සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

නව ලිපි

මේ දිනවල ලොව පුරා ජනපි‍්‍රය Honey Bunny

“අදහසක් ” කෙතරම් ප්‍රබල ද ? මෙකී අදහස, ප්‍රචාරක දැන්වීමක් හරහා, රූපවාහිනියෙන් විකාශය වීම, ඕපාදූපයකට තටු ලැබීමක් වැනිය. අද ලොව පුරා මිලියන ගණනක් මුමුනන “හනී බනී “(Honey Bunny) ද තටු ලැබුණු, ප්‍රබල අදහසකි.



ඉන්දියාවේ මුල් පෙළේ ජංගම දුරකථන ජාල සමාගමක් වන “ආදිත්‍ය බිර්ලා සමාගම “ (Idea) නව ප්‍රචාරක දැන්වීම ලෙස, “හනී බනී ” එළි දුටුවා. ඒ ඉකුත් වසරේ දෙසැම්බර් 01 වැනිදා. රට පුරා, විවිධ ප්‍රාන්තයන් හි තම ජංගම දුරකථන සේවා ජාලය ව්‍යාප්ත කිරීම, “හනී බනී” දැන්වීම පසුපස සැඟවුණු අරමුණයි.

Lowe Lintas දැන්වීම් ප්‍රචාරක ආයතනයට මෙම දැන්වීම නිර්මාණය කිරීම පැවරිණි. ගීතය සංගීතවත් කළේ, අමිත් ත්‍රිවේදි. “වේක් අප් සිඩ් “, “දේව් ඩී “, “ඉන්ග්ලිෂ් වින්ග්ලිෂ්” චිත්‍රපටය සඳහා සංගීත අධ්‍යක්ෂණය කළේ ඔහුයි. ගී පද සංකල්පනාව අමිතාබ් භටාචාර්යා විසිනි. සංගීතවේදියා හා පද රචකයා, යන දෙදෙනාම ගායනයෙන් එක්වෙති.

ප්‍රචාරක දැන්වීමට ප්‍රසිද්ධිය ලැබුණු මුල් දින 9 දීම, සාර්ථක ප්‍රතිඵල හිමිවිය. මුල් දින කිහිපයේ, ආදිත්‍ය බිර්ලා සමාගම් වෙබ් පිටුවට මිලියනයකට අධික පිරිසක් පිවිසුණහ. “යූ ටියුබ්” හි ඒ සඳහා නැරඹුම් ලක්ෂයකට අධිකව ලැබිණ. වත්පොතේ ඒ සඳහා මනාප දෙදහසකට වැඩිය හිමිව තිබේ.

ජනප්‍රියත්වයෙන්, මෙන්ම සාර්ථකත්වයෙන් කිරළු පළන් “හනී බනී” සුන්දර ආදර ගීතයක් ලෙසින් රූප රචනය කෙරෙන්නේද ඉන් අනතුරුවයි.

Honey Bunny Song.....

You’re my pumpkin pumpkin, hello honey bunny
I’m your dumpling dumpling, hello honey bunny
feeling something something, 
hello honey bunny, honey bunny,
Toko toko....
you’re my pumpkin pumpkin, hello honey bunny
I’m you’re dumpling dumpling, hello honey bunny
feeling something something, 
hello honey bunny, honey bunny
Toko toko....
How many times lady love had given me missed call,
what to tell you lazy, left no battery at all...
Idhar Udhar heart bouncing like a ping pong ball, 
ball ball ball ball ball ball,
Tring tring tring tring tring tring, hello honey bunny,
feeling something something, 
hello honey bunny, honey bunny,
feeling something something hello honey bunny, 
honey bunny
Toko toko....
La, la la la la la la..la la la la la la la la la la la....
Cupid such a stupid fellow, that is what i thought,
making people fall in love, no other work or what?
want to know him when you enter in the plot plot plot 
plot plot plot
Thanks to his idea, you’re my honey bunny,
I’m you’re pumpkin piya, you’re my honey bunny,
Bole tring tring jiya, I’m you’re honey bunny, honey 
bunny,
Toko toko.....
Tring tring tring tring tring tring, hello honey 
bunny,hello
Feeling something something, hello honey bunny, 
hello
you’re my pumpkin pumpkin, hello honey bunny
Toko toko...

-ඉවැඩ්නි පණ්ඩිතරත්න



(උපුටා ගැනීම සරසවි පුවත්පතින්)

පුරාණ කදුරුගොඩ (කන්තරෝඩෙයි) විහාරය, යාපනය...

පුරාවිද්යාුත්මක වශයෙන් යාපනය අර්ධද්වීපයේ පිහිටි වැදගත්ම ස්ථානය වන්නේ කන්තරෝඩෙයි හෙවත් පුරාණ කදුරුගොඩ විහාරය යි...මහනුවර යුගයේ ලියැවුණු විහාර හා පුදබිම් නාමාවලියක් වන ‘නම්පොත හෙවත් විහාර අස්නෙහි’ ‘කදුරුගොඩ විහාරය’ ලෙසින් මේ පුදබිම හැඳින්වේ...චුලෝදර මහෝදර රජවරුන්ගේ නොසන්සුන්තාවය සමනය කල බුදු රජාණන් වහන්සේ මෙම ස්ථානයේ වැඩ විසූ බව පැවසෙන අතර මෙම ස්‌ථානය රහතන් වහන්සේලා හැටනමකගේ භෂ්මාවශේෂ තැන්පත් කර ස්‌ථූප 60 ක්‌ තනා ඇති බව සඳහන් වේ...

1916 යාපනය දිසා විනිසුරු පෝල් ඊ. පීරිස්‌ මහතා විසින් ස්‌ථූප 57 සොයාගන්නා ලදී... ස්‌ථූප 60 න් 21 ක්‌ පැහැදිලිව දැක ගත හැකි අතර 36 ක පාදම් හඳුනාගෙන ඇත...වර්ෂ 1915 - 17 මෙම භූමියේ කැණීමක් කර බෞද්ධ නෂ්ටාවශේෂ කොටස් සොයා ඒවා යාපනය කෞතුකාගාරයට බාර දී ඇත... එකල බුද්ධ පරෞද්තිමා දාගැබ් කොත් ආදිය ලැබුණු බව වාර්තා වී තිබේ... කිර්19.ව. දෙවන සියවසට අයත් යාපනයේ වල්ලිපුරම් රන්පත් ලිපියෙන් පැහැදිලි වන්නේ එකල යාපනය අර්ධද්වීපයම ‘නකදිව‘ (නාගදීපය) නමින් හැඳින් වූ බෞද්ධයන් සිටි පරනය දේශ බව ය... කිරෂනා.ව. 10වන සියවසට අයත් තුනුකායිටැම් ලිපියෙන් ද ඒ බව සනාථ වේ...

කදුරුගොඩ විහාරය ක්රි්ස්තු පූර්ව යුගයේ සිට පැවති සිද්ධස්ථානයක් බවට අනුමාන කළ හැකි ය...තල්ගස් වටකර ගත් කන්තරෝඩෙයි නටබුන් බිම නිසලත්වයක ගිලී ඇත... තහවුරු කළ සමහර දාගැබ්වල ඡාතරා්ග වලි යළිත් ගලවා බිම දමා තිබෙන බව පෙනේ... මේවා ඉදිකර ඇත්තේ හිරිගල් සහ හුණුගල් උපයෝගි කරගෙන ය... ගල්මල්, කොරල් ගල් ආදිය සමහර තැන්වල මතු වී පෙනේ...බොහෝ තැන්වල දක්නට ලැබෙන කණු පාදම් ගල්වලින් පෙනෙන්නේ දැවවලින් කළ ගොඩනැගිලි තිබුණු බවකි... මෙම භූමියෙන් දාගැබ් කොත්, ගල්කරඬු, වීදුරු දැගැබ් කොත්, වාමන රූප,ගල්කණු කැබැලි, සිරිපතුල්ගල 16000 කට නොඅඩු පබළු බුද්්ධ පරබ් තිමා කොටස්, බෝධිසත්ව පරපන තිමා, පුරාණ දේශිය සහ දකුණු ඉන්දියානු කාසි ආදි නෂ්ටාවශේෂ රාශියක් ලැබී ඇත... මෙම පුරාණ කෞතුක වස්තු යාපනය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තැබූ බව වාර්තාවල සඳහන් ය..

'මියෙන ලොවක නොමියෙන මතකය...'

විජය කුමාරතුංගයන් දැයෙන් සමුගෙන වසර විසිපහක්‌ සපිරේ




විජය කුමාරතුංග යනු ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර බිහිවූ අසාමාන්‍ය ගණයේ විරල චරිතයක්‌ සේ මම දකිමි. සීදුව වැනි වෙරළබඩ ගමක සාමාන්‍ය පවුලක උපත ලද විජයගේ ඉරණම් ගමන මේ රටේ ඉහළම ප්‍රභූවරුන්ගේ තිඹිරිගෙය සේ හැඳින්විය හැකි හොරගොල්ල වලව්ව තෙක්‌ දීර්ඝ එකක්‌ වී තිබුණි. සිංහල සිනමාවේ අහිංසකම පෙම්වතා ලෙස ජනප්‍රියත්වයේ කිරුළ හිමිකරගත් විජය එය බිම දමා කීර්තිමත් බණ්‌ඩාරනායක පවුලට සම්බන්ධවීම එක්‌ අතකින් සිනමා කතාන්තරයක්‌ තරමටම අද්භූත එකකි. එහෙත් එය සිදු විය. මේ රටේ අගමැතිවරුන් දෙදෙනකුගේ දියණියක්‌ මෙන්ම ප්‍රථම විධායක ජනාධිපතිනියද වූ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මෙනෙවියගේ අතගත් විජය සිය දහස්‌ ගණන් නව යොවුන් යුවතියන්ගේ සිහින කුමරා වූ බවද නිසැකය.

2013 පෙබරවාරි 16 වන දිනට හරියටම විජය ඝාතනය වී වසර 25 ක්‌ සපිරුණි. සිය නොකල් සමුගැනීම සිදු වන විට විජය ශ්‍රී ලාංකික දේශපාලනයේ අධිපතිවාදී දක්‌ෂිණාංශික කඳවුර සමග තීරණාත්මක සටනක නිරතව සිටියේය. එවක පසු බසිමින් තිබුණු සාම්ප්‍රදායික වමේ පක්‌ෂවලද ආශීර්වාදය ලද විජය ඡේ. ආර්. ජයවර්ධනගේ දේශපාලන විජිතයට එරෙහිව කැරැලි ගැසීමට තරම් නිර්භය විය. එහි ප්‍රතිඵලය වූයේ විජය නැක්‌සලයිට්‌ චෝදනා ලැබ සිරගත කිරීමය.

විජය සිරගෙදරදී මුහුණ දුන්නේ අතිශය අමිහිරි අත්දැකීම් මාලාවකට බව ඔහු පසු කලෙක කියා තිබුණි. අඳුරු සිර කුටියක රඳවා සිටි විජයගේ දෑස්‌ නොපෙනී යැමේ අනතුරක්‌ එල්ල වෙද්දී ඔහුට හිරු එළිය ලබා දෙන්නට එදා චන්ද්‍රිකා බණ්‌ඩාරනායක දැරූ ප්‍රයත්නය අපට මතකය. ඡේ. ආර්.ට විජය තරම් දේශපාලන සතුරෙක්‌ නොවූ සෙයකිෘ අප අසා ඇති පරිදි ඡේ. ආර්.ගෙන් විජයට යම් සහනයක්‌ ලබාදීමටත් පසුව නිදහස්‌වීමටත් හැකි වූයේ කවදත් දේශපාලන හා සමාජ ක්‌ෂේත්‍රයෙහි ප්‍රබල හිමි නමක්‌ වන ගලබොඩ ඥනිස්‌සර හෙවත් ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ මැදිහත්වීම නිසාය.

හිරගෙදරින් නිදහස ලත් විජය සිය දේශපාලන ගමනෙහි අතිශය තීරණාත්මක කඩඉම වූ මහර අතුරු මැතිවරණයට මුහුණ දුන්නේය. විජය පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්‌වීමට ඡේ. ආර්. ගත් ප්‍රයත්නය එදා ඉමහත් විවාදාත්මක නාටකයක්‌ වූ අයුරු අපටද මතකය. මැතිවරණ ප්‍රතිඵලය දෙස රටම බලා සිටියේය. විජය ඡන්ද 45 ක්‌ වැනි සුළු ගණනකින් පරාජයට පත් වූ බව නිවේදනය විය. විජයට තැබූ වෙඩිල්ල එදා වැරදුණි. ඔහු වෙනුවෙන් ඔහුගේ සහායකයකු දිවි දුන්නේය.

විජයගේ දේශපාලනය නොඉවසූ තවත් අය ශ්‍රිලනිපයේද වූහ. ජනතාවාදී නායකයකු ලෙස විජයට හිමිව තිබූ ජනප්‍රියත්වයත්, ආකර්ෂණයත් ඔහු නොඉවසූ පිරිස්‌වලට දිරවා ගත නොහැකි විය. විජය මහජන පක්‌ෂය ආරම්භ කරන්නේ ඒ අත්දැකීම් සමගය. මේ වන විට එල්ටීටීඊ සංවිධානයද උතුර සිය අණසකට නතු කර ගෙන තිබුණි.

ශ්‍රීලනිපයෙන් වෙන්ව ගිය වාම බලවේගද එක්‌කර ගත් විජය උතුරේ අර්බුදය වෙනුවෙන් පෙනී සිටි දකුණේ නායකයකු ලෙස ක්‍රියා කරමින් සිටියේය. විජය උතුරට පමණක්‌ නොව ඉන්දියාවටද ගොස්‌ කොටි ක්‍රියාකාරීන් සමග කතාබහකද නිරත විය. යාපනයට ගිය විජයට එහි සාමාන්‍ය ජනතාව කියා සිටියේ ඊළාම් ඕනෑ බවය. එවිට විජය නිර්භයව කීවේ ඊළාම් එපා සමගිව ඉඳිමු යන්නයි. එහිදී ජනතාව ඔල්වරසන් දෙමින් එය අනුමත කළ බවද කියති.

ප්‍රභාකරන්ගේ තහනම් අඩවියක්‌ බවට පත්ව තිබුණු යාපනයට පා තැබීමේ වරම විජයට හිමිවීම ගැනද එවක පාලකයන් තුළ දොම්නසක්‌ තිබුණු බවද නිසැකය. ඉන්දියාවේ තමිල්නාඩුවේ දෙමළ ජනතාවගේ වීරයා බවට පත්ව සිටි ඇම්. ජී. ආර්. මෙන් ලංකාවේ එබඳු චරිතයක්‌ ලෙස විජයට ඉඩදීම ඔවුන් අපේක්‌ෂා නොකළ දෙයකි. එහෙත් විජය නතර කිරීමට මගක්‌ද නොවීය.

විජය ඝාතනය වන්නේද ඒ පසුබිම තුළය. සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියට සිය සැමියා වූ බණ්‌ඩාරනායක අගමැතිවරයා අහිමි වූයේද දේශපාලනය නිසාය. චන්ද්‍රිකා බණ්‌ඩාරනායකද සිය මව මුහුණ දුන් දෛවයේ සරදමටම මුහුණ දුන්නාය. ඒ වන විට විජයට යශෝධරා දියණියත් විමුක්‌ති පුතාත් වූහ.

විජයගේ මළගම ඔහුගේ සිනමා රසිකයන්ට සෝබර අත්දැකීමක්‌ වුවත් එය දේශපාලන ලෝකය තුළ අලුත් ප්‍රබෝධයකට නිමිත්තක්‌ද විය. මගේ මතකය නිවැරැදි නම් එදා චන්ද්‍රිකා රතු සොහොයුරන් සමග විජයගේ දේහය ඉදිරිපිට වමේ එකමුතුවට දිවුරුම් දීම සිනමා සක්‌විති ගාමිණී ෆොන්සේකාට ඉහිලුම් නොදෙන්නක්‌ විය.

ශ්‍රී ලාංකික දේශපාලනයේ මතු මහල මත සිටි විජයට ඒ වන විට ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී ධුරයක්‌ හෝ නොවීම හේතු ලෙස දක්‌වා විජයගේ අවසන් කටයුතුවලට නිදහස්‌ චතුරස්‍රයෙහි ඉඩ නොදීමටද සමහරු දත කෑහ. එහෙත් ඒ වනවිට ජනගඟ ගලමින් තිබුණේ විජයට පක්‌ෂවය. ඒ ජනතා සෝ සුසුම් මැද විජය දැයෙන් සමුගෙන ගියේය.

විජයගේ දේශපාලනය එතනින් අවසන් වුවද ඔහුගේ ඝාතන රහස්‌ තවමත් වැළලී තිබෙන බව සිතන අයද සිටිති. විජය ඝාතනය කළ තුවක්‌කුව හා වෙඩි වරුසාව වැස්‌සූ අත හඳුනා ගත්තත් එය මෙහෙයවූ අය කවරහුදැයි තවමත් රහසකි. විජය සිය සන්සුන්, එහෙත් උද්යෝගී ස්‌වරයෙන් "සහෝදර සහෝදරියනි"යි එදා නැගූ හඬ තවමත් ඔහුට ආදරය කළ ජනතා හදවත් තුළ රාව ප්‍රතිරාව නඟන බව මගේ අදහසය.

විජය පිළිබඳ ලියෑවෙන මේ කෙටි සටහනට ඔහුගේ හෘදයාංගම ක්‍ෂෙත්‍රය වූ සිනමාව පිළිබඳවද වචනයක්‌ එක්‌ නොකළ හොත් අඩුවකි. බොහෝදෙනකු විසින් දන්නා, ජනප්‍රියම ආරම්භය ලෙස, සඳහන් කරන "හන්තානේ කතාව" චිත්‍රපටය ඔස්‌සේ ඔහු වේගයෙන් සිංහල සිනමාවේ ප්‍රමුඛ චරිතාංග නළුවා ලෙස පෙරමුණටම ගමන් කළේය.

විජය වඩාත් ආකර්ෂණීය නළුවා බව අමුතුවෙන් කිව යුතු නැත. ස්‌ත්‍රී - පුරුෂ ප්‍රේමයේ සුකුමාර ආධ්‍යාත්මය පුබුදු කළ විජයගේ රංගනය වාණිජ සිනමාවේ මුද්‍රාව බවට පත්ව තිබුණි. විජය - මාලනී යුවළ අප්‍රමාණ සිනමා කලා රසිකයන්ගේ නෙතට, හිතට ශාන්තියක්‌ බඳු විය. නව යෞවනයන්ට ප්‍රේමයේ මාධූර්ය පසක්‌ කළෝ ඔවුහුමය. සනාතන ප්‍රේමයක විචිත්‍ර හැඟීම් ගලා යද්දී විජයත් මාලිනීත් හෙළ සිනමාවේ සිහින කුමරු හා කුමරිය ලෙස අභිෂේක ලදහ.

විජය සිය සිනමා ජීවිතයෙහි ගැඹුරු හා බැරෑරුම් නිරූපණ දෙසට යොමු වූයේ අඩුවෙන්ය. ධර්මසේන පතිරාජගේ වම් ඉවුරේ සිනමාවේදී විජය අපට හමුවන්නේ සිහින තාරුකාවක්‌ ලෙස නොවේ. සුනිල් ආරියරත්නගේ ක්‍රිස්‌තු චරිතයට විජය පණ දෙන්නේද ඒ ප්‍රතාපවත් ආධ්‍යාත්මයත් මනුෂ්‍යත්වය පිළිබඳ දයාව මෙන්ම දේශපාලන හා වෙනත් ඕනෑම වධ හිංසාවක්‌ ඉසිලීමට තරම් අධිෂ්ඨානයක්‌ තමා තුළ වූ බවම සංකේතවත් කරමින් බව මගේ අදහසය.

විජයට සිය රංග පෞරුෂයට නොදෙවෙනි හඬ පෞරුෂයක්‌ද විය. විජය සිය ජීවිත ගමන ගැන කළ බොහෝ සඳහන්වලදී ගායකයකු වීමට තමා තුළ වූ අභිලාෂය පිළිබඳවද සඳහන් කර ඇත. ඔහු වරක්‌ විශිෂ්ට සංගීතඥයකු වූ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසගෙන් සංගීතය හා ගායනය පිළිබඳ අවිධිමත් පුහුණුවක්‌ ලද බවද කියති. සැබැවින්ම ඔහුගේ හඬටද රසිකයෝ අප්‍රමාණව ප්‍රිය කළහ. සියුම් සත්සර සමඟ මුසුව නිම්නාද වන විජයගේ භාව පූර්ණ හඬ විඩාපත් ජන හද සුවපත් කරවන ශාන්තියක්‌ බඳු විය.

විජය කිසිවිටෙක තම ජනප්‍රියත්වය හෝ සමාජ වරප්‍රසාදවලින් අහසට නැගුණේ නැත. ඔහු නිරතම කතා කළේත් ආදරය කළේත් දූවිල්ලෙන් උපන් පන්ති සමාජයේ පුංචිම මිනිසාටය. විජයගේ හද මඬල කිසිදිනක මිලාන නොවන සුරත් කුසුමක්‌ වැන්න. විජයගේ ලෝකයේ ඉහළම ආදරය හිමි වූයේ ඔහුගේ අම්මාටය. විජය සිය එකම දියණිය වූ යශෝධරාටත් එකම පුතු වූ විමුක්‌තිටත් දැක්‌වූයේද හැම දුවකටම පුතකුටම දක්‌වන ආදරය යෑයි මම සිතමි. ඒ තරම් අව්‍යාජ සෙනෙහසක්‌ දරුවන්ට දැක්‌වූ දයාබර මිනිසෙක්‌ තවමත් මට හමුවී නැත.

විජය හිරගෙදර සිට ලියූ ලිපිවලින් අමතා තිබුණේ යශෝධරා හා විමුක්‌ති බව මට මතකය. එහෙත් ඒ ඇමතුම් ඉතා පැහැදිලි දේශපාලන හා සමාජ වෙනසක්‌ අපේක්‌ෂාවෙන් කරන ලද බව ඉතා පැහැදිලිය. ළමා වියේ විජය මුහුණ දුන් අමිහිරි මතක සටහන්වල පාඩම්ද ඇතැම් ලිපියක තිබුණු වග මට සිහිවේ. ඒ ලිපිවලින් ගලා ගියේ පන්ති සමාජයක පීඩිතයන්ගේ විමුක්‌තිය පිළිබඳ වූ අව්‍යාජ හැඟීම් සමුදායකි. දෛවය විසින් ඔහුට විවර කළ හැම දොරටුවක්‌ම සදාකාලිකවම වසා දැමීමට ඒ දෛවයම ඉඩ සැලසීම මට තවමත් තේරුම් ගත නොහැකිය. හද ගණඳුර බිඳ දිලිහි දිලිහී හිනැහෙන සොඳුරුම මතකයක්‌ සේ විජය හැමදාමත් ජන හද තුළම සුපිපී රැඳෙනු කවුරු වළක්‌වත්ද?

(උපුටා ගැනීම දිවයින පුවත්පතින්)

මහියංගණ මහා සැය




‘ මහියංගණං නාගදීපං කල්යායණං පද ලාංඤඡනං - දිවාගුහං දීඝවාපී චේතියංච මුතිංගණං - තිස්ස මහා විහාරංච බෝධිං මරිචවට්ටියං - සොණ්ණමාලී මහා චේතිං ථූපාරාම භයාගිරිං - ජේතවනං සේල චෙත්යංහ තථා කාචරගාම කං - ඒතේ සොළොසඨානානී අහං වන්දාමි සබ්බදා’

මෙම ගාථාවට අනුව සොළොස්මස්ථාන ලෙස හඳුන්වන්නේ 1. මහියංගණය 2. නාගදීපය 3. කැලණිය 4. ශ්රීගපාදස්ථානය 5. දිවාගුහාව 6. දීඝවාපිය 7. මුතියංගණය 8. තිස්ස මහා විහාරය 9. ශ්රීී මහා බෝධිය 10. මිරිසවැටිය 11. රුවන්වැලි මහා සෑය 12. ථූපාරාමය 13. අභයගිරි වෙහෙර 14. ජේතවනාරාමය 15. සේල චෛත්යව 16. කතරගම කිරිවෙහෙර ආදී වු පූජනීය ස්ථානයන් ය.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවැනි වසරේදී තෙවැනි ලංකාගමනය වශයෙන් අප මව් බිමට වැඩියේ කැලණි පුරවරයට ය. මෙම ගමනේදී සමන්තකූට පර්වතයටත්, දිවා විහරණය කළ දිවාගුහාවටත්, අනුරාධපුර ශුද්ධ භූමියේ මහමෙව්නාව පිහිටන භූමියටත්, ශ්රීට මහා බෝධීන් වහන්සේ රෝපණය වන ස්ථානයටත්, ලෝවාමහාපාය පිහිටුවන තැනටත්, පිරිත්ලාගෙය, දන්තාදර නම් පොකුණ, ථූපාරාමය, රුවන් වැලි සෑය, මිහින්තලයේ සේල චෛත්ය,ය දිගා නකා වෙහෙර පිහිටන තැන ආදී ස්ථාන වලටත් වැඩි බව වංශ කතාවල කියැවෙයි. මහා වංශයට හෝ දීප වංශයට අනුව අද අප කතා කරන සොළොස්මස්ථථානයන් සමහරකගේ නිශ්චිත ස්ථානයන් පිළිබඳව සටහන් වී නොමැත.

එහෙත් මහනුවර හෝ දඹදෙණි යුගවලදී ඉහත ගාථාව ලියැවී ඇති බව වියතුන් ඇතැමකුගේ මතය යි.
එහෙත් බුදුරජාණන් වහන්සේ අප මාතෘ භූමිය වෙත වැඩි ගමන් වලදී නිරෝධ සමාපත්ති සුවය විඳි ස්ථාන ලෙස මෙම සොළොස්මස්ථාන හඳුන්වනු ලබ යි.

කෙසේ වුවත් මේ සෑම ස්ථානයක්ම පූජනීය වූ පුදබිම් බවට පත්වී සද්ධා සම්පන්න බෞද්ධයාගේ ගෞරව බහුමානයට පාත්ර් වී ආත්මය හා බැඳී නිධන්ගත වී ඇත. ඒ සද්ධා බැතියට සිරස නමා ගරු කරමින් අද සිට මෙම සොළොස්මස්ථාන පිළිබඳව සුළු හෝ හැඟීමක් ඇති කර ගැනීමට බුදුසරණින් අපි එකතු වෙමු.

සොළොස්මස්ථානයන්ගේ මුල්ම පූජනීය ස්ථානය ලෙස හඳුන්වන්නේ මහියංගණය ය. බුදුන් වහන්සේගේ බුද්ධත්වයෙන් නව මසක් ඇවෑමෙන් දුරුතු පුර පසළොස්වක පොහොය දිනකදී ලාංකේය බිමේ වාලුකා නදී තෙර පිහිටි මහානාග නම් වනෝද්යාණනයට වැඩි බව ලංකා බෞද්ධ ඉතිහාසයේ සඳහන්ව තිබේ.
එසේ සපැමිණියේ එම භූමිය අරක්ගෙන සිටි යක්ෂන ගෝත්රි්කයන් දමනය කිරීමට ය. මේ ගමනේ දී බොහෝ දෙනා ධර්මය අවබෝධ කර ගනිමින් සෝවාන් මඟ ඵල ලබාගත් බවත් එතැනදී සමන්තකූට වාසී මහා සුමන දෙව් රජ තෙම ද සෝවාන් ඵලයට පත්වූ බවත් කියැවෙයි. සුමන සමන් දෙව් රජිදාණන්ගේ ඉල්ලීම පරිදි සම්බුදු රජාණන් වහන්සේ හිස පිරි මැද කේශ ධාතු අත්ලක් පමණ දෙවියන් වෙත පිරිනැමූ බවත් එම කේශ ධාතූන් ස්වර්ණමය කරඬුවකට රැගෙන එම ස්ථානයේ සත් රියනක් උස්වූ ඉන්ද්ර්නීලමය ස්තූපයක් මහා සුමන දෙවිඳුන් විසින් කරවූ බව මහා වංශයේ සඳහන් වෙයි. මෙම සිදුවීමත් සමඟ ලාංකේය බිමේ ඉදිවූ ප්රදථම ස්තූපය මහියංගණ ස්තූපය ලෙස ඉතිහාසගත විය. 

සම්බුද්ධ පරිනිර්වාණයේදී සුරභූ නම් මහ රහතන් වහන්සේ විසින් දැවෙන සෑයෙන් ගත් බුදුන් වහන්සේගේ ග්රීිවා ධාතුව නිධන් කර ඉහත සෑ රදුන් දොළොස් රියනක් උසට කිරි ගරුඬින් තැනූ බව ද සඳහන් වෙයි. පසු කලෙකදී දේවානම්පියතිස්ස නිරිඳාණන්ගේ සොහොයුරාණන් වූ උද්ධ චූලාභය කුමරු එම ස්තූපය තිස් රියනක් උසට කරවූ බවත් ඉන්පසු දුටුගැමුණු රජතුමා විසින් මෙම ස්තූපයම අසූ රියනක් උසට වර්ධනය කළ බව ද ඉතිහාස කතා පුවතේ සඳහන් වෙයි.

වෝහාරික තිස්ස රජු ( ක්රිස. ව. 210 – 232 ) මෙම මහා සෑයට ඡත්රනයක් සවි කළේය. පළමුවන පරාක්රිමබාහු නිශ්ශංකමල්ල ඇතුළු රජවරු බොහොමයක් මෙම ස්තූපයේ පිළිසකර ආදී කටයුතු සිදු කළහ.
ක්රිශ. ව. 1850 වනවිට ස්තූපය ගරා වැටී තිබුණි. 1890 වසරේදී මෙය ප්ර්තිසංස්කරණය කර කොත පළඳවන ලදී. 1907 දී නැවතත් දා ගැබෙහි උඩ කොටස කඩා වැටුණු අතර අඹගස්වැව රතනජෝති හිමියන්ගේ උත්සාහයෙන් එය අලුත්වැඩියා කළ ද 1922 වසරේදී නැවතත් මහ සෑය කඩා වැටුණි. 1949 දී නැවත ප්රසතිසංස්කරණය කිරීම අරඹා 1961 දී ස්තූපයේ කොත පළඳවන ලදී. අද අප දකින්නේ එය යි.

මහාචාර්ය සෙනරත් පරණවිතානයන් අධීක්ෂ්ණයෙන් 1951 වසරේදී මෙහි ධාතු ගර්භය විවර කිරීමේදී ඉතා ඓතිහාසික වටිනාකමකින් යුතු පළමුවන විජයබාහු රාජ්යෙ සමයට අයත් ( 1055 – 1110 ) සිතුවම් කීපයක් හමු විය. මෙම සිතුවම් අනුරාධපුර යුගයටත් පෙර විය හැකි බවත් මෙම චිත්ර0 ඉතා උසස් සෞන්දර්යාත්මක ලක්ෂකණ ඵල කෙරෙන බවත් රේඛා සටහන් පවා ඉතා අර්ථවත් බවත් මහාචාර්යවරයා පවසයි. ඉතා පැරැණි මෙම චිත්රව පැරැණි ලාංකේය කලා කරුවාගේ විශිෂ්ට ගුණ ප්රාකට කරනා කලාත්මක නිර්මාණයන් බව වියතුන්ගේ මතයයි.

බින්තැන්න මහියංගණය ලෙස පාලියට පෙරලී එය නැවත මියුගුණු යනුවෙන් හෙළ බසට පරිවර්ථනය වී ඇත. එමනිසා මෙම ස්තූ®පය මියුගුණු මහා සෑය වශයෙන් ද හඳුන්වනු ලබයි.
රහතන් වහන්සේ හා දෙව් රජාණන්ගේ මෙන්ම මහා නරපතියන්ගේ අතින් යුගයෙන් යුගය උස් වෙමින් අහස් කුසට නැංවුණු මේ සුවිසේසී මියුගුණු මහා සෑ රදුන් අප මාතෘ භූමියේ දෙවියන් විසින් සෑදුප්රපථම ස්තූ®පය ලෙස සම්මානයට බඳුන් වෙමින් සදා නොමැකෙන සම්බුදු සුසුවඳ විහිදුවාලන අති පූජනීය වස්තුවක් බවට පත්වී තිබේ.

එසේම එය 2600 වසරක මහා සම්බුද්ධත්ව උප්පත්ති කතාවේ ආරම්භය හා සබැඳි සුවිශේෂී ස්මාරකයකි. මහියංගණය නම් මිහි මඬලේ අංගණය නොහොත් මිදුලයි. අප ධර්මද්වීපය තවමත් නොසොල්වා දරාගෙන සිටින මේ මිහිමඬලේ මිදුල සරසන්නේ මහියංගණ නම් මහා සෑ රදුන් විසින් වීම මොනතරම් නම් අපිට අභිමානයක් ද? 

ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි


~~ ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි ~~

ආපසු යන්නට පාර කියනවද
දැන් සමුගන්න ළඟයි
ආයෙත් දවසක අප හමුවන්නට
කළ පින් මදිද සිතෙයි...

යොදුන් ගණන් දුර ආවෙද පසුකර
මල් මාවතක නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

කල්ප කාලයක්‌ පෙරුම් පිරූවේ
හෙට සමුගන්න නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

ගායනය :- චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි
පද රචනය :- හේසල ගුණතිලක
තනුව :- ස්‌ටැන්ලි එම්. ප්‍රනාන්දු

ආදරේ වැඩි වෙන්න වැඩිවෙන්න පෙම්වතුනට එකිනෙකා ගැන සැක සිතෙනවා. ඒ සැකයන්ගේ කිසිම ඇත්තක්‌ නෑ. ඒ බව ඔවුනොවුන් දන්නවා. ඒත් දෙදෙනාටම දෙදෙනා කෙරෙහි ඇති බැඳීම, ආදරය වැඩි වෙන්නත් මෙය බලපානවා... සමහර වෙලාවටම ආදරය වේදනාවෙන් නිම වෙන්නෙත් මේ සැකය නිසායි.

තමන් ආදරය කරන පෙම්වතියගේ හැසිරීම් රටාව.. ඇගේ දෙමව්පියන්ගේ ප්‍රතිචාර නිසා ඈ තමා හැර යන්නට සූදානම් බව පෙම්වතාට හිතෙනවාර අනන්තයි අප්‍රමාණයි. ඒත් ඒක සැකයක්‌ විතරයි.

ආපසු යන්නට පාර කියනවද
දැන් සමුගන්න ළඟයි
ආයෙත් දවසක අප හමුවන්නට
කළ පින් මදිද සිතෙයි

මේ පෙම්වතාත් පෙම්වතියත් ආදර මාවතේ බොහෝ දුර ඇවිත් දෙදෙනා එකිනෙකා හඳුනාගෙන මේ දුර ආවත් මා දමා ඇය සමුගෙන යන මොහොත ළංවෙලා. ඔහුට හිතෙනවා.. මේ ආ දුර තවත් ඉදිරියට යන්න වරම් නැහැ. ඒ නිසා මා ආපසු හැරී යා යුතුයි. මට ඒ සඳහා පාර කියනවද අපි ආයෙත් හමුවෙන එකක්‌ නැහැ. මම ඒ තරම්ම පිං කරලා නැහැ. මේ පෙම්වතාගේ හුදු සිතිවිල්ලක්‌.. ඒත් මෙතැන විරහවක්‌ නම් පෙනෙන්න නැහැ. ඇය යාවි කියා සැකයක්‌ තමයි මේ හිතේ පිළිසිඳගෙන තියෙන්නේ.

මේ ගීය ලියුවේ හේසල ගුණතිලක. ඔහු වෘත්තියෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයෙක්‌. තේරෙන භාෂාවෙන් කියනවානම් පී. එච්. අයි. කෙනෙක්‌.

මේ ගීයේ තියෙන්නේ පෙම්වතිය දාලා යන්න වේවිද කියන අවිනිශ්චිත බවක්‌ විතරයි. මම මේ සිංදුව ලියුවේ මගේ බිරියට. ඒ කාලේ ඇය මගේ පෙම්වතිය බඳින්න ඔන්න මෙන්න කියා තිබියදී විරෝධයක්‌ ආවා. පවුලේ අයගෙන්... මම ඒ කාලේ උඳුගොඩ පී. එච්. අයි. ගෙයක්‌ අරගෙන තනිවම පදිංචිවෙලා හිටියා. ඉතින් රෑට තනිවෙලා ඉඳිද්දි මට දැනෙනවා. ඇයගෙන් සමුගන්න වේවිදොa කියලා. ඒ සිතිවිල්ල තමයි මම ගීයට පෙරලුවේ.

යොදුන් ගණන් දුර ආවෙද පසුකර
මල් මාවතක නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

අපි මේ වෙනතුරු කොතරම් දුරක්‌ ආවද ඔයාගෙත් මගෙත් ආදර බැඳීම අවුරුදු ගණනාවක්‌. අපි මේතාක්‌ දුර ආවේ කොතරම් බාධක මැදද. ඒ මාවතේ කවදාවත් මල් අතුරා තිබුණේ නැහැ. ගල් මුල්, කටු ඉති... අපිට බාධා එල්ල කලා දෙයියනේ.. ඇයි ඔයාමට ආදරේ කළේ. ඇයි මම ඔයාට ආදරේ කළේ... ඔහු හිතනවා.

මේක මගේ අත්දැකීමක්‌ නිසා හොඳින් නිර්මාණය වුණා. විඳපු තරමට තමයි වේදනාවක්‌ වුණත් රසවත් වෙන්නේ. චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි මගේ හොඳ යාළුවෙක්‌. මම මේ ගීයට කලිනුත් ඔහුට ගීයක්‌ ලියා දුන්න. දුර ඈත අතීතේ... කියලා. ඒ කාලේ අපි හරිම තරුණයි. චන්දරේ හරිම කැමැත්තෙන් මේ ගීය ගැයුවා.. ගීය ජනප්‍රිය වුණා. ආපසු යන්නට පාර කියනවද කියලා ත්‍රීවීල්වලත් පිටුපස ලියන්න පටන්ගත්තා.

කල්ප කාලයක්‌ පෙරුම් පිරුවේ
හෙට සමුගන්න නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

අපි කල්ප ගණනාවක්‌ පෙරුම් පුරලා ආදරේ කරන්න පටන් ගත්තා. ඒ ආදරේ කොතරම් සුන්දර ද, ඒත් එහෙම ආදරේ කරන්න අපි පෙළඹුනේ ඉක්‌මනින්ම සමුගන්නද නැහැ. ඇයි ඔයා මට ආදරේ කියලා කිව්වේ. ඇයි මම ඔයාට ආදරේ කියලා කිව්වේ.

අන්තිමට අපි දෙන්නා ගෙවල්වල අකමැත්තෙන් විවාහ වුණා. මගේ බිරිය වැඩිපුරම ආසකරන ගීය. මුලදී මේ ගීය දැක්‌කාම එයාට බයත් හිතුනලු. මම එයාව දාලා යයි කියලා. දැන් අපි දෙන්නට දුවෙක්‌ සහ පුතෙක්‌ ඉන්නවා. ඒ දෙන්නාම විශ්වවිද්‍යාල සිසුන්. දරුවෝ දෙන්නා මේ කතාව අහලා හිනාවෙනවා. ඒත් ඉතිං අත්දැකීමක්‌ වුණත් මේ ගීය ඇත්තක්‌ වුණේ නැහැනේ.


-අජිත් අලහකෝන්

(උපුටා ගැනීම දිවයින පුවත්පතින්)

සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක්



සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක්. මේ කියන්න යන කතාව එහි අපි වැඩිය අහපු නැති පැත්තක් ගැන. සූරිය ගුණසේකර කියන්නේ සිගිරිය, රාවණ රජු ඇතුළුව ලංකාවේ සැඟවුණු ඉතිහාසය ගැන පරීක්ෂණ කරන කෙනෙක්. ඒ සම්බන්ධව පොත් ගණනාවකුත් රචනා කරල තියෙනවා. ඒ මහත්මය තරුණ කාලේ, ඒ කියන්නේ එකදාස් නවසිය හැට ගණන්වල සීගිරියට ගිහිල්ලා තියෙනවා තව තරුණ කණ්ඩායමක් එක්ක විශේෂ ගවේෂණයකට. එහිදී එයාලා දවල්ට කන්න ගිහිල්ලා තියෙනවා සිගිරිය පේන මානේ තියෙන පුංචි කටු මැටි ගෙදරකට. ඔය ගෙදර මිදුලේ හිටියලු වයසක සීයා කෙනෙක්.

කෑම කාලා කට්ටිය එලියට ආපු වෙලේ මෙයාලා ඔය සීයා එක්ක කතාවට වැටිලා. එයා දැනගත්තම මේ කට්ටිය ඇවිල්ලා තියෙන්නේ සිගිරිය ගැන හොයන්න කියලා. ඒ පාර තමයි මේ කතාව කියල තියෙන්නේ.

''මහත්තයල දන්නවද, මම ඉස්සර අන්ධ කෙනෙක් නෙවේ. මට මෙහෙම උනේ මට මහ විශාල පවකට සම්මාදන් වෙන්න උනු නිසා''

මෙහෙම කිව්වම කට්ටිය අන්දුන්කුන්දුන්...

"මොකද්ද සීයේ උනේ...?"

මහත්තයලට කියන්න, මම H.C.P. Bell මහත්තයගෙ කාලේ මෙතන සීගිරියේ එයා යටතේ කැණීම වලට අත් උදව් දීපු සේවකයෙක්. ඒ කාලේ හිටපු අයගෙන් දැන් මම විතරයි ඉතුරු.
(H.C.P. Bell කියන්නේ ලංකාවේ මුල්ම පුරාවිද්යාග කොමසාරිස්වරයා. ඔහු බ්රි.තාන්යන ජාතිකයෙක්. ලංකාවේ පුරාවස්තු බොහොමයක් හොර රහසේම බ්රි‍තාන්යඅ කෞතුකාගාරය වෙත ගෙනගිය බවට මොහුට චෝදනා එල්ල වෙනවා)


ඉතින් ඒ කතාව සීයා ඒ පාර කිව්වලු.

අපි සීගිරියේ කැණීම කර කර ගල මුදුනටම ගියා. ගල මුදුනේ නොයෙක් පුදුම හිතෙන නිර්මාණ අපිට හම්බුනා. එතන කට්ටිය කැණීම කරනකොට අපිට හොයාගන්න පුළුවන් වුණා පඩිපෙලක්. මේ පඩිපෙළ සිගිරිය ගල මුදුනේ ඉඳං ගල පාමුල වෙනකන්ම යනවා ගල ඇතුලෙන්. ඒ ගැන හාන්කවිසියක් පිටට පේන්නේ නෑ. පඩිපෙලේ තැනින් තැන ගිමන් නිවන්න කාමර තියනවා. ඒ කාමර වල තිබිල අපිට බොහොම වටිනා පුරාවස්තු හුගක් හම්බුනා. බෙල් මහත්තයා ඒ ඔක්කොම එකතු කරගෙන එලියට ගෙනාවා. පස්සෙ අපිට කිව්වා ඒ පඩිපෙලේ ගල මුදුනේ දොරකඩ කොන්ක්රී්ට් දාලා සම්පුර්ණයෙන් වහන්න කියල.. අපිට පුදුම හිතුනා, ඒත් අපි කිව් විදියට කරා.

එදායින් පස්සෙ ඒ වැඩේට ගිය අපි කාටවත් හොඳක් උනේ නෑ. සමහරු ලෙඩ උනා. සතා සීපාවා ගහල මැරුණා. ගහක් ගලක් වගේ හිටපු මම දවසක් උදේ නැගිට්ටේ මෙහෙම අන්ධ වෙලා.

මෙහෙම කියපු ඒ සීයා අඬන්න ගත්තලු.

මේ කතාවේ ඇත්ත නැත්ත ඔයාලම තීරණය කරන්න.

හැබැයි ඇත්තටම කියනවනම්. සිගිරිය ඉහලට රජ කෙනෙකු, අද අපි යන්න වගේ දාඩිය පෙරාගෙන ගිනිකුට අව්වේ අර වගේ පටු පඩිපෙලක් දිගේ ගියා කියලනම් හිතන්න බෑ. රජුට ඉක්මනින් පහසුවෙන් සහ රජ කෙනෙක් විදියට යන්න විශේෂිත ගමන් මාර්ගයක් තිබිය යුතුමයි.

මේ ගැන පරීක්ෂණ කරපු මොරටුව විශ්වවිද්යාතලයේ ඉංජිනේරු සුසිර උඩලමත්ත මහතානම් කියන්නෙ, ඒ කාලේ රජුට ඉහලට ගමන් කිරීමට විශේෂ සෝපානයක් තිබුන කියලා. මේක හඳුන්වන්නේ කර්කටක යන්ත්ර ය කියලා. මොකද මේක කකුළුවෙක් වගේ හැඩයක් සහ යාන්ත්ර.ණයක් තියෙන නිසා. සිගිරිය ගලේ එක අන්තයක කෙලින්ම සිරස්ව ඉහලට යන සහ තිරස්ව යන ඉනිමගක් වැනි කුඩා track පද්ධතියක් ගලේම කොටලා තියෙනවා දැකගන්න පුළුවන්. මේක තියෙන්නෙ කර්කටක යන්ත්ර යේ දැති රෝද වලට ගමන් කරන්න කියල තමයි කියන්නේ.

සිගිරිය ජල උද්යා.නය ගත්තත් ඒක සුවිශේෂයි. එහි ප්රcධාන දොරටු හදල තියෙන්නෙ කෙලින්ම ඉහළට ඔසවන විදියට. මේ සඳහා යොදාගත්තු විශාල ගල් උලුවහු අදත් දැකගන්න පිළිවන්. මේ විශාල ලී ද්වාර එසවීමට යොදාගෙන තියෙන්නෙ අලි ඇතුන්.

ඒ වගේම සිගිරිය ජල උද්යාුනය ගත්තත්, ඒක හදල තියෙන්නේ ඒකට ඇතුල් වෙන කෙනෙක්ව එක්වරම මුලා වෙන විදියට. හොඳින් නිරීක්ෂණය කරොත් පේනවා ප්රදධාන දොරටුවෙන් ඇතුල් වෙලා යනකොට එක හරියකදී එකපාරටම සිගිරිය ගල නොපෙනී යන බව. ඒ විදියටයි ඒ ගමන් මාර්ගය හදල තියෙන්නේ. ඒ වගේම සිගිරිය ජල උද්යාසනයේ තියෙන වතුරමල් අදටත් වැඩ කරනවා. ඒත් වතුර එන්නෙ බොහොම අඩුවෙන්. මේකට හේතුව තමයි සිගිරිය වැවේ ජල මට්ටම ඉතාමත් අඩු වීම.

අතීතයේදී සිගිරිය වතුරමල් සහ ජල උද්යාීනයට ඉහළින් තමයි සිගිරිය වැවේ ජල මට්ටම පිහිටලා තියෙන්නේ. ඒකෙන් ඒ කාලේ සීගිරියට සතුරන්ගෙන් ආරක්ෂාවත් ලැබුණා. මේ නිසා ඉතා විශාල ජල පීඩනයක් යටතේ මේ වතුර මල් බොහොම උජාරුවෙන් ඉහළට වතුර විදින්න ඇති. ඒත් පසුකාලීනව සිගිරිය අවට ප්රයදේශය සංචාරක කලාපයක් විදියට සංවර්ධනය කරන්න ගත්තම සිගිරිය වැව ගොඩ වුණා. Sigiriya Village වගේ සුපිරි හෝටල් අද තියෙන්නෙ සිගිරිය වැව තිබුන හරියේ. අද සිගිරිය වැව දිය හිඳුනු නිකං නමට වැවක්. සීගිරිය ගල මුදුනට වතුර ගෙනගිය ආකාරයද අභිරහසක්. මේ සඳහා ජල පොම්ප කිරීමේ තාක්ෂණයක් යොදාගෙන තියෙන බවයි සමහරු කියන්නේ. ඒත් වර්තමානයේ පරීක්ෂකයන්ගේ මතය වෙලා තියෙන්නේ මේ සඳහා ඊට වඩා බොහොම සරල ක්රයමයක් භාවිතා කර ඇති බවයි. එනම් සංසක්ති බල.

විද්යාසව කරපු අය දන්නවා සංසක්ති බල කියන්නේ මොනවද කියලා. ඒ කියන්නේ එකම වර්ගයේ අංශු අතර ඇති වන ආකර්ෂණ බල (මට මතක විදියට වැන්ඩවාල් බල)

ඒ අය කියන විදියට සිගිරිය ගල මුදුනේ නිර්මාණය කර තිබෙන ජල පොකුණු වලට නිරන්තරයෙන් වැහි වලාකුළු ආකර්ෂණය වෙනවා. හේතුව සිගිරිය මුදුනේ තියෙන පොකුණු වල ජලයේ ජල අංශු සහ වැහි වලාකුළු වල ජල අංශු එකිනෙක ආකර්ෂණය වීම. මේ සංසිද්ධිය වෙනත් උස් කඳු මුදුන් සහ උස ගල් පර්වත මුදුනේ ඇති ජලය රැස්වෙන ස්ථාන වල දැකගන්න පුළුවන්. එමගින් ලැබෙන වර්ෂාවෙන් නිරන්තරයෙන් සිගිරිය ගල මුදුන ජලයෙන් ස්වයංපෝෂිත වෙනවා.

මෙවැනි ක්රයමයක් මේ සඳහා යොදාගැනීමට තවත් හේතුවක් තියෙනවා. එනම් හදිසියෙවත් සතුරු හමුදාවක් සිගිරිය ආක්ර‍මණය කරා කියල හිතමු. සීගිරියට ජලය ගෙනියන්නේ විශාල පොම්පයකින් නම් හතුරන්ට මේ පොම්පය විනාශ කරල හරි පහල තියෙන ජල මුලාශ්රු වලට වස මිශ්රය කරල හරි ගල මුදුනේ ඉන්න පිරිසව අසරණ කරන්න පුළුවන්. ඒත් මම මුලින් විස්තර කරපු සංසක්ති බල ක්ර‍මය නිසා ගල මුදුනේ ඇති වගාවන් හෝ ඔවුන්ගේ පානිය ජල අවශ්යමතා එතැනින්ම සුරක්ෂිතයි. ස්වයන්පොෂිතයි.

වෙල්ගම් වෙහෙර...



ඒ වනවිට ඉකුත් සියවසෙන් අඩක් ගෙවී ගොසිනි. ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ වෙරළබඩ බොහෝ ගම් දනව්වල පදිංචිව සිටියෝ දෙමළ මිනිස්සුය. හෙළ රජදරුවන්ගේ ඉපැරැණි වැව් පිළිසකර කරගෙන ඒවාට දෙමළ නම් ගම් දමාගෙන සියල්ල ඔවුන්ගේ කරගෙන තිබිණි.

කුච්චවේලියට ඔබ්බෙන් පිහිටි පෙරියකුලම් වැවත් ඒ අසබඩ තිබූ නාථනාර කෝවිලත් එවැන්නකි. එහෙත් පුරාවිද්‍යා අධිකාරි ආචාර්ය සෙනරත් පරණවිතාන මෙම නාථනාර කෝවිල පිහිටි වනගත බිම් පෙදෙසට ගොස් මහ කැලෑවේ රිංගුවේය. ගල් ලෙන් සෙල් ලිපි සොයද්දී ඔහුට කියවන්නට ලැබුණු සෙල් ලිපිවලින් ඇතැම් ඒවා දෙමළ ය. තවත් ඒවා සිංහල ය. මේ හැම සෙල් ලිපියකින් ම වෙල්ගම් වෙහෙර යන වචන දෙක කියවන්නට ඔහුට හැකි වූයෙන් මේ නාථනාර කෝවිල යනු වෙල්ගම් වෙහෙර බව හඳුනාගත හැකි විය.

ඒ වන විට රූස්ස ගස් කොළන්වලින් යට වී තිබූ බිම් කොටස් අතරෙහි ඉපැරණි නටබුන් රැසක් සැඟව තිබිණි. පරණවිතානයන් ආපසු කොළඹ ගියේ වෙල්ගම් වෙහෙරේ නටබුන් පොළොව යටම තිබෙද්දීය. එහෙත් ඒවා මතුකර ගැනීමේ අභිලාෂයක් ඔහු තුළ විය.

දෙවැනි මහා සංග‍්‍රාමය ඇරඹීම නිසා සියලූ කටයුතු නතර වී තිබිණි. එහෙත් ත‍්‍රිකුණාමලයේ සිටි සිංහල බෞද්ධයනට වෙල්ගම් වෙහෙර පිළිබඳව අසන්නට ලැබිණි. ඔවුහු එක්ව වෙල්ගම් වෙහෙර සංවර්ධන සමිතියක් පිහිටුවාගත් අතර මාදුවේ රතනවංශ හිමියන්ට වෙල්ගම් වෙහෙරට වැඩමවන්නැයි ඇරියුම් ද ලැබිණි. වෙල්ගම් වෙහෙරේ වන මැද තැනූ කුඩා පැල්පතක් ස්වකීය ආවාසගෙය කරගත් හිමියෝ එහි සිට වෙල්ගම් වෙහෙරේ අතීතය ගොඩගන්නට කැපවී ක‍්‍රියා කළෝය.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කට්ටුකුලම් කොට්ඨාසයේ පිහිටි වෙල්ගම් රජමහා විහාරය ක්‍රි.පූ. 3 සියවසට අයත් බව මහාචාර්ය පරණවිතානයන් ගේ මතයයි.එතැන් පටන් සියවස් දහයක් තිස්සේ යුගයෙන් යුගයට විරාජමාන වූ වෙල්ගම් වෙහෙර චෝල අධිරාජයාගේ ආක‍්‍රමණයකට ගොදුරු විය. මේ වන විට ලංකාවේ රජ වූ පස් වැනි මිහිඳු කිරුළ හැරපියා නගරයෙන් පලාගොස් තිබිණි. චෝල රජු පැමිණ අනුරපුරය අල්ලාගත් අතර දොළොස් වැනි සියවසේ දී පමණ මේ පෙදෙසේ සිටි ජනතාව තම ගම් බිම් හැරදා යන්නට පටන් ගත්හ. ඒ සමගම කැලයට ගිය සිරිගෝණ පුරය ගිරිහඩුසෑය වෙල්ගම් වෙහෙර සේරුවාවිල වැනි පුදබිම් වන අරණේ සඟවාගත්තේය.

එවක් පටන් අවුරුදු අටසීයක් තිස්සේ ගණ වනයට වෙල්ගම් වෙහෙර යටවී ගියේය. පුරාවිද්‍යා කැණීම්වලින් මතු වූ වෙල්ගම් වෙහෙරේ නටබුන් අතරෙහි පිළිම ගෙයක් බුදු පිළිම, දාගැබ්, මුරගල්,සිරිපතුල් හතරක්, විවිධ කැටයම් ආදිය ද විය.