සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

අහස් වියන


පිනි බිංදු බිංදු තුරු පත් මත
බිමට හලා එන සුලඟට
ඔබ දුන්නද සුවඳක්
මම සුළඟ නතර කර ගේ ළඟ
විමසම් රහසක්.....

සුලඟ කතා නැත
යනවා අහක බලාගෙන 
මට හිතාගන්න බෑ හේතුව
සුළඟ තරහ වුණ
ඔබ කවුළු පියන් වහ ගත්තද 
කුටියෙහි රහසින

සුළඟ සුවඳ නැත
පිපි මල් නැතිව ද කිසිතැන
ඔබෙ සුවඳ බිඳක් වත්
සුළගට මුහු වී නොමැතිද
ඇයි සුළඟ හඬන්නේ පිනි කැට 
තුරුලට අරගෙන

ශකුවි

Share this article :

ඔබේ අදහස්