සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

ධනය




බුදු දහම මගින් පුද්ගල ජීවිතය දැහැමි මගකට යොමුකරලීම පිණිස ලබා දී ඇති උපදේශ රාශියකි. විශේෂයෙන් ම පුද්ගල ජීවිතයට අවශ්‍ය ධන සම්පත් උපයා ගැනීමේ දී අනුගමනය කළයුතු පිළිවෙත් කෙරෙහි බුදු දහම මගින් අවධානය යොමුකර තිබේ. පුද්ගලයෙකුගේ ලෞකික ජීවිතය සාර්ථකකර ගැනීම පිණිස ධනය අතිශයින් ම වැදගත් වේ. මෙම ධනය උපයා ගැනීමේ දී, දැහැමි ධනෝපාය ක්‍රම අනුගමනය කිරීමට සෑම පුද්ගලයෙකු ම යොමුවිය යුතු බව බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ සඳහන් වේ. දැහැමිව හෙවත් තමාටත්, සමාජයටත් කරදරයක් නොවන ලෙසින්, උත්සහයෙන්, දෑතේ දෙපයේ වීර්යයෙන්, දහඩිය මහන්සියෙන් යුතු ව ධනය උපයා ගත යුතු බව බුදු දහමේ උපදෙස් ලබා දී ඇත.


  • කෘෂිකර්මාන්තය 
  • ගව පාලනය
  • දැහැමි වෙළඳාම 
  • රාජ්‍ය සේවය 
  • මුදල් පොළියට දීම.


ආදී ක්‍රම ඔස්සේ ධන සම්පත් උපයාගත යුතු බව බුදුරදුන් විසින් දේශනා කරනු ලැබීය. කෘෂිකර්මාන්තය දැහැමි ලෙස ක්‍රියායත්මක කොට, වී ගොවිතැන හා හේන ගොවිතැන ඔස්සේ ධනය ඉපයීමට බුද්ධකාලීන සමාජය ද හුරු පුරුදු වී සිටි බව දැක්වේ. මෙම ක්‍රම හරහා ඉතා සාධාරණව, සාහසික නොවී, ධන සම්පත් උපයා ගත යුතු බව බුදු දහම උපදෙස් සමයයි.

මෙහි  දක්වා ඇති වෙළදාම දැහැමි ධන්නෝපායන ක්‍රමයක් වන අතර, නොකටයුතු වෙළදාම් ඕහක් ද වෙන්වා දී ඇත්තේ දැහැමි ලෙස වෙළඳාමේ නිරත වෙමින් ධනය උපයා ගත යුතු නිසාම ය.


  • ආයුධ වෙළඳාම 
  • වසවිෂ වෙළඳාම 
  • මත්ද්‍රව්‍ය වෙළඳාම 
  • මස් මාංශ වෙළඳාම 
  • සත්ව වෙළඳාම 


යනු එම නොකටයුතු වෙළඳාම් පහයි. තවද වෙළඳාමේ දී තලාකූට. මානකූට, කංසකූට ආදී වංචනික කිරුම්, මිනුම් වලින් ද ඉවත් ව ක්‍රියා කළ යුතු යැයි බුදු දහම විස්තර කර ඇත.

මෙලෙස දැහැමි ලෙස ධනය උපයා ගත් අයෙකුට එම ධනය ගැන සිතා සතු‍ටු විය හැකිය. ඒ අත්ථි සූඛය ලෙස බුදු දහමේ හැඳින්වේ. පුද්ගලයා උපයාගත් දැහැමි ධනය පරිභෝජනය කිරීමේ පිළිවෙතක් ද පත්තකම්ම නම් සූත්‍රයෙහි සඳහන් වේ.


  • තමාගේ සුඛ විහරණය සඳහා 
  • තම මවුපිය සුඛ විහරණය සඳහා 
  • තම දූ දරු සුඛ විහරණය සඳහා 
  • තම මිතුරන්ගේ සුඛ විහරණය සඳහා 
  • දැසි දස් කම්කරු සුඛ විහරණය සඳහා 
  • ග්‍රමන බ්‍රාහ්මණ සුඛ විහරණය සඳහා 


යනාදී වශයෙන් උපයා ගත් ධන සම්පත් පරිභෝජනය කළයුතු බව පෙන්වා දී තිබේ.

එමෙන් ම උපයාගත් ධනය කොටස් හතරකට බෙදා ගත යුතු බව ද ව්‍යග්ගපජ්ජ සූත්‍රය තුළ අවධාරණය කර ඇත. ඒ අනුව උපයන ධනයෙන් එක් කොටසක් පරිභෝජනයට ද, කොටස් දෙකක් ඉදිරි කර්මාන්ත සඳහා ද තවත් එක් කොටසක් හදිසි ආපදාවක දී ගැනීමට තැන්පත් කර තැබීම ද කළ යුතු බව පෙන්වා දී තිබේ. මෙලෙස ධනය කළමනාකරණය කරගෙන ජීවත් වීම තුළින් ඉතා ප්‍රීතිමත් ජීවිතයක් ගොඩනගා ගත හැකි බව බුද්ධ දේශනාව තුළින් අවධාරණය කර ඇත.

Share this article :

+ comments + 2 comments

November 27, 2012 at 7:02 PM

@Naleen Dliruksha ඒකනම් ඇත්ත! හැබැයි ඒක පෝය දවසට විතරක් සීමා වෙලා තියෙන එක තමයි දුක;)

ඔබේ අදහස්