සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

රැක් අත්තන මල මුදුනේ



රැක් අත්තන මල මුදුනේ 
බඔරු නටන හැන්දෑවේ 
සැදෑ අඳුර පියමන් කර 
කවුරුද එන්නේ .........
පුතුනි බලන් යොමා නුවන් 
කවුරුද එන්නේ........


මුතු පිනිදැල් සැලෙන උදේ 
උදා දිමුතු හිරු එළියේ 
පුතු සවනට රහස් කියා 
පියමන් කරලා......
අප වෙනුවෙන් දවස ගෙවා......
වෙහසී එන්නේ....


පතොක් වැටිය උඩින් ඈදී
දිවයුරු මිය යන මොහොතේ
පුරා හදක් සේ ඈතින් ....
කවුරුද එන්නේ........
පුතුනි බලන් යොමා නුවන් 
කවුරුද එන්නේ........


-නන්දා මාලනී-
Share this article :

ඔබේ අදහස්