මහද මැද තනිකමය
සබඳ නුඹ දුරකමය
සහස් දුක් සුසුම් මැද
මලක පෙති මිලිනමය
නුඹයි මගෙ සරා සඳ
කියු තරුව කොහිද අද
දමා නුඹ සුසුම් මැද
සඳ ගිහින් දුර කොහෙද
අපි වින්ද ආදරය
වගේ මුත් සාගරය
උණුසුම්ම සුසුම් මැද
මගෙ හිතට සීතලය
හිත වියල් වූ ලොවක
ගිහිල්ලා මහ දුරක
චපල වූ සුසුම් මැද
කෙලෙස යමු මගක එක
පාලු උන අහස් ගැබ
රැඳී මම ඇයද සිඹ
හිත පෙලන සුසුම් මැද
ආදරෙද තවම නුඹ
දනිමි මා වැරදි බව
නුඹෙ නොවේ මගෙයි පව
කිලිටි උන සුසුම් මැද
ලියමි මම අහිමි කව
ගිම්හානේ තැළුන සිත
කඳුළු තෙත් කෙරුව වත
සුව ගෙනෙන සුසුම් මැද
වසන්තයේ දිලෙනු ඇත…..
කුරුටු ගෑවේ මානවක
උපුටා ගැනීම ganakamadura.blogspot.com
ඔබේ අදහස්