සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

උක්ත අනුක්ත භේදය


උක්ත අනුක්ත භේදය

සිංහල භාෂාවේ භාවිතාවන නාම පද පිහිටන ආකාරය අනුව දෙයාකාරයකි.


  1. උක්ත පද
  2. අනුක්ත පද

  • ප්‍රාණවාචී බහු වචන නාම පද අනුක්ත කිරීමේ දී අගට "න්" යෙදේ.

උදාහරණ:-

 උක්ත
 අනුක්ත
මිනිස්සු
ළමයි
සේවකයෝ
ගායිකාවෝ
ගැහැණු
මිනිසුන්
ළමයින්
සේවකයන්
ගායිකාවන්
ගැහැණුන්

  • අප්‍රාණවාචී පද ප්‍රාණවාචී  ස්වරූපයට පත් කර ඇති විට එම පද අනුක්ත කිරීමේදී ද අගට "න්" යෙදේ.

 උක්ත
 අනුක්ත
නෞකාවෝ
ගංඟාවෝ
පුෂ්පහු 
රීතීහු
නෞකාවන්
ගංඟාවන්
පුෂ්පයන් 
රීතීන් 

  • ගෞරවාර්ථ පද අනුක්ත කිරීමේදී ද අගට "න්" යෙදේ.


 උක්ත
 අනුක්ත
සිටාණෝ
පුතණුවෝ
මෑණියෝ
වික්‍රමසිංහයෝ
අමරදේවසූරීහු 
සිටාණන්
පුතණුවන් 
මෑණියන්
වික්‍රමසිංහයන්
අමරදේවසූරීන්


  • අනියමාර්ථ ප්‍රත්‍යන්හි ඒක වචන වල උක්ත අනුක්ත භේදය.

ලිංගය
උක්ත
අනුක්ත
පුරුෂ
ගායකයෙක්
සේවකයෙක් 
ක්‍රීඩකයෙක
(එක්)
ගායකයකු
සේවකයකු
ක්‍රීඩකයෙකු
(අකු)
 ස්ත්‍රී
 ගායිකාවක් 
සේවිකාවක් 
ක්‍රීඩිකාවක් 
(අක්)
 ගායිකාවක 
සේවිකාවක
ක්‍රීඩිකාවක
(අක) 
 නපුංසක
ගසක්
විලක්
මලක්
(අක්)
ගසක්
විලක්
මලක්
(අක්)
Share this article :

ඔබේ අදහස්