්රීත රාහුල හිමියන්ගේ දේහය ගෝවට ගෙන ගොස්‌, එය පෘතුගීසීන්ගේ කතෝලික පූජක වරයෙකුගේ දේහයක්‌ බවට හුවා දක්‌වමින් වර්තමානයේ පවා ප්රලදර්ශනය කරති. එදා පෘතුගීසි පාලන සමයේදී ඔවුනට නතු වූ ප්රජදේශ වල කිසිම බෞද්ධ සිද්ධස්‌ථානයක්‌ ඉදි කිරීම හෝ බෞද්ධ ආගමික වතාවත් පවත්වාගෙන යැම සපුරා තහනම් විණි.
ක්රිධ.ව. 275 දී මහසෙන් රජු විසින් අද ත්රිගකුණාමලය නමින් හැඳින්වෙන ප්රරදේශයෙහි ගෝකණ්‌ණ විහාරය කරවූ බවත්, අග්බෝ රජු ක්රිූ.ව. 718 දී එකී විහාරයට ධර්ම ශාලාවක්‌ ඉදිකොට පූජා කළ බවත් ඉතිහාසය සාක්ෂින දරයි. පෘතුගීසීහු මෙම විහාරය කොල්ල කා බිමට සමතලා කොට එය මත ෆෙඩ්රික්‌ බලකොටුව ඉදි කළහ. මෙය වර්තමානයේදී ද ත්රි්කුණාමලයේ දිස්‌ වෙයි.
පෘතුගීසින්ගෙන් පසු ඔවුනට අයත්ව තිබුණු ප්රදදේශ වල පාලන බලය ලන්දේසීන්ට නතු විණි. ලන්දේසීහු පෘතුගීසින් තරම් අපගේ වෙහෙර, විහාර, පුරාවස්‌තු ආදියට හානි නොකළහ. ඩෙල්ෆට්‌ දූපතෙහි ඇති බෞද්ධ ස්‌තූපයන්ට ලන්දේසින්ගේ යම් හානියක්‌ සිදු වී ඇති බව ඉතිහාසයෙහි සඳහන් වෙයි. මෙම ස්‌තූපයන්ට විශාල වශයෙන් හානි කොට කඩා බිඳ දැමුවේ එල්.ටී.ටී.ඊ. ත්ර ස්‌තවාදී සංවිධානය විසිනි. අදටත් ඩෙල්ෆට්‌ දූපතෙහි ඉතිරිව ඇති එම බෞද්ධ ස්‌තූප වල නටබුන් දැකිය හැක. තවද යාපනය ප්රලදේශයෙහි තිබුණු ඉතාමත් මූර්තිමත් විෂ්ණු දෙවියන්ගේ සැතපෙන පිළිමයක්‌ නෙදර්ලන්තයට ගෙන යැමේ උත්සාහයක්‌ද ඔවුන් තුළ තිබුණු බව සඳහන් වෙයි. එහෙත් එකල සිටි හින්දු පූජකවරු එකී පිළිමය සඟවා තබා ගෙන ඉමහත් කැපවීමෙන්, එය ලන්දේසින්ගෙන් රැක ගත්හ. මාදගල් සිට පොන්නාලේ මංසන්ධිය දක්‌වා දිවෙන මාර්ගයෙහි, පොන්නාලේ මංසන්ධියට ආසන්නව විශාල මනරම් කෝවිලක, මෙම සැතපෙන විෂ්ණු දේව රූපය වර්තමානයෙහි වඩා හිඳුවා ඇත. මුළු ලොවෙහිම මෙවැනි සැතපෙන විෂ්ණු දේව රූප ඇත්තේ දෙකක්‌ පමණක්‌ බව තතු දන්නා හින්දු පූජකවරු පවසති. එයින් පළමුවැන්න ඉහත කී කෝවිලෙහිත්, දෙවැන්න දකුණු ඉන්දියාවෙහි පිහිටි කෝවිලකත් වඩා හිඳුවා ඇති බව ඔවුහු පවසති. කෙසේ වුවද ක්රිත.ව. 1658 සිට 1796 දක්‌වා පැවැති ලන්දේසි පාලන සමය තුළදී අපගේ වෙහෙර විහාර, දේවාල, පුරා වස්‌තු ආදියට සිදු වූ හානිය සාපේක්ෂු වශයෙන් සුළු බව කිව යුතුමය.

ලන්දේසින්ගෙන් පසුව වර්ෂ 1796 දී බ්රිශතාන්යවයෝ ශ්රී. ලංකාවට පැමිණියහ. එම වර්ෂයේදීම කොළඹ අත්පත් කරගත් බ්රිීතාන්ය යෝ, වර්ෂ 1815 පෙබරවාරි 14 වැනි දින මහනුවර ගිවිසුමට අත්සන් තබා අපගේ අවසාන රාජධානිය වූ මහනුවර රාජධානිය යුද්ධයකින් තොරවම තම පාලනයට නතු කරගෙන මුළු ශ්රීස ලංකාවම යටත් කර ගත්හ. බ්රි තාන්ය ආණ්‌ඩුකාර රොබට්‌ බ්රතවුන්රිග් සහ උඩරට රදළවරු හත් දෙනකු අතර අත්සන් තැබුණු මෙම මහනුවර ගිවිසුමෙහි වගන්ති ප්රමකාරව බ්රිහතාන්ය යෝ ශ්රීන ලංකාවෙහි බුද්ධාගම ආරක්ෂාො කිරීමට පොරොන්දු වී සිටියහ. එහෙත් එම පොරොන්දුව නොබෝ දිනකින්ම අමතක කළ බ්රි්තාන්යකයෝ අපගේ බෞද්ධ සිද්ධස්‌ථාන සංරක්ෂාණය කරන මුවාවෙන් ඒවා තමන්ට නතු කර ගනිමින් මනා සැලසුම් සහගතව නීතිමය රාමුව තුළ සිටිමින් අපගේ පුරාවස්‌තු, සොරකම් කොට ඒවා බ්රි තාන්ය යට යෑවූහ. අපගේ සමහර වෙහෙර විහාරද ඒවාට අයත් භූමි ප්රපමාණය පිළිබඳව සිංහල රජුන් විසින් ප්ර දානය කරන ලද සෙල්මුවා සන්නස්‌ද සූක්ෂ ම ලෙස විනාශ කෙරිණි.

වර්ෂ 1820 දී බ්රිපතාන්යන යුද හමුදාවේ ලුතිනන් ෆෙගන් (Fagan) විසින් වල් බිහි වී තිබුණු පොළොන්නරු රාජධානිය සොයා ගන්නා ලදී. ඉන් පසුව බ්රි තාන්ය ආණ්‌ඩුකාරවරු පොළොන්නරු රාජධානියෙහි කැලෑව එළිකරන ලෙස පළාත භාර දිසාවේ වරුන්ට කිහිප විට අණ කළ නමුදු එය ඉටු නොවිණි. බ්රි තාන්ය යන්ගේ උත්සාහය පොළොන්නරුවෙහි ඇති පුරා වස්‌තු ලබා ගැනීම උදෙසා බව අවබෝධ කරගත් දිසාවේවරු අණ නොපිළිපැද්දාහ. අවසානයේදී වර්ෂ 1870 දී බ්රිාතාන්යු ආණ්‌ඩුකාර ආතර් ගෝඩ්න් උදහසට පත්ව දැඩි ලෙස අණ කිරීමෙන් පසු, තමන්කඩුව දිසාවේට නොකැමැත්තෙන් වුවද පොළොන්නරුව රාජධානිය අවට කැලෑව එළි පෙහෙළි කරවීමට සිදු විය. ඉන් පසුව පොළොන්නරුවෙහි පුරා විද්යාල කැණීම් කටයුතු එවකට පුරා විද්යාො කොමසාරිස්‌ වූ එස්‌. එම්. බරෝස්‌ (S. M. Burous) ගේ අධීක්ෂුණය යටතේ පටන් ගැනිණි. මොහු පුරා විද්යාිඥයෙක්‌ නොවුණු අතර බ්රිෝතාන්යඑ පරිපාලන නිලධාරියෙකි. මහනුවර ගිවිසුමට අනුව පොරොන්දු වූ පරිදි බෞද්ධ සිද්ධස්‌ථාන සුරැකීම සඳහා පොළොන්නරු කැනීම් කටයුතු කරන බව පෙන්වීමට බ්රිරතාන්යටයෝ උත්සාහ කළ අතර, ඒ හා සමගාමීව හමු වූ වටිනා පුරාවස්‌තු සහ නිධන් වස්‌තු බ්රිනතාන්යටය කරා යෑවීමද සිදු විණි.

වල් බිහි වී තිබුණු අනුරාධපුර රාජධානිය සොයා ගන්නා ලද්දේ වර්ෂ 1820 දී රැල්ෆ බැක්‌ස්‌ (Ralph Backhaus) නම් වූ බ්රිටතාන්යක පරිපාලන නිලධාරියෙකු විසිනි. එසේම ශ්රීා ලංකාවෙහි පුරා වස්‌තු සුරැකීම සඳහා අවංකවම උත්සාහ කළ බ්රිනතාන්යa පුරාවිද්යා‍ කොමසාරිස්‌වරයෙකි, එච්. සී. පී. බෙල් මහතා. අනුරාධපුරයෙහි පුරාවිද්යාී කැණීම් කටයුතු පටන් ගැනීම සඳහා, බෙල් මහතාට නිල වශයෙන් බ්රිlතාන්ය ආණ්‌ඩුවෙන් අවසරය ලැබුණේ වර්ෂ 1890 දීය. එහෙත් බ්රියතාන්යකයෝ වර්ෂ 1885 වන විට අනුරාධපුර ෙ-තවනාරාමයෙහි අවිධිමත් කැණීම් කටයුතු පටන් ගෙන තිබුණු අතර, එහි ප්ර0තිඵලයක්‌ වශයෙන් හතරැස්‌ කොටුව සහ මුළු මුදුනම කඩාගෙන වැටිණි. එයින් ද පසුබට නොවුණු බ්රිමතාන්යුයෝ වර්ෂ 1887 දී අඩි 162 ක්‌ දිග උමගක්‌ ජේතවනාරමයෙහි ධාතු ගර්භය තුළට කණින ලදහ. ධාතු ගර්භයෙහි වූ අති පූජනීය ධාතු වලට සිදු වූ දෙය කිසිවෙකු නොදන්නා නමුත් උමගෙහි කොටසක්‌ කඩා වැටී බ්රි තාන්යා සොල්දාදුවෝ පිරිසක්‌ එයට යටවූහ. ඉහත කී කරුණු සැලකීමේදී, පුරාවිද්යාෝ කොමසාරිස්‌වරයෙකු වූ බෙල් මහතා අතට අනුරාධපුර රාජධානියෙහි පුරා විද්යා කැණීම් කටයුතු සහ සංරක්ෂවණ කටයුතු භාරදෙන විටත්, සෑහෙන පමණ විනාශයක්‌ අනුරාධපුර රාජධානියෙහි පුරා වස්‌තු වලට බ්රිුතාන්යදයෝ කර තිබුණහ.
වර්ෂ 1898 දී ආගමික වතාවත් සඳහා භාවිත නොකරන වෙහෙර විහාර වල පූර්ණ අයිතිය බ්රිදතාන්යස අධිරාජ්යවය සතුය යන නීතිය ගෙන ආ බ්රිාතාන්යු පාලකයෝ බොහෝ බෞද්ධ වෙහෙර විහාර තමන්ට නතුකර ගත්හ. මුලින්ම අනුරාධපුරයෙහි ථූපාරාමයත්, පසුව ගෝනමැරියාව විහාරයත්, මහා පද්ම විහාරයත්, මැද පන්සලත්, ඔවුහු තමන් වෙත පවරා ගත්හ. අනුරාධපුරයේ බෞද්ධ සිද්ධස්‌ථාන ලෙස බ්රිවතාන්යය පාලකයන් විසින් පිළිගන්නා ලද්දේ, ශ්රීහ මහා බෝධි උඩ මළුවත්, රුවන්වැලිසෑයත් පමණි. වල් බිහිවී අභාවයට ගොස්‌ තිබුණු වාරිමාර්ග පද්ධතිය නිසා නිසි ජල සැපයුමක්‌ නොමැතිකමින් වී ගොවිතැන කිරීමට නොහැකිව, නිසි වෙළෙ¹මක්‌ කිරීමට නොහැකිව, අධික බදුබරින් පීඩිතව, දරිද්රිතාවයෙන් බැටකමින් සිටි සිංහල බෞද්ධයන්ට එම වෙහෙර විහාර නඩත්තු කිරීමේ හැකියාවක්‌ නොතිබිණි. එම තත්ත්වයෙන් ප්ර්යෝජන ගනිමින් කල්යල් බලා ඉහත කී නීතිය ගෙන ආ බ්රිනතාන්යියෝ බෞද්ධ වෙහෙර විහාර බොහොමයක්‌ තමන්ට නතු කර ගනිමින් ඒවායේ තිබුණු පුරා වස්‌තු සහ නිධන් වස්‌තු බ්රිඉතාන්ය යට යෑවූහ. මැදපන්සල සහ ගෝනමැරියාව විහාරය, ඔවුහු සහමුලින්ම වනසන ලදහ. බෞද්ධයන්ගේ දැඩි විරෝධය නිසා මහ පද්ම විහාරය සහ ථූපාරාමය වැනසීම මඳක්‌ සෙමින් සිදු විණි. මෙම වෙහෙර විහාර වල ගඩොල්, ගල් කණු ආදිය පාරවල් සෑදීම සඳහා බ්රිනතාන්ය යෝ භාවිත කළහ. එච්. සී. පී. බෙල් නම් පුරාවිද්යා කොමසාරිස්‌වරයා මෙම අවස්‌ථාවේදී නම් ඔහු බ්රි තාන්යර පාලකයන්ව නැවැත්වීමට කිසිදු උත්සාහයක්‌ නොකළ බව කිවයුතුමය.

වර්ෂ 1900 දී එවකට අටමස්‌ථානාධිපතිව වැඩ සිටි ස්‌වාමීන් වහන්සේ විසින් ඉපැරණි ආදාහන මළුව අසල විහාරයක්‌ ඉදි කිරීම සඳහා බ්රිිතාන්යි බලධාරින්ගෙන් අවසර ඉල්ලුවද ඒ සඳහා ඔවුහු අනුමැතිය නුදුන්හ. එහෙත් වර්ෂ 1901 දී ඉපැරණි ආදාහන මළුව විනාශ කොට එහි බ්රිමතාන්යඳ වෛද්යා නිලධාරීන් සඳහා බංගලාවක්‌ ඉදි කරවීමට ඔවුහු තීරණය කළහ. බෞද්ධ සිද්ධස්‌ථාන වලට සිදු කරන හානිය පිළිබඳ වසර කීපයක්‌ම බ්රි තාන්යායන් සමඟ වාද විවාද කරමින් සිටි සිංහල බෞද්ධයෝ, ඉවසා නුහුනු තැන වර්ෂ 1903 දී ජුනි මස 09 වන දින බ්රිබතාන්ය් බලධාරීන්ට එරෙහිව අනුරාධපුරයේදී කැරැලි ගැසූහ. කැරැල්ල මැඩ පැවැත් වුවද එකී බෞද්ධ සිද්ධස්‌ථාන යම් ප්රිමාණයකට හෝ බ්රිුතාන්යබයන්ගෙන් ආරක්ෂාා විණි.

බ්රිලතාන්යටයෝ අපගේ නැගෙනහිර බෞද්ධ උරුමයටද හානි කළහ. සොලී ආක්රනමණ සහ වසංගත රෝග නිසා ක්රරමයෙන් ජනශුන්යා වී ඝන වනාන්තරයට නතු වුණු දීඝවාපි චෛත්යැය නැවත ප්රිතිසංස්‌කරණය කරන ලද්දේ ක්රි්.ව. 1746 දී මෙරට රජකම ලැබූ මහනුවර කීර්ති ශ්රීට රාජසිංහ රජු විසිනි. රජු චෛත්යුය ප්රයතිසංස්‌කරණය කොට අතිවිශාල භූමි ප්රළමාණයක්‌ද සමඟ එහි අයිතිය ගල් සන්නසකින් බිබිලේ පොතුබන්ධන රජමහා විහාරාධිපතිව සිටි බන්ඩිගොඩේ නිග්රෝ්ධ නායක තෙරුන් වහන්සේට පැවරූ බව සඳහන් වේ. කරුණු මෙසේ වුවද බ්රි තාන්යබ පාලන සමයේදී ගෙන එන ලද මුඩු බිම් පතන යටතේ දීඝවාපි චෛත්යයද, දීඝවාපී විහාරස්‌ථානය සතු භූමි ප්රේමාණයද, ගොඩනැඟිලි සියල්ලද, බ්රිීතාන්යුයෝ ඔවුනට නතු කර ගත්හ. 1887 වර්ෂයේදී මඩකලපුව දිසාපතිවරයාව සිටි බ්රි තාන්ය ජාතික ඇලන්සන් බේලිගේ නියෝගයට අනුව, ඇලවේලි අමුණු ආදිය ප්ර තිසංස්‌කරණය කිරීම සඳහාත්, පාරවල් සෑදීම සඳහාත්, දීඝවාපි චෛත්යකයට අයත් ගල්කණු, ගඩොල්, සෙල්ලිපි ආදිය යොදා ගැනිණි. කීර්ති ශ්රීස රාජසිංහ රජු විසින් ප්රයදානය කරන ලද ඉහත කී ගල් සන්නස තිබුණහොත් දීඝවාපී චෛත්යයට අයත් අති විශාල භූමි ප්ර්මාණය නැවත ලබා දීමට සිදුවනු ඇති බව සැක කළ ඇලන්සන් බේලි එම ගල් සන්නස ඇනිකට්‌ එකක්‌ සෑදීම සඳහා යොදවා සඟවා තැබුවේය.

වර්ෂ 1916 දී වල් වැදී තිබුණු දීඝවාපි රජමහා විහාරය නැවත සොයා ගෙන එහි තනිව වැඩවාසය කරමින් බ්රිුතාන්යක ජාතිකයින් මෙම චෛත්යරයට කරගෙන ගිය මහා විනාශය නවතා ලීමට තනිව සටනක්‌ ගෙන ගිය ශ්රේ ෂ්ඨ බුද්ධ පුත්රයයාණන් වහන්සේ නමකි කොහුකුඹුරේ රේවත ස්‌වාමීන් වහන්සේ. බ්රිනතාන්යය මහ රැජිණටත්, බ්රිගතාන්යෙ ආණ්‌ඩුවටත් උන්වහන්සේ විසින් කරුණු දැක්‌වීමෙන් පසු අක්‌කර 585 ක්‌ දීඝවාපී රජ මහා විහාරස්‌ථානයට නැවත වෙන් කෙරිණි. අක්‌කර 585 ප්ර මාණවත් නොවන බවත්, සිංහල රජවරුන් පූජා කොට තිබූ භූමි ප්ර‌මාණය නැවත ලබා දෙන ලෙසත්, ඇනිකට්‌ එක සෑදීමට භාවිත කර තිබුණු කීර්ති ශ්රීැ රාජසිංහ රජතුමා විසින් ප්රරදානය කරන ලද ගල් සන්නස නැවත ලබා දෙන ලෙසත්, උන්වහන්සේ දිගින් දිගටම බ්රිමතාන්යු රජයට කරුණු දැක්‌වූ නමුදු එය ඵල රහිත විණි. වර්ෂ 1950 ඔක්‌තෝබර් 13 වැනි දින මුස්‌ලිම් ජාතිකයෙකු තබන ලද වෙඩි පහරකින් මෙම ශ්රේමෂ්ඨ වීර බුද්ධ පුත්රටයාණන් වහන්සේ අපවත් වූහ. කීර්ති ශ්රීද රාජසිංහ රජු විසින් ප්රටදානය කරන ලද ගල් සන්නස ඇණිකට්‌ එකක සදහටම සැඟවූ, දීඝවාපිය විහාරයට විශාල හානියක්‌ සිදු කළ ඇලන්සන් බේලි දිසාපතිවරයා උණකින් සහ දැඩි හිසේ රුදාවකින් නිතරම වේදනා විඳි බවද සඳහන් වේ.

වර්ෂ 1818 දී බ්රියතාන්යු පාලනයට විරුද්ධව ඇරඹුණු ඌව වෙල්ලස්‌ස කැරැල්ලෙහි නායකත්වය දැරුවේ මොණරවිල කැප්පෙටිපොළ නිළමෙතුමාය. කැරැල්ල මැඬ පැවැත්වීමෙන් පසු කැප්පෙටිපොළ නිළමෙව අල්ලා ගත් බ්රි්තාන්ය යෝ ඔහුගේ හිස ගසා දැමීමට අණ කළහ. ගහලයාගේ කඩු පහරින් හිස සම්පූර්ණයෙන්ම කඳින් වෙන් නොවුණු අතර, හිස වෙන්වීම සඳහා කඩු පහර ගැසිය යුතු නියම තැන කැප්පෙටිපොළ නිළමේ තුමාම විසින් ගහලයාට පෙන්වන ලදී. එම දෙවන කඩු පහරින් හිස සම්පූර්ණයෙන්ම කඳින් වෙන්වූ අතර චාරිත්රාුනුකූලව වෙන්වූ හිස දේහයෙහි පපුව මත තබන ලදී. මරණය සහතික කිරීම සඳහා පැමිණ සිටි වෛද්යඩවරයා වූ හෙන්රි මාර්ෂල්, කැප්පෙටිපොළ නිළමෙතුමාගේ නිර්භීත හැසිරීම් රටාව හො¹කාරව දුටුවේය. ස්‌කොට්‌ලන්ත ජාතිකයෙකු වූ ඔහු, ස්‌කොට්‌ලන්ත වීරයෙකු වූ සර් විලියම් වොලස්‌ (Sir William Wallace) ගේ හිස්‌ කබල සමඟ විද්යා්ත්මක පරීක්ෂකණ මගින් සැසඳීම සඳහා, කැප්පෙටිපොළ නිළමෙ තුමාගේ හිස්‌කබල බ්රිසතාන්යසයට රැගෙන ගියේය. විලියම් වොලස්‌, පළමුවෙනි එඩ්වඩ් නමැති ඉංග්රීකසි රජුගෙන් ස්‌කෝට්‌ලන්ත ජාතිකයන්ට වූ අසාධාරණකම් නිසා, ස්‌කොට්‌ලන්තය වෙනුවෙන් සටන් කළ වීරයෙකි. වර්ෂ 1948 පෙබරවාරි 04 වැනි දින බ්රිීතාන්ය පාලනයෙන් ශ්රීත ලංකාව නිදහස්‌ වූවාට පසු කැප්පෙටිපොළ නිළමෙතුමාගේ හිස්‌ කබල අප රටට නැවත ලබාදුන්නේය. එය දළදා මාලිගාව ඉදිරිපිට මහ මළුවේ තැන්පත් කෙරිණි.

මේ පෙළ ගැසුනේ මේ රටේ සිදු වූ මහා පුරාවස්‌තු සංහාරය පිළිබඳ ඉතිහාසයේ සංක්ෂි ප්ත කතාවකි. විශේෂත්වය වන්නේ මෙවැනි මහා සංහාර රැළි සේ මතුව නැගී ආවේ රටෙහි යහ පාලනය අඩාල වූ අවස්‌ථා වලය. ඒ ඉතිහාසය අපට සාධනය කර දෙන යථාර්ථය ය.


වෛද්යන ලුතිනන් කොමාන්ඩර් පී. කේ. ඉශාන්ත ගුණතිලක

ඓතිහාසික දෙමටමල් විහාරය , බුත්තල…



කොළඹ - මොනරාගල මාර්ගයේ ගමන් ගන්නා විට 232 වැනි කිලෝමීටරයේ දී බුත්තල නගරය හමු වෙයි…බුත්තල සිට ඔක්කම්පිටිය මාර්ගයේ කිලෝමීටර් 6ක් පමණ ගමන් කිරීමේ දී.. ක්රිනස්තු පූර්ව 3 වන සියවසේ පමණ ඉදිවූවා යැයි සැලකෙන..පුරාණයේ අනන්තවත් රහතන් වහන්සේලා බිහි කළ අරහත් මාර්ගඵලලාභී භික්ෂූන් වහන්සේලාගේ පාදස්පර්ශයෙන් සුපිරිසිදු වූ ඓතිහාසික දෙමටමල් විහාරය හමුවෙයි...

කලක් මෙම විහාරස්ථානයේ
මලියදේව මහ රහතන් වහ්නසේ වැඩ වාසය කළ අතර උන්වහන්සේ දේශනා කොට වදාළ ජචක්ක සූත්ර දේශනාව ඇසූ භික්ෂූන් වහන්සේලා 60 නමක් අර්හත් මාර්ගඵල ලාභී වූ බවද කියනු ලැබේ...දෙමටමල් විහාර භූමිය පුරාවටම පැරැණි නටබුන් පවතිනු දැක ගත හැකි ය... ඒ අතර ගල් කණු, ගොඩනැඟිලිවල නටඹුන් ආදිය බොහොමයක් ඇත... මහ රහතන් වහන්සේගේ කාලයේ දී විහාර භූමියේ භික්ෂූන් වහන්සේලා උදෙසා ඉදි කළ කුටි සුවිශාල සංඛ්යා යාවක් තිබූ බව සනාථ කරමින් කුටිවල අත්තිවාරම්, ගල් කණු ආදිය ඉතිරි වී ඇති ආකාරය දිස් වෙයි...
ජනප්රවවාද අනුව මෙම පුන්ය් භූමිය අපූරු ඉතිහාස කතාවකට සම්බන්ධ වේ...එම කතාව සැකවින් මෙසේය…

කාවන්තිස්ස පිය මහ රජතුමා ගේ අභාවයෙන් පසු එතුමා ගේ පුතුන් දෙදෙනා වන දුටුගැමුණු සහ සද්ධාතිස්ස යන කුමාරවරුන් අතර දෙවරක්ම බිහිසුණු සටන් පැවති බැව් අපගේ ඉතිහාසයේ සඳහන් වේ...මේ සටන් සඳහා නිමිත්ත වූයේ වැඩිමහල් පුතුන් වන දුටුගැමුණු කුමාරයා සිටියදී, බාල පුතා වන සද්ධාතිස්ස කුමාරයා රාජ්යය පැහැර ගැනීමට උත්සාහ කිරීමයි...ඒ අරභයා දුටුගැමුණු කුමාරයාට විරුද්ධව සද්ධාතිස්ස කුමාරයා ප්රයථම සටන බුත්තලට ආසන්න යුදඟනා පිටියේ දී ආරම්භ කළේ ය... එම බිහිසුණු සටනින් දුටුගැමුණු කුමාරයාට අත්වූයේ අන්ත පරාජයකි...
පරාජයෙන් පලා යන දුටුගැමුණු කුමාරයා හැට දහසක සේනාවක් සූදානම් කරගෙන සද්ධාතිස්ස කුමාරයා සමඟ යුද වැදීමට මාගමට පැමිණියේ ය...

යුද්ධය නොකොට සමාදාන වෙමුයි දුටුගැමුණු කුමාරයා සද්ධාතිස්ස කුමාරයාට පණිවුඩ යැව්වේ ය...එහෙත් සද්ධාතිස්ස කුමාරයා ඊට එකඟ නොවුණි...මේ හේතුවෙන් යුද්ධය අති බිහිසුනු තත්ත්වයකට පත් වූ අතර සද්ධාතිස්ස කුමාරයට අන්ත පරාජයක් අත් විය... සිය ජීවිතය බේරාගනු වස් පලාගිය සද්ධාතිස්ස කුමාරයා ආසන්නයේ වූ විහාරස්ථානයක් වෙත දුවගොස් එහි ස්වාමීන් වහන්සේ සැතපෙන ඇඳ යට සැඟවුණේ ය...දුටුගැමුණු කුමාරයා ද ඔහු පසුපස ලුහුබැඳ විත් එම විහාරස්ථානයට ම පැමිණියේ ය...

මෙවේලෙහි ස්වාමීන් වහන්සේ තිස්ස කුමාරයා කුරු ඇඳක සතප්පවා සිවුරකින් වසා කුඩා සාමණේරයන් වහන්සේලා සතර දෙනෙකු ලවා මියගිය සඟරුවනක් ගෙන යන පරිද්දෙන් ඇඳ විහාරස්ථානයෙන් පිටතට ඔසොවාගෙන යන්නට සැළැස්වූහ...ඒ දුටු දුටුගැමුණු කුමාරයා ඒ ගෙන යන්නේ සද්ධාතිස්ස කුමාරයාම බව නිසැකවම දැන ගත්තේ ය...

පසුව යෝධගත්ත තිස්ස නම් තෙරුන් වහන්සේ පන්සියයක් පමණ මහා සංඝයා වහන්සේලා ද පිරිවරාගෙන තිස්ස කුමාරයා ද කැටුව මාගමට ගොස් දෙසොහොයුරන් සමඟි සම්පන්න කරවූයේ ය... මේ විස්තරයේ සඳහන් පරිදි යුද්ධයෙන් පැරදී පලා ආ තිස්ස කුමාරයා සැඟ වී දිවි බේරාගත් විහාරස්ථානය දෙමටමල් විහාරය නමින් ප්රදකට විය... “දෙටු,මල්” යන අතරුතින් දෙමටමල් යන නම තැනෙන්නට ඇත... — at දෙමටමල් විහාරය.බුත්තල.

බුදුරුවගල..



දැනට ලංකාවේ ඇති පිහිටි ගලක නෙළන ලද උසම ප්‍රතිමාව ලෙස සැලකෙන්නේ බුදුරුවගල ශෛලමය බුද්ධ ප්‍රතිමාවය. හිටි ඉරියව්වෙන නිරූපිත මෙහි උස මීටර 13 ක් (අඩි 46 ක් පමණ) පමණ වෙයි. ප්‍රතිමාව සමඟ දෙපස තවත් ප්‍රතිමා හයක් මෙම ගල් බිත්තියේ පෙළට නෙළා තිබෙයි. ගල් බිත්තිය අඩි 70 ක් පමණ දිගය.

වැල්ලවාය තිස්සමහාරාම පාරේ 48 වන සැතැපුම් කණුව අසලින් වමට හැරී අතුරු පාරක තවත් කි.මි. 4 ක් පමණ ගිය තැනදී වන ගහණයක් තුළ මෙම ගල් තලාව දැක ගැනීමට ලැබේ. මෑත කාලයක් වනතුරුම මෙම ප්‍රදේශයේ අලි ඇතුන්ගෙන් ගහණ හුදකලා ප්‍රදේශයක් වශයෙන් පැවැතුණි.

බුද්ධ ප්‍රතිමාවක් ප්‍රධාන කොට තවත් බෝසත් ප්‍රතිමා නිසා ප්‍රචලිත වූ ස්ථාන ඓතිහාසික මෙන්ම කලාත්මක අතින් ද වැදගත් විශේෂිත පුරාවිද්‍යා බිමකි. ගල් බිතුවක් මත දැවැන්තව නෙළා ඇති බුදුරුව නිසා මෙතන නාමය බුදුරුවගල වශයෙන් ප්‍රසිද්ධියට පත් වූවා විය හැක. එහෙත් පුරාණ ස්ථාන නාමය, කවුරුන් විසින් කවර දා කරන ලද්දැක්දැයි යන බවත් අද වන තුරු නිශ්චිතව තහවුරු කර ගෙන නොමැත.

කලා නිර්මාණයන්ගේ ස්වභාවය අනුව මෙය ක්‍රි.ව. 8 – 9 සියවස් වලට අයත් මහායානිකයන් විසින් කළ නිමැවුමක් බව පුරාවිද්‍යාඥයන්ගේ අදහස වෙයි.

ගල් පව්වේ බිත්තිය මධ්‍යයේ දැවැන්ත ප්‍රතිමා නෙලා ඇත්තේ අර්ධ උන්නතව ය. බුදුරුව දෙපස පරිවාර ප්‍රතිමා තුන බැගින් දර්ශනය වෙයි.

බුද්ධ ප්‍රතිමාවේ විශාලත්වය සහ දෙපස සෙසු ප්‍රතිමාවන්ගේ ස්වරූපය නිසා මෙය දීපංකර බුදුරදුන්ගේ පිළිබිඹුවක් බව අනුමාන කෙරේ. පිළිමයේ විශාලත්වය අනුව බුදුන් වහන්සේගේ ලෝකෝත්තර ස්වරූපය ඉස්මතු වන බව මහායානිකයන් කල්පනා කළ බව පෙනෙයි.

මේ පිළිබඳව ‘ඓතිහාසික බුදුරුවගල’ නම් ග්‍රන්ථයේ ආචාර්ය මාලිංග අමරසිංහ මෙසේ සඳහන් කර තිබෙයි. ‘ක්‍රි.ව. 6 වන සියවසට අයත් මහායාන වාස්තු විද්‍යා ශාස්ත්‍ර ග්‍රන්ථයක් වන ‘මංජු ශශ්‍රී භාෂිත චිත්‍ර කර්ම ශාස්ත්‍ර’ නම් කෘතියේ මහායාන බෝධිසත්වවරු අට දෙනෙක් පිළිබඳව සඳහන් වෙති. මේ නිසා එකල සමාජයේ මේ බෝධිසත්වවරුන් පිළිබඳ දැන සිටින්නට ඇති අතර ඇතැම්විට ඔවුන්ගේ ප්‍රතිමා ද නෙළන්නට ඇතැයි සිතිය හැක. විශේෂයෙන් රුහුණේ මෙවැනි විශාල බෝධිසත්ව ප්‍රතිමා නිර්මාණය කර තිබීම තුළින් පැහැදිලි වන්නේ මේ කාලයේ මහායාන බුදු දහම රෝහණ දේශයේ වඩාත් ප්‍රචලිතව පැවැතුණු බව ය.’

ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවේ දකුණු පස ඇති ප්‍රතිමා ත්‍රිත්වයේ මැද නෙළා ඇත්තේ අවලෝකීතේශ්වර බෝධි සත්ව ප්‍රතිමාවකි. එහි උස මීටර් 7.16 කි. (අඩි 25 කට ආසන්නය) එම ප්‍රතිමාවේ වම් පසින් නෙළා ඇති ත්‍රිභංග ඉරියව්ව පිළිබිඹු කරන තාරා දේවී ප්‍රතිමාවේ උස මීටර් 5.98 ක් පමණ වෙයි. (අඩි 21 ක් පමණ) මහායානිකයන්ට අනුව තාරාදේවිය අවලෝකීතේශ්වර බෝධිසත්වයන්ගේ භාර්යාවය.

මෙම ප්‍රතිමාව හැර අනෙකුත් සෑම ප්‍රතිමාවක්ම සමභංග ඉරියව්වෙන් නෙළා ඇතත් මෙහි ඇති ස්ත්‍රී රූපය ත්‍රිභංග ස්වරූපයෙන් නෙළා ඇත්තේ ස්ත්‍රී ලාලිත්‍ය වඩා හොඳින් නිරූපණය කිරීමට අවශ්‍ය වූ නිසා යැයි සිතිය හැකි ය. අවලෝකිතේශ්වර බෝධි සත්ව රූපයයේ දකුණු අත පැත්තේ දකින්නට ලැබෙන ප්‍රතිමාව සුධන කුමාර ප්‍රතිමාවයි. මහායාන සම්ප්‍රදායට අනුව සුධන කුමාරා ද බෝධිසත්වවරයෙකි. එහි උස මීටර් 6.53 ක් පමණ වෙයි. (අඩි 23 ක් පමණ)

ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවේ වම් පසින් දිස්වෙන රූප ත්‍රිත්වයේ මැද නෙලා ඇති ප්‍රතිමාව මතු බුදු බව ලබන මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාවය. මෙහි උස මීටර් 7.3 කි. (අඩි 25 1/2 ක් පමණ) එම බෝධිසත්ව රූපයේ වම් අත පැත්තේ නෙලා ඇති ප්‍රතිමාව වජ්‍රපානී බෝසත් ප්‍රතිමාවය. මෙහි උස මීටර් 6.4 කි. (අඩි 22.4 ක් පමණ) වජ්‍රපානී බෝසතුන්ගෙන් ධර්මයේ හඬ සහ එහි ආරක්‍ෂාව සංකේතවත් කරනු ලබන බව කියැවෙයි.

මෛත්‍රී බෝසත් රුවෙහි දකුණු අත පැත්තේ නෙලා ඇති රුව මංජු ශ්‍රී බෝධිසත්ව ප්‍රතිමාවයි. මෙමඟින් මහායාන සම්ප්‍රදායට අනුව මහා ප්‍රඥාව සංකේතවත් කරවනු ලබයි. ඔහු මෛත්‍රී බෝධිසත්වයන්ගේ ධර්මාචාර්යවරයා මෙන්ම උපදේශකවරයා ද වන බව මහායානිකයන්ගේ මතය වේ.

මේ අනුව බුදුරුවගල ඇති ප්‍රතිමා හත වම් අත සිට දකුණට පිළිවෙලින් නම් කළහොත් මෙසේ හඳුනාගත හැකිය. සුධනකුමාර, යෝගී අවලෝකීතේශ්වර, තාරා, දීපංකර බුද්ධ, මංජු ශශ්‍රී, මෛත්‍රී හා වජ්‍රපානී වශයෙනි.

මෙම පිළිම නෙළු මහා ශෛලමය බිත්තිය ඉතා දැඩි බවක් ඇති නිසා සෑම පිළිමයක්ම නෙලීමට ශිල්පීන්ට දැඩි වෙහෙසක් ගැනීමට සිදු වී ඇති බවක් පෙනෙයි. ඒ නිසා එම පිළිම සියල්ල නෙලා ඇත්තේ අර්ධ උන්නත ආකාරයට ගලේ ස්වාභාවික හැරීම් ආදිය ප්‍රයෝජනයට ගනිමින් ය.

මෙහි දිස්වන ස්වරූපය අනුව ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව නෙලීමේ දී ද මෙම අපහසුතාවයට ශිල්පියා මුහුණ දී තිබෙන බව එහි ස්වරූපය අනුව සිතා ගත හැක. පිළිමයේ මුව හතරැස් ය. සිවුරේ සියුම් රැළි ආදිය ගලේ ස්වරූපය නිසා නිසි පරිදි මතු කර පෙන්වීමට නොහැකි වී තිබේ. එම අඩුපාඩුව මැකීමට පිළිම මතුපිටින් හුණු ආලේප කර පිළිමය නිසි ආකාරයට සකස් කර ඇති බවක් පෙනේ. අද එම බදාම ස්ථරයන් දකින්නට නැතත් එහි ශේෂ කොටස් තැන තැන දිස් වෙයි.

සුධන කුමාර සහ මෛත්‍රී බෝසත්වරුන්ගේ පිළිමයන්හි විස්තර තරමක් දුරට ඉතිරිව තිබේ. මෙහි වටකුරු මුහුණු ආදියේ විචිත්‍ර බවක් පෙන්නුම් කරයි.

ඒ අපහසුතා කෙසේ වුවද මහා රළු ගල් තලාවක මුහුණත එක දිගට මෙම ප්‍රතිමා පෙළ නෙලා ගලෙන් සියුම්ව මතු කර ගැනීමට නොහැකි අඩුපාඩු මකාගැනීමට හුණු බදාම ස්ථරයන්ගෙන් පුරවා ඒ ඒ පිළිම වලට අදාළ සුදු, රන්වන්, රතු ආදී පැහැයන්ගෙන් අලංකාර කරමින් එදා නිර්මාණ ශිල්පියා දැවැන්ත අභියෝගයක් ජයගෙන තිබේ. ඒ අනුව පිළිම නෙළු කාලයේ දී මෙම ගල් බිත්තිය ඉතා අලංකාරව විචිත්‍ර පැහැයන්ගෙන් දර්ශනය වී තිබෙන්නට ඇත.

ඇත්තෙන්ම ස්වභාව ධර්මයා විසින් අභියෝගාත්මකව සාදා දුන් ශෛලමය බිත්තිය, අපේ පැරැණි කලාකරු විසින් බිත්ති සැරසිල්ලක් බවට පත් කර තිබේ. එය ස්වභාව ධර්මය තව තවත් විචිත්‍රවත් කරයි. ඒ ධෛර්යවන්ත නිර්මාණකරුවන් ඉතිහාස ගමන් මඟ වර්ණවත් කළ තවත් අපූරු කලා කෘතියක් අපටත් මතු පරපුරටත් ඉතිරිකර තිබේ.

ඇත්තෙන්ම මහායාන සංකල්පය මත ප්‍රතිබිම්භනය කළ මෙම ප්‍රතිමා පෙළෙහි ඇත්තේ අප වඩාත් අත්විඳ නැති නුහුරු ස්වරූපයකි. රූස්ස ගහකොළ අතර මැද නිදහස් පරිසරයක මහා ගල් බිතක මතු පිට මෙම නිර්මාණ පෙරහර හා එකතුවී ඇති මේ නුහුරු බව සිතට එකතු කරන්නේ අපූර්වත්වයකි. පරිසරයේ ඇති දැවැන්ත වෘක්‍ෂයන්ගේ පත් සුළඟට නැලැවෙන සියුම් රිද්මය හා මුසුව අතු ඉති ගැටෙන මන්දස්වරය එකතු කරන්නේ තවත් අපූරු සංගීත රාවයකි. පසු බිමෙන් ඇසෙන ඒ සංගීත ස්වර රටා අතර හිදිමින් මහා කලාගාරයක සම්භාව්‍ය සිතුවත් රස විඳින ආශ්වාදනීය හැඟීමක් මෙතන හුදකලා ස්වභාවික පරිසරය තුළ අත් විඳීමට හැකිවීම අපූරු අද්දැකීමක් වනු ඇත.

ඉතිහාසගත, පුරාවිද්‍යාත්මක විවරණයන් මතවාදයන් පසක තැබූවද, අවසානයේ හිත වෙලන සද්ධාසම්ප්‍රයුක්ත හැඟීම හදවතට ගෙන දෙන්නේ අධ්‍යාත්මික සුවයකි.


"යෝධයන්" කැපූ ඇළ


අති පැරණි යෝද ඇළ සැබැවින්ම ඇළක් නොව සැතැපුම් 54ක් දිගට කලාවැවේ සිට තිසාවැව දක්වා පිහිට වූ දික් වැවක් යයි කිව හැකි තරමට එහි නිර්මාණය අපූර්වත්වයෙන් පිරී තිබේ. වසර දෙදහසක් තරම් අතීතයට දිව යන දේශීය වාපී හා වාරි ශිල්පයේ මහිමය මූර්තිමත් කෙරෙන අද්විතීය නිර්මාණයක් වූ යෝධ ඇළේ ඉතිහාසය යෝධ ඇළ තරම්ම දිගය. රජකමට කෑදර වී සිටි කාශ්‍යප පුතා ”හම්බ කළ ධනය පෙන්වන්නැයි” පිය රජු වූ ධාතුසේනගෙන් ඉල්ලා සිටි විට ”මා රට - ජාතිය වෙනුවෙන් ඉපැයූ ධනය පෙන්වන්නට මා සමග එන්න” යයි පුතාට විධාන කොට තමන්ද අසු පිටට නැගී කලාවැව දක්වා ගමන් කර ඇත්තේ යෝධ ඇළේ බැම්ම දිගේ යයි අදටත් ජනප‍්‍රවාදයේ පවතී. ඒ සංවේදනීය ඉතිහාසය ගුලි වී ඇත්තේ යෝධ ඇළ දිගේය.

කලාවැවේ උපතට මුල් වී ඇති කලාඔය මහාවංශයෙන් හඳුන්වා ඇත්තේ ”ගෝන නදී” වශයෙනි. ප‍්‍රථම සියවස වනවිට කලාවැව සහ බළලූ වැව පැවැතියේ වැව් වශයෙන් නොව - විල් වශයෙනි. ටොලමි ලංකා සිතියම නිර්මාණය කළ යුගයේ මෙහි පැමිණි දේශාටකයකු වූ ”ප්ලීනි” (Pliny) තැප‍්‍රබෝන් රටේ (ශ්‍රී ලංකාවේ) ”මෙගිස්බා” (^Megisba) නමින් විලක් ගැන සඳහන්වේ. පසුකලක කලාවැව හා බළලූ වැව බවට පත් වුයේ මේ විල් බව විශ්වාස කෙරේ.

කලාවැව හා බැඳුණු කඩවර කතාවක් අදත් ජනප‍්‍රවාදයේ පවතී. එදා සිටි කඩවර අද කලාවැව රකින දෙවියන් ලෙසද ජනතාව අදහති. කඩවර විසුයේ මහසෙන් රජු සහ වසභ රජු විසූ යුගවලදීය. වැව් බැඳි රටේ වැව් කප්පිත්තන් ලෙස සැලැකෙන්නේ වසභ සහ මහසෙන් රජවරුය. මේ නිසා කලාවැවේ ආරම්භය පළමුවැනි සියවසේ විසු මහසෙන් රජු හෝ වසභ රජු විසින් කරන ලදැයි සැලකිය හැකිය. ධාතුසේන රජු විසුයේ පස්වැනි සිය වසේදීය. ක‍්‍රි.ව. 459 සිට 477 දක්වා වසර 18ක කාලයක් ධාතුසේන රජු අනුරාධපුර අගනුවරේ රජකම් කර ඇත. කලාවැව සහ බළලූ වැව යා කොට විශාල වැවක් ලෙස ප‍්‍රතිනිර්මාණය කළේ ධාතුසේන රජුය.

කලාවැව සිට තිසා වැව දක්වා සැතපුම් 54ක් දිගට යෝධ ඇළ නිර්මාණය කළේ ධාතුසේන රජතුමා විසිනි. මෙහි ප‍්‍රථම සැතපුම් දහ හතේ දිය බැස්ම සැතපුමකට අඟල් 6කි. යෝධ ඇළ අපූර්ව නිර්මාණයක් ලෙස සැලකෙන එක් හේතුවක් එයයි. ගැබ්ගත් එලිච්චියක් පෙරමුණෙන් ගමන් කරවා - ඇය පියවර තැබු මග ඔස්සේ යෝධ ඇළ ඉදිරියට කපාගෙන යන ලදැයි ප‍්‍රදේශයේ ජනමතයක්ද පවතී. ධාතුසේන රජු රාජ්‍යයෙන් අත්මිදීමට වසර 7කට පෙර යෝධ ඇළ හදා අවසන් කළ බව මහාවංශයේ දැක්වේ. යෝධ ඇළ දෑලේ වර්ග සැතපුම් 180ක් පුරා විහිදුන කෙත් යාය ඉදිකොට වපසරිය අක්කර 11400කට එල්ලංගා පද්ධති 12ක් ඔස්සේ ගම්මාන වැව් 120කට දියවර සැපයීමකට එදා යෝධ ඇළ සමත් වූ බව ඉතිහාසයේ දැක්වෙයි.
මහසෙන් රජු විසින් ඉදිකරන ලද මිනිපේ - ඇලහැර - යෝධ ඇළ ප‍්‍රථම සියවසේදී ඉදිවී තිබේ. යෝධ ඇළ සංකල්පයේ ආරම්භය මෙය විය හැකිය. අතීත වාරි පද්ධතිය අධ්‍යයනය කරන විට සිරුර පුරා රුධිර නාල පද්ධතිය පැතිරී ගොස් සිරුර ආරක්ෂා කරන්නාක් මෙන් යෝධ ඇළ නමින් හඳුන්වන ලද වාරි පද්ධතිය රජරට පුරාවට පැතිරී ගොස් රජරට සියලූ ප‍්‍රදේශ සංවර්ධනය කර තිබේ. වැව් ද්‍රෝණියේ සිට ජලය අඩු ද්‍රෝණියට ජලය ගෙන යාම, වැවකින් වැවකට ජලය ගෙනයාම, අතිරික්ත ජලය ගබඩා කිරීම සඳහා වැවකට ගෙනයාම වැනි දියවර හුවමාරු අවශ්‍යතා යෝධ ඇළ සංකල්පය මගින් අතීතයේදී ඉටුකර ගෙන තිබේ. මෙය ස්වභාව ධර්මය විසින් ඉටුකර නොදෙනලද දෙයක් මිනිසා විසින් ජය ගැනීමක් ලෙස හඳුන්වා දිය හැකිය.

දෙවැනි සේන රජුගේ රාජ්‍ය සමයේදී දඹුලූ ඔයේ ඉහත්තාවේ සිට මල්වතු ඔයේ යටත්තාවට යෝධ ඇළක් කපා තිබේ. මල්වතු ඔයේ සිට මහකනදරා වැවට යෝධ ඇළක් මගින් දියවර ගෙන ගොස් ඇත. යෝධ ඇළ සියල්ල ගමන් කර ඇත්තේ ජල අධික ද්‍රෝණියක සිට ජල හීන ද්‍රෝණියකටය.
ක‍්‍රි.ව. 290දී මහසෙන් රජු විසින් බළලූ විලේ සිට උස්ගල සියඹලන්ගමුව දක්වා යෝධ ඇළක් කපා දියවර ගෙන ගොස් උස්ගල සියඹලන්ගමුව වැවේ ජලය ගබඩා කර ඇත. කලාවැව යෝධ ඇළෙන් සහ අනුරාධපුර අභය වැවෙන් මහවිලච්චිය වැවට දියවර ගෙනයාම සඳහා යෝධ ඇළක් කපා තිබේ. නුවර වැවට දියවර ගෙනයාම සඳහා නාච්චා දුව වැවේ සිට යෝධ ඇළක් කපා ඇත. වැවකින් වැවකට ජලය ගෙන ගිය අනෙක් යෝධ ඇළ වන්නේ කලා වැවේ සිට තිසා වැවට දියවර ගෙනගිය යෝධ ඇළයි. ද්‍රෝණියේ වැඩි වතුර මුහුදට ගලා යා නොදී රජරට තුළම රඳවා ගැනීම යෝධ ඇළ සංකල්පයේ ප‍්‍රධාන අරමුණ වේ. රජරට පුරාවට වැව් හැදුවාක් මෙන් මෙම වැව් සහ ද්‍රෝණි ඒකාබද්ධ කරමින් යෝධ ඇළවල් ඉදිකිරීමට පෙර රජදරුවන් උනන්දු වී ඇති නමුත් අද වනවිට මෙම යෝධ ඇළ වැඩි කොටසක් නටබුන් වී ගොස් ඇත.
ධාතුසේන රජතුමන් යෝධ ඇළ ඉදි කිරීමෙන් වසර හත් සියයකට පමණ පසු පරාක‍්‍රමබාහු රජතුමා විසින් මෙම යෝධ ඇළ ප‍්‍රතිසංස්කරණය කරමින් පුළුල් කොට මෙයට ”ජයගංගා” යයි නම් කරනු ලැබීය.

යෝධ ඇළේ හෙවත් ජය ගංගාවේ බැම්ම හරියටම වෑ බැම්මකට සමානාය. මෙහි බැම්ම යොදා ඇත්තේ යටි පැත්තෙන් පමණි. උඩු පැත්ත සුළු බෑවුම් සහිත බිමකි. කලාවැව සිට තිසා වැව දක්වා පැවැති මහාකණුමුල්ල - මානෑව - කිරලෝගම - කිරිවැල්හීන්න වැනි එල්ලංගා 34ක ජලය ගලා ආවේ මෙම යෝධ ඇළටය. එල්ලංගාවල ජලය -  වැසි ජලය - කලා වැවේ ජලය මේ සියල්ල යෝධ ඇළට එක්රැුස්වූ විට එය නිතර වැවක් සේ වතුර පිරී පැවතිණි. යෝධ ඇළෙන් පහළ පැවති කෙත්වතුවලට පමණක් නොව යෝධ ඇළෙන් ඉහළ පැවැති කෙත්වතු හා එල්ංලගාවලටද මෙයින් ජලය ලබාදී ඇත. මහකණුමුල්ල එල්ලංගාව ඔස්සේ අයියනාගම, ඉහළවැව, මරිකාරගම, පහළවැව, ඉහළ අමනක්කට්ටුව යන වැව්වලට අතුරු යෝධ ඇළක් කපා දියවර ලබාදී ඇත. අද මෙය අභාවයට ගොස් ඇති නිසා ඉහත කී වැව්වලට ජලය ලැබෙන්නේ නැත.
යෝධ ඇළ නිසා පරිසරය මැනවින් සංරක්ෂණය විය. වැව්වලට උඩතින් යෝධ ඇළ ගමන් කිරීම නිසා වැව්වලට රොන් මඩ ගලා ඒම වැලකී තිබිණි. වැව්වල වතුර පාලනය කරමින් වැඩි වතුර ඒම වළක්වා තිබිණ. මහකන්නයේදී වැසිවලින් යෝධ ඇළට එකතුවන ජලය, අවශ්‍ය වැව් කරා ගෙන ගොස් ජලය බෙදා දී ඇත. ඇළවංගු තුළ පිහිටුවා ඇති දියකලි 48ක් යෝධ ඇළ පුරාවට තිබිණ. අවුරුද්දේ හැමදාටම වනගත සතා සීපාවගේ හා අලි ඇතුන්ගේ ජල අවශ්‍යතා මෙම ”දියකලි” මගින් සපුරා ගැනිණ.

කඩිනම් මහවැලිය මගින් ජයගඟක් අලූතෙන් ඉදිකිරීම නිසා පැරණි යෝධ ඇළේ කොටසක් එනම් මහඉලූප්පල්ලම සිට බටුවත්ත දක්වා වූ කිලෝ මීටර් 15ක් පමණ දුරැති කොටස භාවිතයෙන් ඈත් කිරීම නිසා අභාවයට පත්විය. අලූත් ජයගඟ ගමන් කිරීමේදී සමහර තැනක පැරණි යෝද ඇළ මැදින් කපාගෙන ගොස් ඇත. එවැනි තැන්වල අද යෝධ ඇළක් නැති තරම්ය. සමහර තැන්වලදී අලූත් ජයගඟ ගමන් කර ඇත්තේ පුරාතනයේ ඉදිකර තිබූ වැවෙන් වැවටය.
අලූත් ජයගඟ සමහර තැනකදී එක එල්ලේම වේගයෙන් ගලායයි. එවැනි තැන්වල ජයගඟ අඩි පනහ, හැට තරම් ගැඹුරට කපා තිබේ. ජයගඟ මෙසේ ගැඹුරට කැපීම නිසා අදවන විට ජයගඟ දෑලේ පිහිටි බොහෝ ගම්මාන වියළී ගොස් ජල හිඟයකට මුහුණ පා ඇත. ඇතැම් ගම්වලට පානීය ජලය ලබා ගැනීම පවා දුෂ්කර වී ඇත. මෙසේ වේගයෙන් ජයගඟ ගලායාම නිසා එය සම්බන්ධ කර ඇති වැව් වඩාත් ඉක්මනින් රොන්මඩ වලින් පිරී යයි. දැනටමත් කිරිඅමුණකොලේවැව, කෝන්වැව, කිරලෝගම වැව යන වැව් අධික ලෙස රෝන්මඩවලින් පිරී පවතී. නව ජයගඟ නිසා පාරිසරික පද්ධති බොහෝ දුරට විනාශ වී ගොස් ඇත.

පැරණි යෝධ ඇළ මේ නව ජයගෙඟ් දුර්ගුණ කිසිවක් නැත. යෝධ ඇළෙන් රටට හා ජනතාවට සිදුවූ මෙහෙවර බොහෝය.
යෝධ ඇළ ගලා ගිය ප‍්‍රදේශය පුරාවට භූගත ජලය උස් මට්ටමකින් පවත්වා ගෙන යාමට හැකි විය. මේ නිසා යෝධ ඇළ ආශ‍්‍රිතව සශ්‍රීක වැව් ගම්මාන රැසක් බිහිවිය. භූගත ජලයෙන් පෝෂණය වූ පාරිසරික පද්ධතියක් නිර්මාණය විය. වාපි ශිල්පයේ ආදුතු වැව් පෝෂණය කිරීමට හැකිවිය.   වාෂ්පීකරණය පාලනය කිරීම සඳහා ඇළ, දෑල ගහකොළ වලින් බරිත විය. වැසි කාලයේදී එකතු කර ගන්නා ජලය නියං කාලයේදී වැව්වලට මුදා හැරීමට හැකි විය. ඇළ වංගුවල පිහිටි ”දියකලි” සදාකාලික දිය උල්පත් විය. එදා යෝධ ඇළ යෝධයෙකු සේ රජරට මැද හිටගෙන ජනතාව හා ගම්බිම් පෝෂණය කළේය.
මෙම අපූර්ව නිර්මාණය ඉදිරි පරපුර වෙනුවෙන් පුනරුත්ථාපනය කිරීමේ අවශ්‍යතාව ප‍්‍රදේශයේ ජනතාව නිතර පෙන්වා දෙති. එසේම මෙය ජාතික උරුමයක් වශයෙන්ද ලෝක උරුමයක් වශයෙන්ද සංරක්ෂණය කිරීමට කටයුතු කළ යුතුව තිබේ.

ඉපැරණි යෝධ ඇළ පුනරුත්ථාපනය කරමින් සංරක්ෂණය කිරීම සැබැවින්ම යුගයේ ජාතික මෙහෙවරකි. ක‍්‍රි.ව. 1200දී පමණ මහ පැරකුම්බාවන් විසින් ප‍්‍රථම වරට යෝධ ඇළ ප‍්‍රතිසංස්කරණය කරන ලදී. ඊළඟට දෙවෙනි වර මේ යෝධ ඇළ ප‍්‍රතිසංස්කරණයට තවමත් කිසිවකු අත තියා නැති නමුත් ජේ.ආර්. ජයවර්ධන යුගයේදී ධාතුසේන රජතුමාගේ ආශ්චර්යයවත් යෝධ ඇළ අභාවයට යන්නට හැර ඒ වෙනුවට මහවැලි ජලය රජරටට ගෙන යන්නට ”අලූත් ජයගඟක්” නිර්මාණය කරනු ලැබීය. මෙය වූ කලි ධාතුසේන රජතුමා පමණක් නොව දේශීය විශ්වකර්ම වාපී ශිල්පයද සාහසික ලෙස විනාශ කර දැමීමකි. අදත් අපේ ඓතිහාසික උරුමය වූ යෝධ ඇළ කැලෑ ගත වී ජරාවාස වී අනවසරකරුවන් අල්ලාගෙන අභාවයට ගොස් ඇත.
නාගයා ශුද්ධ වස්තුවකි. මේ නිසා දෙවියන් නාගයාට ආරූඪ වී සිටිතැයි පැරණියෝ ඇදහූහ. මේ අනුව නාග වෙස් ගත් දෙවිවරු නිදාන, දේපොළ, වෙහෙර විහාර රැකීමේ යෙදී සිටිතියි විශ්වාස කරති. ජලය ද එබඳු මහාර්ඝ සම්පතකි. මේ නිසා ජලය රැකීමටද නාග සංකකේතය යොදාගෙන ඇත. පෙරදා වැවක් හැදු තැන නයි පෙණ සංකේතයක් යොදා ඇත්තේ එබැවිනි. තේරුමක් දැන හෝ නොදැන මහවැලියද අද සංකේතයට යොදාගෙන ඇත්තේ නයි පෙණයයි.

රජරැටියාගේ ජීවිතය රැකණේ ජලය නිසාය. මේ නිසා ජලය දේවත්වයෙන් සැලකූහ. ජලය අති පූජනීය වස්තුවක් ලෙස පිදුහ. ජලයට ගරු බුහුමන් දැක්වූහ. දැනට අම්පාර දිසාපති කාර්යාලයේ සුරක්ෂිතව තබා ඇති ”කොන්ඩු පට්ටමාන්” සෙල්ලිපිය මීට හොඳම උදාහරණයකි. සිරිසඟබෝ රජුගේ සහ දිවිගොන් රැජිනගේ පුත් දප්පුලූ රජු දස අණක් සහිත මෙම සෙල්ලිපිය සකස් කර ඇත. මෙයින් කියවෙන්නේ ජලය පරිහරණය කරන අන්දමයි. මෙහි තහංචි දහයක් පණවා ඇත. දියපත්තායම් තහංචිය, භූදිය තහාංචිය, මඩකලූ තහංචිය ආදී වශයෙන් තහංචි දහය හඳුන්වා ඇත. එයින් සනාථ වන්නේ එකලද මනා ජල කළමනාකරණයක් පැවැති බවයි. යෝධ ඇළ ඉදිකර ඇත්තේද ඒ තහංචි නොඉක්මවන අන්දමිනි.විශේෂයෙන් යෝධ ඇළේ පිටතට වතුර දෙන හැම හොරොව්වක්ම යොදා ඇත්තේ පතුලෙන් නොව පතුලට අඩි තුනක් පමණ ඉහළිනි. ඊට හේතු වී ඇත්තේ යෝධ ඇළ පතුලේ ජලයට ලවණ, ඛණිජ ආදිය මුහුවී තිබීමය. එවැනි ජලය පැළ ගොයමට හොඳ නැත. මේ නිසා හැකිතාක් උඩතින් අලූත් වතුර කුඹුරුවලට මුදා හැරීම සඳහා උඩහින් හොරොව් තබා ඇත. ජල කළමනාකරණය හා ජලයේ ගුණ අගුණ පිළිබඳ මනා අවබෝධයකින් යෝධ ඇළ නිර්මාණය කර ඇති බව පෙනේ.

මේ නිසා යෝධ ඇළ පැවැති තත්ත්වයෙන්ම පුනරුත්ථාපනය කිරීමෙන් යෝධ ඇළ පමණක් නොව යෝධ ඇළ හා බැඳී පවත්නා දේශීය වාරි ශිෂ්ටාචාරයද සංරක්ෂණය වේ.





සාකච්ඡා කළේ - එප්පාවල රත්න බී. ඒකනායක

ඕවාගිරියෙන් දුටුගැමුණු යුගයේ නටඹුන්

ඉඟිනියාගල ඓතිහාසික ඔවාගිරි විහාරයේ පුරාවිද්‍යා කැණීම්වලින් අටපට්ටම් හැඩයේ ස්ථුප මළුවක්, චෛත්‍යයේ යූපගල හා ඡත්‍ර තුනක්, දේවරූප වැනි මැටි රූප දෙකක් ද චෛත්‍යයේ ධාතු ගර්භයද සොයාගත් බව පුරාවිද්‍යා නිළධරයෝ කියති. ස්ථුප මළුවේ විශේෂත්වය වනුයේ බටහිර දෙසින් පිවිසුම් පඩි පෙළක් ඉදිකර තිබීමයි. දෙවැනි සියවසේ ඉදිකරන්නට ඇතැයි සැලකෙන මේ පුදබිමට දුටුගැමුණු රජුගේත ඔහුගේ සොහෝයුරු සද්ධාතිස්ස ගේ සම්බන්ධයක් ඇතැයි කියති. පුරා විද්‍යා පර්යේෂණ සහාකර ඕෂන් වෙදගේ මහතා කැණීම් බරව කටයුතු කරයි.














ලංකාදීප

කර්මයට අනුව පුද්ගලයා වෙනස් වන අයුරු....



බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩසිටින කල්හි බුදු රජාණන් වහන්සේ වෙත පැමිණි සුබ මානවකයා උන්වහන්සේ අමතා.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයෙහි අඩු ආයුෂ ඇත්තෝ වෙති. වැඩි ආයුෂ ඇත්තෝ වෙති. බොහෝ ආබාධ ඇත්තෝ වෙති. ලෙඩ රෝග ඇත්තෝ වෙති. විරූපී ඇත්තෝ ද වෙති. රූප සම්පත් ඇත්තෝ ද වෙති. මහත් පිරිවර ඇත්තෝ ද වෙති. මහත් පිරිවර නැත්තෝ ද වෙති. වස්තු සම්පත් ඇත්තෝ ද වස්තු සම්පත් නැත්තෝ ද වෙති. පහත් කුල ඇත්තෝ ද, අඥානයෝ ද වෙති. මේ අයුරින් සත්ත්වයාගේ උස් පහත් භේදයට හේතුව නම් කුමක්ද?

එවිට බුදු රජාණන් වහන්සේ විසින් කර්මයම සත්ත්වයාගේ උස් පහත් බවට හේතු වන්නේ යැයි දක්වමින් කර්මය අනුව සත්ත්වයා ආකාර දහ හතරකට බෙදා වඳාළ සේක.

සත්ත්වයා ආයුෂ අඩුවෙන් උපත ලබන්නට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රීයක් හෝ පුරුෂයෙක් කිසිදු අනුකම්පාවක් දයාවක් නැතිව සත්ත්ව ඝාතනය සිදු කරන්නේ ද හෙතෙම ඒ අකුසල කර්මයේ බලයෙන් මරණින් මතු අපායෙහි උපදින්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණිය ද අඩු ආයුෂ ඇත්තෙක් වන්නේය.

සත්ත්වයා දීර්ඝායුෂ ලැබීමට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් සත්ත්ව ඝාතනයෙන් වළකින්නේ ද, සියලු සතුන් කෙරෙහි දයාව අනුකම්පාව දක්වයි ද ඒ තැනැත්තා ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණියෙහි නම් උපදින උපදින සෑම භවයක දීම දීර්ඝායුෂ ඇත්තෙක් වන්නේය.

සත්ත්වයා බොහෝ ලෙඩ රෝග ඇත්තෙක් වීමට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අතින් පයින් හෝ දඩු මුගුරු වලින් හෝ ආයුධ වලින් හෝ සත්ත්වයන්ට හිංසා පීඩා කරන්නේ ද හෙතෙම අකුසල කර්මය බලයෙන් අපායෙහි උපත ලබා දුක් විඳින්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණියහොත් උපදින උපදින භවයක් පාසා බොහෝ ලෙඩ රෝග ඇත්තෙක් වන්නේය.

සත්ත්වයා නිරෝගී වීමට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අතින් පයින් හෝ දඩු මුගුරු වලින් හෝ ආයුධ වලින් හෝ සත්ත්වයන්ට හිංසා පීඩා නොකරන්නේ ද ඒ තැනැත්තා ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දෙව්ලොව උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණියේ ද උප නුපන් භවයන්හි නීරෝගි වූවෙක් වන්නේය.

සත්ත්වයා දුර්වර්ණ වීමට හේතුව

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ක්‍රෝධ කරන්නේ වේද, බලවත් සිත් තැවුලෙන් පෙලෙන්නේ වේද, සුළු වරදක් පෙන්වා දුන් විට පවා කිපෙන්නේ වේද, තරහව උපදවන්නේ ද, කෝපය, ද්වේශය, නොසතුටු බව ප්‍රකාශ කරන්නේ වේද ඒ තැනැත්තා ඒ අකුසල කර්මයෙහි බලයෙන් මරණින් මතු අපායෙහි උපදින්නේය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයෙහි උපදින්නේ නම් උපදින උපදින භවයක් පාසා විරූප වූයේ වෙති.

සත්ත්වයා ලස්සන වීමට හේතුව

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ක්‍රෝධ නොකරන්නේ වේද, සිත් තැවුලෙන් යුක්ත නො වන්නේද, වරද පෙන්වා දුන් විට නො කිපෙන්නේ වේද, කෝපය, ද්වේශය, නොසතුට බව ප්‍රකාශ නො කරන්නේ වේද හෙතෙම ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දෙව්ලොව උපත ලබන්නේ ය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණියේ නම් උපදින උපදින භවයක් පාසා ලස්සන වන්නේය. රූප සම්පත්තියෙන් යුක්ත වන්නේය.

සත්ත්වයා අල්පේ ශාක්‍ය වීමට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඊර්ෂ්‍යා කරන්නේ වේද, අන්‍යයන්ගේ ලාභ සත්කාර, ගරු කිරීම්, වැදීම්, පිදීම් ආදීන් හි ඊර්ෂ්‍යා කරන්නේ වේද හෙතෙම ඒ අකුසල කර්මයේ බලයෙන් අපායෙහි උපදින්නේය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයට පැමිණියේ නම් උපදින උපදින භවයක් පාසා අල්පේ ශාක්‍ය වන්නේය. පිරිවර ජනයා නොමැත්තෙක් වන්නේය.

සත්ත්වයා මහේ ශාක්‍ය වීමට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඊර්ෂ්‍යා නොකරන්නේ වේද, එසේම අනුන්ගේ ලාභ සත්කාර, ගරු සත්කාර, වැඳීම් පිදීම්, ආදීන්හි ඊර්ෂ්‍යා නොකරන්නේ වේද හෙතෙම ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයට පැමිණියේ නම් උපදින භවයක් භවයක් පාසා මහේ ශාක්‍ය වන්නේය. බොහෝ පිරිවර ඇත්තෙක් ද වන්නේය.

සත්ත්වයා මහා භෝග සම්පත් ඇත්තෙක් ව උපත ලබන්නට හේතු

මානවකය,මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මහණ බමුණන්ට දස දාන වස්තුවෙන් සංග්‍රහ කරන්නේ වේද ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපත ලබන්නේය. යම් හෙයකින් හෙතෙම මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවේ නම් උපනුපන් හැම භවයකදීම මහා භෝග සම්පත් ඇත්තෙක් වන්නේය. බොහෝ ධනයෙන් යුක්ත වූවෙක් වන්නේය.

සත්ත්වයා අඥාන වීමට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මහණ බමුණන් වෙත පැමිණ ස්වාමීනි, කුසල් නම් කවරේද? අකුසල් නම් කවරේද? නිවැරදි දේ කවරේද? ඇසුරු කළ යුතු නොකළ යුතු අය කවරේද? මා හට බොහෝ කාලයක් හිත සුව පිණිස කළ යුතු දෑ කවරේද? ආදී වශයෙන් නොඅසන්නේ නම් හෙතෙම ඒ අකුසල කර්මයේ විපාකයෙන් මරණින් මතු දුගතියෙහි උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයකට පැමිණියේ නම් භවයක් භවයක් පාසා අඥානයෙක්ම වන්නේය. මෝඩ පුද්ගලයෙක් වන්නේය.

සත්ත්වයා ප්‍රඥාාවන්ත වීමට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මහණ බමුණන් වෙත පැමිණ ස්වාමීනි , කුසල් නම් කවරේද? අකුසල් නම් කවරේද? නිවැරදි දේ කවරේද? ඇසුරු කළ යුතු නොකළ යුතු අය කවරේද? මා හට බොහෝ කාලයක් හිත සුව පිණිස කළ යුතු දෑ කවරේද? ආදී වශයෙන් අසන්නේ නම් හෙතෙම ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භවයකට පැමිණියේ නම් උපදින භවයක් භවයක් පාසා ප්‍රඥාවන්තයෙක්ම වන්නේය.

චුල්ල කම්ම විභංග සුත්‍රය - මඡ්ඣිම නිකාය 

කලාවැවේ කුවේණි කෝවිල




ඒ 1967 වර්ෂයයි. ගලේවෙල විදුහලේ මා සමග සේවය කළ ජයතිලක සමග කලාවැව බස් රියේ නැග ඒ අඩවියේ පැරණි තොරතුරු සොයා ගිය දිනය මට තවම මතකය. ජයතිලක කලින් මේ ප‍්‍රදේශයේ සේවය කර ඇවිද පළපුරුදු අයෙකි. පළමුව විජිතපුරයෙන් බැස එහි තොරතුරු සොයා බලා ඉන්පසු අව්කන ගොස් අව්කන පිළිමය බලා ආපසු නවාතැනට එනවිට දහවල් එකොළහ පමණ විය.මුළු පරිසරයම ගිනියම් අව්වෙන් පිළිස්සෙයි. කලා වැවේ වැව් බැම්ම දිගේ වාහන ඇදෙන විට වැව් දිය තෙමා ගත් සුළඟ වැදී ගත සිත නිවෙයි. සාගරයක් බඳු කලා වැවේ ජලය පිසගෙන එන සුළඟ සිරුරේ වෙහෙස උරා ගනියි.
වැව් බැම්ම වටා උස්ව රූස්ස ලෙස වැඩුණු ගහකොළ යට ඇති හෙවණ ගිනි ගහන මද්දහන වෙලාවට අපමණ සුවයක් ලබාදෙයි. අපි කලා වැව බැම්මේ සිසිල් ගස් සෙවණක් යට ඉඳගෙන වැව දෙස බලා සිටියෙමු. ජයතිලක කතාවට මුලපුරයි.

කලාවැව කිව්වට ඇත්තට මෙතැන වැව් දෙකක් තියෙනවා. ධාතුසේන රජ්ජුරුවෝ කරපු කලා වැවයි ඒ යාවම තියෙන බළලූ වැවයි. වැව් දෙකක් නැත්නම් කීපයක් එකට කරලා හදන එක ”බද්ධ වැව්” කියලා හඳුන්වනවා. වැව් දෙකක් එකතු කළාම ”ජෝඩු වැව්” කියනවා. පූජාවලිය කියන පොතේ මේ වැව හඳුන්වන්නේ කලා බළලූ වැව කියලා. වැව් දෙක වෙන්වෙන තැන පුංචි බිම් තීරුවක් දුපතක් වගේ තියෙනවා. පේනවද?

අපි කලා වැව දෙස බැලූවෙමු. මුස්ලිම් ධීවර පිරිසක් මාළු අල්ලා ගත් ඔරු කීපයක් ගොඩට එති. ධාතුසේන රජ්ජුරුවෝ කරපු අන්තිම ඉල්ලීම තමා කලා වැවේ නාන්න ඉඩ දුන්නොත් තමා සඟවාගෙන ඉන්න වස්තුව පෙන්නනවා කියලා. නාන්න ඉස්සර ධතුසේන රජ්ජුරුවෝ විජිතපුර විහාරයට ගොස් තමන්ගේ නෑදෑවන හාමුදුරු නමකගෙන් බණ අහලා තමා කරපු කලා වැවට බැහැලා හොඳ හැටි දිය නාලා මා සතු එකම වස්තුව මෙපමණයි කියලා කලා වැවේ දිය දෝතක් අරන් කාශ්‍යපට පෙන්නුවාලූ. කාශ්‍යප කුමාරයා තදින් තරහ ගිහින් ධාතුසේන පිය රජ්ජුරුවෝ පණපිටින් බිත්තියකට තියලා මැටි ගහලා මරන්න නියම කළායි කියැවෙන්නේ.

ඒකත් ධාතුසේන රජ්ජුරුවන්ට බලපාපු කර්ම විපාකයක් කියල කියනවා. කලාවැව බඳිද්දී එතැන භාවනායෝගීව හිටපු හිමි නමක් පස් කන්දට යට කරලා මැරෙව්වාලූ. ධාතුසේන රජ්ජුරුවන්ට පළදුන්නේ ඒකෙ විපාකෙලූ.
මේ වැව බාරව හිටපු මුරකාරයා වැවට පැනලා මැරිලා යකෙක් වෙලා ඉපදිලා ඉන්න කතාවක් තියෙනවා නේද? මම විමසුවෙමි.
ඔව් බිරිඳත් එක්ක අමනාප වෙච්ච මිනිහෙක් කාලයක් වනාන්තර ගතවෙලා සත්තුත් එක්ක ගැවසුණා. මේ පණිවිඩය වැද්දෙක් රජ්ජුරුවන්ට දැන්නුවා. ධාතුසේන රජ්ජුරුවෝ මේ මනුස්සයා කොටුකර අල්ලා ගත්තා. වනාන්තරයේ විස්තර අහලා. ස්වභාවික තැනිතලාවක ජල කඳක් රැඳිලා තියෙන බව ඔහු රජ්ජුරුවන්ට පෙන්වා දුන්නා. මේ ස්වභාවික ජලතලාව විශාල කර බැඳලා තමා කලාවැව හැදුවේ. රජ්ජුරුවෝ ඒ මනුස්සයාටම වැව බලාගන්න රාජකාරියත් පැවරුවා. විශේෂයෙන් ගංවතුර වෙලාවේ වැඩි වතුර පිටවෙන එක හෝදිසි කරන්න වැව් බැම්මේ උපකරණයක් හයිකරල තිබුණා. දවසක් අන්ධ හාමුදුරු නමක් වැව් බැම්ම දිගේ යනවිට හැරමිටිය වැදිලා වර්ෂා මාපක යන්ත‍්‍රය බිඳුණා. එදා රෑ වර්ෂාව වැඩිවෙලා වැව් බැම්ම කැඞී ගියා.
තම වැරැද්දෙන් වැව් බැම්ම බිඳුණු බව දැනගෙන අර මුරකාරයා වැවේ දිය කඳට පැනලා දිවි නසා ගත්තා. අද වැව ආරක්ෂා කරන කඩවර දෙවියෝ වෙලා ඉන්නේ ඒ වැව බලා ගත්තු මුරකාරයා.
කලා වැවට අධිපති පනම්බණ්ඩාර කියලා දෙවි කෙනකුත් ඉන්නවා නේද? යි මම ඇසීමි.

ඔව්... කලා වැවේ අඩවියේ පනම්බණ්ඩාර දෙවියෝ අදහනවා. රාත‍්‍රි කාලයේ පනම්බණ්ඩාර දෙවියෝ සුදු අශ්වයා පිට නැගලා කලා වැව දිගේ යනවා. මේ පැත්තේ අය අවුරුද්දකට සැරයක් පනම්බණ්ඩාර දෙවියන්ට දානයක් දෙනවා. දානය බෙදන්නේ නෙළුම් කොළවල.
වතුර අඩුවුණාම කලාවැව බළලූ වැව හොඳට වෙන් වෙලා පේනවා. ඉස්සර මේ වැව් දෙක අතර බිම් තීරුවේ කුවේණිට කැපවුණු කෝවිලක් තිබිලා තියෙනවා. කුවේණි කෝවිලේ බලපෑම ගුප්තය. බලය තාම තියෙනවා.
ඒ කීවේ? මම විමසුවෙමි
අවුරුද්දකට සැරයක් නොවරද්දාම කුවේණි කෝවිලට බිල්ලක් ගන්නවා. සමහර වෙලාවට බිල්ලට ගත්තු අයගේ මිනිය හොයා ගන්නත් අමාරුයි.
මේ ළඟදී සිද්ධ වුණු කතාවක් මම කියන්නම්. ඈත පළාතක ඉඳලා පෝසත් පවුලක් වන්දනාවේ ආවා. තරුණ සැමියයි බිරිඳයි පුංචි දරුවකුයි කාර් එක පාර අද්දර නවත්තලා කෑම බීම අරගෙන මේ බිම් තීරුවට ඒ අය ආවා. තද අව්ව වෙලාවේ ගස් යට ගොම්මනේ ඒ අය ඉටි රෙද්දක් එළාගෙන කෑම කෑවා. දරුවා මැද්දෙන් හාන්සි වුණා. තරුණ ජෝඩුවටත් සුළෙඟ් සනීපයට නින්ද ගියා. පැයක් පමණ නින්දේ හිටපු ගැහැණු කෙනා අවදි වෙලා බැලූවා. සැමියා නිදි දරුවා නෑ. වාහනයටත් ගිහින් බැලූවා. දරුවා වාහනයෙත් නෑ. වටපිට හොයලා දරුවා නැතිව ඒ අය විලාප දුන්නා. ළඟපාත අය ඇවිත් හෝදිසි කරන කොට දරුවගේ මළ සිරුර වැවේ වතුර යට. පැය ගණනක් මහන්සිවෙලයි ගොඩ ගත්තේ. කුවේණි කෝවිල ළඟ බිලිගන්න බව ඒ අය දැන සිටියේ නෑ. ජයතිලක කීවේය.

ජයතිලකගේ කතාවෙන් මගේ හිත දැඩි ලෙස සසල විය.



වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.කේ. ජයවර්ධන