කොහේ හරි නිදහස් තැනක නිවී සැනහිල්ලේ ඈත බලාගෙන සිටීම, එ කියන්නේ සමාජයෙන් ඈත් වී තනිව සිටීම හුදකලාව කියල කිව්වත්, සාමාන්‍ය ජීවිතේදී අපි නිතරම හුදකලා වෙනවා.
නිදසුන් - ගෙදර කට්ටිය ඔක්කොමල පිටව ගියට පස්සේ පාලුවෙන් කල් ගෙවීම, දන්නේ නැති ප්‍රදේශයකට යාම ආදී ගොඩක් දෙවල් හුදකලාව කියන එකට බැදෙනවා, එකතුවෙනවා... ඒ කියන්නේ හුදකලාව කියන එක පොඩ්ඩක් හොයල බැලුවොත්, එක අපිත් එක්කම බැදී අපි තුලින්ම එන සිතුවිල්ලක්, සිතුවිලි ගොන්නක්. කරන්න කිසිම වැඩක් නැතිවෙලා කම්මැලි කමේ වාඩිඋනහම ඒ සිතුවිලි අතර ගෙවන හැම තප්පරයක්ම අපි හුදකලාවෙන් ගතවෙනවා. ඒවා කොච්චර මිහිරි උනත් අමිහිරි උනත් එක රසවිදින්නට හිතට නැගෙන්නේ ලොකු අසාවක්. තනියම ඉපදිලා තනිව මැරෙන මිනිසාට හුදකලාව අනිවාර්ය දෙයක්. කව්රු අපේ ජිවිතයට එකතු උනත්, හුදකලාව ඉවර වෙන්නේ නෑ.. සිද්ද වෙන්නේ තාවකලිකව තනිකම නැති වීමක් පමණයි. මම හුදකලාවේ ජිවත් වනවිට හුදකලාව හුදකලාවම පරාද කරනවා. සමහරවිට හුදකලාව මගින් මිනිහෙක්ව කම්මැලි කරවනවා, එත් ලෝකේ ගොඩාක් නිර්මාණ වලට හේතුව වෙන්නේත් අපි මේ කතාකරන හුදකලාවම තමයි... මම ආසයි, නෑ ගොඩාක් ආසයි ඒ හුදකලාවට
මම හිතන්නේ, මිනිසෙකුට ජිවිතය වින්දනය කරන්නට හැකි හොදම කලාව වන්නේ මේ හුදකලා බවයි..
සැලි
+ comments + 1 comments
මමත් සීයට සීයක්ම ඔය කතාවට එකඟයි.මං මේ ලඟදීත් මගේ මහත්තයාට කිව්වා දවසින් පැය භාගයක්වත් තනියම ඉන්න කියලා.අපි කවුරුත් නැතිව ටී.වී. ,රේඩියෝ ඔය කිසිදෙයක් නැතිව.ඒක ඇත්තටම අපූරු අත්දැකීමක්.මම නම් ගොඩාක් වෙලාවට එහෙම ඉන්නවා.ඊට පස්සේ හිතට හරිම සැහැල්ලුයි.හරියට ආයෙම්ත් ජීවිතය ලැඹුණා වගේ.
ඔබේ අදහස්