සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

නව ලිපි
Showing posts with label ඇසුවෙමි දු‍ටුවෙමි. Show all posts
Showing posts with label ඇසුවෙමි දු‍ටුවෙමි. Show all posts

බුදුරුවගල..



දැනට ලංකාවේ ඇති පිහිටි ගලක නෙළන ලද උසම ප්‍රතිමාව ලෙස සැලකෙන්නේ බුදුරුවගල ශෛලමය බුද්ධ ප්‍රතිමාවය. හිටි ඉරියව්වෙන නිරූපිත මෙහි උස මීටර 13 ක් (අඩි 46 ක් පමණ) පමණ වෙයි. ප්‍රතිමාව සමඟ දෙපස තවත් ප්‍රතිමා හයක් මෙම ගල් බිත්තියේ පෙළට නෙළා තිබෙයි. ගල් බිත්තිය අඩි 70 ක් පමණ දිගය.

වැල්ලවාය තිස්සමහාරාම පාරේ 48 වන සැතැපුම් කණුව අසලින් වමට හැරී අතුරු පාරක තවත් කි.මි. 4 ක් පමණ ගිය තැනදී වන ගහණයක් තුළ මෙම ගල් තලාව දැක ගැනීමට ලැබේ. මෑත කාලයක් වනතුරුම මෙම ප්‍රදේශයේ අලි ඇතුන්ගෙන් ගහණ හුදකලා ප්‍රදේශයක් වශයෙන් පැවැතුණි.

බුද්ධ ප්‍රතිමාවක් ප්‍රධාන කොට තවත් බෝසත් ප්‍රතිමා නිසා ප්‍රචලිත වූ ස්ථාන ඓතිහාසික මෙන්ම කලාත්මක අතින් ද වැදගත් විශේෂිත පුරාවිද්‍යා බිමකි. ගල් බිතුවක් මත දැවැන්තව නෙළා ඇති බුදුරුව නිසා මෙතන නාමය බුදුරුවගල වශයෙන් ප්‍රසිද්ධියට පත් වූවා විය හැක. එහෙත් පුරාණ ස්ථාන නාමය, කවුරුන් විසින් කවර දා කරන ලද්දැක්දැයි යන බවත් අද වන තුරු නිශ්චිතව තහවුරු කර ගෙන නොමැත.

කලා නිර්මාණයන්ගේ ස්වභාවය අනුව මෙය ක්‍රි.ව. 8 – 9 සියවස් වලට අයත් මහායානිකයන් විසින් කළ නිමැවුමක් බව පුරාවිද්‍යාඥයන්ගේ අදහස වෙයි.

ගල් පව්වේ බිත්තිය මධ්‍යයේ දැවැන්ත ප්‍රතිමා නෙලා ඇත්තේ අර්ධ උන්නතව ය. බුදුරුව දෙපස පරිවාර ප්‍රතිමා තුන බැගින් දර්ශනය වෙයි.

බුද්ධ ප්‍රතිමාවේ විශාලත්වය සහ දෙපස සෙසු ප්‍රතිමාවන්ගේ ස්වරූපය නිසා මෙය දීපංකර බුදුරදුන්ගේ පිළිබිඹුවක් බව අනුමාන කෙරේ. පිළිමයේ විශාලත්වය අනුව බුදුන් වහන්සේගේ ලෝකෝත්තර ස්වරූපය ඉස්මතු වන බව මහායානිකයන් කල්පනා කළ බව පෙනෙයි.

මේ පිළිබඳව ‘ඓතිහාසික බුදුරුවගල’ නම් ග්‍රන්ථයේ ආචාර්ය මාලිංග අමරසිංහ මෙසේ සඳහන් කර තිබෙයි. ‘ක්‍රි.ව. 6 වන සියවසට අයත් මහායාන වාස්තු විද්‍යා ශාස්ත්‍ර ග්‍රන්ථයක් වන ‘මංජු ශශ්‍රී භාෂිත චිත්‍ර කර්ම ශාස්ත්‍ර’ නම් කෘතියේ මහායාන බෝධිසත්වවරු අට දෙනෙක් පිළිබඳව සඳහන් වෙති. මේ නිසා එකල සමාජයේ මේ බෝධිසත්වවරුන් පිළිබඳ දැන සිටින්නට ඇති අතර ඇතැම්විට ඔවුන්ගේ ප්‍රතිමා ද නෙළන්නට ඇතැයි සිතිය හැක. විශේෂයෙන් රුහුණේ මෙවැනි විශාල බෝධිසත්ව ප්‍රතිමා නිර්මාණය කර තිබීම තුළින් පැහැදිලි වන්නේ මේ කාලයේ මහායාන බුදු දහම රෝහණ දේශයේ වඩාත් ප්‍රචලිතව පැවැතුණු බව ය.’

ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවේ දකුණු පස ඇති ප්‍රතිමා ත්‍රිත්වයේ මැද නෙළා ඇත්තේ අවලෝකීතේශ්වර බෝධි සත්ව ප්‍රතිමාවකි. එහි උස මීටර් 7.16 කි. (අඩි 25 කට ආසන්නය) එම ප්‍රතිමාවේ වම් පසින් නෙළා ඇති ත්‍රිභංග ඉරියව්ව පිළිබිඹු කරන තාරා දේවී ප්‍රතිමාවේ උස මීටර් 5.98 ක් පමණ වෙයි. (අඩි 21 ක් පමණ) මහායානිකයන්ට අනුව තාරාදේවිය අවලෝකීතේශ්වර බෝධිසත්වයන්ගේ භාර්යාවය.

මෙම ප්‍රතිමාව හැර අනෙකුත් සෑම ප්‍රතිමාවක්ම සමභංග ඉරියව්වෙන් නෙළා ඇතත් මෙහි ඇති ස්ත්‍රී රූපය ත්‍රිභංග ස්වරූපයෙන් නෙළා ඇත්තේ ස්ත්‍රී ලාලිත්‍ය වඩා හොඳින් නිරූපණය කිරීමට අවශ්‍ය වූ නිසා යැයි සිතිය හැකි ය. අවලෝකිතේශ්වර බෝධි සත්ව රූපයයේ දකුණු අත පැත්තේ දකින්නට ලැබෙන ප්‍රතිමාව සුධන කුමාර ප්‍රතිමාවයි. මහායාන සම්ප්‍රදායට අනුව සුධන කුමාරා ද බෝධිසත්වවරයෙකි. එහි උස මීටර් 6.53 ක් පමණ වෙයි. (අඩි 23 ක් පමණ)

ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවේ වම් පසින් දිස්වෙන රූප ත්‍රිත්වයේ මැද නෙලා ඇති ප්‍රතිමාව මතු බුදු බව ලබන මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාවය. මෙහි උස මීටර් 7.3 කි. (අඩි 25 1/2 ක් පමණ) එම බෝධිසත්ව රූපයේ වම් අත පැත්තේ නෙලා ඇති ප්‍රතිමාව වජ්‍රපානී බෝසත් ප්‍රතිමාවය. මෙහි උස මීටර් 6.4 කි. (අඩි 22.4 ක් පමණ) වජ්‍රපානී බෝසතුන්ගෙන් ධර්මයේ හඬ සහ එහි ආරක්‍ෂාව සංකේතවත් කරනු ලබන බව කියැවෙයි.

මෛත්‍රී බෝසත් රුවෙහි දකුණු අත පැත්තේ නෙලා ඇති රුව මංජු ශ්‍රී බෝධිසත්ව ප්‍රතිමාවයි. මෙමඟින් මහායාන සම්ප්‍රදායට අනුව මහා ප්‍රඥාව සංකේතවත් කරවනු ලබයි. ඔහු මෛත්‍රී බෝධිසත්වයන්ගේ ධර්මාචාර්යවරයා මෙන්ම උපදේශකවරයා ද වන බව මහායානිකයන්ගේ මතය වේ.

මේ අනුව බුදුරුවගල ඇති ප්‍රතිමා හත වම් අත සිට දකුණට පිළිවෙලින් නම් කළහොත් මෙසේ හඳුනාගත හැකිය. සුධනකුමාර, යෝගී අවලෝකීතේශ්වර, තාරා, දීපංකර බුද්ධ, මංජු ශශ්‍රී, මෛත්‍රී හා වජ්‍රපානී වශයෙනි.

මෙම පිළිම නෙළු මහා ශෛලමය බිත්තිය ඉතා දැඩි බවක් ඇති නිසා සෑම පිළිමයක්ම නෙලීමට ශිල්පීන්ට දැඩි වෙහෙසක් ගැනීමට සිදු වී ඇති බවක් පෙනෙයි. ඒ නිසා එම පිළිම සියල්ල නෙලා ඇත්තේ අර්ධ උන්නත ආකාරයට ගලේ ස්වාභාවික හැරීම් ආදිය ප්‍රයෝජනයට ගනිමින් ය.

මෙහි දිස්වන ස්වරූපය අනුව ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව නෙලීමේ දී ද මෙම අපහසුතාවයට ශිල්පියා මුහුණ දී තිබෙන බව එහි ස්වරූපය අනුව සිතා ගත හැක. පිළිමයේ මුව හතරැස් ය. සිවුරේ සියුම් රැළි ආදිය ගලේ ස්වරූපය නිසා නිසි පරිදි මතු කර පෙන්වීමට නොහැකි වී තිබේ. එම අඩුපාඩුව මැකීමට පිළිම මතුපිටින් හුණු ආලේප කර පිළිමය නිසි ආකාරයට සකස් කර ඇති බවක් පෙනේ. අද එම බදාම ස්ථරයන් දකින්නට නැතත් එහි ශේෂ කොටස් තැන තැන දිස් වෙයි.

සුධන කුමාර සහ මෛත්‍රී බෝසත්වරුන්ගේ පිළිමයන්හි විස්තර තරමක් දුරට ඉතිරිව තිබේ. මෙහි වටකුරු මුහුණු ආදියේ විචිත්‍ර බවක් පෙන්නුම් කරයි.

ඒ අපහසුතා කෙසේ වුවද මහා රළු ගල් තලාවක මුහුණත එක දිගට මෙම ප්‍රතිමා පෙළ නෙලා ගලෙන් සියුම්ව මතු කර ගැනීමට නොහැකි අඩුපාඩු මකාගැනීමට හුණු බදාම ස්ථරයන්ගෙන් පුරවා ඒ ඒ පිළිම වලට අදාළ සුදු, රන්වන්, රතු ආදී පැහැයන්ගෙන් අලංකාර කරමින් එදා නිර්මාණ ශිල්පියා දැවැන්ත අභියෝගයක් ජයගෙන තිබේ. ඒ අනුව පිළිම නෙළු කාලයේ දී මෙම ගල් බිත්තිය ඉතා අලංකාරව විචිත්‍ර පැහැයන්ගෙන් දර්ශනය වී තිබෙන්නට ඇත.

ඇත්තෙන්ම ස්වභාව ධර්මයා විසින් අභියෝගාත්මකව සාදා දුන් ශෛලමය බිත්තිය, අපේ පැරැණි කලාකරු විසින් බිත්ති සැරසිල්ලක් බවට පත් කර තිබේ. එය ස්වභාව ධර්මය තව තවත් විචිත්‍රවත් කරයි. ඒ ධෛර්යවන්ත නිර්මාණකරුවන් ඉතිහාස ගමන් මඟ වර්ණවත් කළ තවත් අපූරු කලා කෘතියක් අපටත් මතු පරපුරටත් ඉතිරිකර තිබේ.

ඇත්තෙන්ම මහායාන සංකල්පය මත ප්‍රතිබිම්භනය කළ මෙම ප්‍රතිමා පෙළෙහි ඇත්තේ අප වඩාත් අත්විඳ නැති නුහුරු ස්වරූපයකි. රූස්ස ගහකොළ අතර මැද නිදහස් පරිසරයක මහා ගල් බිතක මතු පිට මෙම නිර්මාණ පෙරහර හා එකතුවී ඇති මේ නුහුරු බව සිතට එකතු කරන්නේ අපූර්වත්වයකි. පරිසරයේ ඇති දැවැන්ත වෘක්‍ෂයන්ගේ පත් සුළඟට නැලැවෙන සියුම් රිද්මය හා මුසුව අතු ඉති ගැටෙන මන්දස්වරය එකතු කරන්නේ තවත් අපූරු සංගීත රාවයකි. පසු බිමෙන් ඇසෙන ඒ සංගීත ස්වර රටා අතර හිදිමින් මහා කලාගාරයක සම්භාව්‍ය සිතුවත් රස විඳින ආශ්වාදනීය හැඟීමක් මෙතන හුදකලා ස්වභාවික පරිසරය තුළ අත් විඳීමට හැකිවීම අපූරු අද්දැකීමක් වනු ඇත.

ඉතිහාසගත, පුරාවිද්‍යාත්මක විවරණයන් මතවාදයන් පසක තැබූවද, අවසානයේ හිත වෙලන සද්ධාසම්ප්‍රයුක්ත හැඟීම හදවතට ගෙන දෙන්නේ අධ්‍යාත්මික සුවයකි.


ඇගට ගුණ කරවිල


බෙහෙවින් ගුණාත්මක ව්‍යංජනයක් ලෙස සැළකෙන කරවිල බීජ සහ ගුණදායක, රසවත් පළතුරක් වන දෙළුම් බීජ භාවිතය මගින් පිළිකා සෛල වර්ධනය වැළැක්විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ව්‍යාධිවේද විද්‍යාඥයෝ කියති.

ආචාර්ය අනුර ජයසූරිය

මිනිස් සිරුරෙන් ලබාගත් පිළිකා සෛල විද්‍යාගාර වල කෘත්‍රිමව වර්ධනය කර, කරවිල සහ දෙළුම් බීජ වියළා නිස්සාරණය කර යොදා ගැනීමෙන් පිළිකා සෛල වර්ධනය සාර්ථකව වැළැක්වීමේ හැකියාව ඇති බව මෙම පර්යේෂණයේදී තහවුරු වී තිබේ.
පර්යේෂණය සිදු කරන නාවල විවෘත විශ්ව විද්‍යාලයයේ, සත්ව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාරිනී ක්‍රිෂ්ණි චානිකා වීරකෝන් මහත්මිය මෙසේ කීවාය.

‘මෙය මගේ ආචාර්ය උපාධිය සඳහා මා විසින් තෝරා ගත් පර්යේෂණයක්. පිළිකා සඳහා විධිමත් නිශ්චිත ප්‍රතිකාරයක් තවමත් සොයා ගෙන නැති නිසා මා මෙම පර්යේෂණය කෙරෙහි නැඹුරුවුණා.

පිළිකා ලෙස හැඳින්වෙන්නේ පාලනය කළ නොහැකිව සිරුරේ අසාමාන්‍ය ලෙස සිදුවන සෛල වර්ධනයක් බව කිව හැකියි. පිළිකා වර්ග සියයකට වැඩි ප්‍රමාණයක් දකින්නට ලැඛෙනවා. ඒ සඳහා මේ වන විට, විකිරණ, ශල්‍යකර්ම, හෝමෝන සහ රසායනික යන ප්‍රතිකාරක්‍රම භාවිත කෙරෙනවා. ඉහත ක්‍රම වලින් යම් තරමක් දුරට එය පාලනය කළ හැකියි. නමුත් පිළිකා සඳහා සුදුසුම ක්‍රමවේදය එය මුල් අවධියේමදීම පාලනය කිරීමයි.

අප පර්යේෂණ කරන මේ ඖෂධයෙන් අප බලාපොරොත්තු වන්නේ ඕනෑම අවධියක සිටින පිළිකා රොගියකුට ප්‍රතිකාර කිරීමයි.
අපේ රටේ සුලභව සොයා ගත හැකි කරවිල කවුරුත් අගය කරනවා. ඒ එහි ගුණදායක බව නිසයි. එහි උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ මොමොඩිකා යි.

ආචාර්ය ටෙරන්ස් මධුජිත්
රසය වගේම ගුණයෙන් යුත් දෙළුම් පළතුර පියුනිකා ග්‍රැනේටම් යන උද්භිද නාමයෙන් හැඳින්වෙනවා.

කරවිල බීජ සහ දෙළුම් බීජ හොඳින් වියළා, නිස්සාරණය කර විද්‍යාගාරය තුළ වර්ධනය වෙන මට්ටමේ ඇති පිළිකා සෛවලට යොදා මෙම පර්යේෂණ සිදු කළා. එයින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලැබුණු බව කියන්නට කැමැතියි. පර්යේෂණ කටයුතු තව දුරටත් සිදු කෙරෙනවා.

පශු වෛද්‍ය පීඨයේ ජයන්ත රාජපක්ෂ මහාචාර්යවරයා, ජීව රසායන අංශයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය අනුර ජයසූරිය, කෘෂි විද්‍යා පීඨයේ ආචාර්ය ටෙරන්සේ මධුජිත් සහ සාම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාරිනී තුෂාරි හේරත් යන අධීක්ෂක මණ්ඩලය මගින් මේ පර්යේෂණ කටයුතු අධීක්ෂණය කරනවා. එම විද්වත් මණ්ඩලය මගින් මට ලැඛෙන සහාය හා ධෛර්යය මා ඛෙහෙවින් අගය කරනවා‘

මෙම පර්යේෂණයේදී සිදුවන්නේ කුමක්දැයි අපි පශු වෛද්‍ය පීඨයේ ජීව රසායනික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය, ආචාර්ය අනුර ජයසූරියගෙන් විමසුවෙමු.

‘කරවිල බීජ වල අඩංගු ඇල්ෆා ඉලයොස්ටියරික් අම්ලය සහ දෙළුම් බීජ වල අඩංගු පියුනික් අම්ලය යන අම්ල දෙකම මේද අම්ල බව කිව යුතුයි. මෙම මේද අම්ල දෙකටම පොදු ලක්ෂණය තමයි ද්විත්ව බන්ධන තුනක් තිබීම. මෙයින් පිළිකා ෙසෙලවලට විශාල බලපෑමක් සිදු කරනවා. එය ඉතා විශ්මිත බලපෑමක් බව කිව යුතුයි. කරවිල මෝරන්නට, මෝරන්නට මේ මේද අම්ල නිපදවීමේ හැකියාව වැඩිවෙනවා. අප සාමාන්‍ය ජීවිතයේදී පවා දන්නා කරුණක් තමයි කරවිල දියවැඩියාව සහ කොලෙස්ටරෝල් දහනය සඳහාත් ගුණදායක බව.

ජයන්ත රාජපක්ෂ
ජ්‍යෙෂ්ඨ කථීකාචාරිණී ක්‍රිෂ්ණි වීරකෝන් මේ පර්යේෂණය සඳහා ඉතාම වෙහෙස මහන්සි වෙනවා.‘
පශු වෛද්‍ය පීඨයේ, පශු ජෛව ව්‍යාධිවේද අංශයේ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා.
‘වීරකෝන් මහත්මියගේ මෙම පර්යේෂණය අධීක්ෂණය කිරීමේ වගකීම අපේ අධීක්ෂණ මණ්ඩලයට පැවරී තිඛෙනවා. මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන්නේ ජාතික පර්යේෂණ සභාවෙනුයි.
පිළිකාව වර්තමානයේ ඉතාම සුලබ ප්‍රශ්නයක්. මේ සඳහා ඛෙහෙත් නොමැතිකම නිසා ඊට ගොදුරු වන පිරිස ජීවිතයත්, මරණයත් අතර සටනක යෙදෙනවා. අපේ දේශීය ශාඛවලින් මේ ආකාරයේ පිළිකා මර්දනය කිරීමේ හැකියාව මේ පර්යේෂණ මගින් තහවුරු වෙමින් පවතිනවා.

දෙයියෝ සාක්කි

හැඩවෙන්න රූපලාවන්‍යාගාරයට ගියාම කතක් විදිහට ආපහු එන්න වෙලා!

කියවමින් සිටි පුවත්පත පසෙක තබා ඔහු පුටුවේ වාඩි විය. කළු පැහැයෙන් යුතු නිල ඇඳුමෙන් සැරසී සිටි සේවිකාවක් ඔහුගේ දෙවුර වටා ආවරණයක් එතුවාය. ෆුල් ක්ලීනප් එකක් දාන්න. බටහිර මෝස්තර නිරූපිකාවන්ගේ අලංකාර වූ රූපවලින් සැරසූ රූපලාවන්‍යාගාරයේ බිත්තිවල ඇති රූප දෙස බලමින් ඔහු එසේ කීවේය. ඒ අනුව කාන්තාවක් මෙන් ගෙල වැහෙනසේ වවා තිබූ ඔහුගේ කොණ්ඩයේ කනට ඉහළින් ඇති කෙස් රොද වෙනම තෝරා එයට කළු පැහැයක් ආලේප කළාය. දෙවනුව සුදු පැහැති ක‍්‍රීම් වර්ගයක් දෙකම්මුල මත ආලේප කළාය. එය මඳ වේලාවකින් පිසදමා තවත් දියරයක් මුහුණේ ආලේපකොට පුටුවේ ඇන්ද තමාගේ පපු ප‍්‍රදේශය දක්වා පහත්වනසේ සකසා ගත්තේය. ඊළඟට ඇත්තේ ඇහි බැමි සැකසීමයි. ඒ සඳහා අසල මේසයෙන් නූල් තුන් පොටක් ගෙන එකක් කටින් හපා ගත් ඇය අනෙක් දෙකෙළවර ඇහි බැමි මතින් ඇතිල්ලූවාය. මෙසේ පැය භාගයකින් පමණ පසු දෙවුර වටා එතූ ආවරණය ඉවත් කළාය. හරි. ”වැඬේ ෆිනිෂ්” එතෙක් වේලා පුටුවේ පහළට හැරවූ ඇන්ද මත හිස තබා සිටි ඔහු තමා ඉදිරියේ ඇති කණ්ණාඩිය දෙස බැලූවේය. ඈ මටවත් මා අඳුනගන්න බෑ නේ..... ඇයි මෙච්චර අයි බ්‍රෝ හීන් කළේ? අනේ මිස් ඕක තමයි දැන් ෆැෂන් එක රේන්බෝ හැඩය මිස්, කවුද මිස්? මම මිස්, කෙනෙක් නෙවේ. මිස්ට කෙනෙක් ඔහෙලගේ ඇස් පේන්නේ නැද්ද... එසේ කියූ ඔහු ඉහළට ඔසවා සකසා තිබූ කෙස් රොද වලින් නළල වසාගෙන රූපලාවන්‍යාගාරයෙන් පිටව ගියේය. ගෑනුන්ගේ මෝස්තර පිරිමිත් පිරිමින්ගේ මෝස්තර ගෑනුත් කරන්න ගියාම ඔහොම තමයි අයෙක් කීවේය.

විශ්ව ගැමුණු ප්‍රියංකර

ලාබෙට ගත් කලිසමේ සාක්කුවේ විදෙස් මුදල් නෝට්ටුව!

පිටරට පාවිච්චි කළ ඇඳුම් විකුණන තැනකින් ලාබෙට දිගු කලිසමක් මිලට ගත් අයකුට එය අඳින්න පෙර සෝදද්දී රහස් සාක්කුවක තිබී පිටරට මුදල් නෝට්ටුවක් හමුවීමේ සිද්ධියක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබිණි. උත්සව සමයේ ඇඳුම් විකුණන තැන් බහුල ප‍්‍රදේශයකි. මෙහි තැනක ලාබෙට ඇඳුම් විකිණීමට තිබෙන බව කියූ ආරංචියකට පුද්ගලයකු එතැනට ගොස් ඇත. පිටරට මද වශයෙන් භාවිතා කළ ඇඳුම් බොහොමයක් එහි තිබූ අතර ඒවා මිලට ගැනීමට උනන්දු වෙන අයද අඩුවක් තිබී නැත. අලවියට තිබූ ඇඳුම් අතරින් සිත්ගත් ඩෙනිම් කලිසමක් තෝරාගෙන රුපියල් පන්සීයකට එය මිලට ගත් ඔහු නිවසට පැමිණ තිබේ. මිලට ගත් කලිසම පාවිච්චි කළ එකක් නිසා අඳින්න පෙර සේදීම වඩා හොඳ යැයි කල්පනා කර එය වතුර බේසමකට දැමීමට සූදානම් වී නිකමට මෙන් කලිසමේ සාක්කුවට අත දමා පරීක්ෂා කර තිබේ. එහි පිටරටක නෝට්ටු කොළයක් තිබෙනු දැක පුදුමයට හා සතුටට පත් ඔහු එහි වටිනාකම බලද්දී මිලට ගත් කලිසමේ වටිනාකම මෙන් දෙතුන් ගුණයක්වීම නිසා ‘මේකට තමයි දෙන දෙයියෝ ගෙදරටම ගෙනවිත් දෙනවා යැයි කියන්නේ’ කියා මිතුරන්ට පවසා සතුටු වී ඇත.

වැල්ලම්පිටිය ශාන්ත සෙනෙවිරත්න

පරීක්ෂණයට ඉල්ලූ මුත‍්‍ර ජෑම් බෝතලයකට දීලා!

කොළඹ රෝහලකි. රෝගින්ගෙන් පිරුණු වාට්ටුවකි. රෝගින් රැුසකි. වෛද්‍යවරුන් ඇතුළු හෙද හෙදියෝ කඩිමෙන් දුවමින් කටයුතුවල නිරත වෙති. මේ අතර සේවාවට අතරින් සිටින්නෝද වෙති. ඔවුන් රෝගීන් අසල නැවතී රෝගීන්ට උපස්ථාන කරන්නෝය. ඇතැමෙක් රෝගීන්ගේ ඥාතීන්වන අතර ඇතැමෙක් කුලී පදනම මත රෝගීන් අසල සිටින්නෝය. දුව පනිමින් රෝගීන් පිළිබඳව සොයා බලන වෛද්‍යවරුන් හා හෙදියන් අතර මොවුන්ද විටක මහත් සේවයක් කරන බව බොහෝ අවස්ථාවල පිරිස කියනු ඇසෙති. ‘‘උදේ පාන්දර මුත‍්‍ර එකක් මේ කුප්පියට අරන් තියාගන්න’’ කුප්පියක් අතට දෙමින් රෝගියකු අසල සිටින හෙදියක පැවසුවාය. පසුදින උදෑසන විය. ‘‘මුත‍්‍රා ගත්තු අය දෙන්න’’ රාත‍්‍රී සේවා මුරය අවසන් කිරීමට මත්තෙන් උදෑසන වාට්ටුව කරා පැමිණි හෙදියක සිහින් හඬින් පවසමින් එක් එක් රෝගීන් අසලට ගියාය. රෝගීන් අසල සිටිය අය තම තමන්ගේ රෝගියා නියෝජනය කරමින් මුත‍්‍රා කුප්පි හෙදියට දුන්නේය. මේ අතරින් එක් පුද්ගලයෙක් ”අනේ මිසී ඒ කුප්පිය මදි වුණා. මගේ ලෙඩාගේ හැටියට මෙන්න මිසී මේකට ගත්තා කමක් නැද්ද” යැයි කියමින් මුත‍්‍රා පිරවූ විශාල ජෑම් බෝතලයක් හෙදිය දෙසට දිගු කළේය. ”චට්නි හදන්න නොවෙයි මුත‍්‍ර ඉල්ලූවේ ඔහේගේ ඔය ලෙඩාගේ ලෙඩක් හොයා ගන්නයි” ”කාගෙන් හරි අහන්න එපායැ” රෝගියෙක් අසල නැවතී සිටි තවත් පුද්ගලයෙක් හෙදිය දෙසද බලමින් කීය.

විශ්ව ගැමුණු ප්‍රියංකර

ලෙඩවී රෝහලේ නැවතුණු රෝගියාගේ උණුවතුර බෝතලයේ අරක්කු!


ඔහු බස්නාහිර පළාතේ ප‍්‍රකට උපකාරක පන්ති ගුරුවරයෙකි. කාටත් හොරෙන් මධුවිත තොලගෑ ඔහුට පසුකලෙක එය නැතිවම බැරිවිය. පදම ඉක්මවා යාම නිසා පසුගියදා අක්මාවේ ආබාධයක් ඇතිව රෝහල් ගතවිය. උදවුවට ළඟ සිටියේ හිතවත්ම යහළුවෙකි. රෝගියාගේ වුවමනා ඉටුකිරීමට බිරිය ආවේ පොඩි දුවද සමඟය. මොහොතකට පසුව රෝගියා යහළුවා සමඟ වැසිකිළියට ගියේය. පොඩිදුව පිපාසිතව බොන්නට යමක් ඉල්ලූවෙන් වට පිට බැලූ මව රෝගියාගේ ඇඳ අසල වූ උණු වතුර බෝතලය දැක එය රැගෙන විවෘත කොට කෝප්පයට වත් කළේ දුවට දීමටය. ඉන් අමුතු ගඳක් ආවේය. ඉව ඇල්ලූ ඇයට තරුපෙණින. එහි වූයේ මත් වතුරය. උණු වතුර බෝතලයත් රැගෙන වැසිකිළියට දිව ගිය ඇය යහළුවාට හා රෝගියාට සැර වචන දෙක තුනක් කියා මත් වතුර බෝතලයම කැසිකිළි බේසමට හැලූවාලූ.

තිහගොඩ උපසේන ලියනගම

බිරියත් නැන්දම්මාත් වැදු දරුවන්ගේ උප්පැන්නයට නම දෙන්න බෑණා ඇවිත්!

සිය බිරියටත්, නැන්දම්මාටත් එකම දිනයේ දරුවන් ලැබී උප්පැන්න ලියාපදිංචි කිරීමට උප්පැන්න ලියාපදිංචි කිරීමේ නිලධාරියා වෙත ගිය බෑණා කෙනකු කිසිදු වගවිභාගයකින් තොරව කළ ප‍්‍රකාශයක් නිසා නිලධාරියාත්, ඒ අවට සිටි පිරිසත් අන්දුන්කුන්දුන් වූ පුවතක් කන්දඋඩරටින් වාර්තාවේ. සිද්ධිය සැකෙවින් මෙසේය. ඔහු සිය බිරියත් සමග බිරියගේ මවුපියන්ගේ නිවසේ පදිංචිව සිටි අතර බිරියගේ මවද ඔවුන් සමග වාසය කළාය. නැන්දම්මා හැඩෙන් රුවෙන් අඩුවක් පෙනෙන්නට නොතිබිණි. අම්මත් දුවත් අතර වයසින් අවුරුදු 20ක පමණ වෙනසක් පැවතුණද පෙනුමෙන් දෙදෙනා අතරම පැවැතියේ තරුණ බවකි. කාලයාගේ ඇවෑමෙන් බිරිය දරුවකු බිහි කළාය. දෛවයේ සරදමක් නිසාදෝ කුමන හේතුවක් නිසා හෝ එදිනම නැන්දම්මාද දරුවකු බිහි කළාය. නැන්දම්මාට දරුවකු ලැබීම ගැන ප‍්‍රදේශවාසීන් අතර කුතුහලයක් ඇති වුවද බෑණා එය සතේකටවත් ගණන් ගත් බවක් නොපෙනිණි. දරුවන් දෙදෙනාගේම උප්පැන්න ලියාපදිංචි කළ යුතු විය. බෑණා උප්පැන්න ලියාපදිංචි කිරීමේ නිලධාරි වෙත ගියේය. නම් දෙකක් නිලධාරියාට දුන්නේය. ”මොකද නම් දෙකක් - නිවුන් දරුවන්ද?” ”නැහැ සර්, එක දරුවෙක් නැන්දම්මගෙ” ”එහෙනම් මාමා හරි නැන්දම්මා හරිනෙ එන්න ඕන” ”සර්... ”එහෙනම් ඒ දරුවා කාගෙද? පියා නැත්නම් පියාගේ නම ලියනකොටුව හිස්ව තියලා මවගෙ නමට තමයි උප්පැන්නය ලියාපදිංචි කරන්න වෙන්නේ.” ”කමක් නෑ සර්. පියාගෙ නම ලියන තැන මගේ නම දාන්න” ”එහෙම දාන්න පුළුවන්ද? ඔයාද ළමයගෙ තාත්තා” බෑණා නිරුත්තර විය. කවුරු කවුරුත් යමක් මුමුණන්නට විය.


පේරාදෙණිය ආර්.එස්. කීරියවත්ත




රජකම දෙන්නට අපට බැරි උණත්, මේ අකුරින් පිදෙන සම්මානය ගන්න.


නැගෙණියනි එන්න මේ සම්මානය ගන්න!


එදා අප ගමනාන්තය අනුරාධපුරය විය. අප එහි ළඟාවීමට යොදාගත්තෙ කුරුණෑගල අඹන්වල හරහා වැටී ඇති මාර්ගයයි. සුදු පටි පැළඳි රාළහාමිලා කිහිප තැනකදීම මේ ගමනට 'රාජකාරිමය බාධා' කළහ. කන්නට උවමනා විට කබරගොයාවත් තලගොයා කරනා ට්‍රැෆික්‌ රාලහාමිලාගෙන් දඩයක්‌ නොකා ඒ සා දුරක්‌ පැමිණීමට 'භාග්‍යවන්ත' වූ අපව ගැටවදීද සුදු පටි රාලහාමිලා දෙදෙනෙකු විසින් නතර කළේය. ධාවනයේදී කිසිදු වරදක්‌ නොවූ බව හොඳින්ම දැනගත් අපේ පිරිසේ කිහිපදෙනෙක්‌ 'සිංහයන්' මෙන් වාහනයෙන් එලියට බැසගත්තේ තවත් වරක්‌ නැති වරදක්‌ පැටවීමට උත්සහ කළොත් රාළහාමිලාගේ කාකිකෝට්‌ ගැලවී වැටෙන්නට කථා කරන තරමේ ආවේගයකිනි. ආවේගශීලීවූවන් රාළහාමිලා සමග සංවාදයේය. වාග් විලාසය උණුසුම්ය. හිරු 'කෙළින් සිටගත්' මධ්‍යාහ්නය වුවද මේ පරිසරය සිසිල්ය. පාර දෙපසම සම දුරින් මෙන් විහිද පවතින පාරට සමාන්තර තුරු යායකි. ඊට ඔබ්බෙහි කුඹුරු යායකි. ගොවියෝ තවත් කන්නයක්‌ උදෙසා ඒ කුඹුරු මඩකරමින් සිටිති. මඩකොටන කුඹුරු යාය සිප පැමිණෙන මද සුළඟ මඩ ගන්ධය තවරාගෙන සිටියි. සැබැවින්ම ඒ එන්නේ ගඳක්‌ නොව නැවුම් කන්නයක සුවඳවත් පණිවුඩයකි. මේ සුන්දර පරිසරය සිසාරා මා දෙනෙත් අරමුණකින් තොරව ඒ මේ අත යයි. එහෙත් දුටු එක්‌ දසුනකින් ඉබාගාතේ දිවගිය ඇස්‌ එකතැන නතරවිය.

ඉහළට එසවෙන උදලුතලයක්‌ මඩ අතරට කිඳාබසී. ඒ උදලුතලය පොළොව පෙරලමින් නැවත ඉහළට එසවෙයි. විශේෂය පොළොව පෙරළීම නොවේ. පොළොව පෙරලන ඒ උදැල්ල දරා සිටින දෑතයි. ඒ වතෙහි පෙනුමෙන්ම ඒ දෑතේ සියුමැලි බව කිවහැකි අයුරකි. ඒ සුන්දර වතකි. එහි අමුතු පිං පාටකි. ඇය හිරිමල් තරුණියකි. හිරු රැසින් ඒ මුහුණ රතුව ඇති සෙයකි. සුළඟ සමග පොරබදන කෙහෙ රැළි කිහිපයක්‌ ඒ මුහුණ මත වැටී ඒ මේ අත පැද්දෙනුයේ 'මගෙ දුවේ. අනේ ඔය විඩාබර මුහුණ ටිකක්‌ පිරිමදින්නම්' කියන්නාක්‌ මෙනි. ඇය සිටිනුයේ මහ ඈතක නොව, පාර අද්දරම ලියෑද්දේය. මට ඇයව ඉතා හොඳින් පෙනෙයි. එහෙත් ඇයට අප ගැන වගක්‌ නැත. මේ සුන්දර දියණිය ගොවි රජකු පරිද්දෙන් කුඹුර සමග ඔට්‌ටුවෙමින් සිටින්නීය. මේ සියුමැලි ස්‌ත්‍රී පෙනුම යට සැඟව ඇති මහා වීර්යයක සවිය කෙසේද යත් එය පොළොව පෙරලන්නට තරම් සමත්ය. සායකින් හැට්‌ටයකින් සැරසුණු මේ තරුණිය, තරුණයන් සියයකගේ ආත්ම ශක්‌තිය ඉක්‌මවන ජවයකින් අභිෂේකව මේ කුඹුරුයායේ රැජිණ බවට පත්ව සිටින්නී යෑයි මට සිතෙයි.

ඇය සමග කථා කිරීමට අවැසිය. අද කාලේ යෞවනය ෆේෂල්, ෆේස්‌බුක්‌, ෙµdaන් අතරේ සීනි බෝල රස සොයද්දී, මැය උදැල්ල අතින් ගෙන කුඹුරට බැස, හෙට පීදෙන ගොයම් කරලක බත් රස සොයන්නීය. අද කාලේ යෞවනය සීත කාමරයකට කොටුවූ රැකියා සොයද්දී මේ යෞවනිය ඒ ගොයම පීදෙන පොළොව සිය ගතින් වෑහෙන දහඩියෙන් සරු කරන්නීය. ඉතින් ඇය සමග වචනයක්‌ කථා නොකර යනු කෙලෙස...

පාරේ වාහනයක ගිය තරුණයෙකු ලෙසින් මා, තරුණ ඇයත් සමග අහේතුකව කථා කළහොත් ඇය කුමන ප්‍රතිචාරයක්‌ දක්‌වයිද? විනෝද චාරිකාවක්‌ යන නඩයක, චාරයක්‌ නැති කොල්ලෙකු තමන්ට විසුලු කිරීමට දරණ ප්‍රයත්නයක්‌ ලෙසින් ඇය මාව වරදවා තේරුම් ගතහොත් ප්‍රතිචාරය දරුණු වියහැකිය. ඇය එසේ නොවී සත්භාවය හඳුනාගනිමින් මා සමග කථා කළද මේ ගම්මණ්‌ඩියක දකින අනෙකුන් ඇයට පදයක්‌ හැදීමටද බැරි නැත. උත්සහය අතහැරදැමීමට සිත කියයි. එහෙත් එලෙස කළ හොත් මා මේ රටේ සිටින පාඨකයන්ට අසාධාරණයක්‌ කළා වන්නේයෙ. මන්ද, වත පුරා පුයර තවරාගෙන, 'මොඩ්ම මොඩ්' ඇඳුම් ආයිත්තම් වලින් සැරසුණු 'දේදුන්නෙන් සමනලියන්'ට වඩා පත්තර පිටු සැරසිය යුත්තේ පොළොවේ පය ගසාගෙන මේ පොළොව සමග ඔට්‌ටුවන මේ සැබෑ දියණියන්ගේ රුවෙනි. ඇය ඒ සඳහා ඉහළින්ම සුදුසුය.

මම ධෛර්යය උපද්දවා ගත්තෙමි.

මේ අතර ට්‍රැෆික්‌ රාලහාමිලා සමග ආවේගශීලී සංවාදය සුහද සාකච්ජාවක්‌ බවට පත්ව, එනම් සියල්ල ඉතා හොඳින් විසඳී මා ගමන් සගයන් පොලිසියත් සමග සිනහමුසු මුහුණින් මොනවාදෝ කියමින් මා සිටින දෙසට පැමිණේ.

ඒ දසුන මට කියන්නේ මේ මගේ ඉලක්‌කයට පොලිස්‌ ආරක්‍ෂාව, අනුග්‍රහය ලබාගත හැකි මොහොතක්‌ බවයි.

'මහත්තයා, අර ගෑණු ළමයාද ඒ කුඹුර තනියෙන්ම කරන්නේ?'

මම පොලිස්‌ නිලධාරීන්ගෙන් ඇසුවේ ඔවුන් මෙතැන නිතිපතා ගැවසෙන, තතුදත් පිරිසක්‌ විය හැකි බැවිනි.

'අපොයි ඔව්. පුදුම කෙල්ලෙක්‌. මේ ළමයා තමයි ඒ කුඹුර කරන්නේ. අම්මත් එක්‌ක තමයි කුඹුරට ඇවිත් හිටියේ. දැන්නම් අම්මා දවල් බත ගේන්න ගිහිල්ලද කොහෙද? අපිත් බලාගෙනයි සිටියේ. ඒ ළමයා එක සීරුවට වැඩ'

පොලිස්‌ රාළහාමිලා ඉතා සුහදශීලීවීම මගේ ඉලක්‌කය පහසුකරවන්නක්‌ය.

මම මාගේ අනන්‍යතාව පොලිස්‌ නිලධාරීන් දෙදෙනාට සහතික කර, මගේ මාධ්‍ය අවශ්‍යතාව ඔවුනට කියා සිටියෙමි.

'ඇත්තටම මේ වගේ අය ගැන තමයි පත්තර වල ලියන්න ඕනෑ. ගිහින් කථාකරන්න' පොලිස්‌ නිලධාරීන් මා ධෛර්යමත් කළේය. ඒ වචන වල මට අවශ්‍යවූ රැකවරණයද විය.

'මිස්‌, මම 'දිවයින' පත්තෙරෙන්. අහම්බෙන් වාහනේ මෙතැන නතරකළහම මිස්‌ව දැක්‌කා. පත්තරේට මිස්‌ ගැන ආටිකල් එකක්‌ කරන්න හිතුනා. අකමැත්තක්‌, වැඩට බාධාවක්‌ එහෙම නැතිනම් මට මිස්‌ගේ විස්‌තර ටිකක්‌ දෙනවද?'

පෙනෙන මානයේ සිට මාධ්‍ය හැඳුනුම්පත පෙන්වමින් සහ 'නංගි' යන වචනය වෙනුවට වඩාත් වෘත්තීය මට්‌ටමේ අමන්ත්‍රණයක්‌ ලෙසින් 'මිස්‌' යන්න යොදමින් ඇය තුළ යම් විශ්වාසනීයත්වයක්‌ ගොඩනැගීමට මට අවැසි විය.

ඇය ලැජ්ජාවෙන් සිනාසී බිම බලාගෙනම ඇගේ උදැල්ලට විරාමයක්‌ ලබාදුන්නාය.

වචනයෙන් ප්‍රතිචාරයක්‌ නොවූවද ඇය ඇගේ වැඩ නතර කිරීමෙන් මාගේ කාර්යයට යම් අවසරයක්‌ ඇති බවකි මට දැනුනේ.

මා අතවූ හඬ පටිගත කිරීමේ මෙවලම ක්‍රියාත්මක කරමින් එය ඈ දෙසට පාගෙනම මම ප්‍රශ්න ඇසීම ඇරඹීමි

'නම මොකක්‌ද?'

"අනුරුද්ධිකා පුෂ්පමාලා බණ්‌ඩාරනායක"

එහා ලියෑද්දේ බිම හානා ට්‍රැක්‌ටර් හඬින් වූ බාධාව මැදින් යන්තමින් මට ඇගේ නම ඇසිණි.

ඇය අපව තේරුම් ගෙන ඇත. එනිසා ඇය දැන් අප සමග කථාකරන්නීය.

'වෙන මොකුත් රස්‌සාවක්‌ කරනවද? නැතිනම් තවම ඉගෙනගන්නවද?'

මම ප්‍රශ්න ඇසීම වේගවත් කළෙමි.

'මම බාහිර උපාධිය කරනවා'

'මොන විශ්වවිද්‍යාලයෙද?'

'පේරාදෙණිය'

'වයස කීයද?'

'විසි තුනයි'

අද කාලේ කුඹුරක්‌ ඇස නොගැටුණ තරුණියන් බොහොමයක්‌ සිටින රටක, උදැල්ලක්‌ නොඇල්ලු යෞවනයක්‌ සිටින රටක, මඩ ටිකක්‌ ඇගේ ගෑවීම අවමානයක්‌ ලෙස සිතන තාරුණ්‍යයක්‌ බිහිව ඇති රටක මේ උගත් කෙල්ල ඒ කිසිවක්‌ තුට්‌ටුවකටවත් මායිම් නොකර පාර අද්දරම ලියෑද්දේ කුඹුරු කොටන්නීය.

'අද කාලේ තරුණ පිරිමි ළමයි පවා කුඹුරකට බහින්න ලැඡ්ජයි. ඒත් ඔයා කෙල්ලෙක්‌ වෙලත් මේ පාර අයිනේ කුඹුරු වැඩ කරනකොට ලැ-ජාවක්‌ වගේ දෙයක්‌ දැනෙන්නේ නැද්ද?'

මම නොඅසා සිටින්නට නොහැකි දෙයක්‌ ඇගෙන් අසුවෙමි.

'සමහර වෙලාවට පාරෙ යන අය ඔච්චම් කරගෙන යනවා. ඒත් ඉතින් ඒවා මට මොකටද? මම වැරදි දෙයක්‌ නෙමෙයිනේ කරන්නේ. අපිට ජීවත්වෙන්න මම සාධාරණ දෙයක්‌ කරනවා. මම හිතන්නේ එච්චරයි. ඔච්චම් කරන ඒවා මම ගාණකට ගන්නේ නැහැ. මොකද තමන්ගේ පවුලේ තත්ත්වය හැටියට ගැලපෙන දෙයක්‌ කරන්න වෙනවා'

ඇය කියන්නේ මන්දිරයක නූපන් බැවින් ඇයට උදැල්ල අතට ගන්නට සිදුවූ බවද? එහෙත් මන්දිරවල නූපන් මොනතරම් දෙනෙක්‌ උදැල්ල අතට ගැනීමට ලැඡ්ජද, කම්මැලිද....

ඒත් නැගෙණිය ඔබ...

ඇය දැන් හිස ඔසවා අපදෙස බලමින් කථා කරයි. ඒ කියන්නේ ඇය දැන් අපත් සමග සෘජු අදහස්‌ දැක්‌වීමක යෙදෙන බවය. එහෙත් මම ඇය සමග කථාකරන්නේ අපහසුවෙනි. මන්ද නියර මඩවී ඇති බැවින් නියරට ගොඩවනු නොහැකිව, පාර සහ කුඹුරු අතර ඇති බෑවුමේ සිට ඇඟ සමබර කරගනිමින් කථා කිරීමට මට වෙනම වෙහෙසක්‌ දැරිය යුතු බැවිනි. මේ අතර අපේ ගමන් සගයෙකු වූ ප්‍රවීණ ජායාරූප ශිල්පී කීර්ති අමරසේකර මහතාද මා මෙන්ම අපහසුවෙන් වුව කැමරාව දරමින් ස්‌ථානෝචිතව සිය දායකත්වය ලබාදෙයි.

අපි නැවතත්a විමසන්නට ගතිමු.

'මේ කුඹුරු වැඩ හුරුවුනේ කොහොමද?'

'අපිට පොඩිකාලෙ ඉඳලා මේවා කරලා හුරුයි. අපේ තාත්තා නැහැ. මමයි අම්මයි මල්ලියි නංගියි එකතුවෙලා කුඹුරු කරනවා'

පියා නොමැති පවුලට ඇය පියෙකු වී සිටින්නීය. එවෙලෙහි පවුලේ අන් කිසිවකු එහි නොසිටියද ඇය තනිපංගලමේම කුඹුරු කොටන්නීය.

'මෙතැන ඔයාලට කුඹුරු කොච්චර තියෙනවාද?'

'මේවා අපේ කුඹුරු නෙමෙයි. අපේ ලොකු අප්පච්චිලාගේ ඒවා. ඒa ගොල්ලො මේවා නොකරන නිසයි අපි කරන්නේ'

මේ මොන තරම් අපූරු කෙල්ලක්‌ද?

ඇය කුඹුරු කොටන්නේ තමන්ගේ දේපලක්‌ රැකගැනීමට නොවේ. මුඩුවන්නට ගිය බිමකි ඇය අස්‌වද්දනුයේ. ඇගේ කියා බිමක්‌ නොවුණත්, මේ බිමෙන් ඇය දැයට බත සපයන්නීය.

එපමණක්‌ද ඇය නීර්භයය. මගේ පහත පැනයට ඇය ලබාදුන් පිළිතුර එය සනාථ කරවන්නකි.

'මේ කාලේ ගොඩක්‌ දෙනා මී උණ වගේ ලෙඩ රෝග වලට බියෙනුත් කුඹුරු වලට බහින්නේ නැහැ. ඔයාට එහෙම බයක්‌ දැනෙන්නේ නැතිද?'

'එහෙම බයක්‌ දැනෙන්නේ නැහැ. හුරුපුරුදු දෙයනේ. අනික ජීවත්වෙන්න නම් මොකක්‌හරි කරන්නත් වෙනවනේ. එහෙම බයවුනොත් කොහොමද ජීවත්වෙන්නේ'

ඇය පවුලේ ජීවිකාව උදෙසා ජීවිත අවදානම වුව බැහැර කරන්නීය.

'ඔයාලට කන්න අඳින්නයි, ඔයාට ඉගෙනගන්නයි මේ කුඹුරෙන් ලැබෙන ආදායම ප්‍රමාණවත්ද?'

මම ඔවුන්ගේ 'ආර්ථික විද්‍යාව' දැනගනු පිණිස ඇසුවෙමි.

'නැහැ මහත්තයෝ. මේ කුඹුරු වලින් එහෙම ආදායමක්‌ බලාපොරොත්තු වෙන්න බෑ. වතුර නැතිව පහුqගිය කන්නය වැඩ කරගන්නම බැරිවුනා. මගේ මල්ලි පොඩි රස්‌සාවක්‌ කරනවා. එයා තමයි මට ඉගෙනගන්න සල්ලි දෙන්නේ'

ඔවුන්ගේ ජීවිත ගෙවෙන ආකාරය ගැන සිතාගත හැකිය. සියල්ලෝ හැකි පමණින් මේ ජීවන යුද්ධය ජයගැනීම පිණිස වෙහෙසෙති. එකිනෙකා වෙනුවෙන් යුතුකම් ඉටුකරති. අපූරු පවුලකි.

'ඔයා වගේ කුඹුරට බැහැලා මෙහෙම වැඩකරන තවත් ගෑණු ළමයි මේ ගමේ ඉන්නවද?' මම ඇසුවේ ඇගේ 'විශේෂත්වය' ගැන සහතික කර ගැනීමටය.

'මේ ගමේ නං... මම දැකලා නැහැ මහත්තයො. කුඹුරුවලට බහින මගෙ වෙන යාළුවෙක්‌ ගැනවත් මම නම් දන්නේ නැහැ'

පේනතෙක්‌ මානයට විහිදෙන කුඹුරු යාය පුරා ඇස යෑවූ මට ඈ කියන දේ තවත් සහතික විය.

'හොඳයි ඔයාට රැකියාවක්‌ ලැබුණා කියමු. එහෙම වුනොත් ඔයාට කුඹුරු අතහරින්න වෙයි නේද?'

'නැහැ මහත්තයෝ. ඒත් ඉඩ ලැබෙන වෙලාවට මම කුඹුරට බහිනවා'

මගේ පැනයට ඇය ඉතා සෘජුව පිළිතුරු දුන්නාය.

'මේ එන්නේ මගේ අම්මා' ඇය කුඹුර දෙසට එන මැදිවයස්‌ කාන්තාවක්‌ පෙන්වුවාය.

අම්මා, රන්මැණිකා, ඇගේ 'දූ මැණිකට' ඇඹුල රැගෙන එන්නීය.

'අම්මා බොහොම ධෛර්යවන්ත දුවෙක්‌ ලබන්න පිං කරලා තියෙනවා නේද?' අපෙන් එහෙම ඇසුනේ හදවතින්මය.

'මම මේ දවස්‌ වල ඔපරේශන් කරලා ඉන්නේ මහත්තයො. ඒ හින්දා මට මේ දරුවත් එක්‌ක කුඹුරට බහින්න විදිහක්‌ නෑ. ඒත් තනියෙම කියලා මගෙ කෙල්ල නිකං ඉන්නේ නැහැ. දැක්‌කමත් ලෝබයි මහත්තයො, එක සීරුවට වැඩ '

සෙනෙහසේ කඳුලක්‌ ඒ මවගේ ඇස්‌ කොනේ නලියද්දී ඒ ආදර්ශවත් ස්‌ත්‍රීත්වයට සිතින් ආචාර කරමින් අපි ඔවුන්ගෙන් සමුගත්තෙමු.

එහෙත් එයට ප්‍රථම ඔවුන්ගේ ලිපිනය දැනගත්තෙමු. ඒ ඇය වෙනුවෙන් යම් උපකාරයක්‌ කරන්නට අවස්‌ථාව සැලසුනහොත් ඒ වෙනුවෙනි.

අපි අපේ මුඛ්‍ය කාර්යය නිමවා කොළඹ පැමිණියෙමු. ඇගේ කථාව ලියන්නට දින කිහිපයක්‌ ගතවිය. ඒ අතර කාලයේදී කුරුණෑගලට අනෝරා වැහි වැටුණි. මට ඇයව මතක්‌ විය.

අනේ ඈ ඒ සා මහන්සියෙන් අස්‌වැද්දූ කුඹුර ඒ දෙගොඩතලා යන වතුරට හසුවීද?

නැගෙණිය නුඹේ උත්සාහය ජල රකුසා බිලිගත්තේද?

දිරිය නැගෙණිය. මඩ සෝදාගෙන එන්න. රජකම දෙන්නට අපට බැරිවුණත්, මේ අකුරින් පිදෙන සම්මානය ගන්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com
දිවයින ඉරිදා සංග්‍රහය

මගේ සින්දු සුපිරි තරු ලවා කියවා ප්‍රචාරය කරන්න එපා..!




'මගේ සින්දු සුපිරි තරු ලවා කියවා ප්‍රචාරය කරන්න එපා..!'
- පි‍්‍රයා සූරියසේන

සිංහල ගීත ක්ෂේත්‍රයේ සිය අනන්‍යතාව සනිටුහන් කළ ගායන ශිල්පීන් අතර “පි‍්‍රයා” කී පමණින්ම ගීත ශ්‍රාවකයින් හඳුනන ඔහු පි‍්‍රයාදර ගායන ශිල්පි පි‍්‍රයා සූරියසේන ය. මෙවර “ස්වර වර්ණ” වර්ණ ගන්වන්නට අපි පි‍්‍රයාට ආරාධනා කළේ දිගු නිහැඬියාවකට පසුව ඔහු සිය ගීත ඇල්බමයක් (“මල්සර හිනාව“) එළිදැක්වීම නිමිත්තෙනි.

පැරැණි ගීතයක නමින් අලුත් ගීත ඇල්බමයක් එළිදැක්වූවේ ඇයි...?

”මේ ගීත එකතුවේ එදා මෙදා මා ගැයූ ගීත දාසයක් ඇතුළත් වෙනවා. මේ ගීත සියල්ලටම මං එක වගේම ආසයි. ‘මල්සර හිනාව‘ මේ ගීත එකතුව හඳුන්වන්න ලස්සන නමක් කියා හිතුණු හින්දා යොදා ගත්තා.”

”මල්සර හිනාව“ සඳහා නිර්මාණ දායකත්වය කාගෙන් ද..?

”ගී පද රචනා මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය අජන්තා රණසිංහ, ප්‍රේමකීර්ති ද අල්විස්, උපාලි ධනවලවිතාන, කුලරත්න ආරියවංශ, රෝහණ හෙට්ටිආරච්චි සහ නීතිඥ විමල් වීරරත්න ආදීන්ගේ දායකත්වයෙනුයි. සංගීතවත් කළේ මමයි. විශේෂයෙන් තැටි ගත නොකර මා ළඟ තිබුණු ප්‍රේමකීර්තිගේ ගීත වැඩි ගණනක් මේ ඇල්බමයට ඇතුළත් කළා.”

එම නිර්මාණ මොනවාද..?

”ගීත ශ්‍රාවකයින්ගේ ආදරය දිනා ගත් ‘තොළ ගෑ අමාවේ රහා’ – ‘කිරි සයුරේ රැල්’ – ‘මේ අත් බවේ පුරා’ – ‘සැන්ඳෑ යාමේ’ – ‘ආදරණීය නේරංජනා’ – ‘ඔබ කඳුළේ උපතයි’ වැනි ඒ ගීත ප්‍රේමකීර්ති ලියූ ගී අතර ප්‍රධානයි. ඒ වගේම ජීවතුන් අතර නැති උපාලි ධනවලවිතාන ගී පද රචකයාගේ ‘රතුමල් ඕවිල්ලේ ඔබ සතපා ළඳුනේ’ ගීතයත් මේ ඇල්බමයෙ ඇතුළත් වෙනවා.”

මෙම ගීත එකතුවේ ඇතුළත් “තොල ගෑ අමාවේ රහා” ගීතය සුරා පානයට සම්බන්ධ ගීතයක් නේද..?

”ඔව්. සුරා පානයට ලොල් වූ පුද්ගලයකුගේ සිතුවිලි හා ජීවන අත්දැකීම් විවරණය කෙරෙන පරිදි නිර්මාණය කෙරුණු සංකල්පනාවක් තමයි මේ ගීතයේ ඇතුළත් වී තියෙන්නේ. එහෙත් සුරා පානය අනුමත කිරීමක් මින් සිදු කෙරෙන්නේ නැහැ. ළඟදී මේ ගීතය ජාතික රූපවාහිනියේ ‘හඳ රැඳි ගී’ වැඩසටහන සඳහා රූපගත කළා.” (මෙම ලිපිය පළවන ජනවාරි හයවැනි ඉරිදා සවස මෙම ගීතය එම වැඩසටහනින් ප්‍රචාරය වීමට ද නියමිතව ඇත.)

මෙම ගීත ඇල්බමයේ අඩංගු “මොහොතක සුව දෙන චංචල ලෝකේ” ගීතයේ නිර්මාණකරුවන් වන්නේ රූකාන්ත ගුණතිලක (පද රචනය) සහ අර්නස්ට් සොයිසා (තනු නිර්මාණය) නොවේ ද..?

”නැහැ. කුලරත්න ආරියවංශගේ අත් අකුරින් ලියූ මේ ගීතයේ පදමාලාව මා ළඟ තිබිලා මට හමුවුණා. එය වරදින්න බැහැ.”

ඔබ මීට ඉහත ගී ගැයූ “සුන්දර කඳුළු බිංදුව“ ඇල්බමය අසාර්ථක වුණා නේද..?

”අසාර්ථක වුණා ද මං දන්නේ නැහැ. වෙළෙඳ කලාප වල සේවය කරන ගීත රසික රසිකාවියන් ඉලක්ක කරගෙන ඒ ගීත එකතුව කළේ ‘නිල්වලා’ ආයතනය මඟිනුයි. නිෂ්පාදකයින් මට උදව්වක් වශයෙන් කරන්න කිව්වේ. මම ඒ ගීත ගායනා කළේ ලලිත් වසන්තගේ ඉල්ලීමටයි.”

ඔබේ ගීත රිංගින්ටෝන්ස් සඳහා යෙදීමෙන් ඔබට හොඳ ආදායමක් ලැබෙන්න ඇති නේ..?

”මොන... මගේ ගීත රිංගින්ටෝන්ස් සඳහා දීලා තියෙන්නේ මමවත් දන්නේ නැතුවයි. සමහරු ඒ ගීත වලින් ලක්ෂ ගණන් උපයනවා. මගේ කිසිම අවසරයක් නැතුව කොහොම කළා ද කියලා තවම හොයා ගන්න බැහැ. නීති මාර්ගයෙන් පියවර ගන්න පෙර මගේ ගීත දුරකතන සමාගම්වලට විකුණා වංචාවෙන් මුදල් උපයන එක කරුණාකර නවත්වන්න කියා මම එවැනි වංචා සහගත ක්‍රියා කරන පුද්ගලයින්ගෙන් සහ ආයතනවලින් ඉල්ලනවා.”

විද්‍යුත් මාධ්‍ය වලින් පෙර මෙන් දැන් ඔබේ ගීත ප්‍රචාරය නොවන්නේ ඇයි..?

විද්‍යුත් මාධ්‍ය වලින් මගේ ගීත ප්‍රචාරය වුණත් නැතත් දැන් අවුරුදු හතළිහක් පුරාම මේ රටේ තියෙන සංගීත ප්‍රසංග වල මම ගීත ගයනවා. මගේ ජනපි‍්‍රයත්වය අඩුවෙලා නැහැ විද්‍යුත් මාධ්‍ය වලින් මගේ ගී ප්‍රචාරය කළත් නොකළත්. ඒ නිසා එය මට අදාල නැහැ. හැබැයි ඇතැම් නාළිකා වලින් අලුතින් එන සුපිරි තරු ලවා මගේ ගීත කියවා ප්‍රචාරය කරනවා. එය බරපතළ වැරැද්දක්. ඔය සුපිරි තරු ගායකයින්ට ඔවුන්ගේ ගීත තිබෙද්දී ඔවුන් ගැයූ අපේ ගී ගුවන් විදුලි නාළිකා වලින් ප්‍රචාරය කරන්නේ ඇයි..? සුපිරි තරු ලවා මගේ ගී කියවා නාළිකා වලින් ඒවා ප්‍රචාරය කරන්නේ පි‍්‍රයා සූරියසේනට ප්‍රචාරය ලබා දෙන්නද..? නොඑසේ නම් සුපිරි තරු ගායකයින්ට ප්‍රචාරය දෙන්න ද..? එසේත් නැත්නම් නාළිකා වලට ප්‍රචාරය ලබා ගන්නද..? නාළිකා වලට මං දොස් කියන්නේ නැහැ. ඒත් ඔය කරන වැඩේ වැරැදියි, ඒ නිසා වහාම ඔය කරන වැරැදි වැඩ නවත්වන්න කියලා මම කියනවා.”

ඔබේ පුතා (ලක්ෂිත) ත් ඉදිරියේදී ඔබේ ගී ගයන්න බලාපොරොත්තු වෙනවා ද?

”පුතා ඉගෙනීමේ කටයුතු අවසන් වී ලංකාවට ආවාම ගීත ගායනයේ නියැළෙන්න බලාපොරොත්තු වෙනවා. මගේ පුතාට ගයන්න මගේ ගීත තියෙන්න ඕනේ, ඒ නිසා මම නැවතත් කියනවා - ‘මගේ සින්දු වෙන කාවත් දාලා කියවා ඒ ගීත ප්‍රචාරය කරන්න එපා. එය වැරැදියි. වහාම ඔය වැරැදි වැඩේ නවත්වන්න’ කියලා.”

-ජෝජ් රොබ්සන් ද සිල්වා
[උපුටා ගැනීම සිළුමිණ පුවත්පතින්]

අඟහරු ගිය නාසා යානයට මලක් හමුවෙලා

අඟහරු ග‍්‍රහයා මත එහෙමෙහෙ යමින් ගවේෂණ සිදු කරන ‘කියුරියෝසිටි’ රොබෝ රෝවර් යානය පෘථිවියට එවූ නවතම ඡායාරූප අතරින් මලක හැඩය ගත් කිසියම් වස්තුවක් තිබීම හේතුවෙන් නාසා විද්‍යාඥයෝ මවිතය පළ කරති. එම ‘වස්තුව’ අබිරහසක් බවත් එය කුමක්දැයි හරිහැටි හඳුනා ගැනීමට තමන්ට හැකියාව ලැබී නැති බවත් නාසා විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති. එම ‘මල’ ඇත්තේ අඟහරුගේ ‘යෙලෝක්නයිෆ් බේ’ නමින් විද්‍යාඥයන් විසින් නම් කරනු ලැබූ ප‍්‍රදේශයේය. කෙසේ නමුත් මලක හැඩැති එම වස්තුව කියුරියෝසිටි යානය අඟහරු මත පතිත කරද්දී ඒ සඳහා උපකාර කළ යානාවෙන් ගැලැවී විසිවුණු ප්ලාස්ටික් කැබැල්ලක් විය හැකි යැයි විද්‍යාඥයෝ අනුමාන කරති.


ඔබ යළි මගේම වූවොත් ලොව මට කුමක්‌ කියයිදෝ




'ඔබ යළි මගේම වූවොත් 
ලොව මට කුමක්‌ කියයිදෝ '

ආදරය කරන කාලෙ. අපි දෙන්නා ජීවිතේ ගත කළේ කොයිතරම් සුන්දර විදිහටද, ඔයාට මාත්, මට ඔයාවත් නැතුවම බැරි වුණා. අපි නිතරම හමු වුණා. එක විනාඩියක්‌ මට ඔයා නොදැක ඉන්න බැරි වුණා. ඔයාටත් එහෙමයි. ඒ තරමට අපි දෙන්නා අපි දෙන්නට ආදරේ කළා. අපේ මේ අවංක ආදරේ.. ලෝකයට රහසක්‌ වුණේ නෑ. අපි දෙන්නා ආදර්ශවත් පෙම් යුවළක්‌ බවයි ලෝකයා කිව්වේ.

අපි දෙන්නා එකට එකතු වුණා. කසාද බැන්දා. පෙම්වතුන් අඹු සැමියන් වුණා. ආදරේ තව තවත් වැඩි වුණා. අපි දෙන්නා ආදර්ශවත් පවුල් ජීවිතයක්‌ ගත කරනවා කියලා ඉන් පස්‌සේ ලෝකයා කියන්න ගත්තා. ඔයාට මාවත්, මට ඔයාවත් අපි දෙන්නටම අපි දෙන්නව ආඩම්බරයක්‌ වුණා. ඔයා ගැන ලෝකයේ අය මගෙන් අහද්දී. මම හරිම උත්තර දුන්නේ හරිම උද්දාමයෙන්. ඒත්,

මුළු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ...
මගෙ හිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ

ඒත්... අද...., මගෙන් හැම කෙනෙක්‌ම ඔයා ගැන අහනවා... මට දෙන්න උත්තරයක්‌ නැහැ... මම මොනවද කියන්නේ. ලෝකයා විතරක්‌ ද.... මගේ හිතත් මගෙන් අහනවා ඔයා ගැන... දෙවියනේ.... මමවත් දන්නේ නෑ... ඔයාට මොනවද වුණේ....

මේ ගීය ගයන්නේ සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි... තනුවත් සංගීතයත් ඔහුගේ. ගීයේ පද රචකයා... මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර... ශෝකී රසයක්‌ උපද්දන ගීයක්‌... සංයෝගයත් වියෝගයත් දෙකම එකට එකතුවුණු නිර්මාණයක්‌.... මේ ප්‍රණීත් ගීත රචනය ගැන දැක්‌වූ අදහස....

"මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්‌... මේ වගේ අදහස්‌ තියෙන ගීයක්‌ ලියා දෙන්න කියලා සනත් නන්දසිරි සහෘදයා ඉල්ලීමක්‌ කළා. මම ගීය ලියුවා... මේක අත්දැකීමක්‌ නම් නොවේ... සිතිවිල්ලක්‌... රෙකෝඩ් කරන්න සුළු මොහොතකට කලින් ලියෑවුණු ගීයක්‌....

මට වේදනා නොදුන්නැයි
කීවත් කුමක්‌ කියයිදෝ
ඔබ මට දුකක්‌ නොවී යෑයි
කීවත් කුමක්‌ කියයිදෝ
මා හද පෙමින් ලියූවත්
ලොව මට කුමක්‌ කියයිදෝ

ඔයා මාව දාලා ගිහින්... විශ්වාස කරන්න පුලුවන් ද.... අපි දෙන්නගේ ආදරේ ආදර්ශයක්‌ කරගත්තු ලෝකයා... විශ්වාස කරයිද... ඔයා මාව දාලා ගියා කියලා... නෑ... මගේ හදවත වේදනාවෙන් පුරවලා.... ඔයා ඉවත ගියා කියල මම කීව්වොත්.... කිසිම කෙනෙක්‌ විශ්වාස කරන එකක්‌ නෑ.... මා අතහැරලා ඔයා ගියා... මට දුකක්‌ නෑ කියලා මම කිව්වොත්.... නෑ... ඒත් කිසිවකු විශ්වාස කරන එකක්‌ නෑ... ඔවුන් කියාවි ඇත්තටම මම ඉන්නේ දුකෙන් කියලා.. ඒ තරමට මම ඔයාට ආදරේ කළ බව ඒ අය දන්නවා..... මගේ හදවතේ තවමත් ඔයා කෙරෙහි ආදරයක්‌ ඉතිරිවෙලා තියෙනවා.... කියලා මම කිව්වොත්.... ලෝකයා මට මොනව කියයිද....

මේ ගීය ගසල් ශෛලියට නෑකම් කියනවා... ප්‍රණීත් වචන ටික මට ලියලා දුන්නා.... කිසියම් කෙනෙක්‌ වෙන් වුණාට පස්‌සේ දෙදෙනාගේ සබඳකම හොඳින්ම දැනගෙන සිටි ලෝකයා.... වෙන්වීම ගැන දන්නේ නෑ... පෙම්වතාගෙන් අහනවා පෙම්වතිය ගැන..... ඔහු දෙන උත්තරේ මොකක්‌ද.... මේක තමයි ගීයෙන් කියෑවෙන්නේ... මහාචාර්ය සනත් නන්දසිරි ගීය ගැන එසේ පැවසුවා.

ඔබ ගැන කීවා නොකීවත්
මිනිසුන් සිනා නොවෙයිදෝ
ඔබ නිවැරදියි කියූවත්
මිනිසුන් කතා නොවෙයිදෝ
ඔබ යළි මගේම වූවොත්
ලොව මට කුමක්‌ කියයිදෝ

ඔයා ගැන මම ලෝකයාට කිව්වත් නොකිව්වත්.... ඒ අය කවදා හරි දැන ගනීවි ඔයා මාව දාලා ගියා කියලා... ආදර්ශවත් පෙම් යුවළ...... ආදර්ශවත් අඹු සැමියන් දැන්.... වෙන්වෙලා..... කියලා මිනිසුන් අපිට හිනා වෙයි.... ඔයා වැරදි නැහැ... මමයි වැරදි.... කියලා මම ඒ අයට කියන්නම්.... මම හිතන්නේ නෑ... ඔවුන් එය විශ්වාස කරයි කියලා... ඒ අය එක එක කතා හදයි... ඔයා ආයෙත් මා ළඟට එන්න... එහෙම ආවොත්... ලෝකයා.... දොස්‌ කියන්නත් පුළුවන්... දොස්‌ නොකියන්නත් පුළුවන්... කුමක්‌ කියයිද.... කියා හිතන්නවත් බෑ....

සරල පදමාලාවක්‌ වුවත්... එහි ගැබ්ව තිබෙන අදහස... සත්‍යයක්‌... සමාජය... අනෙකා දෙස බලා සිටින අයුරු.... තවකෙකුගේ ජීවිතයට.... සමාජය එබිකම් කර බලන අයුරු.... ඒ නිසාම.... තීන්දු තීරණ ගත නොහැකිව උභතෝකෝටිකව සිතන අයුරු... මේ ගීයෙන් කියනවා.....

~~ මුළු ලොව මගෙන් අසාවී ~~

මුළු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ
මගෙ හිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ

මට වේදනා නොදුන්නැයි 
කීවත් කුමක්‌ කියයිදෝ
ඔබ මට දුකක්‌ නොවී යෑයි 
කීවත් කුමක්‌ කියයිදෝ
මා හද පෙමින් ලියූවත්
ලොව මට කුමක්‌ කියයිදෝ

ඔබ ගැන කීවා නොකීවත්
මිනිසුන් සිනා නොවෙයිදෝ
ඔබ නිවැරැදියි කියූවත්
මිනිසුන් කතා නොවෙයිදෝ
ඔබ යළි මගේම වූවොත්
ලොව මට කුමක්‌ කියයිදෝ

ගායනය :- නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය :- මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර
තනුව :- නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි
සංගීත් :- නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි 

-අජිත් අලහකෝන්
(උපුටා ගැනීම දිවයින පුවත්පතින්)

මායාවී ප්‍රේමය හදවත රිදවූයේ


~~ මායාවී ප්‍රේමය හදවත රිදවූයේ ~~

සරසවි ප්‍රේම කතන්දර රසවත්ය. අරාබි නිසොල්ලාස කතන්දර ද රසවත්ය. ඒ ඔබ අසා ඇති විදියටය.සරසවි ප්‍රේමය බොහෝවිට ක්‍රියාකාරීවන්නේ සරසවි අවකාශයේදී පමණක් යැයි ඇතැමුන්ගේ මතයයි.කොහොම වුණත් මේ සරසවියේදි බැඳී හාද ගැන ලියැවුණු කවි එමටය. ගීතද එමටය.අප්‍රමාණිතය. පුදුමෙට වගේ ඒවා මතකයෙන් ගිලිහෙන්නේ ද නැත.එකී ප්‍රේමය බුද්ධියෙන් හදවත දිහා බලයිද හදවතින් බුද්ධිය කිරා බලයිද කියා කාටවත් තක්සේරු කරන්නට බැරිය.කෙසේ වෙතත් අතළොස්සක් වූ සරසවි ප්‍රේමයන් මල්පල ගැන්වෙන බවත් බහුතරයක්ම සැහැල්ලු කෙළිලොල් සබඳතා බවත් සමාජ සම්මතය තහවුරු කරගෙන ඇත්තේය.

~~ තනිවෙන්නට මගේ ලොවේ ~~

තනිවෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ
සුවඳ මා ළඟින්//

සිව් වසරක පෙම් ගීතය
ගොළුවෙලා ගියාදෝ
අලුත් ලොවක ඔබ සතුටින්
කිරුළු පැලඳුවාදෝ

මායාවකි ප්‍රේමය මා
හදවත රිදවූයේ
සෝ ගීයකි දුක්බර වූ
සැනසුම කොහිවේදෝ

ගායනය :- ආචාර්ය වික්ටර් රත්නායක
පද :- බුද්ධදාස ගලප්පත්ති
සංගීතය :- රෝහණ වීරසිංහ

කහළ ගොඩේ තිබුණත් මැණික මැණිකමය. ප්‍රේමය කොතැන තිබුණත් වටිනා දෙයකි. ඒත් තිබිය යුතු තැන නොතිබී නොතිබිය යුතු තැනක තිබීම දුකකි. පාසල් ප්‍රේමයන් මෙන්ම සරසවි ප්‍රේමයන් ද අනිවාරත අපතයක යන්නේ ඒ නිසාමය. එවැනි ප්‍රේමයන් බොහෝ විට නූල කඩාගත් සරුංගල් සේ ඈතටම ඈතටම පාවෙයි . අතීතයේදි එසේ සිදුවූයේය.

වර්තමානයේදී එසේ සිදුවෙමින් පවතී. අනාගතයේදී ද එසේ සිදුවෙනවා ඇත. නමුත් හැබෑ ප්‍රේමවන්තයා කිසි දිනෙක වෛරක්කාරයෙකු නොවේ. ඔහුට කවදාවත් වෛර කරන්නට බැරිය. සරසවි පියස්ස යටදීම සිය ප්‍රේමවන්තියට විසිපාරක් පිහියා ඇනුම් දී මරා දැමූ ප්‍රේමවන්තයකු ගැන ඔබත් අසා ඇත. ගසා මරා දමනවාට වඩා ඇයට යන අහක යන්නට හරින්නට ඔහුට බැරි වූයේ කරුමයටය. තම රිදුණු හදවත බුද්ධියෙන් පිරිමැද අස්වසාගන්නට ඒ

ප්‍රේමවන්තයාට නොහැකි වූයේ කරුමයටය.

මේ ගීතයට පාදක වූයේ ද ප්‍රේම පලහිලව්වකි. ඒ ද සරසවි ප්‍රේමයකි. ප්‍රේමය බිඳීයාම නිසා ඇතිවූ ශෝකය මත ආලෝකමය බුද්ධි කදම්භයක් ආරෝපණය කරන්නට බුද්ධිට ඕනෑ විය. ඔහු බුද්ධදාස ගලප්පත්ති නම් වූ කවියාය.

අසූව දශකයේදි බිහිවූ මේ ගීතය සංගීතවත් කළේ සංගීතවේදී රෝහණ වීරසිංහයන්ය. ගායනා කළේ ශ්‍රී ලාංකේය සංගීත ක්‍ෂෙත්‍රයේ ඒක පුද්ගල ප්‍රසංගාවලි ඉතිහාසයේ සදාතනික රත්නමය මුද්‍රාවක් තබන්නට සමත්වූ වික්ටර් රත්නායක නම් වූ සංගීත වේදියාණන්ය. ගණනින් 1400 ඉක්මවූ ඔහුගේ ප්‍රසංගාවලියේදි ද මේ ගීතය ගැයුනේ සුවහසක් පී‍්‍රති ඝෝෂා මධ්‍යයේ බව ඔබට මතකය. බුද්ධි ගීතය ගැන මෙසේ කියයි.

’මේ ගීයට පාදක වුණේ සරසවි ප්‍රේමය. එය ඍජුවම මගේ අත්දැකීමක් නොවුණත් සරසවි බිමේදී නිතර අත්දකින සිදුවීම් ඇසුරින් පරිකල්පනයෙන් තමා ඒ පදවැල නිම වුණේ. බොහෝ සරසවි ප්‍රේම කතා සරසවියෙන්ම කෙළවර වෙනවා යයි සම්මත මතයකුත් තිබෙනවානෙ. මට ඕනෑ කළේ ප්‍රේමයේ වියෝගය වෛරයකට හරවා නොගත් ප්‍රේමවන්තයෙකුගේ චිත්ත ස්වභාවය පෙන්නුම් කරන්නයි..’

ඉතින් පි‍්‍රය සොඳුර ඔබ රිසි තැනකට ඔබ යන්න. මම මගේ ප්‍රේම රැහැනින් ඔබව මුදා හරින්නම්. මා ඔබට වෛර කරන්නේ නැත. නමුත් අප බැඳී උන් ප්‍රේම දැහැනේ මතක අදටත් මා හැර යන්නේ නැත. ඒ මතකය මට වේදනාවකි. ඒ මතකය පොරෝණය කරගත් ඔබේ සුවඳ මා වෙතින් රැගෙන යනු මැනැවි. මට හුරුපුරුදු හුදෙකලාවේ මා නිමග්න කර ඔබ දුරක යනු මැනවි. සිව් වසරක සරසවි පේ‍්‍රම ගීතය නිමා කර ඔබ අලුත් ලොවකට පියනඟයි. ප්‍රේමය මායාවකි. එය ඔබම මට පසක් කළෙහිය.


-යමුනා මලිනී පෙරේරා
(උපුටා ගැනීම සිළුමිණ පුවත්පතින්)

මළ සිරුරු ”මමි”කරන මිසර අබිරහස

සාමාන්‍ය ජනතාවගේ කෙසේ වෙනත් සම්භාවනීය සුවිශේෂී පුද්ගලයන්ගේ මළසිරුරු වැඩි කාලයක් තබාගන්නට ඒ ඒ රටවල ජාතිකයින් ද අදහස් කරන්නේ මියගිය අය පිළිබඳව අනාගතයට ද කරුණු දැනගැනීම පිණිසය. එය ජාතියක් ආගමක් හෝ වෙනත් ආකල්පයක් මුල්කරගෙන නොව මියගිය අයගේ ශ්‍රේෂ්ඨත්වය මුල්කරගෙනය. යුදෙව්වන් ඇණ ගසා මරා දමන ලද යේසුස් වහන්සේගේ සිරුර ද එම්බාම් කොට සුවඳ විලවුන් ගල්වා තැබූ බව බයිබලයේ සඳහන් වෙයි. ලෝකයෙන් අඩක්ම තමාගේ අණසක යටතට ගත් ‘‘මහා ඇලෙක්සැන්ඩර්’’ අධිරාජයාගේ සිරුර ද මී පැණියේ බහා තැන්පත් කරන ලද අතර එංගලන්තයේ විසූ අති දක්‍ෂ හමුදාපාලකවරයකු වූ ‘‘නෙල්සන් සාමි”ගේ සිරුර බ‍්‍රැන්ඩි යොදා එම්බාම් කරන ලදී. අපේ රටේ විසූ අග‍්‍රගන්‍ය යතිවරයාණන් වහන්සේ කෙනකුන් වන සුප‍්‍රකට කවියකු වූ ‘ෂඞ්භාෂා පරමේෂ්වර තොටගමුවේ ශ්‍රී රාහුල” හිමියන්ගේ දේහය අදත් ‘ගෝවේ’ එක්තරා ස්ථානයක ජරා නොවන සේ සකසා ඇත්තා සේ ම රුසියාවේ ”ලෙනින්”, චීනයේ ‘‘මාවෝ සේතුං’ වැනි සුප‍්‍රකට රාජ්‍ය නායකයන්ගේ සිරුරු ද එම්බාම් මගින් කල්තබාගෙන ඇත.


මළ සිරුරු වැඩි කලක් හෝ තමන්ට ඇවැසි කලක් ඔසුගන්වා තැබීමේ මේ ක‍්‍රමය ලොවපුරා විහිදී ඇත්තේ මිසරයේ පිරමිඩ සංස්කෘතියෙන් බව ඉතිහාසඥයන්ගේ අදහසකි. ආදී මිසර වාසීන් මියගිය තම ඥාතීන්ගේ සිරුරු අති ප‍්‍රබල සුවඳ විලවුන් ගල්වා කාන්තාරයේ වැලි යට සඟවා තැබීමේ ක‍්‍රමයක් පවත්වාගෙන ගිය බව පුරාවිදු දරුවෝ සොයාගෙන තිබේ. මෑත යුගයක එහි කරන ලද පුරාවිදු කැණීම්වලදී වැලි යට තිබූ සුවඳවත් මළසිරුරු සොයාගත හැකි වූ අතර ඒවා වසර 4000ක් 5000ක් වැනි දීර්ඝ කාලයක් ජරා ජීර්ණ නොවී ඇත්තේ වැලිකතරේ අධික තාපය සහ සුවඳ විලවුන් වල ආශ්චර්යය නිසාය. ක‍්‍රි. පූ. 4500 දී පමණ නොගැඹුරු වූ වැලි වළවල්හි  මළ සිරුර තැන්පත් කිරීම ආරම්භ වූයෙන් ඒවා අධික ලෙස වැලි රත්වීම මත ‘දර ලී’ තරමට ‘කර වී’තිබිණ.

අද වත්මන් ලොව මෙන්ම එදා මිසරයේ විසූ ප‍්‍රභූ පැළැන්තියේ ශ්‍රේෂ්ඨ නරවිරුවන්ගේ සිරුරු ද චිරාත් කාලයක් තබා ගත යුතු යයි දැරූ සංකල්පනාව මත පෙර කී ක‍්‍රමයට වඩා නව මං සොයමින් දියුණු අඩියකට පත් ඔවුහු ‘‘පිරමීඩ‘’ නිර්මාණය කරන්නට පවා ඉදිරිපත් වූහ. පැරණි ලොව පුදුම හතට ඇතුළත් මිසරයේ රාජකීය සොහොන් ‘පිරමිඞ්’ නමින් ප‍්‍රචලිත වූයේ ඉන් අනතුරුවය.

මිසරයේ පිරමීඞ්වල තැන්පත් කොට ඇති ආදී කාලීන ශ්‍රේෂ්ඨ රාජකීයයන්ගේ සිරුරු ඉතා දිගු කලක් මුළුල්ලේ ස්ථාවරව තබාගැනීම සඳහා ඔවුන් විසින් අනුගමනය කරන ලද ක‍්‍රියාදාමය ලොව මවිත කරවනසුළුය. නවීන විද්‍යාවට පවා ඉමහත් අභියෝගයක් වූ මෙම මළසිරුරු හෙවත් ‘‘මමී’’ පුරා වසර දහස් ගණනාවක්ම නොනැසී පවත්වා ගෙන යන්නට ආදීයේ විසූ මිසර කාර්මිකයන් කරන ද එම්බාම් ක‍්‍රමය අදටත් ප‍්‍රසිද්ධ රහසක්ව පවතී.

මීට වසර දහස් ගණනකට පෙරතුව පිරමීඞ්වල තැන්පත් කළා වූ රාජකීය මළ සිරුරු හෙවත් ‘මමී’ තවමත් එදා මෙන්ය. ඇතැම් ඒවා අඩ නින්දේ මෙනි. තවත් ඒවා හි විශ්මයද ශෝකය ද සතුටද පළ කෙරෙයි. සමහර මමී උසුළු විසුළු රූපයකි. එහෙත් දුඟඳක් තබා  අමිහිරි බවක්වත් ඒවා හි නැත. ඇමෙරිකානු ජාතික ‘‘කාවර්ඞ්ද කාටර්’ විද්වතාණන් විසින් කරන ලද නයිල් නදීබඩ විශ්මිත කැනීමකද හමුවූ ‘තුතන් කාමන්’ පාරාවෝ රජුගේ මළ සිරුර මත එතුමාගේ දේවිය විසින් තබන්නට ඇතැයි විශ්වාස කරන රතු රෝස මල් පොකුර අද පිපුණාක් මෙන් ජීවමාන වුවද එය තබන ලද්දේ ක‍්‍රි.පූ, 3000 දී වීම මොන තරම් මවිතයට පත් කරවනසුළුද?  කැණීම් කරන වකවානුව වන විටත් පුරා වසර 4200ක් තරම් ගතවී තිබුණ නමුත් එදා ‘තුතන් කාමන්’ රජු අදත් එසේමය. කි‍්‍ර.පු. 5900කට පෙර මියගිය ‘රැම්සේ’ රජුගේ මළ සිරුර තැන්පත් කළ පිරමීඩය තුළින් පුරා වසර 6000කට පසු ඔහු යළිත් මිනිස් ලොවට දර්ශනය වූයේ එදා මෙන්මය.

මෙතරම් දීර්ඝ ඉතිහාසයකට මළ සිරුරු කල්තබා ගන්නේ කෙසේද යන්න දැනගැනීමට කිසිදු ලිඛිත හෝඩුවාවක් මේ වන තුරුත් මිසරයෙන් හමු වී නැත. පරම්පරාවෙන් පරම්පරාවට මේ රහස රහසක් වශයෙන් තබාගන්නට ඔවුන් ගිවිසගෙන ඇත්තා සේය.එහෙත් මේ මහත් අභිරහස පිළිබඳව දැනට ලොවට ඉතිරි වී ඇති එකම ලිඛිත සාක්ෂිය ක‍්‍රි.පූ. 5 වැනි සියවසෙහි ග‍්‍රීසියේ විසූ ශ්‍රේෂ්ඨ ඉතිහාසඥයකු වූ ‘හෙරොඩෝටස්’ගේ වාර්තාවක් පමණි. එවකට විසූ මිසර රාජකීයයන්ගේ මළ සිරුරු බෙහෙත් ගල්වා ‘එම්බාම්’ කරමින් ‘මමී’ බවට පත් කරවන අයුරු ඔහු සියැසින්ම දැක ඇති අතර එය විශ්මය ජනක ලෙස මතු පරපුර වෙනුවෙන් ලියා තිබේ.

‘‘මිසරයේ රාජකීය ප‍්‍රභූවරයකු මිය ගිය පසු පූජකවරයකුගේ ප‍්‍රධානත්වයෙන් යුත් පෙරහරකින් නයිල් ගඟ බඩට එය ගෙන යන ලදුව සුවිශේෂ ඔරුවක පටවා ගෙඟහි බටහිර වෙරළ දක්වා ගෙන යයි. එම වෙරළබඩ තනා ඇති විශේෂ කුටියකට ගෙන යන මළ සිරුර සුවඳ විලවුනෙන් නහවා මිනිය කපන්නා වූ ප‍්‍රධාන ශල්‍ය කාර්මිකයාට (එම්බාම් කරු) භාරදෙයි. ප‍්‍රධාන ශිල්පියා ඊටම සුදුසු වූ ඇඳුමින් සැරසී වෙස් මුහුණක් ද පැළඳ කාරියට සූදානම් වෙයි. පළමුව ඔහු මිසර වාසීන් මියගිය පසු එම පුද්ගලයා වුවමනා ස්ථානයට කැඳවාගෙන යන ‘‘අනුබීස්’ නමැති දෙවියා සිහිකොට ඉතියෝපියාවෙන් ගෙන්වන ලද අති විශේෂ ගල් පතුරක් මගින් සිරුරේ වම්පස උදරය අඟල් 5ක් පමණ දිගට කපා දමයි. ඒ සමගම ඔහු එතැනින් ඉවත්වන අතර පාරිශුද්වන්තයකුගේ සිරුර කෙලෙසූ අයකු ලෙස ඔහු ලූහුබඳිමින් පහර දෙන සම්ප‍්‍රදායික සංකේතාත්මක දඬුවමකට මුහුණ දෙන්නට ද සිදුවෙයි.

මෙම ක‍්‍රියාවලියෙන් පසුව දීර්ඝ වූ කි‍්‍රයාවලියකට මුල පුරයි. පලා ඇති උදර කුහරයෙන් එළියට ගන්නා අතුණු බහන්, පෙනහලූ, වකුගඩු සහ සෙසු අවයව පරෙස්්සමින් කපා බඳුන් හතරකට දමයි. සිරුර පුරා ඇති සියලූම නාළ පවා එළියට ඇද දැමුව ද කිසි විටෙකත් හදවතට හානියක් නොකරයි. (මීට හේතුව ජීවත්ව සිටියදී ඔහු මිනිසකු වශයෙන් කරන ලද පව්xපින් ආදිය එලොවදී මැන බැලීමට හදවත අත්‍යවශ්‍ය යයි ඔවුන් සිතන බැවිනි)
කෙසේ නමුත් මුළු සිරුරම හිස් බෙනයක් බවට පත් කරන අතර කිසියම් දියර ඔසුවක් මගින් ඇතුළත හොඳින් සෝදා හරියි. එය ඔවුන් කීවේවත් කියන්නේවත් නැති රහස් ඔසුවකි. අනතුරුව සිරුරේ පිටතට එල්ල වෙන මැසි මදුරු උවදුරු වැඩලීම සඳහා තවත් සුවඳ ඔසුවක් ආලේප කරනු ලබයි. අනතුරුව කෙරෙන්නේ සිරුරේ ඇති තෙතමනය ඉවත් කිරීමේ කාර්යයි.

සාමාන්‍යයෙන් මිනිස් සිරුරේ හතරෙන් තුන් පංගුවක්ම ඇත්තේ ජලයයි. ඒ නිසාමය මියගිය සිරුර ඉක්මනින්ම කුණුවී ජරා ජීර්ණ වී යන්නේ. එනිසා ඔවුන් එහි අන්තර්ගත ජලය (තෙතමනය) ඉවත් කිරීම සඳහා කිසියම් නොදන්නා වූ ගුප්ත ක‍්‍රමයක් කරන ලද බව හෙරොඩෝටස් දක්වයි. මෙය මහත් වූ අභිරහසක් බැවින් ඒ පිළිබඳව ඔහුගේ සටනෙහි කිසිදු තොරතුරක් නොදැක්වෙන අතර එය කරන්නට ඇත්තේ මෙලෙසින් යයි වත්මන් විදු දරුවන් දක්වා තිබේ.
සෝඩියම් බයිකාබනේට් සහ සෝඩියම් ක්ලෝරයිඞ් යන රසායනිකයන්ගේ එකතුවෙන් නිර්මාණය වන ‘නේට්රන්’ නමැති රසායන ද්‍රව්‍ය මළ සිරුර වටා ගොඩගැසීමෙන් සිරුරේ තෙතමනය ඉවත් කරන්නට ඇත. නේට්රන් නමැති රසායන ද්‍රව්‍යයට මිනිස් සිරුරක පවතින තෙතමනය ක‍්‍රමානුකූලව උරාගැනීමේ හැකියාව ඇති නිසා ඔවුන් විසින්ද පුරා දින 30-40 අතර කලක් මළ සිරුර වටා මෙම රසායනිකය ගොඩ ගසා තබන්ට ඇත.


මළ සිරුර එම්බාම් කොට පිරමිඩයක තැන්පත් කිරීමට සුදුසු වනතුරු දින 40 ක් පමණ ගත වෙන බව ‘හෙරොඩෝටස් දක්වා ඇති සටහනත් මළ සිරුරක්  එම්බාම් කරන්නට දින 40ක් පමණ ගතවෙන බවත් බයිබලයේ දක්වා ඇති සටහනත් අනුව ඉහත කී වත්මන් විදු මතය පිළිගැනීමට හේතු තිබේ.

මළ සිරුරේ තෙතමනය ඉවත් කිරීමෙන් අනතුරුව සිරුරේ ඇතුළත හිස් වූ කුහරය විශේෂ වූ ලී කුඩු හෝ රසායනික ඔසුවක් යෙදු රෙදි වලින් පුරවයි. ඉන් පසු උදරය පැළු සිදුර රන් පතුරකින් අවහිර කොට මසා දමයි. මළ සිරුරේ නියපොතු ආදිය සායම් ආලේප කිරීමෙන් පසු හිසකෙස් සැකසීම මියගිය අය පුරුෂයකු නම් ඔහු ජීවත්ව සිටිය දී හිස පීරන අයුරින්ද කාන්තාවක නම් සුදුසු පරිදි ගෙතීමකින් ද  කොණ්ඩය සකස් කරයි. මිය ගිය පුද්ගලයා ජීවත්ව සිටියදී පැවැති අයුරින්ම ඔහුගේ හෝ ඇයගේ මුහුණ පිළිබිඹු කිරීම සඳහා දෙනෙත් වලට මැණික් ගල් විශේෂයක් උපයෝගී කරගන්නා අතර මුළු සිරුරම මිසරයටම ආවේණික වූ සුවඳ විලවුන් බඳුනක බහාලයි. අවශ්‍ය පරිදි මී පැණි ගල්වා දමන සිරුර රෙදි යාර 150ක  ප‍්‍රමාණ ගෙන තදින් ඔතා දමමින් සියලූ කාර්යයන්ම නිමා කෙරෙයි.

වටිනා ලෝහමය පෙට්ටියක තැන්පත් කරන දේහය හිමිකරුවා පුරුෂයකු නම් දෙඅත් පපුව මත තබා බැඳගෙන සිටින අයුරින් ද කාන්තාවක නම් දෙඅත් දෙපසට තබමින් ද සකස් කරගනී. පසුව සියලූ ශල්‍ය කටයුතු නිමාව දුටු දේහය කලින් සකසන ලද පිරමීඩය වෙතට ගෙනයයි. මෙලොව වාසය කරද්දී ඔහු ගත කළ අයුරින්ම පරලොවදී ද ගත කිරීම සඳහා ඔහු පි‍්‍රය කළ ආහාරපාන, ඇඳුම් බැඳුම්, සටන්වලට අවශ්‍ය කඩු, දුණු, ඊතල, ගමන් කිරීම සඳහා ඔරු පාරු, රැවුල් බෑම සඳහා දැලිපිහි, මෙන්ම වියදම් වෙනුවෙන් රන් මිණි මුතු ද මළ සිරුර සමගම පිරමීඩයේ තැන්පත් කරයි. සියල්ල නිමා වෙන්නේ දැවැන්ත ගල්කුට්ටි වලින් සැකසුණු පිරමීඩයෙහි දේහය තනිකර දමා සදාකාලයටම වසා දැමීමෙනි.
පිරමීඩය තුළ හිරවූ දේහය වෙනුවෙන් සාදයක් පැවැත්වීම ඉන් අනතුරුව කෙරෙයි. ඒ වෙනකක් නිසා නොව ඔවුන්ගේ පරලොව රජු වශයෙන් සැළකෙන ‘‘ඔසිරිස් (ධීෂඍෂී) දෙවියා සැනසීම සඳහාය. මියගිය පුද්ගලයාගේ හදවත කිරා බලන්නේ මේ දෙවියන් විසින්ය. (එහෙයින්ය ඔවුන් මළ සිරුරේ සියලූම අංග ඉවත් කළ ද හදවත ඉවත් නොකරන්න) මියගිය පුද්ගලයාගේ හදවත ‘පව්’ වලින් බර නම් අති භයානක කිඹුල් හිසක් සහිත යක්ෂයකු විසින් ගිල දමනු ලබයි. පින් කාරයකු නම් ඔහුට හෝ ඇයට එළොවදී නිත්‍ය සැනසීම හිමිවෙයි. පිරමීඩයක් තුළ සදාකාලයටම තැන්පත් වන මිසර ‘මමී’මේ විදියටම නිමාව දකී.

උබේසේකර කුමාරසිංහ නිකවැරටිය

දෙයියෝ සාක්කි

ගුරුවරයා මුදලාලිගේ කනෙනුත් රිංගලා

රැකියාවක නියුතු ඔහු විවාහකයෙකි. ඔහුගේ එක් විනෝදාංශයක් වූයේ කාන්තාවන්ට දුරකථනයෙන් ඇමැතීමයි. දිනක් ඔහු දුම්රිය මැදිරියක ලියා තිබූ දුරකථන අංකයකට ඇමැතීය. ‘‘කොහෙන්ද ඔයාට මේ නොම්මරේ”. කාන්තාවක් එහා කොනෙන් ඇසුවාය. ‘‘මේකෙන් ‘මිස් කෝල්’ එකක් තිබුණා. ඔහු පැවසීය. කෙසේ හෝ දෙදෙනා අතර සම්බන්ධතාවක් ගොඩ නැගිණි. ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක් බවත් සැමියා අතහැර ගොස් ඇති බවත් රැකියාවක් කරන බවත් ඔහු හෙළි කර ගත්තේය. දින කිහිපයකින් ඔහු හෝටලයකට ගොස් කතා කිරීමට ඇයව එකඟ කර ගත්තේය. ‘‘මේ දවස්වල මගේ අතේ සල්ලිත් නැහැ. ඔයාට පුළුවන්ද කාමර කුලිය රුපියල් දාහක් අරන් එන්න. මම පඩි අරන් ඔයාට ඒක දෙන්නම්.” ඇය කැමැති වූවාය. තම සුපුරුදු හෝටලයට ගොස් පැය කිහිපයක් එහි ගත කර ඇයගෙන් රුපියල් දාහක් ලබාගෙන එළියට වී සිටින ලෙස ඇයට පැවසුවේ හෝටලයේ සේවකයන් ඇය දකීවි යැයි පවසමිනි. ඔහු කාමර කුලිය වශයෙන් රුපියල් පන්සීයක් ගෙවා ඉතිරි මුදල තම සාක්කුවට දමා ගත්තේය. ටික වේලාවකින් කාන්තාව ඇමතුමක් දෙමින් ‘‘ඔයා කොහෙද? පරෙස්සමෙන් යන්න’’ යැයි කීවාය.

කත රවටා ගත් රු. 1000 න් 500 ක් සාක්කුවේ

 රැකියාවක නියුතු ඔහු විවාහකයෙකි. ඔහුගේ එක් විනෝදාංශයක් වූයේ කාන්තාවන්ට දුරකථනයෙන් ඇමැතීමයි. දිනක් ඔහු දුම්රිය මැදිරියක ලියා තිබූ දුරකථන අංකයකට ඇමැතීය. ‘‘කොහෙන්ද ඔයාට මේ නොම්මරේ”. කාන්තාවක් එහා කොනෙන් ඇසුවාය. ‘‘මේකෙන් ‘මිස් කෝල්’ එකක් තිබුණා. ඔහු පැවසීය. කෙසේ හෝ දෙදෙනා අතර සම්බන්ධතාවක් ගොඩ නැගිණි. ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක් බවත් සැමියා අතහැර ගොස් ඇති බවත් රැකියාවක් කරන බවත් ඔහු හෙළි කර ගත්තේය. දින කිහිපයකින් ඔහු හෝටලයකට ගොස් කතා කිරීමට ඇයව එකඟ කර ගත්තේය. ‘‘මේ දවස්වල මගේ අතේ සල්ලිත් නැහැ. ඔයාට පුළුවන්ද කාමර කුලිය රුපියල් දාහක් අරන් එන්න. මම පඩි අරන් ඔයාට ඒක දෙන්නම්.” ඇය කැමැති වූවාය. තම සුපුරුදු හෝටලයට ගොස් පැය කිහිපයක් එහි ගත කර ඇයගෙන් රුපියල් දාහක් ලබාගෙන එළියට වී සිටින ලෙස ඇයට පැවසුවේ හෝටලයේ සේවකයන් ඇය දකීවි යැයි පවසමිනි. ඔහු කාමර කුලිය වශයෙන් රුපියල් පන්සීයක් ගෙවා ඉතිරි මුදල තම සාක්කුවට දමා ගත්තේය. ටික වේලාවකින් කාන්තාව ඇමතුමක් දෙමින් ‘‘ඔයා කොහෙද? පරෙස්සමෙන් යන්න’’ යැයි කීවාය.

‘මත්තල’ තියෙන්නේ දෙසැම්බර් 25 වැනිදා ගුරුවරියකගෙන් අපූරු උත්තරයක්

ටීචර් ”මත්තල” තියෙන්නේ කොහේදැයි සිසුවියක ගුරුවරියකගෙන් ඇසුවාය. දෙසැම්බර් 25 වැනිදා යැයි ඇය උත්තර දුන්නාය. මේ දෙබස් ඇසුණේ සියනෑවට යාබද ගම්මානයක උපකාරක පන්තියකදීය. ලබන වසරේ පහේ කඩඉමෙන් පන්නන්නට පැවැත්වෙන උපකාරක පන්තියකි. ප‍්‍රසිද්ධ පාසලක සේවයේ නිරත ගුරුවරියක මෙහි උගන්වන්නීය. ඇගේ සේවය ලබා ගන්නට එන්නේ ඇගේ පාසලේ දරුවන් පමණය. ඔවුන් එන්නේද කැමැත්තකින් නොවේ. ඇගෙන් මවුපියන්ට කෙරෙන බල කිරීමට තම දරුවන් එවන්නේ ගුරුවරිය අමනාප කරගන්නට බැරි නිසාය. රටතොට ගැන හොඳ දැනුම් තේරුම් ඇති දරුවෝද මේ පන්තියේ සිටිති. ගුරුවරිය පන්තියෙන් ඉවතට ගිය විටකදී දරුවෙක් තම දැනුම පෙන්වන්නට වූයේය. ලංකාවේ ගුවන් තොටුපළවල් මොනවාද ඔහු අනෙක් අයට කියා දුන්නේය. දිවයිනේ අලූත්ම ගුවන්තොටුපළ මත්තල ඉදිකෙරෙන බවද ඔහු සගයන්ට කීවේය. මත්තල ඇත්තේ කොහිදැයි ඔහු කියන්නට නොදැන සිටියේය. ඒ ගැන ටීචර්ගෙන් අහමු යැයි දැරියක් කීවාය. ඒ අනුව ඇයගේ ප‍්‍රශ්නයට ගුරුවරිය උත්තර දුන්නේ දෙසැම්බර් 25 වැනිදා කියාය. අනේ ටීචර් එදාට නත්තල්නේ. ගුවන් තොටුපළක් හදන මත්තල තියෙන තැන අපි දන්නේ නැහැ. දරුවන් ඇයට කියද්දී මන් දන්න මත්තලක් නැහැ. මේ ළමයින්ටත් ඕන නැති දෙයක් නැහැ පාඩම බලාගන්නවාලා කී ගුරුතුමිය වේවැල අතට ගත්තාය. දරුවන් එන තුරු එළියට වී සිටි මවුවරුන් දෙදෙනෙකුට මේ කතාව ඇසුණු නිසා දැන් කටින් කට යද්දී මේ ගුරුවරියට ”මත්තල ටීචර්” යැයි නමක් පටබැඳී අවසන්ය.

බසයට රිංගු ගැරඬියාගෙන් ප‍්‍රවේශපත් මුදල් ඉල්ලලා

මඩකළපුවේදී ”ලංගම” බසයකට රිංගාගත් ගැරඬියකු කලවංචිකුඩියේදී බසය තුළ මහත් කලබැගෑනියක් සිදුකොට එයින් බැස යන්නට දැරූ උත්සාහයක් නිසා එම බසය විනාඩි විස්සක් පමණ පාර මැද නතර කර තැබූ සිද්ධියක් මඩකළපුව-කල්මුණ ප‍්‍රධාන මාර්ගයෙන් වාර්තා වේ. පෙරේදා 19 මඩකළපුව-කල්මුණ නගරාන්තර ලංගම බසයක් සවස 2.45ට පමණ කල්මුණ බලා ගමන් අරඹා තිබිණි. එය කලවංචිකුඩි ප‍්‍රදේශයේදී එක්වරම පාර මැද නතර කළ රියදුරා කෑගසා රියැදුරු අසුනෙන් ඉවත්ව පැන ගියේය. මගීහු අන්දුන්කුන්න් වෙමින් වටපිට බැලූ අතර කීපදෙනෙක් දෙමළ භාෂාවෙන් ”පාම්බු... පාම්බු” යැයි කෑගැසූහ. එහෙත් ”පාම්බු” ඇසුරු සැණකින් ඇන්ජිම කොටසට රිංගා අතුරුදන් විය. බොහෝ වේලාවක් කෝටුවලින් ඇන අහුමුළුවල බැලූ පසු ඌ එළියට දැමීමට හැකිවිය. එහෙත් බැස ගියේ ”පාම්බු” කෙනෙකු නොව ගැරඬියෙකි. ගැරඬියා තණ නිල්ලට පැන කැලෑවට ඇදෙනු දුටු මගියකු ” ඕයි... සල්ලි දීලා යනවා” යැයි කියා කෑගසද්දී මගීහු උස් හඬින් සිනාසුණහ.

උපුටා ගැනීම ලංකාදීප

අතීතයේ පොළොවට අහසින් ප‍්‍රහාර පහක්

ඔබත් මමත් අපි සැවොම කුඩා කාලයේ අහසේ තරු ගණන් කිරීමට වෙහෙසුනෙමු. රාතී‍්‍ර අහස චමත්කාරජනකය. විශ්මය උපදවයි. දහස් ගණනින් විසිරී ඇති තරු ගනිද්දී මේවා කෙසේ ඇතිවූයේ දැයි අපි සිතුවෙමු.
සඳු, ඉරබට තරුව, උදා තරුව, වෙනත් තාරකා, ග‍්‍රහලෝක, වල්ගා තරු හා උල්කාපාත මේ සියල්ල අපේ ළමා ලෝකයේ අපූරු විශ්මයජනක වස්තූ වූවේය. ඒවා කවදා කෙසේ ආරම්භ වන්නට ඇත්දැයි සිතන සෑම මොහොතකම අපි අසරණ වූයෙමු.

නිශ්චිත පිළිතුරක් නැති මේ පැනයට පැරැණියෝ කියා සිටියේ එය සර්වබලධාරී දෙවියන් වහන්සේගේ මැවීමක් බවයි. එහෙත් දැන් විද්‍යාව දියුණු වී තිබේ. මේවා මැවීමක් නොවන බවත් විශ්වය පිළිබඳ අධ්‍යයනය කළ යුතු බවත් තේරුම් ගත් විද්‍යාඥයෝ දැන් විශ්ව විද්‍යාව නම් නවතම විෂය ඔස්සේ විවිධ අධ්‍යයන හා පර්යේෂණ කරති. විශ්වය ගොඩනැගී ඇත්තේ අප වැනි ග‍්‍රහලෝක, තාරකා ආදිය කෝටි ගණනක් එකතුවී සෑදුණු මන්දාකිණි රාශියකින් බව දැන් අනාවරණය වී තිබේ.
එක් ග‍්‍රහලෝකයක් වන අපි තවත් පරිවාර ග‍්‍රහයකු වන චන්ද්‍රයාද රැුගෙන සූර්යයා වටා ගමන් කරමින් සිටිමු. අප වැනි ග‍්‍රහලෝක අටක්ද  වාමන ග‍්‍රහයකු ලෙස හඳුන්වන ප්ලූටෝද තමන්ට ඇති චන්ද්‍රයන් ද රැුගෙන සූර්යයා වටා ගමන් කරයි. සූර්යයා යනු තරුවකි. මන්දාකිණියක් ගොඩනැගෙන්නේ එවැනි තරු කෝටි ගණනක් එක්වීමෙනි. අපේ සූර්යයා අයත්වන හෙවත් අප සිටින මන්දාකිණිය ක්ෂීරපථය ලෙස හඳුන්වයි.
විද්‍යාඥයන්ගේ නූතන සොයා ගැනීමට අනුව එවැනි මන්දාකිණි කිහිපයක් එකතුවී මන්දාකිණි පොකුරක් සාදයි. අප ක්ෂීරපථය ඇතුළු මන්දාකිණි 31ක් එකට එක්ව ඇත. එය හඳුන්වන්නේ ස්ථානීය කණ්ඩායම යනුවෙනි. විශ්වය එතැනින් කෙළවර වන්නේ නැත. මේ ආකාරයේ මන්දාකිණි කණ්ඩායම් කිහිපයක් එක්ව සුපිරි මන්දාකිණි පොකුර සෑදී තිබේ. විද්‍යාඥයෝ එම සුපිරි මන්දාකිණි පොකුරු දක්වා විශ්වයේ සැකැස්ම අනාවරණය කැරගෙන තිබුණ ද ඇතැම් විට විශ්වය තවදුරටත් සංකීර්ණ වීමට ඉඩ තිබේ. එහෙත් ඒ ගැන දැනට අවබෝධයක් නැත.
තෙරක් නොපෙනෙන මේ විශ්වය කවදා කෙසේ ආරම්භ වූයේ ද යන්න පිළිබඳ විද්‍යාඥයෝ අතීතයේ පටන්ම සොයා බැලූහ. එය මහා පිපිරුමකින් සිදුවූවකැයි එක් මතයකි. වර්ෂ 1948 දී ජෝර්ජ් ගැමෝව් නමැති ඇමෙරිකන් ජාතික තාරකා විද්‍යාඥයා මහා පිපිරුම් වාදය ඉදිරිපත් කළේය.

ඔහු පවසන්නේ විශ්වයේ සියලූම කොටස් අතීතයේ එක්ව පැවැති බවයි. අදට වඩා එය ඉතා කුඩාවට පිහිටි බවත් අධික උෂ්ණත්වයකින් යුක්තව තිබී පිපිරීමකින් කොටස් සී සී කඩ විසිරී ගොස් දැවැන්ත විශ්වය බිහිවූ බවත් ඔහු සිය මතය ඉදිරිපත් කරමින් කීය. විශ්වයේ ඇති හයිඩ‍්‍රජන්, හීලියම්, ලිතියම් වැනි සැහැල්ලූ මූල ද්‍රව්‍යයන්ගේ උපත සිදුවූ ආකාරය ද මහා පිපිරුම් න්‍යායෙන් පැහැදිලිව දක්වා ඇත. අධික උෂ්ණත්වය මෙවැනි වායු බිහිවීමට හේතුවූ බව පවසන ගැමෝව් මූලද්‍රව්‍ය බිහිවීමේ ප‍්‍රමාණ පිළිබඳ ඉදිරිපත් කැර ඇති වාර්තා ද සත්‍යයැයි පර්යේෂණ මගින් තහවුරු වී තිබේ. 1965 වර්ෂයේදී ආර්නොපෙන්සියාස් සහ රොබට් විල්සන් යන විද්‍යාඥයෝ දෙදෙනා නවතම සොයා ගැනීමක් කළහ. ඒ මු`එ මහත් විශ්වය පුරාම පැතිරී ඇති ක්ෂුද්‍ර තරංග විකිරණයයි. විශ්වයේ සිදුවූ මහා පිපිරුමේදී අධික උෂ්ණත්වය හේතුවෙන් විශ්වයම විකිරණ වලින් පිරී පැවති බවත් විශ්වය ප‍්‍රසාරණය වනවිට උෂ්ණත්වය අඩුවී ගියද විකිරණ විශ්වය පුරාම එකසේ පැතිර ගිය බවත් ඔවුහු විස්තර කළහ. මේ සොයා ගැනීම වෙනුවෙන් පර්යේෂකයෝ දෙදෙනා 1978 දී නොබෙල් ත්‍යාගය ද හිමිකැර ගත්හ.
1989 දී අභ්‍යාවකාශයට යැවූ කොස්මික් චන්ද්‍රිකාව කරන ලද පර්යේෂණ අනුව පැහැදිලි වූයේ ක්ෂුද්‍ර විකිරණ විශ්වයේ ඒකාකාරී ලෙස පැතිරී නොමැති බවයි. මේ සුළු වෙනස්කම් වලට හේතුව මහා පිපිරුම් න්‍යාය බව ද පර්යේෂකයෝ තේරුම් ගත්හ. එහි ප‍්‍රතිඵලය වූයේ ගැමෝව් ගේ මතය තවදුරටත් පිළිගැනීමට ලක්වීමයි.
මහා පිපිරුම් න්‍යායට එරෙහි මතවාදයක් ද තිබේ. ඉන් එකක් වන්නේ ස්ථාවර තත්ත්ව න්‍යායයි. ඔස්ටි‍්‍රයානු ජාතික විදයාඥයන් දෙදෙනකු වන තෝමස් ගෝල්ඞ් සහ හර්මන් බොන්ඞ් සමග බි‍්‍රතාන්‍ය ජාතික ෆ්‍රෙඞ් හොයිලි මෙම න්‍යාය ඉදිරිපත් කැර තිබේ. ඔවුන් පවසන්නේ අතීතයේ සිට වර්තමානය දක්වාම විශ්වය එකම ආකාරයෙන් පැවති බවයි. එමෙන්ම ප‍්‍රසාරණය වෙමින් පවතින විශ්වයේ එකිනෙකාගෙන් ඈත්වන මන්දාකිණි අතර පරතරය පියවීම සඳහා අ`එතින් ද්‍රව්‍ය ඇතිවන බව ද ඔවුහු පවසා ඇත.
මන්දාකිණි එකිනෙක ඈත්වෙමින් පවතින බව විද්‍යඥයන් විසින් තහවුරු කරනු ලැබ ඇති කාරණයකි. පොළොවේ සිට මෙගාපෙසක් 50ක් හෙවත් වසර කෝටි 163 ක් පුරා ආලෝකය ගමන් කරන දුරින් පිහිටි මන්දාකිණියක් තත්ත්පරයට කිලෝමීටර 5000ක වේගයකින් පොළොවෙන් ඈත් වෙමින් තිබේ. මෙය අතිවිශාල වේගයක් ලෙස සිතුන ද විශ්වයේ විශාලත්වය සැලකූ විට එය ඉතා මද වේගයකි. ස්ථාවර තත්ත්ව න්‍යායේ සඳහන් ඇතැම් කරුණු නූතන සොයාගැනීම් සම`ග එක`ග නොවූයෙන් එම මතය ප‍්‍රතික්ෂේප කැරුණි. අනතුරුව නව ස්ථාවර තත්ත්ව න්‍යාය ඉදිරිපත් කිරීමට ශී‍්‍ර ලාංකික විද්‍යාඥ චන්ද්‍රා වික‍්‍රමසිංහ, පේ‍්‍රඞ් හොයිලි, ජයන්ට් නාලිකාර් නම් විද්‍යාඥයෝ කටයුතු කළහ.
ඔවුන් පවසන්නේ විශ්වය යනු ආරම්භයක් නැති වයස අසීමාන්තික දෙයක් බවයි. විශ්වයේ තැනින් තැන සිදුවන කුඩා පිපිරුම් හේතුවෙන් විශ්වය ප‍්‍රසාරණය වෙමින් පවතින බව ද ඔවුහු පවසති. මේ විද්‍යාඥයන් පවසන්නේ ක්ෂුද්‍ර තරංග විකිරණය ඇතිවීමට මහා පිපිරුමක් අනවශ්‍ය බවකි. සුපර්නෝවාර් යනුවෙන් හඳුන්වන තාරකා පිපිරීම් වලදී නිපදවන යකඩ කෙඳි ආදිය මගින් තාරකාවලින් නිකුත් කෙරෙන අධික ආලෝකය උරාගෙන ක්ෂුද්‍ර තරංග විකිරණක් ලෙස ආපසු නිකුත් වන බව ද ඔවුහු පෙන්වාදෙති.  
 

විශ්වයේ ඇති ශක්ති උත්පාදකය වන්නේ අපේ හිරු මෙන් වූ තාරකාය. නෙබියුලාවක් ලෙස හඳුන්වන වායු සහ දුවිලි වලින් සමන්විත අන්තරීක්ෂ වළාවන්හි ඇති වායු හා දුවිලි එක් කේන්ද්‍රයක් වටා භ‍්‍රමණය වෙමින් තිබේ. මේවා මන්දාකිණි සහ මන්දාකිණි අතර ආදී වශයෙන් විශ්වයේ විවිධ ස්ථානයන්හි පිහිටා තිබේ. මෙලෙස භ‍්‍රමණය වන දුවිලි සහ වායු වසර කෝටි ගණනක ඇවෑමෙන් ක‍්‍රමයෙන් සංකෝචනය හෙවත් හැකිළීමට ගනී. අනතුරුව එහි ඇතිවන අධික තාපය පදනම් කරගෙන මු`එ ගෝලීය පද්ධතියම අධික ලෙස රත්වේ. තවදුරටත් එය සංකෝචනය වනවිට හයිඩ‍්‍රජන් පරමාණු දෙක බැගින් එක්වී හීලියම් පරමාණු බවට පත්වීමේ ප‍්‍රතිකි‍්‍රයාවක් එනම් න්‍යෂ්ටික විලයනය හේතුවෙන් අති විශාල තාපයක් නිපදවේ. තරුවක උපත සිදුවන්නේ ඒ ආකාරයෙනි. මෙහි න්‍යෂ්ඨික ප‍්‍රතිකි‍්‍රයා සිදුවනතෙක් එහි එහි ශක්තිය නිපදවේ. තාරකා විද්‍යාඥයන් පවසන්නේ අපගේ සූර්යයාට තවත් වසර කෝටි 500 ට වඩා කාලයක් බල ශක්තිය නිපදවීමේ හැකියාව ඇති බවයි.
සූර්යයාගේ අභ්‍යන්තරය ඉතාමත් උණුසුම්ය බාහිරයට යද්දී එය ක‍්‍රමයෙන් සිසිල් වේ. විද්‍යාඥයන් පවසන්නේ අපගේ සූර්යයයාගේ උෂ්ණත්වය  වෙනස් වූ ප‍්‍රධාන කාණ්ඩ තුනක් හෙවත් වළලූ තුනක් තිබිණි. එයින් උෂ්ණත්වය බහුලවම තිබූ අභ්‍යන්තරය සිලිකේට් වලින් සෑදී තිබිණි. මේ කලාපයෙන් පසුව හමුවන්නේ ශීතල කලාපයකි. සිලිකේට් වලින් ද ශීතල කලාපයේ ඇති හිම වලින් ද ග‍්‍රහලෝක නිර්මාණය වූ බව විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. ශීත කලාපයේ පවතින සියලූම පදාර්ථ වල පැතිරීම ඉතාමත්ම දුහුල්ය. මේ දුහුල් බව කොතෙක් ද යත් ඒවාට ග‍්‍රහලෝකයක් නිර්මාණය කිරීමට එකතුවීමට නොහැකි තරම් වන බැවින් කුඩා ග‍්‍රහක සෑදී තිබේ.
බ‍්‍රහස්පති සහ අගහරු අතර ග‍්‍රහක පටියක් පිහිටා තිබේ. මෙය විශාල ස්කන්ධයකින් යුතු දැවැන්ත බ‍්‍රහස්පති ග‍්‍රහයා නිර්මාණය වීමේදී එහි බලපෑමට යටත්ව ඒ ආසන්නයේ ගොඩනැගෙමින් තිබූ ග‍්‍රහලෝකය දෙදරා විනාශ වී යාමෙන් ඇතිවූවක් බවට විද්‍යාඥයන්ගේ විශ්වාසයක් තිබිණි. එහෙත් මේ ග‍්‍රහකයන්ගේ ස්කන්ධය එකිනෙක සමාන නොවීම හේතුවෙන් දැන් විශ්වාස කරන්නේ අප සෞරග‍්‍රහ මණ්ඩලයේ උත්පත්තියට හේතුවූ නිහාරිකාව කැටිවී තනි ග‍්‍රහලෝකයක් ලෙස නිර්මාණය වීමට නොහැකි වූ කොටස් මෙලෙස ග‍්‍රහක වළල්ලක් ලෙස බිහිවන්නට ඇති බවයි.
පෘථිවිය ඇතුළු සෞරග‍්‍රහ මණ්ඩලය බිහිවී ගතවූ වසර කෝටි ගණනක කාලයේදී ජීවීන් බිහිවූ එකම ග‍්‍රහ ලෝකය වූයේ පෘථිවියයි. පෘථිවිය සම්භවය වූ ආකාරය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේදී වැදගත් වන්නේ ඒ පිළිබඳ වූ සාක්ෂි රැුසක් සුළං සහ වතුර විසින් වෙනස් කර ලැබ තිබීමයි. සාමාන්‍ය පිළිගැනීම වන්නේ පෘථිවිය අදින් වසර කෝටි 60 ට පෙරාතුව උපත ලබා ඇති බවයි. විද්‍යාඥයන් එයට සාක්ෂි ලෙස ඉදිරිපත් කරන්නේ පැරණිතම පාෂාණය වසර කෝටි 60 ක් පමණ පැරණි බව පවසමිනි. පෘථිවිය බිහිවී අද වර්තමානය දක්වා ගතවූ කාලයේදී ලෝකය විනාශවී යාම පිළිබඳ අද තරම් කතා බහට ලක්නොවූ වෙනත් වකවානුවක් නොමැති බව පැහැදිලිය. නමුත් එදා පටන් අද දක්වා ගතවූ කාලයේ අවස්ථා 60 දී පමණ පෘථිවියට අභ්‍යාවාකාශයෙන් දැවැන්ත ප‍්‍රහාර එල්ලවූ බව ද විද්‍යාඥයෝ පවසති.
2012 දෙසැම්බර් 21 වැනි දින විශාල ග‍්‍රහකයක් පෘථිවිය හා ගැටීමෙන් ලෝකය විනාශවන බවට පැතිර ඇති කතාවේ සත්‍යතාවක් නැතත් එවැනි ගැටීම් සිදුවූ අවස්ථා ගණනාවක් අතීතයේ වාර්තා වී තිබේ. ඒ අතරින් කුඩාම ගැටීමේ දී පවා පොළොව මත කිලෝමීටර 95 ක් පමණ පුළුල් වූ ආවාටයක් ඇතිවූවේයැයි නූතන විද්‍යාඥයෝ පවසති. එය අධි බලැති පුපුරණ ද්‍රව්‍ය මෙගාටොන් කෝටියක් පුපුරවා දැමීමකට සමාන ගැටීමකි.
 


එවැනි ගැටීම් හේතුවෙන් පෘථිවිය මත දැඩි බලපෑමක් සිදුවන්නට ඇති බවට සැකයක් නැත. පුරා පාරිසරික විද්‍යාව අධ්‍යයනය කරන විද්‍යාඥයන් පවසන්නේ පෘථිවියට විශ්වයෙන් එල්ලවූ ග‍්‍රහක ප‍්‍රහාර හේතුවෙන් සිදුවූ විනාශ පහක් පිළිබඳ පොසිල වාර්තා සාක්ෂි දරන බවයි. මේ පොසිල පරීක්ෂා කිරීමේදී එම ගැටුම් හේතුවෙන් පෘථිවියේ විසූ ජීවීන්ගෙන් හරි අඩකට වඩා විනාශවී ගොස් ඇත.
අදින් වසර කෝටි 25 ට පෙර පැවති පර්මියන් යුගයේ අවසානය සිදුවූයේ ග‍්‍රහකයක් පෘථිවිය හා ගැටීමෙන් බව පාෂාණමය සාක්ෂි අනුව තහවුරු කැරගත හැකිවී තිබේ. එම ගැටීමේදී පෘථිවියේ සිටි ජීවීන්ගෙන් සියයට 90 ක් පමණ විනාශ වී ගොස් ඇත. වසර කෝටි හයහමාරකට පමණ පෙරාතුව ඩයිනෝසරයන් මිහිමතින් තුරන් කිරීමට හේතුවූයේ ද එවැනිම තවත් ග‍්‍රහක ගැටීමක් බව දැන් තහවුරු කැරගෙන තිබේ. මේ සාධක මතුකැර ගත හැක්කේ පෘථිවිය මත දක්නට ලැබෙන ආවාට, පිපිරීම් වලින් විසිරීගොස් ඇති සුන් බුන් සහ පිපිරීගිය පාෂාණ ආදියෙනි. මේ භෞතික සාධක බොහොමයක් ඝන පාෂාණ තට්ටු මත වැළලී ගොසිනි. පිපිරීම් වලින් උණුවී ගිය හා බිඳී ගිය ඛණිජ ස්ඵටික ද මෙවැනි පර්යේෂණ වලදී වැදගත් සාක්ෂියකි. පිපිරීමේදී ආගන්තුක ග‍්‍රහකය සමග පැමිණෙන පෘථිවියේ දක්නට නොමැති වෙනත් සංඝඨක ද එවැනි පිපිරීමක් පිළිබඳ අධ්‍යනයේදී වැදගත් සාක්ෂියකි.
මෙවැනි පිපිරීම් පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාඥයන් පවසන්නේ පිපිරීමෙන් ඇතිවූ ආවාට සහ අවසාදිත තට්ටු අභ්‍යන්තරයේ කාබන් අණු සමග රැුඳුණු ඈත විශ්වයෙන් පැමිණි වායු වර්ග තවමත් දක්නට ලැබෙන බවයි.
පුරා පාරිසරික විද්‍යාව විෂය වඩාත් දියුණු වීමත් සමගම ඒ පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාඥයන් පවසන්නේ පෘථිවිය මත වෘක්ෂලතාදිය විනාශ වූ අවස්ථා පිළිබඳ ඇති සාධක වලට සමගාමීව පරිසර පද්ධති සියල්ලේම දැඩි කැළඹීමක් පිළිබඳ සාධක මෙන්ම සාගරයේ ජීව නිෂ්පාදන වල ක්ෂණික පහළ බැසීමක් පිළිබඳව ද සාක්ෂි දක්නට ලැබෙන බවයි.
ග‍්‍රහකයක් ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වන්නේ ගල් කැබලි නැතහොත් ග‍්‍රහලෝක කැබලිය. අ`ගහරු සහ බ‍්‍රහස්පති අතර එවැනි ග‍්‍රහක රැුසක් පිහිටා තිබේ. මේවා වළල්ලක ආකාරයෙන් සූර්යයා වටා ඉලිප්සාකාර මාර්ගයක ගමන් කරමින් සිටී. ග‍්‍රහක ලක්ෂ දෙකක් පමණ දැනට සොයාගෙන ඇත. මෙවැනි ග‍්‍රහක බිලියනයක් පමණ සෞරග‍්‍රහ මණ්ඩලයේ පවතින බව විද්‍යාඥයන්ගේ මතයයි. 1996 දී නාසා ආයතනය විසින් අභ්‍යාවකාශ ගත කරන ලද ෂූමාර්කර් යානය 1997 දී මැතිල්ඞ් නම් ග‍්‍රහකයට කිලෝමීටර 1212 ක් ආසන්නයෙන් ගමන් කර ඉන් පසු 2001 වර්ෂයේදී ඊරෝස් නම් ග‍්‍රහකයට ගොඩබැස්සේය. ග‍්‍රහක පටියේ ඇති ග‍්‍රහක වලට අමතරව සෞර ග‍්‍රහ මණ්ඩලයේත් විශ්වයේ වෙනත් ස්ථාන වලත් වරින් වර ග‍්‍රහක නිර්මාණය කරන්නේ වල්ගාතරුය. වල්ගාතරුවක් ගමන් ගන්නා අවස්ථාවේදී එහි වලිගයේ සිසිල් කොටස් වල්ගාතරුවෙන් වෙන් වී එම මාර්ගයේ අවශේෂ ලෙස ඒකරාශී වේ. ඒවා ග‍්‍රහක ලෙස ගමන් කරමින් තිබේ. ග‍්‍රහක පටියෙන් ගිලිහී ගිය ග‍්‍රහක කිහිපයක් ස්වාධීනව පෘථිවියට ආසන්නව සූර්යයා වටා පරිභ‍්‍රමණය වේ. එයින් ඇතැම් ඒවා පෘථිවි කක්ෂය හරහා ද ගමන් කරයි.
මේ ආකාරයේ විශ්වයේ සැරිසරන ග‍්‍රහක, උල්කා හෝ වල්ගාතරු පෘථිවි ජීවීන්ගේ පැවැත්මට තර්ජනයක් වන ආකාරයෙන් ගැටේ ද යන්න පිළිබඳ තාරකා විද්‍යාඥයෝ නිරන්තරව අවධානය යොමුකැර සිටිති. අප ආසන්නයෙන් ගමන් කරන ග‍්‍රහකයක් දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ එය පෘථිවිය පසුකැර යාමට දින හතරකට පමණ පෙරාතුවය. සාමාන්‍ය ගණනය කිරීම් අනුව කිලෝමීටරයක පමණ විශ්කම්භයක් ඇති ග‍්‍රහකයක් පෘථිවිය හා ගැටුණහොත් ලෝක විනාශයක් විය හැකියැයි මතයක් තිබේ.
එවැනි ග‍්‍රහකයක් පෘථිවියට පැමිණෙන්නේ නම් කළ හැකි විනාශයෙන් වැළකී සිටීමට ගත හැකි කි‍්‍රයාමාර්ගය වන්නේ අදාළ ග‍්‍රහකය වෙත හැකිතරම් වේගයෙන් යානයක් යවා ඒ මත ප‍්‍රබල න්‍යෂ්ඨික අවි පිපිරීමක් කිරීම බව විද්‍යාඥයන්ගේ මතය වී තිබේ. එමගින් ග‍්‍රහකයේ ගමන් මග වෙනස් කළ හැකිය යන මතයේ ඔවුහු සිටිති.
දැනට හඳුනාගෙන ඇති ග‍්‍රහක අතරින් 2004 එම්.එන්.4 ලෙස නම්කැරුණු ග‍්‍රහකයක් 2029 වර්ෂයේ අප්‍රේල් මාසයේදී පෘථිවියට කිලෝමීටර 36,200 ක් පමණ දුරින් ඇදී යනු ඇතැයි නාසා ආයතනය පවසයි. මීටර 320 ක් විශාලත්වයෙන් යුතු මෙම ග‍්‍රහකය පෘථිවියේ සිට පියවි ඇසින් දකින්නට හැකි වීම ද විශේෂත්වයකි.
2012 දෙසැම්බර් මස 21 වැනි දින හෝ ඒ ආසන්න දිනයක ලෝකය විනාශ වේයැයි යන මතයේ කිසිදු සත්‍යතාවක් නැතත් විද්‍යාඥයන්ගේ මතය වී ඇත්තේ පෘථිවිය බිහිවූ දා සිට පෘථිවියට මුහුණ පෑමට සිදුවූ ආකාරයේ ග‍්‍රහක ප‍්‍රහාරයකට කවර හෝ මොහොතක පෘථිවිය ගොදුරුවීය හැකි බවයි. පෘථිවියට ඉලක්කවී පැමිණෙන ග‍්‍රහකයක ගමන් මාර්ගය නවීන තාක්ෂණයේ උපකාරයෙන් වෙනස් කළ නොහැකි වුවහොත් අතීතයේ වරින් වර ඩයිනොසරයන් ඇතුළු ජීවීන් වඳවී ගිය ආකාරයට පෘථිවියේ ජීවය යළිත් විනාශ වී නොයනු ඇතැයි කිසිවෙකුට ස්ථිරවම අනාවැකි පල කිරීමට හැකියාවක් නැත.




සජීව විජේවීර

උදාවන නව වසර ඔබේ ලග්නයට කොහොම වෙයිද ?

නව වසරේ ග‍්‍රහ ගමන ඔබේ අධ්‍යාපන ආර්ථික රැකියා මෙන්ම විවාහ ආදී කාර්යයන්ට බලපාන අයුරු මෙසේය.
මේෂ ලග්නයට අනුව ලග්නාධිපති කුජ හා යෝග කාරක රවි, ගුරු බලයෙන් යුක්තව සිටින මොහොතේ උදාවන නව වසර ශුභඵලදායී අයුරින් ගතවන්නේය. ඔබගේ ආර්ථික, රැකියා, විවාහ ආදී කාර්යයන්හි  වැඩි දියුණුවට කටයුතු පිළියෙල වේ. මිල මුදල්  හෝ වෙනත් බාහිර ප‍්‍රශ්න ඇතිව අතහැර දමා තිබූ වැඩ නැවත ඇරඹීමට අවශ්‍ය කටයුතු සකස් වෙයි.
විශේෂයෙන් විවිධ තරාතිරමේ අයගේ උදව් උපකාර මත අනාගත දියුණුවට හේතු වන කාර්යයන් රැසක් සකස් වේ.  වසරේ මුල් මාස 06 පැහැදිලි සුබපල රැසක් ගෙන දෙනු ඇත. ගරු නම්බු ලැබේ. මිල මුදල් ලාභ ගෙනදෙයි. තනතුරු නිලතල වරප‍්‍රසාද මුල් මාස 06 තුළ හිමිවන්නේය. අවසන් මාස 06 යම් යම් අවහිර බාධා ප‍්‍රමාද මධ්‍යයේ කටයුතු කිරීමට සිදුවන බැවින් එතැන් සිට දෙවරක්, තෙවරක් සිත යොමා ඥානාන්විතව කටයුතු කරන්න. ඔබට නව ආදායම් මාර්ග ගොඩනැගෙන වසරකි.
 
වෘෂභ ලග්නයට අනුව නව වසරේ ග‍්‍රහ ගමන සුබ අසුබ මිශ‍්‍ර අයුරින් පවතින නිසා ඉදිරි වසර ඔබේ වැඩ කටයුතු ක‍්‍රියාකාරකම් කෙරෙන්ද සුභ අසුභ මිශ‍්‍ර බවක් පෙන්නුම් කරයි. පොදුවේ ඔබට නව වසරේ මුල් මාස 06 යම් යම් අවහිර බාධා ප‍්‍රමාද මධ්‍යයේ තම දෛනික කාර්ය කටයුතු කර ගැනීමට සිදු වුවත් මෙම වසරේ අවසන් මාස 06 අභියෝග මැඩගෙන ඉදිරිය කරා ගමන් කිරීමට හැකියාව ලැබේ.  රැකීරක්ෂා කටයුතුවලත් තම වෙළෙද ව්‍යාපාර ආදී කටයුතුවලට බලපෑ අවහිර බාධා ප‍්‍රශ්නකාරී ගතිද පහව යනු ඇත.
මැයි සිට දෙසැම්බර් අතර කාලය තුළ ගෙදර දොර දියුණුවක් ද ඇතිවේ. භෞතික සම්පත් ද නොඅඩුව ලැබේ. සිතට සතුටක් සැනසුමක් දැනෙන දෑ සිදුවේ.  පොදුවේ ඔබේ වැඩවලට විවිධ රහස් සතුරු බලවේග ප‍්‍රශ්ණකාරී ගති හා කුමන්ත‍්‍රණවලින් බාධක යෙදුනත් ඒවා මැඩගෙන තම බලාපොරොත්තු ඉටු කර ගැනීමට පිළිවන්කමක් ඔබට ලැබේ.
 
මිථුන ලග්නයට අනුව උදාවන වසරේ ග‍්‍රහ ගමන සුභදායී අයුරින් සැකසෙන්නේ 2013 අපේ‍්‍රල්වලින් පසුවයි. එතෙක් කාලය ඔබට විවිධ  අවහිර බාධා කලකිරීම් සහගත ගති මධ්‍යයේ සිය කාර්යය කටයුතු  කරගෙන යාමටත් අරමුණු සැලසුම් ඉටුකර ගැනීමටත් සිදුවේ.
පොදුවේ ඔබට ලබන වසරේ මැයි මස සිට පවත්නා තත්වයේ සැලකිය යුතු යහපත් වෙනසක් බලාපොරොත්තු විය හැකි අනාගත සුබ සිද්ධිය සඳහා කටයුතු සාර්ථක කර ගැනීමටත් මෙහිදී අවස්ථාව උදාවේ. තම වැඩ කටයුතුවලට සමාජයේ උසස් පුද්ගලයන්ගේ ආධාර උපකාර පවා ලැබෙනු ඇත. රැකියා හෝ පදිංචියේ කිසියම් වෙනසක් මාරුවක් වුවද සිදුවේ. වැඩිපුර  දීර්ඝ ගමන් යෙදෙනු ඇත. අවබෝධ ඥාණය, ධාරණ ශක්තිය හොඳින් ගොඩනැගෙන වසරකි. ආර්ථික හා වෘත්තීය ලාභ ප‍්‍රයෝජන සැලසුනත් හදිසි වියදම් ද යෙදෙන දෑ සිදුවේ. ස්වයං ව්‍යාපාරවල වැඩි දියුණුව සැලසෙන වසරකි.
 
කටක ලග්නය අනුව උදාවන වසරේ ග‍්‍රහ ගමන මුල් මාස 06 තුළ සුබදායී බැවින් එම කාලය තුළ සැලසුම් කරන බොහෝ වැඩ කටයුතු රැසක් සාර්ථක වනු ඇත.  අධ්‍යාපන රැකියා විවාහ වැනි අංශවල ප‍්‍රගතියක් සිදුවේ. ඔබට මෙම වසරේ ආර්ථික ලාබ ගෙනදුන්නත් මිල මුදල්  අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමට අපහසු තත්වයක් ගෘහ ජීවිතයේදී ඇතිවේ. ගමන් බිමන්වලට මෙන්ම අනුන්ගේ වැඩවලටත් ඔබගේ ධනය, ශ‍්‍රමය වැයවන අවස්ථා යෙදේ. දැඩි ලෙස බලාපොරොත්තුව සිටි වැදගත් කාරණයක් ඉටුවීම තුළින් සිතට සතුට සැනසීම ඇතිවේ. තරග විභාග සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටීමටත් ඉන් සාර්ථක ප‍්‍රතිපල අත්කර ගැනීමටත් මෙම වසරේදී අවස්ථාව සැලසේ.
පොදුවේ උගත් කමට දැනුමට කුසලතාවට නිසි තැන ලැබෙන වසරකි. විවාහ බාධක දෝෂ මැයි සිට පහව ගොස් අවිවාහකයන්ට විවාහ සැප පවා හිමිවීම නව වසරේ පෙන්නුම් කරන සුභ ප‍්‍රතිපලයකි.
 
සිංහ ලග්න හිමියන්ට උදාවන නව වසර පැහැදිලි සුබපල රැසක් ගොඩනැගෙනු ඇත. ග‍්‍රහ ගමන සුබව යෙදෙන බැවින් ගත වු වසරට වඩා උදාවන වසර යහපත්වෙයි. අධ්‍යාපන, රැකියා, ව්‍යාපාර ෙක්‍ෂත‍්‍රයේ කටයුතුවල උනන්දුව වැඩිවෙයි. ඒ ඒ කාර්යයන්හිදී වගකිව යුත්තන්ගේ ප‍්‍රසාදයටද ලක්වන  කරුණු ඇතිවෙයි. මැයි මාසයේ සිට ආදායම් තත්වයේ වර්ධනයක් ඇති කරයි.
නැති වු වස්තුව මෙන්ම  නැති වී ගිය රැකියා තනතුරු පමා වු වැඩ යනාදී බොහෝ කාර්යයන් නැවත ලැබේ. රැුකියා අපේක්ෂිතයන්ගේ හා විවාහ අපේක්ෂිතයන්ගේ  අපේක්ෂා ද ඉටුවෙයි. තමා පෙර අනාගත අභිවෘද්ධිය උදෙසා  පදිංචියේ වෙනසක් ඇතිකර ගැනීම සඳහා සිත ක‍්‍රියා කරන වසරකි. එම අරමුණද එලෙස සාර්ථක කර ගත හැකිය. විශේෂයෙන් සෑම දෙයින්ම ලාභ ප‍්‍රයෝජන ලැබෙන වසරකි.
කන්‍යා ලග්නයෙන් උපන් ඔබට නව වසරේ ග‍්‍රහ ගමන ශුභාශුභ මිශ‍්‍ර බැවින් දිවියේ තම සියලූ වැඩ කටයුතු කෙරෙන්ද ශුභාශුභ මිශ‍්‍ර බවක් ඇති කරයි.
විශේෂයෙන් ඔබ සිතන සැලසුම් කරන වැඩ සියල්ලම සාර්ථක කර ගැනීම අපහසු වුවත්, හොඳින් සිතා බලා සැලසුම් සහගතව කරන කාර්යය කටයුතු අභියෝගයට ලක් නොවේ. ඒවා කෙසේ හෝ සාර්ථක කර ගත හැකි රැකියාවේ ස්ථාන වෙනසක් අනාගත යහපත උදෙසා සැලසේ. පසුගිය කාලයේ අතපසු වු වැඩ කටයුතු රාශියක් මෙම වසරේදී නිමකර ගැනීමටත්  අවස්ථාව සැකසේ. උත්පත්ති කේන්දරයේ සඳු ග‍්‍රහයා 7 වන 8 වන ස්ථානවල සිටි කන්‍යා ලග්න හිමියන්ට සිතට වදදෙන යම් යම් ප‍්‍රශ්න ඇතිවේ. ගෘහ ජීවිතයේ  ගැටලූ ශරීර සනීපය දුර්වලවීම්, හවුල් කටයුතුවල අර්බුද, සතුරු කරදර රහස් කුමන්ත‍්‍රණ වැනි දේට මුහුණ දෙන්ට සිදුවේ.
විශේෂයෙන් ඔබ ආගම වත් පිළිවෙත් පුද පූජා වන්හි නියුතු වෙමින් වසර තුළ කටයුතු කිරීම වඩාත් යෙහෙකි.
තුලා ලග්න හිමියන්ට නව වසරේ ග‍්‍රහ ගමන ශුභාශුභ මිශ‍්‍ර අයුරින් ගතවන නිසා ඔබ සැලසුම් සහගතව සැලකිල්ලෙන් විමසිල්ලෙන් යුතුව තම අත්‍යාවශ්‍ය  කාර්යය කටයුතුවල නියුතු වන්න. වරින් වර තමා බලාපොරොත්තු නොවූ සැලසුම් නොකළ  මාර්ගවලින් විවිධ ලාභ ප‍්‍රයෝජන සැලසෙයි. ආර්ථික  හා රැකියා යන කාර්යන්හිද ශුභදායි වෙනස්කම් ඇති කරයි.
බොහෝවිට ඔබ මෙම වසර තුළ සෑම කටයුත්තක්ම ඉතා සැහැල්ලූවෙන් සළකා ක‍්‍රියා කරන බැවින් තමාගේ දියුණුව ද ප‍්‍රමාණවත් අයුරින් ඇති නොවේ. ඔබට නව වසරේ මුල් මාස 6 ආර්ථික රැකියා ව්‍යාපාරික මෙන්ම අධ්‍යාපන කටයුතු වලට අයහපත් නොවුණත් ඒවායේ  යම්කිසි සංවර්ධනයක් ප‍්‍රගතියක් ඇති කළත් අවසන් මාස 06 මේවායේ වැඩවලට විවිධ අවහිර බාධා මතුවේ.
විදෙස් රැකියා අපේක්ෂා හා විදෙස් ගමන් බලාපොරොත්තු සාර්ථක වෙයි. යුගදිවියේ සාමය, සතුට බිදීයන දෑ සිදුවන බැවින් ඒ කෙරේ වඩාත් සැලකිලිමත් වන්න.
වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට උදාවන නව වසර ඔබගේ අධ්‍යාපන, රැකියා විවාහ ආදී කාර්යයන්හි ප‍්‍රගතියට වැඩි දියුණුවට  ශුභදායී වෙනසක් ඇති කරයි. 2013 මැයි තෙක් කාලය යම් යම් අවහිර බාධා ප‍්‍රමාද මධ්‍යයේ නමුදු ශුභදායී වෙනස්කමකට භාජනය වේ.  ගෙදර දොර වාසනාවන්ත බවක් ඇති කරයි. අවිවාහකයන්ට මංගල යෝග උදාකරන අතර ආදර දිවියේ කටයුතුවල වැඩි දියුණුවක් ඇති කරයි.
විශේෂයෙන් ගතට සිතට  සැපත සතුට දනවන කාර්යන් රැසක් මුල් මාස 06 තුළ සිදුවේ. අවසන් මාස 06 කාර්ය කටයුතුවලට විවිධ අවහිර බාධා මතුකරන අතර අත්‍යාවශ්‍ය වැඩ ප‍්‍රමාද වන දෑ සිදු වන්නේය. එසේම ලැබෙන මුදල් නිකරුනේ වියදම් වී යන කරුණු යෙදේ.
වසරේ මැද භාගයෙන් පසු ආගමික වත්පිළිවෙත් පුද පූජාවන් හි නියුතු වෙමින් කටයුතු කරන්න.
ධනු ලග්න හිමියන්ට උදාවන වසරේ ග‍්‍රහ ගමන ශුභදායක අයුරින් බලපාන බැවින් දිවියේ නව දියුණුවක් අභිවෘද්ධියක් 2013 වසරේ ඇති කරයි.
ජීවනෝපාය මාර්ගයන්හි පැහැදිලි වෙනසක් නව ආදායම් මාර්ග හිමිවීමක් ඇති කෙරේ. පරිසරය යහපත් වීම නිසා රාජකාරි වගකීම් නිසිලෙස ඉටු කිරීමටත් හැකිවේ. තනතුරු නිලතල වරප‍්‍රසාද හිමිවන වසරකි. බලාපොරොත්තු ඉටුවන සැලසුම් ක‍්‍රියාවට නැංවීමට හැකි වෙයි.
මෙම වසරේ මැයිවලින් පසු පවතින තත්වයේ කැපී පෙනෙන යහපත් වෙනසක් ඇති වන්නේය. සතුරු කුමන්ත‍්‍රණ පරාජය කළ හැකිවෙයි. අධ්‍යාපන රැකියා ව්‍යාපාර මෙන්ම විවාහ යනාදියේ අපේක්ෂා ඉටුවීම නිසා සිතට සතුට දනවන වසරක් ද වේ.
තරග විභාග සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජය ලැබෙන දිවියේ නව පරිවර්තනයකට මුල පිරෙන ශුභදායි වෙනස්කම් රැසක් සිදුවන නව වසරක් බවට පත්වේ.
මකර ලග්නයෙන් උපන් ඔබට ලබන්නාවු නව වසර ශුභපල මෙන්ම අශුභපල මිශ‍්‍රව ගෙනදෙන මධ්‍යස්ථ වසරකි. වසර පුරාවටම ඔබ ඉපැයීම් මාර්ග සම්බන්ධයෙන් සැලසුම් සහගතව ඇප කැපවී කටයුතු කරන නිසා ආදායම්, වියදම් සමසේ පවත්වාගෙන යාමට හැකිවේ. මිල මුදල් හා වෙනත් භෞතික සම්පත් ලාභද ලැබේ.
කෙසේ වෙතත් යම් යම් අවස්ථාවල ගැටලූ පැනනැගුණත් හවුල් හෝ ස්වයං ව්‍යාපාරවල නියුතු වන්නන්ට ඒවායේ සැලකිය යුතු දියුණුවක් ගෙනදෙනු ඇත. විශේෂයෙන් මෙම වසර තුළ ඔබ සැලසුම් නොකළ බලාපොරොත්තු නොවූ මාර්ගයක නැතහොත් දෙයකින් ඔබට විශේෂ ලාභ ප‍්‍රයෝජනයක් ගෙනදෙන්නේය.
බලාපොරොත්තු වන සැලසුම් කරන දෑ කල් යයි. උරුම හිමිකම් ප‍්‍රශ්න දේපල ආරවුල් මතු වීමේ ප‍්‍රවණතාවක් පවතින බැවින් ඒ කෙරෙහි සැලකිලිමත් වන්න. මුල් මාස 06 අධ්‍යාපන විවාහ අංශවල කරදර ප‍්‍රශ්න මතු නොවේ.
කුම්භ ලග්නය හිමි ඔබට උදාවන නව වසර ගත වු වසර තුළ තරම් ගැටලූ බාධා මතු නොවන ප‍්‍රශ්න අඩු වසරකි. මෙය වැඩි වශයෙන් සුබදායී වෙනස්කම් රැසක් සිදුවන වසරකි.
ඉදිරිපත් වන බොහෝ කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවනු ඇත. පසුගිය කාලයේ මුදල් අපහසුවෙන් හෝ වෙනත් බාහිර ප‍්‍රශ්න මැද හෝ අතපසු වු වැඩ අත්‍යාවශ්‍ය කාර්යය කටයුතු මෙම වසරේ නැවත ඇරඹීමට හැකිවනු ඇත.
අඩපණව පවතින කටයුතු ප‍්‍රතිසංවිධානය වේ. තමා නිරත වන රැකියා ව්‍යාපාරයන්හි දියුණුවක් අභිවෘද්ධියක් ද ඇති කරයි. විශේෂයෙන් මෙම වසරේ ඔබට සමාජයේ උසස් පුද්ගලයන්ගේ ගුණවතුන්ගේ ඇසුර ලැබේ. එමෙන්ම ආධාර උපකරද ලැබේ.
අධ්‍යාපන කටයුතුවල නිරත වන්නන්ගේ  සිත් උසස් අධ්‍යාපනයට යොමු වී එවැනි දේට සම්බන්ධ වේ. ඇනහිට තිබු විදෙස් ගමන් බිමන් රැකියා ලාභ ගොඩනැගීමද නව වසරේ සිදුවෙයි.
මීන ලග්නයට අනුව ග‍්‍රහ ගමන එතරම් ශූභදායි නොවෙන බැවින් දිවියේ අත්‍යාවශ්‍ය කාර්යය කටයුතු විශේෂයෙන් මැයි පසුවන තෙක් කාලය තුළ ඔබට ඉටුකර ගැනීමට සිදු වන්නේ නොයෙකුත් අවහිර මෙන්ම බාධා මධ්‍යයේය.
සමස්ථයක් වශයෙන් ගත්කළ අධ්‍යාපන, රැකියා, විවාහ යනාදියේ වැඩි දියුණුවට කටයුතු පිළියෙළවීමක් 2013  මැයිවලින් පසු ක‍්‍රමයෙන් ඇති කරයි.
පොදුවේ උප්පත්ති කේන්ද්‍රයේ සඳු ග‍්‍රහයා 1 වැනි 2 වැනි කොටුවල සිටි අයට විවිධ ප‍්‍රශ්න කරදර ඇති කළත් අපලකාරී බවක් පෙන්නුම් කළත් සෙසු අයට දැඩි පීඩාකාරී බවක් පෙන්නුම් නොකරයි.
කෙසේ වෙතත් උදාවන නව වසර ඔබේ දිවියේ අත්‍යාවශ්‍ය කාර්ය කටයුතු කෙරෙන් විශේෂ සුබදායී තත්ත්වයක් පෙන්නුම් නොකරයි. ඉවසිලිවන්තව බුද්ධිමත්ව සිතා තීන්දු තීරණ ගෙන කටයුතු කළ යුතු වසරකි. ශරීර සනීප කෙරෙහි නිබදව සැලකිලිමත් වන්න.


බෙන්තොට  හේමන්ත වීරසිංහ


"යෝධයන්" කැපූ ඇළ


අති පැරණි යෝද ඇළ සැබැවින්ම ඇළක් නොව සැතැපුම් 54ක් දිගට කලාවැවේ සිට තිසාවැව දක්වා පිහිට වූ දික් වැවක් යයි කිව හැකි තරමට එහි නිර්මාණය අපූර්වත්වයෙන් පිරී තිබේ. වසර දෙදහසක් තරම් අතීතයට දිව යන දේශීය වාපී හා වාරි ශිල්පයේ මහිමය මූර්තිමත් කෙරෙන අද්විතීය නිර්මාණයක් වූ යෝධ ඇළේ ඉතිහාසය යෝධ ඇළ තරම්ම දිගය. රජකමට කෑදර වී සිටි කාශ්‍යප පුතා ”හම්බ කළ ධනය පෙන්වන්නැයි” පිය රජු වූ ධාතුසේනගෙන් ඉල්ලා සිටි විට ”මා රට - ජාතිය වෙනුවෙන් ඉපැයූ ධනය පෙන්වන්නට මා සමග එන්න” යයි පුතාට විධාන කොට තමන්ද අසු පිටට නැගී කලාවැව දක්වා ගමන් කර ඇත්තේ යෝධ ඇළේ බැම්ම දිගේ යයි අදටත් ජනප‍්‍රවාදයේ පවතී. ඒ සංවේදනීය ඉතිහාසය ගුලි වී ඇත්තේ යෝධ ඇළ දිගේය.

කලාවැවේ උපතට මුල් වී ඇති කලාඔය මහාවංශයෙන් හඳුන්වා ඇත්තේ ”ගෝන නදී” වශයෙනි. ප‍්‍රථම සියවස වනවිට කලාවැව සහ බළලූ වැව පැවැතියේ වැව් වශයෙන් නොව - විල් වශයෙනි. ටොලමි ලංකා සිතියම නිර්මාණය කළ යුගයේ මෙහි පැමිණි දේශාටකයකු වූ ”ප්ලීනි” (Pliny) තැප‍්‍රබෝන් රටේ (ශ්‍රී ලංකාවේ) ”මෙගිස්බා” (^Megisba) නමින් විලක් ගැන සඳහන්වේ. පසුකලක කලාවැව හා බළලූ වැව බවට පත් වුයේ මේ විල් බව විශ්වාස කෙරේ.

කලාවැව හා බැඳුණු කඩවර කතාවක් අදත් ජනප‍්‍රවාදයේ පවතී. එදා සිටි කඩවර අද කලාවැව රකින දෙවියන් ලෙසද ජනතාව අදහති. කඩවර විසුයේ මහසෙන් රජු සහ වසභ රජු විසූ යුගවලදීය. වැව් බැඳි රටේ වැව් කප්පිත්තන් ලෙස සැලැකෙන්නේ වසභ සහ මහසෙන් රජවරුය. මේ නිසා කලාවැවේ ආරම්භය පළමුවැනි සියවසේ විසු මහසෙන් රජු හෝ වසභ රජු විසින් කරන ලදැයි සැලකිය හැකිය. ධාතුසේන රජු විසුයේ පස්වැනි සිය වසේදීය. ක‍්‍රි.ව. 459 සිට 477 දක්වා වසර 18ක කාලයක් ධාතුසේන රජු අනුරාධපුර අගනුවරේ රජකම් කර ඇත. කලාවැව සහ බළලූ වැව යා කොට විශාල වැවක් ලෙස ප‍්‍රතිනිර්මාණය කළේ ධාතුසේන රජුය.

කලාවැව සිට තිසා වැව දක්වා සැතපුම් 54ක් දිගට යෝධ ඇළ නිර්මාණය කළේ ධාතුසේන රජතුමා විසිනි. මෙහි ප‍්‍රථම සැතපුම් දහ හතේ දිය බැස්ම සැතපුමකට අඟල් 6කි. යෝධ ඇළ අපූර්ව නිර්මාණයක් ලෙස සැලකෙන එක් හේතුවක් එයයි. ගැබ්ගත් එලිච්චියක් පෙරමුණෙන් ගමන් කරවා - ඇය පියවර තැබු මග ඔස්සේ යෝධ ඇළ ඉදිරියට කපාගෙන යන ලදැයි ප‍්‍රදේශයේ ජනමතයක්ද පවතී. ධාතුසේන රජු රාජ්‍යයෙන් අත්මිදීමට වසර 7කට පෙර යෝධ ඇළ හදා අවසන් කළ බව මහාවංශයේ දැක්වේ. යෝධ ඇළ දෑලේ වර්ග සැතපුම් 180ක් පුරා විහිදුන කෙත් යාය ඉදිකොට වපසරිය අක්කර 11400කට එල්ලංගා පද්ධති 12ක් ඔස්සේ ගම්මාන වැව් 120කට දියවර සැපයීමකට එදා යෝධ ඇළ සමත් වූ බව ඉතිහාසයේ දැක්වෙයි.
මහසෙන් රජු විසින් ඉදිකරන ලද මිනිපේ - ඇලහැර - යෝධ ඇළ ප‍්‍රථම සියවසේදී ඉදිවී තිබේ. යෝධ ඇළ සංකල්පයේ ආරම්භය මෙය විය හැකිය. අතීත වාරි පද්ධතිය අධ්‍යයනය කරන විට සිරුර පුරා රුධිර නාල පද්ධතිය පැතිරී ගොස් සිරුර ආරක්ෂා කරන්නාක් මෙන් යෝධ ඇළ නමින් හඳුන්වන ලද වාරි පද්ධතිය රජරට පුරාවට පැතිරී ගොස් රජරට සියලූ ප‍්‍රදේශ සංවර්ධනය කර තිබේ. වැව් ද්‍රෝණියේ සිට ජලය අඩු ද්‍රෝණියට ජලය ගෙන යාම, වැවකින් වැවකට ජලය ගෙනයාම, අතිරික්ත ජලය ගබඩා කිරීම සඳහා වැවකට ගෙනයාම වැනි දියවර හුවමාරු අවශ්‍යතා යෝධ ඇළ සංකල්පය මගින් අතීතයේදී ඉටුකර ගෙන තිබේ. මෙය ස්වභාව ධර්මය විසින් ඉටුකර නොදෙනලද දෙයක් මිනිසා විසින් ජය ගැනීමක් ලෙස හඳුන්වා දිය හැකිය.

දෙවැනි සේන රජුගේ රාජ්‍ය සමයේදී දඹුලූ ඔයේ ඉහත්තාවේ සිට මල්වතු ඔයේ යටත්තාවට යෝධ ඇළක් කපා තිබේ. මල්වතු ඔයේ සිට මහකනදරා වැවට යෝධ ඇළක් මගින් දියවර ගෙන ගොස් ඇත. යෝධ ඇළ සියල්ල ගමන් කර ඇත්තේ ජල අධික ද්‍රෝණියක සිට ජල හීන ද්‍රෝණියකටය.
ක‍්‍රි.ව. 290දී මහසෙන් රජු විසින් බළලූ විලේ සිට උස්ගල සියඹලන්ගමුව දක්වා යෝධ ඇළක් කපා දියවර ගෙන ගොස් උස්ගල සියඹලන්ගමුව වැවේ ජලය ගබඩා කර ඇත. කලාවැව යෝධ ඇළෙන් සහ අනුරාධපුර අභය වැවෙන් මහවිලච්චිය වැවට දියවර ගෙනයාම සඳහා යෝධ ඇළක් කපා තිබේ. නුවර වැවට දියවර ගෙනයාම සඳහා නාච්චා දුව වැවේ සිට යෝධ ඇළක් කපා ඇත. වැවකින් වැවකට ජලය ගෙන ගිය අනෙක් යෝධ ඇළ වන්නේ කලා වැවේ සිට තිසා වැවට දියවර ගෙනගිය යෝධ ඇළයි. ද්‍රෝණියේ වැඩි වතුර මුහුදට ගලා යා නොදී රජරට තුළම රඳවා ගැනීම යෝධ ඇළ සංකල්පයේ ප‍්‍රධාන අරමුණ වේ. රජරට පුරාවට වැව් හැදුවාක් මෙන් මෙම වැව් සහ ද්‍රෝණි ඒකාබද්ධ කරමින් යෝධ ඇළවල් ඉදිකිරීමට පෙර රජදරුවන් උනන්දු වී ඇති නමුත් අද වනවිට මෙම යෝධ ඇළ වැඩි කොටසක් නටබුන් වී ගොස් ඇත.
ධාතුසේන රජතුමන් යෝධ ඇළ ඉදි කිරීමෙන් වසර හත් සියයකට පමණ පසු පරාක‍්‍රමබාහු රජතුමා විසින් මෙම යෝධ ඇළ ප‍්‍රතිසංස්කරණය කරමින් පුළුල් කොට මෙයට ”ජයගංගා” යයි නම් කරනු ලැබීය.

යෝධ ඇළේ හෙවත් ජය ගංගාවේ බැම්ම හරියටම වෑ බැම්මකට සමානාය. මෙහි බැම්ම යොදා ඇත්තේ යටි පැත්තෙන් පමණි. උඩු පැත්ත සුළු බෑවුම් සහිත බිමකි. කලාවැව සිට තිසා වැව දක්වා පැවැති මහාකණුමුල්ල - මානෑව - කිරලෝගම - කිරිවැල්හීන්න වැනි එල්ලංගා 34ක ජලය ගලා ආවේ මෙම යෝධ ඇළටය. එල්ලංගාවල ජලය -  වැසි ජලය - කලා වැවේ ජලය මේ සියල්ල යෝධ ඇළට එක්රැුස්වූ විට එය නිතර වැවක් සේ වතුර පිරී පැවතිණි. යෝධ ඇළෙන් පහළ පැවති කෙත්වතුවලට පමණක් නොව යෝධ ඇළෙන් ඉහළ පැවැති කෙත්වතු හා එල්ංලගාවලටද මෙයින් ජලය ලබාදී ඇත. මහකණුමුල්ල එල්ලංගාව ඔස්සේ අයියනාගම, ඉහළවැව, මරිකාරගම, පහළවැව, ඉහළ අමනක්කට්ටුව යන වැව්වලට අතුරු යෝධ ඇළක් කපා දියවර ලබාදී ඇත. අද මෙය අභාවයට ගොස් ඇති නිසා ඉහත කී වැව්වලට ජලය ලැබෙන්නේ නැත.
යෝධ ඇළ නිසා පරිසරය මැනවින් සංරක්ෂණය විය. වැව්වලට උඩතින් යෝධ ඇළ ගමන් කිරීම නිසා වැව්වලට රොන් මඩ ගලා ඒම වැලකී තිබිණි. වැව්වල වතුර පාලනය කරමින් වැඩි වතුර ඒම වළක්වා තිබිණ. මහකන්නයේදී වැසිවලින් යෝධ ඇළට එකතුවන ජලය, අවශ්‍ය වැව් කරා ගෙන ගොස් ජලය බෙදා දී ඇත. ඇළවංගු තුළ පිහිටුවා ඇති දියකලි 48ක් යෝධ ඇළ පුරාවට තිබිණ. අවුරුද්දේ හැමදාටම වනගත සතා සීපාවගේ හා අලි ඇතුන්ගේ ජල අවශ්‍යතා මෙම ”දියකලි” මගින් සපුරා ගැනිණ.

කඩිනම් මහවැලිය මගින් ජයගඟක් අලූතෙන් ඉදිකිරීම නිසා පැරණි යෝධ ඇළේ කොටසක් එනම් මහඉලූප්පල්ලම සිට බටුවත්ත දක්වා වූ කිලෝ මීටර් 15ක් පමණ දුරැති කොටස භාවිතයෙන් ඈත් කිරීම නිසා අභාවයට පත්විය. අලූත් ජයගඟ ගමන් කිරීමේදී සමහර තැනක පැරණි යෝද ඇළ මැදින් කපාගෙන ගොස් ඇත. එවැනි තැන්වල අද යෝධ ඇළක් නැති තරම්ය. සමහර තැන්වලදී අලූත් ජයගඟ ගමන් කර ඇත්තේ පුරාතනයේ ඉදිකර තිබූ වැවෙන් වැවටය.
අලූත් ජයගඟ සමහර තැනකදී එක එල්ලේම වේගයෙන් ගලායයි. එවැනි තැන්වල ජයගඟ අඩි පනහ, හැට තරම් ගැඹුරට කපා තිබේ. ජයගඟ මෙසේ ගැඹුරට කැපීම නිසා අදවන විට ජයගඟ දෑලේ පිහිටි බොහෝ ගම්මාන වියළී ගොස් ජල හිඟයකට මුහුණ පා ඇත. ඇතැම් ගම්වලට පානීය ජලය ලබා ගැනීම පවා දුෂ්කර වී ඇත. මෙසේ වේගයෙන් ජයගඟ ගලායාම නිසා එය සම්බන්ධ කර ඇති වැව් වඩාත් ඉක්මනින් රොන්මඩ වලින් පිරී යයි. දැනටමත් කිරිඅමුණකොලේවැව, කෝන්වැව, කිරලෝගම වැව යන වැව් අධික ලෙස රෝන්මඩවලින් පිරී පවතී. නව ජයගඟ නිසා පාරිසරික පද්ධති බොහෝ දුරට විනාශ වී ගොස් ඇත.

පැරණි යෝධ ඇළ මේ නව ජයගෙඟ් දුර්ගුණ කිසිවක් නැත. යෝධ ඇළෙන් රටට හා ජනතාවට සිදුවූ මෙහෙවර බොහෝය.
යෝධ ඇළ ගලා ගිය ප‍්‍රදේශය පුරාවට භූගත ජලය උස් මට්ටමකින් පවත්වා ගෙන යාමට හැකි විය. මේ නිසා යෝධ ඇළ ආශ‍්‍රිතව සශ්‍රීක වැව් ගම්මාන රැසක් බිහිවිය. භූගත ජලයෙන් පෝෂණය වූ පාරිසරික පද්ධතියක් නිර්මාණය විය. වාපි ශිල්පයේ ආදුතු වැව් පෝෂණය කිරීමට හැකිවිය.   වාෂ්පීකරණය පාලනය කිරීම සඳහා ඇළ, දෑල ගහකොළ වලින් බරිත විය. වැසි කාලයේදී එකතු කර ගන්නා ජලය නියං කාලයේදී වැව්වලට මුදා හැරීමට හැකි විය. ඇළ වංගුවල පිහිටි ”දියකලි” සදාකාලික දිය උල්පත් විය. එදා යෝධ ඇළ යෝධයෙකු සේ රජරට මැද හිටගෙන ජනතාව හා ගම්බිම් පෝෂණය කළේය.
මෙම අපූර්ව නිර්මාණය ඉදිරි පරපුර වෙනුවෙන් පුනරුත්ථාපනය කිරීමේ අවශ්‍යතාව ප‍්‍රදේශයේ ජනතාව නිතර පෙන්වා දෙති. එසේම මෙය ජාතික උරුමයක් වශයෙන්ද ලෝක උරුමයක් වශයෙන්ද සංරක්ෂණය කිරීමට කටයුතු කළ යුතුව තිබේ.

ඉපැරණි යෝධ ඇළ පුනරුත්ථාපනය කරමින් සංරක්ෂණය කිරීම සැබැවින්ම යුගයේ ජාතික මෙහෙවරකි. ක‍්‍රි.ව. 1200දී පමණ මහ පැරකුම්බාවන් විසින් ප‍්‍රථම වරට යෝධ ඇළ ප‍්‍රතිසංස්කරණය කරන ලදී. ඊළඟට දෙවෙනි වර මේ යෝධ ඇළ ප‍්‍රතිසංස්කරණයට තවමත් කිසිවකු අත තියා නැති නමුත් ජේ.ආර්. ජයවර්ධන යුගයේදී ධාතුසේන රජතුමාගේ ආශ්චර්යයවත් යෝධ ඇළ අභාවයට යන්නට හැර ඒ වෙනුවට මහවැලි ජලය රජරටට ගෙන යන්නට ”අලූත් ජයගඟක්” නිර්මාණය කරනු ලැබීය. මෙය වූ කලි ධාතුසේන රජතුමා පමණක් නොව දේශීය විශ්වකර්ම වාපී ශිල්පයද සාහසික ලෙස විනාශ කර දැමීමකි. අදත් අපේ ඓතිහාසික උරුමය වූ යෝධ ඇළ කැලෑ ගත වී ජරාවාස වී අනවසරකරුවන් අල්ලාගෙන අභාවයට ගොස් ඇත.
නාගයා ශුද්ධ වස්තුවකි. මේ නිසා දෙවියන් නාගයාට ආරූඪ වී සිටිතැයි පැරණියෝ ඇදහූහ. මේ අනුව නාග වෙස් ගත් දෙවිවරු නිදාන, දේපොළ, වෙහෙර විහාර රැකීමේ යෙදී සිටිතියි විශ්වාස කරති. ජලය ද එබඳු මහාර්ඝ සම්පතකි. මේ නිසා ජලය රැකීමටද නාග සංකකේතය යොදාගෙන ඇත. පෙරදා වැවක් හැදු තැන නයි පෙණ සංකේතයක් යොදා ඇත්තේ එබැවිනි. තේරුමක් දැන හෝ නොදැන මහවැලියද අද සංකේතයට යොදාගෙන ඇත්තේ නයි පෙණයයි.

රජරැටියාගේ ජීවිතය රැකණේ ජලය නිසාය. මේ නිසා ජලය දේවත්වයෙන් සැලකූහ. ජලය අති පූජනීය වස්තුවක් ලෙස පිදුහ. ජලයට ගරු බුහුමන් දැක්වූහ. දැනට අම්පාර දිසාපති කාර්යාලයේ සුරක්ෂිතව තබා ඇති ”කොන්ඩු පට්ටමාන්” සෙල්ලිපිය මීට හොඳම උදාහරණයකි. සිරිසඟබෝ රජුගේ සහ දිවිගොන් රැජිනගේ පුත් දප්පුලූ රජු දස අණක් සහිත මෙම සෙල්ලිපිය සකස් කර ඇත. මෙයින් කියවෙන්නේ ජලය පරිහරණය කරන අන්දමයි. මෙහි තහංචි දහයක් පණවා ඇත. දියපත්තායම් තහංචිය, භූදිය තහාංචිය, මඩකලූ තහංචිය ආදී වශයෙන් තහංචි දහය හඳුන්වා ඇත. එයින් සනාථ වන්නේ එකලද මනා ජල කළමනාකරණයක් පැවැති බවයි. යෝධ ඇළ ඉදිකර ඇත්තේද ඒ තහංචි නොඉක්මවන අන්දමිනි.විශේෂයෙන් යෝධ ඇළේ පිටතට වතුර දෙන හැම හොරොව්වක්ම යොදා ඇත්තේ පතුලෙන් නොව පතුලට අඩි තුනක් පමණ ඉහළිනි. ඊට හේතු වී ඇත්තේ යෝධ ඇළ පතුලේ ජලයට ලවණ, ඛණිජ ආදිය මුහුවී තිබීමය. එවැනි ජලය පැළ ගොයමට හොඳ නැත. මේ නිසා හැකිතාක් උඩතින් අලූත් වතුර කුඹුරුවලට මුදා හැරීම සඳහා උඩහින් හොරොව් තබා ඇත. ජල කළමනාකරණය හා ජලයේ ගුණ අගුණ පිළිබඳ මනා අවබෝධයකින් යෝධ ඇළ නිර්මාණය කර ඇති බව පෙනේ.

මේ නිසා යෝධ ඇළ පැවැති තත්ත්වයෙන්ම පුනරුත්ථාපනය කිරීමෙන් යෝධ ඇළ පමණක් නොව යෝධ ඇළ හා බැඳී පවත්නා දේශීය වාරි ශිෂ්ටාචාරයද සංරක්ෂණය වේ.





සාකච්ඡා කළේ - එප්පාවල රත්න බී. ඒකනායක

ඕවාගිරියෙන් දුටුගැමුණු යුගයේ නටඹුන්

ඉඟිනියාගල ඓතිහාසික ඔවාගිරි විහාරයේ පුරාවිද්‍යා කැණීම්වලින් අටපට්ටම් හැඩයේ ස්ථුප මළුවක්, චෛත්‍යයේ යූපගල හා ඡත්‍ර තුනක්, දේවරූප වැනි මැටි රූප දෙකක් ද චෛත්‍යයේ ධාතු ගර්භයද සොයාගත් බව පුරාවිද්‍යා නිළධරයෝ කියති. ස්ථුප මළුවේ විශේෂත්වය වනුයේ බටහිර දෙසින් පිවිසුම් පඩි පෙළක් ඉදිකර තිබීමයි. දෙවැනි සියවසේ ඉදිකරන්නට ඇතැයි සැලකෙන මේ පුදබිමට දුටුගැමුණු රජුගේත ඔහුගේ සොහෝයුරු සද්ධාතිස්ස ගේ සම්බන්ධයක් ඇතැයි කියති. පුරා විද්‍යා පර්යේෂණ සහාකර ඕෂන් වෙදගේ මහතා කැණීම් බරව කටයුතු කරයි.














ලංකාදීප