සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

කඳුලු බිඳක් මා වෙනුවෙන්

කඳුලු බිඳක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයදින්නට එපා මගෙන්..//

කුළුදුල් සෙනෙහස ඔබගේ
පුද කළ දා එකම සිතින්
ඔබ දෙගුරුන් නොපැතු මා
ලොව තනි වේ නම්...

කඳුලු බිඳක් මා .....

එක මඟ යන මුත් කිසිදා
හමු නොවෙනා දෙදෙනෙකු නම්
තනිවෙන්නම් සැමදා මා
ඔබ සැනසේ නම්...

කඳුලු බිඳක් මා .....

-රූකාන්ත ගුණතිලක

Share this article :

ඔබේ අදහස්