සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

මට හීනයක්‌ වෙලා




මට හීනයක්‌ වෙලා ඔබේ ඔය ආදරේ
හිත තාම දන්නෙ නෑ මා ඇයි ද පෙම් කළේ
සඳ රාජිනි නුඹයි මගේ හද මන්දිරේ
සදා වෙනස්‌ නොවේ මගේ ආදරේ...//

රෑ දොළොස්‌ පැයේ ඔබේ නෙතු මා ළඟයි ප්‍රියේ
චංචලයි වගේ ඔබේ හිත කොහිද පාවුණේ...//
අදහන්න බෑ... කඳුළක්‌ ද ආදරේ
නුඹ දන්නෙ නෑ... සුන්දරයි ජීවිතේ

තාරුකා වියන් ගොතාලා මගේ අම්බරේ
ඇයි ද හැංඟුනේ පෙලා මා අන්ධකාරයේ...//
අදහන්න බෑ කඳුළක්‌ ද ආදරේ
නුඹ දන්නෙ නෑ සුන්දරයි ජීවිතේ

-දමිත් අසංක-
Share this article :

ඔබේ අදහස්