
සීය මොකෝ මේ ගේට්ටුව ලඟ..
අහ් දන්නැද්ද පුතේ මේ නිකං බලං ඉන්නව ගම දිහා..
ගම දිහා ? ( එතැනට පෙනෙන දර්ශනය දිහා මමම වටයක් කැරකී බලුවෙමි.. ඒහෙත් ඒ සිටි ස්ථානයට පෙනෙනුයේ ගමේ ඉතා කුඩා කොටසකි ! එද ඉස්සරහා ගෙවල් කිහිපය පමණි )
මේ මුකුත් පෙන්නෙ නෑනෙ සීයෙ.. !
අනේ අනේ දරුවො ඇයි නැත්තෙ... මට නම් පේනව...
අනේ මන්ද සීයෙ සීය කියන දේවල් මට නම් තේරෙන්නෙ නෑ
ඇයි දරුවො කෝ මෙතැන්ට වරෙන්.. දැන් නිස්සද්දව අහන් ඉදහන්... මොනවද ඇහෙන්නෙ..
ම් මුකුත් නෑනෙ සීයෙ..
තොගෙ වයස කීයද කන් ඇහෙන්නෙ නැති වෙන්න.. එක අතකට අද වැරැද්දත් ඒක තමා උඹලට මෙවුව ඇහෙන්නෙ නැති එක.. මට මෙතන ඉදන් ගම පේනවා..
අහපන් පංසලේ පීකරේ එන කවි