සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

මිනිසා උසස් පහත් වන්නේ ඔහු විසින් කරනු ලබන ක්‍රියාවන් අනුවයි


බුදුරජාණන් වහන්සේ දේශනාවට අනුව මිනිසා උසස් පහත් වන්නේ ඔහු විසින් කරනු ලබන ක්‍රියාවන් අනුවයි. එනම් ඔහුගේ හැසිරීම් රටාව අනුවයි, ඒ බව වසල සූත්‍රයෙහි සඳහන්වන,

"න ජ්ච්චා වසලෝ හෝති
න ජච්චා හෝතී බ්‍රාහ්මණෝ
කම්මානා වසලෝ හෝති
කම්මනා වසලෝ හෝති
කම්මනා හෝති බ්‍රහ්මණෝ"

යන ගාථා ධර්මයෙන් තහවුරු වේ. කිසිම කෙනෙකු උපතින් ම බමුණෙකු හෝ වසලයෙකු නොවන බවත්, ක්‍රියාවෙන් ඒ තත්ත්වය තීරණය වන බවත් මෙහි දී දේශනා කොට ඇත.

මේ අනුව මිනිසා තම මනස පෙර‍ටු කොට ගෙන මනස තුළ ඇතිවන සිතිවිලි හෙවත් චේතනාවන් මුල්කරගෙන සිතින්, කයින්, වචනයෙන් සිතු කරන ක්‍රියාවන්, එසේත් නැත්නම් කර්මයන් මුල් කර ගෙන ඔහුගේ ජීවිතයේ හොඳ - නරක තත්ත්වය උදා වේ. සැබවින් ම මෙය මිනිසෙකු මනින වැදගත් ම නිනුම් දණ්ඩක් ලෙස දැක්විය හැකි ය.

මිනිස් සමාජය තුළ ජීවත්වන මිනිසා පස් පව්, දස අකුසලයන් සිදු කරන්නේ නම්, ඔහු තිදොරින් ම පිරිහීමට පත්වනු ඇත. එමෙන් ම  ඔහු  ඔහුට ද, සමාජයට ද විශාල පීඩාවක් ගෙන දෙන අයෙකු බවට පත් වේ.

එමෙන් ම තිදොර මුලකර ගෙන නිවැරදි, යහපත් ක්‍රියාවන්හි නිරත වන්නේ නම්, ඔහු උසස් අයෙකු ලෙස සමාජය පිළිගනී එවේනි පුද්ගලයන් ඇසුර ලැබීමට පවා සෙසු තැනත්තන් තුළ රුචි බවක් ඇති වේ.

බුදු දහමේ පෙන්වා දෙන පරිදි සියලු පව් නොකීරීමත්, කුසල් දහම් වැඩීමත්, තම සිත පාලනය කිරීම්ත්   යන දේශනාවන් ඔස්සේ ක්‍රියාත්මක වේ නම් එබඳු තැනත්තා සමාජ ගෞරවයට පාත්‍රවනු නොඅනුමානය ය. එබැවින් මිනිසුන් ලෙස තම ක්‍රියාවන් නිවැරදිකර ගැනීමාට උත්සහ ගැනීම හා එලෙස ක්‍රියා කිරීම බෙහෙවින් ම කාලෝචිත ය. -->
Share this article :

+ comments + 2 comments

November 24, 2012 at 5:15 AM

ඔබ කරනා සමාජ මෙහෙවර හරිම අගෙයි. වටිනා අඩවියක් මේක.
එන්න සමකය වටේ රවුමක් යන්න

November 25, 2012 at 2:57 AM

@Naleen Dilruksha බොහොම ස්තුතියි :) ඉඩ ලැබුන වේලාවට මන් අනිවාර්යෙන්ම සමකය වටේ කියවනවා! අයෙමත් එන්න මේ පැත්තට.

ඔබේ අදහස්