සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

නව ලිපි

වැලි මල්ලක් එල්ලා විදුලි බලය සපයන නව ක‍්‍රමයක්! ගුරුත්වාලෝකයෙක් දැල්වෙන පහනක්!

විදුලි බල ජාලවට සම්බන්ධව නැති, මෙතෙක් විදුලි බලය නොලැබුණු බිලියන 1.5ක ජනතාවට විදුලි බලය ලබා දිය හැකි ක‍්‍රමයක් දැන් සොයා ගෙන තියෙනවා. ඒ විදුලිය අපට ලැබෙන්නේ ජලයෙන්, ගල් අඟුරු වැනි වෙනත් ඉන්ධනයක් භාවිතයෙන් නොවෙයි. ඒ සැපයෙන්නේ මහ පොළොවේ ඇති ගුරුත්වබලයෙන්.

එය ඔවුන් හඳුන්වන්නේ ගුරුත්වාලෝකය (GravityLight) කියලයි. මෙය ඉපැදවෙන්නේ ගුරුත්ව ශක්තියෙන්. ඒ අනුව ඔවුන් නිපදවා ඇති ගුරුත්ව පහන දැල්වෙන්නේ රැුහැනකින් එල්ලූ වැලි මල්ලකින්. මේ වැලි මල්ල ඩයිනමෝ යාන්ත‍්‍රණයෙන් ක‍්‍රම ක‍්‍රමයෙන් ඉහළට එස වීමේදී ඇති වන ගුරුත්වාකර්ෂණ ශක්තියෙන් එල්ඊඞී (LED) බල්බයක් දැල් වීමට ප‍්‍රමාණවත් විදුලිය ලබා ගත හැකි බව ඒ නිෂ්පාදන සමාගම කියනවා. මෙසේ වැලි මල්ලක් තත්පර තුනක් එසවීමෙන් එල්ඊඞී බල්බයක් තත්පර 30ක් පුරා දැල්වීමට හැකි යැයි ඔවුන් ගිය සතියේ එංගලන්තයේ පුවත්පත්වලට කීවා.

දැනට මෙම විදුලිය ප‍්‍රයෝජනවත් විය හැක්කේ ප‍්‍රධාන විදුලි ජාලවල පහසුකම් නැති අයටයි. විදුලි බල ජාලවලින් ඈත්ව දුර බැහැර ප‍්‍රදේශවලට මෙය අතිශයින් ප‍්‍රයෝජනවත් නෙවා. ඒ අනුව ආරම්භයක් හැටියට ඉන්දියාවේ හා අපි‍්‍රකාවේ අන්ත දිළිඳු ජනතාව 1000කට මේ පහන් නොමිලයේ ලබා දීමට එම නිෂ්පාදන ආයනතය බලාපොරොත්තු වෙනවා.


ගුරුත්වාලෝකය යන අරුත් ඇති ග්රැවිටිලයිට් (GravityLight) නම් මෙම පහන දල්විය හැක්කේ වැලි, ගල් බොරලූ ආදී වැඩි බරින් යුත් පාෂාණ ඇතුළත් මල්ලක් එල්ලා තැබීමෙනුයි.


ලන්ඩනයේ සිටින මේ ගුරුත්ව පහනේ නිර්මාතෘන් වන මාටින් රිඩිෆෝඞ් දෙදෙනා වසර හතරක් මෙය නිම කිරීමෙහි වෙහෙසුණා.

හිරු බැස ගිය පසු ආලෝකය සඳහා භූමිතෙල්, ජීව වායුව වැනි ඉන්ධන යොදා ගන්නා අයට මේ ක‍්‍රමය ලොකු පහසුවක් වේවි. ලාම්පුතෙල් කුප්පි පෙරළී ගිනි ගැනීමේ අවදානමක් හෝ සෞඛ්‍යයට අහිතකර තත්වයක් මෙවැනි ගුරුත්ව පහනකින් ඇති වන්නේ නැහැ. එසේ ම සූර්යකෝෂ මෙන් ම පරිසරයට හානියක් නැතිව භාවිත කළ හැකි විදුලි බලශක්තියක ලෙස මෙය හැඳින්විය හැකියි.

ලෝකයට හඳුන්වා දුන් මුල්ම අතේ ගෙන යා හැකි පරිගණකය වූ සයිඔන් (Psion) අත් පරිගණක සඳහා ආරක්ෂක ආවරණය නිපදවූයේත් මේ ආයතනයයි.



වැලි මල්ලක් තත්පර තුනක් එල්ලා තැබීමෙන් පැය භාගයක් තිස්සේ LED බල්බයක් දැල්විය හැකියි.


මේ ගුරුත්ව පහන් 1000ක ඉන්දියාවේ සහ අපි‍්‍රකාවේ දිළිඳු ජනයා අතරේ බෙදා දීමට නියමිතයි. මේ සමග ඇත්තේ ඒ පහන සහ වැලි නොපිරවූ මල්ලක්.


ගුරුත්ව පහනකින් ආලෝකය විහිදෙන අන්දම.


ලෝක බැංකුව කියන විදියට දුම් ආඝ‍්‍රාණයෙන් ලොව පුරා පීඩා විඳින කාන්තාවන් හා ළමයින්ගේ ගණන මිලියන 780කට වැඩියි. එහි තරම දිනපතා එක් අයකු සිගරැට් පැකට්ටු දෙකක් උරනවා හා සමානයි. ඒ නිසයි, සංවර්ධනය වෙමනි පවතින රටවල වැඩිහිටි කාන්තාවන් අතරින් සියයට 60ක් පෙණහලූ පිළකාවලින් පෙළෙන්නේ. ඒ අය දුම්බොන අය නෙවෙයි.

එසේ ම මේ දුම් නිසා ඇස්වල ආසාදනයන් හා තිමිරය වැනි රෝග තත්වයන් නිසා වගේ ම පිළිස්සීම් නිසාත් විශාල පිරිසක් පීඩා විඳිනවා. ඉන්දියාවේ විතරක් වසරකට මිලියන 2.5කට වැඩි පිරිසක් කුප්පි ලාම්පු පෙරළීම හේතුවෙන් දරුණු ලෙස පිළිස්සීමට ලක් වෙනවා.

ඒ වගේ ම භූමිතෙල් භාවිතය දරන්නට බැරි තරම් වියදම් අධික ක‍්‍රමයක් වී තියෙනව. ඒ සඳහා ගෙදරදොර වියදමෙන් සියයට 10ත් 20ත් අතර ප‍්‍රමාණයක් වැය වෙනවා.


මේ නව විදුලිය උපකරණයේ නිර්මාපකයන් පිරිස: (වමේ සිට දකුණට) පැට්රික් හන්ට්, මාටින් රිඩිෆෝඞ්, මාරියෝ සිකුවේරා හා ජිම් රීව්ස්. ඔවුන් කියන්නේ තාක්ෂණයේ වේගවත් දියුණුව නිසා අඩු බලයෙන් කි‍්‍රයා කරන උපකරණ රැසක් නිපදවීමට හැකි වී ඇති බවයි.



මේ උපකරණයෙන් පුළුවන් වෙනත් කුඩා බල්බයක් වුනත් දල්වන්න, ගුවන්විදුලියක් කි‍්‍රයාත්මක කිරීමට යොදා ගන්න, ඒ වගේ ම කුඩා බැටරි ආරෝපණය කරන්න.

උපුටා ගැනීම මල් කැකුළු

කර්මයට අනුව පුද්ගලයා වෙනස් වන අයුරු....



බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩසිටින කල්හි බුදු රජාණන් වහන්සේ වෙත පැමිණි සුබ මානවකයා උන්වහන්සේ අමතා.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයෙහි අඩු ආයුෂ ඇත්තෝ වෙති. වැඩි ආයුෂ ඇත්තෝ වෙති. බොහෝ ආබාධ ඇත්තෝ වෙති. ලෙඩ රෝග ඇත්තෝ වෙති. විරූපී ඇත්තෝ ද වෙති. රූප සම්පත් ඇත්තෝ ද වෙති. මහත් පිරිවර ඇත්තෝ ද වෙති. මහත් පිරිවර නැත්තෝ ද වෙති. වස්තු සම්පත් ඇත්තෝ ද වස්තු සම්පත් නැත්තෝ ද වෙති. පහත් කුල ඇත්තෝ ද, අඥානයෝ ද වෙති. මේ අයුරින් සත්ත්වයාගේ උස් පහත් භේදයට හේතුව නම් කුමක්ද?

එවිට බුදු රජාණන් වහන්සේ විසින් කර්මයම සත්ත්වයාගේ උස් පහත් බවට හේතු වන්නේ යැයි දක්වමින් කර්මය අනුව සත්ත්වයා ආකාර දහ හතරකට බෙදා වඳාළ සේක.

සත්ත්වයා ආයුෂ අඩුවෙන් උපත ලබන්නට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රීයක් හෝ පුරුෂයෙක් කිසිදු අනුකම්පාවක් දයාවක් නැතිව සත්ත්ව ඝාතනය සිදු කරන්නේ ද හෙතෙම ඒ අකුසල කර්මයේ බලයෙන් මරණින් මතු අපායෙහි උපදින්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණිය ද අඩු ආයුෂ ඇත්තෙක් වන්නේය.

සත්ත්වයා දීර්ඝායුෂ ලැබීමට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් සත්ත්ව ඝාතනයෙන් වළකින්නේ ද, සියලු සතුන් කෙරෙහි දයාව අනුකම්පාව දක්වයි ද ඒ තැනැත්තා ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණියෙහි නම් උපදින උපදින සෑම භවයක දීම දීර්ඝායුෂ ඇත්තෙක් වන්නේය.

සත්ත්වයා බොහෝ ලෙඩ රෝග ඇත්තෙක් වීමට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අතින් පයින් හෝ දඩු මුගුරු වලින් හෝ ආයුධ වලින් හෝ සත්ත්වයන්ට හිංසා පීඩා කරන්නේ ද හෙතෙම අකුසල කර්මය බලයෙන් අපායෙහි උපත ලබා දුක් විඳින්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණියහොත් උපදින උපදින භවයක් පාසා බොහෝ ලෙඩ රෝග ඇත්තෙක් වන්නේය.

සත්ත්වයා නිරෝගී වීමට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අතින් පයින් හෝ දඩු මුගුරු වලින් හෝ ආයුධ වලින් හෝ සත්ත්වයන්ට හිංසා පීඩා නොකරන්නේ ද ඒ තැනැත්තා ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දෙව්ලොව උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණියේ ද උප නුපන් භවයන්හි නීරෝගි වූවෙක් වන්නේය.

සත්ත්වයා දුර්වර්ණ වීමට හේතුව

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ක්‍රෝධ කරන්නේ වේද, බලවත් සිත් තැවුලෙන් පෙලෙන්නේ වේද, සුළු වරදක් පෙන්වා දුන් විට පවා කිපෙන්නේ වේද, තරහව උපදවන්නේ ද, කෝපය, ද්වේශය, නොසතුටු බව ප්‍රකාශ කරන්නේ වේද ඒ තැනැත්තා ඒ අකුසල කර්මයෙහි බලයෙන් මරණින් මතු අපායෙහි උපදින්නේය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයෙහි උපදින්නේ නම් උපදින උපදින භවයක් පාසා විරූප වූයේ වෙති.

සත්ත්වයා ලස්සන වීමට හේතුව

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ක්‍රෝධ නොකරන්නේ වේද, සිත් තැවුලෙන් යුක්ත නො වන්නේද, වරද පෙන්වා දුන් විට නො කිපෙන්නේ වේද, කෝපය, ද්වේශය, නොසතුට බව ප්‍රකාශ නො කරන්නේ වේද හෙතෙම ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දෙව්ලොව උපත ලබන්නේ ය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණියේ නම් උපදින උපදින භවයක් පාසා ලස්සන වන්නේය. රූප සම්පත්තියෙන් යුක්ත වන්නේය.

සත්ත්වයා අල්පේ ශාක්‍ය වීමට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඊර්ෂ්‍යා කරන්නේ වේද, අන්‍යයන්ගේ ලාභ සත්කාර, ගරු කිරීම්, වැදීම්, පිදීම් ආදීන් හි ඊර්ෂ්‍යා කරන්නේ වේද හෙතෙම ඒ අකුසල කර්මයේ බලයෙන් අපායෙහි උපදින්නේය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයට පැමිණියේ නම් උපදින උපදින භවයක් පාසා අල්පේ ශාක්‍ය වන්නේය. පිරිවර ජනයා නොමැත්තෙක් වන්නේය.

සත්ත්වයා මහේ ශාක්‍ය වීමට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඊර්ෂ්‍යා නොකරන්නේ වේද, එසේම අනුන්ගේ ලාභ සත්කාර, ගරු සත්කාර, වැඳීම් පිදීම්, ආදීන්හි ඊර්ෂ්‍යා නොකරන්නේ වේද හෙතෙම ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයට පැමිණියේ නම් උපදින භවයක් භවයක් පාසා මහේ ශාක්‍ය වන්නේය. බොහෝ පිරිවර ඇත්තෙක් ද වන්නේය.

සත්ත්වයා මහා භෝග සම්පත් ඇත්තෙක් ව උපත ලබන්නට හේතු

මානවකය,මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මහණ බමුණන්ට දස දාන වස්තුවෙන් සංග්‍රහ කරන්නේ වේද ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපත ලබන්නේය. යම් හෙයකින් හෙතෙම මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවේ නම් උපනුපන් හැම භවයකදීම මහා භෝග සම්පත් ඇත්තෙක් වන්නේය. බොහෝ ධනයෙන් යුක්ත වූවෙක් වන්නේය.

සත්ත්වයා අඥාන වීමට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මහණ බමුණන් වෙත පැමිණ ස්වාමීනි, කුසල් නම් කවරේද? අකුසල් නම් කවරේද? නිවැරදි දේ කවරේද? ඇසුරු කළ යුතු නොකළ යුතු අය කවරේද? මා හට බොහෝ කාලයක් හිත සුව පිණිස කළ යුතු දෑ කවරේද? ආදී වශයෙන් නොඅසන්නේ නම් හෙතෙම ඒ අකුසල කර්මයේ විපාකයෙන් මරණින් මතු දුගතියෙහි උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයකට පැමිණියේ නම් භවයක් භවයක් පාසා අඥානයෙක්ම වන්නේය. මෝඩ පුද්ගලයෙක් වන්නේය.

සත්ත්වයා ප්‍රඥාාවන්ත වීමට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මහණ බමුණන් වෙත පැමිණ ස්වාමීනි , කුසල් නම් කවරේද? අකුසල් නම් කවරේද? නිවැරදි දේ කවරේද? ඇසුරු කළ යුතු නොකළ යුතු අය කවරේද? මා හට බොහෝ කාලයක් හිත සුව පිණිස කළ යුතු දෑ කවරේද? ආදී වශයෙන් අසන්නේ නම් හෙතෙම ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භවයකට පැමිණියේ නම් උපදින භවයක් භවයක් පාසා ප්‍රඥාවන්තයෙක්ම වන්නේය.

චුල්ල කම්ම විභංග සුත්‍රය - මඡ්ඣිම නිකාය 

කලාවැවේ කුවේණි කෝවිල




ඒ 1967 වර්ෂයයි. ගලේවෙල විදුහලේ මා සමග සේවය කළ ජයතිලක සමග කලාවැව බස් රියේ නැග ඒ අඩවියේ පැරණි තොරතුරු සොයා ගිය දිනය මට තවම මතකය. ජයතිලක කලින් මේ ප‍්‍රදේශයේ සේවය කර ඇවිද පළපුරුදු අයෙකි. පළමුව විජිතපුරයෙන් බැස එහි තොරතුරු සොයා බලා ඉන්පසු අව්කන ගොස් අව්කන පිළිමය බලා ආපසු නවාතැනට එනවිට දහවල් එකොළහ පමණ විය.මුළු පරිසරයම ගිනියම් අව්වෙන් පිළිස්සෙයි. කලා වැවේ වැව් බැම්ම දිගේ වාහන ඇදෙන විට වැව් දිය තෙමා ගත් සුළඟ වැදී ගත සිත නිවෙයි. සාගරයක් බඳු කලා වැවේ ජලය පිසගෙන එන සුළඟ සිරුරේ වෙහෙස උරා ගනියි.
වැව් බැම්ම වටා උස්ව රූස්ස ලෙස වැඩුණු ගහකොළ යට ඇති හෙවණ ගිනි ගහන මද්දහන වෙලාවට අපමණ සුවයක් ලබාදෙයි. අපි කලා වැව බැම්මේ සිසිල් ගස් සෙවණක් යට ඉඳගෙන වැව දෙස බලා සිටියෙමු. ජයතිලක කතාවට මුලපුරයි.

කලාවැව කිව්වට ඇත්තට මෙතැන වැව් දෙකක් තියෙනවා. ධාතුසේන රජ්ජුරුවෝ කරපු කලා වැවයි ඒ යාවම තියෙන බළලූ වැවයි. වැව් දෙකක් නැත්නම් කීපයක් එකට කරලා හදන එක ”බද්ධ වැව්” කියලා හඳුන්වනවා. වැව් දෙකක් එකතු කළාම ”ජෝඩු වැව්” කියනවා. පූජාවලිය කියන පොතේ මේ වැව හඳුන්වන්නේ කලා බළලූ වැව කියලා. වැව් දෙක වෙන්වෙන තැන පුංචි බිම් තීරුවක් දුපතක් වගේ තියෙනවා. පේනවද?

අපි කලා වැව දෙස බැලූවෙමු. මුස්ලිම් ධීවර පිරිසක් මාළු අල්ලා ගත් ඔරු කීපයක් ගොඩට එති. ධාතුසේන රජ්ජුරුවෝ කරපු අන්තිම ඉල්ලීම තමා කලා වැවේ නාන්න ඉඩ දුන්නොත් තමා සඟවාගෙන ඉන්න වස්තුව පෙන්නනවා කියලා. නාන්න ඉස්සර ධතුසේන රජ්ජුරුවෝ විජිතපුර විහාරයට ගොස් තමන්ගේ නෑදෑවන හාමුදුරු නමකගෙන් බණ අහලා තමා කරපු කලා වැවට බැහැලා හොඳ හැටි දිය නාලා මා සතු එකම වස්තුව මෙපමණයි කියලා කලා වැවේ දිය දෝතක් අරන් කාශ්‍යපට පෙන්නුවාලූ. කාශ්‍යප කුමාරයා තදින් තරහ ගිහින් ධාතුසේන පිය රජ්ජුරුවෝ පණපිටින් බිත්තියකට තියලා මැටි ගහලා මරන්න නියම කළායි කියැවෙන්නේ.

ඒකත් ධාතුසේන රජ්ජුරුවන්ට බලපාපු කර්ම විපාකයක් කියල කියනවා. කලාවැව බඳිද්දී එතැන භාවනායෝගීව හිටපු හිමි නමක් පස් කන්දට යට කරලා මැරෙව්වාලූ. ධාතුසේන රජ්ජුරුවන්ට පළදුන්නේ ඒකෙ විපාකෙලූ.
මේ වැව බාරව හිටපු මුරකාරයා වැවට පැනලා මැරිලා යකෙක් වෙලා ඉපදිලා ඉන්න කතාවක් තියෙනවා නේද? මම විමසුවෙමි.
ඔව් බිරිඳත් එක්ක අමනාප වෙච්ච මිනිහෙක් කාලයක් වනාන්තර ගතවෙලා සත්තුත් එක්ක ගැවසුණා. මේ පණිවිඩය වැද්දෙක් රජ්ජුරුවන්ට දැන්නුවා. ධාතුසේන රජ්ජුරුවෝ මේ මනුස්සයා කොටුකර අල්ලා ගත්තා. වනාන්තරයේ විස්තර අහලා. ස්වභාවික තැනිතලාවක ජල කඳක් රැඳිලා තියෙන බව ඔහු රජ්ජුරුවන්ට පෙන්වා දුන්නා. මේ ස්වභාවික ජලතලාව විශාල කර බැඳලා තමා කලාවැව හැදුවේ. රජ්ජුරුවෝ ඒ මනුස්සයාටම වැව බලාගන්න රාජකාරියත් පැවරුවා. විශේෂයෙන් ගංවතුර වෙලාවේ වැඩි වතුර පිටවෙන එක හෝදිසි කරන්න වැව් බැම්මේ උපකරණයක් හයිකරල තිබුණා. දවසක් අන්ධ හාමුදුරු නමක් වැව් බැම්ම දිගේ යනවිට හැරමිටිය වැදිලා වර්ෂා මාපක යන්ත‍්‍රය බිඳුණා. එදා රෑ වර්ෂාව වැඩිවෙලා වැව් බැම්ම කැඞී ගියා.
තම වැරැද්දෙන් වැව් බැම්ම බිඳුණු බව දැනගෙන අර මුරකාරයා වැවේ දිය කඳට පැනලා දිවි නසා ගත්තා. අද වැව ආරක්ෂා කරන කඩවර දෙවියෝ වෙලා ඉන්නේ ඒ වැව බලා ගත්තු මුරකාරයා.
කලා වැවට අධිපති පනම්බණ්ඩාර කියලා දෙවි කෙනකුත් ඉන්නවා නේද? යි මම ඇසීමි.

ඔව්... කලා වැවේ අඩවියේ පනම්බණ්ඩාර දෙවියෝ අදහනවා. රාත‍්‍රි කාලයේ පනම්බණ්ඩාර දෙවියෝ සුදු අශ්වයා පිට නැගලා කලා වැව දිගේ යනවා. මේ පැත්තේ අය අවුරුද්දකට සැරයක් පනම්බණ්ඩාර දෙවියන්ට දානයක් දෙනවා. දානය බෙදන්නේ නෙළුම් කොළවල.
වතුර අඩුවුණාම කලාවැව බළලූ වැව හොඳට වෙන් වෙලා පේනවා. ඉස්සර මේ වැව් දෙක අතර බිම් තීරුවේ කුවේණිට කැපවුණු කෝවිලක් තිබිලා තියෙනවා. කුවේණි කෝවිලේ බලපෑම ගුප්තය. බලය තාම තියෙනවා.
ඒ කීවේ? මම විමසුවෙමි
අවුරුද්දකට සැරයක් නොවරද්දාම කුවේණි කෝවිලට බිල්ලක් ගන්නවා. සමහර වෙලාවට බිල්ලට ගත්තු අයගේ මිනිය හොයා ගන්නත් අමාරුයි.
මේ ළඟදී සිද්ධ වුණු කතාවක් මම කියන්නම්. ඈත පළාතක ඉඳලා පෝසත් පවුලක් වන්දනාවේ ආවා. තරුණ සැමියයි බිරිඳයි පුංචි දරුවකුයි කාර් එක පාර අද්දර නවත්තලා කෑම බීම අරගෙන මේ බිම් තීරුවට ඒ අය ආවා. තද අව්ව වෙලාවේ ගස් යට ගොම්මනේ ඒ අය ඉටි රෙද්දක් එළාගෙන කෑම කෑවා. දරුවා මැද්දෙන් හාන්සි වුණා. තරුණ ජෝඩුවටත් සුළෙඟ් සනීපයට නින්ද ගියා. පැයක් පමණ නින්දේ හිටපු ගැහැණු කෙනා අවදි වෙලා බැලූවා. සැමියා නිදි දරුවා නෑ. වාහනයටත් ගිහින් බැලූවා. දරුවා වාහනයෙත් නෑ. වටපිට හොයලා දරුවා නැතිව ඒ අය විලාප දුන්නා. ළඟපාත අය ඇවිත් හෝදිසි කරන කොට දරුවගේ මළ සිරුර වැවේ වතුර යට. පැය ගණනක් මහන්සිවෙලයි ගොඩ ගත්තේ. කුවේණි කෝවිල ළඟ බිලිගන්න බව ඒ අය දැන සිටියේ නෑ. ජයතිලක කීවේය.

ජයතිලකගේ කතාවෙන් මගේ හිත දැඩි ලෙස සසල විය.



වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.කේ. ජයවර්ධන

මට ඔයා මගේ පණ වගේ



""ඔයා මගේ පණ වාගෙලු
මට දරා ගන්න බැරි ඒකලු""

තමන්ගේ පණට ආදරය නොකරන කෙනෙක්‌ මේ මිහිපිට ඇත්ද නැහැ. ඕනෑම කෙනෙක්‌ට තම ප්‍රාණය වටිනවා සිය දිවි නසාගන්නා කෙනෙක්‌ වුණත් අන්තිම තත්ත්පරයේදී උත්සාහ කරන්නේ ජීවත්වෙන්න කෙනෙක්‌ වෙනුවෙන් අපි පණ වුණත් දෙන්නම් කියන්නේ. ඒ පුද්ගලයා වටිනා කෙනෙක්‌ නිසයි.

පෙම්වතුන් අතර මේ වාක්‍යය හරිම ජනප්‍රියයි. "ඔයා මගේ පණ වාගේ" පෙම්වතා පෙම්වතියටත්, පෙම්වතිය පෙම්වතාටත් කියන්නේ දෙදෙනාට දෙදෙනා ඒ තරමටම වටිනා නිසයි. "ඔයාට මං පණ වගේ ආදරෙයි...." කියලත් කියනවා.

මට ඔයා මගේ පණ වගේ
ළඟ නැතත් මගේ ළඟ වගේ
හිත පුරා රැඳි සෙනෙහසින්
ඔබ මවෙත පිදූ දේ... ආදරේ....

ළං වෙලා නොහිටියත්.... මට දැනෙන්නේ ඔයා මගේ ළඟ ඉන්නවා වගේ... හරියට ඔයා මගේ පණ වගේ.... මං දන්නවා... ඔයා ඔයාගේ මුළු හදවතින්ම ඉපදුන ආදරේ.. මට පුදකළා... සමහර විට මම ඔයාට ඒ වගේ ආදරයක්‌ පෙන්නුවද.... දන්නේ නැහැ.... ඒත්... සැබෑ ආදරය ඔයා මට පුද කළා...

මේ ගීය ගයන්නේ දිලුම් පීරිස්‌ සහ සමීර වීරවර්ණ සංගීතයත් ඒ දෙන්නගෙමයි. පද රචනා කළේ සමීර වීරවර්ණ. ශබ්ද සංයෝජනයෙන් රංග දසනායක දායක වී සිsටිනවා.

මේ ගීය මතුපිටින් බොළඳ වචන පෙළක්‌ ලෙස පෙනුනත් එහි සැඟවුණු ගැඹුරු අරුතක්‌ තිබෙන බව හැඟෙනවා. ඒ ගැන පදරචකයා දක්‌වන්නේ මෙවන් අදහසක්‌...

පද මාලාව සරල විය යුතුයි යන්න මම හුඟාක්‌ විශ්වාස කළා. ඒ වගේම නිවැරැදි තේරුමක්‌ තිබිය යුතුයි. "ගීයෙන් කළ යුතු දේ පදමාලාවෙන් සිදු වූ බව මට විශ්වාසයි..." "මට ඔයා මගේ පණ වගේ...." කියන වචන ටික නිසාම මේ ගීය හුඟක්‌ ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. මේක ආදරවන්තයින් බොහෝ දෙනෙක්‌ ආදරය

කරන වචන පෙළක්‌...

ඔයා මගේ පණ වාගෙලු
මට දරා ගන්න බැරි ඒකලු
හිනාවෙන්නෙ සඳ වාගෙලු
මට බලා ඉන්න බැරි ඒකලු
සඳ හොරා ගත්තෙ එක රෑකලු
මට හිතාගන්න බැරි වෙන්නලු
මට නිදාගන්න බැරි ඒකලු...

ඔයා මගේ පණ වගේ ඇය නිතරම ඔහුට කියනවා... ඔහුට දරාගන්න බෑ... ඇගේ ඒ වදන් මතක්‌වෙද්දී ඇගේ සිනහව... ඔහු උපමා කරන්නේ සඳට. සඳ දකිද්දී ඔහුට ඇය මතක්‌ වෙනවා.... ඒත් දැන් එය වෙනස්‌ වෙලා. වෙනදා දකින ආදරවන්තිය නොවේ. ඔහුට විතරක්‌ ආලෝකය දුන් සඳ... දැන් තවත් කෙනෙකුගේ ජීවිතය එළිය කරන්න පටන් අරන්.. එක්‌තරා රෑක ඒ සඳවතිය. තවකෙකු හොරාගෙන..... ඔහුට හිතාගන්නත් බෑ.... වෙන සම්බන්ධයක්‌ ඇයට තිබුණද දැන් මේ පෙම්වතාට හරිහැටි නින්දක්‌ නෑ. ඇගේ ආදරය ගැන හිතනවා.

දිලුම් සහ සමීර දෙදෙනා එකම පාසලේ එකම පංතියේ මිතුරන්..... බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයයේ. ඒ කාලේ පටන් දෙදෙනා සංගීතයට ඇති ලැදියාව නිසාම

නිර්මාණය කළ ගීයක්‌...
ඔයාවමයි මට ඕනෙලු
මට කියාගන්න බැරි ඒකලු
ඔයාටමයි මං ආසලු
මට ඔයා නැතුව බැරි ඒකලු
අපි හිනාවුණේ එක පාරලු
රෑ හීනෙන් පේන්නෙ මාවලු
මං ඒ හීනේ හරි ලස්‌සනලු

මේ තරුණයාගේ හිත තියෙන්නේ ඇය ළඟමයි... ඈ ඔහු දමා ගියත්.... ඔහුට ඇයගෙන් තොර ලෝකයක්‌ නැහැ. ඒත් ඒ බව කියාගන්න ඔහුට විදිහක්‌ නැහැ.. දෙදෙනා එකම එක හිනාවකින් තමයි පෙම් කරන්න පටන් ගත්තේ.... ඈ ඒ දවස්‌වල නිතරම ඔහුව හීනෙන් දකිනවා. ඒ ආදරේ වැඩිකම නිසා ඒ බව අද ඔහු නිතරම කියනවා. ඒ හීනෙදි ඇයට ඔහුව හරි ලස්‌සනට පෙනෙනවලු... ඒ බව හිතමින් ඔහු ළතැවෙනවා...

මේ ගීය හුඟ දෙනෙක්‌ හිතන්නේ ප්‍රේම ගීයක්‌ විදිහට.... බොහෝ පෙම්වතුන් එකිනෙකා අතර මේ ගීය හුවමාරු කරගන්නෙත් ඒ නිසායි. ඒත් රචකයා ලෙස මම මේ ගීය දකින්නේ විරහ ගීයක්‌ විදිහටයි. බොළඳ වචන වගේ පෙනුනාට මං හිතනවා ගීයේ අර්ථය ගැඹුරුයි කියලා.... සමීර වීරවර්ණ ගීය ගැන එසේ පැවසුවා.

මට ඔයා මගේ පණ වගේ
ළඟ නැතත් මගේ ළඟ වගේ
හිත පුරා රැඳි සෙනෙහසින්
ඔබ මවෙත පිදූ දේ... ආදරේ

ඔයා මගේ පණ වාගෙලු
මට දරා ගන්න බැරි ඒකලු
හිනාවෙන්නෙ සඳ වාගෙලු
මට බලා ඉන්න බැරි ඒකලු
සඳ හොරා ගත්තෙ එක රෑකලු
මට හිතාගන්න බැරි වෙන්නලු
මට නිදාගන්න බැරි ඒකලු

ඔයාවමයි මට ඕනෙලු
මට කියාගන්න බැරි ඒකලු
ඔයාටමයි මං ආසලු
මට ඔයා නැතුව බැරි ඒකලු
අපි හිනාවුණේ එක පාරලු
රෑ හීනෙන් පේන්නෙ මාවලු
මට ඒ හීනේ හරි ලස්‌සනයි

ගායනය/සංගීතය - දිලුම් සහ සමීර
පද - සමීර වීරවර්ණ

අජිත් අලහකෝන්
(උපුටා ගැනීම දිවයින)

සඟමිත් තෙරණිය ආදාහනය කළ තැන



මිහිඳු හිමියන් ආදාහනය කළ තැන මෙන්ම සංඝමිත්තා තෙරණිය ආදාහනය කළ තැන ද නිශ්චිතව සොයාගෙන නැත. එපමණක් නොව එතුමිය වැඩ විසූ හත්ථාළහක මෙහෙනවර පවා හඳුනාගෙන නැත. සංඝමිත්තා තෙරණියගේ ආදාහනය පැවැත්වීම පිළිබඳව මහාවංශයේ සඳහන් වන්නේ,
නික්ඛාමෙත්වාන නගරා - ථූපාරාමපුරත්ථතො


චිත්තසාලාසමීපම්හි - මහාබෝධිපදස්සයෙ


ථෙරියා වූථඛානම්හි අග්ගිිකිච්චමකාරයි. නගරයෙන් නික්මී 1. ථූපාරාමයට නැගෙනහිරින් 2. චිත්තසාලාව සමීපයේ 3. මහාබෝධිය පෙනෙන මානයේ. 4. තෙරණිය විසූ ස්ථානයේ ආදාහනය කළ බව මෙහි අර්ථයයි. ථූපාරාම පුරත්ථතො යන්න මහාවංස ටීකාවේ පැහැදිලි කර ඇත්තේ ‘ථූපාරාම විහාරස්ස පුරත්ථිමදිසාය වා’ යනුවෙනි. මේ අනුව පැහැදිලි කරන්නේ ථූපාරාම ස්තූපයෙන් නොව ථූපාරාම විහාරයෙන් නැගෙනහිර ස්ථානයක් බවය.


ථූපාරාමයට නැගෙනහිරින් පදලස චේතිය පැවති ස්ථානයට පසු දක්නට ඇත්තේ විශාල සම සතරැස් ශාලාවක නටබුන්ය. මෙහි මතුපිට පෙනෙන නිර්මාණ ලක්ෂණ අනුව එය ථූපාරාමයේ දාන ශාලාව වශයෙන් සැලකිය හැකිය. මේ අයුරින්ම ඇති මහා විහාරයේ දාන ශාලාව වංසකතාවේ චතුඃසාලාව යනුවෙන් හඳුන්වා දී තිබීම අනුව චිත්සාලාව යනු මෙම ගොඩනැගිල් දැයි තව දුරටත් සෙවිය යුතුය. මෙම ස්ථානයත් ඉන් නැගෙනහිරත් ශ්‍රී මහා බෝධිය පෙනෙන මානයේ පිහිටියේය. එහෙත් මෙහි දී ඉතා වැදගත් වන්නේ තෙරණිය ආදාහනය කළේ තෙරණිය විසූ ස්ථානයේ යැයි ඇති සඳහනය.


තෙරණිය විසුවේ හත්ථාළ්හක (ඇතාල) මෙහෙණවරෙහි බව තැන් කීපයකම සඳහන්ය. එතුමිය පිරිනිවන් පෑවේ ද එහි සිටය. එකුනසට්ඨි වස්සා සා උත්තියස්සෙව රාජිනො
වස්සම්හි නවමෙ ඛෙමෙ - හත්ථාළ්හකඋපස්සයෙ (පනස් වන වස් ඇත්තී) උත්තිය රජුගේ නව වැනි ඛෙම වසරේ දී හත්ථාළ්හක මෙහෙනවර වසන්නී පිරිනිවන් පෑවාය. මේ අනුව තෙරණිය ආදාහනය කළ තැන සෙවීමේ දී එතුමිය වැඩවාසය කළ හා පිරිනිවන් පෑ තැන වන හත්ථාළ්හක මෙහෙනවර තිබූ තැන සෙවිය යුතුය.


අර්හත් මිහිඳු හිමියන් පැමිණීමෙන් පසු දෙවැනි පෑතිස් රජුගේ සහෝදරයාගේ බිරිය වූ අනුලා දේවී අන්තඃපුර කාන්තාවන් සමග පැවිද්ද අපේක්‍ෂාවෙන් කසාවත් හැඳ දෝළ නම් ඇමතියාගේ ගෙයි වාසය කළ බව සඳහන්ය. මෙය පසුව උපාසිකා විහාරය යනුවෙන් පරසිදු වීය. දෙවැනි පෑ තිස් රජතුමා විසින් පසුව මෙහි සංඝමිත්තා තෙරණිය ඇතුළු භික්ෂුණීන් සඳහා චූලංගණ, මහාගණ හා සිරිවඞ්ඩ නම් වූ ප‍්‍රාසාද තුනක් ප‍්‍රමුඛ දොළොස් පිරිවෙනක් සාදා පිළිවෙළින් එම ප‍්‍රාසාද තුළ බෝධිය වැඩමවා නෙආ නැවෙහි කුඹගස, හබල (අරිත‍්‍රය) හා පිය නම් අවයවය (සුක්කානම, වල) තැන්පත් කරන ලද බව ද සඳහන්ය. එසේම එහි ස්තූපයක් ද සාදා චේතියඝරයක් ද කරවීය.


ආරම්භයේ දී මෙසේ තෙරණිය උපාසිකාරාමයේ වැඩවාසය කළ ද එතැන ජනාකීර්ණ වූයෙන් පර්යාප්ති ආදී ත‍්‍රිවිධ ශාසනයාගේ වැඞීම අපේක්ෂා කරමින් චේතියඝරයට (මිහින්තලේ) වැඩම කළෙන් රජතුමා එහි ගොස් තෙරණියගේ අදහස් දැන අසා පෙරළා පැමිණ ඊට පෙර උපාසිකාරාමයේ තමා විසින් ඉදි කොට තිබූ ‘දා ගෙය’ අබියස දර්ශනීය භාවයෙන් ද සීමා සම්පන්න භාවයෙන් ද යුක්ත සිත් අලවන රුති වඩවන සෙනස්නක් කරවීය. එසේ රාත‍්‍රිස්ථාන දිවාස්ථාන, කුටි මණ්ඩප මහා ප‍්‍රාසාදියෙන් ද මාලාකර්ම ලතාකර්ම සුවිභක්ත භික්ති සෝපානාදියෙන් ද යුක්ත කොට හත්ථාළ්හක නම් වූ භික්ෂුණී ආරාමය කරවීය.


මීට පෙර රජතුමා විසින් මෙම භූමියේ ස්තූපයක් සෑදීම පිළිබඳ මහාවංසයේ දැක්වෙන්නේ රජුගේ මඟුල් ඇතා නගරයේ එක් පැත්තක සිහිල් කඳුරක බක් මී ගොල්ලක ඇළුම් කොට රැඳී සිටි අතර එම ස්ථානය ආළ්හක නම් විය. රජතුමා ඇතා ඇළුම් කළ ස්ථානයේ ඇත්හල කරවීය. දිනෙක ඇතා ආහාර නොගෙන සිටීම ගැන මහ තෙරුන්ගෙන් විමසූ කල්හි ඇතා එහි ස්තූපයක් කරවනු කැමැති වන්නේ යැයි පැවසූයෙන් රජතුමා ස්තූපයක් හා ථූපඝරයක් කරවීය. රජතුමා මේ මෙම ථූපඝරය හාත්පස රමණීය ආශ‍්‍රමයක් කළ අතර එය හත්ථාළ්හක භික්ෂුණී ආරාමය නම් විය. සංඝමිත්තා මෙහෙණිය එහි වාසය කළාය. මෙසේ ඇතුන් බඳින ටැඹ සමීපයේ ඉදි කළෙන් එය හත්ථාළ්හක මෙහෙණවර නම් වී යැයි වංසත්ථප්පකාසිනිය සඳහන් කරයි.


බද්ධසීමා සහිත ඒ හත්ථාළ්හක භික්ෂුණී ආවාසයෙහි සීමාවෙන් කොටසක් අනුරාධපුර ප‍්‍රාකාරය පසු කලෙක ඉදි කිරීම හේතු කොටගෙන බැහැර වී යැයි ද කොළොම් හොය (මල්වතු ඔය) නිමිත කොටගෙන මෙහි සීමාව බඳනා ලද හෙයින් ද කුටිකණ්ණය, වසභය යන දෙරජුන් විසින් නගර ප‍්‍රාකාරය ඉන් පසු ඉදි කරණ ලද හෙයින් ද එසේ කොටසක් බැහැරවී යැයි දීපවංස අටුවාවේ කියන ලදැයි මහාවංස ටීකාව දක්වයි. ක‍්‍රි.ව. දහ වැනි සිය වස කාලයට අයත් වන කුකුරුමහන්දමන ශිලාලිපියේ ඇතුල් නුවරැ මඟුල් මහ වෙයැ මිහින්ද් අරම් මෙහෙණවර් පෙරැට් කැරූ වෙද්හල් යනුවෙන් ඇතුළු නුවර මංගල මහා වීදියේ පසෙක මහින්දාරාම නම් මෙහෙණෙවරක් තිබූ බව සඳහන්ය. ඉහත කී රජු නගර ප‍්‍රාකාරය වෙනස් කිරීම නිසා හත්ථාළ්හක මෙහෙණවරින් නගරය ඇතුළට යන්නට ඇති කොටස සමහර විට දිගටම මෙහෙණවරක් වශයෙන් තිබෙන්නට ඇතැයි මෙහි දී සැලකිල්ලට ගත හැකිය.


මෙහි මල්වතු ඔය නිමිති කොටගෙන හත්ථාළ්හක මෙහෙණවරෙහි කොටසක් අහිමි වී යැයි දැක්වීම ද සැලකිල්ලට ගත යුතුය. සේන සහ ගුත්තික යන අය අස් නාවික පුතුන් දෙදෙනෙකු සූරතිස්ස රජුගෙන් බලය පැහැරගෙන වසර 22 අනුරාධපුරයේ රජ කොට ඇත. හින්දු භක්තිකයන් වූ ඔවුන් දෙදෙන උදක ශුද්ධියෙන් පව් සෝදා හැරීමට හැකි යැයි මල්වතු ඔය දුර යැයි සිතා එය බැඳ ඔය නගරයට ආසන්න කොට ඇත.


පඨම චේතිය පාචීනෙ ද්වෙ කදම්භා අජායිංසු
සෙනින්දගුත්ත රජ්ජම්හි - දමිළාදකසුද්ධිකා
නධිං දුරන්ති බන්ධිත්වා නගරාසන්නමකංසු තං
ජීවමාන කදම්බක්‍ද්ච අන්තොසීමගතං අහු.


මතකදසබතීරෙන සීමා උදකදම්බගා මේ අනුව දෙවැනි පෑතිස් රාජ්‍ය සමයේ හත්ථාළ්හක මෙහෙණවරරෙහි සීමාව මල්වතු ඔය නිමිති කොට ගෙන බැඳ තිබුණ ද පසුව එම ජල මාර්ගය නගරයට වෙනස් කොට නගරයට ආසන්න කිරීම නිසා මෙහෙණවරෙහි කොටසක් නැතිවී ගොස් ඇත.


ඉහත දැක්වූ ගාථාවලින් පැවසෙන්නේ සේන ගුත්තික කොළොම් හොය හැරවීම නිසා එම ස්ථානයේ ජලය නොමැති (අජීවී, මළ) හා ජලය ඇති (ජීවමාන, නොමැරුණු) හොයවල් දෙකක් (ද්වෙ කදම්බා) වූ බවය. පඨමක චේතිය පාචීනෙ ද්වේ කදම්බා අජායිංසු පඨමක චේතිය යනු මිහිඳු හිමියන් ප‍්‍රථම වතාවට මිහින්තලයේ සිට අනුරාධපුර නුවර නැගෙනහිර දොරටුව ආසන්නයට අහසින් වැඩම කොට බැස්ස තැන ඉදි කළ ස්තූපය බව වංසකථාවේ හා ටීකාවේ දැක්වේ. මහාවංසයේ සසපාණ යනුවෙන් හඳුන්වා ඇති සසකපාණ නම් තැන මහාබෝධිවංස ග‍්‍රන්ථිපදයේ හේ කළසකළා ගල්විටුවන තැන් යනුවෙන් පැහැදිලි කර ඇත. කළසකළා යනු කැට සක්කර එනම් බොරළු ගල්කැට බවත් විටුවන තැන් යනු එවැනි බොරළු කැට මතුවී ඇති තැන යැයි අර්ථ දක්වන ප‍්‍රාචීන භාෂා පඬිවරයෙකු වූ මහාචාර්ය විමල විජයසූරිය එයින් ජලය නොමැති ව වියළී ගිය ඔයට ආසන්න පෙදෙසෙ දැක්වෙන බව පවසයි. වංස කථාවේ මින් ඔබ්බෙහි ඇත්තේ මරුම්බ තිත්ථ යයි. මරුම්බ යනු ගල්කැට මිශ‍්‍ර වැල්ලයි. තිත්ථ යනු එයින් ගහන තොටයි. මුල් සිංහල වංසට්ඨකථාව ලියද්දි මේ නම යෙදුණේ එකල ද තොටුපළ ජලය වියැළී ගොස් වැලි පෑදී තිබුණ නිසයි. එය වියැළුනේ උදක සුද්ධික සේන ගුත්තික රජවරුන් හො හැරවූ හෙයින්. දැන් එතැන කළසකළ හෙවත් මළ හොයකි. පඨමක චේතිය පාචීනෙ ද්වෙ කදම්බා අජායිංසු යැයි සඳහන් හෙයින් පඨමක චේතියට නැගෙනහිර මළ හොයකුත් සජීවී හොයක් ද වූයෙන් එතැනට ඒ නම යොදන්නට ඇත. මිහිඳු හිමියන් කල පඨමක චේතිය නුවර නැගෙනහිර දොරටුවටත් මල්වතු ඔයටත් අතර තිබී ඇත. මහා බෝධිවංස ග‍්‍රන්ථිපදය ‘මරුම්බතිත්ථමගමාසි’ එයින් මහකොළොම් හොය දිය ඇත්තෙන් දිවි ඇත් නම් විය. මහකොළොම් හොය දිය නැත්තෙන් මළ හෝ නම් වී.


මේ අනුව මහාවංස ඉහත දැක්වූ මහාවංස ගාථාවලින් කියැවෙන්නේ ජලය ඇති හා නැති (මළ හා ජීවමාන) ඔයවල් දෙකක් වුව ද මහාවංසයේ සුමංගල හිමි හා බටුවන්තුඩාව පරිවර්තනයේ එය වැරදි ලෙස මිය ගිය හා ජීවමාන කොළොම් ගස් දෙකක් යැයි දක්වා ඇත. වර්තමානයේ ද දක්නට ඇති පරිදි මල්වතු ඔය පැරණි ඇතුළු නුවරට ඉහළ දී ඔයක් කපා නගරය ආසන්නයෙන් ගලා යන සේ හරවා ඇති අතර නගරය අවසන් වූ පසු එය නැවත මල්වතු ඔයට සම්බන්ධ වේ. මෑත කාලයේ හාල්පානු ඔය යනුවෙන් හැඳින්වෙන මෙය 1894 ස්මිතර්ගේ වාර්තාවේ ද සිතියමට නඟා ඇත. පසු කාලයේ ඞී.ඇස්. සේනානායක මහතා කෘෂිකර්ම ඇමති වශයෙන් සිටි කාලයේ මෙම ඇළ සංවර්ධනය කරවූ බව ජනවහරේ ඇත.


ඉහත විස්තර සියල්ල සමාලෝචනය කළ කල්හි හත්ථාළ්හක මෙහෙණවර ථූපාරාමයෙන් නොව ථූපාරාම විහාරයෙන් නැගෙනහිර පිහිටි බව ද ථූපාරාම විහාරයේ නැගෙනහිර සීමාව අවම වශයෙන් එහි නැගෙනහිර පැත්තේ පිහිටි ථූපාරාම දාන ශාලාවෙන් නැගෙනහිරට පිහිටිය යුතු බව ද චිත්තසාලාව ආසන්නයේ තිබිය යුතු බව ද ශ්‍රී මහා බෝධිය පෙනෙන මානයේ විය යුතු බව නගර ප‍්‍රාකාරය විශාල කිරීම නිසා මෙහෙනවරින් කොටසක් අහිමි වූයේ නම් නගර ප‍්‍රාකාරයට සම්බන්ධව මෙහෙණවර තිබිය යුතු බව, ථූපාරාමයෙන් නැගෙනහිර පැත්තට නිසා නගර ප‍්‍රාකාරයේ ඒ පැත්තට එනම් දකුණු පැත්තට සම්බන්ධ විය යුතු බව ද කදම්බ නදිය (මල්වතු ඔය) බද්ධ සීමා නිමිත්ත වූ හෙයින් මල්වතු ඔය දෙසට විය යුතු බව, සේන ගුත්තිකයින් මල්වතු ඔය හැරවීම නිසා මෙහෙණවරෙන් කොටසක් අහිමි වූ බව කීමෙන් එය සනාථ වීම යන කරුණු සියල්ල සැලකිල්ලට ගත් කල අනුරාධපුර ඇතුළු නුවර ඊසාණදිග මුල්ලට පිටත පෙදෙස ද ඊට ආසන්නව ඒ ප‍්‍රදේශයේ සිට ථූපාරාමය දෙසට එනම් බටහිර දෙසට මෙහෙණවර පිහිටා තිබිය යුතුයි. ඇතුළු නුවර දකුණු ප‍්‍රාකාරයේ සිට දකුණු දොරටුව සම්බන්ධව දකුණට විහිදුන මාර්ගයක් ඉපැරණි මාර්ගයක සීමා බැමි මතුපිට දක්නට ලැබේ. මෙහෙණවර ඒ මාර්ගයෙන් නැගෙනහිර තිබෙන්නට ඇතැයි සැලකිය හැක්කේ මාර්ගය නිසා මෙහෙණවර දෙකට බෙදෙන්නට ඇතැයි සැලකිය නොහැකි බැවිනි.


මෑත කාලයේ මෙම ප‍්‍රදේශය බොහෝ සෙයින් මානව ක‍්‍රියාකාරීකම්වලට යටවී ඇත. ඇතුළු නුවරට හැරෙන සංඝමිත්තා මාවතේ සිට මේ භූමිය හරහා දැනට අඩ සිය වසකට පෙර ප‍්‍රධාන මහා මාර්ගයක් ඉදි කර තිබීම, අනවසර නිවාස හා වෙළෙඳසල් ඉදි කිරීම, වගා කිරීම නිසා විනාශයට පත්ව ඇතත් තැනින් තැන පැරණි ස්මාරකවල ගල් කණු දක්නට ලැබේ. මෙම අනවසර ඉදි කිරීම් ඉවත් කෙරුණු අවස්ථාවක ගවේශනයක් මගින් හත්ථාළ්හක මෙහෙණවරෙහි නටබුන් සෙවිය හැකි වන්නේය. ඇතුළු නුවර දකුණු දොරටුවට මෙහා නැගෙනහිරින් (හාල්පානු ඔයට නැගෙනහිරින්) කොහොඹගස් හන්දියේ සිට උතුරු දෙසට විහිදෙන මාර්ගයේ මීටර් 50ක් පමණ දුරින් නැගෙනහිර දෙස කැළය මැද පඨමක චේතිය ගැන සඳහන් වන ඉසව්වේ පැරණි ආරාම ගොඩනැගිලි නටබුන් රාශියක් දක්නට ඇත. ඉන් බොහොමයක් අනවසර ඉදි කිරීම් නිසා විනාශයට පත්ව ඇත.


අභයගිරි ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ සේවා සම්මානිත මහාචාර්ය ටී.ජී. කුලතුංග

ජීචිතයට.....









මේ වේදනා




මේ වේදනා මට පවරලා
වෙන් වී ගියේ ....
ඇයි මා හඩවලා
අදහන්න බෑ පිලිගන්නේ නෑ....
ඔබමද කියා පෙම් කල කෙනා ඒ

ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
අන්සතු වෙලාදෝ මට මැව් කෙනා
අපට අප හිමි නෑ සදා.....

මේ වේදනා මට පවරලා
වෙන් වී ගියේ ....

ලග උන්නු කාලේ ....
කී කතා සිහිවේ....
අමතක උනාදෝ නිස්කාරනා 
යලි මුන ගැගෙයි නම් 
නාදුනන සේ මං 
මග හැරලා යන්නම්
මතු හමුනොවෙන්නම්

ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
අන්සතු වෙලාදෝ මට මැව් කෙනා
අපට අප හිමි නෑ සදා.....

මේ වේදනා මට පවරලා
වෙන් වී ගියේ ....

මා කදුලු අතරේ රදවා තියාලා
ඈතට උනේ ඇයි රහසේ ඔයා....... 
යලි මුන ගැගෙයි නම් 
නාදුනන සේ මං 
මග හැරලා යන්නම්
මතු හමුනොවෙන්නම්

ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
අන්සතු වෙලාදෝ මට මැව් කෙනා
අපට අප හිමි නෑ සදා.....

මේ වේදනා මට පවරලා
වෙන් වී ගියේ ....

නාමල් උඩුගම

චන්න කින්නරාවී



'මුදු සිනිඳු දෙපා රිදෙනා වේදනා සුසුම් අතරේ
ආදරේ ශේෂ වේවිද චන්න කින්නරාවී'

~~ ශ්වේත මීදුම් ඉරා දෙනෙත් මග ඇහිරූ ~~

ශ්වේත මීදුම් ඉරා දෙනෙත් මග ඇහිරූ
ජීවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින්
මා එක්‌ක එනවාද චන්නකින්නරාවී
මා එක්‌ක එනවාද චන්නකින්නරාවී

රළු පොළොව මතින් දිවෙනා විඩාබර දිගු ගමනේ
මුදු සිනිඳු දෙපා රිදෙනා වේදනා සුසුම් අතරේ
ආදරේ ශේෂ වේවිද චන්නකින්නරාවී
මා එක්‌ක එනවාද චන්නකින්නරාවී

සඳ නිවී ගිය රාත්‍රියේ තාරකා ගොළුව ඝන අඳුරේ
ළය මතින් වැතිරී සොඳුරු හීනයට ඉඩදී
හිනැහෙන්න පුළුවන්ද චන්නකින්නරාවී

ගායනය :- භාචි සුසාන්
ගී පද :- චරිත් සේනාධීර
තනුව :- කසුන් කල්හාර

සඳ කිඳුරිය... සඳ කිඳුරාට කොතරම් ආදරය කළාද... ඒ ආදරයේ තරම කියන්න වචන මදි... සඳ කිඳුරු ජාතකය... සඳ කිඳුරාගේ ජීවිතය වෙනුවෙන් සඳ කිඳුරිය සත්‍යක්‍රියා කළා. ආදරය එහෙමයි. ඒත් අද ආදරය හරිම වෙනස්‌. පණට පණ දෙන්න ආදරය කළත් කරදර දුක්‌ ගැහැට විඳිද්දී ටික කලකින්ම ඒ ආදරය පෑල දොරින් පලා යනවා.

ශ්වේත මීදුම් ඉරා දෙනෙත් මග ඇහිරූ
ජීවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින්
මා එක්‌ක එනවාද චන්නකින්නරාවී
මා එක්‌ක එනවාද චන්නකින්නරාවී

ආදරය කරන කාලෙදි නම් ජීවිතය හරිම සුන්දරයි. ඒත් පවුලක්‌ ලෙස කූඩු වුණාම... කරදර දුක්‌ ගැහැට එමටයි. ජීවිතය ගෙවන්න වෙන්නේ කරදර මැද්දේ. ආදරයට වඩා වගකීම් ගොඩකට මැදිවෙන්න වෙනවා. ආදරය නමැති තිමිර පටලය ඉවත්කරලා ජීවිතයට එබී බලන්න වෙනවා.. හරිම අසීරුයි. සීත සෘතුව... ගෙවාගන්න අසීරු කාලයක්‌නේ. ඉතින් ඒ සීතල මැද්දේ ගිරිදුර්ග පසුකරන්න වුණොත් තවත් අමාරුයි. මගේ ආදර සඳකිඳුරිය එවැනි ගමනක්‌ මා එක්‌ක යන්න එනවද කියල තමයි මේ තරුණයා විමසන්නේ. ආදරයත්, ජීවිතයත් අතර ඇති යථාර්ථය ගැන කියෑවෙන මේ ගීයේ රචකයා චරිත් සේනාධීර. චරිත්ගේ පද පෙළ ගයන්නේ භාවි සුසාන්... තනුව කසුන් කල්හාරගේ.

මේක ලියෑවුණේ විශේෂ අත්දැකීමකින් නොවේ. මෙය හැම කෙනෙකුගේම අත්දැකීමක්‌. අපි මුහුණ දෙන සත්‍යය. මම මේ පද පෙළ ලියලා අවුරුදු දෙකක්‌ විතර ඇති. මුලින්ම භාචිට හරි කසුන්ට හරි දුන්නා. ඉන්පස්‌සේ තනුව හැදුනා. තනුව හදද්දි කසුන් එක්‌ක කතා කළා. වචන දෙකක්‌ විතර වෙනස්‌ කළා. චරිත් ගීයේ උපත ගැන පැවැසුවා.

රළු පොළව මතින් දිවෙනා විඩාබර දිගු ගමනේ
මුදු සිනිඳු දෙපා රිදෙනා වේදනා සුසුම් අතරේ
ආදරේ ශේෂ වේවිද චන්නකින්නරාවී
මා එක්‌ක එනවාද චන්නකින්නරාවී

ආදරේ කරද්දි වගේ නොවේ... අපිට ඉන්පස්‌සේ දිගු ගමනක්‌ යන්න වෙනවා. ඒ ගමන හරිම කටුකයි. ඔයාට ඔරොත්තු දේවිද දන්නෙ නහැ. ගමන හරිම රළුයි. විඩාබරයි. ගිරි දුර්ග මතින් යන මේ ගමනේදි ඔයාගේ ඔය සිනිඳු දෙපා රිදෙන්න ගනියි. හිතට වේදනා ගෙනදේවි. මා එක්‌ක එන්න ගත්තු තීන්දුව වැරදිය කියා හිතලා වේදනා මුසු සුසුම් වාතලයට මුදාහරියි. එතකොට ඔයාගේ හිතේ මා කෙරෙහි ක්‍රෝධයක්‌ වෛරයක්‌ ඇතිවේවි. ඔය හිතේ මා ගැන ආදරයක්‌a ඉතිරි වෙන එකක්‌ නැහැ. ඉතින් ඔයා එනවද මා එක්‌ක යන්න.

ආදරය ලස්‌සන වුණත් ඒ ඇතුලේ ප්‍රායෝගිකව එය විඳිද්ඳි ප්‍රශ්න මතුවෙනවා. චරිත් මීට කලිනුත් ගීත රැසකට පද රචනා කර තිබෙනවා. කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාප ගයන අනන්තයට යන පාර දිගේ ජනප්‍රියයි. ඔහු මාස්‌හෝල්ඩින්ග් ආයතනයේ මෝස්‌තර නිර්මාණ ශිල්පියෙක්‌.

ගීත රචනය මම පාසල් කාලයේදීම කළා. එකල මම පද්‍ය රචනා තමයි කළේ. කසුන් ඉන්ද්‍රචාප... අපි ආනන්ද විදුහලේ එක පන්තියේ. සංගීතය එක්‌ක තමයි අපි යාළුවෝ හැසිරුණේ.සේල් නමින් පහුගිය දවස්‌වල මගේ පළමු කවි පොතක්‌ නිකුත් කළා. ගීත රචනය, මුදල් හම්බ කරන්න කරන දෙයක්‌ නොවේ. චරිත් පැවැසුවා.

සඳ නිවී ගිය රාත්‍රිය තාරකා ගොළුව ඝන අඳුරේ
ළය මතින් වැතිරී සොඳුරු හීනයට ඉඩදී
හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවී

ආකාසේ හඳ නිවී ගියොත් තරු මැකී ගියොත් කොයිතරම් අන්ධකාරද. ඒවගේ රැයක දකින හීන කොයිතරම් සුන්දරද? ආදරය කරද්දී එවැනි හීන දකිනවා. ඒත් ඉන්පසු ඒවගේ සොඳුරු හීනවලට ඉඩ තියේවිද. එදා වගේ අපිට හිනා වෙන්න පුළුවන් වේවිද? කිඳුරියනි.

ජීවිතයේ යථාර්ථය මේ ගීයෙන් කදිමට විග්‍රහ කෙරෙනවා. මතුපිටින් පදපෙළ සරල වුණත් යටිපෙළ අර්ථය හරිම ගැඹුරුයි. ජීවිතය කියන්නේ සින්තටික්‌ සිහිනයක්‌මද... කියා හිතෙනවා. භාචිගේ හැඟීම්බර හඬින් ගීය ඇසෙද්දි කසුන්ගේ තනුවත් පදපෙළට ගී හඬට සාධාරණයක්‌ කර තිබෙනවා. ගීයේ රූප රචනාව ගැනත් සඳහන් කළ යුතුමයි. අරුත දැන ඉතා දක්‌ෂ ලෙස කළ නිර්මාණයක්‌.

- අජිත් අලහකෝන්
(උපුටා ගැනීම ~දිවයින පුවත්පතින්)

බුදු සමිඳුගේ නෙතින්.. ගලා කරුණා දහර..




බුදු සමිඳුගේ නෙතින්.. ගලා කරුණා දහර..
ඇවිල ගිය සිත් සතන්.. නිවී සැනසී ගියා..
එකම බන පදයෙනුත්.. ගලා නැණ රැස් දහර..
අඳුරු ජීවිත පුරා.. එළිය විහිදී ගියා..

දුගී පැල්පතේ හෝ.. බමුණු සිටු කුලේ හෝ..
දුකින් මුදවාගන්ට.. බොහෝ දුර වඩිනවා..
මහ වැස්සේ තෙමෙනවා.. හිරු රැසින් දැවෙනවා..
කුසගිනිද දැනෙනවා.. බුදු සමිඳු වඩිනවා..

මිහිරි බන දෙසනවිට.. අමා ගඟ ගලනවා..
කන් යොමා අසනවිට.. සිත සෝක නිවෙනවා..
ගුණ නුවණ වැඩෙනවිට.. සසර දුක ගෙවෙනවා..
බුදු ගුණය සිතනවිට.. නිවන් සුව දැනෙනවා..

වඩිනවිට පිඩු සිඟා.. නෙත් කැළුම් බිම යොමා..
බෙදන්නට දන් පිඩක්.. අනේ මට බැරි වුණා..
සිරිපතුල් වෙහෙසුණා.. අප ගැනම සොය සොයා..
පිරිනිවී වැඩි සේක.. මගේ සම්බුදු පියා..

බුදු නෙතින් බලා ලොව.. සිතේ දුක නිවා දුන්..
බුදු මුවින් ගලා ආ.. මිහිරි දම් අමා දුන්..
බුදු ගුණෙන් සදා සිත්.. සැනසීම ලබා දුන්..
බුදු සරණ යමු අපිත්.. පිළිසරණ සදා දුන්..

හිරු උදාවනු මිසක.. අඳුර එන්නට එපා..
දෙපා පැටළුන විටක.. බිම වැටෙන්නට එපා..
ජීවිතය කිසි දිනක.. නොමඟ යන්නට එපා..
බුදු සමිඳු නැති ලොවක.. කිසි දෙයක් මට එපා..

සිත මගේ සැනසිලා.. නරක දේ දුරු වෙලා ..
පිපුණ කුසුමක් ලෙසේ.. ලොව සුවඳ කෙරේවා..
නිහඬ වන ගුහාවක.. සොඳුරු හුදෙකලාවක..
බුදු සිතක ඇති සුවය.. මහදටත් දැනේවා..

තණ්හාව දුරු වෙලා.. දුක මගේ නැති වෙලා..
සදාකාලික අමා.. නිවන් සුව ලැබේවා..
සදාකාලික අමා.. නිවන් සුව ලැබේවා..
සදාකාලික අමා.. නිවන් සුව ලැබේවා..

සාධු..! සාධු..! සාධු..!

සම්බුදු ගුණ කවි පද:- පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ. 

“සුප්රීම් සැට් වන්” ශ්‍රී ලංකාවේ සන්නිවේදන චන්ද්‍රිකාව



“සුප්රීම් සැට් වන්” සන්නිවේදන චන්ද්‍රිකාව ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.43ට අභ්යවකාශ ගත කළ බව සුප්රිම් සැට් සමාගමේ මෙරට ප්රධාන විධායක නිලධාරී විජිත් පීරිස් මහතා පවසයි. ශ්රී ලංකාවාසීන් වශයෙන් මේ පිළිබඳව ඉතා අඩම්බර විය හැකි බවද ඔහු පැවසුවේය. චීනයේ ෂි චෑන්ග් චන්ද්රිකා විහිදුම් මධ්යස්ථානයේ සිට මෙම නව සන්නිවේදන චන්ද්රිකාව අභ්යවකාශ ගත කර ඇත. මෙම චන්ද්රිකාවේ ජීව කාලය අවමය වසර 15ක් වන අතර චන්ද්රිකාවක් හිමි ලොව 45 වැනි රට බවට ද ඒ අනුව ශ්රී ලංකාව පත්විය. ශ්රී ලංකා – චීන ඒකාබද්ධ ව්යාපෘතියක් ලෙස එය මෙම වැඩසටහන ක්රියාවට නංවා තිබේ. පසුගිය 22 වැනිදා එය අභ්යවකාශ ගත කිරීමට නියමිතව තිබුණද අයහපත් කාලගුණික හේතූන් මත එය දින 5කින් ප්රමාද කරන ලදී. මෙම ව්යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 320ක මුදලක් වැය කර ඇති අතර මේ මගින් දකුණු හා මධ්යම ආසියානු රටවල් මෙන්ම, නැගෙනහිර අප්රිකාව හා පෙරදිග රටවලට ද සේවා සැපයෙනු ඇත.


ධනය




බුදු දහම මගින් පුද්ගල ජීවිතය දැහැමි මගකට යොමුකරලීම පිණිස ලබා දී ඇති උපදේශ රාශියකි. විශේෂයෙන් ම පුද්ගල ජීවිතයට අවශ්‍ය ධන සම්පත් උපයා ගැනීමේ දී අනුගමනය කළයුතු පිළිවෙත් කෙරෙහි බුදු දහම මගින් අවධානය යොමුකර තිබේ. පුද්ගලයෙකුගේ ලෞකික ජීවිතය සාර්ථකකර ගැනීම පිණිස ධනය අතිශයින් ම වැදගත් වේ. මෙම ධනය උපයා ගැනීමේ දී, දැහැමි ධනෝපාය ක්‍රම අනුගමනය කිරීමට සෑම පුද්ගලයෙකු ම යොමුවිය යුතු බව බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ සඳහන් වේ. දැහැමිව හෙවත් තමාටත්, සමාජයටත් කරදරයක් නොවන ලෙසින්, උත්සහයෙන්, දෑතේ දෙපයේ වීර්යයෙන්, දහඩිය මහන්සියෙන් යුතු ව ධනය උපයා ගත යුතු බව බුදු දහමේ උපදෙස් ලබා දී ඇත.


  • කෘෂිකර්මාන්තය 
  • ගව පාලනය
  • දැහැමි වෙළඳාම 
  • රාජ්‍ය සේවය 
  • මුදල් පොළියට දීම.


ආදී ක්‍රම ඔස්සේ ධන සම්පත් උපයාගත යුතු බව බුදුරදුන් විසින් දේශනා කරනු ලැබීය. කෘෂිකර්මාන්තය දැහැමි ලෙස ක්‍රියායත්මක කොට, වී ගොවිතැන හා හේන ගොවිතැන ඔස්සේ ධනය ඉපයීමට බුද්ධකාලීන සමාජය ද හුරු පුරුදු වී සිටි බව දැක්වේ. මෙම ක්‍රම හරහා ඉතා සාධාරණව, සාහසික නොවී, ධන සම්පත් උපයා ගත යුතු බව බුදු දහම උපදෙස් සමයයි.

මෙහි  දක්වා ඇති වෙළදාම දැහැමි ධන්නෝපායන ක්‍රමයක් වන අතර, නොකටයුතු වෙළදාම් ඕහක් ද වෙන්වා දී ඇත්තේ දැහැමි ලෙස වෙළඳාමේ නිරත වෙමින් ධනය උපයා ගත යුතු නිසාම ය.


  • ආයුධ වෙළඳාම 
  • වසවිෂ වෙළඳාම 
  • මත්ද්‍රව්‍ය වෙළඳාම 
  • මස් මාංශ වෙළඳාම 
  • සත්ව වෙළඳාම 


යනු එම නොකටයුතු වෙළඳාම් පහයි. තවද වෙළඳාමේ දී තලාකූට. මානකූට, කංසකූට ආදී වංචනික කිරුම්, මිනුම් වලින් ද ඉවත් ව ක්‍රියා කළ යුතු යැයි බුදු දහම විස්තර කර ඇත.

මෙලෙස දැහැමි ලෙස ධනය උපයා ගත් අයෙකුට එම ධනය ගැන සිතා සතු‍ටු විය හැකිය. ඒ අත්ථි සූඛය ලෙස බුදු දහමේ හැඳින්වේ. පුද්ගලයා උපයාගත් දැහැමි ධනය පරිභෝජනය කිරීමේ පිළිවෙතක් ද පත්තකම්ම නම් සූත්‍රයෙහි සඳහන් වේ.


  • තමාගේ සුඛ විහරණය සඳහා 
  • තම මවුපිය සුඛ විහරණය සඳහා 
  • තම දූ දරු සුඛ විහරණය සඳහා 
  • තම මිතුරන්ගේ සුඛ විහරණය සඳහා 
  • දැසි දස් කම්කරු සුඛ විහරණය සඳහා 
  • ග්‍රමන බ්‍රාහ්මණ සුඛ විහරණය සඳහා 


යනාදී වශයෙන් උපයා ගත් ධන සම්පත් පරිභෝජනය කළයුතු බව පෙන්වා දී තිබේ.

එමෙන් ම උපයාගත් ධනය කොටස් හතරකට බෙදා ගත යුතු බව ද ව්‍යග්ගපජ්ජ සූත්‍රය තුළ අවධාරණය කර ඇත. ඒ අනුව උපයන ධනයෙන් එක් කොටසක් පරිභෝජනයට ද, කොටස් දෙකක් ඉදිරි කර්මාන්ත සඳහා ද තවත් එක් කොටසක් හදිසි ආපදාවක දී ගැනීමට තැන්පත් කර තැබීම ද කළ යුතු බව පෙන්වා දී තිබේ. මෙලෙස ධනය කළමනාකරණය කරගෙන ජීවත් වීම තුළින් ඉතා ප්‍රීතිමත් ජීවිතයක් ගොඩනගා ගත හැකි බව බුද්ධ දේශනාව තුළින් අවධාරණය කර ඇත.

රුපියලකින් අද කාලේ මොනවාද කරන්න පුලුවන්


1. කාසියේ වාසිය උරගා බැලීම. 
2. පඬුරු ලෙස පාවිච්චි කිරීම. 
3. රීලෝඩ් කාඩ් සීරීම. 
4. දුම්රියක් එන විට රේල්පීලි වලට තබා තැලෙන අයුරු බැලීම. 
5. පොල්තෙල් පහන්වල තිරය ඉක්මනින් දැවීම වැළැක්වීම. 
6. පාවෙනසුළු නිසා යම් යම් සැහැල්ලු දේ නිපදවීම. 
7. කෞතුක භාණ්ඩයක් ලෙස විකිණීම හා කෞතුකාගාරවල තැන්පත් කිරීම. (ළඟදීම!) 
8. මුදල් අගයන් රවුම් කිරීම. (999+1=1000) 
9. ක්ෂණික ලොතරැයි සීරීම. 
10. හිලක් විද කී ටැග් එකක් ලෙස හෝ ඇණ මුරිච්චි සඳහා පාවිච්චි කිරීම. 
11. දාම් වැනි ක්‍රීඩා වලදී ඉත්තන් ලෙස භාවිතය. 
12. බස් වල කොන්දන් වැඩිපුර සල්ලි ගැරීම වැළැක්වීම. 
13. හදිසි අවස්ථාවකදී බල්ලන්ට පහර දීම. 
14. රුපියල පිළිබඳ මෙවැනි මත විමසුම් පැවැත්වීම. 
15. ඕනෑම නෙට්වර්ක් එකකට SMS 3 ක් යැවීම. (රු: 0.07ක් ඉතිරි වේ.) 
16. යාචකයන්ට පරිත්‍යාග කිරීම. 

උමයන්ග මදුශාන්

තවත් දන්නවනම් කොමෙන්‍ටුවක් දාන්ටෝ 

මිතුරනි...


ෆේස්බුක් අඩවියේ චතුර විජය ශ්‍රී ගෙ වෝලයෙන් ලබාගත්ත කි. 

මිනිසා උසස් පහත් වන්නේ ඔහු විසින් කරනු ලබන ක්‍රියාවන් අනුවයි


බුදුරජාණන් වහන්සේ දේශනාවට අනුව මිනිසා උසස් පහත් වන්නේ ඔහු විසින් කරනු ලබන ක්‍රියාවන් අනුවයි. එනම් ඔහුගේ හැසිරීම් රටාව අනුවයි, ඒ බව වසල සූත්‍රයෙහි සඳහන්වන,

"න ජ්ච්චා වසලෝ හෝති
න ජච්චා හෝතී බ්‍රාහ්මණෝ
කම්මානා වසලෝ හෝති
කම්මනා වසලෝ හෝති
කම්මනා හෝති බ්‍රහ්මණෝ"

යන ගාථා ධර්මයෙන් තහවුරු වේ. කිසිම කෙනෙකු උපතින් ම බමුණෙකු හෝ වසලයෙකු නොවන බවත්, ක්‍රියාවෙන් ඒ තත්ත්වය තීරණය වන බවත් මෙහි දී දේශනා කොට ඇත.

මේ අනුව මිනිසා තම මනස පෙර‍ටු කොට ගෙන මනස තුළ ඇතිවන සිතිවිලි හෙවත් චේතනාවන් මුල්කරගෙන සිතින්, කයින්, වචනයෙන් සිතු කරන ක්‍රියාවන්, එසේත් නැත්නම් කර්මයන් මුල් කර ගෙන ඔහුගේ ජීවිතයේ හොඳ - නරක තත්ත්වය උදා වේ. සැබවින් ම මෙය මිනිසෙකු මනින වැදගත් ම නිනුම් දණ්ඩක් ලෙස දැක්විය හැකි ය.

මිනිස් සමාජය තුළ ජීවත්වන මිනිසා පස් පව්, දස අකුසලයන් සිදු කරන්නේ නම්, ඔහු තිදොරින් ම පිරිහීමට පත්වනු ඇත. එමෙන් ම  ඔහු  ඔහුට ද, සමාජයට ද විශාල පීඩාවක් ගෙන දෙන අයෙකු බවට පත් වේ.

එමෙන් ම තිදොර මුලකර ගෙන නිවැරදි, යහපත් ක්‍රියාවන්හි නිරත වන්නේ නම්, ඔහු උසස් අයෙකු ලෙස සමාජය පිළිගනී එවේනි පුද්ගලයන් ඇසුර ලැබීමට පවා සෙසු තැනත්තන් තුළ රුචි බවක් ඇති වේ.

බුදු දහමේ පෙන්වා දෙන පරිදි සියලු පව් නොකීරීමත්, කුසල් දහම් වැඩීමත්, තම සිත පාලනය කිරීම්ත්   යන දේශනාවන් ඔස්සේ ක්‍රියාත්මක වේ නම් එබඳු තැනත්තා සමාජ ගෞරවයට පාත්‍රවනු නොඅනුමානය ය. එබැවින් මිනිසුන් ලෙස තම ක්‍රියාවන් නිවැරදිකර ගැනීමාට උත්සහ ගැනීම හා එලෙස ක්‍රියා කිරීම බෙහෙවින් ම කාලෝචිත ය. -->

කඳුළු වැ‍ටුණාට අනේ අකුරු බොඳ වී නෑ



මහ විදුහලක ගුරු උපහාර උළෙල අති උත්කර්ෂවත් අන්දමින් පැවැතුණා. දහසක පමණ දරු පිරිසක් තම ගුරු පියවරුන්ගේ ගුරු මෑණිවරුන්ගේ දෙපා නමදින්න බුලත් හුරලු අතැතිව හැඟීම්බර මුහුණින් පෙළ ගැසී සිටියා. මේ අවස්ථාවේ අපූරු සංවේදී සිදුවීමක් මෙසේ සිදුවුණා. මෙලොව ඇස් පෙනීමේ කන් ඇසීමේ කතා කිරීමේ වාසනාව හිමි දරුවන් අතරින් කතා කළ නොහැකි දැරියක් මල් කළඹක් සමඟ මතක සටහනක් දෝතින් ගෙන විදුහල්පති ගුරු පියා අභියසට පැමිණියා. මල් කළඹ සමඟ සමරු සටහන විදුහල්පතිතුමාට පිළිගන්වා දෙපා වැන්දා. චිත්‍රයක් සහිත එම නිර්මාණය ඇගේම අත් අකුරින් මෙසේ සටහන් කර තිබුණි.

'ලෝකයේ විස්මිත දෑ නො ඇසෙන 
 පැවසීමට ඇති දහසකුත් අදහස් 
හඬගා ප්‍රකාශ කිරීමට අපහසු මා හට....
අනාගත ලෝකයේ ගුණගරුක දියණියක වීමට 
ශක්තිය ධෛර්යය ලබාදෙන 
ආදරණීය ගුරු පියාණනි
ඔබටයි මේ...
වන්දනීය උපහාරය' 

මේ නිසඳැස් පදවැල් මත විදුහල්පතිතුමාගේ නෙත්වලින් කඳුළු කැට වැ‍ටුණත් අකුරු බොඳවී ගියේ නෑ.

පී.වීරසිංහ
උපුටා ගැනීම ඉරිදා ලංකාදීප

ඔබටයි මේ ආරාධනා




ඔබටයි මේ ආරාධනා 
ඔබටයි මේ ආයාචනා 
හිරු සඳු ඇති තුරා 
සසර සරනා තුරා 
ඉන්නට බෑ තරහා වෙලා 

පැව සෙනේ අමනාපෙ නිසා
මෝදු වෙලා තිබුනාට වඩා //
සිත සැනසුම් සාදනා 
ඔබේ හසරැල් මට වාසනා..

තරහ උනත් දෙදෙනා ඊයේ 
තරහ නොවෙමු කිසිදා ආයේ //
යලි නොම ඒ වේදනා 
ඔබේ හසරැල් මට වාසනා 


~ රෝහණ බෝගොඩ ~

දුක කියන්න මොකක් ද?


ජීවිතයට....

ජීවිතයට...





උසස් කලා නිර්මාණ



සෑම උසස් කලා නිර්මාණයකින් ම
ආනන්දය මුසු වූ පහන් සංවේගයක් ඇති වේ.
යථාර්ථ සම්ප්‍රදායෙහි පිහිටා නිම වූ කලා කෘතියකින්
එසේ ආනන්දය මුසු වූ පහන් හැඟීමක් හට ගන්නේ
ලෝකය මීට වඩා යහපත් කොට වෙනස් කිරීමට
අවශ්‍ය වන්නාවූ ශක්තිය මිනිසා තුළ ම ඇතැයි යන 
ප්‍රඥාවක් ද, එකී කෘතිය මගින් සම්පාදනයට
පත් බීම නිසාය.

-බර්ටෝල්ට් බ්‍රෙෂ්ටි-

මට හීනයක්‌ වෙලා




මට හීනයක්‌ වෙලා ඔබේ ඔය ආදරේ
හිත තාම දන්නෙ නෑ මා ඇයි ද පෙම් කළේ
සඳ රාජිනි නුඹයි මගේ හද මන්දිරේ
සදා වෙනස්‌ නොවේ මගේ ආදරේ...//

රෑ දොළොස්‌ පැයේ ඔබේ නෙතු මා ළඟයි ප්‍රියේ
චංචලයි වගේ ඔබේ හිත කොහිද පාවුණේ...//
අදහන්න බෑ... කඳුළක්‌ ද ආදරේ
නුඹ දන්නෙ නෑ... සුන්දරයි ජීවිතේ

තාරුකා වියන් ගොතාලා මගේ අම්බරේ
ඇයි ද හැංඟුනේ පෙලා මා අන්ධකාරයේ...//
අදහන්න බෑ කඳුළක්‌ ද ආදරේ
නුඹ දන්නෙ නෑ සුන්දරයි ජීවිතේ

-දමිත් අසංක-

ඇහෙනවා නම් හිත හඬන තරම්




ඇහෙනවා නම් හිත හඬන තරම් 
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ //
පෙර දින රජ මැදුරක උන්නේ 
අද මා මහ මග සැතපෙන්නේ 

පතන පැතුම් සුළඟට මුසුවේ 
මියුරු වදන් කඳුලේ ගොළුවේ //
සතුට උපන් හැම දින වැලලේ 
කුමන නැටුම් දෝ දිවි මඩලේ 

අපගේ අහිංසක ලොව බිඳිලා 
ඔබද අනන්තෙක ඇත රැඳිලා //
ගිනි දළු මා ගත වෙලෙනු දැනේ 
ඔබ මල් යහනක හිඳිනු මැනේ

-එච් ආර් ජෝතිපාල-

රටා මවන මල් පෙති




'රටා මවන මල් පෙති පැහැයෙන් 
හිනා මවන්නට බෑ මට නම්......'

පිණිදිය විසිරෙන හෝරාවේ
නුඹ ඇවිදින්
නුඹ ඇවිදින් මා ළඟ උන්නා
මං නොදන්න නෙක පාට අරන්
ඇස්‌ අග දැවටුන නුඹෙ පෙම් සිතිවිලි
මට දකින්න බැරි නුඹෙ පෙම් සිතිවිලි
සුසුමක දැවටී ළඟ රැඳුනා
මට දැනුණා උණුහුම දැනුණා

රටා මවන මල් පෙති පැහැයෙන්
හිනා මවන්නට බෑ මට නම්
අඳුරු මගේ ලොව අඳුරෙන් මුදවා
අතැඟිලි පහසක තෙත දැනුණා

ගායනය :- දිනේෂ් එරන්ද
ගී පද :- සෝමලතා හේරත් මැණිකේ
සංගීතය :- රුවන් ශ්‍රී වල්පොල

හරිම අහිංසක ආදරයක්‌... ඔහු ඇය දකින්නේ දෙනෙත්වලින් නොවේ... හදවතින්. ඔහුගේ හදවතට... ඇගේ හදවතේ සුන්දර බව.... අවංක බව දැනෙනවා... ඇයට ඔහුව පෙනෙනවා... ඔහුගේ ලස්‌සන හදවතත් දකිනවා... ඒ නිසා... ඔහුගේ දෙනෙත්... ඇගේ ආදරේට බාධාවක්‌ නොවේ... අවංක ආදරය.... අවසානයේ ජයගත්තා...

පිණිදිය විසිරෙන හෝරාවේ
නුඹ ඇවිදින් - නුඹ ඇවිදින්
මා ළඟ උන්නා
මං නොදන්න නෙක පාට අරන්...

ඇය ඔහු හමුවට ආවේ උදේ පාන්දර... පින්න වැටෙන වෙලාවේ... ඈ ආ බව ඔහුට දැනෙනවා... දෙනෙතට ඇගේ රුව නොපෙනුණත් ඈ ඇවිත්... මල්වල පාට... ඔහු හඳුනන්නේ නැහැ. ඒත්... ඇය ඔහු ළඟ ඉන්නවා. ඒ ලස්‌සනම ලස්‌සන මල් පොකුරක්‌ අරගෙන.

මේ සිංදුව ගයන්නේ ඇත්තටම දෙනෙත් නොපෙනෙන තරුණයෙක්‌. මේ වන විටත් ගීත කීපයක්‌ම ගයා ඇති ඔහු දිනේෂ් එරන්ද... දිනේෂ්ට මේ සිංදුව ලියලා දුන්නේ සෝමලතා හේරත් මැණිකේ... මහනුවර රෝහලේ විශේෂ අක්‍ෂි තාක්‍ෂණවේදිනියක්‌... මේඛලා ගමගේට "අහන් ඉන්න... අහගෙන ඉන්න..." සිංදුව ලියල දුන්නෙත් හේරත් මැණිකේ.

රත්මලාන අන්ධ විද්‍යාලයේ මා එක්‌කම ඉගෙන ගත්ත යාළුවෙකුගෙ අත්දැකීමක්‌. ඒ අත්දැකීම දවසක්‌ මට කිව්වා... මම ඒ කතාව සෝමලතා මහත්මියට කියලා සින්දුවක්‌ ලියාගත්තා. මගේ යාළුවට ඇස්‌ පෙනෙන තරුණියක්‌ ආදරය කළා. ඒ ආදරයට යාළුවාගේ දෙනෙත් බාධාවක්‌ වුණේ නෑ. ඔවුන් ආදරයෙන් ජය ලැබුවා. දැන් විවාහ වෙලා හොඳ පවුල් ජීවිතයක්‌ ගෙවනවා. දිනේෂ් එරන්ද ගීයේ වස්‌තු බීජය පැහැදිලි කළා.

ඇස්‌ අග දැeවටුන නුඹෙ පෙම් සිතිවිලි
මට දකින්න බැරි නුඹ පෙම් සිතිවිලි
සුසුමක දැවටී ළඟ රැඳුනා
මට දැනුණා උණුහුම දැනුණා

ඇගේ දෙනෙත්වලින් ආදරය වෑහෙනවා. ඒත් ඒ ඇස්‌ දෙකෙන් කියන ආදරය.. ඔහුගේ ඇස්‌ දෙකට පෙනෙන්නේ නෑ. ඒත් ඒ ආදර සිතිවිලි ඔහුට දැනෙනවා. ඇගේ ආදරණීය සුසුම් සමග මුහුවෙලා... ඒ ආදර සිතිවිලි ඔහුගේ ගත දැවටෙනවා. ඈ ඔහුට ළං වෙලා. ඇගේ සුසුමේ උණුසුම... ඔහුට දැනෙනවා... ඒ ආදරයේ උණුහුමයි.

මගේ ගම පානදුර පිංවත්තේ... මම මීට කලින් "මිතුරියේ..." නෙත්පුරා, "කිමදොa ළඳුනේ" කියන සිංදු තුන ගායනා කළා. ඒ සිංදු තුනත් කුඩා කාලයේදීම මියගිය පුංචි නංගී වෙනුවෙනුත් ගීයකුත් මා විසින්මයි රචනා කළේ. පොඩි කාලේ මගේ ඇස්‌වල පෙනීම තිබුණා. පානදුර රාජකීය විද්‍යාලයේ ඉගෙන ගත්තේ... සාමාන්‍ය පෙළ කරද්දී ඇස්‌ දෙකේ පෙනීම අඩු වුණා. අකුරු ලියන්න බෑ. පොත් පිටුවල රූල් පෙනෙන්නේ නැතුව ගියා. දොස්‌තරලා කිව්වා ග්ලුකොමා තත්ත්වයට ආවා කියලා. අවුරුදු විසිතුනේදී පෙනීම නැතිවෙලාම ගියා. රත්මලාන අන්ධ විද්‍යාලයෙන් බ්‍රේල් ක්‍රමයට සාමාන්‍ය පෙළ කළා. පෙරදිග/බටහිර සංගීතයත් හැදැරුවා.

රටා මවන මල් පෙති පැහැයෙන් හිනා මවන්නට බෑ මට නම්
අඳුරු මගේ ලොව අඳුරෙන් මුදවා
අතැඟිලි පහසක තෙත දැනුණා.

පාට පාට... රටා මවන මල් පිපෙනවා... දකින්න ඔහුට වාසනාවක්‌ නෑ. ඒත්... ඇයට මේ හැම දෙයක්‌ම පෙනෙනවා. ඒ පෙනෙන හැම දෙයක්‌ම ඈ ඔහුගේ ලෝකයට ගෙනෙනවා. ඔහු අඳුරෙන් මුදා ගන්න ඇය පහනක්‌ වෙලා. ඇගේ අතැඟිලිවලින් ඔහුට දැනෙන්නේ කියාගන්න බැරි තරමට ඈ තුළ ඇති ආදරයයි.

මම දැන් පරිගණක පාඨමාලාවක්‌ හදාරනවා. ඒ අතරෙම දුරකථන ක්‍රියාකරවන්නකු ලෙස පාඨමාලාවක්‌ හැදැරුවා. රැකියාවල් හොයනවා.

මගේ මේ සිංදුවේ විෂුවල් වල අමුත්තක්‌ තියෙනවා. ඒවායේ තියෙන්නේ චිත්‍ර... මේ චිත්‍ර ඇන්දේ මහනුවර රෝහලේ විශේෂඥ අක්‍ෂි තාක්‍ෂණවේදිනියක වන ලලනි සේනාධීර මහත්මියයි. රුවන් ශ්‍රී වල්පොල සොහොයුරා තනු නිර්මාණය කළා. මේ හැම කෙනෙක්‌ම ගීයට දායක වුණේ මගෙන් සත පහක්‌වත් අය නොකර... මම තවම යෑපෙන්නේ අම්මාගෙන් සහ තාත්තාගෙන්. රැකියාවක්‌ ඉක්‌මනින් ලැබුණොත් සතුටක්.

-අජිත් අලහකෝන්
(උපුටා ගැනීම දිවයින පුවත්පතින්)

එපා යලි හමුවන්න




එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මඟ 
ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ 
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ළඟ 
ඔබේ ජීවන සුවඳ අරං ඈතට යන්න

සංසාර ගමන් මග සෙනෙහස සොයා දිනෙක 
ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව 
සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස 
ගලා යයි අතීතේ මිය ඇදුනු සොහොන ළඟ

ඔබ මවෙත තිලින කල ඔබේ බැතිබර සුවඳ 
මගේ මතකය වසා සදාකල් රැඳෙනු ඇත 
සංසාරයේ යලිදු නවාතැන් සොයා යන 
මගේ මළගම දාට ඇවිත් යන්නට එන්න

~ සුනිල් එදිරිසිංහ ~

අහස් වියන


පිනි බිංදු බිංදු තුරු පත් මත
බිමට හලා එන සුලඟට
ඔබ දුන්නද සුවඳක්
මම සුළඟ නතර කර ගේ ළඟ
විමසම් රහසක්.....

සුලඟ කතා නැත
යනවා අහක බලාගෙන 
මට හිතාගන්න බෑ හේතුව
සුළඟ තරහ වුණ
ඔබ කවුළු පියන් වහ ගත්තද 
කුටියෙහි රහසින

සුළඟ සුවඳ නැත
පිපි මල් නැතිව ද කිසිතැන
ඔබෙ සුවඳ බිඳක් වත්
සුළගට මුහු වී නොමැතිද
ඇයි සුළඟ හඬන්නේ පිනි කැට 
තුරුලට අරගෙන

ශකුවි

කවුරුන්ද ඔබ මගේ


කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ...//

දෙතොල් සලා මුදු සිනහ නගන්නෙම් 
දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙම් //
හදවත ගැහෙනා රිද්මය අතරේ 
සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු 

ප්‍රේමය ගොළු වී හඬා වැටීලා 
ඔබ හද මා හද රිදවන මොහොතේ //
ජීවිතයට හුරු පැරදුම හමුවේ 
නොදොඩා ගොළු වී බලා සිටින්නෙමු 

-සුනිල් එදිරිසිංහ-

පෙම් පත