සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

එපා යලි හමුවන්න




එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මඟ 
ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ 
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ළඟ 
ඔබේ ජීවන සුවඳ අරං ඈතට යන්න

සංසාර ගමන් මග සෙනෙහස සොයා දිනෙක 
ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව 
සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස 
ගලා යයි අතීතේ මිය ඇදුනු සොහොන ළඟ

ඔබ මවෙත තිලින කල ඔබේ බැතිබර සුවඳ 
මගේ මතකය වසා සදාකල් රැඳෙනු ඇත 
සංසාරයේ යලිදු නවාතැන් සොයා යන 
මගේ මළගම දාට ඇවිත් යන්නට එන්න

~ සුනිල් එදිරිසිංහ ~

Share this article :

ඔබේ අදහස්