වරදක් කලත් සිතකින් නොවේ
රිදවන්නෙ පලිගන්නේ ඇයි
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
මට මාගෙ ඇස් දෙක වගේ...//
ඔබෙ ගිනි නිවා ඇගෙ හිත දවා
අප එකවෙලා කුමටදෝ...//
වෙනසක් නොවී මගෙ හිස් අතින්
පිසලන්නේ කොයි කඳුළු දෝ
වරදක් කලත්.....
අසරණ ඔබයි තනි වුනු ඇයයි
මට සාප කර යාවිදෝ...//
ඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන්
සමු ගන්න සිදුවේවිදෝ
වරදක් කලත්.....
-සනත් නන්දසිරි-
ඔබේ අදහස්