සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

කඳුල


රෑ එබෙන සඳ සොඳුරු
නැතිද හැම ලොව අඳුරු
හිමි නොමැති පෙම් රුසිරු
කඳුල ඇයි නෙතට හුරු

දිවි නොමැති කතර මරු
අසනී වැසි වසින තුරු
බිම තෙමුව  දිය කඳුරු
නැත තනිව ඇත ඉවුරු

රෑ යහනේ මම ඇතිරු
සුසුම් වල හිත නුහුරු
සිහිනයන් නැති නුදුරු
දුක පමණි මට ඉතුරු

හැම රෑම මම කෙඳිරු
ගී සැඟව වැලක තරු
මතක සැනෙකින් අසුරු
බව මලවි මට සතුරු

ගං දෑල මලින් සරු
නොමැත පසු ගඟ ඉතිරු
අසා ලොව කල නිගරු
වෙලා මගේ හිත නිසරු

සුසුම් වී මගේ වියරු
පෙළයි මා ලෙස රුදුරු
මා වටා ඇති පවුරු
බිඳින්නෙද ලොව කවුරු

-දැක්කෙ ganakamadura.blogspot.com එකේ!-
 -උපුටා ගත්තේ යලිඑන්න වසන්තය කියන කාව්‍ය සංග්‍රහයෙන්-


Share this article :

ඔබේ අදහස්