සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

හුණුවටයේ කතාව


හුණුවටය පිළිබඳ
ඇසූ මෙපුවත සබේ වියතුනි
පැවසූ ලෙස දන පුරාණේ
තබා ගනු මැන සිතෙහි මෙවදන

දෙයක් වේ නම් යම්
සුදුස්සාට ම අයිති විය යුතු 
මකියනා ලෙස මෙලෙද 
ලැබිය යුතු අය ම ය ලැබිය යුතු

මවු ගුණය ඇති අය 
දරුවන් දිනිය යුතු වෙය
රියැදුරු මනා වූ 
ලැබිය යුතු වූ සේ ම අස් රිය

මුදු ගුණය ඇති අය 
දරුවන් දිනිය යුතු වෙය
ගොවි දන මනා වූ 
දිනිය යුතු වූ සේ ම ගම්බිම්.
Share this article :

ඔබේ අදහස්