සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

මහියංගණ මහා සැය




‘ මහියංගණං නාගදීපං කල්යායණං පද ලාංඤඡනං - දිවාගුහං දීඝවාපී චේතියංච මුතිංගණං - තිස්ස මහා විහාරංච බෝධිං මරිචවට්ටියං - සොණ්ණමාලී මහා චේතිං ථූපාරාම භයාගිරිං - ජේතවනං සේල චෙත්යංහ තථා කාචරගාම කං - ඒතේ සොළොසඨානානී අහං වන්දාමි සබ්බදා’

මෙම ගාථාවට අනුව සොළොස්මස්ථාන ලෙස හඳුන්වන්නේ 1. මහියංගණය 2. නාගදීපය 3. කැලණිය 4. ශ්රීගපාදස්ථානය 5. දිවාගුහාව 6. දීඝවාපිය 7. මුතියංගණය 8. තිස්ස මහා විහාරය 9. ශ්රීී මහා බෝධිය 10. මිරිසවැටිය 11. රුවන්වැලි මහා සෑය 12. ථූපාරාමය 13. අභයගිරි වෙහෙර 14. ජේතවනාරාමය 15. සේල චෛත්යව 16. කතරගම කිරිවෙහෙර ආදී වු පූජනීය ස්ථානයන් ය.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවැනි වසරේදී තෙවැනි ලංකාගමනය වශයෙන් අප මව් බිමට වැඩියේ කැලණි පුරවරයට ය. මෙම ගමනේදී සමන්තකූට පර්වතයටත්, දිවා විහරණය කළ දිවාගුහාවටත්, අනුරාධපුර ශුද්ධ භූමියේ මහමෙව්නාව පිහිටන භූමියටත්, ශ්රීට මහා බෝධීන් වහන්සේ රෝපණය වන ස්ථානයටත්, ලෝවාමහාපාය පිහිටුවන තැනටත්, පිරිත්ලාගෙය, දන්තාදර නම් පොකුණ, ථූපාරාමය, රුවන් වැලි සෑය, මිහින්තලයේ සේල චෛත්ය,ය දිගා නකා වෙහෙර පිහිටන තැන ආදී ස්ථාන වලටත් වැඩි බව වංශ කතාවල කියැවෙයි. මහා වංශයට හෝ දීප වංශයට අනුව අද අප කතා කරන සොළොස්මස්ථථානයන් සමහරකගේ නිශ්චිත ස්ථානයන් පිළිබඳව සටහන් වී නොමැත.

එහෙත් මහනුවර හෝ දඹදෙණි යුගවලදී ඉහත ගාථාව ලියැවී ඇති බව වියතුන් ඇතැමකුගේ මතය යි.
එහෙත් බුදුරජාණන් වහන්සේ අප මාතෘ භූමිය වෙත වැඩි ගමන් වලදී නිරෝධ සමාපත්ති සුවය විඳි ස්ථාන ලෙස මෙම සොළොස්මස්ථාන හඳුන්වනු ලබ යි.

කෙසේ වුවත් මේ සෑම ස්ථානයක්ම පූජනීය වූ පුදබිම් බවට පත්වී සද්ධා සම්පන්න බෞද්ධයාගේ ගෞරව බහුමානයට පාත්ර් වී ආත්මය හා බැඳී නිධන්ගත වී ඇත. ඒ සද්ධා බැතියට සිරස නමා ගරු කරමින් අද සිට මෙම සොළොස්මස්ථාන පිළිබඳව සුළු හෝ හැඟීමක් ඇති කර ගැනීමට බුදුසරණින් අපි එකතු වෙමු.

සොළොස්මස්ථානයන්ගේ මුල්ම පූජනීය ස්ථානය ලෙස හඳුන්වන්නේ මහියංගණය ය. බුදුන් වහන්සේගේ බුද්ධත්වයෙන් නව මසක් ඇවෑමෙන් දුරුතු පුර පසළොස්වක පොහොය දිනකදී ලාංකේය බිමේ වාලුකා නදී තෙර පිහිටි මහානාග නම් වනෝද්යාණනයට වැඩි බව ලංකා බෞද්ධ ඉතිහාසයේ සඳහන්ව තිබේ.
එසේ සපැමිණියේ එම භූමිය අරක්ගෙන සිටි යක්ෂන ගෝත්රි්කයන් දමනය කිරීමට ය. මේ ගමනේ දී බොහෝ දෙනා ධර්මය අවබෝධ කර ගනිමින් සෝවාන් මඟ ඵල ලබාගත් බවත් එතැනදී සමන්තකූට වාසී මහා සුමන දෙව් රජ තෙම ද සෝවාන් ඵලයට පත්වූ බවත් කියැවෙයි. සුමන සමන් දෙව් රජිදාණන්ගේ ඉල්ලීම පරිදි සම්බුදු රජාණන් වහන්සේ හිස පිරි මැද කේශ ධාතු අත්ලක් පමණ දෙවියන් වෙත පිරිනැමූ බවත් එම කේශ ධාතූන් ස්වර්ණමය කරඬුවකට රැගෙන එම ස්ථානයේ සත් රියනක් උස්වූ ඉන්ද්ර්නීලමය ස්තූපයක් මහා සුමන දෙවිඳුන් විසින් කරවූ බව මහා වංශයේ සඳහන් වෙයි. මෙම සිදුවීමත් සමඟ ලාංකේය බිමේ ඉදිවූ ප්රදථම ස්තූපය මහියංගණ ස්තූපය ලෙස ඉතිහාසගත විය. 

සම්බුද්ධ පරිනිර්වාණයේදී සුරභූ නම් මහ රහතන් වහන්සේ විසින් දැවෙන සෑයෙන් ගත් බුදුන් වහන්සේගේ ග්රීිවා ධාතුව නිධන් කර ඉහත සෑ රදුන් දොළොස් රියනක් උසට කිරි ගරුඬින් තැනූ බව ද සඳහන් වෙයි. පසු කලෙකදී දේවානම්පියතිස්ස නිරිඳාණන්ගේ සොහොයුරාණන් වූ උද්ධ චූලාභය කුමරු එම ස්තූපය තිස් රියනක් උසට කරවූ බවත් ඉන්පසු දුටුගැමුණු රජතුමා විසින් මෙම ස්තූපයම අසූ රියනක් උසට වර්ධනය කළ බව ද ඉතිහාස කතා පුවතේ සඳහන් වෙයි.

වෝහාරික තිස්ස රජු ( ක්රිස. ව. 210 – 232 ) මෙම මහා සෑයට ඡත්රනයක් සවි කළේය. පළමුවන පරාක්රිමබාහු නිශ්ශංකමල්ල ඇතුළු රජවරු බොහොමයක් මෙම ස්තූපයේ පිළිසකර ආදී කටයුතු සිදු කළහ.
ක්රිශ. ව. 1850 වනවිට ස්තූපය ගරා වැටී තිබුණි. 1890 වසරේදී මෙය ප්ර්තිසංස්කරණය කර කොත පළඳවන ලදී. 1907 දී නැවතත් දා ගැබෙහි උඩ කොටස කඩා වැටුණු අතර අඹගස්වැව රතනජෝති හිමියන්ගේ උත්සාහයෙන් එය අලුත්වැඩියා කළ ද 1922 වසරේදී නැවතත් මහ සෑය කඩා වැටුණි. 1949 දී නැවත ප්රසතිසංස්කරණය කිරීම අරඹා 1961 දී ස්තූපයේ කොත පළඳවන ලදී. අද අප දකින්නේ එය යි.

මහාචාර්ය සෙනරත් පරණවිතානයන් අධීක්ෂ්ණයෙන් 1951 වසරේදී මෙහි ධාතු ගර්භය විවර කිරීමේදී ඉතා ඓතිහාසික වටිනාකමකින් යුතු පළමුවන විජයබාහු රාජ්යෙ සමයට අයත් ( 1055 – 1110 ) සිතුවම් කීපයක් හමු විය. මෙම සිතුවම් අනුරාධපුර යුගයටත් පෙර විය හැකි බවත් මෙම චිත්ර0 ඉතා උසස් සෞන්දර්යාත්මක ලක්ෂකණ ඵල කෙරෙන බවත් රේඛා සටහන් පවා ඉතා අර්ථවත් බවත් මහාචාර්යවරයා පවසයි. ඉතා පැරැණි මෙම චිත්රව පැරැණි ලාංකේය කලා කරුවාගේ විශිෂ්ට ගුණ ප්රාකට කරනා කලාත්මක නිර්මාණයන් බව වියතුන්ගේ මතයයි.

බින්තැන්න මහියංගණය ලෙස පාලියට පෙරලී එය නැවත මියුගුණු යනුවෙන් හෙළ බසට පරිවර්ථනය වී ඇත. එමනිසා මෙම ස්තූ®පය මියුගුණු මහා සෑය වශයෙන් ද හඳුන්වනු ලබයි.
රහතන් වහන්සේ හා දෙව් රජාණන්ගේ මෙන්ම මහා නරපතියන්ගේ අතින් යුගයෙන් යුගය උස් වෙමින් අහස් කුසට නැංවුණු මේ සුවිසේසී මියුගුණු මහා සෑ රදුන් අප මාතෘ භූමියේ දෙවියන් විසින් සෑදුප්රපථම ස්තූ®පය ලෙස සම්මානයට බඳුන් වෙමින් සදා නොමැකෙන සම්බුදු සුසුවඳ විහිදුවාලන අති පූජනීය වස්තුවක් බවට පත්වී තිබේ.

එසේම එය 2600 වසරක මහා සම්බුද්ධත්ව උප්පත්ති කතාවේ ආරම්භය හා සබැඳි සුවිශේෂී ස්මාරකයකි. මහියංගණය නම් මිහි මඬලේ අංගණය නොහොත් මිදුලයි. අප ධර්මද්වීපය තවමත් නොසොල්වා දරාගෙන සිටින මේ මිහිමඬලේ මිදුල සරසන්නේ මහියංගණ නම් මහා සෑ රදුන් විසින් වීම මොනතරම් නම් අපිට අභිමානයක් ද? 
Share this article :

+ comments + 4 comments

February 15, 2013 at 9:08 PM

අගෙයි මේ වෑයම..

February 16, 2013 at 8:27 AM

අගෙයි!

Anonymous
March 11, 2013 at 7:46 PM

වටිනා ලිවිල්ලක්.. ස්තුතියි මෙවැනි දේ ලියනවාට !.

ඔබේ අදහස්