අතීතයේ පොළොවට අහසින් ප‍්‍රහාර පහක්
ඔබත් මමත් අපි සැවොම කුඩා කාලයේ අහසේ තරු ගණන් කිරීමට වෙහෙසුනෙමු. රාතී‍්‍ර අහස චමත්කාරජනකය. විශ්මය උපදවයි. දහස් ගණනින් විසිරී ඇති තරු ගනිද්දී මේවා කෙසේ ඇතිවූයේ දැයි අපි සිතුවෙමු.
සඳු, ඉරබට තරුව, උදා තරුව, වෙනත් තාරකා, ග‍්‍රහලෝක, වල්ගා තරු හා උල්කාපාත මේ සියල්ල අපේ ළමා ලෝකයේ අපූරු විශ්මයජනක වස්තූ වූවේය. ඒවා කවදා කෙසේ ආරම්භ වන්නට ඇත්දැයි සිතන සෑම මොහොතකම අපි අසරණ වූයෙමු.
නිශ්චිත පිළිතුරක් නැති මේ පැනයට පැරැණියෝ කියා සිටියේ එය සර්වබලධාරී දෙවියන් වහන්සේගේ මැවීමක් බවයි. එහෙත් දැන් විද්‍යාව දියුණු වී තිබේ. මේවා මැවීමක් නොවන බවත් විශ්වය පිළිබඳ අධ්‍යයනය කළ යුතු බවත් තේරුම් ගත් විද්‍යාඥයෝ දැන් විශ්ව විද්‍යාව නම් නවතම විෂය ඔස්සේ විවිධ අධ්‍යයන හා පර්යේෂණ කරති. විශ්වය ගොඩනැගී ඇත්තේ අප වැනි ග‍්‍රහලෝක, තාරකා ආදිය කෝටි ගණනක් එකතුවී සෑදුණු මන්දාකිණි රාශියකින් බව දැන් අනාවරණය වී තිබේ.
එක් ග‍්‍රහලෝකයක් වන අපි තවත් පරිවාර ග‍්‍රහයකු වන චන්ද්‍රයාද රැුගෙන සූර්යයා වටා ගමන් කරමින් සිටිමු. අප වැනි ග‍්‍රහලෝක අටක්ද වාමන ග‍්‍රහයකු ලෙස හඳුන්වන ප්ලූටෝද තමන්ට ඇති චන්ද්‍රයන් ද රැුගෙන සූර්යයා වටා ගමන් කරයි. සූර්යයා යනු තරුවකි. මන්දාකිණියක් ගොඩනැගෙන්නේ එවැනි තරු කෝටි ගණනක් එක්වීමෙනි. අපේ සූර්යයා අයත්වන හෙවත් අප සිටින මන්දාකිණිය ක්ෂීරපථය ලෙස හඳුන්වයි.
විද්‍යාඥයන්ගේ නූතන සොයා ගැනීමට අනුව එවැනි මන්දාකිණි කිහිපයක් එකතුවී මන්දාකිණි පොකුරක් සාදයි. අප ක්ෂීරපථය ඇතුළු මන්දාකිණි 31ක් එකට එක්ව ඇත. එය හඳුන්වන්නේ ස්ථානීය කණ්ඩායම යනුවෙනි. විශ්වය එතැනින් කෙළවර වන්නේ නැත. මේ ආකාරයේ මන්දාකිණි කණ්ඩායම් කිහිපයක් එක්ව සුපිරි මන්දාකිණි පොකුර සෑදී තිබේ. විද්‍යාඥයෝ එම සුපිරි මන්දාකිණි පොකුරු දක්වා විශ්වයේ සැකැස්ම අනාවරණය කැරගෙන තිබුණ ද ඇතැම් විට විශ්වය තවදුරටත් සංකීර්ණ වීමට ඉඩ තිබේ. එහෙත් ඒ ගැන දැනට අවබෝධයක් නැත.
තෙරක් නොපෙනෙන මේ විශ්වය කවදා කෙසේ ආරම්භ වූයේ ද යන්න පිළිබඳ විද්‍යාඥයෝ අතීතයේ පටන්ම සොයා බැලූහ. එය මහා පිපිරුමකින් සිදුවූවකැයි එක් මතයකි. වර්ෂ 1948 දී ජෝර්ජ් ගැමෝව් නමැති ඇමෙරිකන් ජාතික තාරකා විද්‍යාඥයා මහා පිපිරුම් වාදය ඉදිරිපත් කළේය.
ඔහු පවසන්නේ විශ්වයේ සියලූම කොටස් අතීතයේ එක්ව පැවැති බවයි. අදට වඩා එය ඉතා කුඩාවට පිහිටි බවත් අධික උෂ්ණත්වයකින් යුක්තව තිබී පිපිරීමකින් කොටස් සී සී කඩ විසිරී ගොස් දැවැන්ත විශ්වය බිහිවූ බවත් ඔහු සිය මතය ඉදිරිපත් කරමින් කීය. විශ්වයේ ඇති හයිඩ‍්‍රජන්, හීලියම්, ලිතියම් වැනි සැහැල්ලූ මූල ද්‍රව්‍යයන්ගේ උපත සිදුවූ ආකාරය ද මහා පිපිරුම් න්‍යායෙන් පැහැදිලිව දක්වා ඇත. අධික උෂ්ණත්වය මෙවැනි වායු බිහිවීමට හේතුවූ බව පවසන ගැමෝව් මූලද්‍රව්‍ය බිහිවීමේ ප‍්‍රමාණ පිළිබඳ ඉදිරිපත් කැර ඇති වාර්තා ද සත්‍යයැයි පර්යේෂණ මගින් තහවුරු වී තිබේ. 1965 වර්ෂයේදී ආර්නොපෙන්සියාස් සහ රොබට් විල්සන් යන විද්‍යාඥයෝ දෙදෙනා නවතම සොයා ගැනීමක් කළහ. ඒ මු`එ මහත් විශ්වය පුරාම පැතිරී ඇති ක්ෂුද්‍ර තරංග විකිරණයයි. විශ්වයේ සිදුවූ මහා පිපිරුමේදී අධික උෂ්ණත්වය හේතුවෙන් විශ්වයම විකිරණ වලින් පිරී පැවති බවත් විශ්වය ප‍්‍රසාරණය වනවිට උෂ්ණත්වය අඩුවී ගියද විකිරණ විශ්වය පුරාම එකසේ පැතිර ගිය බවත් ඔවුහු විස්තර කළහ. මේ සොයා ගැනීම වෙනුවෙන් පර්යේෂකයෝ දෙදෙනා 1978 දී නොබෙල් ත්‍යාගය ද හිමිකැර ගත්හ.
1989 දී අභ්‍යාවකාශයට යැවූ කොස්මික් චන්ද්‍රිකාව කරන ලද පර්යේෂණ අනුව පැහැදිලි වූයේ ක්ෂුද්‍ර විකිරණ විශ්වයේ ඒකාකාරී ලෙස පැතිරී නොමැති බවයි. මේ සුළු වෙනස්කම් වලට හේතුව මහා පිපිරුම් න්‍යාය බව ද පර්යේෂකයෝ තේරුම් ගත්හ. එහි ප‍්‍රතිඵලය වූයේ ගැමෝව් ගේ මතය තවදුරටත් පිළිගැනීමට ලක්වීමයි.
මහා පිපිරුම් න්‍යායට එරෙහි මතවාදයක් ද තිබේ. ඉන් එකක් වන්නේ ස්ථාවර තත්ත්ව න්‍යායයි. ඔස්ටි‍්‍රයානු ජාතික විදයාඥයන් දෙදෙනකු වන තෝමස් ගෝල්ඞ් සහ හර්මන් බොන්ඞ් සමග බි‍්‍රතාන්‍ය ජාතික ෆ්‍රෙඞ් හොයිලි මෙම න්‍යාය ඉදිරිපත් කැර තිබේ. ඔවුන් පවසන්නේ අතීතයේ සිට වර්තමානය දක්වාම විශ්වය එකම ආකාරයෙන් පැවති බවයි. එමෙන්ම ප‍්‍රසාරණය වෙමින් පවතින විශ්වයේ එකිනෙකාගෙන් ඈත්වන මන්දාකිණි අතර පරතරය පියවීම සඳහා අ`එතින් ද්‍රව්‍ය ඇතිවන බව ද ඔවුහු පවසා ඇත.
මන්දාකිණි එකිනෙක ඈත්වෙමින් පවතින බව විද්‍යඥයන් විසින් තහවුරු කරනු ලැබ ඇති කාරණයකි. පොළොවේ සිට මෙගාපෙසක් 50ක් හෙවත් වසර කෝටි 163 ක් පුරා ආලෝකය ගමන් කරන දුරින් පිහිටි මන්දාකිණියක් තත්ත්පරයට කිලෝමීටර 5000ක වේගයකින් පොළොවෙන් ඈත් වෙමින් තිබේ. මෙය අතිවිශාල වේගයක් ලෙස සිතුන ද විශ්වයේ විශාලත්වය සැලකූ විට එය ඉතා මද වේගයකි. ස්ථාවර තත්ත්ව න්‍යායේ සඳහන් ඇතැම් කරුණු නූතන සොයාගැනීම් සම`ග එක`ග නොවූයෙන් එම මතය ප‍්‍රතික්ෂේප කැරුණි. අනතුරුව නව ස්ථාවර තත්ත්ව න්‍යාය ඉදිරිපත් කිරීමට ශී‍්‍ර ලාංකික විද්‍යාඥ චන්ද්‍රා වික‍්‍රමසිංහ, පේ‍්‍රඞ් හොයිලි, ජයන්ට් නාලිකාර් නම් විද්‍යාඥයෝ කටයුතු කළහ.
ඔවුන් පවසන්නේ විශ්වය යනු ආරම්භයක් නැති වයස අසීමාන්තික දෙයක් බවයි. විශ්වයේ තැනින් තැන සිදුවන කුඩා පිපිරුම් හේතුවෙන් විශ්වය ප‍්‍රසාරණය වෙමින් පවතින බව ද ඔවුහු පවසති. මේ විද්‍යාඥයන් පවසන්නේ ක්ෂුද්‍ර තරංග විකිරණය ඇතිවීමට මහා පිපිරුමක් අනවශ්‍ය බවකි. සුපර්නෝවාර් යනුවෙන් හඳුන්වන තාරකා පිපිරීම් වලදී නිපදවන යකඩ කෙඳි ආදිය මගින් තාරකාවලින් නිකුත් කෙරෙන අධික ආලෝකය උරාගෙන ක්ෂුද්‍ර තරංග විකිරණක් ලෙස ආපසු නිකුත් වන බව ද ඔවුහු පෙන්වාදෙති.
විශ්වයේ ඇති ශක්ති උත්පාදකය වන්නේ අපේ හිරු මෙන් වූ තාරකාය. නෙබියුලාවක් ලෙස හඳුන්වන වායු සහ දුවිලි වලින් සමන්විත අන්තරීක්ෂ වළාවන්හි ඇති වායු හා දුවිලි එක් කේන්ද්‍රයක් වටා භ‍්‍රමණය වෙමින් තිබේ. මේවා මන්දාකිණි සහ මන්දාකිණි අතර ආදී වශයෙන් විශ්වයේ විවිධ ස්ථානයන්හි පිහිටා තිබේ. මෙලෙස භ‍්‍රමණය වන දුවිලි සහ වායු වසර කෝටි ගණනක ඇවෑමෙන් ක‍්‍රමයෙන් සංකෝචනය හෙවත් හැකිළීමට ගනී. අනතුරුව එහි ඇතිවන අධික තාපය පදනම් කරගෙන මු`එ ගෝලීය පද්ධතියම අධික ලෙස රත්වේ. තවදුරටත් එය සංකෝචනය වනවිට හයිඩ‍්‍රජන් පරමාණු දෙක බැගින් එක්වී හීලියම් පරමාණු බවට පත්වීමේ ප‍්‍රතිකි‍්‍රයාවක් එනම් න්‍යෂ්ටික විලයනය හේතුවෙන් අති විශාල තාපයක් නිපදවේ. තරුවක උපත සිදුවන්නේ ඒ ආකාරයෙනි. මෙහි න්‍යෂ්ඨික ප‍්‍රතිකි‍්‍රයා සිදුවනතෙක් එහි එහි ශක්තිය නිපදවේ. තාරකා විද්‍යාඥයන් පවසන්නේ අපගේ සූර්යයාට තවත් වසර කෝටි 500 ට වඩා කාලයක් බල ශක්තිය නිපදවීමේ හැකියාව ඇති බවයි.
සූර්යයාගේ අභ්‍යන්තරය ඉතාමත් උණුසුම්ය බාහිරයට යද්දී එය ක‍්‍රමයෙන් සිසිල් වේ. විද්‍යාඥයන් පවසන්නේ අපගේ සූර්යයයාගේ උෂ්ණත්වය වෙනස් වූ ප‍්‍රධාන කාණ්ඩ තුනක් හෙවත් වළලූ තුනක් තිබිණි. එයින් උෂ්ණත්වය බහුලවම තිබූ අභ්‍යන්තරය සිලිකේට් වලින් සෑදී තිබිණි. මේ කලාපයෙන් පසුව හමුවන්නේ ශීතල කලාපයකි. සිලිකේට් වලින් ද ශීතල කලාපයේ ඇති හිම වලින් ද ග‍්‍රහලෝක නිර්මාණය වූ බව විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. ශීත කලාපයේ පවතින සියලූම පදාර්ථ වල පැතිරීම ඉතාමත්ම දුහුල්ය. මේ දුහුල් බව කොතෙක් ද යත් ඒවාට ග‍්‍රහලෝකයක් නිර්මාණය කිරීමට එකතුවීමට නොහැකි තරම් වන බැවින් කුඩා ග‍්‍රහක සෑදී තිබේ.
බ‍්‍රහස්පති සහ අගහරු අතර ග‍්‍රහක පටියක් පිහිටා තිබේ. මෙය විශාල ස්කන්ධයකින් යුතු දැවැන්ත බ‍්‍රහස්පති ග‍්‍රහයා නිර්මාණය වීමේදී එහි බලපෑමට යටත්ව ඒ ආසන්නයේ ගොඩනැගෙමින් තිබූ ග‍්‍රහලෝකය දෙදරා විනාශ වී යාමෙන් ඇතිවූවක් බවට විද්‍යාඥයන්ගේ විශ්වාසයක් තිබිණි. එහෙත් මේ ග‍්‍රහකයන්ගේ ස්කන්ධය එකිනෙක සමාන නොවීම හේතුවෙන් දැන් විශ්වාස කරන්නේ අප සෞරග‍්‍රහ මණ්ඩලයේ උත්පත්තියට හේතුවූ නිහාරිකාව කැටිවී තනි ග‍්‍රහලෝකයක් ලෙස නිර්මාණය වීමට නොහැකි වූ කොටස් මෙලෙස ග‍්‍රහක වළල්ලක් ලෙස බිහිවන්නට ඇති බවයි.
පෘථිවිය ඇතුළු සෞරග‍්‍රහ මණ්ඩලය බිහිවී ගතවූ වසර කෝටි ගණනක කාලයේදී ජීවීන් බිහිවූ එකම ග‍්‍රහ ලෝකය වූයේ පෘථිවියයි. පෘථිවිය සම්භවය වූ ආකාරය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේදී වැදගත් වන්නේ ඒ පිළිබඳ වූ සාක්ෂි රැුසක් සුළං සහ වතුර විසින් වෙනස් කර ලැබ තිබීමයි. සාමාන්‍ය පිළිගැනීම වන්නේ පෘථිවිය අදින් වසර කෝටි 60 ට පෙරාතුව උපත ලබා ඇති බවයි. විද්‍යාඥයන් එයට සාක්ෂි ලෙස ඉදිරිපත් කරන්නේ පැරණිතම පාෂාණය වසර කෝටි 60 ක් පමණ පැරණි බව පවසමිනි. පෘථිවිය බිහිවී අද වර්තමානය දක්වා ගතවූ කාලයේදී ලෝකය විනාශවී යාම පිළිබඳ අද තරම් කතා බහට ලක්නොවූ වෙනත් වකවානුවක් නොමැති බව පැහැදිලිය. නමුත් එදා පටන් අද දක්වා ගතවූ කාලයේ අවස්ථා 60 දී පමණ පෘථිවියට අභ්‍යාවාකාශයෙන් දැවැන්ත ප‍්‍රහාර එල්ලවූ බව ද විද්‍යාඥයෝ පවසති.
2012 දෙසැම්බර් 21 වැනි දින විශාල ග‍්‍රහකයක් පෘථිවිය හා ගැටීමෙන් ලෝකය විනාශවන බවට පැතිර ඇති කතාවේ සත්‍යතාවක් නැතත් එවැනි ගැටීම් සිදුවූ අවස්ථා ගණනාවක් අතීතයේ වාර්තා වී තිබේ. ඒ අතරින් කුඩාම ගැටීමේ දී පවා පොළොව මත කිලෝමීටර 95 ක් පමණ පුළුල් වූ ආවාටයක් ඇතිවූවේයැයි නූතන විද්‍යාඥයෝ පවසති. එය අධි බලැති පුපුරණ ද්‍රව්‍ය මෙගාටොන් කෝටියක් පුපුරවා දැමීමකට සමාන ගැටීමකි.
එවැනි ගැටීම් හේතුවෙන් පෘථිවිය මත දැඩි බලපෑමක් සිදුවන්නට ඇති බවට සැකයක් නැත. පුරා පාරිසරික විද්‍යාව අධ්‍යයනය කරන විද්‍යාඥයන් පවසන්නේ පෘථිවියට විශ්වයෙන් එල්ලවූ ග‍්‍රහක ප‍්‍රහාර හේතුවෙන් සිදුවූ විනාශ පහක් පිළිබඳ පොසිල වාර්තා සාක්ෂි දරන බවයි. මේ පොසිල පරීක්ෂා කිරීමේදී එම ගැටුම් හේතුවෙන් පෘථිවියේ විසූ ජීවීන්ගෙන් හරි අඩකට වඩා විනාශවී ගොස් ඇත.
අදින් වසර කෝටි 25 ට පෙර පැවති පර්මියන් යුගයේ අවසානය සිදුවූයේ ග‍්‍රහකයක් පෘථිවිය හා ගැටීමෙන් බව පාෂාණමය සාක්ෂි අනුව තහවුරු කැරගත හැකිවී තිබේ. එම ගැටීමේදී පෘථිවියේ සිටි ජීවීන්ගෙන් සියයට 90 ක් පමණ විනාශ වී ගොස් ඇත. වසර කෝටි හයහමාරකට පමණ පෙරාතුව ඩයිනෝසරයන් මිහිමතින් තුරන් කිරීමට හේතුවූයේ ද එවැනිම තවත් ග‍්‍රහක ගැටීමක් බව දැන් තහවුරු කැරගෙන තිබේ. මේ සාධක මතුකැර ගත හැක්කේ පෘථිවිය මත දක්නට ලැබෙන ආවාට, පිපිරීම් වලින් විසිරීගොස් ඇති සුන් බුන් සහ පිපිරීගිය පාෂාණ ආදියෙනි. මේ භෞතික සාධක බොහොමයක් ඝන පාෂාණ තට්ටු මත වැළලී ගොසිනි. පිපිරීම් වලින් උණුවී ගිය හා බිඳී ගිය ඛණිජ ස්ඵටික ද මෙවැනි පර්යේෂණ වලදී වැදගත් සාක්ෂියකි. පිපිරීමේදී ආගන්තුක ග‍්‍රහකය සමග පැමිණෙන පෘථිවියේ දක්නට නොමැති වෙනත් සංඝඨක ද එවැනි පිපිරීමක් පිළිබඳ අධ්‍යනයේදී වැදගත් සාක්ෂියකි.
මෙවැනි පිපිරීම් පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාඥයන් පවසන්නේ පිපිරීමෙන් ඇතිවූ ආවාට සහ අවසාදිත තට්ටු අභ්‍යන්තරයේ කාබන් අණු සමග රැුඳුණු ඈත විශ්වයෙන් පැමිණි වායු වර්ග තවමත් දක්නට ලැබෙන බවයි.
පුරා පාරිසරික විද්‍යාව විෂය වඩාත් දියුණු වීමත් සමගම ඒ පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාඥයන් පවසන්නේ පෘථිවිය මත වෘක්ෂලතාදිය විනාශ වූ අවස්ථා පිළිබඳ ඇති සාධක වලට සමගාමීව පරිසර පද්ධති සියල්ලේම දැඩි කැළඹීමක් පිළිබඳ සාධක මෙන්ම සාගරයේ ජීව නිෂ්පාදන වල ක්ෂණික පහළ බැසීමක් පිළිබඳව ද සාක්ෂි දක්නට ලැබෙන බවයි.
ග‍්‍රහකයක් ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වන්නේ ගල් කැබලි නැතහොත් ග‍්‍රහලෝක කැබලිය. අ`ගහරු සහ බ‍්‍රහස්පති අතර එවැනි ග‍්‍රහක රැුසක් පිහිටා තිබේ. මේවා වළල්ලක ආකාරයෙන් සූර්යයා වටා ඉලිප්සාකාර මාර්ගයක ගමන් කරමින් සිටී. ග‍්‍රහක ලක්ෂ දෙකක් පමණ දැනට සොයාගෙන ඇත. මෙවැනි ග‍්‍රහක බිලියනයක් පමණ සෞරග‍්‍රහ මණ්ඩලයේ පවතින බව විද්‍යාඥයන්ගේ මතයයි. 1996 දී නාසා ආයතනය විසින් අභ්‍යාවකාශ ගත කරන ලද ෂූමාර්කර් යානය 1997 දී මැතිල්ඞ් නම් ග‍්‍රහකයට කිලෝමීටර 1212 ක් ආසන්නයෙන් ගමන් කර ඉන් පසු 2001 වර්ෂයේදී ඊරෝස් නම් ග‍්‍රහකයට ගොඩබැස්සේය. ග‍්‍රහක පටියේ ඇති ග‍්‍රහක වලට අමතරව සෞර ග‍්‍රහ මණ්ඩලයේත් විශ්වයේ වෙනත් ස්ථාන වලත් වරින් වර ග‍්‍රහක නිර්මාණය කරන්නේ වල්ගාතරුය. වල්ගාතරුවක් ගමන් ගන්නා අවස්ථාවේදී එහි වලිගයේ සිසිල් කොටස් වල්ගාතරුවෙන් වෙන් වී එම මාර්ගයේ අවශේෂ ලෙස ඒකරාශී වේ. ඒවා ග‍්‍රහක ලෙස ගමන් කරමින් තිබේ. ග‍්‍රහක පටියෙන් ගිලිහී ගිය ග‍්‍රහක කිහිපයක් ස්වාධීනව පෘථිවියට ආසන්නව සූර්යයා වටා පරිභ‍්‍රමණය වේ. එයින් ඇතැම් ඒවා පෘථිවි කක්ෂය හරහා ද ගමන් කරයි.
මේ ආකාරයේ විශ්වයේ සැරිසරන ග‍්‍රහක, උල්කා හෝ වල්ගාතරු පෘථිවි ජීවීන්ගේ පැවැත්මට තර්ජනයක් වන ආකාරයෙන් ගැටේ ද යන්න පිළිබඳ තාරකා විද්‍යාඥයෝ නිරන්තරව අවධානය යොමුකැර සිටිති. අප ආසන්නයෙන් ගමන් කරන ග‍්‍රහකයක් දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ එය පෘථිවිය පසුකැර යාමට දින හතරකට පමණ පෙරාතුවය. සාමාන්‍ය ගණනය කිරීම් අනුව කිලෝමීටරයක පමණ විශ්කම්භයක් ඇති ග‍්‍රහකයක් පෘථිවිය හා ගැටුණහොත් ලෝක විනාශයක් විය හැකියැයි මතයක් තිබේ.
එවැනි ග‍්‍රහකයක් පෘථිවියට පැමිණෙන්නේ නම් කළ හැකි විනාශයෙන් වැළකී සිටීමට ගත හැකි කි‍්‍රයාමාර්ගය වන්නේ අදාළ ග‍්‍රහකය වෙත හැකිතරම් වේගයෙන් යානයක් යවා ඒ මත ප‍්‍රබල න්‍යෂ්ඨික අවි පිපිරීමක් කිරීම බව විද්‍යාඥයන්ගේ මතය වී තිබේ. එමගින් ග‍්‍රහකයේ ගමන් මග වෙනස් කළ හැකිය යන මතයේ ඔවුහු සිටිති.
දැනට හඳුනාගෙන ඇති ග‍්‍රහක අතරින් 2004 එම්.එන්.4 ලෙස නම්කැරුණු ග‍්‍රහකයක් 2029 වර්ෂයේ අප්‍රේල් මාසයේදී පෘථිවියට කිලෝමීටර 36,200 ක් පමණ දුරින් ඇදී යනු ඇතැයි නාසා ආයතනය පවසයි. මීටර 320 ක් විශාලත්වයෙන් යුතු මෙම ග‍්‍රහකය පෘථිවියේ සිට පියවි ඇසින් දකින්නට හැකි වීම ද විශේෂත්වයකි.
2012 දෙසැම්බර් මස 21 වැනි දින හෝ ඒ ආසන්න දිනයක ලෝකය විනාශ වේයැයි යන මතයේ කිසිදු සත්‍යතාවක් නැතත් විද්‍යාඥයන්ගේ මතය වී ඇත්තේ පෘථිවිය බිහිවූ දා සිට පෘථිවියට මුහුණ පෑමට සිදුවූ ආකාරයේ ග‍්‍රහක ප‍්‍රහාරයකට කවර හෝ මොහොතක පෘථිවිය ගොදුරුවීය හැකි බවයි. පෘථිවියට ඉලක්කවී පැමිණෙන ග‍්‍රහකයක ගමන් මාර්ගය නවීන තාක්ෂණයේ උපකාරයෙන් වෙනස් කළ නොහැකි වුවහොත් අතීතයේ වරින් වර ඩයිනොසරයන් ඇතුළු ජීවීන් වඳවී ගිය ආකාරයට පෘථිවියේ ජීවය යළිත් විනාශ වී නොයනු ඇතැයි කිසිවෙකුට ස්ථිරවම අනාවැකි පල කිරීමට හැකියාවක් නැත.

සජීව විජේවීර
Labels:
ඇසුවෙමි දුටුවෙමි
උදාවන නව වසර ඔබේ ලග්නයට කොහොම වෙයිද ?
මේෂ ලග්නයට අනුව ලග්නාධිපති කුජ හා යෝග කාරක රවි, ගුරු බලයෙන් යුක්තව සිටින මොහොතේ උදාවන නව වසර ශුභඵලදායී අයුරින් ගතවන්නේය. ඔබගේ ආර්ථික, රැකියා, විවාහ ආදී කාර්යයන්හි වැඩි දියුණුවට කටයුතු පිළියෙල වේ. මිල මුදල් හෝ වෙනත් බාහිර ප‍්‍රශ්න ඇතිව අතහැර දමා තිබූ වැඩ නැවත ඇරඹීමට අවශ්‍ය කටයුතු සකස් වෙයි. විශේෂයෙන් විවිධ තරාතිරමේ අයගේ උදව් උපකාර මත අනාගත දියුණුවට හේතු වන කාර්යයන් රැසක් සකස් වේ. වසරේ මුල් මාස 06 පැහැදිලි සුබපල රැසක් ගෙන දෙනු ඇත. ගරු නම්බු ලැබේ. මිල මුදල් ලාභ ගෙනදෙයි. තනතුරු නිලතල වරප‍්‍රසාද මුල් මාස 06 තුළ හිමිවන්නේය. අවසන් මාස 06 යම් යම් අවහිර බාධා ප‍්‍රමාද මධ්‍යයේ කටයුතු කිරීමට සිදුවන බැවින් එතැන් සිට දෙවරක්, තෙවරක් සිත යොමා ඥානාන්විතව කටයුතු කරන්න. ඔබට නව ආදායම් මාර්ග ගොඩනැගෙන වසරකි. |
මැයි සිට දෙසැම්බර් අතර කාලය තුළ ගෙදර දොර දියුණුවක් ද ඇතිවේ. භෞතික සම්පත් ද නොඅඩුව ලැබේ. සිතට සතුටක් සැනසුමක් දැනෙන දෑ සිදුවේ. පොදුවේ ඔබේ වැඩවලට විවිධ රහස් සතුරු බලවේග ප‍්‍රශ්ණකාරී ගති හා කුමන්ත‍්‍රණවලින් බාධක යෙදුනත් ඒවා මැඩගෙන තම බලාපොරොත්තු ඉටු කර ගැනීමට පිළිවන්කමක් ඔබට ලැබේ. |
පොදුවේ ඔබට ලබන වසරේ මැයි මස සිට පවත්නා තත්වයේ සැලකිය යුතු යහපත් වෙනසක් බලාපොරොත්තු විය හැකි අනාගත සුබ සිද්ධිය සඳහා කටයුතු සාර්ථක කර ගැනීමටත් මෙහිදී අවස්ථාව උදාවේ. තම වැඩ කටයුතුවලට සමාජයේ උසස් පුද්ගලයන්ගේ ආධාර උපකාර පවා ලැබෙනු ඇත. රැකියා හෝ පදිංචියේ කිසියම් වෙනසක් මාරුවක් වුවද සිදුවේ. වැඩිපුර දීර්ඝ ගමන් යෙදෙනු ඇත. අවබෝධ ඥාණය, ධාරණ ශක්තිය හොඳින් ගොඩනැගෙන වසරකි. ආර්ථික හා වෘත්තීය ලාභ ප‍්‍රයෝජන සැලසුනත් හදිසි වියදම් ද යෙදෙන දෑ සිදුවේ. ස්වයං ව්‍යාපාරවල වැඩි දියුණුව සැලසෙන වසරකි. |
පොදුවේ උගත් කමට දැනුමට කුසලතාවට නිසි තැන ලැබෙන වසරකි. විවාහ බාධක දෝෂ මැයි සිට පහව ගොස් අවිවාහකයන්ට විවාහ සැප පවා හිමිවීම නව වසරේ පෙන්නුම් කරන සුභ ප‍්‍රතිපලයකි. |
නැති වු වස්තුව මෙන්ම නැති වී ගිය රැකියා තනතුරු පමා වු වැඩ යනාදී බොහෝ කාර්යයන් නැවත ලැබේ. රැුකියා අපේක්ෂිතයන්ගේ හා විවාහ අපේක්ෂිතයන්ගේ අපේක්ෂා ද ඉටුවෙයි. තමා පෙර අනාගත අභිවෘද්ධිය උදෙසා පදිංචියේ වෙනසක් ඇතිකර ගැනීම සඳහා සිත ක‍්‍රියා කරන වසරකි. එම අරමුණද එලෙස සාර්ථක කර ගත හැකිය. විශේෂයෙන් සෑම දෙයින්ම ලාභ ප‍්‍රයෝජන ලැබෙන වසරකි. |
විශේෂයෙන් ඔබ සිතන සැලසුම් කරන වැඩ සියල්ලම සාර්ථක කර ගැනීම අපහසු වුවත්, හොඳින් සිතා බලා සැලසුම් සහගතව කරන කාර්යය කටයුතු අභියෝගයට ලක් නොවේ. ඒවා කෙසේ හෝ සාර්ථක කර ගත හැකි රැකියාවේ ස්ථාන වෙනසක් අනාගත යහපත උදෙසා සැලසේ. පසුගිය කාලයේ අතපසු වු වැඩ කටයුතු රාශියක් මෙම වසරේදී නිමකර ගැනීමටත් අවස්ථාව සැකසේ. උත්පත්ති කේන්දරයේ සඳු ග‍්‍රහයා 7 වන 8 වන ස්ථානවල සිටි කන්‍යා ලග්න හිමියන්ට සිතට වදදෙන යම් යම් ප‍්‍රශ්න ඇතිවේ. ගෘහ ජීවිතයේ ගැටලූ ශරීර සනීපය දුර්වලවීම්, හවුල් කටයුතුවල අර්බුද, සතුරු කරදර රහස් කුමන්ත‍්‍රණ වැනි දේට මුහුණ දෙන්ට සිදුවේ. විශේෂයෙන් ඔබ ආගම වත් පිළිවෙත් පුද පූජා වන්හි නියුතු වෙමින් වසර තුළ කටයුතු කිරීම වඩාත් යෙහෙකි. |
බොහෝවිට ඔබ මෙම වසර තුළ සෑම කටයුත්තක්ම ඉතා සැහැල්ලූවෙන් සළකා ක‍්‍රියා කරන බැවින් තමාගේ දියුණුව ද ප‍්‍රමාණවත් අයුරින් ඇති නොවේ. ඔබට නව වසරේ මුල් මාස 6 ආර්ථික රැකියා ව්‍යාපාරික මෙන්ම අධ්‍යාපන කටයුතු වලට අයහපත් නොවුණත් ඒවායේ යම්කිසි සංවර්ධනයක් ප‍්‍රගතියක් ඇති කළත් අවසන් මාස 06 මේවායේ වැඩවලට විවිධ අවහිර බාධා මතුවේ. විදෙස් රැකියා අපේක්ෂා හා විදෙස් ගමන් බලාපොරොත්තු සාර්ථක වෙයි. යුගදිවියේ සාමය, සතුට බිදීයන දෑ සිදුවන බැවින් ඒ කෙරේ වඩාත් සැලකිලිමත් වන්න. |
විශේෂයෙන් ගතට සිතට සැපත සතුට දනවන කාර්යන් රැසක් මුල් මාස 06 තුළ සිදුවේ. අවසන් මාස 06 කාර්ය කටයුතුවලට විවිධ අවහිර බාධා මතුකරන අතර අත්‍යාවශ්‍ය වැඩ ප‍්‍රමාද වන දෑ සිදු වන්නේය. එසේම ලැබෙන මුදල් නිකරුනේ වියදම් වී යන කරුණු යෙදේ. වසරේ මැද භාගයෙන් පසු ආගමික වත්පිළිවෙත් පුද පූජාවන් හි නියුතු වෙමින් කටයුතු කරන්න. |
ජීවනෝපාය මාර්ගයන්හි පැහැදිලි වෙනසක් නව ආදායම් මාර්ග හිමිවීමක් ඇති කෙරේ. පරිසරය යහපත් වීම නිසා රාජකාරි වගකීම් නිසිලෙස ඉටු කිරීමටත් හැකිවේ. තනතුරු නිලතල වරප‍්‍රසාද හිමිවන වසරකි. බලාපොරොත්තු ඉටුවන සැලසුම් ක‍්‍රියාවට නැංවීමට හැකි වෙයි. මෙම වසරේ මැයිවලින් පසු පවතින තත්වයේ කැපී පෙනෙන යහපත් වෙනසක් ඇති වන්නේය. සතුරු කුමන්ත‍්‍රණ පරාජය කළ හැකිවෙයි. අධ්‍යාපන රැකියා ව්‍යාපාර මෙන්ම විවාහ යනාදියේ අපේක්ෂා ඉටුවීම නිසා සිතට සතුට දනවන වසරක් ද වේ. තරග විභාග සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජය ලැබෙන දිවියේ නව පරිවර්තනයකට මුල පිරෙන ශුභදායි වෙනස්කම් රැසක් සිදුවන නව වසරක් බවට පත්වේ. |
කෙසේ වෙතත් යම් යම් අවස්ථාවල ගැටලූ පැනනැගුණත් හවුල් හෝ ස්වයං ව්‍යාපාරවල නියුතු වන්නන්ට ඒවායේ සැලකිය යුතු දියුණුවක් ගෙනදෙනු ඇත. විශේෂයෙන් මෙම වසර තුළ ඔබ සැලසුම් නොකළ බලාපොරොත්තු නොවූ මාර්ගයක නැතහොත් දෙයකින් ඔබට විශේෂ ලාභ ප‍්‍රයෝජනයක් ගෙනදෙන්නේය. බලාපොරොත්තු වන සැලසුම් කරන දෑ කල් යයි. උරුම හිමිකම් ප‍්‍රශ්න දේපල ආරවුල් මතු වීමේ ප‍්‍රවණතාවක් පවතින බැවින් ඒ කෙරෙහි සැලකිලිමත් වන්න. මුල් මාස 06 අධ්‍යාපන විවාහ අංශවල කරදර ප‍්‍රශ්න මතු නොවේ. |
ඉදිරිපත් වන බොහෝ කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවනු ඇත. පසුගිය කාලයේ මුදල් අපහසුවෙන් හෝ වෙනත් බාහිර ප‍්‍රශ්න මැද හෝ අතපසු වු වැඩ අත්‍යාවශ්‍ය කාර්යය කටයුතු මෙම වසරේ නැවත ඇරඹීමට හැකිවනු ඇත. අඩපණව පවතින කටයුතු ප‍්‍රතිසංවිධානය වේ. තමා නිරත වන රැකියා ව්‍යාපාරයන්හි දියුණුවක් අභිවෘද්ධියක් ද ඇති කරයි. විශේෂයෙන් මෙම වසරේ ඔබට සමාජයේ උසස් පුද්ගලයන්ගේ ගුණවතුන්ගේ ඇසුර ලැබේ. එමෙන්ම ආධාර උපකරද ලැබේ. අධ්‍යාපන කටයුතුවල නිරත වන්නන්ගේ සිත් උසස් අධ්‍යාපනයට යොමු වී එවැනි දේට සම්බන්ධ වේ. ඇනහිට තිබු විදෙස් ගමන් බිමන් රැකියා ලාභ ගොඩනැගීමද නව වසරේ සිදුවෙයි. |
සමස්ථයක් වශයෙන් ගත්කළ අධ්‍යාපන, රැකියා, විවාහ යනාදියේ වැඩි දියුණුවට කටයුතු පිළියෙළවීමක් 2013 මැයිවලින් පසු ක‍්‍රමයෙන් ඇති කරයි. පොදුවේ උප්පත්ති කේන්ද්‍රයේ සඳු ග‍්‍රහයා 1 වැනි 2 වැනි කොටුවල සිටි අයට විවිධ ප‍්‍රශ්න කරදර ඇති කළත් අපලකාරී බවක් පෙන්නුම් කළත් සෙසු අයට දැඩි පීඩාකාරී බවක් පෙන්නුම් නොකරයි. කෙසේ වෙතත් උදාවන නව වසර ඔබේ දිවියේ අත්‍යාවශ්‍ය කාර්ය කටයුතු කෙරෙන් විශේෂ සුබදායී තත්ත්වයක් පෙන්නුම් නොකරයි. ඉවසිලිවන්තව බුද්ධිමත්ව සිතා තීන්දු තීරණ ගෙන කටයුතු කළ යුතු වසරකි. ශරීර සනීප කෙරෙහි නිබදව සැලකිලිමත් වන්න. |
බෙන්තොට හේමන්ත වීරසිංහ
Labels:
ඇසුවෙමි දුටුවෙමි
"යෝධයන්" කැපූ ඇළ
අති පැරණි යෝද ඇළ සැබැවින්ම ඇළක් නොව සැතැපුම් 54ක් දිගට කලාවැවේ සිට තිසාවැව දක්වා පිහිට වූ දික් වැවක් යයි කිව හැකි තරමට එහි නිර්මාණය අපූර්වත්වයෙන් පිරී තිබේ. වසර දෙදහසක් තරම් අතීතයට දිව යන දේශීය වාපී හා වාරි ශිල්පයේ මහිමය මූර්තිමත් කෙරෙන අද්විතීය නිර්මාණයක් වූ යෝධ ඇළේ ඉතිහාසය යෝධ ඇළ තරම්ම දිගය. රජකමට කෑදර වී සිටි කාශ්‍යප පුතා ”හම්බ කළ ධනය පෙන්වන්නැයි” පිය රජු වූ ධාතුසේනගෙන් ඉල්ලා සිටි විට ”මා රට - ජාතිය වෙනුවෙන් ඉපැයූ ධනය පෙන්වන්නට මා සමග එන්න” යයි පුතාට විධාන කොට තමන්ද අසු පිටට නැගී කලාවැව දක්වා ගමන් කර ඇත්තේ යෝධ ඇළේ බැම්ම දිගේ යයි අදටත් ජනප‍්‍රවාදයේ පවතී. ඒ සංවේදනීය ඉතිහාසය ගුලි වී ඇත්තේ යෝධ ඇළ දිගේය.
කලාවැවේ උපතට මුල් වී ඇති කලාඔය මහාවංශයෙන් හඳුන්වා ඇත්තේ ”ගෝන නදී” වශයෙනි. ප‍්‍රථම සියවස වනවිට කලාවැව සහ බළලූ වැව පැවැතියේ වැව් වශයෙන් නොව - විල් වශයෙනි. ටොලමි ලංකා සිතියම නිර්මාණය කළ යුගයේ මෙහි පැමිණි දේශාටකයකු වූ ”ප්ලීනි” (Pliny) තැප‍්‍රබෝන් රටේ (ශ්‍රී ලංකාවේ) ”මෙගිස්බා” (^Megisba) නමින් විලක් ගැන සඳහන්වේ. පසුකලක කලාවැව හා බළලූ වැව බවට පත් වුයේ මේ විල් බව විශ්වාස කෙරේ.
කලාවැව හා බැඳුණු කඩවර කතාවක් අදත් ජනප‍්‍රවාදයේ පවතී. එදා සිටි කඩවර අද කලාවැව රකින දෙවියන් ලෙසද ජනතාව අදහති. කඩවර විසුයේ මහසෙන් රජු සහ වසභ රජු විසූ යුගවලදීය. වැව් බැඳි රටේ වැව් කප්පිත්තන් ලෙස සැලැකෙන්නේ වසභ සහ මහසෙන් රජවරුය. මේ නිසා කලාවැවේ ආරම්භය පළමුවැනි සියවසේ විසු මහසෙන් රජු හෝ වසභ රජු විසින් කරන ලදැයි සැලකිය හැකිය. ධාතුසේන රජු විසුයේ පස්වැනි සිය වසේදීය. ක‍්‍රි.ව. 459 සිට 477 දක්වා වසර 18ක කාලයක් ධාතුසේන රජු අනුරාධපුර අගනුවරේ රජකම් කර ඇත. කලාවැව සහ බළලූ වැව යා කොට විශාල වැවක් ලෙස ප‍්‍රතිනිර්මාණය කළේ ධාතුසේන රජුය.
කලාවැව සිට තිසා වැව දක්වා සැතපුම් 54ක් දිගට යෝධ ඇළ නිර්මාණය කළේ ධාතුසේන රජතුමා විසිනි. මෙහි ප‍්‍රථම සැතපුම් දහ හතේ දිය බැස්ම සැතපුමකට අඟල් 6කි. යෝධ ඇළ අපූර්ව නිර්මාණයක් ලෙස සැලකෙන එක් හේතුවක් එයයි. ගැබ්ගත් එලිච්චියක් පෙරමුණෙන් ගමන් කරවා - ඇය පියවර තැබු මග ඔස්සේ යෝධ ඇළ ඉදිරියට කපාගෙන යන ලදැයි ප‍්‍රදේශයේ ජනමතයක්ද පවතී. ධාතුසේන රජු රාජ්‍යයෙන් අත්මිදීමට වසර 7කට පෙර යෝධ ඇළ හදා අවසන් කළ බව මහාවංශයේ දැක්වේ. යෝධ ඇළ දෑලේ වර්ග සැතපුම් 180ක් පුරා විහිදුන කෙත් යාය ඉදිකොට වපසරිය අක්කර 11400කට එල්ලංගා පද්ධති 12ක් ඔස්සේ ගම්මාන වැව් 120කට දියවර සැපයීමකට එදා යෝධ ඇළ සමත් වූ බව ඉතිහාසයේ දැක්වෙයි.
මහසෙන් රජු විසින් ඉදිකරන ලද මිනිපේ - ඇලහැර - යෝධ ඇළ ප‍්‍රථම සියවසේදී ඉදිවී තිබේ. යෝධ ඇළ සංකල්පයේ ආරම්භය මෙය විය හැකිය. අතීත වාරි පද්ධතිය අධ්‍යයනය කරන විට සිරුර පුරා රුධිර නාල පද්ධතිය පැතිරී ගොස් සිරුර ආරක්ෂා කරන්නාක් මෙන් යෝධ ඇළ නමින් හඳුන්වන ලද වාරි පද්ධතිය රජරට පුරාවට පැතිරී ගොස් රජරට සියලූ ප‍්‍රදේශ සංවර්ධනය කර තිබේ. වැව් ද්‍රෝණියේ සිට ජලය අඩු ද්‍රෝණියට ජලය ගෙන යාම, වැවකින් වැවකට ජලය ගෙනයාම, අතිරික්ත ජලය ගබඩා කිරීම සඳහා වැවකට ගෙනයාම වැනි දියවර හුවමාරු අවශ්‍යතා යෝධ ඇළ සංකල්පය මගින් අතීතයේදී ඉටුකර ගෙන තිබේ. මෙය ස්වභාව ධර්මය විසින් ඉටුකර නොදෙනලද දෙයක් මිනිසා විසින් ජය ගැනීමක් ලෙස හඳුන්වා දිය හැකිය.
දෙවැනි සේන රජුගේ රාජ්‍ය සමයේදී දඹුලූ ඔයේ ඉහත්තාවේ සිට මල්වතු ඔයේ යටත්තාවට යෝධ ඇළක් කපා තිබේ. මල්වතු ඔයේ සිට මහකනදරා වැවට යෝධ ඇළක් මගින් දියවර ගෙන ගොස් ඇත. යෝධ ඇළ සියල්ල ගමන් කර ඇත්තේ ජල අධික ද්‍රෝණියක සිට ජල හීන ද්‍රෝණියකටය.
ක‍්‍රි.ව. 290දී මහසෙන් රජු විසින් බළලූ විලේ සිට උස්ගල සියඹලන්ගමුව දක්වා යෝධ ඇළක් කපා දියවර ගෙන ගොස් උස්ගල සියඹලන්ගමුව වැවේ ජලය ගබඩා කර ඇත. කලාවැව යෝධ ඇළෙන් සහ අනුරාධපුර අභය වැවෙන් මහවිලච්චිය වැවට දියවර ගෙනයාම සඳහා යෝධ ඇළක් කපා තිබේ. නුවර වැවට දියවර ගෙනයාම සඳහා නාච්චා දුව වැවේ සිට යෝධ ඇළක් කපා ඇත. වැවකින් වැවකට ජලය ගෙන ගිය අනෙක් යෝධ ඇළ වන්නේ කලා වැවේ සිට තිසා වැවට දියවර ගෙනගිය යෝධ ඇළයි. ද්‍රෝණියේ වැඩි වතුර මුහුදට ගලා යා නොදී රජරට තුළම රඳවා ගැනීම යෝධ ඇළ සංකල්පයේ ප‍්‍රධාන අරමුණ වේ. රජරට පුරාවට වැව් හැදුවාක් මෙන් මෙම වැව් සහ ද්‍රෝණි ඒකාබද්ධ කරමින් යෝධ ඇළවල් ඉදිකිරීමට පෙර රජදරුවන් උනන්දු වී ඇති නමුත් අද වනවිට මෙම යෝධ ඇළ වැඩි කොටසක් නටබුන් වී ගොස් ඇත.
ධාතුසේන රජතුමන් යෝධ ඇළ ඉදි කිරීමෙන් වසර හත් සියයකට පමණ පසු පරාක‍්‍රමබාහු රජතුමා විසින් මෙම යෝධ ඇළ ප‍්‍රතිසංස්කරණය කරමින් පුළුල් කොට මෙයට ”ජයගංගා” යයි නම් කරනු ලැබීය.
යෝධ ඇළේ හෙවත් ජය ගංගාවේ බැම්ම හරියටම වෑ බැම්මකට සමානාය. මෙහි බැම්ම යොදා ඇත්තේ යටි පැත්තෙන් පමණි. උඩු පැත්ත සුළු බෑවුම් සහිත බිමකි. කලාවැව සිට තිසා වැව දක්වා පැවැති මහාකණුමුල්ල - මානෑව - කිරලෝගම - කිරිවැල්හීන්න වැනි එල්ලංගා 34ක ජලය ගලා ආවේ මෙම යෝධ ඇළටය. එල්ලංගාවල ජලය - වැසි ජලය - කලා වැවේ ජලය මේ සියල්ල යෝධ ඇළට එක්රැුස්වූ විට එය නිතර වැවක් සේ වතුර පිරී පැවතිණි. යෝධ ඇළෙන් පහළ පැවති කෙත්වතුවලට පමණක් නොව යෝධ ඇළෙන් ඉහළ පැවැති කෙත්වතු හා එල්ංලගාවලටද මෙයින් ජලය ලබාදී ඇත. මහකණුමුල්ල එල්ලංගාව ඔස්සේ අයියනාගම, ඉහළවැව, මරිකාරගම, පහළවැව, ඉහළ අමනක්කට්ටුව යන වැව්වලට අතුරු යෝධ ඇළක් කපා දියවර ලබාදී ඇත. අද මෙය අභාවයට ගොස් ඇති නිසා ඉහත කී වැව්වලට ජලය ලැබෙන්නේ නැත.
යෝධ ඇළ නිසා පරිසරය මැනවින් සංරක්ෂණය විය. වැව්වලට උඩතින් යෝධ ඇළ ගමන් කිරීම නිසා වැව්වලට රොන් මඩ ගලා ඒම වැලකී තිබිණි. වැව්වල වතුර පාලනය කරමින් වැඩි වතුර ඒම වළක්වා තිබිණ. මහකන්නයේදී වැසිවලින් යෝධ ඇළට එකතුවන ජලය, අවශ්‍ය වැව් කරා ගෙන ගොස් ජලය බෙදා දී ඇත. ඇළවංගු තුළ පිහිටුවා ඇති දියකලි 48ක් යෝධ ඇළ පුරාවට තිබිණ. අවුරුද්දේ හැමදාටම වනගත සතා සීපාවගේ හා අලි ඇතුන්ගේ ජල අවශ්‍යතා මෙම ”දියකලි” මගින් සපුරා ගැනිණ.
කඩිනම් මහවැලිය මගින් ජයගඟක් අලූතෙන් ඉදිකිරීම නිසා පැරණි යෝධ ඇළේ කොටසක් එනම් මහඉලූප්පල්ලම සිට බටුවත්ත දක්වා වූ කිලෝ මීටර් 15ක් පමණ දුරැති කොටස භාවිතයෙන් ඈත් කිරීම නිසා අභාවයට පත්විය. අලූත් ජයගඟ ගමන් කිරීමේදී සමහර තැනක පැරණි යෝද ඇළ මැදින් කපාගෙන ගොස් ඇත. එවැනි තැන්වල අද යෝධ ඇළක් නැති තරම්ය. සමහර තැන්වලදී අලූත් ජයගඟ ගමන් කර ඇත්තේ පුරාතනයේ ඉදිකර තිබූ වැවෙන් වැවටය.
අලූත් ජයගඟ සමහර තැනකදී එක එල්ලේම වේගයෙන් ගලායයි. එවැනි තැන්වල ජයගඟ අඩි පනහ, හැට තරම් ගැඹුරට කපා තිබේ. ජයගඟ මෙසේ ගැඹුරට කැපීම නිසා අදවන විට ජයගඟ දෑලේ පිහිටි බොහෝ ගම්මාන වියළී ගොස් ජල හිඟයකට මුහුණ පා ඇත. ඇතැම් ගම්වලට පානීය ජලය ලබා ගැනීම පවා දුෂ්කර වී ඇත. මෙසේ වේගයෙන් ජයගඟ ගලායාම නිසා එය සම්බන්ධ කර ඇති වැව් වඩාත් ඉක්මනින් රොන්මඩ වලින් පිරී යයි. දැනටමත් කිරිඅමුණකොලේවැව, කෝන්වැව, කිරලෝගම වැව යන වැව් අධික ලෙස රෝන්මඩවලින් පිරී පවතී. නව ජයගඟ නිසා පාරිසරික පද්ධති බොහෝ දුරට විනාශ වී ගොස් ඇත.
පැරණි යෝධ ඇළ මේ නව ජයගෙඟ් දුර්ගුණ කිසිවක් නැත. යෝධ ඇළෙන් රටට හා ජනතාවට සිදුවූ මෙහෙවර බොහෝය.
යෝධ ඇළ ගලා ගිය ප‍්‍රදේශය පුරාවට භූගත ජලය උස් මට්ටමකින් පවත්වා ගෙන යාමට හැකි විය. මේ නිසා යෝධ ඇළ ආශ‍්‍රිතව සශ්‍රීක වැව් ගම්මාන රැසක් බිහිවිය. භූගත ජලයෙන් පෝෂණය වූ පාරිසරික පද්ධතියක් නිර්මාණය විය. වාපි ශිල්පයේ ආදුතු වැව් පෝෂණය කිරීමට හැකිවිය. වාෂ්පීකරණය පාලනය කිරීම සඳහා ඇළ, දෑල ගහකොළ වලින් බරිත විය. වැසි කාලයේදී එකතු කර ගන්නා ජලය නියං කාලයේදී වැව්වලට මුදා හැරීමට හැකි විය. ඇළ වංගුවල පිහිටි ”දියකලි” සදාකාලික දිය උල්පත් විය. එදා යෝධ ඇළ යෝධයෙකු සේ රජරට මැද හිටගෙන ජනතාව හා ගම්බිම් පෝෂණය කළේය.
මෙම අපූර්ව නිර්මාණය ඉදිරි පරපුර වෙනුවෙන් පුනරුත්ථාපනය කිරීමේ අවශ්‍යතාව ප‍්‍රදේශයේ ජනතාව නිතර පෙන්වා දෙති. එසේම මෙය ජාතික උරුමයක් වශයෙන්ද ලෝක උරුමයක් වශයෙන්ද සංරක්ෂණය කිරීමට කටයුතු කළ යුතුව තිබේ.
ඉපැරණි යෝධ ඇළ පුනරුත්ථාපනය කරමින් සංරක්ෂණය කිරීම සැබැවින්ම යුගයේ ජාතික මෙහෙවරකි. ක‍්‍රි.ව. 1200දී පමණ මහ පැරකුම්බාවන් විසින් ප‍්‍රථම වරට යෝධ ඇළ ප‍්‍රතිසංස්කරණය කරන ලදී. ඊළඟට දෙවෙනි වර මේ යෝධ ඇළ ප‍්‍රතිසංස්කරණයට තවමත් කිසිවකු අත තියා නැති නමුත් ජේ.ආර්. ජයවර්ධන යුගයේදී ධාතුසේන රජතුමාගේ ආශ්චර්යයවත් යෝධ ඇළ අභාවයට යන්නට හැර ඒ වෙනුවට මහවැලි ජලය රජරටට ගෙන යන්නට ”අලූත් ජයගඟක්” නිර්මාණය කරනු ලැබීය. මෙය වූ කලි ධාතුසේන රජතුමා පමණක් නොව දේශීය විශ්වකර්ම වාපී ශිල්පයද සාහසික ලෙස විනාශ කර දැමීමකි. අදත් අපේ ඓතිහාසික උරුමය වූ යෝධ ඇළ කැලෑ ගත වී ජරාවාස වී අනවසරකරුවන් අල්ලාගෙන අභාවයට ගොස් ඇත.
නාගයා ශුද්ධ වස්තුවකි. මේ නිසා දෙවියන් නාගයාට ආරූඪ වී සිටිතැයි පැරණියෝ ඇදහූහ. මේ අනුව නාග වෙස් ගත් දෙවිවරු නිදාන, දේපොළ, වෙහෙර විහාර රැකීමේ යෙදී සිටිතියි විශ්වාස කරති. ජලය ද එබඳු මහාර්ඝ සම්පතකි. මේ නිසා ජලය රැකීමටද නාග සංකකේතය යොදාගෙන ඇත. පෙරදා වැවක් හැදු තැන නයි පෙණ සංකේතයක් යොදා ඇත්තේ එබැවිනි. තේරුමක් දැන හෝ නොදැන මහවැලියද අද සංකේතයට යොදාගෙන ඇත්තේ නයි පෙණයයි.
රජරැටියාගේ ජීවිතය රැකණේ ජලය නිසාය. මේ නිසා ජලය දේවත්වයෙන් සැලකූහ. ජලය අති පූජනීය වස්තුවක් ලෙස පිදුහ. ජලයට ගරු බුහුමන් දැක්වූහ. දැනට අම්පාර දිසාපති කාර්යාලයේ සුරක්ෂිතව තබා ඇති ”කොන්ඩු පට්ටමාන්” සෙල්ලිපිය මීට හොඳම උදාහරණයකි. සිරිසඟබෝ රජුගේ සහ දිවිගොන් රැජිනගේ පුත් දප්පුලූ රජු දස අණක් සහිත මෙම සෙල්ලිපිය සකස් කර ඇත. මෙයින් කියවෙන්නේ ජලය පරිහරණය කරන අන්දමයි. මෙහි තහංචි දහයක් පණවා ඇත. දියපත්තායම් තහංචිය, භූදිය තහාංචිය, මඩකලූ තහංචිය ආදී වශයෙන් තහංචි දහය හඳුන්වා ඇත. එයින් සනාථ වන්නේ එකලද මනා ජල කළමනාකරණයක් පැවැති බවයි. යෝධ ඇළ ඉදිකර ඇත්තේද ඒ තහංචි නොඉක්මවන අන්දමිනි.විශේෂයෙන් යෝධ ඇළේ පිටතට වතුර දෙන හැම හොරොව්වක්ම යොදා ඇත්තේ පතුලෙන් නොව පතුලට අඩි තුනක් පමණ ඉහළිනි. ඊට හේතු වී ඇත්තේ යෝධ ඇළ පතුලේ ජලයට ලවණ, ඛණිජ ආදිය මුහුවී තිබීමය. එවැනි ජලය පැළ ගොයමට හොඳ නැත. මේ නිසා හැකිතාක් උඩතින් අලූත් වතුර කුඹුරුවලට මුදා හැරීම සඳහා උඩහින් හොරොව් තබා ඇත. ජල කළමනාකරණය හා ජලයේ ගුණ අගුණ පිළිබඳ මනා අවබෝධයකින් යෝධ ඇළ නිර්මාණය කර ඇති බව පෙනේ.
මේ නිසා යෝධ ඇළ පැවැති තත්ත්වයෙන්ම පුනරුත්ථාපනය කිරීමෙන් යෝධ ඇළ පමණක් නොව යෝධ ඇළ හා බැඳී පවත්නා දේශීය වාරි ශිෂ්ටාචාරයද සංරක්ෂණය වේ.
සාකච්ඡා කළේ - එප්පාවල රත්න බී. ඒකනායක
Labels:
අපේ උරුමයන්,
ඇසුවෙමි දුටුවෙමි,
ඓතිහාසික කතා
ඕවාගිරියෙන් දුටුගැමුණු යුගයේ නටඹුන්
ලංකාදීප
Labels:
අපේ උරුමයන්,
ඇසුවෙමි දුටුවෙමි,
ඓතිහාසික කතා
ලංකාවේ මුල්ම ලොතරැයියෙන් මුල්ම දිනුම දිනූ වාසනාවන්තයා
ගලිගමුවේ බිසෝවෙල පදිංචිව සිටි කිරිඅප්පු රස්සාවට කළේ අඹන්පිටියේ තේ ස්ටෝරුවේ කම්කරු වැඩය. ලද ඉසිඹුවකදී තේ කෝප්පයක් බොන්නට ඔහු අසල තිබූ කඩයකට ගොඩවෙද්දී එතැන ස්වීප් වෙළෙන්දෙක් සිටියේය. තේ කඩයේ සිටි බොහෝ දෙනෙක් මේ ස්වීප් වෙළෙන්දා වටකරගෙන ස්වීප් මිලට ගනිමින් සිටියහ.
”දිනුවොත් රුපියල් ලක්ෂයකට කිට්ටු මුදලක් හම්බ වෙන්නෙ.”
ස්වීප් මිලට ගත් කෙනෙක් කීවේය....
කිරිඅප්පු ස්වීප් වෙළෙන්දාට කිට්ටු වී එක ලොතරැයියක මිල ඇසුවේය.
”ශත පනහයි” ඔහු කීවේය.
රුපියල් ලක්ෂයේ මුදලකට ආශා කළ කිරිඅප්පු අතේ තිබූ ශත පනහක් දී එක ලොතරැයි පතක් මිලට ගත්තේය.
ඒ ලොතරැයිය ගෙදර ගෙනගොස් සාලයේ එල්ලා තිබූ ගෝන අං තට්ටුව අස්සේ ගැසූ කිරිඅප්පු තේ කොප්පයක් බී පුරුදු විදිහටම කල් ගෙව්වේය.
මේ සිද්ධිය වූයේ 1955 සැප්තැම්බර් මාසයේ එක්තරා දවසකය.
යාම්තම් තුනේ පන්තියට පමණක් ඉගෙන තිබූ කිරිඅප්පු පුංචි සන්දියේම කුලියක් මලියක් කරගෙන ජීවත්වූයේ ඔහුට බාල සහෝදර සහෝදරියන් දහ දෙනකුගේ බඩගින්දර සමග සටන් කරන්නටය. පුරා මාසයක් මහන්සි වූ විට ඔහුට ලැබුණේ රුපියල් සීයක පඩියකි. ඒ පඩිය ඔහුට මහමෙරක් තරම් වටිනාකමකින් යුතු විය.
කාලය ගෙවී ගියේය.
”ස්වීප් එකේ මුල් තෑග්ග ලැබිල තියෙන්නෙ ගලිගමුවට...” තේ ස්ටෝරුවේ කෙනෙක් කිරිඅප්පුට කීවේය.
”ඇත්තට කවුද දන්නෙ නෑ වාසනාවන්තයා” කිරිඅප්පු ඇසුවේ ඔහුත් ලොතරැයියක් ගත් බව සිහිපත් කරමිනි.
එහෙත් ඒ වනවිටත් ජයග‍්‍රාහකයා ඉදිරිපත්ව සිටියේ නැත.
එදා හවස ගෙදර ගිය කිරිඅප්පු ගෙදර අස්සක් මුල්ලක් නෑර ලොතරැයිය සෙවුවත් කිසිතැනකින් එය හමුනොවිණි.
ඒ වනවිට ලොතරැයිය තැබූ තැන ඔහුට අමතකව තිබිණි. මිලට ගත් ලොතරැයිය ගැන සිතමින් නින්දට ගිය ඔහුට රාත‍්‍රියේදී සිහිපත් වූයේ ලොතරැයිය තැබුවේ ගෝන අඟ අස්සේ බවය.
ඒ රාත‍්‍රියේම ලොතරැයිය අතට ගත් ඔහු පසුදාම කෑගල්ලේ නිව්සිටි ස්ටෝර්ස් වෙත ගොස් ලොතරැයියේ ජය අංක සොයා බැලූවේය. කිරිඅප්පුට අදහාගත නොහැකි විය. මුල් දිනුම ඔහුටය.
එය ලංකාවේ පළමුවැනි ලොතරැයියේ මුල් දිනුම වූ නිසා එය ඉතිහාසයට එකතු වන අන්දමේ අපූරු ප‍්‍රවෘත්තියකි. මේ ප‍්‍රවෘත්තිය එකල ලංකාදීප පත‍්‍රයේ පළව තිබුණේ කිරි අප්පුගේ පින්තූරයක්ද සමගය.
”ආරෝග්‍යශාලා ලොතරැයියේ දිනුම්කරුවන් කිහිප දෙනෙක් ඊයේ උදයේ ලොතරැයි මණ්ඩලයේ ලේකම්වර දොස්තර ජෝර්ජ් රණවක මහතා හමුවූහ.
රුපියල් 97,343.50ක පළමු දිනුම ගල්ගමුවේ බිසෝවෙල කිරිඅප්පු මහතාට හිමිව ඇත. 24 හැවිරිදි කිරිඅප්පු මහතා 13 දෙනෙකුගෙන් යුත් පවුලක තුන්වෙනියා වේ.”
එදා ලංකාදීපයේ එසේ පළව තිබිණි.
රුපියල් 97,000ක් යනු එදා හැටියට අති දැවැන්ත මුදලකි. මේ මුදල වියදම් කරන්නේ කෙසේදැයි ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන් කිරිඅප්පුගෙන් අසා ඇත.
කෙසේ හෝ වේවා ඔහු තම ලොතරැයි දිනුම නැති නාස්ති කළේ නැත. බිසෝවෙලින් මෙන්ම ලෝල්ලේගොඩෙන්ද ඉඩම් කුඹුරු මිලට ගත් ඔහු ඉන් වැඩිහරියක් ඔහුගේ බාල සහෝදරයන්ට නොමිලයේම ලබා දුන්නේය. ලෝල්ලේගොඩෙන් ඔහු මිලට ගත්තේ අක්කර විස්සක ඉඩමකි. රුපියල් හතළිස් පන්දහසකට ලබාගත් මේ ඉඩමත් කුඹුරු යායත් ඔහු තමා සන්තකයේ තබා ගත්තේය.
ඊළඟට ඔහුට අවශ්‍ය වූයේ මනාලියකි. මේ ලොතරැයි දිනුම ගැන දැනගත් දූවරු සිටි මිනිස්සු කිරිඅප්පුට මංගල යෝජනා ගෙන ආහ. ගමේ ගොඬේ තරුණියන්ද මේ අලූත් සල්ලිකාරයා දෙස බැලූවේ ගෞරවනීය හැඟීමකිනි. ඔහුගේ හිත දිනාගැනීමට එදා බොහෝ තරුණියන් උත්සාහ කළේලූ!.
එහෙත් කිරිඅප්පුගේ හිත ගියේ හෙම්මාතගම පැත්තේ තරුණියකටය. ඇය පුංචිඑතනා රාජකරුණාය. රාජකරුණා දම්පතීන්ට සිටි එකම දියණිය වූ ඇය ඒ වනවිට ඉංග‍්‍රීසි භාෂාවෙන් ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත‍්‍ර විභාගය උසස් ලෙස සමත්ව සිටියාය.
”මම එච්.එස්.සී. විභාගෙට ඉගෙන ගන්නයි සිටියෙ. ඒත් අම්මල තාත්තලා බලකළා කිරිඅප්පුව බඳින්නම කියලා. එයාගේ උගත්කම මදිකම තමා මට ප‍්‍රශ්නෙකට තිබුණෙ. ඒත් ඉතින් අක්කර විස්සක ඉඩමක් මොරිස් 8 කාර් එකක් එහෙම තිබුණු මේ මනුස්සයට මාව දෙන්න අම්මල තාත්තලා හුඟාක් සතුටුවුණා.
අපේ මංගල්ලෙ කෙරුණේ බොහොම ජයට. දවස් හතරක් මඟුල් කෑවා. පහතරට සාරිය ඇඳල වේල් එක දාලයි මම මනමාලිට ඇන්දෙ. අපේ මඟුල් ගෙදර ලස්සන බලන්න මුළු ගමම වටවෙලා හිටියා. එහෙම මඟුලක් උපන්තේකට ඒ කට්ටිය දැකල තිබුණෙ නැහැ.”
පුංචි එතනා ඇගේ විවාහයේ තොරතුරු සිහිපත් කළේ ප‍්‍රීතියෙනි.
කිරිඅප්පු ඇය කැන්දාගෙන ගියේ බිසෝවෙලටය. එහෙත් කෙටි කලක් තුළ ලෝල්ලේගොඩ වත්තේ නිවෙසක් තනාගෙන ඔවුහු එහි පදිංචියට ගියහ.
”මේ ගේ හදන්න මගේ අම්මා තාත්තා එහෙමත් උදව් කළා. ගස් ඔක්කොම වත්තෙන්. වැලි ඔයෙන්. මම හිතන්නෙ මුළු ගේම හදන්න වියදම රුපියල් පන්දාහක් වෙන්න ඇති...” පුංචි එතනා කීවාය.
අහල පහළ ගැමියන් අතර මේ වත්ත ප‍්‍රසිද්ධ වූයේ ස්වීප් වත්ත යනුවෙනි. එහි හිමිකරුවා ස්වීප් මුදලාලි බවට නිකම්ම පරිවර්තනය විය.
කාර් වෑන්වලින් ලස්සන වුණ මේ ගෙදර මාවනැල්ල ප‍්‍රදේශයේ මොනවට කැපී පෙනුණි. ඒ අතරතුර පුංචි එතනාට පොලිස් දෙපාර්තමේන්තුවෙන් රැකියාවක් ලැබුණත් ස්වීප් මුදලාලි ඇය රැකියාවකට යවන්නට කැමැති වූයේ නැත. පුංචි එතනා ගෙදර බලාගෙන සිටිද්දී කිරිඅප්පු ඉඩකඩම් කුඹුරු බලාගෙන ඉඳහිට පැමිණි හයර් එකකුත් කරගෙන පාඩුවේ සිටියේය.
”එයාට ලැයිසන් තුවක්කුවක් තිබුණා. ඒකත් අරන් කැලේට යන කිරිඅප්පු ඉත්තෑවෙක්, හාවෙක්, මී මින්නෙක් දඩයම් කරගෙන එනවා. කොසුයි මසුයි එයාගෙ ප‍්‍රියතම ආහාරෙ. හැබැයි එයා සත්තුන්ට හරි ආදරෙයි. අපේ ගෙදර ඒ කාලෙ හරක්, එළුවො, කුකුලො වගේ සත්තු මහ ගොඩක් හිටියා. එයාගෙ හුරතල් මුගටියෙකුත් හිටියා ටින්කා කියලා. එයා බත් කනකොට ඌ කිරිඅප්පුගෙ කරට නැගල නිදාගන්නවා. ගිරව් සැලලිහිනි එයාගෙ ප‍්‍රියතම සත්තු.”
පුංචි එතනා කියන්නේ ස්වීප් මුදලාලිගේ රුචි අරුචිකම් ගැනය.
කිරිඅප්පුගේ තාත්තා සර්ප වෙදකමේ කෙළ පැමිණියෙකි. ඒ වෙදකමත් යන්ත‍්‍ර මන්ත‍්‍ර ශාන්ත‍්‍රයත් ඔහු කිරිඅප්පුටද දී තිබිණි. මේ නිසා ඔහු සමහරෙකුට සර්ප වෙද මහත්තයාද විය.
කිරිඅප්පුගේ දුවා දරුවන්ද හොඳට ඉගෙන ගත්හ. ඔහුගේ වැඩිමල් දියණිය අදටත් මහනුවර ප‍්‍රදේශයේ රජයේ රැකියාවක් කරයි. බාල දියණිය පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කළත් භීෂණ සමයේ තිබූ වැඩ තර්ජන හේතුවෙන් ඇය රැකියාවෙන් ඉවත්වූවාය. ස්වීප් මුදලාලිගේ පුතා අද ජීවතුන් අතර නැත.
”තාත්තා ජීවත්ව ඉන්දැද්දි අපිට ඉඩම් ලිව්වා. එක්කෙනෙකුට අක්කර තුන ගානෙ. අම්මටත් අක්කර දෙකක් ලිව්වා. ඉතුරු ඉඩම් ටික වික්කා. එහෙම කරන්න හේතුවුණේ තාත්තාට තාත්තගෙ ඉඩම්වලට ගෙවන්න තිබුණ බදු බර තාත්තට දරාගන්න බැරිවුණ හින්දා. ආදායම් බද්දට අමතරව මාසෙට රුපියල් 800ක ධන බද්දකුත් ඒ කාලෙ ගෙවන්න වුණා. ඉතින් තාත්තා කළේ ඉඩම් ටික විකුණන එක.”
ස්වීප් මුදලාලිගේ බාල දියණිය වන කල්‍යාණි කුසුම්ලතා කීවාය.
තාත්තාගේ පින්තූර ලිපි ලේඛන සියල්ල පරිස්සම් කරගෙන සිටින්නේද ඇයයි.
ස්වීප් මුදලාලි මියගියේ 1973.04.29දාය. මියයන විට වසර 72ක් ගතකර තිබූ ඔහු මියගියේ අංශභාග රෝගය වැළඳීමෙනි. ඔහුගේ දේහය පවුලේ සුසාන භූමියේදීම මිහිදන් කළේ ස්වීප් වත්ත ස්වීප් මුදලාලිගේම බව පසක් කරමිනි.
ලංකාවේ පළමුවැනි ලොතරැයිය ආරෝග්‍යශාලා ලොතරැයියයි
අරෝග්‍යශාලා ලොතරැයිය ලංකාවේ පළමුවැනි ලොතරැයියදැයි තහවුරු කර ගැනීම සඳහා අපි ජාතික ලොතරැයි මණ්ඩලයේ දැන්වීම් කළමනාකාර ගාමිණී අබේවික‍්‍රම මහතා ඇමතුවෙමු. ඔහු මෙසේ කීවේය.
”1955 සැප්තැම්බර් 15 වෙනිදා කොළඹ නගර ශාලාවේදී දිනුම් ඇදපු ආරෝග්‍යශාලා ලොතරැයිය ලංකාවේ පළමුවැනි ලොතරැයියයි. අපේ රටේ ආරෝග්‍යශාලා දියුණු කරන්න අවශ්‍ය අරමුදල් හොයාගන්නයි මේ ලොතරැයිය පවත්වල තියෙන්නෙ. ඒකෙ පළමු දිනුම ලැබිල තියෙන්නෙ ගලිගමුවෙ කෙනෙකුට.”

එදා ලොතරැයි දිනුම ගැන පත‍්‍රිකාවක්
ලොතරැයි දිනුමෙන් ගත් මොරිස් 8 රිය
දියණිය කල්‍යාණි
උපුටා ගැනුම කසුන්ගෙ මුහුදයට
ශාන්ත කුමාර විතාන / සේයාරූ - සේහාන් වික‍්‍රමසිංහ
Labels:
ඇසුවෙමි දුටුවෙමි