සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

නව ලිපි

වරදක් කලත්




වරදක් කලත් සිතකින් නොවේ
රිදවන්නෙ පලිගන්නේ ඇයි
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
මට මාගෙ ඇස් දෙක වගේ...//

ඔබෙ ගිනි නිවා ඇගෙ හිත දවා
අප එකවෙලා කුමටදෝ...//
වෙනසක් නොවී මගෙ හිස් අතින්
පිසලන්නේ කොයි කඳුළු දෝ

වරදක් කලත්.....

අසරණ ඔබයි තනි වුනු ඇයයි
මට සාප කර යාවිදෝ...//
ඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන්
සමු ගන්න සිදුවේවිදෝ

වරදක් කලත්.....

-සනත් නන්දසිරි-

ඔබෙ නිල් නුවන්


ඔබෙ නිල් නුවන් තලාවේ
සැලේ... කඳුළු මිදිලා
මට ඒ මැදින් පෙනෙන්නේ
අපේ මතක මැවිලා

ඔය දෑත මාගෙ දෑතේ
සතපා ගෙවූ අතීතේ...//
දෙදෙනා නොවේද දන්නේ
සිත දැන් තමයි සිතන්නේ

ඔබෙ නිල් නුවන්.....

මුලදි උනේ මුලාවයි
වැරදිම මා අතේමයි..//
නොසැලී බලා එදා මෙන්
ඉඳිමිය ඔබේම නාමෙන්...

ඔබෙ නිල් නුවන්.....

-මිල්ටන් මල්ලවාරච්චි-

උක්ත අනුක්ත භේදය


උක්ත අනුක්ත භේදය

සිංහල භාෂාවේ භාවිතාවන නාම පද පිහිටන ආකාරය අනුව දෙයාකාරයකි.


  1. උක්ත පද
  2. අනුක්ත පද

  • ප්‍රාණවාචී බහු වචන නාම පද අනුක්ත කිරීමේ දී අගට "න්" යෙදේ.

උදාහරණ:-

 උක්ත
 අනුක්ත
මිනිස්සු
ළමයි
සේවකයෝ
ගායිකාවෝ
ගැහැණු
මිනිසුන්
ළමයින්
සේවකයන්
ගායිකාවන්
ගැහැණුන්

  • අප්‍රාණවාචී පද ප්‍රාණවාචී  ස්වරූපයට පත් කර ඇති විට එම පද අනුක්ත කිරීමේදී ද අගට "න්" යෙදේ.

 උක්ත
 අනුක්ත
නෞකාවෝ
ගංඟාවෝ
පුෂ්පහු 
රීතීහු
නෞකාවන්
ගංඟාවන්
පුෂ්පයන් 
රීතීන් 

  • ගෞරවාර්ථ පද අනුක්ත කිරීමේදී ද අගට "න්" යෙදේ.


 උක්ත
 අනුක්ත
සිටාණෝ
පුතණුවෝ
මෑණියෝ
වික්‍රමසිංහයෝ
අමරදේවසූරීහු 
සිටාණන්
පුතණුවන් 
මෑණියන්
වික්‍රමසිංහයන්
අමරදේවසූරීන්


  • අනියමාර්ථ ප්‍රත්‍යන්හි ඒක වචන වල උක්ත අනුක්ත භේදය.

ලිංගය
උක්ත
අනුක්ත
පුරුෂ
ගායකයෙක්
සේවකයෙක් 
ක්‍රීඩකයෙක
(එක්)
ගායකයකු
සේවකයකු
ක්‍රීඩකයෙකු
(අකු)
 ස්ත්‍රී
 ගායිකාවක් 
සේවිකාවක් 
ක්‍රීඩිකාවක් 
(අක්)
 ගායිකාවක 
සේවිකාවක
ක්‍රීඩිකාවක
(අක) 
 නපුංසක
ගසක්
විලක්
මලක්
(අක්)
ගසක්
විලක්
මලක්
(අක්)

සුවඳ දැනී දැනෙනවා



සුවඳ දැනී දැනෙනවා 
උදා හිරු එළියේ 
අලුත් ඉරක්දෝ මේ
හිතට ගලනවා හීන බිඳු බිඳු 
හීන් පිනි හුළගේ 
හිනස්සා හිත ගැඟුම්
සුවඳ දැනී දැනෙනනවා 

ඊයේ නොදුටුව ලස්සන ලෝකය අද කොයින්දෝ 
හෙමිහිට ඇවිදින් මිදුල දිගේ මට තුරුළු වෙනවා 
ජීවිතේ ... සුන්දරද මෙතරම් ...
සුවද දැනී දැනෙනවා 

රෑන රෑන එන පාට පාට සමනළයෝ
පේන පේන මල සිපගන්නෝ ..
ආදරේ ....
ඔච්චම් කර කර හංකිති කවනා ආදරේ... 
බලාපොරොත්තුව දෝත දරා 
මග බලා ඉඳි ඔබ එනතුරා 
ආයේ හෙට දවසක් තියේද අද වාගේ 
ජීවිතේ සුන්දරද මෙතරම්..
සුවඳ දැනී දැනෙනවා 

- රූකාන්ත ගුණතිලක-

මේ සදේම


මේ සදේම සෙවනැල්ලේ
අප හමුවුයේ..
මේ සදේම කඳුළැල්ලේ
අප වෙන්වූයේ..

සීත හිමවතේ ..
හමන මාරුතේ //
මේ වගේම සිහිලැල්ලේ
අප තනිවුයේ

දෑස බොඳවෙලා ..
දෙසිත ගොළු වෙලා //
මේ වගේම රැයක එදා
අප වෙන්වූයේ

-ගුණදාස කපුගේ-

මගෙ හීනයෙ

මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ
ආදරේ මට නම් ඇයි විරහ සරදම්
ජීවිතේ මම නම් ඇයි කඳුලු මෙතරම්

නෙතු මුතු කැට වැටෙන තරම් හිත මත දඟකෙරුව තරම්
උණුහුම හිත හැදුව තරම් රැවටුණු හැටි මා මෙතරම්
හිත හඬන තරම් ඔබ දන්නවනම් තව කඳුලු දිදී රිදවන්නෑ
මා දැවෙන තරම් ඔබ දන්නෑ


මගෙ හීනයෙ.....


නොමියෙන මල් මතක පෙති එක එක බිඳ දැමුව හැටි
නෙතු අග තෙත රැඳුනෙ නිති මගෙ වරදම වෙන්න ඇති
හුරු සිනහ සිතින් ඔබ ඉන්නවනම් තව කඳුලු කතා පවසන්නෑ
මේ කඳුලු මගෙ දැන් දුක නෑ



මගෙ හීනයෙ.....


උදය ශ්‍රී

විද්‍යාව


-->

නිවසක් ගඩොල්වලින් සාදා 
ඇතිවාක් මෙන් විද්‍යාව සෑදී
ඇත්තේ කරුණුවලිනි. එහෙත් 
කිසි විටකත් ගඩොල් ගොඩක් 
නිවසක් නො වන්නා සේ ම
කරුණු ගොඩක් පමණක් විද්‍යාව වන්නේ ද නැත.   

ජූල්ස් හෙන්රි පොයින්කරේ 
(ප්‍රංශ ජාතික භෞතික විද්‍යාඥ)

බ්ලොග් කියවනයන්

sinhalablogreader.info

  lankeeya sithuwili

Geegain Blogs


නොහිම් සිතුවිලි

නිහඬතාවය


අම්මා


දුන්නු වේදනා


දුන්නු වේදනා, මේ නෙතින් උතුරලා.. 
මතක රැස්වෙලා, හිත අයාලේ ගියා..
හිතෙන්නේම නෑ, ඔබ මගේ නොවේ කියා..
ජීවිතේම දැන් මාගේ හීනයක් වෙලා..

කෙටි කාලයකින් හමුවී, 
මගේ ජීවිතයට පැමිණි,
ලස්සනම සිහිනෙකි ඔයා..


මේ සීත වස්සානේ, පාළුව ගලන්නේ..
තනිකමයි හදවත, සරන්නේ..
මේ අන්ධ හිත් මානේ, මතකය තැවෙන්නේ,
සෝ සංකා, හිරිහැර කරන්නේ..



කෙටි කාලයකින් හමුවී,
මගේ ජීවිතයට පැමිණි,
ලස්සනම සිහිනෙකි ඔයා..



සඳ නේන රැ යාමේ, සසලව හිඳින්නේ
කළුවරයි දසතින්, හමන්නේ..
වැටෙන හුස්මක් ගානේ, ඔබවමයි සිහිවන්නේ

ඔබ කොහේදෝ, හිඳින්නේ..

-නිරෝෂා විරාජිණි-

ලෝක ධර්මය


ගංගාව සහ ජීවිතය!




කෙතරම් බාධා ආවත්
ගලන්නෙමි ඉදිරියට
ගල්කුළු බිඳදා
තුරු ලතා මැදින්
ඉදිරියටම ඇදී
සොයමි මහ සයුර
ජීවිතය නොවේද මේ අපගේ
බාධා මැදින් ගලනා ගඟක් වැනි
සොයම් නිදහසේ අරුත
සියලු බාධා මැඩගෙන....

කෞශල්‍යා නිශාමනී
13 වැනි ශ්‍රේණිය,
හෙනරත්ගොඩ කැප්පෙටිපොළ මහ විදුහල,
ගම්පහ.


අසමත් වීම්!


උත්සහය සහ කැපවීම මත සියලු දේ රදා පවතී!

දිනය

ඉගැන්වීම!

ඔබ ඔබේ දරුවන්ට
ඉගැන්විය යුත්තේ වෙයි.
මේ පොළොව
අපගේ මාතාව බව
ඔබේ දරුවන්ට කියා දෙනු
මක් නිසා ද
පොළොවට සිදුවන දෙයම
ඔබේ දරුවන්ට ද
සිදු වන නිසාය.

ඉගෙන ගන්න


පළමුව ඉගෙන ගන්න,
මෙතෙක් මිනිසා විසින් සොයා ගත් දැනුම ගන්න.
දෙවනුව කරන්න,
ඔබ ජීවන්වන සමාජයට යහපතක් කරන්න.
තෙවනුව ගන්න,
ලෝකයම ජය ගන්න.

-රුවන් සිරිවර්ධන-

අගය කරන්න!

මිය යයි දෝ



මිය යයි දෝ මන්දා...

ඔබට ආදරේ හින්දා...
හදවත දෙදරා...
ගියෝතින් නුඹ හැරදා...



සුරඟනක රුව මැවුණි...
හදවත කඩා වැටුණි...
ආදරේ දැනුණි...
උමතුවට හැරුණි...


දින සති මාස ගෙවුණි...
ආදරේ දෝර ගැලුණි
සැම මුවග රැඳුණි...
නුඹ නැතිව හැඬුනි...

-චන්දන ලියනාරච්චි-

අහිමි වීම!


ජිවිතයේ එක් විරාමයක වෙන් වී
          යලිවෙන් වෙන්න ද මෙලෙසින් හමුවූයේ....
කිසි දින යලි නොලෙබෙන බව දැන දැන
          ඇයියලි මා අමතන්නේ...
යුවතියේ ඔබෙ මුව වදන් අතර මා
          මුල්පෙම බොඳවී යන්නේ....

පාසල් යන මාවත සිහි වන විට හිත ඉවසුම් නෑ
පෙර දින යුවතියක් මා හට සිහිලැල් පෑ
අද දින නැත මා හට ඇගෙ වත සුන්දරව පෑ
කඳුලක් උරුමද අවංක ආදර සිත හට මෙලෙස පෙම් කර පෑ
මා කල වැරදිය...
පමා වූ බව දනී මා හද...

එහෙත් අවංක අදරයට පිටු පෑ හැකිව ද
අරුමෙකි මා හට මේ වෙන්වීම..
සැමදා කරමී ආලය ඔබ හට....

….._.;_’.-._
…{`–..-.’_,}
.{;..\,__…-’/}
.{..’-`.._;..-’;
….`’–.._..-’
……..,–\\..,-”-.
……..`-..\(..’-…\
……………\.;—,/
……….,-”"-;\
……../….-’.)..\
……..\,—’`…\\
…………………\|

-නිපුන-

රැක් අත්තන මල මුදුනේ



රැක් අත්තන මල මුදුනේ 
බඔරු නටන හැන්දෑවේ 
සැදෑ අඳුර පියමන් කර 
කවුරුද එන්නේ .........
පුතුනි බලන් යොමා නුවන් 
කවුරුද එන්නේ........


මුතු පිනිදැල් සැලෙන උදේ 
උදා දිමුතු හිරු එළියේ 
පුතු සවනට රහස් කියා 
පියමන් කරලා......
අප වෙනුවෙන් දවස ගෙවා......
වෙහසී එන්නේ....


පතොක් වැටිය උඩින් ඈදී
දිවයුරු මිය යන මොහොතේ
පුරා හදක් සේ ඈතින් ....
කවුරුද එන්නේ........
පුතුනි බලන් යොමා නුවන් 
කවුරුද එන්නේ........


-නන්දා මාලනී-

සිතන්නට යමක්...........



යන්න,
යා යුතු මඟ ඉදිරියට!
ලියන්න,
දැනුම, වින්දනය ලැබිය හැකි දෙයක්!
කථා කරන්න,
අවශ්‍ය දේ පමණක්!
වාඩිවෙන්න,
අනුන්ට අපහසුවක් නොවන ලෙසින්!
සිනාසෙන්න,
අනුන්ට සමච්චලයක් නොවන ලෙසින්!
අහන්න,
කියන්නා කෙසේ කීවත් සිහි බුද්ධියෙන්!
පිළිගන්න,
සෑම කෙනෙකුම ගෞරවයෙන්!
ඉගෙනගන්න,
සෑම දෙයකින්ම යමක්!
අඳින්න,
චාම් පිරිසිදු ඇඳුමක්!
බලන්න,
දෙනෙතට, මනසට ප්‍රිය දෙයක්!
ඉතිරි කරන්න,
ටිකෙන් ටික!
පිරිසිදු කරන්න,
සියලු දේ මෙන්ම මනසත්!
නැඟිටින්න,
කොන්ද පණ ඇති කෙනෙකු ලෙසින්!
හැදෙන්න.
සමාජයට මෙහෙවරක් කළ හැකි මිනිසෙකු ලෙසින්........!

-හර්ශ විජේසූරිය-

නිවසේ දෙවියන් අම්මා



සොම්නස හෝ සංතාපය හමුවේ

සිහිවෙයි සිහිවෙයි අම්මා
කරුණා ගුණයේ සාරය සොයලා
නිමකල පිළිරුව අම්මා



ආදරයේ බල මහිමේ රතු ලේ සුදු වූවා

මෑණියගේ සෙනෙහසිනේ රට ජාතිය පිදුවා
නිල්මිණි රන් කැට මේවා ඕනැද 
ඕනෑ නෑ ළඟ අම්මා
නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ 
නිවසේ දෙවියන් අම්මා


පාවෙන සුළඟේ සිසිලස මවමින්
පෙන්වයි සාමය අම්මා
ජීවනයේ පූජාවෙන් පිදුවත් මදි අම්මා
නිල්මිණි රන් කැට මේවා ඕනැද 
ඕනෑ නෑ ළඟ අම්මා
නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ 
නිවසේ දෙවියන් අම්මා
නිවසේ දෙවියන් අම්මා.....

-ඉන්ද්‍රානි විජයබණ්ඩාර-

හුණුවටයේ කතාව


හුණුවටය පිළිබඳ
ඇසූ මෙපුවත සබේ වියතුනි
පැවසූ ලෙස දන පුරාණේ
තබා ගනු මැන සිතෙහි මෙවදන

දෙයක් වේ නම් යම්
සුදුස්සාට ම අයිති විය යුතු 
මකියනා ලෙස මෙලෙද 
ලැබිය යුතු අය ම ය ලැබිය යුතු

මවු ගුණය ඇති අය 
දරුවන් දිනිය යුතු වෙය
රියැදුරු මනා වූ 
ලැබිය යුතු වූ සේ ම අස් රිය

මුදු ගුණය ඇති අය 
දරුවන් දිනිය යුතු වෙය
ගොවි දන මනා වූ 
දිනිය යුතු වූ සේ ම ගම්බිම්.

සිහින.....

ඔබට මේ ජීවිතය තුල දී බලාපොරොත්තු,
සිහින සියල්ල සැබැ කර ගැනීමට නොහැකිය.
නමුත්, ඔබට විකල්පයක් ඇත. එනම්, තම
මනස පාලනය කරගැනීමයි.

ආශාවන් කොතෙකුත් ඇතත්, එම අශාවන්
හඳුනා ගෙන, ඒවා වලින් පාලනය වන්නට
නොව, ඒවා පාලන කිරීමට ඉගෙන ගන්න.

-බුදු රජාණන් වහන්සේ-

බලා හිදිනු මිස බෑ


දුම්වැටිය


ඔබ කිසිවිටකත් දුම්නොබන
ඔබගේ මිතුරාට දුම්වැටිය
දික් නොකරන්න
එය ඔබ ඔහුට ලබාදෙන
මරණය කරා යන පහසුම පිළිකුල් සහගත
ගමන් මාර්ගය විය හැකියි.


               -අජිත් චන්ද්‍රසිරි-
ෆේස්බුක් පෙරළා බැලීමේදී දු‍ටු දෙයකි

මතක බණක්...


නොසිතුව ලෙස ඔබ ඇවිදින්
නෙතු අංජන තවරා....
මා නොසිතුව නිමේෂයේ
හද ගී විල කලඹා.....
මතක බණක් සේ හඩ ඇසිලා
තුන් සිත සසල වුනා...
දෙව් අගනක රූසිරි දැකලා
සෙනෙහස් වාන් දොරටු බිදුනා...
වදන් නැතුව...ගොලු වි ගිය...ගී පොත
මොහොතක්..මා.. සුරතේ රැදුනා
කතා කරන ඒ..ඇස් දෙක..අද්දර
මතකයි....මේ පද වැල...ගෙතුනා

අඩවිය - විඳින්න එන්න

මිදෙන දුක


සඳ නෑවිත් අද තනියට
තරු යායම දුල් විදිමුත්
දැනුනා හිත් අහස බරට
රෑ අඳුරේ වියෝ කඳුලු
නුඹේ නමින් ගලා නොගිය
උනා නෙත් කෙවෙනි අග මිදි
අඩවිය - අකු

නපුරු මිතුරා


නපුරු සිතකින් වු මිතුරා, වියරු වැ‍ටුණු තිරිසන්
සතෙකුටත් වඩා භයානකය.

මන්ද යත්, වියරු වැ‍ටුණු තිරිසන් සත්වයා
කෙනෙකුගේ ශරීරයට පහර දෙන මුත්, නපුරු
සිතකින් යුත් මිතුරා දිනෙක සිතට පහර දී පීඩා
ගෙන දෙන හෙයිනි.

-බුදු රජාණන් වහන්සේ-