සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

නව ලිපි

මේ දිනවල ලොව පුරා ජනපි‍්‍රය Honey Bunny

“අදහසක් ” කෙතරම් ප්‍රබල ද ? මෙකී අදහස, ප්‍රචාරක දැන්වීමක් හරහා, රූපවාහිනියෙන් විකාශය වීම, ඕපාදූපයකට තටු ලැබීමක් වැනිය. අද ලොව පුරා මිලියන ගණනක් මුමුනන “හනී බනී “(Honey Bunny) ද තටු ලැබුණු, ප්‍රබල අදහසකි. ඉන්දියාවේ මුල් පෙළේ ජංගම දුරකථන ජාල සමාගමක් වන “ආදිත්‍ය බිර්ලා සමාගම “ (Idea) නව ප්‍රචාරක දැන්වීම ලෙස, “හනී බනී ” එළි දුටුවා. ඒ ඉකුත් වසරේ දෙසැම්බර් 01 වැනිදා. රට පුරා, විවිධ ප්‍රාන්තයන් හි තම ජංගම දුරකථන සේවා ජාලය ව්‍යාප්ත කිරීම, “හනී බනී” දැන්වීම පසුපස සැඟවුණු අරමුණයි. Lowe Lintas දැන්වීම් ප්‍රචාරක ආයතනයට මෙම දැන්වීම නිර්මාණය කිරීම පැවරිණි. ගීතය සංගීතවත් කළේ, අමිත් ත්‍රිවේදි. “වේක් අප

පුරාණ කදුරුගොඩ (කන්තරෝඩෙයි) විහාරය, යාපනය...

පුරාවිද්යාුත්මක වශයෙන් යාපනය අර්ධද්වීපයේ පිහිටි වැදගත්ම ස්ථානය වන්නේ කන්තරෝඩෙයි හෙවත් පුරාණ කදුරුගොඩ විහාරය යි...මහනුවර යුගයේ ලියැවුණු විහාර හා පුදබිම් නාමාවලියක් වන ‘නම්පොත හෙවත් විහාර අස්නෙහි’ ‘කදුරුගොඩ විහාරය’ ලෙසින් මේ පුදබිම හැඳින්වේ...චුලෝදර මහෝදර රජවරුන්ගේ නොසන්සුන්තාවය සමනය කල බුදු රජාණන් වහන්සේ මෙම ස්ථානයේ වැඩ විසූ බව පැවසෙන අතර මෙම ස්‌ථානය රහතන් වහන්සේලා හැටනමකගේ භෂ්මාවශේෂ තැන්පත් කර ස්‌ථූප 60 ක්‌ තනා ඇති බව සඳහන් වේ... 1916 යාපනය දිසා විනිසුරු පෝල් ඊ. පීරිස්‌ මහතා විසින් ස්‌ථූප 57 සොයාගන්නා ලදී... ස්‌ථූප 60 න් 21 ක්‌ පැහැදිලිව දැක ගත හැකි අතර 36 ක පාදම් හඳුනාගෙන ඇත...වර්ෂ 1

'මියෙන ලොවක නොමියෙන මතකය...'

විජය කුමාරතුංගයන් දැයෙන් සමුගෙන වසර විසිපහක්‌ සපිරේ විජය කුමාරතුංග යනු ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර බිහිවූ අසාමාන්‍ය ගණයේ විරල චරිතයක්‌ සේ මම දකිමි. සීදුව වැනි වෙරළබඩ ගමක සාමාන්‍ය පවුලක උපත ලද විජයගේ ඉරණම් ගමන මේ රටේ ඉහළම ප්‍රභූවරුන්ගේ තිඹිරිගෙය සේ හැඳින්විය හැකි හොරගොල්ල වලව්ව තෙක්‌ දීර්ඝ එකක්‌ වී තිබුණි. සිංහල සිනමාවේ අහිංසකම පෙම්වතා ලෙස ජනප්‍රියත්වයේ කිරුළ හිමිකරගත් විජය එය බිම දමා කීර්තිමත් බණ්‌ඩාරනායක පවුලට සම්බන්ධවීම එක්‌ අතකින් සිනමා කතාන්තරයක්‌ තරමටම අද්භූත එකකි. එහෙත් එය සිදු විය. මේ රටේ අගමැතිවරුන් දෙදෙනකුගේ දියණියක්‌ මෙන්ම ප්‍රථම විධායක ජනාධිපතිනියද වූ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක

මහියංගණ මහා සැය

‘ මහියංගණං නාගදීපං කල්යායණං පද ලාංඤඡනං - දිවාගුහං දීඝවාපී චේතියංච මුතිංගණං - තිස්ස මහා විහාරංච බෝධිං මරිචවට්ටියං - සොණ්ණමාලී මහා චේතිං ථූපාරාම භයාගිරිං - ජේතවනං සේල චෙත්යංහ තථා කාචරගාම කං - ඒතේ සොළොසඨානානී අහං වන්දාමි සබ්බදා’ මෙම ගාථාවට අනුව සොළොස්මස්ථාන ලෙස හඳුන්වන්නේ 1. මහියංගණය 2. නාගදීපය 3. කැලණිය 4. ශ්රීගපාදස්ථානය 5. දිවාගුහාව 6. දීඝවාපිය 7. මුතියංගණය 8. තිස්ස මහා විහාරය 9. ශ්රීී මහා බෝධිය 10. මිරිසවැටිය 11. රුවන්වැලි මහා සෑය 12. ථූපාරාමය 13. අභයගිරි වෙහෙර 14. ජේතවනාරාමය 15. සේල චෛත්යව 16. කතරගම කිරිවෙහෙර ආදී වු පූජනීය ස්ථානයන් ය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවැනි වසරේදී

ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි

~~ ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි ~~ ආපසු යන්නට පාර කියනවද දැන් සමුගන්න ළඟයි ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි... යොදුන් ගණන් දුර ආවෙද පසුකර මල් මාවතක නොවේ ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ කල්ප කාලයක්‌ පෙරුම් පිරූවේ හෙට සමුගන්න නොවේ ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ ගායනය :- චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි පද රචනය :- හේසල ගුණතිලක තනුව :- ස්‌ටැන්ලි එම්. ප්‍රනාන්දු ආදරේ වැඩි වෙන්න වැඩිවෙන්න පෙම්වතුනට එකිනෙකා ගැන සැක සිතෙනවා. ඒ සැකයන්ගේ කිසිම ඇත්තක්‌ නෑ. ඒ බව ඔවුනොවුන් දන්නවා. ඒත් දෙදෙනාටම දෙදෙනා කෙරෙහි ඇති බැඳීම,

සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක්

සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක්. මේ කියන්න යන කතාව එහි අපි වැඩිය අහපු නැති පැත්තක් ගැන. සූරිය ගුණසේකර කියන්නේ සිගිරිය, රාවණ රජු ඇතුළුව ලංකාවේ සැඟවුණු ඉතිහාසය ගැන පරීක්ෂණ කරන කෙනෙක්. ඒ සම්බන්ධව පොත් ගණනාවකුත් රචනා කරල තියෙනවා. ඒ මහත්මය තරුණ කාලේ, ඒ කියන්නේ එකදාස් නවසිය හැට ගණන්වල සීගිරියට ගිහිල්ලා තියෙනවා තව තරුණ කණ්ඩායමක් එක්ක විශේෂ ගවේෂණයකට. එහිදී එයාලා දවල්ට කන්න ගිහිල්ලා තියෙනවා සිගිරිය පේන මානේ තියෙන පුංචි කටු මැටි ගෙදරකට. ඔය ගෙදර මිදුලේ හිටියලු වයසක සීයා කෙනෙක්. කෑම කාලා කට්ටිය එලියට ආපු වෙලේ මෙයාලා ඔය සීයා එක්ක කතාවට වැටිලා. එයා දැනගත්

වෙල්ගම් වෙහෙර...

ඒ වනවිට ඉකුත් සියවසෙන් අඩක් ගෙවී ගොසිනි. ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ වෙරළබඩ බොහෝ ගම් දනව්වල පදිංචිව සිටියෝ දෙමළ මිනිස්සුය. හෙළ රජදරුවන්ගේ ඉපැරැණි වැව් පිළිසකර කරගෙන ඒවාට දෙමළ නම් ගම් දමාගෙන සියල්ල ඔවුන්ගේ කරගෙන තිබිණි. කුච්චවේලියට ඔබ්බෙන් පිහිටි පෙරියකුලම් වැවත් ඒ අසබඩ තිබූ නාථනාර කෝවිලත් එවැන්නකි. එහෙත් පුරාවිද්‍යා අධිකාරි ආචාර්ය සෙනරත් පරණවිතාන මෙම නාථනාර කෝවිල පිහිටි වනගත බිම් පෙදෙසට ගොස් මහ කැලෑවේ රිංගුවේය. ගල් ලෙන් සෙල් ලිපි සොයද්දී ඔහුට කියවන්නට ලැබුණු සෙල් ලිපිවලින් ඇතැම් ඒවා දෙමළ ය. තවත් ඒවා සිංහල ය. මේ හැම සෙල් ලිපියකින් ම වෙල්ගම් වෙහෙර යන වචන දෙක කියවන්නට ඔහුට හැකි වූයෙන් මේ