සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

නව ලිපි

වෙසක් කූඩු


සීය මොකෝ මේ ගේට්ටුව ලඟ..

අහ් දන්නැද්ද පුතේ මේ නිකං බලං ඉන්නව ගම දිහා..

ගම දිහා ? ( එතැනට පෙනෙන දර්ශනය දිහා මමම වටයක් කැරකී බලුවෙමි.. ඒහෙත් ඒ සිටි ස්ථානයට පෙනෙ‍නුයේ ගමේ ඉතා කුඩා කොටසකි ! එද ඉස්සරහා ගෙවල් කිහිපය පමණි )

මේ මුකුත් පෙන්නෙ නෑනෙ සීයෙ.. !

අනේ අනේ දරුවො ඇයි නැත්තෙ... මට නම් පේනව...

අනේ මන්ද සීයෙ සීය කියන දේවල් මට නම් තේරෙන්නෙ නෑ

ඇයි දරුවො කෝ මෙතැන්ට වරෙන්.. දැන් නිස්සද්දව අහන් ඉදහන්... මොනවද ඇහෙන්නෙ..

ම් මුකුත් නෑනෙ සීයෙ..

තොගෙ වයස කීයද කන් ඇහෙන්න‍ෙ නැති වෙන්න.. එක අතකට අද වැරැද්දත් ඒක තමා උඹලට මෙවුව ඇහෙන්නෙ නැති එක.. මට මෙතන ඉදන් ගම පේනවා..

අහපන් පංසලේ පීකරේ එන කවි බණ සද්දෙ... මට පේනව සුදු ඇදපු මිනිස්සු පන්සලේ පිරිලා මල් අරන් තෙල් අරන් එහා මෙහා යන හැටි තව සමහරු වදින හැටි... ඒතකොට ටිකක් වම් පැත්තට වෙන්න උඹට ඇහේනනෙ නැද්ද මොහිදින් බෙග් මහත්තයගෙ බුදුනේ සින්දුව. ඒ එකත් එකටම හන්දියෙ දන්සලේ.. ඕක පටන් ගත්තෙ අපි උඹලටත් වඩා පුංචි කාලෙ.. ඒ දවස්වල වගේ ඇති අදත් සෙනග පොර කනව ඇති.. මට ඇහුන ඩෝං සද්දෙ පටන්ගත්තු... එකෙක් පොලිම් හදනව ඇති.. තව උන් බත් බෙදනව ඇති.. එතැන එකම යුද්ධයක්නෙ තියෙන්නෙ වෙසක් පෝයට...

තව දැන් ටිකකට කලින් කොල්ලො දෙන්නෙක් මෙතැනින් බට පතුරු වගයක් උස්සන් ගියා එකත් එකටම ඒ කූඩු හදන්න.. මාත් එහෙමයි බං පොඩි කාලෙ අන්තිම මොහොතෙ තමා වෙසක් කූඩු හදන්නෙ අප්පච්චිගෙන් බැනුම් අහල ඉවරයක් නෑ අන්තිම මොහොතෙ බදාගෙන... එක දවසක් මම කූඩුවක් හදල හැමෝටම හොරෙන් ගෙයින් එලියට ගන්න බෑ දොරට වඩා ලොකුයි...හරි සුන්දරයි කොලුවෙ ඒ කාලෙ...

උඹට පේනවද අර ගස් වලට උඩින පේන බෞද්ධ කොඩිය..

ආ ඔව් ඔව්

ඒ තබා මං හන්දියෙ තොරණ.... වෙනදටනම් ඉතින් අපි ඒක ලගමයි.. යමරෙට වැඩ.. මට මතකයි මම්ත ඕකෙ බල්බ් හයි කලා මේ පාර සාන්තිවාදි ජාතකයලු තියේනනෙ.. මට කොල්ලෙක් කිවුව..

මට මේ වගේ මුලු ගමේම දේවල් කියතැකි...

ඇත්තටම මා හට විසාල දුකකුත් පුදුමයකුත් ඇති වුනි.. ඒ මේ දේවල් දැකීමට තරම් මා පොහොසතෙකු නොවීමත් මෙතරම් වියපත් වීත් මනසින් ඒවා දැක සතුටු වීමට තරම් හයියක් සීයා තුල තිබීමත්ය..

සීයා මාරයිනෙ මුලු ගමම දකින කිවුවෙ එහෙමයි එකොට..

ඔවු පුතේ දැන් මට ඉස්සර වගේ ගම ව‍ටේ යන්න බෑනේ කාගෙ හරි වාරුවක් ඕන...

ඇයි සීයෙ සීයගෙ පුතාල කෝ.. මම දැක්කනෙ මාමල ඊයෙත් ඉන්නව කෝ මාමගෙ පුතා එහෙම..

උන්ට වැඩ පුතේ... උදේම පිටත් වුනා ට්‍රිප් එකක් යනව කියල අතරමග දන්සල් වැඳගෙනම..

ආහ් මම හිතුව දන්සල පැත්තෙ ඇති කියල..

කොහෙද බං උන්ට ඒවයෙ වටිනාකම්ක් .. ගමේ දන්සලට උදව් වෙන්න යන්නෙ නැ.. උන් ගමේ නැති නිසා කොළඹ පදිංචි නිසා ගමේ උන්ව අදුරන්නෙ නෑලු..ඒ නිසා බෑ කිවුවෙ.. හැබයි බං දන්සලකට උදවු කන්න එහෙම දැනගන්නම ඕන නෑ...

එතකොට සීයෙ අර දන්සලේ අය ආවෙ නැද්ද සීයව එක්කන් යන්න සීයලනෙ පරණ අය ඒක කරපු..

පුතා මේ පළාතට අලුත්ද ?

ඔවු මම ඇවිල්ල මාස 6ක් ඇති..

ඒක තමා..අනේ නෑබං අපි දැන් වයසයි.. විවෘත කරීම් දෙකට විතර එන්න කිවුව ඒ ගොඩක් කලින් අවුරුදු වල දැන් අපිට එන්න කිය්නනෙ නෑ බං දැන් එන්නෙ මන්තිරිල.. අනික එතැන ඉන්න උන අපිව දන්නෙ නෑ..පෝලිම් වල ඉන්න අමාරුයි බං දැන් අපිට..

ඉතින් දන්සල් බත් එකක් එවැන්න එපැයි ගෙදරට

හැමෝටම වැඩනෙ පුතේ... ! හා ඒක නෙවේ යමුද කහට එකක් බොන්න ඇතුලට..

හාකො යමු සීයෙ.....

ගේ ඇතුලට යනකොටම වයසක ආච්චිඅම්මා කෙනෙක් අතේ තේ දෙකක් රැගෙන පැමිණියාය...

මම මේ එලියෙ කතා කර කර ඉන්න නිසා ඇතුලට එන්න කියන්න හැදුවෙ...

මේ මොකෝ සීයෙ මේ.. සාලෙ පුරා සවුකොල... කුවද කූඩු හදන්නෙ දැන් කවුරුත් නෑ කිවුව නේද ගේ..

ඔවු පුතේ මමයි හදන්නෙ.. පුතාලටයි උන්ගෙ පුතාලටයි කූඩුවක් හදන්න වෙලාවක් නෑ..

එත් හවහට ගේ හිස් කරල තියන්න බෑනෙ.. මම මේ ගමේ කුරුට්ටෙක් අල්ලන් හැදුව පොඩි කූඩු දෙකක්..ඒක අලවන්න පාප්ප හදන්න පාං පිටි නෑ.. පොඩි එකාව යැවුව කඩේට ඒ යවල තමා මේ ගේට්ටුව ලග හිටියෙ....

එවේලෙහිම පොඩි එකෙක් රිම් එකක නැගී බ්රූම් ගා ගේ ඉදිරි පිට නැවැත්තුවේය.. පාන්පිට ඔතා තිබු කඩදාසිය විසිකර පොල්කට්ටකට පාප්ප සාදා ගත් ඌ මා ැන කිසිම ගාණකට නොගෙව සීයා ලගින් වාඩි වී කූඩුව අලවන්නට විය...

කොලුලො උඹත් කහට එකක් බොනවද ?

එපා සීයෙ මම කඩේ ගාව දන්සලෙන් සරුවත් එකක් බිවුව..!

මද වේලාවක් කල්පනාවේ නිග්ම මා තුල හටග් ප්‍රස්න සදහා පිලිතුරු සෙවීමට උත්සාහ ගතිමි...

පුතා මේ කොහේ යන ගමන්ද එතකොට..

මම මේ යන්න කියල අද .... පන්සලේ ‍පොඩි වැඩක් කරනවා අපි කට්ටිය එකතු වෙලා අපි ඉස්සර හිටයෙ එහෙ පදිංචි වෙලා ඉතින් අදුරන අය ඉන්නෙ එහෙ...

අනේ හොදයි.... පුතා කූඩු හැදුවද...?

මට ඉස්මොල්ලේ පැන්නේය... ඔ..ඔවු සීයෙ...

ආන් හොදයි......

හරි එහෙනම් සීයෙ මම යනව මට ටික් පරක්කු වුනා.. දඩිබිඩි ගා හුස්මට කහට උගුරු බී මම පැවසුවෙමි

හදිසියෙම හාකො හාකො දැන අදුන ගත්තට සතුටුයි ආයෙ දැක්කොත් කතා නොකර යන්නෙපා ..

අනේ නෑ සීයෙ මම අප්පච්චිටත් කියන්නම්කො සීය එක්ක කතා කරන්න කියල..

අප්පච්චි.. ? පුතාල කොහෙද... !

අපි නුවර..

හ්ම් ඒක තමා මම මේ බැලුවෙ මාත් එක්ක නතර වෙලා කතා කරන්න තඑම් වෙලාවක් තිබුනෙ කෝමද කියල !

සීයටත් ආච්චිටත් සමුදුන් මම ගේට්ටව දක්වා පැමිණියෙමි.. යා යුතු වන්නේ පාර පැත්තට වුණත් දෙවරක් නොහිතම ආපසු නිවෙස දිසාවට හැරුනෙමි....

මා අපේ නිවසේ ගේටුටව හැර හොරෛක් මෙන් එබී දොර හරහා සාලය දෙස බැලීමි..

හිතුවා හරිය .... ! අප්පච්චී තනියම සාලයේ මැද ඉද කූඩු අලවයි.....

මම බිම බලා ගතිමි......!!!

---කුරුළු

සංවේදී ආදර කතාවක්.. මොහොතක් සිතන්න



පංති ඉවර වෙලා නිකං ඉන්න බැරුවට සතියට දෙතුන් පාරක් බීච් යනව..ජීවිතේ දෙවනි දශකෙට ආවත් තාමත් මට බීච් යන්න වෙලා තියෙන්නෙ තනියම..මගේ අවාසනාවද කෙල්ලොන්ගෙ වාසනාවද මංදා..කොහොම හරි මේ සතියෙත් ගිහින් බංකු කෑල්ලක වාඩි වෙලා මූඩි දෙක කනේ ගහන් සින්දු අහන්න පටන් ගත්ත..බලන බලන අත යුගල පද..මට උන් ගැන ඉරිසියයි,මං ගැන දුකයි..

ටික වෙලාවකින් ජෙට් එකක් ඇවිත් නැවැත්තුව.. අප්පා, මේ මොඩිෆයි කරපු කාර් එකක්නේ..කාර් එකේ ඉස් සරහ හිටපු ගෑණු ළමයව දැකල මට ඉක්කාව හැදුන.ඒ තරම් ලස්සනයි.ඒ ගමන්ම මං අනිත් සීට් එකත් බැළුව.මගේ ඉක්කාව නැවතුනා.ඇයි අනේ දෙවියොත් පණුවොන්ටම හොඳ පළතුරු දෙන්නෙ ? බිම ඉඳන් කෙල ගිලින අපිටත් හොඳ ගෙඩියක් ඉඳල හිටලවත් දෙන්න බැරිද ?
කොල්ල එලියට බැස්ස..පණුව කිව්වට අමීර් ඛාන් වගේ ලුක් එක..කෙල්ලටම මැච් වෙනව..ඒත් ඉරිසියාව හිතේ තියෙද්දි අමීර් ඛානුත් පණුවො වෙලා ගස් ගෙම්බො පණුවො වගේ පේනවලුනෙ..
කොල්ල පොර වගේ අනිත් දොර ඇරල අත් දෙකෙන්ම කෙල්ලව උස්සල ගත්ත.ඒ පාර නම් මම ෆෝන් එක අරන් කටේ දාගත්ත.යකෝ ෆිල්ම් එකක් වත් ෂූට් කරනවද.මම වටපිට බැළුව මගේ මූණත් පොඩි කෑල්ලකට හරි දා ගන්න..නෑනෙ..මොකක්ද මුන් මේ නටන්න හදන නාඩගම ??
කොල්ල කෙල්ලව උස්සන් ඇවිත් බංකුවක් උඩින් තිබ්බ.කෙල්ලගෙ මූණ නම් රතු වෙලා.කොල්ල නම් ආතල් එකට හිනා වෙනව..වටේ හිටපු හැමෝම උන් දෙන්නගෙ ගුණ කියනව හිමින් හෙමින්.මටත් වෙන වැඩක් නැති එකේ ඒ දිහා බලං හිටිය.
කොල්ල ගිහින් අයිස් ක්‍රීම් එකක් කෙනත් දෙන්නම බාගෙ බාගෙ කෑව.පවු දෙකක් ගන්න සල්ලි නැතුව ඇති..පැය බාගයක් විතර ඉඳල ආපහු කොල්ල කෙල්ලව වඩා ගන්න හැදුව.

ඒ පාර නම් එතන හිටපු මැදි වයසෙ කට හැකර ගෑණු කෙනෙක් ගේමට බැස්ස.
මුන්ට ලැජ්ජාවක් නැති හැටි,අම්මප..මගුල් විසේ ගහල නම් වෙන කොහෙට හරි පලයල්ල.මේතනට පොඩි උන් එනව පේන්නෙ නැද්ද ? මල සමයං
කොල්ලගෙ මූණ රතු උනා.කෙල්ලගෙ ලස්සන ඇස් වලින් කඳුළු බේරෙනව.කෙල්ල අඬ අඬාම කොල්ලට මොකක්ද කිව්ව.කොල්ල එහෙමම කිසි කතාවක් නැතුව කාර් එක ගාවට ගිහින් ඩිකිය ඇරල මොකක්ද අරන් ආව..දෙයියනේ, රෝද පුටුවක්..:O

කෙල්ල බොහොම අමාරුවෙන් කොල්ලගෙ අතේ එල්ලිල රෝද පුටුවෙ වාඩි උනා..හැමෝම කටවල් ඇරන් බලං හිටිය.කාර් එක තිබුනෙ මම හිටපු තැනමයි.කෙල්ලව වාඩි කරවල කොල්ල ආපහු රෝද පුටුව ඩිකියට දාන ගමන් මාත් එක්ක කතා කරා,

මල්ලි මේ මගේ ගර්ල්,මෙයා ගොඩක් දුප්පත්.බොහොම මහන්සියෙන් ඉගෙන ගත්තා.අපි හම්බ උනේ කැම්පස් එකේදි.එයා ගොඩක් දක්ෂ නිසා ජපානෙට ශිෂ්‍යත්වයක් ලැබුනා.ඒත් එයාට අනතුරක් වෙලා ආපහු ආවෙ කකුල් දෙකම පණ නැතුවඒයා ගොඩක් අකමැති උනා මං එයාව බාර ගන්නවට.ඒත් මල්ලි එයාගෙ කකුල් පණ නැති උනාට මගේ ආදරේට පණ තියෙනව.මට පණ තියෙනකම් මම එයාව බලා ගන්නව.ලබන මාසෙ අපි බඳිනව.පෝරුවට නගින්න බැරි උනත් මම කිසි අඩුවක් කරන්නෑ මගෙ රත්තරං කෙල්ලටමිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුළුවන්,මට ඒව අදාල නෑ..අපි යනව මල්ලි
මං කටත් ඇරන් අහන් ඉද්දි එයා එක හුස්මට කියවන් ගියා..

-හරි, බුදු සරණයි අයියේ

මට දෙවියන්ගෙන් අහන්න තව දෙයක් තියෙනව, කවුද වැරදි ?

උපුටා ගැනීමකි
http://urls.n8.biz//71


මොහොතක් සිතන්න....

ඔන්න යුද්ධයක් තිබ්බ රටක සොල්දාදුවෙක් තමන්ගේ තාත්තාට හදිසියේම දුරකතන ඇමතුමක් දුන්නා.

“තාත්තේ මට ක්‍රියාන්විතයේදී නිවාඩුවක් ලැබුනා මම ගෙදර එන්නයි හිතාගෙන ඉන්නේ”

කොච්චර හොදද පුතා අපි ඔයා එනකල් බලාගෙන ඉන්නවා තාත්තා කිව්වා.

ප්‍රශ්නයක් තියනවා තාත්තේ, මගේ යාලුවෙකුත් මාත් එක්ක අපේ ගෙදර එන්න බලාගෙන ඉන්නවා.

කමක් නැ මගේ පුතේ යාලුවාවත් සාදරයෙන් පිලිගන්නවා කියන්න.

තවත් ලොකු ප්‍රශ්නයක් තියනවා තාත්තේ, මගේ යාලුවා ක්‍රියාන්විතයේදී අතකුයි කකුලකුයි අහිමිවුන කෙනෙක් පුතා හැගීම්බර විදිහට කීවා.

අනේ මගේ පුතේ අත් පය නැතිකෙනෙක් ගෙදරට එක්කරගෙන ආවහම මොනතරම් කරදරයක්ද? අපෙත් නිදහස සීමා වෙනවානේ. එයා වෙනුවෙන් වෙනම කෙනෙක් යොදවන්නත් ඕනනේ. තාත්තා දැඩි විදිහට ප්‍රතික්‍ෂේප කලා.

පුතා මොනතරම් කීවත් තාත්තාගේ ස්ථාවරය වෙනස් වුනෙ නැ. දුරකතනය විසන්ධිකල පුතා ඇමතුම හමාරකලා.

මීලග සතියේදී කිව විදිහට පුතා එයි කියලා බලාගෙන හිටියත් පුතා ආවේ නැ.

එම පලාතේ පොලිසියෙන් හදිසියේම ඔවුන්ගේ ගෙදරට ආවා. ඔබලාගේ පුතා උස ගොඩනැගිල්ලකින් වැටිලා මරුමුවට පත්වෙලා තියනවා. අප සිතන්නේ මෙය සිය දිවිනසා ගැනීමක් කියලායි පොලිස් ප්‍රධානියා පැවසුවා.

ඉක්මනින් තාත්තා ඔවුන් සමග ගියා මියගොස් සිටි තම පුතා දැක්ක තාත්තාට සිහි නැතුව ගියා. යුද්ධයේදී ඔහුගේ එක් අතක් සහ කකුලක් ඔහුට අහිමීවි තිබුනා. යහලුවා වෙනුවෙන් ලෙස ඔහු ඉල්ලා ඇත්තේ තමාගේ ජීවිතය බව තාත්තට වැටහෙන විට සියල්ල සිදුවී හමාරයි

මොහොතක් සිතන්න...!


උපුටා ගැනීමකි

ඉගෙන ගන්න කොල්ලෝ කෙල්ලෝ කියවිය යුතුමය...

වයි දිස් කොලවරි කොලවරි ඩී
මොන මගුලක්ද

මම බැන බැන ෆෝන් එකේ එලාම් එක ඕෆ් කරා..අද පංතිත් නෑ..මොකටද උදෙන් නැගිටින්නෙ..

ඔබ එන්න සුළඟේ දැවටිලාමම ඉන්නෙ ඔබ දැන් එයි කියා

ඒ පාර කෝල් එකක්..පුදුම වදයක් වෙලාවකට මේ ෆෝන් එකෙන්..මම මිස් කෝල් ගහන එකාගේ දෙමව්පියො ආදරෙන් මතක් කරන ගමන් නොම්මරේ බැළුව අම්ම ගහයි බැට් එකෙන් එලව එලව.

මම මතක් කරල තියෙන්නෙ මගේ ආදරණීය නන්දම්මයි මාමණ්ඩියයිනෙ..මිස් කෝල් ගහල තියෙන්නෙ මගේ වෙන්ඩ වයිෆ්..
හරිනෙ බොලේ දැං මතක් උනේ..අද එයාව මීට් වෙන්න පොරොන්දු උනානෙ.පරක්කු උනොත් වසල හමාරයි..මම දඩි බිඩි ගාල ඇදෙන් පැනල ලෑස්ති වෙන්න දිව්ව..
අම්මේ..අම්මේ නැගිටින්න..මට අද පංති
උදේ පාන්දරම අම්මට බොරුවක් කියල නැගිට්ටෙව්ව..

මූන කට සෝදන් ලෑස්ති වෙලා අම්ම උයල තිබුන කිරි හොද්දයි බතුයි එක්ක බත් ටිකක් ගිල්ල ටක් ගාල..
හවස් වෙනවද පුතේ එනකොට ?
ඔව් අම්මෙ,හවස 5ටනෙ ඉවර වෙන්නෙ
එහෙනම් ඉන්න පුතේ.මං ටක් ගාල තව එළවලුවක් රත් කරල දවල්ට කන්න බත් එකක් බඳින්නම්.. ඔය කඩවල ජරාව කන්න හොඳ නෑ මේ දවස්වල මට මුකුත් කියන්න ඉඩක් නොතියම අම්ම උයන්න ගියා..

කීක් කීක් කීක් කීක්
patio,api ada lunch eka florance cafe 1n ganimu..welawata
anna.nathnam mm yanawa..ummmmmmma.

හරිනෙ ඉතිං.අදත් අම්මගෙ බත් එක විසි කරන්න තමයි වෙන්නෙ.. දවල් කෑමටත් සුපිරි වියදමක් යාවි..මං හැදුවෙ අද කෙල්ලත් එක්ක ෆිල්ම් එක බලන්න.නැහෙම උනොත් සල්ලි මදි වෙනවනෙ..
අම්මේ අද පංතියට සල්ලි ඕන.. තුන්වෙනි සතියනෙ.කාඩ් ගන්නෙ නැතුව ඇතුලට යන්න දෙන්නෙ නෑ
සල්ලි නෑ පුතේ..හෙට පොලේ යන්න රුපියල් 1000 ක් ඇති.එහෙනම් ඒකවත් ගෙනියන්න.මොනව කරන්නද ?

හ්ම්ම්ම් එහෙනම් ඒකත් හරි මම ආපහු ලෑස්ති වෙන්න කාමරේට ආව.. හෙයා ක්‍රීම් ටිකක් ගාල කොන්ඩෙ කෙලින් කරා.. කෝ මේ සෙන්ට් බෝතලේ ? කෙල්ල පපුවට තුරුල් වෙලා ෆිල්ම් එක බලද්දි ගඳ ගැහුවොත් හද්ද නෝන්ඩියනෙ..මම කණ්නාඩියෙන් පේන මගේ ප්‍රතිබිම්බය දිහා බලං මහ වනචර හිනාවක් දැම්ම..

අනිත් උන් කෑලි එක්ක රූම් ගානෙ යනව නම් මම ෆිල්ම් එකක් බැළුවම මොකද? මම මූණ එක එක විදියට හැදුව කණ්නාඩියෙන් බලං..මම කණ්නාඩියෙ මට විරිත්තුවඌත් මට විරිත්තුව..මම එරෙව්ව..ඒත් මූ විරිත්තන්ම ඉන්නව..

මොකක් ? මම දිව ඇද්දා.ඒත් කණ්නාඩියෙ මම ඉස්සෙල්ල විදියටම විරිත්තන් ඉන්නව..
මොකද උඹ මට විරිත්තන්නෙ ?
මම කණ්න්නඩියෙ ඉන්න මගෙන් ඇහුව..
නෑ.. මට උඹ දැක්කම හිනා ගියා
ඒ මොකද උඹ මට හිනා වෙන්නෙ ?
උඹ නපුංසකයෙක්
මොකක් ? ගහනව මූසලය කුඩු වෙන්න..මගේ කෙල්ලගෙන් අහපන් මම කවුද කියල
උප්පැන්නෙ පුරුෂ කියල තිබුනට, ඔය පිරිමි අවයවේ තිබුන කියල උඹ මිනිහෙක් වෙන්නෙ නෑ

මොකක්ද උඹ කියන්න හදන්නෙ ? බණක් නම් සොරිම තමයි.මට ඕවට වෙලා නෑ.මං එනකම් කෙල්ල බලං ඉන්නව
ඉතිං පලයං..හැබැයි යන්න කලින් මෙකත් අහපං..උඹ අර අහිංසක අම්මට බොරු කරනවට උඹට හෙන ගහනව..ඒ මනුස්සය හිතන් ඉන්නෙ උඹ පංති ගිහින් හොඳට ඉගෙන ගන්නව ඇති කියල..තමන්ගෙ දරුව මහන්සි වෙලා පවුල ගොඩ දාවි කියල.ඒත් උඹ උඹේ පවුල එක්ක ෆන් ගන්න යනව.කවද හරි තේරෙයි උඹට..ඒත් එදාට අර අහිංසක අම්ම විඳවල මැරෙයි උඹ වගේ කාලකණ්නියෙක් බිහි කරපු වරදට..ලැජ්ජ නැද්ද මිනිහෝ,ගෙදර උන් කිරි හොද්දයි බතුයි කනකොට උඹ කොහෙවත් ඉන්න එකියක් එක්ක ෆයිඩ් රයිස් ගිලිනව. උඹට වදපු අම්මට රහට කන්න ටිකක් දෙන්න බැරි උනා..
තරුණ කාලෙ එහෙම තමයි..ආදරේ කරන එක වැරැද්දක් නෙවෙයිනෙ
ඔව් වැරදි නෑ..ඒත් පිට උන්ට ලව් කරන්න කලින් තමන් වදපු අම්මට ලව් කරපං.. උඹ කෙල්ල එක්ක රංඩු උනාම ඒකිගෙ මූන ලෙව කකා හුරතල් කරනව..ඔලුවෙ අත තියල දිවුරල පොරොන්දු දෙනව.අහස තරන් ආදරෙයි කියනව.මට කියපන් කවදද උඹ් තමන්ගෙ අම්මගෙ මූන ඉඹල මහෙ රත්තරං අම්මට මම ගොඩක් ආදරෙයි..මම අම්මගෙ හැම හීනයක්ම හැබෑ කරනව කියල කිව්වෙ ? කවදාවත් උඹ එහෙම කියල නෑ..ඇයි උඹට අම්මගෙ රැලි වැටුන වයසක මූන ඉඹින්න අප්පිරියද ?
පිස්සුද ? ඒ පොඩි කාලෙ අම්මලව ඉඹින්නෙ..දැන් ඕව කරන්න ලැජ්ජ නැද්ද ?

එතකොට දැන් ඉඹින්න ඕන කෙල්ල්ලොන්වද ? අනේ පලයං බං යන්න.. උඹල කොල්ලොත් එක්ක බෝතලයක් බිව්වම තමයි වීරයො.ගෙදර උන්ට බොරු සේරම කියල තියෙන තුට්ටු දෙකත් හොරකන් කරන් එක්කො කෙල්ලො එක්ක ෆන් ගන්න කියල යයි,නැත්නම් කොල්ලොත් එක්ක සෙට් වෙයි.ඕකනෙ උඹ්ලගෙ ජීවිතේ..උඹලගෙ ලෝකෙ වීරයො කොහෙ හරි ඉන්න තව රස්තියාදු කාරයෙක්,නැත්නම් බේබද්දෙක්..මිනිහො දහ දුක් විඳල උඹලට කන්න අඳින්න දෙන,උඹලට ෆන් ගන්න සල්ලි හොයල දෙන උඹගෙ තාත්තව උඹට ඈණයක්.. උඹව වලට ඇදල දාන කොල්ලො සෙට් එක උඹට බොක්කට වඩා වටිනව නේ.. අනිත් එක උඹේ ඔය ගෑණි.හැදිච්ච කෙල්ලෙක් නම් කොච්චර ලව් කරත් ඕවයි රිංගන්න එන්නෙ නෑ.. උන් ලව් කරන්නෙ හදවතින්.. කොල්ලට පොඩි ආතල් එකක් දීල ඌ හිඳෙනකං නැති කරන ගෑණුන්ට කියන්න වෙන නමක් තියෙනව
කට වහපං..තව වචනයක් හරි එයාට කිව්වොත් ම්ං තෝ මරණව
-ඇයි උඹට දුකයිද ? උඹට මාව මරන්න බෑ.මොකද මං උඹේ හෘද සාක්ෂිය. උඹට තමන්ගෙ හෘද සාක්ෂියට මරන්නත් බෑ.බොරු කරන්නත් බෑ.. තේරුම් ගනිං.ඔය වගේ කෙල්ලෙක් එක්ක කොහොමද අවුරුදු 50 ක් 60ක් එකට ජීවත් වෙන්නෙ.. අනික උඹ මොනව කිව්වත් ඕකි නරක කෙල්ලෙක්..තමන්ගෙ හැඟීම් දැන් පාලනය කර ගන්න බැරි නම් කොහොමද උඹව බැන්දම පාලනය කර ගන්නෙ ? සාර්ථක ජීවිතයක් ගෙනියන්න පූලූවන්ද ඔහොම කෙනෙක් එක්ක?

මං දන්නෑ. උඹ මාව පිස්සු වට්ටවනව
පිස්සු හැදෙන්නෙ උඹ තනි උන දවසට.අම්ම,තාත්තට පූළුවන් කාලයක් උඹට කන්න දෙයි. ඊට පස්සෙ කොහොමද උඹ කන්නේ ? යාළුවො ගෙනත් දෙනවද ? ඔය කෙල්ල හම්බ කරල දෙනවද ? නෑ උඹට එදාට කවුරුවත් නෑ.. එදාට තනියම විඳවන්න වෙනව උඹට.. හොරකම් කරල හරි මංකොල්ල කාල හරි තමයි ජීවත් වෙන්න වෙන්නෙ එදාට.. බල්ලෙක් වගේ පාරක මැරිල යන්න තමයි වෙන්නෙ.. දැන් වත් හැදියන්.. තාම පරක්කු නෑ.. මිනිහෙක් වෙයන්..නියම පිරිමියෙක් වෙයන්.. උඹේ දහඩිය මහන්සියෙන් හම්බ කරල ඒකෙන් ගෙදර මිනිස්සුන්ට බඩ පිරෙන්න කෑම වේලක් අරන් දියන්.. එදාට මං පිලි ගන්නම් උඹ නියම පිරිමියෙක් කියල..
මං ගෙදර මිනිස්සු ගැන හිතන්නෑ කියලද උඹ කියන්නෙ ?
කොල්ලෙක් අම්ම මතක් කරල කුණුහර්පයක් කිව්වම ඌත් එක්ක මරා ගන්න එකට නෙවෙයි කැක්කුම කියන්නෙ.. උඹ එයාටල ඇත්තටම ආදරේ නම් ඒක ඔප්පු කරපං.. නැත්තන් උඹේ අම්ම තාත්ත මැරුණම පාංසුකූලෙ දෙන්නවත් උඹට බැරිවෙයි..

ඇති..ඇති..දැන් හොඳටම ඇති..නවත්තපං ඕක
මම බිත්තියෙ එල්ලල තිබුන කණ්නාඩිය ගලවල අරං පොළවෙ ගැහුව..ඒක පොඩි පොඩි කෑලිවලට කැඩුණ..ඒ අතරින් මගේ රූපයත් බොඳ වෙලා පෙනුන..

මොකක්ද පුතේ බිඳුනේ ? හා කණ්නාඩිය කුඩු වෙලා නේ ද ? ඉන්න මං අස් කරන්නම්.පුතා දැන් යන්න,පරක්කුත් වෙලානෙ.මෙන්න බත් එක
අම්ම බිඳුන කණ්නාඩියෙ කෑලි ඇහිදීනව..ඒ අතරෙ මගේ ෆෝන් එකත් රිංග් වෙනව..මං ෆෝන් එක ඕෆ් කරා..
අම්මෙ මගේ ඔළුව රිදෙනව... අද යන්න බෑ...

කතෘවරයා නිර්ණාමිකයි,
ඔහු කවුරු උනත් ඔහුට ස්තුතියි..!
උපුටා ගැනීමකි.

අහම්බෙන් ෆේස්බුක් පුටුවක දැක්ක කතාවක් (https://www.facebook.com/heenayak). ගොඩක් තරුණ කොල්ලන්ට නොතේරෙන පැත්තක් මේ කතාවෙන් කියල තියෙනවා. ජීව්තේ අපිට වැඩියෙන්ම ආදරේ අපේ දෙමාපියන් ඒ මිනිස්සුන්ට කොහොවත් යන කෙල්ලෙක් හින්ද දුක් දෙන්න එපා, අමතක කරන්න එපා. ආදරයක් කෙනෙක්ගේ ජීවිතයක් වෙනස් කරන්න පුලුවන් උනාට ඒ ආදරේ නැති වෙච්ච දවසට අම්මගේ ආදරේ හැමදාමත් තියෙනවා කියල තේරෙයි.... 


****සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!****


ලෑබුවාවු අලුත් අවුරුද්ද ඔබ සෑමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සාමය, සතුට, සෞභාග්‍යය සපිරි, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ! ! !....

සිතුම් පැතුම් සියල්ල ඉටු වේවා......සියලු වැඩ කටයුතු සාර්ථක වේවා.....!!!

මල් හිනාවක්...

පහන් දැල්ලක් ලෙසින් විකසිත එකම එක මල් හිනාවක්...
අරන් ඔබ වෙත පාව එන්නම්.. පවන් රොද සමගින්...
හෙරෙන් ගන්නට පුංචි මල් මල් ආදරේ ඔබගෙන්...
පියාඹා දුර ඈත යන්නට ඒසෙනේ සමගින්...

හීනයක් වී රු අහසටය පායනා තරු මල්...
නෙලා දොතට මං පුදන්නම් ඔබේ ළග දෙපතුල්...
පාරමී පරනා උතුම් හිත සෙනේදම් රකිමින්...
මිලින වි පෙති හැලී යාවිද ඔබේ රුදුරු බවින්...

එක් වරක් නොව දස දහස් වර තෙමෙයි නෙතු කදුලින්...
ඔබේ එක් දගකාර කමකට බිදෙයි සිත සිත සැනෙකින්...
සෙනෙහසේ දුක් කන්දරාවන් දවයි කුරිරු ලෙසින්...
ඔබේ සුවදක රැදී මට සැනසෙන්න දෙන්න වරම්...

පුපුරවා නෙත් ගලා හැලෙනා කදුලු නැත ඉවරක්...
දුකක් ඇත්නම් ඔබම ඇවිදින් නිවයි නෙතු සැනෙකින්...
ලොවක් හදුනන මගේ පෙම් වත නොදන්නා ලෙසකින්...
කිමද ඔබ දුර ඈත යන්නේ මා දමා මෙලෙසින්... සැලිツ

අනෙකෙකුගේ ආදරයට හැම විටම ගරු කරන්න


දුප්පත් පිරිමි ළමයෙක් ගොඩක් පොහොසත් ගෑණු ළමයෙකුට ආදරය කලා.එක් දවසක් ගෑණු ළමයාව මුනගැසුනු පිරිමි ළමයා තමන් ගේ හිතේ තිබුනු ආදරය ගෑණු ළමයාට ප්‍රකාශ කලා. ගෑණු ළමයාට ගොඩක් තරහා ගියා

"ඔයාට පිස්සුද? ඔයා මාසෙකට හොයන සල්ලි මගේ දවසේ වියදමටත් මට මදි...මම මොකටද ඔයාට ආදරේ කරන්නේ? ඔයා මගේ ගැන එහෙම හිතුවෙවත් කොහොමද? මම කවදාවත් ඔයාට ආදරේ කරන්නේ නෑ,ඔයා මාව අමතක කරලා ඔයාට ගැලපෙන විදියේ කෙල්ල

ෙක්ව හොයා ගන්න" කියලා එයා පිරිමි ළමයට බොහෝම තදින් කිව්වා.

නමුත් පිරිමි ළමයට ඇයව එහෙම ලේසියෙන් අමතක කරන්න පුලුවන් උනේ නෑ.

වසර 10කට පස්සේ දවසක් මේ පිරිමි ළමයයි අර ගෑණු ළමයයි සාප්පු සංකීර්ණයකදී මුහුනට මුහුන මුන ගැසුනා.

"මේ ඔයාද? ඔයාට කොහොමද දැන්? මම දැන් කසාද බැදලා ඉන්නේ...ඔයා දන්නවද මගේ මහත්තයගේ මාසික ආදායම ලක්‍ ෂ 2කටත් වඩා වැඩී කියලා?" ගෑණු ළමයා පිරිමි ළමයට කිව්වා.

මේ මොහොතේම ගෑණු ළමයගේ සැමියා එතනට ආවා. පිරිමි ළමයව දුටු ඔහු බොහෝම ගෞරවයෙන් ඔහුට මෙහෙම කතා කලා

" සර් මෙතන මොක්ද කරන්නේ? මේ ඉන්නෙ මගේ බිරිද"

ඊට පස්සේ බිරිද පැත්තට හැරුනු ඔහු මෙහෙම කිව්වා

"මේ සර්ගේ කම්පැනි එකේ තමා මම අලුතින් ලක් ෂ 2කකට රැකියාවට ගියේ. අපේ සර් තවම කසාද බැදලා නැත්තේ ඇයි දන්නවද? සර් ආදරේ කරපු ගෑණු ළමයව සර්ට ලබා ගන්න බැරි වෙලා තියනවා,ඒ දුකට සර් වෙන ගෑණු ළමයෙකුට ආදරේ කරල නෑ. පොඩ්ඩක් හිතන්න ඒ ගෑණු ළමයා කොච්චර නම් වාසනාවන්තද කියලා.අද කාලේ එහෙම ආදරේ කරන පිරිමි හොයන්න කොච්චර අමාරුද?"

ගෑණු ළමයාට මොනවා හිතෙන්න ඇතිද?
.
.
ජීවිතය කෙටියි. එම නිසා අද ඔබ සතු දේ නිසා උඩගු නොවන්න. අද පවතින තත්වය ඉතා ඉක්මනින් වෙනස් විය හැකියි. අනෙකෙකුගේ ආදරයට හැම විටම ගරු කරන්න.

ඉහළන කුඩ මත මුතු සේ විසිරෙන කඳුළු වැස්ස..

විටෙක පෙම්වතුන්ගේ කඳුළෙන් මහා සාගරය පිරී යයි. පෙම්වතුන් ගේ සුසුම් මහා කුණාටු සේ හමායයි. විරහ විරහනීන් ගේ හදවතින් නැඟෙන වේදනාවෝ ගංගාවන් සේ ගලා යති. මේ සියල්ල කාලය උපදවන්නේ රසයකි. සැබැවින් ම කලාකරුවා වූ කුලී ශෝකය ද රසයක් බවට පත් කරගන්නෙකි. පරාජිත ප්‍රේමය රසයක් බවට පත්වන්නා වූ ගේය පද රචනා නිරන්තරයෙන් හමුවෙයි.

ඒ අතර අපූර්වත්වයෙන් යුතු මනරම් පබැඳුම් ඉඳහිට මුණගැසෙයි. ලූෂන් බුලත්සිංහලයන් විසින් පබඳින ලද රෝහණ වීරසිංහයන්ගේ මනරම් තනු නිර්මාණයෙන් ගායනයෙන් ද සුපෝෂිත වූ ‘මුතුකුඩ ඉහළන’ නැමැති පබැඳුම අතිශයින් සුවිශේෂ වූ විරහ ගීයක් ලෙස අවිවාදයෙන් නම් කළ හැකිය. මක්නිසා ද මනරම් සංගීතයට මුසු වූ සුමියුරු කාව්‍යයක් මෙහි අන්තර්ගත බැවිනි.

සංකඩගල පුරවරයට ඇද වැටෙන වරුසාවකි. ඉහළෙන කුඩ මත අතුකැට සේ දිය බිඳු ඉතිරි කරමින් වර්ෂාව ඇද හැලෙයි. එවිට එය මුතු කුඩ ඉහළන මල් වරුසාවකි. වස්සානය දැනුවත් කරමින් වැහිළිහිණි යෝ අහසේ පියාඹති. වැස්සට මුවා වී කොතැනක හෝ සිටින මේ ගීයේ කථිකයා තමා ඉදිරියෙන් ඇදෙන රිය පෙරහර දෙස බලා සිටී. ඒ අතර ඔහු ඉදිරියෙන් ඇදෙන්නේ සුවිසල් රියකි. රිය කවුළුවෙන් ඔහුට එක්වරම ඇස ගැටෙන්නේ සුපුරුදු දෑසකි. ඒ එක්තරා අතීතයක ඔහු ව වශී කළ දෑසකි. ඔහු තම ජීවිතයේ වැඩියෙන් ම ආදරය කළ දෑසකි.

විදුලියක් ලෙස එක් වර ම ඇස් ගැටෙන ඒ දෑස, ඉගිළෙන රථයක් සමඟ ම ඔහුගෙන් ඈතට ඉගිළ යයි. ඒ දෑස සමඟ ලියවුණු ශෝචනීය ඉතිහාස කතාව එක්වර ම ඔහුගේ සිහියට නැඟෙයි. අනපේක්ෂිත මොහොතක ඔහු ගේ හදවත සසල වී යයි. ඒ නිසල වීම ලූෂන් බුලත් සිංහලයෝ තම සුපුරුදු ප්‍රතිභාව ඔස්සේ මනාව කැටයම් කරති. රසිකයා තුළ මේ ජවනිකාව චිත්ත රූප ඔස්සේ ප්‍රතිනිර්මාණය කිරීමට රචකයා සමත් වේ.

“මුතු කුඩ ඉහළන මල් වරුසාවේ
උඩ ඉගිළෙන විට වැහි ලේනී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී

මුතුකුඩ ඉහළන්නට මේ වරුසාව මල් වරුසාවක් වුව ද ඔහුට නම් මෙය කඳුළු වරුසාවක් ම ය. ඔහුගේ හදවත මෙන් ම අවට පරිසරය ද අඳුරු වී තිබේ. වැහි අඳුර ළා හිරු එළියක් ද සමඟ මිශ්‍රවෙයි. එවිට වීදිය දිගේ දියදහරා ගලා බසින්නේ දේදුනු පැහැයෙනි. අතීතයේ මිහිරි මතකයන් ගෙන් තාමත් ඔහුගේ හදවත හැඟීම්බර ව මෙන් ම සෞන්දර්යාත්මක ව ස්පන්දනය වන බව හැඟී යයි. රචකයා ගේ භාෂා භාවිතයේ පිරිපුන් බව පද රචනාවක් ද නිරන්තරයෙන් ඉස්මතු වෙයි. ජනශ්‍රැතියේ උකහා ගත් ‘අඳුරු ලලා’ වැනි යෙදුම් සමඟ පාරිසරික සංකේත ඔස්සේ මේ තරුණයා ගේ මනෝභාවයන් සංකේතවත් වේ.

අතීතයේ දවසක මෙබඳු ම වරුසාවක් සෙංකඩගල පුරයට ඇද වැටෙද්දී මේ වීදිය දිගේ ඇවිද ගිය ආකාරය ඔහුට සිහිපත් වේ. එදා ඔහු ඇවිද ගියේ තනි ව නොව, දැන් මොහොතකට පෙර ඉගිළී ගිය දෑසේ හිමිකාරිය සමඟ ය. එහෙත් එදා ඒ වැස්ස ඔහුට දැනුණේ ආදර මධු වැස්සක් ලෙස ය. එක කුඩයක සෙවණේ එක ම මඟක ගමන් කළ ඔවුන් දෙදෙනා අද දෙමංසලක දී දෙමඟකට වෙන්වී තිබේ. මෙය දෛවයේ තවත් සරදමක් ම ය.

“අඳුරු ලලා
සෙංකඩගල වැස්සේ
දිය දහරා...
පාටයි දේදුන්නේ

ඒ මිහිරි යටගියාවෙන් මතුවන වැස්සට තෙමෙමින් ඔවුන් දෙදෙනා කොතරම් සිහින මාළිඟා තනන්නට ඇති ද? දැන් ඒ සියල්ල ම නාය ගොසිනි. ඈ ගිය සුවිසල් මොටෝරිය පදවන්නට ඇත්තේ ඇගේ සැමියා විය යුතු ය. දැන් ඈ අයිති ඔහුට ය. ඒ දෑස අයිති ඔහුට ය. තමාට උරුම වී ඇත්තේ දරාගන්නට බැරි හුදෙකලාවක් පමණකි. අඬනවා නම් අඬන්නට. මේ වැස්සට වඩා කඳුළු, ඔහු සතු ව තිබෙනවා විය යුතු ය. යොවුන් ආදරය ඔහුට ඉතිරි කර ඇත්තේ එපමණකි. මේ දෛවයේ කුරිරු සරදමක් මිස වෙන කුමක් ද?

අවසානයේ දී ලූෂන් බුලත්සිංහලයන් තම පබැඳුම අපූර්වතම පරිසමාප්තියක් කරා ගෙන එනු ලබයි. ඒ දෛවෝපගත සරදමක් මේ සිදුවීමට ඈඳා ගනිමිනි. ඒ ආදර නිල් දෑස රැගත් සුවිසල් මොටෝරිය, ඔහු ව පසුකර ගෙන යන්නේ, ඔහු ව මඩ වතුරෙන් නහවමිනි. ජීවිතයේ ඔහු ලද පරාජය හා ඔහුගේ අසරණකම සන්නිවේදනය කිරීමට රචකයා මේ සිද්ධිය උපයෝගි කරගනියි. සහෘද සිත්සතන්හි මේ අභාග්‍යවන්ත පෙම්වතා කෙරෙහි හටගන්නේ විශාල අනුකම්පාවකි. ඒ අනුකම්පාව ඔස්සේ රසිකයා සසලවන්නේ මේ පරාජිතයාගේ හදවතේ මේ මොහොතේ ඇතිවන සිතුවිල්ල මත ය.

“රිය ඇතුළේ
උණුසුම ඔබට දිදී
නහවයි මා
රියසක මඩ වතුරේ
නෑ හිත රිදුණේ
අදත් එදා සිහි වී
අපේ සබඳකම් නෑ රියසක දන්නේ

මේ සුවිසල් මොටෝරිය පවා ඔහුට සරදම් කරන ආකාරය රචකයා නිරූපණය කරයි. ඇයට උණුසුම දෙන මොටෝරිය ඔහු ව මඩ වතුරෙන් නැහැවීමට තරම් අකාරුණික වී ඇත. ඒත් මේ සියල්ල දරා සිටීමට තරම් ළතෙත් බවක් තවමත් ඔහුගේ හදවතේ ඉතිරි වී පවතී. ඇය වෙනුවෙන් හදවතේ හටගත් ආදරය තව ම ඉතිරි වී ඇත. ඒ ආදරයේ නාමයෙන් ඒ අකාරුණික රථයේ රෝදයට වුව ද සමාව දිය හැකි ය. “අපේ සබඳකම් නෑ රිය සක දන්නේ” නැමැති යෙදුම් අතිශයින් ප්‍රබල යෙදුමකි.


මුතුකුඩ ඉහළන මල් වරුසාවේ
උඩ ඉගිළෙන විට වැහිලේනී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ
දෑස ගියා ඉගිළී

අඳුරු ලලා...
සෙංකඩගල වැස්සේ
දිය දහරා...
පාටයි දේදුන්නේ
තෙමි තෙමී ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංසලේ

රිය ඇතුළේ...
උණුසුම ඔබට දිදී
නහවයි මා
රියසක මඩ වතුරේ
නෑ හිත රිදුණේ අදත් එදා සිහිවී
අපේ සබඳ කම් නෑ රිය සක දන්නේ

පද රචනය :- ලූෂන් බුලත්සිංහල
සංගීතය :- රෝහණ වීරසිංහ
ගායනය :- රෝහණ වීරසිංහ

ඈ කෙරෙහි පැවැති ආදරයේ තරම මේ අජීවී රියසක දැන සිටින්නේ කෙලෙසද? දැන සිටියා නම් මේ රියසක, තමාට මෙබඳු සරදමක් නොකරනු ඇත. ආදරය කළ සිතින්, වෛර කිරීමට ඔහු සූදානම් නැත.

ලූෂන් බුලත්සිංහලයන් ගේ පදමාලා ඔහුට ම ආවේණික වූ සුවිශේෂ ගුණාංග රාශියක් පවතී. එකක් නම් පරිසරය, සංකේතාත්මක ව තම අනුභූතීන් සමඟ මනාව බද්ධ කර ගැනීමට ඔහු තුළ පවතින්නා වූ හැකියාවයි. ‘පිපුණු මලේ රුව‘ ‘දම් පාටින් ළා’ ‘සඳලතා නඟේ’ ‘පුන් පෝදා සඳ’ කන්‍යාවී වැනි නිර්මාණ ඒ සඳහා නිදර්ශන කීපයක් පමණකි. එසේ ම විශාල ආත්ම සංයමයක් ඒ නිර්මාණ තුළ අන්තර්ගතව පවතී.

ආදරය ගැන ලිවිය හැකිවන්නේ ආදරය හොඳින් හඳුනන විට ය. ආදරය වූ කලී බෝසත් පාරමිතාවකි. එහි වෛරයට ඉඩක් නොමැත. අමාදහරක් ලෙස එය හදවත් දොවමින් නොපෙනෙන අනන්තයක් කරා ඇදී යයි. ඒ උත්තරීතර මානවදයාව මනාව සංස්පර්ශ කිරීමට ලූෂන් බුලත්සිංහලයෝ සමත් වෙති.

ගීත පදමාලාවක වචනයකට යා හැකි දුර සමතික්‍රමණය කිරීමේ හැකියාව තනුව බිහිකරන සංගීතඥයා සතු විය යුතු ය. ඒ ජන්ම වාසනා ගුණය රෝහණ වීරසිංහයන් සතු ය. අනෙකුත් ගායකයන් වෙනුවෙන් තනු නිර්මාණය කරන රෝහණ වීරසිංහයන්, මේ පදමාලාව සඳහා තනුව නිර්මාණය කරන්නේ තමාගේ ගායනය පිණිසයි.

ඇතැම් විට මේ අපූරු පබැඳුම තමා ගායනා නොකර අතැහැර දැමීමට සිතක් ඔහුට පහළ නොවන්නට ඇත. ඇත්තෙන් ම ඔහු මේ පද මාලාවට ලොබ බැන්දා විය යුතු ය. ගායනයේදී ඔහු පදමාලාවටත් ඔහු ගේ ම තනුවට උපරිම සාධාරණය ඉටු කරගෙන ඇති බව පැහැදිලි ය.

ආදරයේ වේදනාව මිහිරක් කරගැනීමට කෙනෙකුට නොහැකිද? සැබැවින් ම එය කළ හැකි දෙයක් මැයි. හදවත් බුර බුරා ඇවිළෙන ආත්මාර්ථය හැකිතාක් බැහැර කළ හැකි මිනිසාට වේදනාව මිහිරක් බවට හරවා ගත හැකි ය. එවිට පරාජිත ප්‍රේමය වුව ද මල් සුවඳක් සේ හමාවිත් හදවතේ මොහොතක් රැඳී ඉන් පිටවනු ඇත.

ගීතයක තනුවක මිහිර, ගායකයාගේ හඬෙනි මිහිර සියල්ල අතහැර දමා, ගීතයක පද මාලාවක්, ආස්වාදනීය ලෙස මෙනෙහි කරන්නට ලැබේ නම් ඒ අවස්ථාව ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. ඒ හැකියාව මේ පබැඳුමෙහි අන්තර්ගත ය. මේ ගීතය ඇසෙන වාරයක් වාරයක් පාසා මනහර කඳු වළලු වලින් පිරි සෙන්කඩගල පුරයට ඇද හැලෙන වැහි කෝඩයක් මගේ මනසට නැඟෙයි. ජීවිතයේ බොහෝ යස ඉසුරු වලට හිමිකම් නොකියන තරුණ වියේ මුල නොව අග සිටින්නකු කඩ පිලක අයිනේ වැස්සට මුවා වී සිටිනු මට දිස්වෙයි.

-ධම්මික බණ්ඩාර
(උපු‍ටා ගැනීමා සිළුමිණ පුවත්පතින්)

~ කිසිලෙසකින් හෝ වටහා දෙනු බෑ සෙනෙහස හිමිකමකි ~

මා හිස පිරිමැද නැවත නොඑන්නට
ඔබ වෙන්වී ගියදා
සටහන් නැත මැකිලා
ඒ නික්‌මන් ගමනේ...//

මගෙ ජිවිතයම ඔබෙන් සැදුණු බව
එදිනයි මට දැනුනේ
එතරම් අසරණ වී
නෑ කිසිදින තනිවී...

කිසිලෙසකින් හෝ වටහා දෙනු බෑ
සෙනෙහස හිමිකමකී
ඒ හිමිකම හැඟුනේ
ඔබ යළි ආ දිනයේ...



ගායනය :- ඉන්ද්‍රාණි බෝගොඩ
පද රචනය :- දයා ද අල්විස්‌
සංගීතය :- චන්ද්‍රදාස බෝගොඩ

ආදරය... වෛරයකට හැරෙන්න ගත වෙන්නේ ඉතාමත්ම සුළු වෙලාවයි. ක්‍ෂණයකින් ඒ වෙනස සිදුවෙන්න පුලුවන් මේ දෙක අතර වෙනස කෙස්‌ ගසකට සමානයි කියලනේ කියන්නේ. ආදරය වෛරයක්‌ බවට පෙරළෙන්නේ හැරයාමත් සමගින්. ඒත් හැම වෙන්වීමක්‌ම වෛරයකින් කෙළවර වෙන්නෙත් නැහැ.

මා හිස පිරිමැද නැවත නොඑන්නට
ඔබ වෙන්වී ගියදා
සටහන් නැත මැකිලා
ඒ නික්‌මන් ගමනේ...

අපි දෙන්නා... කොයිතරම් ආදරෙන්ද හිටියේ... දෙන්නට දෙන්නා නැතුවම බැරිවුණා. ඒ නිසා අපි කූඩු වුණා.. ආදරේ... වෙනදටත් වඩා වැඩි වුණා... ඒත්... ඒ කොයිතරම් කෙටි කාලයකටද... ඔයා මගෙන් වෙන් වුණා. හිතාගන්නවත් පුලුවන්ද... සමහරවිට මගේ වරදක්‌ වෙන්නැති. ඔයා වෙන්ව ගියේ ද්වේෂයෙන් නොවේ. මගේ හිස ආදරෙන් පිරිමදිමින් ඔයා මගෙන් සමුගත්තේ. ආයෙ නොඑන බව කියමින්... ඒ සමුගත් මොහොතේ මතකය... තවමත් මගේ හිතෙන් මැකී ගිහින් නෑ...

දයාද අල්විස්‌... අපේ හිතාදර මාධ්‍යවේදිනිය නිවේදිකාව ලියූ තවත් හැඟුම්බර ගීයක්‌... ගයන්නී ඉන්ද්‍රාණි බෝගොඩ ඒ හඬත් හරිම හැඟුම්බරයි තනුව සංගීතය. ප්‍රවීණ සංගීතඥ චන්ද්‍රදාස බෝගොඩගේ

මේක මගේ අත්දැකීමක්‌ නම් නොවේ. වෙන කෙනකුගේ අත්දැකීමක්‌ වුණත් අපිට පුලුවන්නේ අපේ අත්දැකීමක්‌ බවට පත්කරගෙන නිර්මාණයකට නගන්න. ඉන්ද්‍රානි ඉල්ලීමක්‌ කළේත් නැහැ මේ විදිහට ලියන්න කියලා... ඒත් ඉතින්... මේ කතාව මට ගුවන්විදුලියේ හිතවතෙක්‌ කියූ සිද්ධියක්‌. ඒ දයාද අල්විස්‌ ගී පද රසිකාවිය පැවැසුවා.

මගෙ ජීවිතයම ඔබෙන් සැදුණු බව
එදිනයි මට දැනුනේ
එතරම් අසරණ වී
නෑ කිසිදින තනිවී

ඔයාට මං කොයිතරම් ආදරය කළාද ඒ ආදරයේ තරම මට දැනුනේ ඔයා මගෙන් ඈත්ව ගියාට පස්‌සේ. එදා ඔයා මගෙන් වෙන්ව යද්දී මට දැනුණා. ජීවිතයක්‌ මට ලැබුණේ ඔයා නිසා බව. ඒත් එදා මං අසරණ වුණා. කවදාවත් නොදැනුණු තනිකමක්‌ එදා ඒ මොහොතේ මට දැනුණා.

කිසි ලෙසකින්වත් වටහා දෙනු බෑ
සෙනෙහස හිමිකමකි
ඒ හිමිකම හැඟුනේ
ඔබ යළි ආ දිනයේ

ආදරය කොහොමද මම තේරුම් කරලා දෙන්නේ... ආදරයක්‌ නැතුව මම කොහොමද ඉන්නේ ඒක මට අයිතියි. ඒ බව මට දැනුණා. කිසිදා නැවත නොඑන්න ගිය ඔබ ආයෙත් මා සොයා ආ දා... මට හැඟුණා. ආදරයට අයිතියක්‌ හිමිකමක්‌ මටත් තියෙනවා කියලා.

ඇයට ඉවසුම් නැහැ. හැරදමා ගිය කෙනෙක්‌ ආපසු ආවොත්... ඒක අදහන්නත් බැරි තරම් සතුටක්‌ ආදරය හිතේ තියාගෙන සමුගන්නා අයත් ඉන්නවා... එවැනි කෙනෙක්‌ තමයි ඔහු. ඔහු ද්වේෂයෙන් ඈ හැර ගියා නම්... යළි කිසිදා එන්නේ නෑ... ඔහු යළි ආවා. ඒ ඇය ගැන හිත තුළ අනුකම්පාවක්‌ තිබෙන නිසා.

-අජිත් අලහකෝන්

(උපුටා ගැනීම දිවයින පුවත්පතින්)

හුදකලාව...


කොහේ හරි නිදහස් තැනක නිවී සැනහිල්ලේ ඈත බලාගෙන සිටීම, එ කියන්නේ සමාජයෙන් ඈත් වී තනිව සිටීම හුදකලාව කියල කිව්වත්, සාමාන්‍ය ජීවිතේදී අපි නිතරම හුදකලා වෙනවා.

නිදසුන් - ගෙදර කට්ටිය ඔක්කොමල පිටව ගියට පස්සේ පාලුවෙන් කල් ගෙවීම, දන්නේ නැති ප්‍රදේශයකට යාම ආදී ගොඩක් දෙවල් හුදකලාව කියන එකට බැදෙනවා, එකතුවෙනවා... ඒ කියන්නේ හුදකලාව කියන එක පොඩ්ඩක් හොයල බැලුවොත්, එක අපිත් එක්කම බැදී අපි තුලින්ම එන සිතුවිල්ලක්, සිතුවිලි ගොන්නක්. කරන්න කිසිම වැඩක් නැතිවෙලා කම්මැලි කමේ වාඩිඋනහම ඒ සිතුවිලි අතර ගෙවන හැම තප්පරයක්ම අපි හුදකලාවෙන් ගතවෙනවා. ඒවා කොච්චර මිහිරි උනත් අමිහිරි උනත් එක රසවිදින්නට හිතට නැගෙන්නේ ලොකු අසාවක්. තනියම ඉපදිලා තනිව මැරෙන මිනිසාට හුදකලාව අනිවාර්ය දෙයක්. කව්රු අපේ ජිවිතයට එකතු උනත්, හුදකලාව ඉවර වෙන්නේ නෑ.. සිද්ද වෙන්නේ තාවකලිකව තනිකම නැති වීමක් පමණයි. මම හුදකලාවේ ජිවත් වනවිට හුදකලාව හුදකලාවම පරාද කරනවා. සමහරවිට හුදකලාව මගින් මිනිහෙක්ව කම්මැලි කරවනවා, එත් ලෝකේ ගොඩාක් නිර්මාණ වලට හේතුව වෙන්නේත් අපි මේ කතාකරන හුදකලාවම තමයි... මම ආසයි, නෑ ගොඩාක් ආසයි ඒ හුදකලාවට

මම හිතන්නේ, මිනිසෙකුට ජිවිතය වින්දනය කරන්නට හැකි හොදම කලාව වන්නේ මේ හුදකලා බවයි..

 සැලි

මේ දිනවල ලොව පුරා ජනපි‍්‍රය Honey Bunny

“අදහසක් ” කෙතරම් ප්‍රබල ද ? මෙකී අදහස, ප්‍රචාරක දැන්වීමක් හරහා, රූපවාහිනියෙන් විකාශය වීම, ඕපාදූපයකට තටු ලැබීමක් වැනිය. අද ලොව පුරා මිලියන ගණනක් මුමුනන “හනී බනී “(Honey Bunny) ද තටු ලැබුණු, ප්‍රබල අදහසකි.



ඉන්දියාවේ මුල් පෙළේ ජංගම දුරකථන ජාල සමාගමක් වන “ආදිත්‍ය බිර්ලා සමාගම “ (Idea) නව ප්‍රචාරක දැන්වීම ලෙස, “හනී බනී ” එළි දුටුවා. ඒ ඉකුත් වසරේ දෙසැම්බර් 01 වැනිදා. රට පුරා, විවිධ ප්‍රාන්තයන් හි තම ජංගම දුරකථන සේවා ජාලය ව්‍යාප්ත කිරීම, “හනී බනී” දැන්වීම පසුපස සැඟවුණු අරමුණයි.

Lowe Lintas දැන්වීම් ප්‍රචාරක ආයතනයට මෙම දැන්වීම නිර්මාණය කිරීම පැවරිණි. ගීතය සංගීතවත් කළේ, අමිත් ත්‍රිවේදි. “වේක් අප් සිඩ් “, “දේව් ඩී “, “ඉන්ග්ලිෂ් වින්ග්ලිෂ්” චිත්‍රපටය සඳහා සංගීත අධ්‍යක්ෂණය කළේ ඔහුයි. ගී පද සංකල්පනාව අමිතාබ් භටාචාර්යා විසිනි. සංගීතවේදියා හා පද රචකයා, යන දෙදෙනාම ගායනයෙන් එක්වෙති.

ප්‍රචාරක දැන්වීමට ප්‍රසිද්ධිය ලැබුණු මුල් දින 9 දීම, සාර්ථක ප්‍රතිඵල හිමිවිය. මුල් දින කිහිපයේ, ආදිත්‍ය බිර්ලා සමාගම් වෙබ් පිටුවට මිලියනයකට අධික පිරිසක් පිවිසුණහ. “යූ ටියුබ්” හි ඒ සඳහා නැරඹුම් ලක්ෂයකට අධිකව ලැබිණ. වත්පොතේ ඒ සඳහා මනාප දෙදහසකට වැඩිය හිමිව තිබේ.

ජනප්‍රියත්වයෙන්, මෙන්ම සාර්ථකත්වයෙන් කිරළු පළන් “හනී බනී” සුන්දර ආදර ගීතයක් ලෙසින් රූප රචනය කෙරෙන්නේද ඉන් අනතුරුවයි.

Honey Bunny Song.....

You’re my pumpkin pumpkin, hello honey bunny
I’m your dumpling dumpling, hello honey bunny
feeling something something, 
hello honey bunny, honey bunny,
Toko toko....
you’re my pumpkin pumpkin, hello honey bunny
I’m you’re dumpling dumpling, hello honey bunny
feeling something something, 
hello honey bunny, honey bunny
Toko toko....
How many times lady love had given me missed call,
what to tell you lazy, left no battery at all...
Idhar Udhar heart bouncing like a ping pong ball, 
ball ball ball ball ball ball,
Tring tring tring tring tring tring, hello honey bunny,
feeling something something, 
hello honey bunny, honey bunny,
feeling something something hello honey bunny, 
honey bunny
Toko toko....
La, la la la la la la..la la la la la la la la la la la....
Cupid such a stupid fellow, that is what i thought,
making people fall in love, no other work or what?
want to know him when you enter in the plot plot plot 
plot plot plot
Thanks to his idea, you’re my honey bunny,
I’m you’re pumpkin piya, you’re my honey bunny,
Bole tring tring jiya, I’m you’re honey bunny, honey 
bunny,
Toko toko.....
Tring tring tring tring tring tring, hello honey 
bunny,hello
Feeling something something, hello honey bunny, 
hello
you’re my pumpkin pumpkin, hello honey bunny
Toko toko...

-ඉවැඩ්නි පණ්ඩිතරත්න



(උපුටා ගැනීම සරසවි පුවත්පතින්)

පුරාණ කදුරුගොඩ (කන්තරෝඩෙයි) විහාරය, යාපනය...

පුරාවිද්යාුත්මක වශයෙන් යාපනය අර්ධද්වීපයේ පිහිටි වැදගත්ම ස්ථානය වන්නේ කන්තරෝඩෙයි හෙවත් පුරාණ කදුරුගොඩ විහාරය යි...මහනුවර යුගයේ ලියැවුණු විහාර හා පුදබිම් නාමාවලියක් වන ‘නම්පොත හෙවත් විහාර අස්නෙහි’ ‘කදුරුගොඩ විහාරය’ ලෙසින් මේ පුදබිම හැඳින්වේ...චුලෝදර මහෝදර රජවරුන්ගේ නොසන්සුන්තාවය සමනය කල බුදු රජාණන් වහන්සේ මෙම ස්ථානයේ වැඩ විසූ බව පැවසෙන අතර මෙම ස්‌ථානය රහතන් වහන්සේලා හැටනමකගේ භෂ්මාවශේෂ තැන්පත් කර ස්‌ථූප 60 ක්‌ තනා ඇති බව සඳහන් වේ...

1916 යාපනය දිසා විනිසුරු පෝල් ඊ. පීරිස්‌ මහතා විසින් ස්‌ථූප 57 සොයාගන්නා ලදී... ස්‌ථූප 60 න් 21 ක්‌ පැහැදිලිව දැක ගත හැකි අතර 36 ක පාදම් හඳුනාගෙන ඇත...වර්ෂ 1915 - 17 මෙම භූමියේ කැණීමක් කර බෞද්ධ නෂ්ටාවශේෂ කොටස් සොයා ඒවා යාපනය කෞතුකාගාරයට බාර දී ඇත... එකල බුද්ධ පරෞද්තිමා දාගැබ් කොත් ආදිය ලැබුණු බව වාර්තා වී තිබේ... කිර්19.ව. දෙවන සියවසට අයත් යාපනයේ වල්ලිපුරම් රන්පත් ලිපියෙන් පැහැදිලි වන්නේ එකල යාපනය අර්ධද්වීපයම ‘නකදිව‘ (නාගදීපය) නමින් හැඳින් වූ බෞද්ධයන් සිටි පරනය දේශ බව ය... කිරෂනා.ව. 10වන සියවසට අයත් තුනුකායිටැම් ලිපියෙන් ද ඒ බව සනාථ වේ...

කදුරුගොඩ විහාරය ක්රි්ස්තු පූර්ව යුගයේ සිට පැවති සිද්ධස්ථානයක් බවට අනුමාන කළ හැකි ය...තල්ගස් වටකර ගත් කන්තරෝඩෙයි නටබුන් බිම නිසලත්වයක ගිලී ඇත... තහවුරු කළ සමහර දාගැබ්වල ඡාතරා්ග වලි යළිත් ගලවා බිම දමා තිබෙන බව පෙනේ... මේවා ඉදිකර ඇත්තේ හිරිගල් සහ හුණුගල් උපයෝගි කරගෙන ය... ගල්මල්, කොරල් ගල් ආදිය සමහර තැන්වල මතු වී පෙනේ...බොහෝ තැන්වල දක්නට ලැබෙන කණු පාදම් ගල්වලින් පෙනෙන්නේ දැවවලින් කළ ගොඩනැගිලි තිබුණු බවකි... මෙම භූමියෙන් දාගැබ් කොත්, ගල්කරඬු, වීදුරු දැගැබ් කොත්, වාමන රූප,ගල්කණු කැබැලි, සිරිපතුල්ගල 16000 කට නොඅඩු පබළු බුද්්ධ පරබ් තිමා කොටස්, බෝධිසත්ව පරපන තිමා, පුරාණ දේශිය සහ දකුණු ඉන්දියානු කාසි ආදි නෂ්ටාවශේෂ රාශියක් ලැබී ඇත... මෙම පුරාණ කෞතුක වස්තු යාපනය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තැබූ බව වාර්තාවල සඳහන් ය..

'මියෙන ලොවක නොමියෙන මතකය...'

විජය කුමාරතුංගයන් දැයෙන් සමුගෙන වසර විසිපහක්‌ සපිරේ




විජය කුමාරතුංග යනු ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර බිහිවූ අසාමාන්‍ය ගණයේ විරල චරිතයක්‌ සේ මම දකිමි. සීදුව වැනි වෙරළබඩ ගමක සාමාන්‍ය පවුලක උපත ලද විජයගේ ඉරණම් ගමන මේ රටේ ඉහළම ප්‍රභූවරුන්ගේ තිඹිරිගෙය සේ හැඳින්විය හැකි හොරගොල්ල වලව්ව තෙක්‌ දීර්ඝ එකක්‌ වී තිබුණි. සිංහල සිනමාවේ අහිංසකම පෙම්වතා ලෙස ජනප්‍රියත්වයේ කිරුළ හිමිකරගත් විජය එය බිම දමා කීර්තිමත් බණ්‌ඩාරනායක පවුලට සම්බන්ධවීම එක්‌ අතකින් සිනමා කතාන්තරයක්‌ තරමටම අද්භූත එකකි. එහෙත් එය සිදු විය. මේ රටේ අගමැතිවරුන් දෙදෙනකුගේ දියණියක්‌ මෙන්ම ප්‍රථම විධායක ජනාධිපතිනියද වූ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මෙනෙවියගේ අතගත් විජය සිය දහස්‌ ගණන් නව යොවුන් යුවතියන්ගේ සිහින කුමරා වූ බවද නිසැකය.

2013 පෙබරවාරි 16 වන දිනට හරියටම විජය ඝාතනය වී වසර 25 ක්‌ සපිරුණි. සිය නොකල් සමුගැනීම සිදු වන විට විජය ශ්‍රී ලාංකික දේශපාලනයේ අධිපතිවාදී දක්‌ෂිණාංශික කඳවුර සමග තීරණාත්මක සටනක නිරතව සිටියේය. එවක පසු බසිමින් තිබුණු සාම්ප්‍රදායික වමේ පක්‌ෂවලද ආශීර්වාදය ලද විජය ඡේ. ආර්. ජයවර්ධනගේ දේශපාලන විජිතයට එරෙහිව කැරැලි ගැසීමට තරම් නිර්භය විය. එහි ප්‍රතිඵලය වූයේ විජය නැක්‌සලයිට්‌ චෝදනා ලැබ සිරගත කිරීමය.

විජය සිරගෙදරදී මුහුණ දුන්නේ අතිශය අමිහිරි අත්දැකීම් මාලාවකට බව ඔහු පසු කලෙක කියා තිබුණි. අඳුරු සිර කුටියක රඳවා සිටි විජයගේ දෑස්‌ නොපෙනී යැමේ අනතුරක්‌ එල්ල වෙද්දී ඔහුට හිරු එළිය ලබා දෙන්නට එදා චන්ද්‍රිකා බණ්‌ඩාරනායක දැරූ ප්‍රයත්නය අපට මතකය. ඡේ. ආර්.ට විජය තරම් දේශපාලන සතුරෙක්‌ නොවූ සෙයකිෘ අප අසා ඇති පරිදි ඡේ. ආර්.ගෙන් විජයට යම් සහනයක්‌ ලබාදීමටත් පසුව නිදහස්‌වීමටත් හැකි වූයේ කවදත් දේශපාලන හා සමාජ ක්‌ෂේත්‍රයෙහි ප්‍රබල හිමි නමක්‌ වන ගලබොඩ ඥනිස්‌සර හෙවත් ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ මැදිහත්වීම නිසාය.

හිරගෙදරින් නිදහස ලත් විජය සිය දේශපාලන ගමනෙහි අතිශය තීරණාත්මක කඩඉම වූ මහර අතුරු මැතිවරණයට මුහුණ දුන්නේය. විජය පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්‌වීමට ඡේ. ආර්. ගත් ප්‍රයත්නය එදා ඉමහත් විවාදාත්මක නාටකයක්‌ වූ අයුරු අපටද මතකය. මැතිවරණ ප්‍රතිඵලය දෙස රටම බලා සිටියේය. විජය ඡන්ද 45 ක්‌ වැනි සුළු ගණනකින් පරාජයට පත් වූ බව නිවේදනය විය. විජයට තැබූ වෙඩිල්ල එදා වැරදුණි. ඔහු වෙනුවෙන් ඔහුගේ සහායකයකු දිවි දුන්නේය.

විජයගේ දේශපාලනය නොඉවසූ තවත් අය ශ්‍රිලනිපයේද වූහ. ජනතාවාදී නායකයකු ලෙස විජයට හිමිව තිබූ ජනප්‍රියත්වයත්, ආකර්ෂණයත් ඔහු නොඉවසූ පිරිස්‌වලට දිරවා ගත නොහැකි විය. විජය මහජන පක්‌ෂය ආරම්භ කරන්නේ ඒ අත්දැකීම් සමගය. මේ වන විට එල්ටීටීඊ සංවිධානයද උතුර සිය අණසකට නතු කර ගෙන තිබුණි.

ශ්‍රීලනිපයෙන් වෙන්ව ගිය වාම බලවේගද එක්‌කර ගත් විජය උතුරේ අර්බුදය වෙනුවෙන් පෙනී සිටි දකුණේ නායකයකු ලෙස ක්‍රියා කරමින් සිටියේය. විජය උතුරට පමණක්‌ නොව ඉන්දියාවටද ගොස්‌ කොටි ක්‍රියාකාරීන් සමග කතාබහකද නිරත විය. යාපනයට ගිය විජයට එහි සාමාන්‍ය ජනතාව කියා සිටියේ ඊළාම් ඕනෑ බවය. එවිට විජය නිර්භයව කීවේ ඊළාම් එපා සමගිව ඉඳිමු යන්නයි. එහිදී ජනතාව ඔල්වරසන් දෙමින් එය අනුමත කළ බවද කියති.

ප්‍රභාකරන්ගේ තහනම් අඩවියක්‌ බවට පත්ව තිබුණු යාපනයට පා තැබීමේ වරම විජයට හිමිවීම ගැනද එවක පාලකයන් තුළ දොම්නසක්‌ තිබුණු බවද නිසැකය. ඉන්දියාවේ තමිල්නාඩුවේ දෙමළ ජනතාවගේ වීරයා බවට පත්ව සිටි ඇම්. ජී. ආර්. මෙන් ලංකාවේ එබඳු චරිතයක්‌ ලෙස විජයට ඉඩදීම ඔවුන් අපේක්‌ෂා නොකළ දෙයකි. එහෙත් විජය නතර කිරීමට මගක්‌ද නොවීය.

විජය ඝාතනය වන්නේද ඒ පසුබිම තුළය. සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියට සිය සැමියා වූ බණ්‌ඩාරනායක අගමැතිවරයා අහිමි වූයේද දේශපාලනය නිසාය. චන්ද්‍රිකා බණ්‌ඩාරනායකද සිය මව මුහුණ දුන් දෛවයේ සරදමටම මුහුණ දුන්නාය. ඒ වන විට විජයට යශෝධරා දියණියත් විමුක්‌ති පුතාත් වූහ.

විජයගේ මළගම ඔහුගේ සිනමා රසිකයන්ට සෝබර අත්දැකීමක්‌ වුවත් එය දේශපාලන ලෝකය තුළ අලුත් ප්‍රබෝධයකට නිමිත්තක්‌ද විය. මගේ මතකය නිවැරැදි නම් එදා චන්ද්‍රිකා රතු සොහොයුරන් සමග විජයගේ දේහය ඉදිරිපිට වමේ එකමුතුවට දිවුරුම් දීම සිනමා සක්‌විති ගාමිණී ෆොන්සේකාට ඉහිලුම් නොදෙන්නක්‌ විය.

ශ්‍රී ලාංකික දේශපාලනයේ මතු මහල මත සිටි විජයට ඒ වන විට ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී ධුරයක්‌ හෝ නොවීම හේතු ලෙස දක්‌වා විජයගේ අවසන් කටයුතුවලට නිදහස්‌ චතුරස්‍රයෙහි ඉඩ නොදීමටද සමහරු දත කෑහ. එහෙත් ඒ වනවිට ජනගඟ ගලමින් තිබුණේ විජයට පක්‌ෂවය. ඒ ජනතා සෝ සුසුම් මැද විජය දැයෙන් සමුගෙන ගියේය.

විජයගේ දේශපාලනය එතනින් අවසන් වුවද ඔහුගේ ඝාතන රහස්‌ තවමත් වැළලී තිබෙන බව සිතන අයද සිටිති. විජය ඝාතනය කළ තුවක්‌කුව හා වෙඩි වරුසාව වැස්‌සූ අත හඳුනා ගත්තත් එය මෙහෙයවූ අය කවරහුදැයි තවමත් රහසකි. විජය සිය සන්සුන්, එහෙත් උද්යෝගී ස්‌වරයෙන් "සහෝදර සහෝදරියනි"යි එදා නැගූ හඬ තවමත් ඔහුට ආදරය කළ ජනතා හදවත් තුළ රාව ප්‍රතිරාව නඟන බව මගේ අදහසය.

විජය පිළිබඳ ලියෑවෙන මේ කෙටි සටහනට ඔහුගේ හෘදයාංගම ක්‍ෂෙත්‍රය වූ සිනමාව පිළිබඳවද වචනයක්‌ එක්‌ නොකළ හොත් අඩුවකි. බොහෝදෙනකු විසින් දන්නා, ජනප්‍රියම ආරම්භය ලෙස, සඳහන් කරන "හන්තානේ කතාව" චිත්‍රපටය ඔස්‌සේ ඔහු වේගයෙන් සිංහල සිනමාවේ ප්‍රමුඛ චරිතාංග නළුවා ලෙස පෙරමුණටම ගමන් කළේය.

විජය වඩාත් ආකර්ෂණීය නළුවා බව අමුතුවෙන් කිව යුතු නැත. ස්‌ත්‍රී - පුරුෂ ප්‍රේමයේ සුකුමාර ආධ්‍යාත්මය පුබුදු කළ විජයගේ රංගනය වාණිජ සිනමාවේ මුද්‍රාව බවට පත්ව තිබුණි. විජය - මාලනී යුවළ අප්‍රමාණ සිනමා කලා රසිකයන්ගේ නෙතට, හිතට ශාන්තියක්‌ බඳු විය. නව යෞවනයන්ට ප්‍රේමයේ මාධූර්ය පසක්‌ කළෝ ඔවුහුමය. සනාතන ප්‍රේමයක විචිත්‍ර හැඟීම් ගලා යද්දී විජයත් මාලිනීත් හෙළ සිනමාවේ සිහින කුමරු හා කුමරිය ලෙස අභිෂේක ලදහ.

විජය සිය සිනමා ජීවිතයෙහි ගැඹුරු හා බැරෑරුම් නිරූපණ දෙසට යොමු වූයේ අඩුවෙන්ය. ධර්මසේන පතිරාජගේ වම් ඉවුරේ සිනමාවේදී විජය අපට හමුවන්නේ සිහින තාරුකාවක්‌ ලෙස නොවේ. සුනිල් ආරියරත්නගේ ක්‍රිස්‌තු චරිතයට විජය පණ දෙන්නේද ඒ ප්‍රතාපවත් ආධ්‍යාත්මයත් මනුෂ්‍යත්වය පිළිබඳ දයාව මෙන්ම දේශපාලන හා වෙනත් ඕනෑම වධ හිංසාවක්‌ ඉසිලීමට තරම් අධිෂ්ඨානයක්‌ තමා තුළ වූ බවම සංකේතවත් කරමින් බව මගේ අදහසය.

විජයට සිය රංග පෞරුෂයට නොදෙවෙනි හඬ පෞරුෂයක්‌ද විය. විජය සිය ජීවිත ගමන ගැන කළ බොහෝ සඳහන්වලදී ගායකයකු වීමට තමා තුළ වූ අභිලාෂය පිළිබඳවද සඳහන් කර ඇත. ඔහු වරක්‌ විශිෂ්ට සංගීතඥයකු වූ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසගෙන් සංගීතය හා ගායනය පිළිබඳ අවිධිමත් පුහුණුවක්‌ ලද බවද කියති. සැබැවින්ම ඔහුගේ හඬටද රසිකයෝ අප්‍රමාණව ප්‍රිය කළහ. සියුම් සත්සර සමඟ මුසුව නිම්නාද වන විජයගේ භාව පූර්ණ හඬ විඩාපත් ජන හද සුවපත් කරවන ශාන්තියක්‌ බඳු විය.

විජය කිසිවිටෙක තම ජනප්‍රියත්වය හෝ සමාජ වරප්‍රසාදවලින් අහසට නැගුණේ නැත. ඔහු නිරතම කතා කළේත් ආදරය කළේත් දූවිල්ලෙන් උපන් පන්ති සමාජයේ පුංචිම මිනිසාටය. විජයගේ හද මඬල කිසිදිනක මිලාන නොවන සුරත් කුසුමක්‌ වැන්න. විජයගේ ලෝකයේ ඉහළම ආදරය හිමි වූයේ ඔහුගේ අම්මාටය. විජය සිය එකම දියණිය වූ යශෝධරාටත් එකම පුතු වූ විමුක්‌තිටත් දැක්‌වූයේද හැම දුවකටම පුතකුටම දක්‌වන ආදරය යෑයි මම සිතමි. ඒ තරම් අව්‍යාජ සෙනෙහසක්‌ දරුවන්ට දැක්‌වූ දයාබර මිනිසෙක්‌ තවමත් මට හමුවී නැත.

විජය හිරගෙදර සිට ලියූ ලිපිවලින් අමතා තිබුණේ යශෝධරා හා විමුක්‌ති බව මට මතකය. එහෙත් ඒ ඇමතුම් ඉතා පැහැදිලි දේශපාලන හා සමාජ වෙනසක්‌ අපේක්‌ෂාවෙන් කරන ලද බව ඉතා පැහැදිලිය. ළමා වියේ විජය මුහුණ දුන් අමිහිරි මතක සටහන්වල පාඩම්ද ඇතැම් ලිපියක තිබුණු වග මට සිහිවේ. ඒ ලිපිවලින් ගලා ගියේ පන්ති සමාජයක පීඩිතයන්ගේ විමුක්‌තිය පිළිබඳ වූ අව්‍යාජ හැඟීම් සමුදායකි. දෛවය විසින් ඔහුට විවර කළ හැම දොරටුවක්‌ම සදාකාලිකවම වසා දැමීමට ඒ දෛවයම ඉඩ සැලසීම මට තවමත් තේරුම් ගත නොහැකිය. හද ගණඳුර බිඳ දිලිහි දිලිහී හිනැහෙන සොඳුරුම මතකයක්‌ සේ විජය හැමදාමත් ජන හද තුළම සුපිපී රැඳෙනු කවුරු වළක්‌වත්ද?

(උපුටා ගැනීම දිවයින පුවත්පතින්)

මහියංගණ මහා සැය




‘ මහියංගණං නාගදීපං කල්යායණං පද ලාංඤඡනං - දිවාගුහං දීඝවාපී චේතියංච මුතිංගණං - තිස්ස මහා විහාරංච බෝධිං මරිචවට්ටියං - සොණ්ණමාලී මහා චේතිං ථූපාරාම භයාගිරිං - ජේතවනං සේල චෙත්යංහ තථා කාචරගාම කං - ඒතේ සොළොසඨානානී අහං වන්දාමි සබ්බදා’

මෙම ගාථාවට අනුව සොළොස්මස්ථාන ලෙස හඳුන්වන්නේ 1. මහියංගණය 2. නාගදීපය 3. කැලණිය 4. ශ්රීගපාදස්ථානය 5. දිවාගුහාව 6. දීඝවාපිය 7. මුතියංගණය 8. තිස්ස මහා විහාරය 9. ශ්රීී මහා බෝධිය 10. මිරිසවැටිය 11. රුවන්වැලි මහා සෑය 12. ථූපාරාමය 13. අභයගිරි වෙහෙර 14. ජේතවනාරාමය 15. සේල චෛත්යව 16. කතරගම කිරිවෙහෙර ආදී වු පූජනීය ස්ථානයන් ය.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවැනි වසරේදී තෙවැනි ලංකාගමනය වශයෙන් අප මව් බිමට වැඩියේ කැලණි පුරවරයට ය. මෙම ගමනේදී සමන්තකූට පර්වතයටත්, දිවා විහරණය කළ දිවාගුහාවටත්, අනුරාධපුර ශුද්ධ භූමියේ මහමෙව්නාව පිහිටන භූමියටත්, ශ්රීට මහා බෝධීන් වහන්සේ රෝපණය වන ස්ථානයටත්, ලෝවාමහාපාය පිහිටුවන තැනටත්, පිරිත්ලාගෙය, දන්තාදර නම් පොකුණ, ථූපාරාමය, රුවන් වැලි සෑය, මිහින්තලයේ සේල චෛත්ය,ය දිගා නකා වෙහෙර පිහිටන තැන ආදී ස්ථාන වලටත් වැඩි බව වංශ කතාවල කියැවෙයි. මහා වංශයට හෝ දීප වංශයට අනුව අද අප කතා කරන සොළොස්මස්ථථානයන් සමහරකගේ නිශ්චිත ස්ථානයන් පිළිබඳව සටහන් වී නොමැත.

එහෙත් මහනුවර හෝ දඹදෙණි යුගවලදී ඉහත ගාථාව ලියැවී ඇති බව වියතුන් ඇතැමකුගේ මතය යි.
එහෙත් බුදුරජාණන් වහන්සේ අප මාතෘ භූමිය වෙත වැඩි ගමන් වලදී නිරෝධ සමාපත්ති සුවය විඳි ස්ථාන ලෙස මෙම සොළොස්මස්ථාන හඳුන්වනු ලබ යි.

කෙසේ වුවත් මේ සෑම ස්ථානයක්ම පූජනීය වූ පුදබිම් බවට පත්වී සද්ධා සම්පන්න බෞද්ධයාගේ ගෞරව බහුමානයට පාත්ර් වී ආත්මය හා බැඳී නිධන්ගත වී ඇත. ඒ සද්ධා බැතියට සිරස නමා ගරු කරමින් අද සිට මෙම සොළොස්මස්ථාන පිළිබඳව සුළු හෝ හැඟීමක් ඇති කර ගැනීමට බුදුසරණින් අපි එකතු වෙමු.

සොළොස්මස්ථානයන්ගේ මුල්ම පූජනීය ස්ථානය ලෙස හඳුන්වන්නේ මහියංගණය ය. බුදුන් වහන්සේගේ බුද්ධත්වයෙන් නව මසක් ඇවෑමෙන් දුරුතු පුර පසළොස්වක පොහොය දිනකදී ලාංකේය බිමේ වාලුකා නදී තෙර පිහිටි මහානාග නම් වනෝද්යාණනයට වැඩි බව ලංකා බෞද්ධ ඉතිහාසයේ සඳහන්ව තිබේ.
එසේ සපැමිණියේ එම භූමිය අරක්ගෙන සිටි යක්ෂන ගෝත්රි්කයන් දමනය කිරීමට ය. මේ ගමනේ දී බොහෝ දෙනා ධර්මය අවබෝධ කර ගනිමින් සෝවාන් මඟ ඵල ලබාගත් බවත් එතැනදී සමන්තකූට වාසී මහා සුමන දෙව් රජ තෙම ද සෝවාන් ඵලයට පත්වූ බවත් කියැවෙයි. සුමන සමන් දෙව් රජිදාණන්ගේ ඉල්ලීම පරිදි සම්බුදු රජාණන් වහන්සේ හිස පිරි මැද කේශ ධාතු අත්ලක් පමණ දෙවියන් වෙත පිරිනැමූ බවත් එම කේශ ධාතූන් ස්වර්ණමය කරඬුවකට රැගෙන එම ස්ථානයේ සත් රියනක් උස්වූ ඉන්ද්ර්නීලමය ස්තූපයක් මහා සුමන දෙවිඳුන් විසින් කරවූ බව මහා වංශයේ සඳහන් වෙයි. මෙම සිදුවීමත් සමඟ ලාංකේය බිමේ ඉදිවූ ප්රදථම ස්තූපය මහියංගණ ස්තූපය ලෙස ඉතිහාසගත විය. 

සම්බුද්ධ පරිනිර්වාණයේදී සුරභූ නම් මහ රහතන් වහන්සේ විසින් දැවෙන සෑයෙන් ගත් බුදුන් වහන්සේගේ ග්රීිවා ධාතුව නිධන් කර ඉහත සෑ රදුන් දොළොස් රියනක් උසට කිරි ගරුඬින් තැනූ බව ද සඳහන් වෙයි. පසු කලෙකදී දේවානම්පියතිස්ස නිරිඳාණන්ගේ සොහොයුරාණන් වූ උද්ධ චූලාභය කුමරු එම ස්තූපය තිස් රියනක් උසට කරවූ බවත් ඉන්පසු දුටුගැමුණු රජතුමා විසින් මෙම ස්තූපයම අසූ රියනක් උසට වර්ධනය කළ බව ද ඉතිහාස කතා පුවතේ සඳහන් වෙයි.

වෝහාරික තිස්ස රජු ( ක්රිස. ව. 210 – 232 ) මෙම මහා සෑයට ඡත්රනයක් සවි කළේය. පළමුවන පරාක්රිමබාහු නිශ්ශංකමල්ල ඇතුළු රජවරු බොහොමයක් මෙම ස්තූපයේ පිළිසකර ආදී කටයුතු සිදු කළහ.
ක්රිශ. ව. 1850 වනවිට ස්තූපය ගරා වැටී තිබුණි. 1890 වසරේදී මෙය ප්ර්තිසංස්කරණය කර කොත පළඳවන ලදී. 1907 දී නැවතත් දා ගැබෙහි උඩ කොටස කඩා වැටුණු අතර අඹගස්වැව රතනජෝති හිමියන්ගේ උත්සාහයෙන් එය අලුත්වැඩියා කළ ද 1922 වසරේදී නැවතත් මහ සෑය කඩා වැටුණි. 1949 දී නැවත ප්රසතිසංස්කරණය කිරීම අරඹා 1961 දී ස්තූපයේ කොත පළඳවන ලදී. අද අප දකින්නේ එය යි.

මහාචාර්ය සෙනරත් පරණවිතානයන් අධීක්ෂ්ණයෙන් 1951 වසරේදී මෙහි ධාතු ගර්භය විවර කිරීමේදී ඉතා ඓතිහාසික වටිනාකමකින් යුතු පළමුවන විජයබාහු රාජ්යෙ සමයට අයත් ( 1055 – 1110 ) සිතුවම් කීපයක් හමු විය. මෙම සිතුවම් අනුරාධපුර යුගයටත් පෙර විය හැකි බවත් මෙම චිත්ර0 ඉතා උසස් සෞන්දර්යාත්මක ලක්ෂකණ ඵල කෙරෙන බවත් රේඛා සටහන් පවා ඉතා අර්ථවත් බවත් මහාචාර්යවරයා පවසයි. ඉතා පැරැණි මෙම චිත්රව පැරැණි ලාංකේය කලා කරුවාගේ විශිෂ්ට ගුණ ප්රාකට කරනා කලාත්මක නිර්මාණයන් බව වියතුන්ගේ මතයයි.

බින්තැන්න මහියංගණය ලෙස පාලියට පෙරලී එය නැවත මියුගුණු යනුවෙන් හෙළ බසට පරිවර්ථනය වී ඇත. එමනිසා මෙම ස්තූ®පය මියුගුණු මහා සෑය වශයෙන් ද හඳුන්වනු ලබයි.
රහතන් වහන්සේ හා දෙව් රජාණන්ගේ මෙන්ම මහා නරපතියන්ගේ අතින් යුගයෙන් යුගය උස් වෙමින් අහස් කුසට නැංවුණු මේ සුවිසේසී මියුගුණු මහා සෑ රදුන් අප මාතෘ භූමියේ දෙවියන් විසින් සෑදුප්රපථම ස්තූ®පය ලෙස සම්මානයට බඳුන් වෙමින් සදා නොමැකෙන සම්බුදු සුසුවඳ විහිදුවාලන අති පූජනීය වස්තුවක් බවට පත්වී තිබේ.

එසේම එය 2600 වසරක මහා සම්බුද්ධත්ව උප්පත්ති කතාවේ ආරම්භය හා සබැඳි සුවිශේෂී ස්මාරකයකි. මහියංගණය නම් මිහි මඬලේ අංගණය නොහොත් මිදුලයි. අප ධර්මද්වීපය තවමත් නොසොල්වා දරාගෙන සිටින මේ මිහිමඬලේ මිදුල සරසන්නේ මහියංගණ නම් මහා සෑ රදුන් විසින් වීම මොනතරම් නම් අපිට අභිමානයක් ද? 

ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි


~~ ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි ~~

ආපසු යන්නට පාර කියනවද
දැන් සමුගන්න ළඟයි
ආයෙත් දවසක අප හමුවන්නට
කළ පින් මදිද සිතෙයි...

යොදුන් ගණන් දුර ආවෙද පසුකර
මල් මාවතක නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

කල්ප කාලයක්‌ පෙරුම් පිරූවේ
හෙට සමුගන්න නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

ගායනය :- චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි
පද රචනය :- හේසල ගුණතිලක
තනුව :- ස්‌ටැන්ලි එම්. ප්‍රනාන්දු

ආදරේ වැඩි වෙන්න වැඩිවෙන්න පෙම්වතුනට එකිනෙකා ගැන සැක සිතෙනවා. ඒ සැකයන්ගේ කිසිම ඇත්තක්‌ නෑ. ඒ බව ඔවුනොවුන් දන්නවා. ඒත් දෙදෙනාටම දෙදෙනා කෙරෙහි ඇති බැඳීම, ආදරය වැඩි වෙන්නත් මෙය බලපානවා... සමහර වෙලාවටම ආදරය වේදනාවෙන් නිම වෙන්නෙත් මේ සැකය නිසායි.

තමන් ආදරය කරන පෙම්වතියගේ හැසිරීම් රටාව.. ඇගේ දෙමව්පියන්ගේ ප්‍රතිචාර නිසා ඈ තමා හැර යන්නට සූදානම් බව පෙම්වතාට හිතෙනවාර අනන්තයි අප්‍රමාණයි. ඒත් ඒක සැකයක්‌ විතරයි.

ආපසු යන්නට පාර කියනවද
දැන් සමුගන්න ළඟයි
ආයෙත් දවසක අප හමුවන්නට
කළ පින් මදිද සිතෙයි

මේ පෙම්වතාත් පෙම්වතියත් ආදර මාවතේ බොහෝ දුර ඇවිත් දෙදෙනා එකිනෙකා හඳුනාගෙන මේ දුර ආවත් මා දමා ඇය සමුගෙන යන මොහොත ළංවෙලා. ඔහුට හිතෙනවා.. මේ ආ දුර තවත් ඉදිරියට යන්න වරම් නැහැ. ඒ නිසා මා ආපසු හැරී යා යුතුයි. මට ඒ සඳහා පාර කියනවද අපි ආයෙත් හමුවෙන එකක්‌ නැහැ. මම ඒ තරම්ම පිං කරලා නැහැ. මේ පෙම්වතාගේ හුදු සිතිවිල්ලක්‌.. ඒත් මෙතැන විරහවක්‌ නම් පෙනෙන්න නැහැ. ඇය යාවි කියා සැකයක්‌ තමයි මේ හිතේ පිළිසිඳගෙන තියෙන්නේ.

මේ ගීය ලියුවේ හේසල ගුණතිලක. ඔහු වෘත්තියෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයෙක්‌. තේරෙන භාෂාවෙන් කියනවානම් පී. එච්. අයි. කෙනෙක්‌.

මේ ගීයේ තියෙන්නේ පෙම්වතිය දාලා යන්න වේවිද කියන අවිනිශ්චිත බවක්‌ විතරයි. මම මේ සිංදුව ලියුවේ මගේ බිරියට. ඒ කාලේ ඇය මගේ පෙම්වතිය බඳින්න ඔන්න මෙන්න කියා තිබියදී විරෝධයක්‌ ආවා. පවුලේ අයගෙන්... මම ඒ කාලේ උඳුගොඩ පී. එච්. අයි. ගෙයක්‌ අරගෙන තනිවම පදිංචිවෙලා හිටියා. ඉතින් රෑට තනිවෙලා ඉඳිද්දි මට දැනෙනවා. ඇයගෙන් සමුගන්න වේවිදොa කියලා. ඒ සිතිවිල්ල තමයි මම ගීයට පෙරලුවේ.

යොදුන් ගණන් දුර ආවෙද පසුකර
මල් මාවතක නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

අපි මේ වෙනතුරු කොතරම් දුරක්‌ ආවද ඔයාගෙත් මගෙත් ආදර බැඳීම අවුරුදු ගණනාවක්‌. අපි මේතාක්‌ දුර ආවේ කොතරම් බාධක මැදද. ඒ මාවතේ කවදාවත් මල් අතුරා තිබුණේ නැහැ. ගල් මුල්, කටු ඉති... අපිට බාධා එල්ල කලා දෙයියනේ.. ඇයි ඔයාමට ආදරේ කළේ. ඇයි මම ඔයාට ආදරේ කළේ... ඔහු හිතනවා.

මේක මගේ අත්දැකීමක්‌ නිසා හොඳින් නිර්මාණය වුණා. විඳපු තරමට තමයි වේදනාවක්‌ වුණත් රසවත් වෙන්නේ. චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි මගේ හොඳ යාළුවෙක්‌. මම මේ ගීයට කලිනුත් ඔහුට ගීයක්‌ ලියා දුන්න. දුර ඈත අතීතේ... කියලා. ඒ කාලේ අපි හරිම තරුණයි. චන්දරේ හරිම කැමැත්තෙන් මේ ගීය ගැයුවා.. ගීය ජනප්‍රිය වුණා. ආපසු යන්නට පාර කියනවද කියලා ත්‍රීවීල්වලත් පිටුපස ලියන්න පටන්ගත්තා.

කල්ප කාලයක්‌ පෙරුම් පිරුවේ
හෙට සමුගන්න නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

අපි කල්ප ගණනාවක්‌ පෙරුම් පුරලා ආදරේ කරන්න පටන් ගත්තා. ඒ ආදරේ කොතරම් සුන්දර ද, ඒත් එහෙම ආදරේ කරන්න අපි පෙළඹුනේ ඉක්‌මනින්ම සමුගන්නද නැහැ. ඇයි ඔයා මට ආදරේ කියලා කිව්වේ. ඇයි මම ඔයාට ආදරේ කියලා කිව්වේ.

අන්තිමට අපි දෙන්නා ගෙවල්වල අකමැත්තෙන් විවාහ වුණා. මගේ බිරිය වැඩිපුරම ආසකරන ගීය. මුලදී මේ ගීය දැක්‌කාම එයාට බයත් හිතුනලු. මම එයාව දාලා යයි කියලා. දැන් අපි දෙන්නට දුවෙක්‌ සහ පුතෙක්‌ ඉන්නවා. ඒ දෙන්නාම විශ්වවිද්‍යාල සිසුන්. දරුවෝ දෙන්නා මේ කතාව අහලා හිනාවෙනවා. ඒත් ඉතිං අත්දැකීමක්‌ වුණත් මේ ගීය ඇත්තක්‌ වුණේ නැහැනේ.


-අජිත් අලහකෝන්

(උපුටා ගැනීම දිවයින පුවත්පතින්)

සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක්



සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක්. මේ කියන්න යන කතාව එහි අපි වැඩිය අහපු නැති පැත්තක් ගැන. සූරිය ගුණසේකර කියන්නේ සිගිරිය, රාවණ රජු ඇතුළුව ලංකාවේ සැඟවුණු ඉතිහාසය ගැන පරීක්ෂණ කරන කෙනෙක්. ඒ සම්බන්ධව පොත් ගණනාවකුත් රචනා කරල තියෙනවා. ඒ මහත්මය තරුණ කාලේ, ඒ කියන්නේ එකදාස් නවසිය හැට ගණන්වල සීගිරියට ගිහිල්ලා තියෙනවා තව තරුණ කණ්ඩායමක් එක්ක විශේෂ ගවේෂණයකට. එහිදී එයාලා දවල්ට කන්න ගිහිල්ලා තියෙනවා සිගිරිය පේන මානේ තියෙන පුංචි කටු මැටි ගෙදරකට. ඔය ගෙදර මිදුලේ හිටියලු වයසක සීයා කෙනෙක්.

කෑම කාලා කට්ටිය එලියට ආපු වෙලේ මෙයාලා ඔය සීයා එක්ක කතාවට වැටිලා. එයා දැනගත්තම මේ කට්ටිය ඇවිල්ලා තියෙන්නේ සිගිරිය ගැන හොයන්න කියලා. ඒ පාර තමයි මේ කතාව කියල තියෙන්නේ.

''මහත්තයල දන්නවද, මම ඉස්සර අන්ධ කෙනෙක් නෙවේ. මට මෙහෙම උනේ මට මහ විශාල පවකට සම්මාදන් වෙන්න උනු නිසා''

මෙහෙම කිව්වම කට්ටිය අන්දුන්කුන්දුන්...

"මොකද්ද සීයේ උනේ...?"

මහත්තයලට කියන්න, මම H.C.P. Bell මහත්තයගෙ කාලේ මෙතන සීගිරියේ එයා යටතේ කැණීම වලට අත් උදව් දීපු සේවකයෙක්. ඒ කාලේ හිටපු අයගෙන් දැන් මම විතරයි ඉතුරු.
(H.C.P. Bell කියන්නේ ලංකාවේ මුල්ම පුරාවිද්යාග කොමසාරිස්වරයා. ඔහු බ්රි.තාන්යන ජාතිකයෙක්. ලංකාවේ පුරාවස්තු බොහොමයක් හොර රහසේම බ්රි‍තාන්යඅ කෞතුකාගාරය වෙත ගෙනගිය බවට මොහුට චෝදනා එල්ල වෙනවා)


ඉතින් ඒ කතාව සීයා ඒ පාර කිව්වලු.

අපි සීගිරියේ කැණීම කර කර ගල මුදුනටම ගියා. ගල මුදුනේ නොයෙක් පුදුම හිතෙන නිර්මාණ අපිට හම්බුනා. එතන කට්ටිය කැණීම කරනකොට අපිට හොයාගන්න පුළුවන් වුණා පඩිපෙලක්. මේ පඩිපෙළ සිගිරිය ගල මුදුනේ ඉඳං ගල පාමුල වෙනකන්ම යනවා ගල ඇතුලෙන්. ඒ ගැන හාන්කවිසියක් පිටට පේන්නේ නෑ. පඩිපෙලේ තැනින් තැන ගිමන් නිවන්න කාමර තියනවා. ඒ කාමර වල තිබිල අපිට බොහොම වටිනා පුරාවස්තු හුගක් හම්බුනා. බෙල් මහත්තයා ඒ ඔක්කොම එකතු කරගෙන එලියට ගෙනාවා. පස්සෙ අපිට කිව්වා ඒ පඩිපෙලේ ගල මුදුනේ දොරකඩ කොන්ක්රී්ට් දාලා සම්පුර්ණයෙන් වහන්න කියල.. අපිට පුදුම හිතුනා, ඒත් අපි කිව් විදියට කරා.

එදායින් පස්සෙ ඒ වැඩේට ගිය අපි කාටවත් හොඳක් උනේ නෑ. සමහරු ලෙඩ උනා. සතා සීපාවා ගහල මැරුණා. ගහක් ගලක් වගේ හිටපු මම දවසක් උදේ නැගිට්ටේ මෙහෙම අන්ධ වෙලා.

මෙහෙම කියපු ඒ සීයා අඬන්න ගත්තලු.

මේ කතාවේ ඇත්ත නැත්ත ඔයාලම තීරණය කරන්න.

හැබැයි ඇත්තටම කියනවනම්. සිගිරිය ඉහලට රජ කෙනෙකු, අද අපි යන්න වගේ දාඩිය පෙරාගෙන ගිනිකුට අව්වේ අර වගේ පටු පඩිපෙලක් දිගේ ගියා කියලනම් හිතන්න බෑ. රජුට ඉක්මනින් පහසුවෙන් සහ රජ කෙනෙක් විදියට යන්න විශේෂිත ගමන් මාර්ගයක් තිබිය යුතුමයි.

මේ ගැන පරීක්ෂණ කරපු මොරටුව විශ්වවිද්යාතලයේ ඉංජිනේරු සුසිර උඩලමත්ත මහතානම් කියන්නෙ, ඒ කාලේ රජුට ඉහලට ගමන් කිරීමට විශේෂ සෝපානයක් තිබුන කියලා. මේක හඳුන්වන්නේ කර්කටක යන්ත්ර ය කියලා. මොකද මේක කකුළුවෙක් වගේ හැඩයක් සහ යාන්ත්ර.ණයක් තියෙන නිසා. සිගිරිය ගලේ එක අන්තයක කෙලින්ම සිරස්ව ඉහලට යන සහ තිරස්ව යන ඉනිමගක් වැනි කුඩා track පද්ධතියක් ගලේම කොටලා තියෙනවා දැකගන්න පුළුවන්. මේක තියෙන්නෙ කර්කටක යන්ත්ර යේ දැති රෝද වලට ගමන් කරන්න කියල තමයි කියන්නේ.

සිගිරිය ජල උද්යා.නය ගත්තත් ඒක සුවිශේෂයි. එහි ප්රcධාන දොරටු හදල තියෙන්නෙ කෙලින්ම ඉහළට ඔසවන විදියට. මේ සඳහා යොදාගත්තු විශාල ගල් උලුවහු අදත් දැකගන්න පිළිවන්. මේ විශාල ලී ද්වාර එසවීමට යොදාගෙන තියෙන්නෙ අලි ඇතුන්.

ඒ වගේම සිගිරිය ජල උද්යාුනය ගත්තත්, ඒක හදල තියෙන්නේ ඒකට ඇතුල් වෙන කෙනෙක්ව එක්වරම මුලා වෙන විදියට. හොඳින් නිරීක්ෂණය කරොත් පේනවා ප්රදධාන දොරටුවෙන් ඇතුල් වෙලා යනකොට එක හරියකදී එකපාරටම සිගිරිය ගල නොපෙනී යන බව. ඒ විදියටයි ඒ ගමන් මාර්ගය හදල තියෙන්නේ. ඒ වගේම සිගිරිය ජල උද්යාසනයේ තියෙන වතුරමල් අදටත් වැඩ කරනවා. ඒත් වතුර එන්නෙ බොහොම අඩුවෙන්. මේකට හේතුව තමයි සිගිරිය වැවේ ජල මට්ටම ඉතාමත් අඩු වීම.

අතීතයේදී සිගිරිය වතුරමල් සහ ජල උද්යාීනයට ඉහළින් තමයි සිගිරිය වැවේ ජල මට්ටම පිහිටලා තියෙන්නේ. ඒකෙන් ඒ කාලේ සීගිරියට සතුරන්ගෙන් ආරක්ෂාවත් ලැබුණා. මේ නිසා ඉතා විශාල ජල පීඩනයක් යටතේ මේ වතුර මල් බොහොම උජාරුවෙන් ඉහළට වතුර විදින්න ඇති. ඒත් පසුකාලීනව සිගිරිය අවට ප්රයදේශය සංචාරක කලාපයක් විදියට සංවර්ධනය කරන්න ගත්තම සිගිරිය වැව ගොඩ වුණා. Sigiriya Village වගේ සුපිරි හෝටල් අද තියෙන්නෙ සිගිරිය වැව තිබුන හරියේ. අද සිගිරිය වැව දිය හිඳුනු නිකං නමට වැවක්. සීගිරිය ගල මුදුනට වතුර ගෙනගිය ආකාරයද අභිරහසක්. මේ සඳහා ජල පොම්ප කිරීමේ තාක්ෂණයක් යොදාගෙන තියෙන බවයි සමහරු කියන්නේ. ඒත් වර්තමානයේ පරීක්ෂකයන්ගේ මතය වෙලා තියෙන්නේ මේ සඳහා ඊට වඩා බොහොම සරල ක්රයමයක් භාවිතා කර ඇති බවයි. එනම් සංසක්ති බල.

විද්යාසව කරපු අය දන්නවා සංසක්ති බල කියන්නේ මොනවද කියලා. ඒ කියන්නේ එකම වර්ගයේ අංශු අතර ඇති වන ආකර්ෂණ බල (මට මතක විදියට වැන්ඩවාල් බල)

ඒ අය කියන විදියට සිගිරිය ගල මුදුනේ නිර්මාණය කර තිබෙන ජල පොකුණු වලට නිරන්තරයෙන් වැහි වලාකුළු ආකර්ෂණය වෙනවා. හේතුව සිගිරිය මුදුනේ තියෙන පොකුණු වල ජලයේ ජල අංශු සහ වැහි වලාකුළු වල ජල අංශු එකිනෙක ආකර්ෂණය වීම. මේ සංසිද්ධිය වෙනත් උස් කඳු මුදුන් සහ උස ගල් පර්වත මුදුනේ ඇති ජලය රැස්වෙන ස්ථාන වල දැකගන්න පුළුවන්. එමගින් ලැබෙන වර්ෂාවෙන් නිරන්තරයෙන් සිගිරිය ගල මුදුන ජලයෙන් ස්වයංපෝෂිත වෙනවා.

මෙවැනි ක්රයමයක් මේ සඳහා යොදාගැනීමට තවත් හේතුවක් තියෙනවා. එනම් හදිසියෙවත් සතුරු හමුදාවක් සිගිරිය ආක්ර‍මණය කරා කියල හිතමු. සීගිරියට ජලය ගෙනියන්නේ විශාල පොම්පයකින් නම් හතුරන්ට මේ පොම්පය විනාශ කරල හරි පහල තියෙන ජල මුලාශ්රු වලට වස මිශ්රය කරල හරි ගල මුදුනේ ඉන්න පිරිසව අසරණ කරන්න පුළුවන්. ඒත් මම මුලින් විස්තර කරපු සංසක්ති බල ක්ර‍මය නිසා ගල මුදුනේ ඇති වගාවන් හෝ ඔවුන්ගේ පානිය ජල අවශ්යමතා එතැනින්ම සුරක්ෂිතයි. ස්වයන්පොෂිතයි.

වෙල්ගම් වෙහෙර...



ඒ වනවිට ඉකුත් සියවසෙන් අඩක් ගෙවී ගොසිනි. ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ වෙරළබඩ බොහෝ ගම් දනව්වල පදිංචිව සිටියෝ දෙමළ මිනිස්සුය. හෙළ රජදරුවන්ගේ ඉපැරැණි වැව් පිළිසකර කරගෙන ඒවාට දෙමළ නම් ගම් දමාගෙන සියල්ල ඔවුන්ගේ කරගෙන තිබිණි.

කුච්චවේලියට ඔබ්බෙන් පිහිටි පෙරියකුලම් වැවත් ඒ අසබඩ තිබූ නාථනාර කෝවිලත් එවැන්නකි. එහෙත් පුරාවිද්‍යා අධිකාරි ආචාර්ය සෙනරත් පරණවිතාන මෙම නාථනාර කෝවිල පිහිටි වනගත බිම් පෙදෙසට ගොස් මහ කැලෑවේ රිංගුවේය. ගල් ලෙන් සෙල් ලිපි සොයද්දී ඔහුට කියවන්නට ලැබුණු සෙල් ලිපිවලින් ඇතැම් ඒවා දෙමළ ය. තවත් ඒවා සිංහල ය. මේ හැම සෙල් ලිපියකින් ම වෙල්ගම් වෙහෙර යන වචන දෙක කියවන්නට ඔහුට හැකි වූයෙන් මේ නාථනාර කෝවිල යනු වෙල්ගම් වෙහෙර බව හඳුනාගත හැකි විය.

ඒ වන විට රූස්ස ගස් කොළන්වලින් යට වී තිබූ බිම් කොටස් අතරෙහි ඉපැරණි නටබුන් රැසක් සැඟව තිබිණි. පරණවිතානයන් ආපසු කොළඹ ගියේ වෙල්ගම් වෙහෙරේ නටබුන් පොළොව යටම තිබෙද්දීය. එහෙත් ඒවා මතුකර ගැනීමේ අභිලාෂයක් ඔහු තුළ විය.

දෙවැනි මහා සංග‍්‍රාමය ඇරඹීම නිසා සියලූ කටයුතු නතර වී තිබිණි. එහෙත් ත‍්‍රිකුණාමලයේ සිටි සිංහල බෞද්ධයනට වෙල්ගම් වෙහෙර පිළිබඳව අසන්නට ලැබිණි. ඔවුහු එක්ව වෙල්ගම් වෙහෙර සංවර්ධන සමිතියක් පිහිටුවාගත් අතර මාදුවේ රතනවංශ හිමියන්ට වෙල්ගම් වෙහෙරට වැඩමවන්නැයි ඇරියුම් ද ලැබිණි. වෙල්ගම් වෙහෙරේ වන මැද තැනූ කුඩා පැල්පතක් ස්වකීය ආවාසගෙය කරගත් හිමියෝ එහි සිට වෙල්ගම් වෙහෙරේ අතීතය ගොඩගන්නට කැපවී ක‍්‍රියා කළෝය.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කට්ටුකුලම් කොට්ඨාසයේ පිහිටි වෙල්ගම් රජමහා විහාරය ක්‍රි.පූ. 3 සියවසට අයත් බව මහාචාර්ය පරණවිතානයන් ගේ මතයයි.එතැන් පටන් සියවස් දහයක් තිස්සේ යුගයෙන් යුගයට විරාජමාන වූ වෙල්ගම් වෙහෙර චෝල අධිරාජයාගේ ආක‍්‍රමණයකට ගොදුරු විය. මේ වන විට ලංකාවේ රජ වූ පස් වැනි මිහිඳු කිරුළ හැරපියා නගරයෙන් පලාගොස් තිබිණි. චෝල රජු පැමිණ අනුරපුරය අල්ලාගත් අතර දොළොස් වැනි සියවසේ දී පමණ මේ පෙදෙසේ සිටි ජනතාව තම ගම් බිම් හැරදා යන්නට පටන් ගත්හ. ඒ සමගම කැලයට ගිය සිරිගෝණ පුරය ගිරිහඩුසෑය වෙල්ගම් වෙහෙර සේරුවාවිල වැනි පුදබිම් වන අරණේ සඟවාගත්තේය.

එවක් පටන් අවුරුදු අටසීයක් තිස්සේ ගණ වනයට වෙල්ගම් වෙහෙර යටවී ගියේය. පුරාවිද්‍යා කැණීම්වලින් මතු වූ වෙල්ගම් වෙහෙරේ නටබුන් අතරෙහි පිළිම ගෙයක් බුදු පිළිම, දාගැබ්, මුරගල්,සිරිපතුල් හතරක්, විවිධ කැටයම් ආදිය ද විය.

ඇලහැර බකමුණ නිසල බුදුරුව


වස්ගොමුව ජාතික වනෝද්යානනයට මුහුණලා පිහිටි සැතපෙන ශෛලමය පිළිමය කාලගුනික බැටකෑමෙන් අභාවයට යමින් පවතී. මෙය ක්රිය. පූර්ව. 100-200 කාලයට අයත් බවට විශ්වාස කැරේ. මෙය පසෙකින් අඹන් ගඟ හා හීරටි ඔය ගලා බසී. මෙහි තවත් බෙහෙත් ඔරු වැනි බොහෝ නටඹුන් ඇත. ගල් ලෙනක් හා බෝධියක් පසෙකින් ඇත. විහාරාරාම සංකීර්ණය නමින් බුදුරුවයායයි.

දඹුල්ලේ සිට ශීරනවි ලංකා මහවැලි අධිකාරිය විසින් මෑතකදී ඉදිකරන ලද දඹුල්ල – බකමූණ - කලගහවෙල නව අධිවේග මාර්ගයේ යන විට මේ ස්ථානය හමුවේ. බකමූණේ සිට කිලෝ මීටර් 6 ක් පොල් අතු වාඩිය පැත්තට යන විට වම් පසින් මේ සුවිශේෂී පුරාණ සිද්ධස්ථානය වෙයි. දඹුල්ලේ සිට විනාඩි 30 කින් මේ ස්ථානයට ළඟා විය හැකිය.මෙහි පරරාණධානම අංගය එහි පිහිටි 18 රියන් සැතපෙන ශෛලමය බුදු පිළිමයයි. නමුත් එය අව පැහැ ගැන්වී කළු පැහැවී තිබෙන අයුරු දුටු විට අපේ බෞද්ධකම කුමකටදැයි සිතේ.

බුදුරුවයාය විහාරාධිපති පොල්වත්ත කන්දේ සද්ධානන්ද හිමිපාණන් පවසන පරිදි මේ බුදු පිළිමය ඓතිහාසික පොළොන්නරුවේ ගල් විහාරයේ සැතපෙන බුදු පිළිමයට හා තන්තිරිමලේ සැතපෙන බුදු පිළිමයට සමානත්වයක් දක්වයි.

“පුරාණ බෞද්ධ ගර ැතන්ථවලත් මේ බුදු පිළිමය පිළිබඳව සඳහන් වෙලා තිබෙනවා. මේ පිළිමය අතරගල්ලෑව පිළිමය යන නමින් තමයි ඒ පොත්වල සඳහන් වන්නේ. මෙතන අක්කර 35 ක පරති දේශයක පුරා වස්තු තිබෙනවා. ශීරිමය පතුලක් තිබෙනවා. සෙල් ලිපියක් තිබෙනවා. ගල් කණු තිබෙනවා. කැලේ රජ මාලිගා 2 ක් තිබෙනවා. ගල්ලෙන් තුනක් තිබෙනවා. මෙහි කුමාර කන්දේ ස්ථාන 25 ක විතර පුරා විද්යාබත්මක නටබුන් තියෙනවා. ඒත් මේ ස්ථාන සියල්ල හරියට සංරක්ෂණය කරන්න මට තනියෙන් පුළුවන් කමක් නැහැ. කවුරු හරි උදව් කළ යුතුයි. දැන් දඹුල්ලේ ඉඳලා අලුත් බකමූණ පාරෙන් මෙතෙන්ට එන්න මිනිත්තු 30 කට වඩා යන්නේ නැහැ. මම මේ රටේ සැදැහැවත් බෞද්ධ ජනතාවට ආරාධනා කරනවා මේ ස්ථානයට ඇවිත් වටිනාකම තේරුම් ගන්නය කියලා.”" උන්වහන්සේ පවසති.

18 රියන් මේ බුදුරුව යාය බුදු පිළිමය දුටු විට අපේ නෙතඟට ඉබේම කඳුළු බිඳු එයි. ඒ එම බුදු පිළිමයට විශේෂයෙන් එහි මුහුණට, ශීර්ෂයට හා අතට යම් පුද්ගලයන් පිරිසක් කර ඇති හානිය දුටු විටය. ඒ සමඟම බුදු පිළිමයේ සිරිපතුල අසලද නිදන් හාරා තිබිණි. දුර්වර්ණ වුවත් විවිධ හානි කළත් මේ බුදු පිළිමය ඇතුළත සර්වඥ ධාතු නිදන් කර ඇති බව ජනපරසලදවාදයේ පවතීයැයි සද්ධානන්ද හිමියෝ අප සමඟ කීහ. බුදුරුවයාය ගම්වැසියෝ මේ සුවිශේෂ බුදු පිළිමයට නිතර පුද පූජා පවත්වති. සද්ධානන්ද හිමියෝ තමන්ට දායකයන් ගෙන් ලැබෙන ආධාර මගින් දිනපතාම පස්වරුවේ මේ බුදුපිළිමය අසල එක පොල්තෙල් පහනක් හෝ දල්වනු ලැබේ.

මෙම විහාර සංකීරණයේ වූ පුරාණ චෛත්යුය පස් ගොඩක් බවට පත්ව තිබුනු අතර 'ධර්ම සරණ පදනමේ' මැදිහත් වීම මත එය නැවත පිළිසකර කර තිබේ.

අඹන් ගඟ ආශ්රිවතව පිහිටා ඇති සුවිශේෂීම සිද්ධස්ථානයක් ලෙස බුදුරුවයාය හඳුන්වා දිය හැක. බුදුරුවයාය එක් අන්තයකින් වස්ගමුව ජාතික වනෝද්යාවනයට මායිම්ව ඇති අතර අඹන් ගං කොමලියගේ අතු ගංගාවක් වූ හීරටිය ඔය කඩිමුඩියේ ගලාබසින සුන්දර නාදය දෙසවන් පිනවයි. වස්ගමුව වනාන්තරය බුදුරුවයායෙන් වෙන් කරමින් තනා ඇති අලි වැට හේතුවෙන් හීරටිය ඔය නැරඹීමේ වාසනාව නම් අපට හිමි නොවේ. අඹන් ගඟේ හඬත්, අලි, කොටි, වලස්සු ගහන වස්ගමුවේ අසිරියත් බුදුරුවයායේ සුන්දරත්වය වඩ වඩාත් ඔප් නංවයි. දඹුල්ල, රිවස්ටන් ප්රතදේශ නැරඹීමට එන සංචාරකයන්ටත්, පොළොන්නරුවට විකල්ප මාර්ගයකින් ලඟා වීමට කැමැති සංචාරකයන්ටත් මෙය ආකර්ෂණීය මග නැවතුමක් වනු නිසැකය.



ලොව ගැරහුම් සැඩ පහරක්‌ වූවද අසම්මතේ පෙම මල් පුබුදයි..


'ලොව ගැරහුම් සැඩ පහරක්‌ වූවද
අසම්මතේ පෙම මල් පුබුදයි...'

ලෙන්ගතු පෙම මැසිවිලි නැඟුවා ඇති
අපමණ සිතුවිලි දයාබරයි
ඉටු නොවනා බව දැන සිටිනාමුත්
ඔබම පතා සිත පෙරුම් පුරයි

ඇස හැර බැලුවද නිදි ලොව සැරුවද
මා නෙත විමසන එකම රුවයි//
ළය මත පිබිදුණු උණුසුම රඳවන
සිහිලස පිරි ඔබ නවාතැනයි

ලොව ගැරහුම් සැඩ පහරක්‌ වූවද
අසම්මතේ පෙම මල් පුබුදයි...//
වෙන්වීමක්‌ ගැන සිත අහලක නැති
මගෙ සිත ඔබ හා ගමන් කරයි

ගායනය :- රොහාන් ශාන්ත බුලේගොඩ
පද රචනය: - විපුල් ධර්මප්‍රිය ජයසේකර
තනුව :- ලක්‍ෂ්මන් හිල්මි

ආදරයක්‌... කොටු කරලා.... හිර කරලා තියන්න පුළුවන්ද... බැහැ... ඒක නිශ්ඵල ක්‍රියාවක්‌... ආදරය එහෙම දොරගුළු ලා සිර කරන්න බෑ. ඒත්...කෙනෙකුට තවකෙකු කෙරෙහි ආදරයක්‌ ඇතිවෙද්දි.... ඔවුන් දෙදෙනා එකිනෙකාට ආදරය කරද්දි ඊට හරස්‌ වන ලොකුම බාධාව තමයි අසම්මතය... අසම්මත ආදරය වරදක්‌.... ඒත්....,

ලෙන්ගතු පෙම මැසිවිලි නැගුවා ඇති
අපමණ සිතුවිලි දයාබරයි
ඉටු නොවනා බව දැන සිටිනා මුත්
ඔබම පතා සිත පෙරුම් පුරයි
ආදරයක්‌ ඉපදිලා... සමීප ආදරයක්‌...

ඒත් හිත දොස්‌ කියනවා... එපා දොස්‌ කිව්වා ඇති... මගේ හිතේ අප්‍රමාණ වූ ආදර හැඟුම් මෝදු වෙනවා. ඒවා දයාබරයි.... මම දන්නවා මගේ මේ ආදර සිතුවිලි... ඉටු නොවන බව ඒත්... මගේ හිත ඉල්ලන්නේ ඔයාවමයි. මම පාරමී පුරවාගෙන සංසාරෙන් සංසාරෙට පැතුවේ ඔයාවමයි.

විපුල් ධර්මප්‍රිය ජයසේකර, රොහාන් ශාන්ත බුලේගොඩ ලියූ ගීයක්‌. සංගීතය සහ තනුව ලක්‍ෂ්මන් හිල්මිගේ. විපුල් සේවය කරන්නේ ගුවන් විදුලියේ. දැන් අපි විපුල් කියන දේ අහමු.

අපේ ගුවන් විදුලියේ සේවය කළා ජනප්‍රියම සංගීතඥයෙක්‌. ඔහු එහිම තරුණියකට ආදරය කරන්න පටන් ගත්තා. මේක අසම්මත ප්‍රේමයක්‌. දෙන්නම කසාද බැඳපු අය. දෙන්නට දෙන්නා ආදරය කරන්න පටන් ගත්තා. මේ මගේ හිතවතාට ඔහුගේ හිතේ තියෙන දේ කියාගන්න වුවමනා වුණා. ඉතින් ගීයක්‌ ලියාදෙන්න කියලා ඔහු කළ ඉල්ලීම අනුවයි මේ ගීය ලියෑවුණේ.

ඇස හැර බැලුවද නිදි ලොව සැරුවද
මා නෙත විමසන එකම රුවයි
ළය මත පිබිදුණු උණුසුම රඳවන
සිහිලස පිරි ඔබ නවාතැනයි

නින්දේ වගේම නොනින්දෙත් දෙනෙත් විවරය සිටිත්දී මෙන්ම දෙනෙත් පියාගත් කලත් මගේ නෙත සිත ඉල්ලන්නේ ඔයාගේ රූපයමයි. ඔය අහිංසක මුහුණ නිතරම මට මැවී පෙනෙනවා. මඟ තොට දකින සෑම රූපයකින්ම මට පෙනෙන්නේ ඔයාවමයි. මගේ ළය මතින් නැඟ එන ගින්දර... නිවාලන සිහිල් දිය බිඳු ඔයා මිස වෙන කවුද? ඔයාගේ ඔය සිසිලස පිරි හදවත... තමයි මගේ නවාතැන.

මම ගීය ලියුවා. ලක්‍ෂ්මන් හිල්මි තනුව නිර්මාණය කළා. රොහාන් ශාන්ත ගීය ගැයුවා. ගීය ජනප්‍රිය වුණා.. මගේ මිත්‍ර සංගීතඥයා සහ අසම්මත ප්‍රේමය තවමත් එහෙමමයි. දෙදෙනා දෙපසකට වෙලා තවමත් හිතෙන් ආදරය කරනවා.

ලොව ගැරහුම් සැඩ පහරක්‌ වූවද
අසම්මතේ පෙම මල් පුබුදයි
වෙන්වීමක්‌ ගැන සිත අහලක නැති
මගෙ සිත ඔබ හා ගමන් කරයි

සමාජය කොතරම් අකුල් හෙළුවත් බාධා කළත් අසම්මත පෙම වළක්‌වන්න බෑ.. ලෝකයාගෙන් ගැරහුම් අවලාද එන්න පුළුවන්. ඒවා සැඩ පහරක්‌ නම්... අසම්මත පෙම හරියට ඒ සැඩ පහර මැද පූදින මලක්‌ වගේ. වෙන් වෙන්න අප හිතලවත් නෑ. වෙන් වීමක්‌ ගැන නොවේ, නිතර හිතන්නෙ එක්‌වීම ගැන. කවුරු කොතරම් චෝදනා කළත් මගේ හිතේ ඔයා හැර වෙන කිසිවෙක්‌ නෑ.

-අජිත් අලහකෝන්

(උපුටා ගැනීම දිවයින පුවත්පතින්)

මහානුභාව සම්පන්න රත්නමාලි ගථා රත්නය



සං සං සාර සාරෝඝ විනීත ණී සං
සං සං ණීත සාතං සුචිසාර ධි සං
සං ධීරකං සෝණ්ණ තනු පලා සං
සං ලාප දෙසිං පණමෙහි සා සං

සං සාභිගං කේවළ මොහ නා සං
සං නාහකං මාර රණෙ විසෙ සං
සං සේවිතං දාසි මුදරා හා සං
සං හාර ධම්මං පණමෙ සදා සං

සං දාසගං නාසිත පාප නා සං
සං නාප දංසිං හත ඝොර පා සං
සං පාරගාමිං සුචිසාර වා සං
සං වාර සංඝං පණමෙ රසා සං

සිංහල තේරුම...

සසර සැඩ පහර නවතා නිවන් වැද
පැතිර නැණති දිරිමත් රන් පතක් ලෙද
නිතර දිළෙන තුම් සදහම් දෙසන ලද
වැතිර වඳිමි මගෙ සම්බුදු මහිමි සඳ

සැක තැන් දුරු කරන එලෙසින් මෝ නසන
යුදැදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින
ඇසුරින් සතුට දෙන කෙලෙසුන් අති නසන
නමදිමි බැතින් සිරි සදහම් මිණි පහන

සඟ සැප දෙන නැසිය යුතු පව් හැම නසන
බව බැමි සුණු විසුණු කර නිති ගුණ පුරන
ලත් සැප දමා පර තෙර වෙත නෙත යොමන
වඳිනෙමි නිති පතා පින්සරු මහ සඟන

ඔබට තෙරුවන් සරණයි....!!!!!!!

පුරාවස්තු කොල්ලයේ අතීතකතාව



වර්තමාන ලංකාව තුළ පුරාවස්‌තු විනාශ කොට නිධන් හෑරීමත්, පුරාවස්‌තු සොරකම් කිරීමත් සීග්රත ලෙස පැතිරයමින් පවතී. ජාතියක හදමස ඇස්‌ පනාපිට උදුරාලන්නා සේ සිදුකෙරෙනා මේ ව්යසසනය රටෙහි සංස්‌කෘතික වටිනාකම් හා නෛතික ආධිපත්යකයේ බිඳ වැටීමක්‌ සිදු වූ සෑම කලෙකම තීරණාත්මකව මතුව පැමිණියේය. ඒ පිළිබඳව වන ඓතිහාසික සාක්‌කි තිබේ.

පුරාවස්‌තු සංහාරයේ ඉතිහාසය


මුලින්ම අප රට ආක්ර මණය කළේ චෝල රජවරුන්ය. ශ්රීක ලංකා ඉතිහාසයට අනුව චෝල ආක්රයමණ කිහිපයක්‌ම සිදු වී ඇති නමුදු, අපගේ එවකට පැවැති රාජධානිත්, ශිෂ්ටාචාරයත් දැඩි ලෙස විනාශයට පත්කොට කොල්ල කෑ ප්රඉධාන චෝල ආක්රරමණ දෙකකි. ඉන් පළමුවැන්න රාජ රාජ චෝලගේ ආක්රාමණයයි. ක්රි .ව. 985 සිට ක්රි .ව. 1014 දක්‌වා තිබුණු රාජරාජ චෝලගේ පාලන සමය තුළදී ඔහු එවකට අනුරාධපුරය රාජධානිය කොටගත් පස්‌ වෙනි මිහිඳු රජ රුහුණට පලවා හැර, අනුරාධපුරය සහමුලින්ම විනාශ කොට වස්‌තුව කොල්ල කා එය තම පාලනයට නතු කර ගත්තේය. ඔහුගෙන් පසු රාෙ-න්ද්රහ චෝල මිහිඳු රජ සිරභාරයට ගෙන රජරට පාලන බලය තහවුරු කර ගත්තේය. රාෙ-න්ද්ර චෝලගේ පාලන සමය ක්රිහ.ව. 1014 සිට ක්රින.ව. 1044 දක්‌වා පැවැති අතර, එය දෙවැනි චෝල ආක්ර මණය වුණි. මෙලෙස චෝල පාලනය ක්රික.ව. 1070 වන තෙක්‌ පැවතුණු අතර, 1 වැනි විජයබාහු චෝලයන් පරාජය කොට පලවා හැර රට එක්‌සේසත් කළේය.

ඉන් පසුව කාලිංගයෙහි මාඝ යන ආක්ර්මණිකයා අති මහත් විනාශයක්‌ කොට වස්‌තුව ද කොල්ල කා රජරට අල්ලා ගත් අතර, ඔහුගේ පාලනය ක්රිර.ව. 1215 සිට ක්රිම.ව. 1236 දක්‌වා පැවතිණි.
ඉන් පසුව අප රටේ බෞද්ධ ශිෂ්ටාචාරය දැඩි ලෙස විනාශ කරමින් වස්‌තු කොල්ලය සිදු කළේ, ක්රික.ව. 1505 දී අහම්බෙන් මෙන් මෙරටට සේන්දු වූ පෘතුගීසීන් විසිනි. ක්රි .ව. 1575 දී පෘතුගීසි කපිතාන් දියෝ ගෝ ද මේලෝ කැලණි විහාරයට පහර දී එය දරුණු ලෙස විනාශ කළේය. කැලණි ස්‌තූපය විනාශ කොට එය පිහිටි ස්‌ථානයෙහි පසු කාලීනව ශාන්ත ආනා (Saint Anne) පල්ලිය ගොඩ නැංවූයේය. කැලණි ස්‌තූපයෙහි තිබුණු වටිනා පුරා වස්‌තු පෘතුගීසිහු කොල්ල කෑහ. කැලණි විහාරයෙහි තිබුණු පෞරාණික බුදු පිළිම, පුරා වස්‌තු සහමුලින්ම විනාශ කොට ගිනිබත් කළහ. පෘතුගීසින්ට විරුද්ධ වූ ගම්වැසියන්ව කැලණි විහාර පුද බිමේදීම වද හිංසනයට ලක්‌ කොට ඝාතනය කළහ.

ඒ වනවිට ශ්රීම ලංකාවෙහි අගනුවර කෝට්‌ටේ වූ අතර දන්ත ධාතුන් වහන්සේ වඩා හිඳුවා තිබුණේ කෝට්‌ටේ නගරයෙහි තෙමහල් පන්සලකයි. පෘතුගීසිහු මුළු කෝට්‌ටේ නගරයත්, එම තෙමහල් පන්සලත් ගිනි තබා විනාශ කරමින් වස්‌තුව කොල්ල කෑහ. පෘතුගීසින්ගේ විනාශකාරී පිළිවෙත ගැන අවබෝධයෙන් සිටි භික්ෂුරන් වහන්සේ ඊට පෙරාතුව දන්ත ධාතුන් වහන්සේ සියනෑ කෝරලයේ ආරක්ෂිවත ස්‌ථානයකට වැඩම කරවූහ. පැපිලියානෙහි පිරිවෙන, තොටගමුවෙහි පිරිවෙන, රයිගම් කෝරලයෙහි වීදාගම පිරිවෙන, කෝට්‌ටේ සුනේත්රාවදේවි පිරිවෙන ආදී පිරිවෙන් ගිනිතබා විනාශ කළහ. කළුතර, වැලිගම, මාතර, දෙවුන්දර සහ රත්නපුර ආදී නගර වල පිහිටි පන්සල්, දාගැබ්, බුදු පිළිම, පිරිවෙන් ආදී සියල්ල විනාශ කොට ගිනි තැබූ අතර ඒවා කොල්ල කෑහ. රත්නපුර සමන් දේවාලයට දැඩි ලෙස හානි කොට කොල්ල කෑහ. දෙවුන්දර විෂ්ණු දේවාලය විනාශ කොට එහි තිබුණු වටිනා වස්‌තූන් සියල්ල කොල්ල කෑහ. ගවයින් මරා දමමින් දේවාල පුදබිම හිතාමතාම අපවිත්රර කළහ. පෘතුගීසින් එසේ කළේ දෙවුන්දර විෂ්ණු දේවාලයෙහි හාස්‌කම් පිළිබඳව සිංහලයන් තුළ පැවැති දැඩි විශ්වාසය සමච්චලයට ලක්‌කිරීම සඳහාය. එහෙත් ඉහත කී ප්ර්දේශ වලින් කොල්ල කා ගත් අප රටට අයත් වස්‌තු සම්භාරය රැගත් පෘතුගීසි නැව් තුනක්‌, දෙවුන්දර වරායෙන් පිට වූ නමුදු ඒවායින් එකකටවත් පෘතුගාලය වෙත හෝ ස්‌පාඤ්ඤය වෙත ළඟා වීමට නොහැකිව විනාශ වූ බව පෘතුගීසි ලේඛන වල සඳහන් වෙයි.

අපට අයත් තොටගමුවේ ශ්රීත රාහුල හිමියන්ගේ දේහය ගෝවට ගෙන ගොස්‌, එය පෘතුගීසීන්ගේ කතෝලික පූජක වරයෙකුගේ දේහයක්‌ බවට හුවා දක්‌වමින් වර්තමානයේ පවා ප්රලදර්ශනය කරති. එදා පෘතුගීසි පාලන සමයේදී ඔවුනට නතු වූ ප්රජදේශ වල කිසිම බෞද්ධ සිද්ධස්‌ථානයක්‌ ඉදි කිරීම හෝ බෞද්ධ ආගමික වතාවත් පවත්වාගෙන යැම සපුරා තහනම් විණි.
ක්රිධ.ව. 275 දී මහසෙන් රජු විසින් අද ත්රිගකුණාමලය නමින් හැඳින්වෙන ප්රරදේශයෙහි ගෝකණ්‌ණ විහාරය කරවූ බවත්, අග්බෝ රජු ක්රිූ.ව. 718 දී එකී විහාරයට ධර්ම ශාලාවක්‌ ඉදිකොට පූජා කළ බවත් ඉතිහාසය සාක්ෂින දරයි. පෘතුගීසීහු මෙම විහාරය කොල්ල කා බිමට සමතලා කොට එය මත ෆෙඩ්රික්‌ බලකොටුව ඉදි කළහ. මෙය වර්තමානයේදී ද ත්රි්කුණාමලයේ දිස්‌ වෙයි.
පෘතුගීසින්ගෙන් පසු ඔවුනට අයත්ව තිබුණු ප්රදදේශ වල පාලන බලය ලන්දේසීන්ට නතු විණි. ලන්දේසීහු පෘතුගීසින් තරම් අපගේ වෙහෙර, විහාර, පුරාවස්‌තු ආදියට හානි නොකළහ. ඩෙල්ෆට්‌ දූපතෙහි ඇති බෞද්ධ ස්‌තූපයන්ට ලන්දේසින්ගේ යම් හානියක්‌ සිදු වී ඇති බව ඉතිහාසයෙහි සඳහන් වෙයි. මෙම ස්‌තූපයන්ට විශාල වශයෙන් හානි කොට කඩා බිඳ දැමුවේ එල්.ටී.ටී.ඊ. ත්ර ස්‌තවාදී සංවිධානය විසිනි. අදටත් ඩෙල්ෆට්‌ දූපතෙහි ඉතිරිව ඇති එම බෞද්ධ ස්‌තූප වල නටබුන් දැකිය හැක. තවද යාපනය ප්රලදේශයෙහි තිබුණු ඉතාමත් මූර්තිමත් විෂ්ණු දෙවියන්ගේ සැතපෙන පිළිමයක්‌ නෙදර්ලන්තයට ගෙන යැමේ උත්සාහයක්‌ද ඔවුන් තුළ තිබුණු බව සඳහන් වෙයි. එහෙත් එකල සිටි හින්දු පූජකවරු එකී පිළිමය සඟවා තබා ගෙන ඉමහත් කැපවීමෙන්, එය ලන්දේසින්ගෙන් රැක ගත්හ. මාදගල් සිට පොන්නාලේ මංසන්ධිය දක්‌වා දිවෙන මාර්ගයෙහි, පොන්නාලේ මංසන්ධියට ආසන්නව විශාල මනරම් කෝවිලක, මෙම සැතපෙන විෂ්ණු දේව රූපය වර්තමානයෙහි වඩා හිඳුවා ඇත. මුළු ලොවෙහිම මෙවැනි සැතපෙන විෂ්ණු දේව රූප ඇත්තේ දෙකක්‌ පමණක්‌ බව තතු දන්නා හින්දු පූජකවරු පවසති. එයින් පළමුවැන්න ඉහත කී කෝවිලෙහිත්, දෙවැන්න දකුණු ඉන්දියාවෙහි පිහිටි කෝවිලකත් වඩා හිඳුවා ඇති බව ඔවුහු පවසති. කෙසේ වුවද ක්රිත.ව. 1658 සිට 1796 දක්‌වා පැවැති ලන්දේසි පාලන සමය තුළදී අපගේ වෙහෙර විහාර, දේවාල, පුරා වස්‌තු ආදියට සිදු වූ හානිය සාපේක්ෂු වශයෙන් සුළු බව කිව යුතුමය.

ලන්දේසින්ගෙන් පසුව වර්ෂ 1796 දී බ්රිශතාන්යවයෝ ශ්රී. ලංකාවට පැමිණියහ. එම වර්ෂයේදීම කොළඹ අත්පත් කරගත් බ්රිීතාන්ය යෝ, වර්ෂ 1815 පෙබරවාරි 14 වැනි දින මහනුවර ගිවිසුමට අත්සන් තබා අපගේ අවසාන රාජධානිය වූ මහනුවර රාජධානිය යුද්ධයකින් තොරවම තම පාලනයට නතු කරගෙන මුළු ශ්රීස ලංකාවම යටත් කර ගත්හ. බ්රි තාන්ය ආණ්‌ඩුකාර රොබට්‌ බ්රතවුන්රිග් සහ උඩරට රදළවරු හත් දෙනකු අතර අත්සන් තැබුණු මෙම මහනුවර ගිවිසුමෙහි වගන්ති ප්රමකාරව බ්රිහතාන්ය යෝ ශ්රීන ලංකාවෙහි බුද්ධාගම ආරක්ෂාො කිරීමට පොරොන්දු වී සිටියහ. එහෙත් එම පොරොන්දුව නොබෝ දිනකින්ම අමතක කළ බ්රි්තාන්යකයෝ අපගේ බෞද්ධ සිද්ධස්‌ථාන සංරක්ෂාණය කරන මුවාවෙන් ඒවා තමන්ට නතු කර ගනිමින් මනා සැලසුම් සහගතව නීතිමය රාමුව තුළ සිටිමින් අපගේ පුරාවස්‌තු, සොරකම් කොට ඒවා බ්රි තාන්ය යට යෑවූහ. අපගේ සමහර වෙහෙර විහාරද ඒවාට අයත් භූමි ප්රපමාණය පිළිබඳව සිංහල රජුන් විසින් ප්ර දානය කරන ලද සෙල්මුවා සන්නස්‌ද සූක්ෂ ම ලෙස විනාශ කෙරිණි.

වර්ෂ 1820 දී බ්රිපතාන්යන යුද හමුදාවේ ලුතිනන් ෆෙගන් (Fagan) විසින් වල් බිහි වී තිබුණු පොළොන්නරු රාජධානිය සොයා ගන්නා ලදී. ඉන් පසුව බ්රි තාන්ය ආණ්‌ඩුකාරවරු පොළොන්නරු රාජධානියෙහි කැලෑව එළිකරන ලෙස පළාත භාර දිසාවේ වරුන්ට කිහිප විට අණ කළ නමුදු එය ඉටු නොවිණි. බ්රි තාන්ය යන්ගේ උත්සාහය පොළොන්නරුවෙහි ඇති පුරා වස්‌තු ලබා ගැනීම උදෙසා බව අවබෝධ කරගත් දිසාවේවරු අණ නොපිළිපැද්දාහ. අවසානයේදී වර්ෂ 1870 දී බ්රිාතාන්යු ආණ්‌ඩුකාර ආතර් ගෝඩ්න් උදහසට පත්ව දැඩි ලෙස අණ කිරීමෙන් පසු, තමන්කඩුව දිසාවේට නොකැමැත්තෙන් වුවද පොළොන්නරුව රාජධානිය අවට කැලෑව එළි පෙහෙළි කරවීමට සිදු විය. ඉන් පසුව පොළොන්නරුවෙහි පුරා විද්යාල කැණීම් කටයුතු එවකට පුරා විද්යාො කොමසාරිස්‌ වූ එස්‌. එම්. බරෝස්‌ (S. M. Burous) ගේ අධීක්ෂුණය යටතේ පටන් ගැනිණි. මොහු පුරා විද්යාිඥයෙක්‌ නොවුණු අතර බ්රිෝතාන්යඑ පරිපාලන නිලධාරියෙකි. මහනුවර ගිවිසුමට අනුව පොරොන්දු වූ පරිදි බෞද්ධ සිද්ධස්‌ථාන සුරැකීම සඳහා පොළොන්නරු කැනීම් කටයුතු කරන බව පෙන්වීමට බ්රිරතාන්යටයෝ උත්සාහ කළ අතර, ඒ හා සමගාමීව හමු වූ වටිනා පුරාවස්‌තු සහ නිධන් වස්‌තු බ්රිනතාන්යටය කරා යෑවීමද සිදු විණි.

වල් බිහි වී තිබුණු අනුරාධපුර රාජධානිය සොයා ගන්නා ලද්දේ වර්ෂ 1820 දී රැල්ෆ බැක්‌ස්‌ (Ralph Backhaus) නම් වූ බ්රිටතාන්යක පරිපාලන නිලධාරියෙකු විසිනි. එසේම ශ්රීා ලංකාවෙහි පුරා වස්‌තු සුරැකීම සඳහා අවංකවම උත්සාහ කළ බ්රිනතාන්යa පුරාවිද්යා‍ කොමසාරිස්‌වරයෙකි, එච්. සී. පී. බෙල් මහතා. අනුරාධපුරයෙහි පුරාවිද්යාී කැණීම් කටයුතු පටන් ගැනීම සඳහා, බෙල් මහතාට නිල වශයෙන් බ්රිlතාන්ය ආණ්‌ඩුවෙන් අවසරය ලැබුණේ වර්ෂ 1890 දීය. එහෙත් බ්රියතාන්යකයෝ වර්ෂ 1885 වන විට අනුරාධපුර ෙ-තවනාරාමයෙහි අවිධිමත් කැණීම් කටයුතු පටන් ගෙන තිබුණු අතර, එහි ප්ර0තිඵලයක්‌ වශයෙන් හතරැස්‌ කොටුව සහ මුළු මුදුනම කඩාගෙන වැටිණි. එයින් ද පසුබට නොවුණු බ්රිමතාන්යුයෝ වර්ෂ 1887 දී අඩි 162 ක්‌ දිග උමගක්‌ ජේතවනාරමයෙහි ධාතු ගර්භය තුළට කණින ලදහ. ධාතු ගර්භයෙහි වූ අති පූජනීය ධාතු වලට සිදු වූ දෙය කිසිවෙකු නොදන්නා නමුත් උමගෙහි කොටසක්‌ කඩා වැටී බ්රි තාන්යා සොල්දාදුවෝ පිරිසක්‌ එයට යටවූහ. ඉහත කී කරුණු සැලකීමේදී, පුරාවිද්යාෝ කොමසාරිස්‌වරයෙකු වූ බෙල් මහතා අතට අනුරාධපුර රාජධානියෙහි පුරා විද්යා කැණීම් කටයුතු සහ සංරක්ෂවණ කටයුතු භාරදෙන විටත්, සෑහෙන පමණ විනාශයක්‌ අනුරාධපුර රාජධානියෙහි පුරා වස්‌තු වලට බ්රිුතාන්යදයෝ කර තිබුණහ.
වර්ෂ 1898 දී ආගමික වතාවත් සඳහා භාවිත නොකරන වෙහෙර විහාර වල පූර්ණ අයිතිය බ්රිදතාන්යස අධිරාජ්යවය සතුය යන නීතිය ගෙන ආ බ්රිාතාන්යු පාලකයෝ බොහෝ බෞද්ධ වෙහෙර විහාර තමන්ට නතුකර ගත්හ. මුලින්ම අනුරාධපුරයෙහි ථූපාරාමයත්, පසුව ගෝනමැරියාව විහාරයත්, මහා පද්ම විහාරයත්, මැද පන්සලත්, ඔවුහු තමන් වෙත පවරා ගත්හ. අනුරාධපුරයේ බෞද්ධ සිද්ධස්‌ථාන ලෙස බ්රිවතාන්යය පාලකයන් විසින් පිළිගන්නා ලද්දේ, ශ්රීහ මහා බෝධි උඩ මළුවත්, රුවන්වැලිසෑයත් පමණි. වල් බිහිවී අභාවයට ගොස්‌ තිබුණු වාරිමාර්ග පද්ධතිය නිසා නිසි ජල සැපයුමක්‌ නොමැතිකමින් වී ගොවිතැන කිරීමට නොහැකිව, නිසි වෙළෙ¹මක්‌ කිරීමට නොහැකිව, අධික බදුබරින් පීඩිතව, දරිද්රිතාවයෙන් බැටකමින් සිටි සිංහල බෞද්ධයන්ට එම වෙහෙර විහාර නඩත්තු කිරීමේ හැකියාවක්‌ නොතිබිණි. එම තත්ත්වයෙන් ප්ර්යෝජන ගනිමින් කල්යල් බලා ඉහත කී නීතිය ගෙන ආ බ්රිනතාන්යියෝ බෞද්ධ වෙහෙර විහාර බොහොමයක්‌ තමන්ට නතු කර ගනිමින් ඒවායේ තිබුණු පුරා වස්‌තු සහ නිධන් වස්‌තු බ්රිඉතාන්ය යට යෑවූහ. මැදපන්සල සහ ගෝනමැරියාව විහාරය, ඔවුහු සහමුලින්ම වනසන ලදහ. බෞද්ධයන්ගේ දැඩි විරෝධය නිසා මහ පද්ම විහාරය සහ ථූපාරාමය වැනසීම මඳක්‌ සෙමින් සිදු විණි. මෙම වෙහෙර විහාර වල ගඩොල්, ගල් කණු ආදිය පාරවල් සෑදීම සඳහා බ්රිනතාන්ය යෝ භාවිත කළහ. එච්. සී. පී. බෙල් නම් පුරාවිද්යා කොමසාරිස්‌වරයා මෙම අවස්‌ථාවේදී නම් ඔහු බ්රි තාන්යර පාලකයන්ව නැවැත්වීමට කිසිදු උත්සාහයක්‌ නොකළ බව කිවයුතුමය.

වර්ෂ 1900 දී එවකට අටමස්‌ථානාධිපතිව වැඩ සිටි ස්‌වාමීන් වහන්සේ විසින් ඉපැරණි ආදාහන මළුව අසල විහාරයක්‌ ඉදි කිරීම සඳහා බ්රිිතාන්යි බලධාරින්ගෙන් අවසර ඉල්ලුවද ඒ සඳහා ඔවුහු අනුමැතිය නුදුන්හ. එහෙත් වර්ෂ 1901 දී ඉපැරණි ආදාහන මළුව විනාශ කොට එහි බ්රිමතාන්යඳ වෛද්යා නිලධාරීන් සඳහා බංගලාවක්‌ ඉදි කරවීමට ඔවුහු තීරණය කළහ. බෞද්ධ සිද්ධස්‌ථාන වලට සිදු කරන හානිය පිළිබඳ වසර කීපයක්‌ම බ්රි තාන්යායන් සමඟ වාද විවාද කරමින් සිටි සිංහල බෞද්ධයෝ, ඉවසා නුහුනු තැන වර්ෂ 1903 දී ජුනි මස 09 වන දින බ්රිබතාන්ය් බලධාරීන්ට එරෙහිව අනුරාධපුරයේදී කැරැලි ගැසූහ. කැරැල්ල මැඩ පැවැත් වුවද එකී බෞද්ධ සිද්ධස්‌ථාන යම් ප්රිමාණයකට හෝ බ්රිුතාන්යබයන්ගෙන් ආරක්ෂාා විණි.

බ්රිලතාන්යටයෝ අපගේ නැගෙනහිර බෞද්ධ උරුමයටද හානි කළහ. සොලී ආක්රනමණ සහ වසංගත රෝග නිසා ක්රරමයෙන් ජනශුන්යා වී ඝන වනාන්තරයට නතු වුණු දීඝවාපි චෛත්යැය නැවත ප්රිතිසංස්‌කරණය කරන ලද්දේ ක්රි්.ව. 1746 දී මෙරට රජකම ලැබූ මහනුවර කීර්ති ශ්රීට රාජසිංහ රජු විසිනි. රජු චෛත්යුය ප්රයතිසංස්‌කරණය කොට අතිවිශාල භූමි ප්රළමාණයක්‌ද සමඟ එහි අයිතිය ගල් සන්නසකින් බිබිලේ පොතුබන්ධන රජමහා විහාරාධිපතිව සිටි බන්ඩිගොඩේ නිග්රෝ්ධ නායක තෙරුන් වහන්සේට පැවරූ බව සඳහන් වේ. කරුණු මෙසේ වුවද බ්රි තාන්යබ පාලන සමයේදී ගෙන එන ලද මුඩු බිම් පතන යටතේ දීඝවාපි චෛත්යයද, දීඝවාපී විහාරස්‌ථානය සතු භූමි ප්රේමාණයද, ගොඩනැඟිලි සියල්ලද, බ්රිීතාන්යුයෝ ඔවුනට නතු කර ගත්හ. 1887 වර්ෂයේදී මඩකලපුව දිසාපතිවරයාව සිටි බ්රි තාන්ය ජාතික ඇලන්සන් බේලිගේ නියෝගයට අනුව, ඇලවේලි අමුණු ආදිය ප්ර තිසංස්‌කරණය කිරීම සඳහාත්, පාරවල් සෑදීම සඳහාත්, දීඝවාපි චෛත්යකයට අයත් ගල්කණු, ගඩොල්, සෙල්ලිපි ආදිය යොදා ගැනිණි. කීර්ති ශ්රීස රාජසිංහ රජු විසින් ප්රයදානය කරන ලද ඉහත කී ගල් සන්නස තිබුණහොත් දීඝවාපී චෛත්යයට අයත් අති විශාල භූමි ප්ර්මාණය නැවත ලබා දීමට සිදුවනු ඇති බව සැක කළ ඇලන්සන් බේලි එම ගල් සන්නස ඇනිකට්‌ එකක්‌ සෑදීම සඳහා යොදවා සඟවා තැබුවේය.

වර්ෂ 1916 දී වල් වැදී තිබුණු දීඝවාපි රජමහා විහාරය නැවත සොයා ගෙන එහි තනිව වැඩවාසය කරමින් බ්රිුතාන්යක ජාතිකයින් මෙම චෛත්යරයට කරගෙන ගිය මහා විනාශය නවතා ලීමට තනිව සටනක්‌ ගෙන ගිය ශ්රේ ෂ්ඨ බුද්ධ පුත්රයයාණන් වහන්සේ නමකි කොහුකුඹුරේ රේවත ස්‌වාමීන් වහන්සේ. බ්රිනතාන්යය මහ රැජිණටත්, බ්රිගතාන්යෙ ආණ්‌ඩුවටත් උන්වහන්සේ විසින් කරුණු දැක්‌වීමෙන් පසු අක්‌කර 585 ක්‌ දීඝවාපී රජ මහා විහාරස්‌ථානයට නැවත වෙන් කෙරිණි. අක්‌කර 585 ප්ර මාණවත් නොවන බවත්, සිංහල රජවරුන් පූජා කොට තිබූ භූමි ප්ර‌මාණය නැවත ලබා දෙන ලෙසත්, ඇනිකට්‌ එක සෑදීමට භාවිත කර තිබුණු කීර්ති ශ්රීැ රාජසිංහ රජතුමා විසින් ප්රරදානය කරන ලද ගල් සන්නස නැවත ලබා දෙන ලෙසත්, උන්වහන්සේ දිගින් දිගටම බ්රිමතාන්යු රජයට කරුණු දැක්‌වූ නමුදු එය ඵල රහිත විණි. වර්ෂ 1950 ඔක්‌තෝබර් 13 වැනි දින මුස්‌ලිම් ජාතිකයෙකු තබන ලද වෙඩි පහරකින් මෙම ශ්රේමෂ්ඨ වීර බුද්ධ පුත්රටයාණන් වහන්සේ අපවත් වූහ. කීර්ති ශ්රීද රාජසිංහ රජු විසින් ප්රටදානය කරන ලද ගල් සන්නස ඇණිකට්‌ එකක සදහටම සැඟවූ, දීඝවාපිය විහාරයට විශාල හානියක්‌ සිදු කළ ඇලන්සන් බේලි දිසාපතිවරයා උණකින් සහ දැඩි හිසේ රුදාවකින් නිතරම වේදනා විඳි බවද සඳහන් වේ.

වර්ෂ 1818 දී බ්රියතාන්යු පාලනයට විරුද්ධව ඇරඹුණු ඌව වෙල්ලස්‌ස කැරැල්ලෙහි නායකත්වය දැරුවේ මොණරවිල කැප්පෙටිපොළ නිළමෙතුමාය. කැරැල්ල මැඬ පැවැත්වීමෙන් පසු කැප්පෙටිපොළ නිළමෙව අල්ලා ගත් බ්රි්තාන්ය යෝ ඔහුගේ හිස ගසා දැමීමට අණ කළහ. ගහලයාගේ කඩු පහරින් හිස සම්පූර්ණයෙන්ම කඳින් වෙන් නොවුණු අතර, හිස වෙන්වීම සඳහා කඩු පහර ගැසිය යුතු නියම තැන කැප්පෙටිපොළ නිළමේ තුමාම විසින් ගහලයාට පෙන්වන ලදී. එම දෙවන කඩු පහරින් හිස සම්පූර්ණයෙන්ම කඳින් වෙන්වූ අතර චාරිත්රාුනුකූලව වෙන්වූ හිස දේහයෙහි පපුව මත තබන ලදී. මරණය සහතික කිරීම සඳහා පැමිණ සිටි වෛද්යඩවරයා වූ හෙන්රි මාර්ෂල්, කැප්පෙටිපොළ නිළමෙතුමාගේ නිර්භීත හැසිරීම් රටාව හො¹කාරව දුටුවේය. ස්‌කොට්‌ලන්ත ජාතිකයෙකු වූ ඔහු, ස්‌කොට්‌ලන්ත වීරයෙකු වූ සර් විලියම් වොලස්‌ (Sir William Wallace) ගේ හිස්‌ කබල සමඟ විද්යා්ත්මක පරීක්ෂකණ මගින් සැසඳීම සඳහා, කැප්පෙටිපොළ නිළමෙ තුමාගේ හිස්‌කබල බ්රිසතාන්යසයට රැගෙන ගියේය. විලියම් වොලස්‌, පළමුවෙනි එඩ්වඩ් නමැති ඉංග්රීකසි රජුගෙන් ස්‌කෝට්‌ලන්ත ජාතිකයන්ට වූ අසාධාරණකම් නිසා, ස්‌කොට්‌ලන්තය වෙනුවෙන් සටන් කළ වීරයෙකි. වර්ෂ 1948 පෙබරවාරි 04 වැනි දින බ්රිීතාන්ය පාලනයෙන් ශ්රීත ලංකාව නිදහස්‌ වූවාට පසු කැප්පෙටිපොළ නිළමෙතුමාගේ හිස්‌ කබල අප රටට නැවත ලබාදුන්නේය. එය දළදා මාලිගාව ඉදිරිපිට මහ මළුවේ තැන්පත් කෙරිණි.

මේ පෙළ ගැසුනේ මේ රටේ සිදු වූ මහා පුරාවස්‌තු සංහාරය පිළිබඳ ඉතිහාසයේ සංක්ෂි ප්ත කතාවකි. විශේෂත්වය වන්නේ මෙවැනි මහා සංහාර රැළි සේ මතුව නැගී ආවේ රටෙහි යහ පාලනය අඩාල වූ අවස්‌ථා වලය. ඒ ඉතිහාසය අපට සාධනය කර දෙන යථාර්ථය ය.


වෛද්යන ලුතිනන් කොමාන්ඩර් පී. කේ. ඉශාන්ත ගුණතිලක

ඓතිහාසික දෙමටමල් විහාරය , බුත්තල…



කොළඹ - මොනරාගල මාර්ගයේ ගමන් ගන්නා විට 232 වැනි කිලෝමීටරයේ දී බුත්තල නගරය හමු වෙයි…බුත්තල සිට ඔක්කම්පිටිය මාර්ගයේ කිලෝමීටර් 6ක් පමණ ගමන් කිරීමේ දී.. ක්රිනස්තු පූර්ව 3 වන සියවසේ පමණ ඉදිවූවා යැයි සැලකෙන..පුරාණයේ අනන්තවත් රහතන් වහන්සේලා බිහි කළ අරහත් මාර්ගඵලලාභී භික්ෂූන් වහන්සේලාගේ පාදස්පර්ශයෙන් සුපිරිසිදු වූ ඓතිහාසික දෙමටමල් විහාරය හමුවෙයි...

කලක් මෙම විහාරස්ථානයේ
මලියදේව මහ රහතන් වහ්නසේ වැඩ වාසය කළ අතර උන්වහන්සේ දේශනා කොට වදාළ ජචක්ක සූත්ර දේශනාව ඇසූ භික්ෂූන් වහන්සේලා 60 නමක් අර්හත් මාර්ගඵල ලාභී වූ බවද කියනු ලැබේ...දෙමටමල් විහාර භූමිය පුරාවටම පැරැණි නටබුන් පවතිනු දැක ගත හැකි ය... ඒ අතර ගල් කණු, ගොඩනැඟිලිවල නටඹුන් ආදිය බොහොමයක් ඇත... මහ රහතන් වහන්සේගේ කාලයේ දී විහාර භූමියේ භික්ෂූන් වහන්සේලා උදෙසා ඉදි කළ කුටි සුවිශාල සංඛ්යා යාවක් තිබූ බව සනාථ කරමින් කුටිවල අත්තිවාරම්, ගල් කණු ආදිය ඉතිරි වී ඇති ආකාරය දිස් වෙයි...
ජනප්රවවාද අනුව මෙම පුන්ය් භූමිය අපූරු ඉතිහාස කතාවකට සම්බන්ධ වේ...එම කතාව සැකවින් මෙසේය…

කාවන්තිස්ස පිය මහ රජතුමා ගේ අභාවයෙන් පසු එතුමා ගේ පුතුන් දෙදෙනා වන දුටුගැමුණු සහ සද්ධාතිස්ස යන කුමාරවරුන් අතර දෙවරක්ම බිහිසුණු සටන් පැවති බැව් අපගේ ඉතිහාසයේ සඳහන් වේ...මේ සටන් සඳහා නිමිත්ත වූයේ වැඩිමහල් පුතුන් වන දුටුගැමුණු කුමාරයා සිටියදී, බාල පුතා වන සද්ධාතිස්ස කුමාරයා රාජ්යය පැහැර ගැනීමට උත්සාහ කිරීමයි...ඒ අරභයා දුටුගැමුණු කුමාරයාට විරුද්ධව සද්ධාතිස්ස කුමාරයා ප්රයථම සටන බුත්තලට ආසන්න යුදඟනා පිටියේ දී ආරම්භ කළේ ය... එම බිහිසුණු සටනින් දුටුගැමුණු කුමාරයාට අත්වූයේ අන්ත පරාජයකි...
පරාජයෙන් පලා යන දුටුගැමුණු කුමාරයා හැට දහසක සේනාවක් සූදානම් කරගෙන සද්ධාතිස්ස කුමාරයා සමඟ යුද වැදීමට මාගමට පැමිණියේ ය...

යුද්ධය නොකොට සමාදාන වෙමුයි දුටුගැමුණු කුමාරයා සද්ධාතිස්ස කුමාරයාට පණිවුඩ යැව්වේ ය...එහෙත් සද්ධාතිස්ස කුමාරයා ඊට එකඟ නොවුණි...මේ හේතුවෙන් යුද්ධය අති බිහිසුනු තත්ත්වයකට පත් වූ අතර සද්ධාතිස්ස කුමාරයට අන්ත පරාජයක් අත් විය... සිය ජීවිතය බේරාගනු වස් පලාගිය සද්ධාතිස්ස කුමාරයා ආසන්නයේ වූ විහාරස්ථානයක් වෙත දුවගොස් එහි ස්වාමීන් වහන්සේ සැතපෙන ඇඳ යට සැඟවුණේ ය...දුටුගැමුණු කුමාරයා ද ඔහු පසුපස ලුහුබැඳ විත් එම විහාරස්ථානයට ම පැමිණියේ ය...

මෙවේලෙහි ස්වාමීන් වහන්සේ තිස්ස කුමාරයා කුරු ඇඳක සතප්පවා සිවුරකින් වසා කුඩා සාමණේරයන් වහන්සේලා සතර දෙනෙකු ලවා මියගිය සඟරුවනක් ගෙන යන පරිද්දෙන් ඇඳ විහාරස්ථානයෙන් පිටතට ඔසොවාගෙන යන්නට සැළැස්වූහ...ඒ දුටු දුටුගැමුණු කුමාරයා ඒ ගෙන යන්නේ සද්ධාතිස්ස කුමාරයාම බව නිසැකවම දැන ගත්තේ ය...

පසුව යෝධගත්ත තිස්ස නම් තෙරුන් වහන්සේ පන්සියයක් පමණ මහා සංඝයා වහන්සේලා ද පිරිවරාගෙන තිස්ස කුමාරයා ද කැටුව මාගමට ගොස් දෙසොහොයුරන් සමඟි සම්පන්න කරවූයේ ය... මේ විස්තරයේ සඳහන් පරිදි යුද්ධයෙන් පැරදී පලා ආ තිස්ස කුමාරයා සැඟ වී දිවි බේරාගත් විහාරස්ථානය දෙමටමල් විහාරය නමින් ප්රදකට විය... “දෙටු,මල්” යන අතරුතින් දෙමටමල් යන නම තැනෙන්නට ඇත... — at දෙමටමල් විහාරය.බුත්තල.