සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

නව ලිපි

අනෙකෙකුගේ ආදරයට හැම විටම ගරු කරන්න

දුප්පත් පිරිමි ළමයෙක් ගොඩක් පොහොසත් ගෑණු ළමයෙකුට ආදරය කලා.එක් දවසක් ගෑණු ළමයාව මුනගැසුනු පිරිමි ළමයා තමන් ගේ හිතේ තිබුනු ආදරය ගෑණු ළමයාට ප්‍රකාශ කලා. ගෑණු ළමයාට ගොඩක් තරහා ගියා "ඔයාට පිස්සුද? ඔයා මාසෙකට හොයන සල්ලි මගේ දවසේ වියදමටත් මට මදි...මම මොකටද ඔයාට ආදරේ කරන්නේ? ඔයා මගේ ගැන එහෙම හිතුවෙවත් කොහොමද? මම කවදාවත් ඔයාට ආදරේ කරන්නේ නෑ,ඔයා මාව අමතක කරලා ඔයාට ගැලපෙන විදියේ කෙල්ලෙක්ව හොයා ගන්න" කියලා එයා පිරිමි ළමයට බොහෝම තදින් කිව්වා.නමුත් පිරිමි ළමයට ඇයව එහෙම ලේසියෙන් අමතක කරන්න පුලුවන් උනේ නෑ.වසර 10කට පස්සේ දවසක් මේ පිරිමි ළමයයි අර ගෑණු ළමයයි සාප්පු සංකීර්ණයකදී මුහුනට මුහුන මුන ගැසුනා."මේ ඔ

ඉහළන කුඩ මත මුතු සේ විසිරෙන කඳුළු වැස්ස..

විටෙක පෙම්වතුන්ගේ කඳුළෙන් මහා සාගරය පිරී යයි. පෙම්වතුන් ගේ සුසුම් මහා කුණාටු සේ හමායයි. විරහ විරහනීන් ගේ හදවතින් නැඟෙන වේදනාවෝ ගංගාවන් සේ ගලා යති. මේ සියල්ල කාලය උපදවන්නේ රසයකි. සැබැවින් ම කලාකරුවා වූ කුලී ශෝකය ද රසයක් බවට පත් කරගන්නෙකි. පරාජිත ප්‍රේමය රසයක් බවට පත්වන්නා වූ ගේය පද රචනා නිරන්තරයෙන් හමුවෙයි. ඒ අතර අපූර්වත්වයෙන් යුතු මනරම් පබැඳුම් ඉඳහිට මුණගැසෙයි. ලූෂන් බුලත්සිංහලයන් විසින් පබඳින ලද රෝහණ වීරසිංහයන්ගේ මනරම් තනු නිර්මාණයෙන් ගායනයෙන් ද සුපෝෂිත වූ ‘මුතුකුඩ ඉහළන’ නැමැති පබැඳුම අතිශයින් සුවිශේෂ වූ විරහ ගීයක් ලෙස අවිවාදයෙන් නම් කළ හැකිය. මක්නිසා ද මනරම් සංගීතයට මුසු වූ සුමියුරු කාව්‍

~ කිසිලෙසකින් හෝ වටහා දෙනු බෑ සෙනෙහස හිමිකමකි ~

මා හිස පිරිමැද නැවත නොඑන්නට ඔබ වෙන්වී ගියදා සටහන් නැත මැකිලා ඒ නික්‌මන් ගමනේ...// මගෙ ජිවිතයම ඔබෙන් සැදුණු බව එදිනයි මට දැනුනේ එතරම් අසරණ වී නෑ කිසිදින තනිවී... කිසිලෙසකින් හෝ වටහා දෙනු බෑ සෙනෙහස හිමිකමකී ඒ හිමිකම හැඟුනේ ඔබ යළි ආ දිනයේ... ගායනය :- ඉන්ද්‍රාණි බෝගොඩ පද රචනය :- දයා ද අල්විස්‌ සංගීතය :- චන්ද්‍රදාස බෝගොඩ ආදරය... වෛරයකට හැරෙන්න ගත වෙන්නේ ඉතාමත්ම සුළු වෙලාවයි. ක්‍ෂණයකින් ඒ වෙනස සිදුවෙන්න පුලුවන් මේ දෙක අතර වෙනස කෙස්‌ ගසකට සමානයි කියලනේ කියන්නේ. ආදරය වෛරයක්‌ බවට පෙරළෙන්නේ හැරයාමත් සමගින්. ඒත් හැම වෙන්වීමක්‌ම වෛරයකින් කෙළවර වෙන්නෙත් නැහැ. මා හිස පිරිමැද නැ

හුදකලාව...

කොහේ හරි නිදහස් තැනක නිවී සැනහිල්ලේ ඈත බලාගෙන සිටීම, එ කියන්නේ සමාජයෙන් ඈත් වී තනිව සිටීම හුදකලාව කියල කිව්වත්, සාමාන්‍ය ජීවිතේදී අපි නිතරම හුදකලා වෙනවා. නිදසුන් - ගෙදර කට්ටිය ඔක්කොමල පිටව ගියට පස්සේ පාලුවෙන් කල් ගෙවීම, දන්නේ නැති ප්‍රදේශයකට යාම ආදී ගොඩක් දෙවල් හුදකලාව කියන එකට බැදෙනවා, එකතුවෙනවා... ඒ කියන්නේ හුදකලාව කියන එක පොඩ්ඩක් හොයල බැලුවොත්, එක අපිත් එක්කම බැදී අපි තුලින්ම එන සිතුවිල්ලක්, සිතුවිලි ගොන්නක්. කරන්න කිසිම වැඩක් නැතිවෙලා කම්මැලි කමේ වාඩිඋනහම ඒ සිතුවිලි අතර ගෙවන හැම තප්පරයක්ම අපි හුදකලාවෙන් ගතවෙනවා. ඒවා කොච්චර මිහිරි උනත් අමිහිරි උනත් එක රසවිදින්නට හිතට නැගෙන්නේ ලොකු අසාව