සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

රුපියලකින් අද කාලේ මොනවාද කරන්න පුලුවන්


1. කාසියේ වාසිය උරගා බැලීම. 
2. පඬුරු ලෙස පාවිච්චි කිරීම. 
3. රීලෝඩ් කාඩ් සීරීම. 
4. දුම්රියක් එන විට රේල්පීලි වලට තබා තැලෙන අයුරු බැලීම. 
5. පොල්තෙල් පහන්වල තිරය ඉක්මනින් දැවීම වැළැක්වීම. 
6. පාවෙනසුළු නිසා යම් යම් සැහැල්ලු දේ නිපදවීම. 
7. කෞතුක භාණ්ඩයක් ලෙස විකිණීම හා කෞතුකාගාරවල තැන්පත් කිරීම. (ළඟදීම!) 
8. මුදල් අගයන් රවුම් කිරීම. (999+1=1000) 
9. ක්ෂණික ලොතරැයි සීරීම. 
10. හිලක් විද කී ටැග් එකක් ලෙස හෝ ඇණ මුරිච්චි සඳහා පාවිච්චි කිරීම. 
11. දාම් වැනි ක්‍රීඩා වලදී ඉත්තන් ලෙස භාවිතය. 
12. බස් වල කොන්දන් වැඩිපුර සල්ලි ගැරීම වැළැක්වීම. 
13. හදිසි අවස්ථාවකදී බල්ලන්ට පහර දීම. 
14. රුපියල පිළිබඳ මෙවැනි මත විමසුම් පැවැත්වීම. 
15. ඕනෑම නෙට්වර්ක් එකකට SMS 3 ක් යැවීම. (රු: 0.07ක් ඉතිරි වේ.) 
16. යාචකයන්ට පරිත්‍යාග කිරීම. 

උමයන්ග මදුශාන්

තවත් දන්නවනම් කොමෙන්‍ටුවක් දාන්ටෝ 

Share this article :

+ comments + 5 comments

November 29, 2012 at 12:13 AM

යාචකයන්ට දෙන්න?? හොඳට හිටි!!! උන් අපිට පහේ ඒවගෙන් ගහලා පන්නයි!!!

Anonymous
November 29, 2012 at 5:14 AM

පින් පෙට්ටි පිරවීම,ටෝච් එකේ මුඩියට යටින් තද වෙන්නට තැබීම... :)

December 4, 2012 at 12:41 AM

@Alexander Cage ඒකනම් ඇත්ත :0 ස්තුතියි මේ පැත්තට ආවට :)

December 4, 2012 at 12:42 AM

@Chandana ස්තුතියි මේ පැත්තට ආවට :)ආයෙමත් එන්න

December 21, 2012 at 9:02 AM

දවසක් මම හින්ගන්නෙක්ට රුපියලක් දීලා උගෙන් හොඳට බැනුම් ඇහුවා අයියෝ මලේ රුපියලට ගිය කල.
අපි රුපියල ශක්තිමත් කරන්න ඕනේ ඊළග පාර රුපියල හදද්දී රුපියල් 5 size එකට හදන්න කියලා ප්‍රාර්ථනා කරමු. වානේ වලින් හැදුවොත් වඩා ශක්තිමත් රුපියලක් බිහිකරන්න හැකියි.
සුබ අනාගතයක් !

ඔබේ අදහස්