සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

“සුප්රීම් සැට් වන්” ශ්‍රී ලංකාවේ සන්නිවේදන චන්ද්‍රිකාව



“සුප්රීම් සැට් වන්” සන්නිවේදන චන්ද්‍රිකාව ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.43ට අභ්යවකාශ ගත කළ බව සුප්රිම් සැට් සමාගමේ මෙරට ප්රධාන විධායක නිලධාරී විජිත් පීරිස් මහතා පවසයි. ශ්රී ලංකාවාසීන් වශයෙන් මේ පිළිබඳව ඉතා අඩම්බර විය හැකි බවද ඔහු පැවසුවේය. චීනයේ ෂි චෑන්ග් චන්ද්රිකා විහිදුම් මධ්යස්ථානයේ සිට මෙම නව සන්නිවේදන චන්ද්රිකාව අභ්යවකාශ ගත කර ඇත. මෙම චන්ද්රිකාවේ ජීව කාලය අවමය වසර 15ක් වන අතර චන්ද්රිකාවක් හිමි ලොව 45 වැනි රට බවට ද ඒ අනුව ශ්රී ලංකාව පත්විය. ශ්රී ලංකා – චීන ඒකාබද්ධ ව්යාපෘතියක් ලෙස එය මෙම වැඩසටහන ක්රියාවට නංවා තිබේ. පසුගිය 22 වැනිදා එය අභ්යවකාශ ගත කිරීමට නියමිතව තිබුණද අයහපත් කාලගුණික හේතූන් මත එය දින 5කින් ප්රමාද කරන ලදී. මෙම ව්යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 320ක මුදලක් වැය කර ඇති අතර මේ මගින් දකුණු හා මධ්යම ආසියානු රටවල් මෙන්ම, නැගෙනහිර අප්රිකාව හා පෙරදිග රටවලට ද සේවා සැපයෙනු ඇත.


Share this article :

ඔබේ අදහස්