පුරාවිද්යාුත්මක වශයෙන් යාපනය අර්ධද්වීපයේ පිහිටි වැදගත්ම ස්ථානය වන්නේ කන්තරෝඩෙයි හෙවත් පුරාණ කදුරුගොඩ විහාරය යි...මහනුවර යුගයේ ලියැවුණු විහාර හා පුදබිම් නාමාවලියක් වන ‘නම්පොත හෙවත් විහාර අස්නෙහි’ ‘කදුරුගොඩ විහාරය’ ලෙසින් මේ පුදබිම හැඳින්වේ...චුලෝදර මහෝදර රජවරුන්ගේ නොසන්සුන්තාවය සමනය කල බුදු රජාණන් වහන්සේ මෙම ස්ථානයේ වැඩ විසූ බව පැවසෙන අතර මෙම ස්‌ථානය රහතන් වහන්සේලා හැටනමකගේ භෂ්මාවශේෂ තැන්පත් කර ස්‌ථූප 60 ක් තනා ඇති බව සඳහන් වේ...
1916 යාපනය දිසා විනිසුරු පෝල් ඊ. පීරිස් මහතා විසින් ස්‌ථූප 57 සොයාගන්නා ලදී... ස්‌ථූප 60 න් 21 ක් පැහැදිලිව දැක ගත හැකි අතර 36 ක පාදම් හඳුනාගෙන ඇත...වර්ෂ 1915 - 17 මෙම භූමියේ කැණීමක් කර බෞද්ධ නෂ්ටාවශේෂ කොටස් සොයා ඒවා යාපනය කෞතුකාගාරයට බාර දී ඇත... එකල බුද්ධ පරෞද්තිමා දාගැබ් කොත් ආදිය ලැබුණු බව වාර්තා වී තිබේ... කිර්19.ව. දෙවන සියවසට අයත් යාපනයේ වල්ලිපුරම් රන්පත් ලිපියෙන් පැහැදිලි වන්නේ එකල යාපනය අර්ධද්වීපයම ‘නකදිව‘ (නාගදීපය) නමින් හැඳින් වූ බෞද්ධයන් සිටි පරනය දේශ බව ය... කිරෂනා.ව. 10වන සියවසට අයත් තුනුකායිටැම් ලිපියෙන් ද ඒ බව සනාථ වේ...
කදුරුගොඩ විහාරය ක්රි්ස්තු පූර්ව යුගයේ සිට පැවති සිද්ධස්ථානයක් බවට අනුමාන කළ හැකි ය...තල්ගස් වටකර ගත් කන්තරෝඩෙයි නටබුන් බිම නිසලත්වයක ගිලී ඇත... තහවුරු කළ සමහර දාගැබ්වල ඡාතරා්ග වලි යළිත් ගලවා බිම දමා තිබෙන බව පෙනේ... මේවා ඉදිකර ඇත්තේ හිරිගල් සහ හුණුගල් උපයෝගි කරගෙන ය... ගල්මල්, කොරල් ගල් ආදිය සමහර තැන්වල මතු වී පෙනේ...බොහෝ තැන්වල දක්නට ලැබෙන කණු පාදම් ගල්වලින් පෙනෙන්නේ දැවවලින් කළ ගොඩනැගිලි තිබුණු බවකි... මෙම භූමියෙන් දාගැබ් කොත්, ගල්කරඬු, වීදුරු දැගැබ් කොත්, වාමන රූප,ගල්කණු කැබැලි, සිරිපතුල්ගල 16000 කට නොඅඩු පබළු බුද්්ධ පරබ් තිමා කොටස්, බෝධිසත්ව පරපන තිමා, පුරාණ දේශිය සහ දකුණු ඉන්දියානු කාසි ආදි නෂ්ටාවශේෂ රාශියක් ලැබී ඇත... මෙම පුරාණ කෞතුක වස්තු යාපනය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තැබූ බව වාර්තාවල සඳහන් ය..
+ comments + 2 comments
වටිනා තොරතුරක්. ගෙඩක් පින් ඔබට. යාපනයේ ගිය දවසක යන්න ඕනා. මාර්ග සටහනක් නෑනේ ඒකත් දැම්මානම් තමා ගොඩක්ම හොද. ස්තූතියි.
@වන වදුල ස්තූතියි. ඔන්න දැම්මා! අයෙත් එන්න මේ පැත්තෙ :D
ඔබේ අදහස්