සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

ඇහෙනවා නම් හිත හඬන තරම්




ඇහෙනවා නම් හිත හඬන තරම් 
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ //
පෙර දින රජ මැදුරක උන්නේ 
අද මා මහ මග සැතපෙන්නේ 

පතන පැතුම් සුළඟට මුසුවේ 
මියුරු වදන් කඳුලේ ගොළුවේ //
සතුට උපන් හැම දින වැලලේ 
කුමන නැටුම් දෝ දිවි මඩලේ 

අපගේ අහිංසක ලොව බිඳිලා 
ඔබද අනන්තෙක ඇත රැඳිලා //
ගිනි දළු මා ගත වෙලෙනු දැනේ 
ඔබ මල් යහනක හිඳිනු මැනේ

-එච් ආර් ජෝතිපාල-
Share this article :

ඔබේ අදහස්