සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

නිවසේ දෙවියන් අම්මා



සොම්නස හෝ සංතාපය හමුවේ

සිහිවෙයි සිහිවෙයි අම්මා
කරුණා ගුණයේ සාරය සොයලා
නිමකල පිළිරුව අම්මා



ආදරයේ බල මහිමේ රතු ලේ සුදු වූවා

මෑණියගේ සෙනෙහසිනේ රට ජාතිය පිදුවා
නිල්මිණි රන් කැට මේවා ඕනැද 
ඕනෑ නෑ ළඟ අම්මා
නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ 
නිවසේ දෙවියන් අම්මා


පාවෙන සුළඟේ සිසිලස මවමින්
පෙන්වයි සාමය අම්මා
ජීවනයේ පූජාවෙන් පිදුවත් මදි අම්මා
නිල්මිණි රන් කැට මේවා ඕනැද 
ඕනෑ නෑ ළඟ අම්මා
නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ 
නිවසේ දෙවියන් අම්මා
නිවසේ දෙවියන් අම්මා.....

-ඉන්ද්‍රානි විජයබණ්ඩාර-
Share this article :

ඔබේ අදහස්