සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

සිතන්නට යමක්...........



යන්න,
යා යුතු මඟ ඉදිරියට!
ලියන්න,
දැනුම, වින්දනය ලැබිය හැකි දෙයක්!
කථා කරන්න,
අවශ්‍ය දේ පමණක්!
වාඩිවෙන්න,
අනුන්ට අපහසුවක් නොවන ලෙසින්!
සිනාසෙන්න,
අනුන්ට සමච්චලයක් නොවන ලෙසින්!
අහන්න,
කියන්නා කෙසේ කීවත් සිහි බුද්ධියෙන්!
පිළිගන්න,
සෑම කෙනෙකුම ගෞරවයෙන්!
ඉගෙනගන්න,
සෑම දෙයකින්ම යමක්!
අඳින්න,
චාම් පිරිසිදු ඇඳුමක්!
බලන්න,
දෙනෙතට, මනසට ප්‍රිය දෙයක්!
ඉතිරි කරන්න,
ටිකෙන් ටික!
පිරිසිදු කරන්න,
සියලු දේ මෙන්ම මනසත්!
නැඟිටින්න,
කොන්ද පණ ඇති කෙනෙකු ලෙසින්!
හැදෙන්න.
සමාජයට මෙහෙවරක් කළ හැකි මිනිසෙකු ලෙසින්........!

-හර්ශ විජේසූරිය-
Share this article :

ඔබේ අදහස්